





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවන්නේ නම්, සෑම සලාතයට පෙර සිවාක් භාවිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
متفق عليهතම ප්‍රජාව අතර දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට දුෂ්කර කාර්යයක් වනු ඇතැයි තමන් බිය නොවී නම්, සෑම සලාත් වාරයකම සිවාක් මගින් දත් මැද කට පිරිසිදු කරන මෙන් ඔවුනට නියෝග කර සිටින බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ පවසා වාර්තා කරන ලදී. “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ. තවත් වාර්තාවක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සෑම සෙනසුරාදා දිනකම පා ගමනින් හෝ වාහනිකව හෝ කුබා දේවස්ථානය වෙත ගමන් ගත්හ. ඉබ්නු උමර් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහ.
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතඉස්ලාමයේ පළමු දේවස්ථානය ඉදි කරනු ලැබූ කුබා ප්‍රාන්තය මදීනාවට ඉහළින් මදීනා මධ්‍යස්ථානයට සමීපව පිහිටා ඇති ප්රදේශයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එහි පා ගමනින් හෝ වාහනිකව හෝ ගොඩ වදින්නට වූහ. ‘සෑම සෙනසුරාදා දිනකම’ යන එතුමාගේ ප්‍රකාශය වනාහි, සැබැවින්ම එතුමා ගමන් බිමන් යෑමට ඇතැම් දිනයන් වෙන් කර ගත්හ. එතුමා සෑම සතියකම සෙනසුරාදා දින කුබා දේවස්ථානයට පියනැගීමේ ප්‍රඥාව වූයේ සැබැවින්ම එතුමා අන්සාර්වරුන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා විය. එහිද ඔවුන්ගේ තත්ත්වයන් එහි ජුමුආ සලාතයට සහභාගි වීමට ප්‍රමාද වූවන්ගේ තත්ත්වයන් පරීක්ෂා කර බැලීමටය. එසේ සෙනසුරාදි දිනය වෙන් කිරීමේ රහස එයයි.
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ. එමෙන්ම එතුමා ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී එතුමා එතුමාගේ හිස මා වෙත හෙළි කරයි. මම ඔසප් තත්ත්වයේ සිටිය දී එය සෝදා හැරියෙමි.”
متفق عليهදේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් සමග වූ විශේෂිත අවස්ථාවන් ගැන තොරතුරු දන්වා සිටියාය. ඒ අතරින් ඇය ජනාබත් තත්ත්වයේ සිටිය දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග එකම බඳුනක එකට ස්නානය කර සිටීම ද එකකි. ඇය ඔසප් තත්ත්වයේ සිටිය දී එතුමාණන් ඇය සමග පහස විඳින්නට අපේක්ෂා කළ විට ඇගේ ඉණ සිට දණහිස් දක්වා වූ ශරීර කොටස ආවරණය කර ගන්නා මෙන් නියෝග කළහ. පසුව සංසර්ගයේ නිරත වීමෙන් තොරව ඇය සමග පහස වින්දහ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී තම හිස ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත දිගු කරයි. එවිට ඇය නිවසේ ඔසප් තත්ත්වයේ පසුවූවාය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පිවිසුණහ. මම ද එතුමාණන් ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහ්මාන් සතු ව කට පිරිසිදු කරන අමු මිස්වාක් දැහැටියක් විය. අල්ලාහ්ගේ දූතයාණෝ තම බැල්ම ඒ වෙත යොමු කළහ. එවිට මම එම දැහැටිය ගෙන එය කපා පිරිසිදු කර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට දුනිමි. එමගින් එතුමාණෝ දත් පිරිසිදු කර ගත්හ. මීට වඩා හොඳින් අල්ලාහ්ගේ දූතයාණන් දත් මදිනු කිසිවිටෙක මා දැක තිබුණේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් එසේ සිදු කළ පසු තම අත ඔසවා -තවත් වාර්තාවක තම ඇගිල්ල ඔසවා- උත්තරීතර මිතුරා සමග යැයි පැවසුවේය. පසු ව එතුමාණෝ මියැදුණහ. එතුමාණෝ මාගේ නිකට හා පපුව අතර (එතුමාගේ හිස තිබියදී) මියැදුණහැයි ඇය තවදුරටත් පවසා සිටියාය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දත් මැදීමට දැක්වූ කැමැත්තේ තරම හා ඒ සමග බැඳුණු කරුණු පැහැදිළි කරන කතාවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. ආඉෂා තුමියගේ සහෝදරයකු වූ අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් තුමා නබි තුමාගේ මරණාසන්න මොහොතේ එතුමා වෙත පැමිණියේය. ඔහුගේ අතේ දත් පිරිසිදු කරන අමු දැහැටියක් විය. අබ්දුර් රහ්මාන් දත් පිරිසිදු කරනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දුටු කල්හි එයට වඩා කැමැත්තක් දැක්වුව ද එතුමාට අත්ව තිබූ රෝගය හා මරණ වේදනාව නිසාවෙන් එය සඳහා යොමු වන්නට නොහැකි විය. පසුව එතුමාගේ බැල්ම එහි කැමැත්තක් දනවන සේ ඒ දෙසට යොමු කළේය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය එය වටහාගෙන තම සහෝදරයාගෙන් මිස්වාක් දැහැටිය රැගෙන දැහැටියේ කෙළවර ඇයගේ දත්වලින් විකා පිරිසිදු කර පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට භාවිත කිරීම සඳහා ලබා දුන්නේ ය. පසුව එතුමා එමගින් දත් පිරිසිදු කර ගත්තේය. එතුමා මෙසේ දත් පිරිසිදු කරනවාට වඩා අලංකාර ලෙස දත් පිරිසිදු කිරීමක් මීට පෙර ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැක තිබුණේ නැත. දත් පිරිසිදු කොට නිමා කළ කල්හි තම ඇගිල්ල ඔසුවා අල්ලාහ්ව ඒකීයකරණයට ලක් කළේය. තම පරමාධිපති වෙත පෙරළා යෑම තින්දු විය. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වුහ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සතුටුවන්නියක් වූවාය. එය ඇයට නියම වූ භාග්‍යයක් විය. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තම හිස ඇයගේ පපුව මත තබමින් මිය යදින්නට වූහ.
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මට හා නුඹලාට උපමාව වනුයේ ගිනි අවුලන මිනිසෙකු මෙනි. පළගැටියන් හා මේරුන් එහි වැටෙන්නට බලයි. ඔහු ද උන් එයින් වළක්වන්නට බලයි. මම නිරයෙන් දුරස් කොට නුඹලාගේ බද පටිවලින් අල්ලාගෙන සිටිමි. නුඹලා ද මගේ අතින් පළා යමින් සටින්නෙහු ය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා සමග පවතින එතුමාගේ තත්ත්වය පාළුකරයේ ගිනි දල්වන මිනිසෙකුගේ තත්ත්වයට සමාන යැයි පැහැදිලි කර සිටියි. එවිට පළගැටියන් හා මේරූන් එහි වැටෙන්නට බලයි. එසේ වන්නට හේතුව පොදුවේ පළගැටියන් මේරූන් හා කුඩා කෘමින්ගේ සිරිත එය බැවිණි. ගොඩබිමක යම් ගින්නක් මිනිසා අවුලන විට එම එළිය වෙත උන් ඇදී එනු ඇත. තවද එතුමා මෙසේ පවසා සිටියහ: නුඹලා එහි වැටීමෙන් මම නුඹලාව වළකමි. එනමුත් නුඹලා මගේ අතින් ගිලිහී ඒ වෙත ඇදී යන්නෙහුය. මින් අදහස් කරන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට විරුද්ධ වීම හා එතුමාගේ සුන්නාව අතහැරීමය.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනී වළක් මත එය වළ දමනු ලැබූ පසු සලාත් ඉටු කරමින් ඒ මත තක්බීර් හතරක් පවසන්නෙකු වූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අලංකාර සදාචාරයන් මත වැජඹින. ආදරය කරුණාව ලෙන්ගතු කම යනාදී ගුණාංගවලින් වර්ණනා කරනු ලැබීම ද ඒ අතරින් විය. තම සහගාමීන් අතරින් කිසිවකු හෝ වේවා ඔහුගේ තත්ත්වය සොයා බලන තුරු එතුමා ඔවුන් කිසිවකු අතහැරියේ නැත. මෙම මිනීවල සතු තැනැත්තා පිළිබඳවද එතුමා විමසා සිටියහ. එවිට ඔවුහු ඔහුගේ මරණය පිළිබඳ දන්වා සිටියෝය. ඔවුන් එසේ දන්වා සිටීම ඔහු වෙත සලාත් ඉටු කරන තරමට ප්‍රියක් ඇති කළේය. සැබැවින්ම එතුමාගේ සලාතය මිය ගිත ඇත්තාට සැනසුමකි. ඔහු කවර අන්ධකාරයක සිටින්නේ ද ඉන් ඉවත් කරන ආලෝකයකි. සජීවීව පවතින දේහයකට සලාත් ඉටු කරන්නාක් මෙන් එම මිනීවල ඉදිරියේ එතුමා සලාත් ඉටු කළහ. නබි (සල්ලලාලහු අලයිහි වසල්ලම්) තුමා මිනීවල ඉදිරියේ සලාත් ඉටු කිරීම යනුවෙන් අදහස් කරනුයේ මිනී වල මත නැග ඉටු කිරීම යන්නෙන් නොව, සැබැවින්ම එහි අර්ථය එයට අසලින් එයට මුහුණ ලා සිට ගෙන එම දේහය වෙත සලාත් ඉටු කිරීමය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ජුමුආ දින ෆජ්ර් සලාතයේදී අලිෆ්, ලාම්, මීම් තන්සීල් නම් සජදා පරිච්ඡේදයත් හල් අතා අලල් ඉන්සාන් නම් පරිච්ඡේදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කරන්නෙකු වූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතජුමුආ දින ෆජ්ර් සලාතයේදී සූරා අස්-සජදා සම්පූර්ණයෙන්ම පාරායනය කිරීම, එනම් පළමු රකආතයේ සූරතුල් ෆාතිහාවට පසුව පාරායනය කිරීමත් දෙවන රකආතයේ සූරා අල් ෆාතිහාවට පසුව සූරා අල් ඉන්සාන් සම්පූර්ණයෙන්ම පරායනය කිරීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිරිතක් විය. එය එම සූරා දෙකෙහිම ඇතුළත් ආදම්ගේ මැවීම, නැවත නැගිටුවනු ලැබීම, ගැත්තන් එක්රැස් කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් යනාදී ලෙසින් එදින සිදු වූ හා සිදුවන්නට යන වැදගත් සිදුවීම් මෙනෙහි කිරීමක් වශයෙනි.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා එතුමාගේ පවුලේ උදවිය රාත්‍රී ආහාරය නොලබාම හිස් බඩින් අඛණ්ඩව රාත්‍රී ගණනාවක් ගත කරන්නට වූහ. ඔවුන්ගේ රොටි බොහෝ විට බාර්ලි රොටි විය.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කිසිදු ආහාරයක් නොගෙන අඛණ්ඩව එක දිගට රාත්‍රි ගණනාවක් නින්දට වැටෙන්නෙකු වූහ. එතුමාගේ බිරියන් මෙන්ම පවුලේ උදවිය ද එලෙස නින්දට වැටුනහ. ඊට හේතුව ඔවුන් රාත්‍රී ආහාර නොලැබූ හේතුවෙනි. බොහෝ විට ඔවුන්ගේ රොටි බාර්ලිවලින් විය. එය තිරිඟු හා වෙනත් ධාන්‍යවලට වඩා මිලෙන් අඩු විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේදනාවෙන් පෙළෙමින් සිටියදී මම එතුමාණන් වෙත පිවිස එතුමාණන්ව අත ගෑවෙමි. පසුව මම: ඔබ තුමා දරුණු වේදනාවකින් පීඩා විඳින්නෙහිය යැයි පැවසුවෙමි. එවිට එතුමා “එසේය, ඔබ අතරින් මිනිසුන් දෙදෙනෙකු පීඩා විඳින්නාක් මෙන් මම වේදනා විඳිමි” යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි රෝගී භාවයෙන් වේදනා විදිමින් සිටියදී එතුමා වෙත තමන් ගිය බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් සිහිපත් කරයි. හෙතෙම තම අතින් පිරිමැද එතුමාණන්ට මෙසේ පැවසීය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ඔබ දැඩි රෝගාභාදයෙන් පෙළෙන්නෙහිය යැයි පැවසීය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අප අතරින් මිනිසුන් දෙදෙනෙකු විඳින වේදනාව මෙන් දැඩි වේදනාවක් රෝගීභාවයෙන් තමන් පීඩා විඳින බව දන්වා සිටියහ. එය ඉවසීමේ ඉහළ මට්ටම එතුමාණන් ලබා ඇති බැවිනි.