





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු අබී මුලෙයිකා තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් බිරියක් විසින් මෙය වාර්තා කරන ලදී: නාෆිඃ තුමා මෙසේ ප්‍රකාශ කළ බව අබූ ආමිර් තුමා පවසයි. එනම්: අල්ලාහ්ගේ දූතයාන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආන් පාරායනය ගැන හෆ්සා තුමියගෙන් විමසා සිටිනු මම දැක ඇත්තෙමි. එවිට එතුමිය: එලෙස පාරායනය කිරීමට ඔබට නොහැකිය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: එවිට එතුමියගෙන් ඒ ගැන අපට දන්වා සිටින්නැයි විමසනු ලැබීය. ඔහු මෙසේ පැවසීය: පසුව එතුමාය එහි දී තාලානුකූලාව ඇද පාරායනය කර පෙන්වීය. නාෆිඃ තුමා පැවසූ බවට අබූ ආමිර් තුමා තවදුරටත් මෙසේ පැවසීය. ඉබ්නු අබී මුලෙයිකා තුමා (සූරා අල්-ෆාතිහාවේ 2වන පාඨය වන) "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" කියවා පෙන්වා නතර කර පසුව "අර්-රහ්මානිර් රහීම්) කියවා පෙන්වීය. පසුව නැවත නතර කර "මාලිකි යව්මිද් දීන්" කියවා පෙන්වීය.
رواه أحمدඅල්-කුර්ආනය කියවීමේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පාරායනය කෙසේ වී දැයි මුඃමින්වරුගේ මෑණියක වූ හෆ්සා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් මෙසේ විමසන ලදී. එවිට එතුමිය: ඒ හා සමානව කියවීමට ඔබට හැකියාව නැත යැයි පැවසුවාය. එවිට එතුමියගෙන් අපට එය දන්වන්නැයි විමසන ලදී. නාෆි තුමා මෙසේ පැවසීය: එවිට ඉබ්නු අබී මලීකා අපට මන්දගාමී ලෙස පාරායනය කර පෙන්වීය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කියවීමේ ආකාරය ඔවුන්ට පැහැදිලි කර ගත හැකි වනු පිණිසය. එතුමා "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" යැයි පාරායනය කර පසුව පාරායනය නතර කළේය. නැවත "අර්-රහ්මානිර් රහීම්" යැයි පාරායනය කර නතර කළේය. පසුව "මාලිකි යව්මිද් දීන්" යනාකාරයෙන් පාරායනය කළහ.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජුනුබ් (අනිවාර්ය ස්නානය කළ යුතු) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම අල් කුර්ආනය අපට කියවා පෙන්වූහ.
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම බිරිය සමග සංසර්ගයේ යෙදී ජුනුබ් (ස්නානය අනිවාර්ය කෙරෙන) තත්ත්වයට පත් නොවූ තාක්කල් අනෙකුත් සෙසු සෑම අවස්ථාවකම එතුමාණෝ අල් කුර්ආනය ඔවුනට කියවා පෙන්වූහ.
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසෙක් "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුට සවන් දුන්නේය. උදෑසන උදා වූ කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට සඳහන් කළේය. එම පුද්ගලයා එය සුළු කොට සිතන්නෙකු මෙන් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."
رواه البخاريඅබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ සඳහන් කළේය. අමතර යමක් නොකියවා සෑම රාත්‍රියකම "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුගේ හඬට තවත් තැනැත්තෙක් සවන් දුන්නේය. උදෑසන එළැඹුණු කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට මෙනෙහි කළේය. විමසා සිටින්නාට එය අල්ප බව අඟවන්නට බැලීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ දිවුරා සහතික කරමින් ඒ ගැන මෙසේ පැවසූහ: @"මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත "අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳ ව අල්ලාහ් නුඹලාගෙන් ප්‍රශ්න කරන්නේය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය." (සූරා අල් බකරාහි 284) යන වැකිය පහළ වූ කල්හි, එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීන් කෙරෙහි දැඩි විය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ දණින් වාඩි වී මෙසේ පවසා සිටියහ: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතුරින් සලාතය, උපවාසය, ජිහාදය හා සදකාව වැනි අප දැරිය හැකි දෑ අප මත පැවරුණි. (දැන්) මෙම වැකිය ඔබට පහළ වී ඇත. නමුත් අපට එය දැරිය නොහැක. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ඔබට පෙර සිටි ආගම්ලත් ජන පිරිස් දෙක මෙන් "සමිඃනා වඅසයිනා" (අපි සවන් දුනිමු. පිටුපෑවෙමු.)" යැයි පවසන්නට ඔබ අපේක්ෂා කරන්නෙහු ද?" ඒ වෙනුවට ඔබ "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීර්" (අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, අපට සමාව දෙනු මැනව! නැවත යොමුවන ස්ථානය ඇත්තේ ඔබ වෙත ය.) යැයි පවසන්න. පිරිස එය කියවා ඔවුන්ගේ දිව මත සුමටව ගලා ගිය විට, අල්ලාහ් ඊට පරව “තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර් ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය." යන (සූරා අල්-බකරාහි 285) වන වැකිය පහළ කළේය: ඔවුහු එය ඉටු කළ කල්හි, අල්ලාහ් එය වෙනස් කර සර් වබලධාරියාණන් මෙසේ පහළ කළේය (අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපතියාණෙනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව!) ඔහු (අල්ලාහ්) එසේය යැයි පවසා (තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නො සලස්වනු මැනව!) යැයි පහළ කර එසේය යැයි පැවසීය. පසුව කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව! එසේය යැයි පවසා තවදුරටත්: (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව! ඔහු එසේය යැයි පැවසීය.
رواه مسلمඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය.) එනම් මැවීම්, රජකම, වෙනස් කිරීම්, පාලනය. وَإِنْ تُبْدُوا (නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ) නුඹලා එය පෙන්වා දැනුම් දෙන්නේ නම් مَا فِي أَنْفُسِكُمْ (නුඹලාගේ හදවත් තුළ ඇති දෑ) නුඹලාගේ සිතු තුළ ඇති දෑ أَوْ تُخْفُوهُ (එය නුඹලා සඟවන්නේ නම් හෝ) එය ඔබේ සිත් තුළ රහසිගතව තබා ගනිමින් එය වසන් කරන්නේ නම් හෝ. يُحَاسِبْكُمْ بِهِ اللهُ (අල්ලාහ් නුඹලාගෙන් ප්‍රශ්න කරන්නේය.) එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දීය. فَيَغْفِرُ لِمَنْ يَشَاءُ (ඒ පිළිබඳ ව පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය.) එය ඔහුගේ භාග්‍යයෙන් හා ඔහුගේ කරුණාව තුළිනි. وَيُعَذِّبُ مَنْ يَشَاءُ (තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය.) එය ඔහුගේ යුක්ති ධර් මය තුළිනි. وَاللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.) ඔහු කිසිවක් කෙරෙහි අපොහොසත් වන්නේ නැත. සහාබාවරුන් මෙයට සවන් දුන් කල්හි, එය ඔවුනට දැඩි සේ අසහනකාරී විය. මක්නිසාදයත් එහි සිත තුළ ඇති වැරදිවලට පවා ග්‍රහණය කරනු ලබන බැවිනි. පසුව ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ දණින් වාඩි වී මෙසේ පවසා සිටියහ: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මීට පෙර සලාතය, උපවාසය, ජිහාදය හා සදකාව වැනි ශාරීරිකව කරන, අපට දැරිය හැකි දෑ අප මත පැවරනු ලැබීය. නමුත් (දැන්) මෙම වැකිය ඔබට පහළ වී ඇත. එය අපට දැරිය නොහැක. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: ඔබට පෙර සිටි යුදෙව් හා කිතුනුවන් "සමිඃනා වඅසෙයිනා" (අපි සවන් දුනිමු. පිටුපෑවෙමු.)" යැයි පවසා සිටියක් මෙන් ඔබත් පවසන්නට අපේක්ෂා කරන්නෙහු ද?" ඒ වෙනුවට ඔබ "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීරු" (අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, අපට සමාව දෙනු මැනව! නැවත යොමුවන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) යැයි පවසන්න. සහාබාවරු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දී "සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලයිකල් මසීර්" යැයි පැවසූහ. ඒ ගැන කතා කර ඔවුන්ගේ දිව මත සුමටව ගලා ගිය කල්හි, ඔවුන්ගේ සිත් එයට යටත් වූ කල්හි, අල්ලාහ් නබිවරයාණන් හා එතුමාණන්ගේ ප්‍රජාව පිරිසිදු කරමින් මෙසේ පහළ කළේය. آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالمُؤْمِنُونَ (තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර් ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) ඔවුන්ගේ දිවවල් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ්ගේ නියෝගයට යටත් විය. كُلٌّ آمَنَ بِاللهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ (සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ ධර ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු.) එසේ නොව අපි ඔවුන් සියල්ලන් විශ්වාස කරමු. وَقَالُوا سَمِعْنَا (තවද අපි සවන් දුනිමු) ඔබේ ප්‍රකාශයට. وَأَطَعْنَا (අවනත වූයෙමු) ඔබේ නියෝගයට. අපි ඔබෙන් මෙසේ පතමු. غُفْرَانَكَ رَبَّنَا (අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු) ඔබේ සමාව. وَإِلَيْكَ المَصِيرُ (තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) විනිශ්චය සිදුවන දිනයේ නැවත යොමු වන ස්ථානයයි. ඔවුන් එය ඉටු කර එම ප්‍රකාශයෙන් නියෝග කරනු ලැබුවේ අල්ලාහ්ගේ නියෝගවලට සවන්දීමට හා අවනත වීමට ය යැයි පැවසූ කල්හි අල්ලාහ් මෙම ප්‍රජාවට පහසුකම් සැළසීය එම පාඨය පහත පාඨය තුළින් වෙනස් කළේය. එනම් لَا يُكَلِّفُ اللهُ نَفْسًا إِلَّا وُسْعَهَا (අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත.) එනම් එය ශක්තියේ, හැකියාවේ හා කැපවීමේ තරමට විය යුතුය යන්නය. لَهَا (එයටය) එහි කුසල්. مَا كَسَبَتْ (එය ඉපැයූ දෑ) එය කළ යහපත) وَعَلَيْهَا (එයට එරෙහිව) එහි දඬුවම مَا اكْتَسَبَتْ (එය ඉපැයූ දෑ) ඉපැයූ වරද හා පාපය. අල්ලාහ් වෙනත් කිසිවකු විසින් සිදු කළ පාපයක් හේතුවෙන් තවත් කෙනෙකුව වරදට හසු කරන්නේ නැති අතර සිත තුළ ඇතිවන සැක සහිත දෑ සම්බන්ධයෙන් වදරට හසු කරන්නේ ද නැත. رَبَّنَا لَا تُؤَاخِذْنَا (අපගේ පරමාධිපතියාණෙනි, අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව!) අපට දඬුවම් නොකරනු මැනව. إِنْ نَسِينَا (අප -යමක්- අමතක කළේ නම්) අපට මතක් නොවූයේ නම්, أَوْ أَخْطَأْنَا (එසේ නැතහොත් අප වරදක් කළේ නම්) උවමනාවකින් තොරව අපි යහපත අත්හැරියේ නම්. එවිට අල්ලාහ් ඒ ගැන ඔවුනට පිළිතුරු දුන්නේය. ඔහු මෙසේ පවසා සිටියේය. එසේය මම සිදු කළෙමි. رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا (අපගේ පරමාධිපතියාණනි! අප මත බරක් නොපටවනු මැනව) දුෂ්කරත්වයක් හා අසීරුතාවක් නොපටවනු මැනව. كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا (අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක්) එනම් ඉස්රාඊල් දරුවන්ට හා වෙනත් අයට. එවිට ද අල්ලාහ් එයට පිළිතුරු දෙමින් එසේය මම එය ඉටු කළෙමි යැයි පැවසීය. رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ (කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව!) එනම් අපට ඉසිලිය නොහැකි වගකීම් පරීක්ෂණ හා නියෝග අප මත නොපටවනු මැනව. එයට ද අල්ලාහ් මෙසේ පැවසීය. එසේය මම එය ද ඉටු කළෙමි. وَاعْفُ عَنَّا (අපගෙන් නොසලකා හරිනු මැනව!) අපගේ පාපයන් නොසලකා හැර අපගෙන් ඒවා ඉවත් කරනු මැනව. وَاغْفِرْ لَنَا (තවද අපට සමාව දෙනු මැනව!) අපගේ පාපයන්ට සමාව දී ඒවා අපෙන් වසන් කරනු මැනව. ඒ ගැන නොතකනු මැනව. وَارْحَمْنَا (අපට කරුණා කරනු මැනව!) ඔබේ අතිමහත් දයාවෙන් أَنْتَ مَوْلَانَا (ඔබ අපගේ භාරකරුය) අපේ ප්රධානියාය. فَانْصُرْنَا (අපට උදව් කරනු මැනව!) සාධක හා ජය තහවුරු කරමින් අපට උපකාර කරනු මැනව عَلَى الْقَوْمِ الكَافِرِينَ (දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව) එය ඔවුන් සමග සටන් කිරීමේ දී හා ඔවුන් සමග අරගල කිරීමේ දී ඔවුනට එරෙහිව අපට උපකාර කරනු මැනව. එවිට ද අල්ලාහ් පිළිතුරු සපයමින් එසේය එය ද මම ඉටු කළෙමි යැයි පැවසීය.
උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්ථා කරන ලදී: යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් එතුමාට මෙසේ පැවසීය: අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කියවන ඔබේ ග්රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. එතුමා ඒ කවර පාඨයක් දැයි විමසා සිටියේය. ඔහු: اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින ඔබට ඔබේ දහම මම පූර් ණවත් කළෙමි. මාගේ ආශිර් වාදයන් ඔබ මත මම සම්පූර් ණ කළෙමි. ඔබ වෙනුවෙන් මම ඉස්ලාමය දහම ලෙස තෝරා ගත්තෙමි." (අල් මාඉදා: 3) යන පාඨය යැයි පැවසීය. උමර් තුමා මෙසේ පැවසීය: "එදිනය මෙන්ම එය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හඳුනමු. එය එතුමාණන්අ ජුමුආ දිනයේ අරෆාහි සිටගෙන සිටියදී පහළ විය.
متفق عليهයුදෙව්වන් අතරින් වූ මිනිසෙක් මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ මෙසේ පැවසීය: "ඔබ කියවන ඔබේ අල්-කුර්ආන් ග්රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය අපගේ තව්රාත් ග්‍රන්ථයේ පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. මෙවන් වැදගත් පාඨයක් පහළ කිරීමේ ආශිර් වාදය හේතුවෙන් තුති පිදීමක් ලෙස අපි එය සමරමු." اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර් ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර් ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි." යන පාඨය වේ යැයි ඔහු පැවසීය. උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: එදින මෙන්ම එම ගෞරවණීය පාඨය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හදුනමු. එය උත්සව දින එතුමාණන් අරෆාහි සිටගෙන සිටියදී ජුමුආ දිනයක පහළ විය. ඒ දින දෙකම මුස්ලිම්වරුන් වෙත වූ මහඟු දින දෙකක් වේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "...කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්රතික්ෂේපකයෝ." (අල්-මාඉදා: 44) "...එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මාඉදා: 45) "... එවිට ඔවුහුමය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) යන පාඨ සර් ව බලධාරී තේජාන්විත අල්ලාහ් පහළ කළේය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කළේය: අල්ලාහ් මෙය පහළ කළේ යුදෙව් කණ්ඩායම් දෙකක් වෙත ය. ජාහිලිය්යා නම් අඥාන යුගයේ ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම මත ආධිපත්‍යය දරමින් සිටියේය. අවසානයේ ප්රබූවරයෙක් පහත් අයකු ඝාතනය කළේ නම් ඒ සෑම ඝාතනයකටම 'වසක්' පනහක වන්දියක් ලෙස ද, පහත් අයෙක් ප්රබූවරයකු ඝාතනය කළේ නම් එවන් සෑම ඝාතනයකටම වසක් සියයක වන්දියක් ලෙස ද ලබා දීමට තීරණය කර පිළිගත්තෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණෙන තෙක් ඔවුන් ඒ මත පදනම්ව සිටියහ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ පැමිණීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකම යටත් වූහ. ඒ වන විට අල්ලාහ්ගේ දූතයාණන් එම කණ්ඩායම් දෙක මත ආධිපත්‍යය දැරුවේ හෝ ඔවුන්ව යටහත් කර ගත්තේ ද නැත. මන්දයත් (ඒ වනවිට) එතුමාණන් සාම ගිවිසුම තුළ සිටි බැවිනි. (ඒ අතර) පහත් අයකු විසින් ප්‍රභූ වරයෙක් ඝාතනය විය. එවිට ප්‍රභූ පැළැන්තිය පහත් පැළැන්තිය වෙත තමන් එකඟ වූ පරිදි වසක් සියයක් තමන්ට වන්දි ගෙවන මෙන් පණිවිඩයක් එවීය. එවිට පහත් උදවිය මෙවැන්නක් කවදා හෝ වෙනත් අසල්වැසි ප්‍රදේශ දෙකක සිදුවී තිබේද? ඔවුන් දෙපිරිසේ ආගම එකක් විය. පරම්පරාව ද එකක් විය ඔවුන්ගේ දේශය ද එකක් විය. නමුත් ඔවුන් ඇතැමුන්ගේ වන්දිය තවත් සමහරුන්ගේ වන්දිය මෙන් අඩකි? අපි ඔබට මෙය ලබා දුන්නේ ඔබ අපට අසාධාරණකම් කරන නිසාවෙන් හා ඔබට ඇති බිය නිසා පමණි. මුහම්මද් පැමිණියේ නම්, කිසිවිටෙකත් අපි මෙය ඔබට ලබා දෙන්නේ නැත. පසුව ඔවුන් අතර යුද්ධයක් හටගන්නට තරම් එය දරුණු විය. පසුව ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට ඉඩ දෙන්නට ඔවුන් තීරණය කළහ. නමුත් ප්රභූවරු කල්පනා කර මෙසේ පැවසූහ: අල්ලාහ්ගේ නාමයෙන්, මුහම්මද් ඔබෙන් ඔවුන්ට දෙන දෙය මෙන් දෙගුණයක් ඔබට ඔවුන්ගෙන් ලබා නොදෙනු ඇත. ඔවුන් සත්‍යය කතා කර ඇත. ඔවුන් අපට මෙය ලබා දුන්නේ අප විසින් පීඩනයක් සහ ඔවුන් මත අපි ආධිපත්‍යය දරන නිසාවෙනි. එබැවින් මුහම්මද් වෙත ඔහුගේ මතය ඔබ වෙත ගෙන ඒමට රහස් පරීක්ෂකයකු යවන්න. ඔහු ඔබ සිතන දේ ඔබට ලබා දෙන්නේ නම්, ඔබ ඔහුව විනිශ්චයකරු බවට පත් කර ගන්න. ඔහු ඔබ කැමති දේ ඔබට ලබා නොදුනහොත්, ඔබ ප්‍රවේසම් වී ඔබ අතර විනිශ්චය කිරීමට ඔහුට ඉඩ නොදෙන්න යැයි තීරණය කළහ. ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන්ගේ මතය ඔවුනට දන්වා සිටිනු පිණිස කුහකයින් අතරින් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත රහසිගතව යැවූහ. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණි කල්හි, අල්ලාහ් ඔවුන්ගේ සියලුම කරුණු හා ඔවුන් අදහස් කළ දෑ එතුමාණන්ට දන්වමින් මෙසේ පහළ කළේය: "අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්රතික්ෂේපයේ යුහුසුලුව ක්‍රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය..." (අල්-මාඉදා 41) සිට "... අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) වන පාඨය දක්වා. පසුව ඔවුන් දෙපිරිස සම්බන්ධව එතුමාණෝ මෙසේ පැවසූහ. අල්ලාහ් මත දිවුරමින් එය පහළ වී ඇත. සර් ව බලධාරී අල්ලාහ් අදහස් කළේ ඔවුන් දෙපිරිස පිළිබඳව ය.
رواه أحمدමදීනාවේ යුදෙව්වන් අතර බනූ කුරෙයිළා සහ බනූ අන්-නළීර් නම් කණ්ඩායම දෙකක් වුහ. එම කණ්ඩායම් දෙකෙන් එකක් අනෙකා මත ආධිපත්‍යය දරමින් ඉක්මවා කටයුතු කළේය. ඒ අනුව ආධිපත්‍ය දරණ ප්රබූවරයෙක් යටත්ව සිටින පහත් අයකු ඝාතනය කළේ නම් ඒ සෑම ඝාතනයකටම 'වසක්' පනහක වන්දියක් පමණක් ගෙවීමට ද දුර් වල පහත් අයෙක් ප්රබූවරයකු ඝාතනය කළේ නම් එවන් සෑම ඝාතනයකටම වසක් සියයක වන්දියක් ගෙවීමට තීරණය කර එය අනුගමන කළෝය. වසක් සියයක් යනු සාඃ හැටකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිජ්රත් කර මදීනාවට පැමිණෙන තෙක්ම ඔවුන් ඒ මතම පදනම්ව සිටියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීමෙන් එම කණ්ඩායම් දෙකම එතුමාණන්ට යටත් වූහ. ඒවනවිට, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම සතුරන් පරාජය කර නොතිබූ අතර, ඔවුන්ට තමාට කීකරු වීමට බල කර නොතිබුණි. මන්ද එය හිජ්රත් කළ ආරම්භක අවදිය වූ අතර එතුමා සාම ගිවිසුම් තත්වයක සිටියේය. ඉතින් පහත් අයකු විසින් ප්‍රභූ වරයෙක් ඝාතනය විය. එවිට ප්‍රභූ පැළැන්තිය පහත් පැළැන්තිය වෙත තමන් එකඟ වූ පරිදි වසක් සියයක් තමන්ට ගෙවන මෙන් පණිවිඩයක් එවීය. එවිට පහත් උදවිය "මෙවැන්නක් මෙම ප්‍රදේශ දෙකේ කවදා හෝ සිදු වී තිබේ ද? ඔවුන් දෙපිරිසේ ආගම එකක් විය. පරම්පරාව ද එකක් විය ඔවුන්ගේ දේශය ද එකක් විය. නමුත් ඔවුන් ඇතැමුන්ගේ වන්දිය තවත් සමහරුන්ගේ වන්දිය මෙන් අඩකි? අපි ඔබට මෙය ලබා දුන්නේ ඔබ අපට කළ අසාධාරණය නිසාත්, ඔබට ඇති බිය නිසාත් පමණි. මුහම්මද් පැමිණියේ නම්, කිසිවිටෙකත් අපි මෙය ඔබට ලබා දෙන්නේ නැත." යැයි පැසුවෝය. ඔවුන් අතර යුද්ධයක් ඇති වීමට ආසන්න විය. පසුව ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට ඉඩ දෙන්නට ඔවුන් තීරණය කළහ. එවිට ප්රභූවරු කල්පනා කර මෙසේ පැවසූහ: "අල්ලාහ්ගේ නාමයෙන්, මුහම්මද් ඔබෙන් ඔවුන්ට දෙන දෙය මෙන් දෙගුණයක් ඔබට ඔවුන්ගෙන් ලබා නොදෙනු ඇත. ඔවුන් සත්‍යය කතා කර ඇත. ඔවුන් අපට මෙය ලබා දුන්නේ අපගේ පැත්තෙන් අයුක්තිය සහ ඔවුන්ට පීඩාවක් වීම නිසාය. එබැවින් මුහම්මද් වෙත ඔහුගේ මතය ඔබට ගෙන ඒමට රහසිගතව කෙනෙකු යවන්න. ඔහු ඔබට ඔබ සිතන දේ ලබා දෙන්නේ නම්, ඔබ ඔහුව විනිශ්චය කිරීමට පත් කර ගන්න. ඔහු ඔබට ඔබ කැමති දේ ලබා නොදුනහොත්, ඔබ අතර විනිශ්චය කිරීමට ඔහුට ඉඩ නොදී ඔහුව අත්හැර දමන්න." ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන් වෙත රහසිගතව කුහකයින් අතර පිරිසක් යැවීය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අදහස කුමක් දැයි දැනගනු පිණිසය. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් දිව්‍ය පණිවිඩය පහළ කර ඔවුන්ගේ සියලු කරුණු හා ඔවුන්ගේ අදහස් එතුමාණන්ට දැනුම් දුන්නේය. සර් වබලධාරී අල්ලාහ් සූරා අල්-මාඉදා හි මෙසේ පහළ කළේය. "අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. (අල්-මඉදා: 41) "... අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) වන පාඨය දක්වා. පසුව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය. "...කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්රතික්ෂේපකයෝ." (අල්-මාඉදා: 44) තවදුරටත් "...එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මාඉදා: 45) තවදුරටත් "... එවිට ඔවුහුමය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) යන පාඨ පහළ විය සර්ව බලධාරී අල්ලාහ් ඉන් අදහස් කළේ එම පිරිස් දෙක සම්බන්ධයෙනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර් තා කරන ලදී. "නොපෙනෙන ගුප්ත දේවල යතුර පහකි.: අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් අබියස ය. ඔහු වර් ෂාව පහළ කරයි. තවද ගර් භා ෂයේ ඇති දේ දනී. කිසිදු ආත්මයක් හෙට උපයන දේ නොදනී. කිසිදු ආත්මයක් එය කුමන භූමියක මිය යනු ඇත්දැයි නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය සියලු තොරතුරු දන්නා අභිඥානවන්තය."
رواه البخاريගුප් දෑ පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් අබියස ය. ඔහු හැර වෙනත් කිසිවකු ඒ ගැන නොදනී. සැබැවින්ම ගුප්ත දෑහි යතුරු හා එහි භාණ්ඩාගාර පහක් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පළමුවැන්න: අවසන් හෝරාව කවර වේලාවක සිදුවේදැයි අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. එය අවසන් දිනය පිළිබඳ දැනුම පෙන්වා දෙන්නකි. මක්නිසාදයත් එහි ආරම්භය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වන බැවිනි. ඉතා සමීප දෑ පිළිබඳ දැනුම නොමැති වූ විටෙක, ඉන් පසු ඇතිවන දෑ පිළිබඳ දැනුම අහිමි වී යයි. දෙවැන්න: වර් ෂාව ඇති වන්නේ කවදාදැයි අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. මෙය ඉහළ ලෝකයේ කටයුතු පිළිබඳ පෙන්වා දෙන්නකි. පොදුවේ එය ඇති විය හැකි බව පවසන සාමාන්‍ය හේතු තිබුණ ද ඒවා කිසිදු සහතික කිරීමකින් ස්ථීර කිරීමකින් තොරව පවසන අනාවැකි පමණය. තුන්වැන්න: ගර් භාෂාවල තිබෙන වස්තුව පිරිමි ද ගැහැණු ද, කළු ද සුදු ද, සම්පූර්ණ ද අසම්පූර්ණ ද භාග්‍යවන්ත ද අභාග්‍යවන්ත ද යනාදිය ගැන දැනුමයි. (එය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී) ගර් භාෂය ගැන විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පොදුවේ බහුතරයක් දෙනා ඒ ගැන දන්නා බැවිනි. නමුත් එහි සැබෑ යථාර් ථය කිසිවකුට හඳුනා ගත නොහැකි ය. ඒ පිළිබඳ සත්‍යය කිසිවෙකු නොදන්නා බැවින්, ඔහු එය වඩාත් උචිත මාර් ගයක් බවට වෙනස් කළේය. සිව්වැන්න: හෙට දවස ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. එය කාලයේ වර් ග හා එහි සිදුවන සිදුවීම් පිළිබඳ පෙන්වා දෙයි. එහි යථාර් ථය ආසන්නතම කාලය බවට පත් කිරීමට හෙතෙම "හෙට" යන වචනය භාවිතා කර ඇත. එය වඩාත් සමීපව තිබියදීත්, එහි ඇඟවීම් සහ සංඥා කිරීමේ හැකියාව තිබියදීත් එහි සිදුවන දේ පිළිබඳ යථාර් ථය යමෙකු නොදන්නේ නම්, එයින් ඔබ්බට ඇති දේ ඊටත් වඩා වැඩිය. පස්වනුව: කිසිම ආත්මයක් තමන් කුමන දේශයේ මිය යනු ඇත්දැයි නොදනී. මෙය පහළ ලෝකයේ කටයුතු පිළිබඳ සඳහනකි. බොහෝ මිනිසුන් තම රට තුළ මිය යාම සිරිතක් වුව ද, නමුත් එය සත්‍ය නොවේ. ඒ වෙනුවට, ඔහු තම රට තුළ මිය ගියත්, ඔහුගේ මුතුන් මිත්තන් සඳහා සුසාන භූමියක් තිබුණත්, ඔහුව භූමදාන කරන්නේ කුමන ස්ථානයේදැයි ඔහු නොදනී. {නියතවශයෙන්ම අල්ලාහ් සර් වඥානීය. මහා ප්‍රඥාවන්තය} ඔහු මතුපිට මෙන්ම අභ්‍යන්තරය ද අභිරහස්, සැඟවුණු දෑ සහ රහස් ද දනී. එබැවින් සියලු ආකාරයේ ගුප්ත දේවල් මෙම පදය අන්තර් ගත කර ඇති අතර සියලු ව්‍යාජ තර් ක මෙමගින් ඉවත් කළේය.
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් ථා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල සිටිය දී, මිනිසෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "මම ඉස්ලාමය වැළඳගත් පසු ශුද්ධ වූ මස්ජිදය නඩත්තු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." තවත් අයෙක් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීම ඔබලා පවසා සිටි දෙයට වඩා හොඳය." උමර් ඔවුන් විසිරුවා හරිමින් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසළ ඔබේ හඬ උස් නොකරන්න. - එය සිකුරාදා දිනයයි! නමුත් මම සිකුරාදා සලාතය ඉටු කළ පසු, ඇතුළට ගොස් ඔබ මතභේදයට ලක් වූ දේ ගැන එතුමාගෙන් විමසා සිටියෙමි." එවිට සර් ව බලධාරී අල්ලාහ් මෙසේ හෙළි කළේය: {හජ් වන්දනාකරුවන්ට ජලය සපයා, මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? (සූරත් තව්බා: 19) පාඨයේ අවසානය දක්වා.
رواه مسلمනුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ සිහිපත් කර සිටියේය. තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසල වාඩි වී සිටිය දී, "මම ඉස්ලාමය වැළඳගත් පසු හජ් වන්දනාකරුවන්ට ජලය ලබා දීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." යැයි මිනිසෙක් පැවසීය. තවත් අයෙක්: "මම ඉස්ලාමය වැළඳගත් පසු ශුද්ධ වූ මස්ජිදය නඩත්තු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවක් නොකළත් මට කමක් නැත." යැයි පැවසීය. තවත් අයෙක්: "අල්ලාහ්ගේ මාර් ගයේ ජිහාද් කිරීම ඔබ දෙදෙනා පවසා සිටි දෙයට වඩා හොඳය." යැයි පැවසීය. උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ඔවුන් විසිරුවා හරිමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මින්බර් වේදිකාව අසළ හඬ උස් නොකරන මෙන් නියෝග කළේය. - එය සිකුරාදා දින උදෑසන කාලය විය. නමුත් මම සිකුරාදා සලාතය ඉටු කළ පසු, ඇතුළට ගොස් ඔබ මතභේදයට ලක් වූ දේ ගැන නබි තුමාණන්ගෙන් විමසා සිටියෙමි." එවිට සර් වබලධාරී අල්ලාහ් මෙසේ හෙළි කළේය: "හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන්ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර් ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහු ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නො වෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ පෙන්වන්නේ නැත." (අත්-තව්බා: 19)
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එතුමා මෙසේ පැවසූහ: "සැබැවින්ම මිනිසෙකු එහි සාපරාධී කටයුත්තක් කරන්නට සිතුවේ ද ඔහු අද්න් හි එය සිතුව ද අල්ලාහ් ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වනු ඇත."
رواه أحمد والحاكم"... තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල්-හජ්: 25) යන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම මෙසේ පවසා සිටියහ: සැබැවින්ම කිසියම් හෝ මිනිසකු සිතේ යමක් ඇති කරගනිමින් ශුද්ධ වූ මක්කා දේශය තුළ ඔබට කතා කිරීමට තහනම් කර ඇති දෙයක් හෝ චේතනාන්විත මිනිස් ඝාතනයක් හෝ වේවා එවැනි නපුරු ක්‍රියාවක් සිදු කිරීමට අපේක්ෂා කළේ නම් සැබැවින්ම එය සාපරාධී කටයුත්තකි. යමන් දේශයේ අද්න් නගරයේ ඔහු එසේ අධිෂ්ඨාන කර ගත්තත්, ඔහු එය සිදු නොකළ ද ඒ හේතුවෙන් වේදනීය දඬුවමක් අල්ලාහ්ගෙන් ලබන්නට ඔහු සුදුස්සෙකු වන්නේය. එහිදී සිතීම ද ප්රමාණවත්ය.