Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
මක්කා ජයග්‍රහණය ලැබූ දින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා පුරසාරම් මෙන්ම මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත; ඉවත් කර ඇත. සැබැවින්ම මිනිසුන් දෙවර්ගයකි: සර්ව බලධාරී අල්ලාහ්ට ගැති, කීකරු, ධර්මිෂ්ඨ මුඃමින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් හෝ නොමැති වුවද අල්ලාහ්ට ගෞරවනීය තැනැත්තෙකි. දුෂ්ඨ, අභාග්‍යවන්ත, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලාහ් ඉදිරියේ නින්දා සහගත පහත් තැනැත්තෙකි. ඔහු උසස් තරාතිරමක සිටිය ද, කීර්තිය හා අධිකාරිත්වය තිබුණ ද ඒවා කිසිවක් වටින්නේ නැත. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. තම මූලාරම්භය පසින් නිමවූ තැනැත්තා අහංකාරකම් පෑම හෝ තමන් ගැන ඉහවහා යෑම හෝ සුදුසු වන්නේ නැත. සර් වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය එය සහතික කරයි. එනම්: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
මෙම පාඨය පහළ වූ කල්හි "පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" එනම් අල්ලාහ් ඔබට පිරිනමා ඇති ආශිර්වාදවලට ස්තූති කිරීම ගැන ඔබෙන් අසනු ඇත. සුබෙයිර් ඉබ්නුල් අවාම් තුමා මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය වැනි ප්‍රශ්න කරන්නට තරම් නොවටිනා අල්ප කරුණු දෙක පිළිබඳවත් ප්‍රශ්න කරනු ලබන්නෙමු ද?" එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ සමග වන ආශිර්වාදයක් පිළිබඳ ඔබෙන් විමසනු ලබනු ඇත. සැබැවින්ම ඒ දෙක උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අතරින් අති මහත් ආශිර්වාද දෙකකි." යැයි පැවසූහ.
සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.)) එනම් එහි අර්ථය: ජනයා අල් කුර්ආනය කියවමින් පාරායනය කරමින් එය පිළිපදිති. ඒ අය අතුරින් අල්ලාහ් මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරන අය වෙති. එමෙන්ම මෙලොවෙහි හා මතුලොවෙහි පහත් කරන අය ද වෙති. කවරෙකු අල් කුර්ආනයේ ඇති තොරතුරු තහවුරු කරමින් ඒ අනුව ක්‍රියා කරමින් එහි ඇති නියෝග පිළිපදිමින් එය ඇති තහනම් දැයින් වැළකී එහි ඇති මඟපේවීම් ලබා එය පෙන්වා දුන් ගුණාංග ප්‍රගුණ කරමින් කටයුතු කරන්නේ ද - ඒ සියල්ල යහපත් සාර්ධර්ම වේ.- එවිට අල්ලාහ් ඔහුව මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරනු ඇත. හේතුව අල් කුර්ආනය දැනුමේ මුලයයි, දැනුමේ උල්පතයි දැනුමේ ආයුෂයි. උත්තරීතර අල්ලාහ් සූරා මුජදලාහි 11 වැනි පාඨයේ මෙසේ සඳහන් කරයි. "ඔබ අතුරින් දෙවියන් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් තරාතිරිම්වලින් අල්ලාහ් උසස් කරනු ඇත." මතුලොවෙහි සුඛෝපභෝගී ස්වර්ගයන්හි ඇතැම් පිරිස් එමගින් අල්ලාහ් උසස් කරවයි. "එමගින් අල්ලාහ් පහත් කිරීම" යනු, තවත් පිරිසක් එය කියවති. එය අලංකාරව කියවති. ඒ සමගම ඔවුහු ඒ ගැන අහංකාර වෙති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා!- නමුත් එහි සඳහන් තොරතුරු තහවුරු නොකරති. එහි නීති රීති නොහදාරති. ඒ අනුව ක්‍රියා කිරීමට උඩඟු වෙති. නබිවරුන් හෝ වෙනත් අය පිළිබඳ ප්‍රකාශිත කතාන්දර, අවසන් දිනය පිළිබඳ හා ඒ හා බැඳුණු තොරතුරු වැනි අල් කුර්ආනයේ යමක් පවසන විට ඒ පිළිබඳව ඔවුහු සැක කරති. විශ්වාස නොකරති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා. එහි ඇති නියෝගයන් පිළිනොපදිති. එහි අති තහනම් දැයින් වැළකී නොසිටිති. බලන්න: රියාලුස් සාලිහීන් හි විග්‍රහය: (4/645-647)
අල් කුර්ආනය තම සිත තුළ තැන්පත් කර ගත් අයකු එසේ තැන්පත් කළ පසුව එය අමතක නොවන පරිදි කියවීමෙහි නිරත වීමත් ඒ අනුව හැඩගැසී එය පිළිපැදීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සිත් තුළ රඳවා ඇති අල් කුර්ආනය බැඳ දමන ලද ඔටුවකු පළා යෑමට වඩා වේගයෙන් වෙන් වී පහ ව යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටීමෙන් එය සහතික කළහ. ඌ ගාත මධ්‍යයේ ලණුවකින් බැඳ දැමූ ඔටුවෙකි. මිනිසා ඌව රැකබලා ගත්තේ නම්, ඌ රැඳී සිටිනු ඇත. ඌ අත්හැර දැමුවේ නම්, ඌ ඉවත් ව ගොස් අතුරුදහන් වනු ඇත.
මුස්ලිම්වරුන් අතර අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් උසස් හා උතුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටපාඩම් කිරිමෙන්, ඒ ගැන අවබෝධය ලැබීමෙන් හා එහි අර්ථකතනය පරිශීලනය කිරීමෙන් එය හදාරා, ඒ අනුව කටයුතු කරමින් ඔහු සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් තම නිවෙස් ද සලාත් ඉටු නොකර ඒවා පාළුවට අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව, සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.
කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද, සැබැවින්ම අල්ලාහ් නපුර හා පිළිකුල් සහගත දෑ ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වාර්තාවක 'රාත්‍රියේ නැමදුම් කිරීමට එය ප්‍රමාණවත් ය' යනුවෙන් ද 'සෙසු ප්රාර්ථනාවන්ට එය ප්‍රමාණවත් වේ' යනුවෙන් ද 'සැබැවින්ම ඒ දෙක රාත්‍රි සලාතයේ කුර්ආනය කියවීමට වඩා ප්‍රමාණවත් වේ' යනුවෙන් ද මේවා හැර වෙනත් අදහස් ද වාර්තා වී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.
අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් හෝ කියවන මුස්ලිම්වරයාට කුසලක් හිමි බවත් එය ඒ හා සමාන කුසල් දහයක් දක්වා ඔහුට ගුණ කර දෙන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. "අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.” යනුවෙන් පවසා එතුමාණෝ එය පැහැදිලි කළහ. එහෙයින්, එහි ඇති අකුරු තුන සඳහා කුසල් තිහකි.
උත්තරීතර අල්ලාහ් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ උනන්දු වූ බවත්, සෑම කාලයකම සෑම ස්ථානයකම හා සෑම තත්ත්වයකම උත්තරීතර අල්ලාහ් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑනියන් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැනුම් දෙයි.