Hedayat “A fruitful harvest”
from the gardens of “ Verses and Hadiths ”
Inspiring Dawah cards that highlight the profound meanings of Quranic verses and Prophetic Hadiths. Presented in an accessible and engaging style to help Muslims gain a deeper understanding of their faith with ease.
About Hedayat
Hedayat is a platform that combines simplicity of design and ease of use
displaying the benefits derived from Verses and Hadiths in
attractive cards with unique designs.
Unique Designs
Cards with unique and attractive designs that express the content of the text
Reliable Materials
Scientifically reliable benefits reviewed by a group of scholars
Easy Browsing
You can browse the cards easily and display them effortlessly
Different Languages
Cards are available in more than 40 languages for the benefit of all
Hadith Cards
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: දේවත්වය ආදේශ කරන ජනයා අතරින් පිරිසක් මිනිස් ඝාතන බොහෝ සේ සිදු කරමින් දුරාචාරයේ බොහෝ සේ නිරත වෙමින් සිටියෝය. එබැවින් ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව" යැයි විමසා සිටියෝය. එවිට මෙම පාඨය පහළ විය. "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති..." (අල්-ෆුර්කාන්: 68), "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු..." (අස්-සුමර්: 53)
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.දේවත්වය ආදේශ කරන්නන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. ඔවුන් අධික ලෙස මිනිස් ඝාතන, දුරාචාරය සිදු කළ පිරිසකි. ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: සැබැවින්ම තමන් ට ඇරයුම් කරන ඉස්ලාමය හා ඉගැන්වීම ඉතා ලස්සන කරුණක් වන නමුත් අපගේ තත්ත්වය කුමක් ද? දේව ආදේශයේ හා මහා පාපයන්හි අප වැටී තිබීමේ තත්ත්වය කුමක් ද? ඒ සඳහා ප්‍රතිකර්ම තිබේ ද? යැයි විමසා සිටියහ. එවිට අල් කුර්ආන් පාඨ දෙකක් පහළ විය. ඒ අනුව පාපකම් අධික වුව ද බරපතල වුව ද මිනිසා කරන තව්බා නොහොත් පශ්චාත්තාප වීම අල්ලාහ් පිළිගන්නේය. එසේ නොවී ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයේ හා අපරාධවල දිගටම නිරතවී සිටියේ නම් ඔවුන් මෙම දහමට පිවිසෙන්නේ නැත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයෙන් පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.” තවත් වාර්තාවක: “සූරා අල්-කහ්ෆ් අවසානයෙන්” යැයි සඳහන්ව ඇත.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.වාර්ථාවන් දෙක අනුව කවරෙකු සූරා අල් කහ්ෆ් හි ආරම්භයෙන් හෝ එහි අවසානයෙන් හෝ පාඨ දහයක් කට පාඩම් කළේද උත්තරීතර අල්ලාහ් ඔහුව දජ්ජාල්ගේ හානියෙන් හා ඔහුගේ අර්බුධයෙන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ අනුහසින් ඔහු කෙරෙහි ආධිපත්‍යය නොදරනු ඇති අතර ඔහුට කිසිදු හානියක් ද ඔහු විසින් සිදු නොවනු ඇත.
සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.))
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මෙම පුස්තකය තුළින් අල්ලාහ් ඇතැම් කණ්ඩායම් උසස් කරන අතර.තවත් පිරිසක් එමගින් පහත් කරවයි.)) එනම් එහි අර්ථය: ජනයා අල් කුර්ආනය කියවමින් පාරායනය කරමින් එය පිළිපදිති. ඒ අය අතුරින් අල්ලාහ් මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරන අය වෙති. එමෙන්ම මෙලොවෙහි හා මතුලොවෙහි පහත් කරන අය ද වෙති. කවරෙකු අල් කුර්ආනයේ ඇති තොරතුරු තහවුරු කරමින් ඒ අනුව ක්‍රියා කරමින් එහි ඇති නියෝග පිළිපදිමින් එය ඇති තහනම් දැයින් වැළකී එහි ඇති මඟපේවීම් ලබා එය පෙන්වා දුන් ගුණාංග ප්‍රගුණ කරමින් කටයුතු කරන්නේ ද - ඒ සියල්ල යහපත් සාර්ධර්ම වේ.- එවිට අල්ලාහ් ඔහුව මෙලොවෙහි හා මතුලොවෙහි උසස් කරනු ඇත. හේතුව අල් කුර්ආනය දැනුමේ මුලයයි, දැනුමේ උල්පතයි දැනුමේ ආයුෂයි. උත්තරීතර අල්ලාහ් සූරා මුජදලාහි 11 වැනි පාඨයේ මෙසේ සඳහන් කරයි. "ඔබ අතුරින් දෙවියන් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් තරාතිරිම්වලින් අල්ලාහ් උසස් කරනු ඇත." මතුලොවෙහි සුඛෝපභෝගී ස්වර්ගයන්හි ඇතැම් පිරිස් එමගින් අල්ලාහ් උසස් කරවයි. "එමගින් අල්ලාහ් පහත් කිරීම" යනු, තවත් පිරිසක් එය කියවති. එය අලංකාරව කියවති. ඒ සමගම ඔවුහු ඒ ගැන අහංකාර වෙති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා!- නමුත් එහි සඳහන් තොරතුරු තහවුරු නොකරති. එහි නීති රීති නොහදාරති. ඒ අනුව ක්‍රියා කිරීමට උඩඟු වෙති. නබිවරුන් හෝ වෙනත් අය පිළිබඳ ප්‍රකාශිත කතාන්දර, අවසන් දිනය පිළිබඳ හා ඒ හා බැඳුණු තොරතුරු වැනි අල් කුර්ආනයේ යමක් පවසන විට ඒ පිළිබඳව ඔවුහු සැක කරති. විශ්වාස නොකරති. -අල්ලාහ් ආරක්ෂා කරත්වා. එහි ඇති නියෝගයන් පිළිනොපදිති. එහි අති තහනම් දැයින් වැළකී නොසිටිති. බලන්න: රියාලුස් සාලිහීන් හි විග්‍රහය: (4/645-647)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ආගම් ලත් ජනයා තව්රාතය අබ්රානී භාෂාවෙන් කියවමින් සිටි අතර ඉස්ලාම් වාසීන් හට එය අරාබි බසින් විග්රහ කරමින් සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු. ඒ වෙනුවට "අපි අල්ලාහ් හා අප වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළෙමු යැයි පවසනු. (අල් බකරා: 136).
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.ආගම් ලත් ජනයා ඔවුන්ගේ පුස්තක තුළින් දැනුම් දෙන දෑ ගැන රැවටීමට ලක් වීමෙන් ප්‍රවේසම් වන මෙන් තම සමූහයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ යුදෙව්වන් අබරි බසින් තව්රාතය කියවමින් සිටි අතර -එය යුදෙව්වන්ගේ බස විය- අරාබි බසින් එය විග්රහ කරමින් සිටියෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ආගම් ලත් ජනයා සත්‍යය බව නොපවසනු. එමෙන්ම ඔවුන් බොරු යැයි ද නොපවසනු යැයි පැවසූහ. එය එහි සත්‍යභාවය එහි ව්‍යාජ දැයින් හඳුනා ගත නොහැකි කරුණුවලදීය. එය අල් කුර්ආනයෙන් අප වෙත පහළ කරනු ලැබූ දෑ හා දිව්‍ය ග්රන්ථ අතරින් ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ අප විශ්වාස කිරීමට අපට උත්තරීතර අල්ලාහ් අණ කර ඇති බැවිනි. ඒ හැර එම ග්රන්ථ තුළින් ඔවුන් පවසන දෑ නිවැරදි යැයි දැන ගැනීමට වෙනත් මඟක් නැත. අපේ පිළිවෙත තුළ එහි ව්‍යාජත්වයෙන් සත්‍යයතාව පැහැදිළි කරන කරුණක් නොමැති වූ විටෙක, අපි නතර වෙමු. අපි ඔවුන් පවසන දෑ සත්‍ය බව සහතික නොකරමු. ඊට හේතුව ඔවුන් එහි විකෘති කොට පවසන දෑහි අප ද කොටස්කරුවන් නොවනු පිණිසය. එමෙන්ම අපි ඔවුන් පවසන දෑ බොරු යැයි ද නොපවසමු. ඇතැම් විට එය නිවැරදි විය හැක. එහෙයින් කවර කරුණක් අප විශ්වාස කළ යුතු යැයි නියෝග කර ඇත්තේ ද අපි එය හෙළා දකින්නන් වනු ඇත. අප මෙසේ පැවසිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. “අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.' යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටි බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මෙම රාත්‍රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. එනම්: කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ නොදුටුවෙහිද? එනම් ඔබ නොදන්නෙහිද? එය වාර්තාකරුට පමණක් ඍජුව කතා කරමිනි. නමුත් මෙමගින් අපේක්ෂා කරනු ලබනුයේ පොදුවෙනි.එය විශ්මයාර්ථ පදයකි. එසේ විශ්වමය දන්වන හේතුව වෙත සංකේතවත් කර ඇත්තේ ඒ හා සමාන කිසිවක් දකින්නට නොවීය යන පදයෙනි. එනම් එහි මූලික පදනම ආරක්ෂාව පැතීමය. කිසිවිටෙක යන ප්‍රකාශය වනාහි එය නොවීය යන්න තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත. එනම් පූර්ණ ලෙසින් මෙම සූරා දෙක නපුරෙන් ආරක්ෂාව පතා සිටින්නාක් වෙනත් වදන් දකින්නට නොවූ බැවිනි. මෙම දෙක තුළින් විශ්වාසයෙන් යුතුව හා සැබෑ ලෙසින් ආරක්ෂාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට ආරක්ෂාව පිරිනමනු ඇත. මෙයින් ලැබෙන පාඩම වනුයේ මෙම සූරාවන් දෙක තුළින් මිනිසා ආරක්ෂා පැතිය යුතු බවය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ගැත්තා 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට ඔහු මාගේ ගැත්තා මා කීර් තියට පත් කළේය යැයි පවසයි. තවත් විටෙක මාගේ ගැත්තා මා වෙත පැවරීය යැයි පවසයි. ගැත්තා 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, ඔහු මෙය මා හා මාගේ ගැත්තා අතර පවතින්නකි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, මෙය මාගේ ගැත්තා සතුය. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත යැයි ඔහු පවසයි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත."හදීසුල් කුද්සි" දිව්‍ය ප්‍රකාශ සහිත හදීසයක උත්තරීතර අල්ලාහ් පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සලාතයේ සූරා අල්-ෆාතිහාව මා හා මාගේ ගැත්තා අතර කොටස් දෙකකට බෙදා ඇත්තෙමි. එහි එක් අඩක් මා සතුය. අනෙක් අඩ ඔහු සතුය. එහි පළමු අඩ: ප්‍රශංසාව, පැසසුම හා කීර්තිය අල්ලාහ්ට පුද කිරීමය. මම ඔහුට ප්‍රතිඵල පිරිනමමි. දෙවැනි අඩ: බැගෑපත්වීම හා පැතුම, මම ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමි. ඔහු ඉල්ලන දේ මම ඔහුට පිරිනමමි. සලාත් ඉටු කරන්නා: 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට, 'මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි අල්ලාහ් පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය මට ප්‍රශංසා කළේය. මාගේ මැවීම්වලට කළ ආශිර්වාදයන් සම්බන්ධයෙන් ඔහු මා පිළිගත්තේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට, අල්ලාහ්: මාගේ ගැත්තා මා කීර්තියට පත් කළේය යැයි පවසයි. එය විශාල ගෞරවයකි. ඔහු: 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, 'මෙය මා හා මාගේ ගැත්තා අතර වන්නක් යැයි අල්ලාහ් පවසයි. මෙම ආයතයේ අල්ලාහ් සතු පළමු අඩ "ඉය්යාක නඃබුදු" ඔබව පමණක් නමදිමු යන්නයි. එනම් අල්ලාහ් සතු දේවත්වය පිළිගැනීම හා නැමදුම තුළින් ප්‍රතිචාර දැක්වීමය. එමගින් අල්ලාහ් සතු අඩ අවසන් වන්නේය. එම පාඨයේ දෙවන අඩ ගැත්තා සතුය. එය 'ඉය්යාක නස්තඊන්' නම් අල්ලාහ්ගෙන් උදව් පැතීමයි. උදව් කරන බව අල්ලාහ් ඔහුට ප්‍රතිඥා දී ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, අල්ලාහ්: මෙය මාගේ ගැත්තාගේ යටහත්පහත්භාවය හා පැතුමයි මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. මම ඔහුගේ පැතුමට පිළිතුරු දෙමි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ වාඩි වී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා සතුව වහලුන් සිටිති. ඔවුහු මට බොරු පවසති; වංචා කරති; පිටුපාති. මම ද ඔවුනට බැණ වදිමි, පහර දෙමි. ඔවුන් සමග වූ මගේ තත්ත්වය කෙසේ වන්නේ ද? යැයි විමසුවේය. එතුමාණෝ "ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ. ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයේ ප්‍රමාණයට වී නම්, එය එකිනෙකට සරිලනු ඇත. ඔබට කිසිවක් හිමි නොවන අතර ඔබට විරුද්ධව කිසිවක් නොපවතිනු ඇත. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා අඩු වී නම් එය ඔබට අමතර ප්‍රතිලාභයක් වේ. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා ඉහළින් වී නම්, එම අමතර ප්‍රතිලාභය ඔබෙන් ඔවුනට සම ප්‍රතිචාර ලෙස ගනු ලැබේ" යැයි පැවසූහ. වාර්තාකරු මෙසේ පැවසීය: පසුම එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා තිබේ ද? එනම් "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත." යන පාඨයයි. එම මිනිසා: "ඔවුන්ගෙන් වෙන්වීමට වඩා උතුම් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම නිදහස් පුද්ගලයින් වන බවට මම ඔබව සාක්ෂි වශයෙන් තබමි" යැයි පැවසීය.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තම වහලුන් ඔහු සමග කටයුතු කරන ආකාරය ගැන පැමිණිළි කර සිටියේය. එහි දී සැබැවින්ම තොරතුරු දැනුම් දීමේදී ඔවුන් ඔහුට බොරු පවසන බවත්, පැවරුම්වල දී ඔහුට වංචා කරන බවත්, ගනුදෙනුවල දී ඔහුව රවටන බවත්, නියෝග වලදී ඔහුට පිටුපාන බවත් දන්වා තවදුරටත් ඔවුන්ට විනය කියාදෙනු පිණිස තමන් ඔවුනට බැණ වදින බවත් ඔවුනට පහර දෙන බවත් දන්වා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග තමන්ගේ තත්ත්වය කෙසේ වනු ඇත් දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ඔවුන් වංචා කළ දෑ, ඔබට පිටුපෑ දෑ, ඔබට බොරු කළ දෑ ගැන විනිශ්චය කරනු ලැබේ. එමෙන්ම ඔවුනට ඔබ කළ දඬුවම ගැන ද විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ගේ පාපකම් සමග ඔවුනට කළ දඬුවමේ ප්‍රමාණය සමාන වූ විටෙක, ඔබට කිසිවක් හිමි වන්නේ නැත. ඔබට එරෙහිව කිසිවක් පිහිටන්නේ ද නැත. ඔවුන්ගේ පාපයට වඩා ඔබේ දඬුවමේ ප්‍රමාණය අඩු වී නම්, එය කුසල් වල දී ඔබට අමතර ප්‍රතිලාභයක් වන්නේ ය. එමෙන්ම ඔවුන්ගේ පාපයන්ට වඩා ඔවුනට කළ දඬුවම වැඩි වී නම් ඔබ දඬුවමට ලක්වනු ඇත. ඔබගෙන් එම අධික ප්‍රමාණය ලබා ඔවුනට පිරිනමනු ඇත. පසුව එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට ගත්තේ ය. ඔහුගේ හඬ උස් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා නොතිබේ ද? "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් ය." එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට කිසිවකින් අසාධාරණයක් වන්නේ නැත. ජනයා අතර තුලනය සාධාරණ ලෙස පවතී. එවිට එම මිනිසා මෙසේ පැවසීය. "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන්ගෙන් වෙන්වීම හා ඔවුන් අත්හැරීමට වඩා වැදගත් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙනුවෙන් නිදහස් පුද්ගලයින් බව මම ඔබව සාක්ෂි වශයෙන් තබා පවසමි. එය විනිශ්චය හා දඬවමට බියෙනි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.හිරු නැගෙනහිරෙන් උදාවීම වෙනුවට බටහිරින් උදාවීම අවසන් දිනයේ මහා සළකුණු අතරින් එකක් බව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මිනිසුන් එය දකින අවස්ථාවේ සියලු දෙනාම දේවත්වය විශ්වාස කරති. එම අවස්ථාවේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගේ විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දැහැමි ක්‍රියාවන් හෝ ඔහුගේ පශ්චාත්තාපය හෝ ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. පසු ව, අවසන් හෝරාව ක්ෂණික ව සිදුවන බව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දන්වා සිටියහ. ජනයා කවර තත්ත්වයන් මත සිටින්නේ ද ඒ ඒ තත්ත්වයන් හි ඔවුන්ගේ ජීවන කටයුතුවල යොමු වී සිටිය දී එය ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරිකයා හා පාරිභෝගිකයා අතර වෙළඳාම් කිරීමට ඇඳුමක් දිගු හරිමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. එහි ගනු දෙනු කිරීමට හෝ එය නවා දැමීමට හෝ ඔවුන් දෙදෙනාට නොහැකි වනු ඇත. මිනිසකු තම ඔටුවාගේ කිරි දොවමින් සිටිය දී අවසන් හෝරාව ක්‍රියාත්මක වනු ඇත. ඔහුට එය පානය කිරීමට නොහැකි වනු ඇත. මිනිසෙකු තම තටාකය සකසා එය සුමට කරමින් සිටිය දී අවසන් හෝරාව උදා වනු ඇත. එයට ජලය සැපයීමට පවා ඔහුට නොහැකි වනු ඇත. මිනිසෙකු ආහාර මිටක් තම කටට ඔසවන තත්ත්වයේ අවසන් හෝරාව උදා වනු ඇත. ඔහුට එය අනුභව කිරීමට පවා නොහැකි වනු ඇත.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්‍රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්" යන දෑ පාරායනය කරයි. පසුව ඒ දෙකින් තම ශරීරය හැකිතාක් පිරිමදියි. එතුමාණන්ගේ හිස මුහුණ සහ ශරීරයේ ඉදිරි කොටස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි."
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගැනීම සඳහා තම නිදියහනට පැමිණි විට -ප්‍රාර්ථනා කරන්නෙකු ක්‍රියා කරනවාක් මෙන්- තම දෑත් එකතු කොට, ඔසවා ඒ දෙක තුළ තම කටින් සුළුවෙන් කෙළ පිට කර, මෘදු ලෙස පිඹ අල්-කුර්ආන් පරිච්ඡේද තුනක් පාරායනය කිරීම එතුමාණන්ගේ සිරිතක් විය. එනම් "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්"ය. පසුව එතුමා තම ශරීරය හැකි පමණින් ආවරණය වන පරිදි තම අත් දෙකින් තම හිස මුහුණ සහ තම ශරීරයේ ඉදිරි කොටස්වලින් ආරම්භ කර, පිරිමදියි. මෙසේ එතුමාණෝ තුන්වරක් සිදු කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය කුමක්දැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උබෙයි ඉබ්නු කඃබ් තුමාගෙන් විමසා සිටියහ. ඔහු පිළිතුරු දීමට පසුබට විය. පසුව ඔහු (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) "අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ පපුවට තට්ටු කර දැනුමෙන් හා ප්‍රඥාවෙන් එය පිරී ඇති බව පෙන්වා දුන් අතර මෙම දැනුම හේතුවෙන් ඔහුට මිහිරි බව ඇති වීමටත් ඔහුට පහසු වීමටත් ප්‍රාර්ථනා කර සිටියහ.