Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අවසන් මොහොත ළඟා වූ කල්හි විශ්වාසවන්තයින්ගේ මව් වූ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත හාන්සි වෙමින් උත්තරීතර මිතුරා සමග තමන්වද එක් කරන මෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. ඔවුන් වනාහි නබිවරු (දෙවි දූතයෝ) සිද්දීකීන්වරු (සත්යවාදීහු) ෂුහදාවරු (දිවි පිදූවෝ) සාලිහීන්වරු (දැහැමියෝ) වෙති.
ඉස්රාඊල් දරුවන් වනාහි, නබිවරු විසින් ඔවුන් පාලනය කරනු ලැබූ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පාලකයින් හා නායකියන් පාලනය කරන්නාක් මෙන් නබිවරු ඔවුන්ගේ කටයුතු භාරගෙන කටයුතු කළහ. ඔවුන් අතර දූෂණ මතුවන සෑම කලකම ඔවුන්ගේ කටයුතු ක්රියාත්මක කිරීම සඳහාත් ඔවුන් විසින් වෙනස් කරන ලද නීති ඉවත් කිරීම සඳහාත් අල්ලාහ් ඔවුන් වෙත නබිවරයකු එවීය. සැබැවින්ම මට පසුව ඔවුන් සිදුකරමින් සිටි දෑ ක්රියාත්මක කරන කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් වැඩිවී, ඔවුන් අතර මත ගැටුම් හා ඒකඟ නොවීම් ඇති. එවිට සහගාමීහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එසේ නම් ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එවිට එතුමාණෝ: “පාලකයකුගෙන් පසු පාලකයෙක් දිවුරුම් දෙනු ලැබූ විටෙක පළමු ගිවිසුම වලංගු වන අතර එය ඉටු කළ යුතු වේ. දෙවැන්න අවලංගු වන අතර එය ඉල්ලා සිටීම තහනම්ය. ඔවුන්ගේ අයිතීන් ඔවුනට පිරිනමන්න. ඔවුනට අවනත වන්න. පාපකාරී කටයුතුවල හැර සෙසු යහපත් කටයුතුවල දී ඔවුනට සවන් දෙමින් හා ඔවුනට අවනත වෙමින් ඔවුන් සමග ඇසුරු කරන්න. ඔවුන් නුඹලාට කළ දෑ පිළිබඳ අල්ලාහ් ඔවුන්ගෙන් විමසනු ඇත. ඔවුන්ගෙන් ප්රශ්න කරනු ඇත."
සහගාමීන් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් වාසය කළ නිවෙස් වෙත පැමිණ එතුමාණන් නිවසෙහි රහසේ සිදු කරන නැමදුම් ක්රියාවන් පිළිබඳ විමසා සිටියෝය. ඔවුනට ඒ ගැන තොරතුරු දන්වා සිටි කල්හි, ඔවුන් එකිනෙකා පවසන්නට ගෙන මෙසේ පැවසූහ: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙස බලන විට, අපි සිටින්නේ කොහේ ද? හෙතෙම පෙර කළ හා පසු කරන පාපයන් සඳහා සමාව දෙනු ලැබූවෙකි. ඊට ප්රතිවිරුද්ධ ලෙසින්, සමාව ලැබේවි දැයි නොදන්නා අය එය ලබා ගැනීම සඳහා නැමදුමෙහි අතිශයෝක්ති ලෙස නිරත විය යුතුය." එවිට ඔවුන්ගෙන් කෙනෙක්: 'මම කාන්තාවන් විවාහ කර නොගනිමි' යැයි පැවසීය. ඔවුන්ගෙන් තවත් කෙනෙක්: 'මම මස් අනුභව නොකරමි' යැයි පැවසීය. තවත් කෙනෙක්: 'මම ඇතිරිල්ලක නො නිදමි' යැයි පැවසීය. පසුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබුණි. එවිට එතුමා කෝපයට පත්ව, ජනයා අතර දේශනාවක් ඉදිරිපත් කරමින් අල්ලාහ්ට ප්රශංසා කොට ඔහු පැසසුමට ලක් කොට මෙසේ පැවසූහ. ‘මේ මේ අයුරින් ප්රකාශ කළ පිරිසට කුමක් වී තිබේ ද? අල්ලාහ් මත දිවුරා සිටිමි. සැබැවින්ම මම ඔබට වඩා අල්ලාහ්ට බිය බැතිමත් අයෙකි. නමුත් මම රාත්රියේ නැගිට සලාත් ඉටු කිරීමට හැකි වන පරිදි මම නිදමි. උපවාසය රැකිය හැකි පරිදි මම උපවාසයෙන් මිදෙමි. කාන්තාවන් විවාහ කර ගනිමි. එහෙයින් කවරෙකු මාගේ පිළිවෙත ප්රතික්ෂේප කර වෙනත් මාර්ගයක් පරිපූර්ණ යැයි සිතා මා හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේ ද, ඔහු මගෙන් කෙනෙකු නො වන්නේය.
දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණිය් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ දන්වා සිටියාය. එහි දී ඇය ප්රකාශ කළ කරුණක් වනුයේ: "සැබැවින්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හට කරුණු දෙකක් අතර තෝරා ගන්නට යමක් දෙනු ලැබූ විට, පාපය නියම නොකරන කල්තාක් වඩාත් පහසුම දෑ එතුමාණන් පිළිපැද්දාහ. සැබැවින්ම එය ජනයා ඉමහත් සේ දුරස් කරවන්නක් වේ. එවිට හෙතෙම තෝරා ගනුයේ වඩාත් දුෂ්කර දෑය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පළිගන්නෙකු නොවූහ. එතුමාණෝ සමාව දී තම අයිතිය පවා නොසලකා හරින්නෙකු වූහ. නමුත් අල්ලාහ්ගේ ගෞරවණීය කරුණක් උල්ලංගනය කරනු ලැබුවේ නම් එවිට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් එතුමාණෝ සමප්රතිචාර දැක්වූහ. අල්ලාහ් වෙනුවෙන් වූ කටයුතු වල එතුමාණෝ මිනිසුන් අතරින් වඩාත් දැඩි තැනැත්තෙකු වූහ.