





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත. එවිට, “අන්ධකාරයේත් වැල්ලේත් නැග යන්නට හැකිවනු පිණිස ඔබ බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ යැයි කියනු ලැබීය. ඔහු, “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටීම මා සතුටට පත් නො කරයි. මම මස්ජිදය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් යහපත ලියනු ලැබීම සැබැවින්ම මම අපේක්ෂා කරමි.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්): “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“ යැයි පැවසූහ.
رواه مسلمඋබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි: මස්ජිද් අන්-නබිවියේ සිට තම නිවස වඩාත් දුරින් පිහිටා ඇති අන්සාරි මිනිසෙකු විය. ඔහුට කිසිදු සලාතයක් මග හැරුණේ නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සෑම සලාතයකටම සහාභාගී විය. එවිට ඔහුට මෙසේ පවසන ලදී: "රාත්‍රී අන්ධකාරයේත්, දහවල් උෂ්ණ වැල්ලේත් නැග ගමන් කරන්නට හැකි බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ ඔහු මෙසේ පවසා සිටියේය: “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටා තිබීම මට සතුට ගෙන දෙන්නක් නොවෙයි. මම මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් අල්ලාහ් සටහන් කිරීම මම ප්‍රිය කරමි.“ ඔහුගේ මෙම කතාව නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කණට වැකුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“
අබූ ෂුරෙය්හ් ඉබ්නු අම්ර් අල් කුසාඊ අල් අදවී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමාට මෙසේ ප්‍රකාශ කළහ. -එතුමා මක්කා වෙත සේනාවක් යැවූහ- අහෝ සෙන්පතියාණනි! ෆත්හ් ජයග්‍රහණයට පසු දින සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා සිටි ප්‍රකාශයක් ගැන ඔබට දන්වා සිටින්නට මට අවසර දෙනු. එතුමා එය පවසන විට මාගේ දෙකන් එයට සාවදානයෙන් සවන් දෙන්නට විය. මාගේ සිත එය පැළපදියම් කර ගන්නට විය. මාගේ දෑස් ඒ දෙස බලන්නට විය.“නියත වශයෙන්ම එතුමා අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට පසුව මෙසේ පවසා සිටියහ. නියත වශයෙන්ම මක්කාව අල්ලාහ් ගෞරවයට පත් කොට ඇත. එය මිනිසුන් ගෞරවයට පත් නොකළේය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පුද්ගලයකුට එහි රුධිරය හැළීම අනුමත නොවේ. එහි ගස් උගලා දැමීම අනුමත නොවේ. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන් සමග සටන් වදින්නට අනුමතය පතන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්ට අවසරය දී ඇත. නමුත් නුඹලාට අවසරය දී නැත. එසේ මට අවසර දී ඇත්තේ දහවල් කාලයෙන් එක් හෝරාවක් පමණය. පෙර දින එහි පැවති ගරුත්වය මෙන්ම අද දින එහි ගරුත්වය නැවත පැමිණ ඇත. එහෙයින් සහභාගිවී සිටින්නා සහභාගී නොවූවනට දන්වා සිටිය යුතුය. පසුව ඔබට ඔහු පවසා සිටියේ කුමක්ද? යැයි අබූ ෂුරය්හ්ගෙන් විමසන ලදී. එතුමා: අහෝ අබූ ෂුරෙයිහ් ඒ ගැන මම ඔබට වඩා දනිමි. සැබැවින්ම එම ගරුත්වය පාපියකු හෝ රුධිරය හළා පලා යන්නකු හෝ විනාශ කාරී ලෙස පළා යන්නකු ආරක්ෂා නොකරයි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅෂ්දක් හෙවත් රළු හඬක් ඇත්තා යැයි ප්‍රසිද්ධියට පත් අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමා මක්කාව වෙත සේනාවක් සූදානම් කොට යැවීමට සිතූ කල්හි, එදින එතුමා මදීනාවෙහි යසීද් ඉබ්නු මුආවියා යටතේ අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් -රළියල්ලාහු අන්හුමා- සමග සටන් වදින්නට සෙන්පතියෙකු ලෙස පෙනී සිටියේය. අබූ ෂුරෙය්හ් කුවය්ලිද් ඉබ්නු අම්රුල් කුසාඊ තුමා එතුමා වෙත ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට පැමිණියහ. උපෙදස් දෙනු ලබන කරුණ ඔහුගේ සිතෙහි මහත් දෙයක් විය. අබූ ෂුරෙය්හ් එහි යථාර්ථය පෙන්වා දෙන්නටත් මඟපෙන්වන්නටත් ඔහු සමග කතාවෙහි යෙදුණහ. එය තම උපදෙස පිළිගැනීමට හා යහපත් අවසානයක් වෙත ඇරයුම් කරනු පිණිසය. කවර කරුණක් සඳහා ඔහු පිටත්ව යන්නේද ඒ ගැන උපදෙස් දෙන්නට ඔහුගෙන් අවසර පැතූහ. පසුව තමන් ඔහුට දන්වා සිටින දෑ නිවැරදි යැයි ස්ථීර ලෙස දන්වා සිටියේය. එය සැබෑවක් බව ස්ථීර කළේය. එනම්, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ ගැන කතා කරන විට තම කන් දෙකින් සවන්දී තම සිතින් පිළිගෙන තම දෑසින් දැක ඇති බව අවධාරණය කරමිනි. ඒ අනුව අම්ර් ඉබ්නු සඊද් තුමා කතා කිරීමට අවසර දුන්හ. පසුව අබූ ෂුරෙය්හි මෙසේ පැවසූහ. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මක්කා ජයග්‍රහණ දින උදෑසන අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට මෙසේ ප්‍රකාශ කළහ. සැබැවින්ම මක්කාව අහස් හා මහපොළොව මැවූ දා පටන් ගෞරවයට පත් කොට ඇත. එය ගරුබුහුමන් කිරීමට පුරාණ හා පිරිසිදු ස්ථානයකි. තාවකාලික නවාතැනකට හෝ ආහාර බුදින ස්ථානයකට හෝ ජලය ඇති ස්ථානයකට මිනිසා ගෞරවය කරන්නක් මෙන් එයට ගෞරවය නොකළේය. සැබැවින්ම අල්ලාහ් එහි ගෞරවත්වය භාර ගත්තේය. එය එහි මහිමය සදා රැඳීමටත් ප්‍රචලිත වීමටත්ය. එහි ගරුත්වය පුරාතන වුවද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පුද්ගලයකු තම විශ්වාසය රකින්නේ නම් එහි රුධිරය හැළීම හෝ එහි ගස් උගුලා දැමීම හෝ අනුමත නොවන්නේය. ෆත්හු මක්කාහ් දිනයේ සටන් කිරීමට අවසරය දෙන ලදී. සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් මෙන් නොවේ. සැබැවින්ම එසේ අවසර දෙන ලැබුවේ එතුමාණන්ට පමණය. නමුත් ඔබට අවසර දෙනු නොලැබීය. එ් අනුව එහි කිසිදිනක සටන් වැදීම අනුමත කරනු නොලැබීය. එය දහවල් කාලයේ එක් හෝරාවක් පමණක් විය. එයද අවශ්‍යතාවට අනුකූලය. එහි තිබූ ගෞරවය නැවතත් තිබූ අයුරින්ම පැමිණ ඇත. සහභාගීවී සිටින්නා සහභාගී නොවූ අයට දන්වා සිටිය යුතුය. එබැවින් අහෝ සෙන්පතියානනි! මක්කා ජයග්‍රහණ දින උදෑසන පැවසූ මෙම ප්‍රකාශයට මම පෙනී සිටියෙමි. මම ඔබට දන්වා සිටිමි. නමුත් ඔබ එහි පෙනී සිටියේ නැත යැයි පැවසූහ. එවිට ජනයා අබූ ෂුරෙය්හ්ගෙන් අම්ර් තුමා ඔබට පිළිතුරු දුන්නේ කුමක්ද? යැයි විමසීය. අහෝ අබූ ෂුරෙය්හි ඒ ගැන මම ඔබට වඩා මැනවින් දනිමි. සැබැවින්ම එම ගරුත්වය පාපියෙකු හා විනාශකාරී ලෙස පළා යන්නෙක් ආරක්ෂා නොකරයි. යැයි පැවසූහ. ඔහුගේ අදහසට හදීසය පටහැනි විය. ඉබ්නු සුබෙයිර් සමග සටන් කිරීම සඳහා සේනාවන් යැවීමෙන් ඔහු වැළකුනේ නැත. ඒ මතම රැදී සිටියහ. තය්සීරුල් අල්ලාම් (පිටුව 381), තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/509,510), තඃසීසුල් අහ්කාම් (වෙළුම 3/346)
අබුජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්‍රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්‍රකාශ කළේ යැයි පැවසීය
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅබු ජුහෙයිපා වහබ් බින් අබ්දිල්ලාහ් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි නබි තුමාණෝ සල්මාන් රළියල්ලාහු හා අබු දර්දාහ් රළියල්ලාහු අතර ලෙන්ගතු සහෝදරත්වයක් අැති කළහ වරක් සල්මාන් අබු දර්දාව මුන ගැසුනේය ඒවිට ඔහුගේ බිරිදවූ උම්මු දර්දා රළියල්ලාහු චාම්වු පරණ අැදුමක් පැළදගෙන සිටිනු ඔහු දැක්කේය අැය අමතා නුඹේ ගැටලුව කුමක්ද අැයගෙන් විමසීය ඒවිට ඒම කාන්තාව ඔබේ සහෝදර අබූ දර්දාහ් මෙලොව පිළිබද අාශාවෙන් නැතැයි පැවසීය අනතුරැව අබු දර්දා පැමිණියේය ඔහු සල්මාන් වෙනුවෙන් කෑම පිළියෙල කර ඔබ අනවුභව කරන්න මා උපවාසයෙහි යෙදීසිටිමී යැයි කීවේය වහාම ඔහු ඔබ කනතෙක් මාද නොකමී යැයි පැවසීය රෑ බෝවු විට අබු දර්දා නපිල් සලාතය සදහා නැගිටී සිටියේය ඒ දුටු සල්මාන් ඔහුට නිදා ගන්නෙයි අණ කළ නිසා ඔහු නිදාගත්තේය පසුව ඔහු නැවතත් සලාතය සදහා නැගිටි ගියේය ඒවිටද නිදාගන්නැයි කීය අබු දර්දා ඒ අනුව නින්දට ගියේය රාත්‍රියේ අවසන් යාමය පැමිණි පසු නැගිටින්නැයි සල්මාන් විසින්ම අබු දර්දා අවධිකරවා දෙදෙනාම නපිල් සලාතයේ යෙදුනෝය ඉන්පසු අබු දර්දා අැමතු සල්මාන් ඔබේ දෙවිදුන් කෙරෙහි ඔබට අයිතියක්අැත දෙවිදුන්ට පමණක් ඉටුකළ යුතු යුතුකම් තමන් තමන්ගේ කායික මානසික තමන් සතු භාරව ඉන්නාවූ පවුලේ සාමාජිකයින්ටද ඉටුකළ යුතුකම් අනිවාර්යවෙන් යම් බැතිමතෙකු නිසියාකාරව ඉටු කළ යුතුයි පැවසීය පසුව අබුදර්දා රළියල්ලාහු නබි තුමාණන්ව හමුවී සල්මාන් විසින් කී දේවල් සියල්ල කියා සිටියේය වහාම නබිතුමාණෝ සල්මාන් සතය ප්‍රකාශ කළේ යැයි පැවසීය
සහල් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු අසළින් අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගමන් කළහ. එවිට එතුමා: ((කතා කළ නොහැකි සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න. එහෙයින්, නුඹලා ඒ මත යහපත් අයුරින් ගමන් කරන්න. එමෙන්ම යහපත් අයුරින් එය අනුභව කරන්න.)) යැයි පැවසූහ.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතදැඩි කුසගින්න හේතුවෙන් තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දුටුහ. එවිට සතුන් සමග කරුණාවෙන් කටයුතු කරන මෙන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා නියෝග කළහ. නියත වශයෙන්ම මිනිසුන් උන් සමග කාරුණිකව කටයුතු කිරීම අනිවාර්ය වගකීමකි. උන්ට දැරිය නොහැකි බර උන් මත නොපැටවිය යුතුයි. උන් ආහාර ගැනීමේදී හා පානය කිරීමේ දී උන්ගේ උරුමය අඩු නොකළ යුතුයි. උන් මත ගමන් කළ යුත්තේ ගමන් කිරීමට සුදුසු තත්ත්වය ලැබුවායින් පසුවය. උන් ආහාරය සඳහා ගන්නේ නම් ඒ සඳහා සුදුසු අයුරින් පිහිටිය යුතුය.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී."නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන් සිරකර තැබීම තහනම් කළහ."
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සිව්පාවුන්ට පණ තිබියදී හී විදිමින් හෝ ඒ හා සමාන වෙනත් අයුරකින් හෝ උන් මරණයට පත් වන තෙක් උන් සිරකර තැබීම තහනම් කළහ. එසේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තහනම් කළේ එහි සත්ව හිංසනය සිදුවන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමග සිටිය දී එතැනින් හව්ලා බින්ත් තුවෙයිත් ඉබ්නු හබීබ් ඉබ්නු අසද් ඉබ්නු අබ්දිල් උස්සා තුමිය ගමන් ගත්තාය. එවිට මම: 'මේ තුවෙයිත්ගේ දියණිය හව්ලා. රාත්‍රියේ ඇය නින්දට නොයන බව ඔවුන් පවසති.' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි ක්‍රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත."
متفق عليهදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අසළ හව්ලා බින්ත් තුවෙයිත් (රළියල්ලාහු අන්හා) තුමිය සිටියා ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රවේශ වූවාත් සමගම ඇය පිටත්ව ගියා ය. එවිට ආඉෂා තුමිය එතුමාණන්ට මෙසේ පැවසුවාය: "මේ කාන්තාව රාත්‍රියේ නින්දට නොයයි. ඇය එය සලාතයෙන් ජීවමාන කරයි." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඇය තමා කෙරෙහි ඇති දැඩි බව හෙළා දකිමින් මෙසේ පැවසූූහ. "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි පමණින් දැහැමි ක්‍රියාවන්හි නිරතවන්න. එහි අඛණ්ඩව සිටින්න. අල්ලාහ් ඔහුට අවනත වන ඔහුගේ දැහැමි ගැත්තන් හට ඔවුන්ගේ අවනතභාවය, ඔවුන්ගේ යහපත්කම හා ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් සඳහා කුසල් මෙන්ම ප්‍රතිඵල පිරිනැමීමෙහි ඔවුන් නිරායාසයට පත්ව ක්‍රියාවන් අත්හැර දමන තෙක් අල්ලාහ් නිරායාසයට පත් වන්නේ නැත."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කාන්තාවක් තම පාලකයා බවට පත් කරගන්නා ජනතාවක් කිසිදා සාර්ථක නොවනු ඇත."
رواه البخاريතීන්දු තීරණ ගැනීම, පොදු පාලනය හා අමාත්‍ය ධූර යනාදී කටයුතු කාන්තාවකට භාර දී ඇයට අධිකාරිය ලබා දෙන්නේ නම්, එවන් ජනතාවක් තමන් සොයන දේ සාක්ෂාත් කර නොගන්නා බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුඃද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක ඔබ අතරින් කිසිදු පුද්ගලයකු හෝ මිනිසුනට බියෙන් ඒ ගැන කතා කිරීමෙන් වැළකී නොසිටිය යුතුය."
رواه الترمذي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් අතර දේශනා කර ඇත්තාහ. එසේ එතුමාණන් කළ දේශනා අතරින් එකක් නම්, 'මුස්ලිම්වරයකු සත්‍යය දුටු විටෙක හෝ එය දැනගත් විටෙක මිනිසුනට බියෙන් හෝ ඔවුන්ගේ මැසිවලට බියෙන් සත්‍යය ප්‍රකාශ කිරීමෙන් වැළකී නො සිටිය යුතු බවයි'.
උස්මාන් අෂ්-ෂහ්හාම් තුමා විසින් වාර්තා කරන ලදී. මුස්ලිම් ඉබ්නු අබී බක්රා තුමා පිටියක සිටිය දී මම ෆර්කද් අස්-සබකී තුමා සමග එතුමා වෙත ගියෙමි. පසුව අපි එතුමා වෙත පිවිස: "අර්බුද සම්බන්ධයෙන් ඔබේ පියා ප්‍රකාශ කළ කතාවකට ඔබ සවන් දී ඇත්තෙහි ද?" යැයි විමසා සිටියෙමු. එතුමා: ඔව්, අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා ඒ ගැන කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා, එතුමා: 'අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව දන්වා සිටියේය.' "සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්‍රේෂ්ඨ වනු ඇත. දැනගන්න, එබැවින් එවැන්නක් පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද ඔහු ඔහුගේ එළුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට භූමිභාගයක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග සේන්දු විය යුතුයි. ඒවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, යමෙකුට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන එහි මුවහත ගලකින් දමා ගසා ආරක්ෂාවීමට හැකි පමණින් ඔහු ආරක්ෂා විය යුතුය. අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? 'අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?' යැයි කීහ. පසුව වාර්තාකරු තවදුරටත් මෙසේ පවසා සිටියේය: එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" ඒතුමා "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔබේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවුසුහ.
رواه مسلمමුස්ලිම්වරුන් අතර සිදුවන අර්බුද හා සටන් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක් ඔබේ පියාගෙන් ඔබ අසා තිබේ දැ?යි කීර්තිමත් සහාබිවරයකු වන අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමාගේ පුතකු වන මුස්ලිම් තුමාගෙන් උස්මාන් ඉබ්නු ෂහ්හාම් සහා ෆර්කද් අස්-සබකී තුමා යන දෙපළ විමසා සිටියෝ ය. එවිට එතුමා: "ඔව්", යැයි පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශය මෙසේ දන්වා සිටියේය: එතුමාණන්ගේ මරණින් පසු අර්බුද ඇති වන බවත් මෙම අර්බුද ගැන තැකීමක් නොකර රැඳි සිටින්නා එහි ගමන් කරන්නාට වඩා උතුම් බවත් එය උතුම් යැයි නොසලකන ලෙසත් ඒ ගැන සොයා නොබලන ලෙසත් දන්වා සිටියේය. එමෙන්ම එහි ගමන් කරන්නකු වී නම්, ඒ ගැන සොයමින් එහි සහාබාගී වීමට හඹා යන්නාට වඩා ඔහු උතුම් බවත් දන්වා සිටියේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ මග පෙන්වූහ: "එම අර්බුධය කවරෙකුට ඔහුගේ කාලය තුළ පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, ඔහුට ආරක්ෂාවීමට ආරක්ෂිත ස්ථානයක් ඇත්නම් ඔහු ඒ වෙත යා යුතු වේ. ඒ අනුව කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා රැකබලා ගෙන ඌ සමග සිටිය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද එම එළුවා රැකබලා ගනිමින් ඌ සමග සිටිය යුතු වේ. කවරෙකුට භූමිභාගයක් සහ ගොවිබිමක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග රැඳී සිටිය යුතු වේ. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ ආරක්ෂාව ලබන්නට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන, එහි මුවහත ගලකින් දමා ගසා විනාශ කර, පළා ගොස් තමන්ව හා තම දරුවා ආරක්ෂා කිරීමට හැකිනම් එසේ ඔහු ආරක්ෂාව ලැබිය යුතු වේ." පසුව "අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? "අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?" යැයි තුන්වරක් පවසා ඒ සඳහා සාක්ෂි දරන මෙන් පැතූහ. එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණන්, "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔහු කවරෙකු ඝාතනය කළේ ද ඔහුගේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවසුහ.