





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.((එළුවන් ඇතිදැඩි කරන්නකු ලෙසින් මිස අල්ලාහ් කිසිදු නබිවරයකු එව්වේ නැත.)) එවිට එතුමාගේ මිතුරන්: එසේනම් ඔබ? යැයි විමසුවෝය. එතුමා ((එසේය, මක්කා වාසීන් වෙනුවෙන් මුදලට උන් ඇතිදඩි කරන්නෙකු ලෙස මම සිටියෙමි.))
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතසියලුම නබිවරුන් තම ජීවිතයේ එළුවන් ඇතිකර ඇත. හදීසයේ මතු පිටින් පෙනෙන්නේ එය නබිත්වයට පෙර සිදුවූවක් බවය. එහෙයින් විද්වත්හු පවසා සිටිනුයේ: සැබැවින්ම මිනිසාට මැවීම් පාලනය කිරීමටත් ඔවුනට යහපත ඇති දෑ වෙත ඔවුනට මඟ පෙන්වීමටත් එමගින් පුහුණුව ලබා දෙනු ඇත. හේතුව එළුවන් ඇති කරන්නා විටෙක උන් තණබුදින තැනට රැගෙන යයි. තවත් විටෙක උන් නතර කරවා තබයි. තවත් විටෙක උන් ගාල් කරයි. ඒ අනුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සමූහයා පාලනය කළහ. දැනුමෙන් මඟපෙන්වීමෙන් හා සාධක තුළින් යහපත වෙත ඔවුනට මඟ පෙන්වූහ. එය යහපත් ලෙස එළුවන් ඇති කිරීමේ දැනුම හා උන්ගේ යහපත හා උන්ගේ ආහාර පාන පිළිබඳව වූ උපදෙස් හා මග පෙන්වීම් සතු එඩේරුවෙකු මෙනි. එසේ එළුවන් තෝරාගෙන ඇත්තේ, එළුවන් ඇති කරන පුද්ගලයා ඔටුවන් ඇති කරන පුද්ගලයාට වෙනස් වූ ස්වරූපයක් ගන්නා බැවිනි. එළුවන් ඇති කරන්නා තැන්පත් බව ශාන්ත බව පිළිපදී. බොහෝ විට ඔටුවන් ඇති කරන්නා සතුව ඇත්තේ දැඩි භාවය හා දරුණු භාවයයි. හේතුව ඔටුවා ද දරුණු හා දැඩි භාවයක් ගන්නා බැවිනි. එබැවින් අල්ලාහ් තම දහම් දූතයින් වෙත, මැවීම් පාලනය කිරීමේදී පුහුණුව ලබන්නටත් ඔවුන් භාවිත කරන්නටත් එළුවන් ඇති දැඩි කිරීම තෝරා දුන්නේය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මාගේ ප්‍රාණය මට ලබා දෙනු ඇත.”
رواه أبو داود وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත කවරෙකු සලාම් පවසා සිටියේ ද, ඔහු ළඟ සිටියද දුර සිටියද ඒ සෑම කෙනෙකුටම එතුමාණන් සලාම් පවසන තෙක් එතුමාණන්ගේ ප්‍රාණය එතුමාණන් වෙත නැවත ප්රදානය කරනු ලබන බව එතුමාණෝ දන්වා සිටියහ. බර්සක් හා කබ්ර් (මිනීවල) ජීවිතය යනු ගුප්ත කරුණකි. එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔහු සෑම දෙයක් කෙරෙහිම සර්වබලධාරීය.
අල් බරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත. එතුමාණන්ගේ කොණ්ඩය එතුමාණන්ගේ උරහිස් දෙක දක්වා දිගුවට තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ උරහිස් දෙක පළල් ව තිබූ අතර එතුමාණන් උස හෝ කොට නොවූහ.
متفق عليهඅල්-බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය. "එතුමාණන්ගේ හිසකෙස් උරහිස් දක්වා දිගින් පිහිටුනු අතර එතුමාණන් කළු පැහැති වේට්ටියක් සහ උඩු සළුවක් පළඳියි. එහි රතු ඉරි දක්නට විය. අල්ලාහ්ගේ දූතයාණන්ට වඩා ලස්සන කෙනෙකු මා කිසිදා දැක නැත. උරහිස් අතර පුළුල් ඉඩක්, පළල් පපුවක් සහ උස හා කොට අතර සාමාන්‍ය උසක් එතුමාණන්ගේ ශාරීරික ලක්ෂණ අතර විය."
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දකුණත පිරිසිදු දෑ හා ආහාර අනුභව සඳහා විය. වමත එතුමා වැසිකිලි කැසිකිලි අවශ්‍යතා සඳහා හා ඒ හැර වෙනත් අපිරිසිදු දෑ සඳහා විය." හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත තම ආහාරය, තම පානය හා තම ඇඳුම් ඇඳීම සඳහා භාවිත කරන්නෙකු වූහ. එමෙන්ම තම වමත ඒ හැර වෙනත් දෑ සඳහා භාවිත කරන්නෙකු වූහ."
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත භාවිත කළ අවස්ථාවන් හා එතුමා වමත භාවිත කළ අවස්ථාවන් පිළිබඳ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් විස්තර කළාය. වැසිකිලි කැසිකිලි අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු ජලය හෝ ගල් භාවිතයෙන් පිරිසිදු කිරීම, නාසය පිරිසිදු කිරීම හා ඒ හා සමාන සියලු අපිරිසිදු දෑ ඉවත් කිරීම සඳහා එතුමා වමත භාවිත කළ බවත් ඒ හැර වෙනත් දෑ සඳහා එතුමා දකුණතට ප්‍රමුඛත්වය ලබා දුන් බවත් විස්තර කළාය. එය, එයට ගරු කිරීමක් වශයෙනි. දකුණත වමතට වඩා උතුම්ය.උතුම් කටයුතුවලදී දකුණතට ප්‍රමුඛත්වය දීම වඩාත් සතුටුදායක බව මෙම හදීසය පෙන්වා දෙයි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම දකුණත පිරිසිදු කිරීම, අනුභව කිරීම වැනි දෑ සඳහා භාවිත කළ බවත් තම වමත කැසිකිලි වැසිකිලි අවශ්යතාවන්ගෙන් පසු පිරිසිදු කිරීම සඳහාත් ඒ හැර අපවිත්‍ර දෑ පිරිසිදු කිරීම සඳහාත් භාවිත කර ඇති බව එතුමිය පවසා සිටියාය. 'පිරිසිදු කිරීම' යන ඇයගේ ප්‍රකාශය වනාහි, පිරිසිදු කරන විට දකුණතින් ආරම්භ කිරීමයි. එනම්, වමත සේදීමට පෙර දකුණත සේදීමයි. වම් කකුල සේදීමට පෙර දකුණු කකුල සේදීමයි. කන් දෙක වනාහි එය එකම අවයවයක් ලෙස සැළකේ. හේතුව ඒ දෙක හිස නම් අවයවය තුළ ඇති බැවිනි. එහෙයින් ඒ දෙක එකවර ජලයෙන් පිරිමැදිය යුතු වේ. එසේ අත් දෙක එකවර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී එක් අතක් පමණක් භාවිත කරමින් සොදන්නට වී නම් එවිට එම කාරණාව මුල් කර ගෙන දකුණු කන සේදීය යුතුය. 'එතුමාගේ වමත වැසිකිලි කැසිකිලි අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා භාවිත විය' යන ප්‍රකාශය වනාහි, නජීස් දෑ ඉවත් කිරීම එය ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම යන්නය. 'ඒ හැර වෙනත් අපවිත්‍ර දෑ' යනු සෙම කැට, හොටු හිස්හොරි වැනි දෑ ඉවත් කිරීමය. ගරු කටයුතුවලදී දකුණතින් ආරම්භ කිරීමේ වැදගත් කම හා ජලයෙන් හෝ ගලින් පිරිසිදු කිරීම වැනි අපවිත්‍ර දෑ ඉවත් කිරීමේදී වමතට ප්‍රමුඛත්වය දීම යන කරුණු සම්බන්ධයෙන් හෆ්සා -රළියල්ලාහු අන්හා- තුමිය වාර්තා කළ හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසය තහවුරු කරන්නක් ලෙස පිහිටා ඇත.
අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි ගුහාවේ සිටිය දී, මම හිස ඔසවමින් බහු දේවවාදී විරෝධීන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ කීවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එතුමාණන් මෙසේ ඇසුවේය: "අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී."
متفق عليهමුඃමින්වරුන්ගේ නායකයකු වන අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා හිජ්රත් ගිය අවස්ථාවක මෙසේ පවසා සිටියේය. "අපි ගුහාවේ සිටිය දී, සවුර් ගුහාවට ඉහළින් අපේ හිසට උඩින් බහු දේවවාදී විරෝධීන් සිටිය දී ඔවුන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ පැවසුවෙමි: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. 'අහෝ අබු බකර්, දෙදෙනා ගැන ඔබ සිතන්නේ මන් ද? තුන්වැන්නා ලෙස අල්ලාහ් සිටී.'
හුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්‍රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය දෙවන රකඅතයේ සූරා නිසාවද පසුව අාල ඉම්රාන් සූරාවද පාරායනා කළේය සෑම සූරාවකටම පසුව තස්බීහ් කර දෙවිදුන් ගෙන් අාරක්ෂාවද පතා නබි තුමාගේ රැකූව්අය කියාමයට සමසේ සදහන් වීපසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසා දිගු වෙලාවක් අත ඔසවා ප්‍රාර්ථනා කළ පොළව මත සිරස තබා දිගු වෙලාවක් සිටීයේය යැයි හුදෙය්පා රළියල්ලාහු අන්හු පැවසීය
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහුදෙය්පා ඉබ්නු යමාන් රළියල්ලාහු අන්හු මෙසේ ප්‍රකාශ කරයි මා දවසක් නබි තුමානන් සමග තහජ්ජුද් සලාතය ඉටු කළෙමි ඒම වාතාවරණයේ නබි තුමා සූව්රා බකරාව අංග සම්පූර්ණව පළමු රකඅතයේ පාරායනා කළේය දෙවන රකඅතයේ සූරා නිසාවද පසුව අාල ඉම්රාන් සූරාවද පාරායනා කළේය සෑම සූරාවකටම පසුව තස්බීහ් කර දෙවිදුන් ගෙන් අාරක්ෂාවද පතා නබි තුමාගේ රැකූව්අය කියාමයට සමසේ සදහන් වීපසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසා දිගු වෙලාවක් අත ඔසවා ප්‍රාර්ථනා කළ පොළව මත සිරස තබා දිගු වෙලාවක් සිටීයේය යැයි හුදෙය්පා රළියල්ලාහු අන්හු පැවසීය
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මදීනාවෙහි වහලියන් අතුරින් වහලියක් වූවත් ඇය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අතින් අල්ලා ඇය කැමති අයුරින් එතුමා සමග ගමන් කරයි.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ නිහතමාන භාවය පෙන්වා දෙයි. එතුමා මැවීම් අතුරින් ශ්‍රේෂ්ඨතමයාණන් ය. මදීනාවෙහි වහලියන් එතුමා වෙත පැමිණ එතුමාගේ අතින් අල්ලා එතුමා සමග කැමති අයුරින් ගමන් කරති. එය එතුමා ඇයගේ අවශ්‍යතාවට උදව් කරනු පිණිසය. එය මැවීම් අතුරින් උදාර ගතිගුණ ඇත්තෙකු බව පෙන්වා දෙයි. මා කැටුවාගෙන යන්නේ කොහාටදැයි විමසා නොසිටියි. එසේ නැතිනම් වෙනත් කෙනෙකු ළඟට යනු යැයි නොපවසයි. එතුමා ඇය සමග ගොස් ඇයගේ අවශ්‍යතාව ඉටු කර දුන්හ. නමුත් මෙසේ කටයුතු කර සිටියද අල්ලාහ් එතුමාණන්ට ගෞරවය ලබා දී උසස් කළේය. අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා වෙත විය. අවධානය පිණිස: අතින් අල්ලාගෙන ගියේය යනු සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ අත වහල් දැරියගේ අතට සපර්ශ කරමින් යන අර්ථය නොවේ. ඉමාම් හාෆිළ් තුමා දන්වා සිටිනුයේ අතින් අල්ලාගෙන යන්නෙන් අර්ථවත් කරනුයේ එතුමාගේ කාරුණිකභාවය හා යටහත් භාවයයි. මෙහිදී පිරිමියකු සඳහන් නොකොට වහලියක් සඳහන් කිරීමද නිදහස් කාන්තාවක් සඳහන් නොකොට වහල් කාන්තාවක් සඳහන් කිරීමද යටහත් කමේ අතිශයෝක්ති භාවය අන්තර්ගත කොට තිබීමය. එය වහලියන් යන පදය පොදු ප්‍රකාශයක් බවට සඳහන් කරමිනි. එනම් වහලියක් වී නම් යන්නයි.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කළ යුදෙව් කොලුවෙක් විය. ඔහු රෝගාතුර විය. එවිට එතුමා ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඔහු වෙත පැමිණියහ. ඔහුගේ හිස ළඟින් වාඩි වී ‘ඔබ ඉස්ලාමය වැළඳ ගනු‘ යැයි පවසා සිටියහ. එවිට තම අබියස සිටි ඔහුගේ පියා දෙස ඔහු බැලුවේය. එවිට ඔහු(පියා) ඔබ අබුල් කාසිම්ට අවනත වන්නැයි පවසා සිටියේය. පසුව හෙතෙම ඉස්ලාමය වැළඳ ගත්තේය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නිරයේ ගින්නෙන් ඔහු මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පවසමින් පිටත්ව ගියහ.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමදීනාවේ විසූ යුදෙව් ජනයා අතර සිටි කොලුවෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කරමින් සිටි බව මෙම හදීසයේ සඳහන්ව ඇත. ඔහු රෝගාතුර වූ අවස්ථාවේ නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහු බැහැ දකින්නට ගියහ. පසුව ඉස්ලාමය වැළඳ ගන්නා මෙන් ඔහුට පෙන්වා දුන්හ. එවිට එම කොලුවා ඉස්ලාමය වැළද ගත්තේය. පසුව එතුමාල නිරා ගින්නෙන් මොහු මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි පැවසූහ.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කකුලක් හෝ ගාතක් (පිළියෙල කර සංග්‍රහයක්) වෙත ඇරයුම් කරනු ලබන්නෙම් නම්, මම පිළිතුරු දෙමි. එමෙන්ම කකුලක් හෝ ගාතක් මා වෙත පිරිනමනු ලැබුවද මම පිළිගනිමි.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සදාචාරයත්, එතුමාගේ යටහත් පහත් භාවයත්, ජනයාගේ සිත් ඇඳගන්නා සුළු අයුරින් කටයුතු කර තිබීමත්, පිරිනමන ලද පරිත්‍යාගයක් එය ස්වල්පයක් වුවද එතුමා පිළිගන්නකු බවත් පෙන්වා දෙයි. නිවසක සංග්‍රහයක් වෙත ඇරයුම් කරනු ලබන විට එය ස්වල්පයක් වුවද එයට පිළිතුරු දිය යුතුය. පරිත්‍යාග පිළිගැනීමත් ඇරයුමට පිළිතුරු දීමත් ඇරයුම් කරන්නාට ලෙන්ගතු වීමකි. එකිනෙකා අතර ආදරය ඇති කිරීමට හේතුවෙකි. ප්‍රතික්ෂේප කිරීමත් එයට එකඟ නොවීමත් සතුරුකම හා වෙන්වීම ඇති කරයි. එය සුඵ වුව ද අවතක්සේරු නොකළ යුතුය. කකුල් හා ගාත් යන්න විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පහත් දෑ හා වැදගත් දෑ අතර එක්කිරීමක් වශයෙනි. සැබැවින්ම ගාත් අනෙකුත් කොටස්වලට වඩා සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාට වඩාත් ප්‍රියමනාප විය. එමෙන්ම කකුල් එයට කිසිදු වටිනාකමක් නැත.