





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුවඳට වඩා මනරම් සුවදක් කිසිවිටෙක මම ආඝ්‍රාණය කොට නැත. තවද සැබැවින්ම මම වසර දහයක් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ සේවය කළෙමි. කිසිවිටෙක එතුමා උෆ්ෆින් (චි) වැනි පිළිකුල් සහගත ප්‍රකාශයකින් මට කතා කොට නැත. මම සිදු කළ යමක් වී නම්, ඔබ එය සිදු කළේ ඇයිදැ යි හෝ මම සිදු නොකළ යමක් වී නම්, එය මෙසේ සිදු නොකළේ ඇයි දැයි හෝ විමසුවේ නැත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත. අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ වසර දහයක් සේවය කර ඇත. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ අත ඉතා සියුම් විය. එතුමාගේ සුවඳද එසේම විය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුවඳට වඩා සුවඳක් මම ආඝ්‍රාණය කොට නැත. තවදදුරටත් අනස් තුමා මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම මම වසර දහයක් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ සේවය කළෙමි. කිසිවිටෙක එතුමා ‘උෆ්ෆින්‘ - චි! වැනි පිළිකුල් සහගත ප්‍රකාශයකින් මට කතා කොට නැත.“ එනම්: එතුමා ලඟ වසර දහයක් සේවය කරමින් සිටියදී කිසිදු අපහසුතාවක් තමන්ට අත් නොවීය. පොදුවේ අපෙන් කෙනෙකු කිසිවකුට සේවය කරන්නේ නම් හෝ සේවයක් ලබන්නේ නම් හෝ සතියක් වැනි කාලයක් ගත වන විට අපහසුතාවට පත් වෙයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත වසර දහයක් සේවය කළ මෙතුමාට කිසි විටෙක අපහසුතාවට පත් වන ප්‍රකාශයක් සිදු කොට නොමැත. අනස් තුමා මෙසේ පැවසූහ. “මම සිදු කළ යමක් වී නම්, ඔබ එය සිදු කළේ ඇයිදැ?යි විමසුවේ නැත.“ අනස් තුමා යමක් තම උත්සාහයෙන් සිදු කර ඇත්නම් එතුමා සේවකයකු ව සිටිය ද සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාව පිළිකුල් නොකළහ. එසේ නැතිනම් එසේ සිදු කළේ ඇයිදැයි විමසුවේ නැත. එමෙන්ම “මම සිදු නොකළ යමක් වීනම් එසේ ඔබ සිදු නොකළේ මන්දැ“යි විමසා සිටියේ නැත. මෙය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ යහපත් ගුණාංග අතුරින් වූවකි.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කිසිවිටෙක තම අතින් කිසිවකුට හෝ කාන්තාවකට හෝ සේවකයකුට හෝ පහර දී නැත. නමුත් එතුමා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැඳුණහ. එමෙන්ම එතුමාට කිසිවක් අත් වූ විට එම පුද්ගලයාට දඬුවම් කළහ. එය ඔහු අල්ලාහ්ගේ සීමාවන් උල්ලංගණය කර ඇති බැවිනි එවිට එතුමා අල්ලාහ් වෙනුවෙන් දඬුවම් කළහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ගුණාංග අතුරින් එකක් වනුයේ, කිසිදු විටෙක කිසිදු අවස්ථාවක එතුමා කිසිදු සත්වයකුට පහර දුන්නේ නැත.එමෙන්ම බිරියට හෝ සේවකයාට හෝ පහර දුන්නේ නැත. පොදුවේ බහුතර දෙනාගේ පුරුද්ද මේ දෙවර්ගයට පහර දීමය. මෙසේ තිබියදී නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කිසිවිටෙක මේ දෙවර්ගයට පහර දී නැත. අල්ලාහ්ගේ වචනය උසස් කරනු පිණිස අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමක් ලෙසින් මිස එසේ පහර දීම පුරුද්දක් ලෙස නොගත් අය උතුම් බව පවසා එය වෙනස් කළහ. කිසිවකුගෙන් යම් බරපතල වරදක් සිදු වූ විට ඔහුට දඬුවම් දුන්හ. උදහරණයක් ලෙස හිස පොඩි කරමින් මිනිසකු ඝාතනය කළ දේව ප්රතික්ෂේපකයාට එවැනිම දඬුවමක් නබි තුමාණන් දී ඇත්තාහ. එමෙන්ම විටෙක නොසලකා හැර සමාව දුන්හ. දඬුවම් නොකළහ. එය අල්ලාහ්ගේ සීමාවන් නොඉක්මවූ කාර්යයන්හීය. හේතුව එය කිසිවකුට පිළිගත හැක්කක් නොවන බැවිනි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරමින් කිස්රා, කයිසර් හා නජ්ජාසි වෙත මෙන්ම පාලකයින් සෑම කෙනෙකු වෙතම ලිපි යැවූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාත් ඉටු කළ නජ්ජාසි මොහු නොවීය.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) තුමාණන් මිය යන්නට පෙර තමන් අවට සිටින ප්‍රජාවන් රජකළ රජවරුන් වෙත ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් ලිපි යැවූ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එහි දී කිස්රා රජවරුන්ට ලිපි යැවූහ. කිස්රා යනු පර් සියාව රජ කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින්වේ. කයිසර් වෙත යැවූහ. රෝමය පාලනය කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින් වේ. නජ්ජාසි වෙත ද යැවූහ. ඇබීසීනියාව පාලනය කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින් වේ. එමෙන්ම මිනිසුන් කෙරෙහි ආධිපත්‍යය දරණ ඔවුන්ට පීඩා කරමුන් පාලනය කරන සෑම පාලකයෙකු වෙතම ලිපි යැවූහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් පැහැදිලි කිරීමේ දී ලිපි ලියා එවනු ලැබූ නජ්ජාසි රජු ඉස්ලාමය වැළඳ ගත් රජතුමා මිය ගිය බවත්, එතුමා කෙරෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගාඉබ් ජනාසා සලාතය ඉටු කළ රජු නොවන බවත්ය .
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!"
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රාර් ථනා කර සිටියහ: "අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් කෝප වනවාක් මෙන් මම ද කෝපයට පත්වෙමි. කිසියම් මුඃමින්වරයකුට මම හිංසාවක් කළේ නම් හෝ දොස් නැගුවේ නම් හෝ බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ ඔබේ දයාවෙන් නෙරපාලන්නට ප්‍රාර් ථනා කළේ නම් හෝ කසපහර පිරිනැමුවේ නම් හෝ පහර දුන්නේ නම් හෝ එය ඔහුට දානයක් දයාවක් පිවිතුරු කිරීමක් ප්‍රතිකර්මයක් හා එමගින් කරුණාව ලබන ආශිර්වාදයක් බවත් පත් කරනු මැනව!
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! බහුදේවවාදීන්ට ශාප කරන්න" යැයි කියනු ලැබීය. එතුමාණෝ මෙසේ පැවසූහ. "සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."
رواه مسلمබහුදේවවාදීන්ට එරෙහිව අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. එවිට එතුමාණෝ: "අල්ලාහ් විසින් මා එවන ලද්දේ මිනිසුන්ට ශාප කිරීමට, දෙවියන් වහන්සේගේ දයාවෙන් ඔවුන් ඈත් කර නෙරපා හැරීමට, හෝ එමඟින් ඔවුනට යහපත අහිමි කිරීමට ප්‍රාර් ථනා කිරීමට නොවේ. ඒ වෙනුවෙන් මා එවනු ලැබුවේ නැත. සැබැවින්ම මා එවනු ලැබුවේ පොදුවේ මිනිසුන්ට සහ විශේෂ යෙන් විශ්වාස කරන්නන්ට යහපත්කම සහ දයාව සඳහා හේතුවක් වීමට ය.
දේව විශ්වාසීන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය. එවිට අළුයමේ උදාව මෙන් මිස එම සිහිනය එතුමාණන් වෙත පැමිණියේ නැත. පසුව එතුමාණන් වෙත හුදෙකලාව ප්‍රිය විය. එතුමාණෝ හිරා ගුහාවේ තනි වෙන්නට වූහ. තම නිවසට යෑමට පෙර එහි දී රාත්‍රී ගණනාවක් නැමදුමෙහි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව එතුමාණෝ හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා ඔහු වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. එතුමාණෝ "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසූූහ පසුව හෙතෙම මා අපහසුතාවයට පත්වන තරමට මා තදින් අල්ලා බදා ගෙන අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව දෙවන වරටද මා අපහසුතාවයට පත්වන තුරු මා තදින් අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් ඔබ කියවනු යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව තුන්වන වරටද මා අපහසුතාවයට පත් වන තරමට මා තදින් අල්ලා බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය.: "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 1-3) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් එය රැගෙන පැමිණියහ. පසුව කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස "මා පොරවනු; මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන්ව පොරවා දැමූහ. එවිට එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. "මම මා ගැන බිය වෙමි" යැයි පැවසූ විට කදීජා තුමිය: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. සැමට උපකාර කරන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය" යැයි පැවසුවාය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන යුගයේ කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. අබරානි බසින් පොත්පත් ලියන ලේඛකයකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය අනුව අබරානී බසින් ලියා නිම කළේය. හෙතෙම අන්ධ භාවයෙන් යුත් වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි පැවසුවාය. එවිට වරකා එතුමාණන්ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා වෙත පහළ කළ නාමූස් නම් සුරදූතයා වෙයි. එහි මටත් කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව!" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. පසුව වරකා මිය යන තුරුම ප්‍රතිචාර නොදැක්වූ අතර හෙළිදරව්ව (තාවකාලිකව) නතර විය.
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි දිව්‍යමය සිහිනය විය. එවිට අළුයමේ උදාවට සමානව පැහැදිලි ලෙසින් මිස එම සිහිනය එතුමාණන් දුටුවේ නැත. පසුව එතුමාණන් වෙත හුදෙකලාව ප්‍රිය විය. එතුමාණෝ හිරා ගුහාවේ තනි වෙන්නට වූහ. තම නිවසට නැවත හැරී යාමට පෙර එහි දී රාත්‍රී ගණනාවක් නැමදුමෙහි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් එතුමාණෝ බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා එතුමාණන් වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. එතුමාණෝ "මා හොඳින් කියවීමට දන්නා කෙනෙකු නොවෙමි." යැයි පැවසූූහ. පසුව ඔහු මා අපහසුතාවයට හා දුෂ්කරතාවයට පත්වන තරමට මා තදින් අල්ලා බදා ගෙන මා මිරිකා අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා හොදින් කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි" යැයි පවසා සිටියෙමි. පසුව දෙවන වරටද මා අපහසුතාවයට හා දුෂ්කරතාවයට පත්වන තුරු මා තදින් අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා හොඳින් කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි" යැයි පවසා සිටියෙමි. පසුව තුන්වන වරටද මා තදින් අල්ලා බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය. "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 1-3) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මර බියෙන් තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් එම පාඨ රැගෙන පැමිණියහ. පසුව දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මාතාවක වන කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස මෙසේ පැවසූහ. "රෙදි කඩකින් මා පොරවනු; රෙදි කඩකින් මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාණන්ගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන් පොරවා දැමූහ. පසුව එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. තවදුරටත් එතුමා මෙසේ පැවසූහ: සැබැවින්ම මා මිය යනු ඇතැයි මම මා ගැන බිය වෙමි යැයි පැවසූ විට කදීජා තුමිය මෙසේ පැවසුවාය.: එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. තම කටයුතු තනිව කර කියා ගත නොහැකි අසරණයින්ට පිහිට වන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන ගතිපැවතුම් අත්හැර දැමූ, කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය පරිදි අබරානී බසින් ලියා නිම කළේය. හෙතෙම පෙනුම අහිමි වූ වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට මෙසේ පැවසුවාය: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි කීවාය. එවිට වරකා එතුමාණන්ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා (අලයිහිස් සලාම්) වෙත අල්ලාහ් පහළ කළ ජිබ්රීල් සුර දූතයාය. එහි මමත් තරුණයකු වී මටත් කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව!" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. පසුව වරකා මිය ගිය අතර දිව්‍යමය හෙළිදරව්ව ටික කලක් නරත විය.
අබූ සලමා බින් අබ්දිර් රහ්මාන් තුමා විසින් වාර් තා කරන ලදී. සැබැවින්ම ජාබිර් බින් අබ්දිල්ලාහ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හුමා) තුමා දිව්‍ය පණිවිඩ පහළ වූ කාලය ගැන කතා කරමින් ඔහුගේ කතාවේ මෙසේ පැවසීය: මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, හැරී ගොස් 'මා පොරවා දමන්න' යැයි පැවසුවෙමි. එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර් යන (සූරා අල්-මුද්දස්සිර්හි 1 වැනි වැකියේ සිට) "වර්-රුජ්ස ෆහ්ජුර්" (සූරා අල්-මුද්දස්සිර්හි 5 වැනි වැකිය දක්වා) පහළ කළේය. ඉන්පසු දිව්‍ය හෙළිදරව්ව තීව්ර වී දිගටම පැවතුනි.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිව්‍ය පණිවිඩ තමන් වෙත පහළ වූ ආරම්භ කාලයේ එය යම් කාලයක් විසන්ධි වී තිබීම හා නතර වී තිබීම ගැන කතා කරමින් මෙසේ පැවසූහ: "මම මක්කාවේ මංතීරුවක ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට ඔසවා බැලුවෙමි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, ත්‍රාසයට පත්වූයෙමි. පසුව මම මාගේ පවුල වෙත හැරී ගොස් 'රෙදිකඩකින් මා පොරවන්නැ'යි පැවසුවෙමි." එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර්" රෙදිකඩින් පොරවාගෙන සිටින්නානනි, "කුම්" ප්රචාරක කටයුතු සඳහා ඔබ නැගී සිටින්න. "ෆඅන්දිර්" ඔබේ දූත පණිවිඩය විශ්වාස නොකරන අයට ඔබ අවවාද කරන්න." යන වැකි පහළ කළේය. "වරබ්බුක" තවද නැමදුමට සුදුසු ඔබේ දෙවිඳාට "ෆකබ්බිර්" ප්‍රශංසා කර ගරු බුහුමන් කරන්න. "වසියාබක" තවද ඔබේ වස්ත්‍රය "ෆතහ්හිර්" කිලිටි දැයින් පිරිසිදු කර ගන්න. "වර්-රුජ්ස" පිළිම හා පිළරූ නැමදීමෙන් දුරස් ව සිටින්න. "ෆහ්ජුර්" ඒවා අත්හැර දමන්න. ඉන් පසු වහී බලවත් විය. අධිකව පහළ වන්නට ගත්තේය.
අස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තබූක් සටනින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණි කල්හි ජනයා එතුමාණන් පිළිගත්හ. එවිට මම ද ළමුන් සමග සනිය්යතුල් වදා නම් ස්ථානයේ එතුමාණන්ව පිළිගත්තෙමි.“ ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ හදීසයේ, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව අප පිළිගන්නට සනිය්යතුල් වදා නමැති ස්ථානයට ළමුන් සමග ගියෙමු.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තබූක් යුද්ධයෙන් නැවත හැරී පැමිණෙන අවස්ථාවේ යුද්ධයට සහභාගී නොවීමට හේතු කාරණා තිබූ අය හා වෙනත් අය සනීය්යතුල් වදා නම් ස්ථානයට පැමිණියෝය. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නැවත පැමිණෙන විට එතුමාව පිළිගැනීම සඳහාය. අස්සාඉබ් ඉබ්නු යසීද් තුමාද මදීනාවේ සිටි ළමුන් සමඟ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිළිගැනීමට පිටත්ව ගියේය.
අබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී ඒනම් ෙපාලවෙහි උෂ්ණත්වය දරාගැනීමට අපහසු බැවින් තුවාලයක් අැති වී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබී මූසා රලියල්ලාහු අන්හු විසින් වාර්ථාකරනලදි මා සමග සහාබාවරැන් සය දෙනෙක් නබි සල් තුමා සමග යුද්ධයකට සූදානම් වී යම් බූරැවකුගේ පිට මත ගමන් කරන විට අපගේ පාමුල හා කෙදි කකුල පොලවට ගැටී තුවාලයක් අැතිවී යම් රෙදි කෑල්ලකින් ඒය අපි වෙලුමක් සේ දමා ගමන අවසන් කළෙමු මෙසේ පැවසු අබී මුසා රළියල්ලා අන්හු ඒයට මෙසේ අදහස් කරයි යම් කර්මයක් කර ඒය නැවත මතක් කිරීම හෝ ඒය අන් අයට අාඩම්බර කමින් පැවසීමද සත් කියාවක් නොවන බව අදහස් කළේය ඉහත සදහන් හදීසයේ අර්ථකථනය වනුයේ සහබාවරැන් සියලුදෙනාම බූරැවකුගේ පිට මත කෙනෙකුද මද වේලාවකට පසුව තවත් සහාබිකෙනෙක් ද ඒසේම සයදෙනාම සතුරන්ව හමුවන තෙක් මාරැවෙන් මාරැවට ගමන් කරන ලද වාතාරණයේ අරාබි කාන්තාරයේ උෂ්ණය දරා ගන්න බැරැිව ඔවුන්ගේ පාමුල් හා නියපොතු මතද යම් තුවාල අැතිවිය ඒ් බැවින් ඔවුන් වෙලුමක් සේ යම් රෙදි කැබැල්ලකින් ඒය වසා ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කළහ මෙම සිද්ධිය පාතකොට මෙම යුද්ධයට ප්‍රතිකාර්යයක් හා බැදිමක් යන නමින් නබි තුමා අදහස් කළේය තවද යම් කර්මයක් කර රයින් යම් දෙයක් බලාපොරොත්තුවිම හෝ මූනිච්චාවට ඒම ක්‍රියාව කර ඒය අන් අයට දෙඩවීම පිළිකුල්සාගත කරැණකි යනුවෙන් විද්වතුන් ප්‍රකාශ කරන්නෝය