





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතර සදාචාර සම්පන්න භාවයෙන් වඩාත් පරිපූර්ණවත් අයකු වූහ. දැහැමි කතාව, යහපත් හැසිරීම, සිනහමුසු මුහුණ, හානිය වැළැක්වීම සහ අනෙකාගේ බර ඉසිලීම යනාදී සියලුම සදාචාර හා ගතිගුණවල දී ඉමහත් පූර්වාදර්ශය එතුමාණන් සතු විය.
සඃද් ඉබ්නු හිෂාම් ඉබ්නු ආමිර් තුමා ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය වෙත ගිය කල්හි මෙසේ විමසා සිටියේය. දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණියනි! අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ ගැන මට දන්වා සිටින්න යැයි විමසා සිටියෙමි. එතුමිය: "ඔබ අල් කුර්ආනය කියවා නැද්දැ?"යි විමසා සිටියාය. මම එසේය යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමිය: “අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ චරිතය අල් කුර්ආනය ය” යැයි පැවසුවාය.
رواه مسلم في جملة حديثٍ طويلٍදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණ පිළිබඳ විමසා සිටින ලදී. එවිට එතුමිය පුළුල් අර්ථයක් ඇති කෙටි වදනකින් පිළිතුරු දුන්නාය. තවද ප්‍රශ්න කරන්නාව පරිපූර්ණත්වයේ සියලු ගුණාංග ඇතුළත් උතුම් අල් කුර්ආනය වෙත යොමු කළාය. පසුව අල් කුර්ආනයේ ගතිගුණවලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හැඩගැසී සිටි බව පවසා සිටියාය. එතුමාණන් කවර කරුණක් අණ කරනු ලැබුවේ ද එය එතුමාණෝ ක්‍රියාත්මක කළහ. කවර කරුණක් අල් කුර්ආනය වළක්වා ඇත්තේ ද එයින් වැළකී සිටියහ. එතුමාණන්ගේ ගුණාංගය වූයේ එය ක්‍රියාවට නංවා, එහි සීමාවන් ඉදිරියේ නැවතී, එහි ඇති විනයමාලාවට අනුව හැඩ ගැසී, එහි උපමාවන් හා කතාන්දර තුළින් පාඩම් ලැබීමය.
දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
متفق عليهගරු කටයුතු හා සම්බන්ධ සියලු කරුණුවලදී තම දකුණතින් ආරම්භ කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රමුඛත්වය දුන් අතර එය ප්‍රිය කරන්නෙකු වූහ. මිනිසා පාවහන් පැළඳීමේ දී දකුණු පාදයෙන් ආරම්භ කළ යුතුය. තම හිසකෙස් හා තම රැවුල පීරීමේ දී ඒවා සැකසීමේ දී හා ඒවාට තෙල් ගැල්වීමේ දී දකුණතින් ආරම්භ කළ යුතු ය. එමෙන්ම වුළූ කිරීමෙහි ද තම දෙඅත් හා දෙපා අතරින් වමතට පෙර දකුණතට ප්‍රමුඛත්වය දිය යුතුය.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙක එතුමාණන්ගේ කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහසෙන්නෙකු ලෙස මා දැක නැත. එතුමා මද සිනහ පාන්නෙකු වූහ.”
متفق عليه"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිනහ වීමේ දී තම කුඩා දිව පෙනෙන තරමට මහා හඩින් සිනහ වී නැත" යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියි. පොඩි දිව යනු යටි උගුරේ එල්ලී පවතින මාංශ කැබැල්ලය. නමුත් එතුමාගේ සිනහව මද සිනහවක් විය.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිවසේ මුවා වී රැඳී සිටින කන්‍යාවකට වඩා අධික ලෙස ලැජ්ජා සහගත අයකු වූහ. යම් පිළිකුල් සහගත දෙයක් එතුමාණන් දුටු විට එතුමාණන්ගේ මුහුණෙන් එය අපි හඳුනා ගත්තෙමු."
متفق عليهපිරිමි පාර්ශවය ඇසුරු නොකළ, විවාහ නොවී තම නිවසේ රැඳී සිටින කන්‍යා දැරියකට වඩා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩි සේ ලැජ්ජා සහගත අයකු වූ බව අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇත. එතුමාණන්ගේ දැඩි ලැජ්ජා සහගත භාවය හඳුනා ගත් අවස්ථාවක් වනුයේ, එතුමාණන් යමක් පිළිකුල් කළ විට එතුමාණන්ගේ මුහුණ වෙනස් වෙයි. කතා නොකරයි. එවිට ඒ ගැන එතුමාණන්ගේ පිළිකුල් භාවය එතුමාණන්ගේ මුහුණෙන් එතුමාණන්ගේ අනුගාමිකයින් වටහා ගත්හ.
අල්-බරාඃ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එබැවින් ඉෂා සලාතය ප්‍රමාද වී ඉටු කළහ. රකආත් දෙකින් එකක ‘වත්තීනි වස්සෙයිතූන්’ යන සූරාව පාරායනය කළහ. ඔහුට වඩා සද්ගායනාවෙන් හා කට හඬින් අලංකාර කිසිවකුට මා සවන් දී නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉෂා සලාතයේ ආරම්භක රකආත් හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සූරා වත්තීන් වස්සෙයිතූන් පාරායනය කළහ. එය එතුමා ගමනක නිරතව සිටි බැවිනි. එම ගමන දුෂ්කර අසීරු ගමනක් වූ බැවින් එහිදී සලාතය පහසුවෙන් හා සැහැල්ලුවෙන් ඉටු කිරීමට සිතූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මගියෙකු ලෙස සිටියද අල් කුර්ආනයට සවන් දෙන අවස්ථාවේ හදවත පිළිගන්නා හා බැතිමත් කම ඇති කරන අයුරින් සද්ගායනය කිරීම අත්හැරියේ නැත. එතුමා සලාතයේ අල් කුර්ආනය කියවීමේදී අලංකාර හඬකින් පාරායනය කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු මාලික් ඉබ්නු බුහෙයිනා (රළියල්ලාහු අන්හුම්) විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කළ විට තම කිහිලි දෙකෙහි පැහැය පෙනෙන තරමට තම් අත් දෙක අතර හිඩැස් තබන්නෙකු වූහ.”
متفق عليه(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා කරන විට එහි දී තම අත් අතර හිඩැස් තබා ගනී. සෑම අතක්ම එයට පරව ඇති ඇළපතින් අත්තටු දෙකක් මෙන් ඈත් කර කිහිලි දෙකෙහි හමේ පැහැය පෙනෙන තරමට දුරස් කර තබා ගනියි. මෙය අත් විහිදුවා තබා ගැනීමේ සහ ඔහුගේ ඇළපැතිවලින් ඒ දෙක ඈත් කර ගැනීමේ අතිශයෝක්තියකි.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට (රෝගීභාවය) උත්සන්න වූ කල්හි එතුමාව වේදනාව වෙළාගත්තේය. එවිට ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ‘අහෝ මාගේ පියාණන්ට ඇති වූ මෙම වේදනාව කිමද.’ යැයි පැවසුවාය. එවිට එතුමා: “අද දිනයෙන් පසු ඔබේ පියාට වේදනාවක් නැත.” යැයි පැවසූහ. එතුමා මිය ගිය කල්හි ෆාතිමා තුමිය: “අහෝ පියාණනි, ඔහු ඇරයුම් කළ දෙවියන්ට ඔහු පිළිතුරු දී ඇත්තේය. අහෝ පියාණනි, ඔහු පිවිසෙන ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ. අහෝ පියාණනි, ජිබ්රීල් තුමා වෙත මේ ගැන අපි දන්වා සිටිමු.” යැයි පැවසුවාය. වළ දැමූ කල්හි ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් මත පස් අහුරු දැමීමෙන් ඔබේ ආත්මාවන් කෙසේ නම් ශාන්තියට පත් වූවාදෝ? දැයි දුකින් විමසා සිටියාය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමරණ මොහොතේදී අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඉවසීම පිළිබඳ මෙම හදීසයේ නිරූපණය කරයි. එතුමා මිය යන්නට වූ එතුමාගේ රෝගය උත්සන්න වූ කල්හි එතුමාට අත් වූ දැඩි පීඩනය හේතුවෙන් වේදනාව එතුමාව වෙළා ගත්තේය. ඊට හේතුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට වේදනාව හා එම රෝග තත්ත්වය දරුණු අතට පත් වූ බැවිනි. මෙය යම් ගැඹුරු ප්‍රඥාවක් හේතුවෙන් සිදු වූවකි. එතුමාගේ ඉවසීම අල්ලාහ් අබියස උසස් තරාතිරම් ලබා ගන්නා තෙක්ම පැවතිනි. වේදනාව එතුමාව වෙළාගත් විට ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ‘පියාණනි, මම පීඩා විදිමි’ යැයි පැවසුවාය. එනම් ඇය කාන්තාවක් වූ බැවින් එතුමාට අත්වූ පීඩාව නිසාවෙන් තමන් වේදනාවට පත්වූ බවයි. කාන්තාවට ඉවසා දරා ගන්නට තරම් ශක්තියක් නොමැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘අද දිනෙන් පසු ඔබේ පියාට වේදනාවක් නැත” යැයි පවසා සිටියහ. ඊට හේතුව මෙලොවින් සමුගෙන උත්තරීතර මිතුරා වෙත විතැන් වන බැවිණි. මරණය එතුමා වෙළා ගත් විට එතුමා මේ අයුරින් ප්‍රාර්ථනා කර සිටියහ. ‘අහෝ දෙවියනි, උදාර මිතුරා අතරට! අහෝ දෙවියනි, උදාර මිතුරා අතරට යැයි පවසමින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිවසේ වහල දෙස එතුමා බලා සිටියහ. දූතයාණන් මිය ගියේය. ෆාතිමා තුමිය දුක් වූවාය. නමුත් එය සුළු දුකක් විය. එහි අල්ලාහ්ගේ තීන්දුවට හා ඔහුගේ නියමයට උරණවීමක් පෙනුනේ නැත. “අහෝ පියාණනි, ඇරයුම් කළ දෙවියන්ට ඔහු පිළිතුරු දී ඇත්තේය.” යන එතුමියගේ ප්‍රකාශය වනාහි, සියලු දෑහි ආධිපත්‍යය උත්තරීතර අල්ලාහ් සතුය. සියලු මැවීම්හි ආයුෂ ඔහු අතෙහි ඇත. ඒ අනුව අල්ලාහ්ගේ ඇරයුම් කරුට ඔහු පිළිතුරු දී ඇත්තේය. සැබැවින්ම ඉන් අදහස් කරනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාවය. එතුමා මිය ගිය විට සෙසු දේව විශ්වාසීන් මෙන්ම පත් වූහ. අහස් හතට ඉහළින් ශුද්ධ වූ අල්ලාහ් ඉදිරියේ නතර වන තෙක් එතුමාගේ ප්‍රාණය ඉහළට එසවී යන්නට විය. “අහෝ පියාණනි, ඔහු පිවිසෙන ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ.” යන ප්‍රකාශය වනාහි සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සියලු මැවීම්වලට ඉහළින් ස්වර්ගයේ උසස්ම මට්ටමේ පසු වන්නාහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා සිටියහ. “මා වෙනුවෙන් උසස් ස්ථානයට යන මාධ්‍යය අල්ලාහ්ගෙන් පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිවසකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තකුට හැර ප්‍රයෝජනවත් වන්නක් නොවේ. එය මා විය යුතු යැයි මම ආශා කරමි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිවිසුණු ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ. ජන්නතුල් ෆිර්දවුස් යනු ස්වර්ග උයන් අතරින් උසස්ම මට්ටමේ පවතින්නකි. ඊට ඉහළින් ඇති වහල කීර්තිමත් අල්ලාහ්ගේ අර්ෂය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ අතරින් උසස්ම තරාතිරමක පසු වන්නාහ. “අහෝ පියාණනි, ජිබ්රීල් තුමා වෙත මේ ගැන අපි දන්වා සිටිමු.” යන ඇයගේ ප්‍රකාශය වනාහි: ‘සැබැවින්ම අපි මෙම මරණය ගැන ජිබ්රීල්ට දන්වා සිටිමු යන්නයි. සැබැවින්ම එතුමාගේ ජීවිත කාලය තුළ එතුමා වෙත පැමිණ දිව්‍ය පණිවිඩ උගන්වා සිටියේ එතුමාය. දිව්‍ය පණිවිඩ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ජීවිතය සමග එකට බැඳී තිබුණකි. පසුව එතුමාව ඔසවා වළ දමනු ලැබූහ. එවිට එතුමිය (රළියල්ලාහු අන්හා) ‘අල්ලාහ්ගේ දූතයාණන් මත පස් අහුරු දැමීමෙන් ඔබේ ආත්මාවන් කෙසේ නම් ශාන්තියට පත් වූවාදෝ?’ යැයි දුකින් විමසා සිටියාය. එය ඇයගේ දැඩි කණස්සල්ල පෙන්නුම් කරයි. එය තම පියාගේ වෙන්වීමේ ශෝකය හා වේදනාවයි. සැබැවින්ම දූතයාණන් කෙරෙහි වූ ආදරය සහාබාවරුන්ගේ හදවත් තුළ අල්ලාහ් පුරවා ඇති බව ඇය දැන සිටිය ද ඇය මෙම ප්රශ්නය ඔවුන්ගෙන් විමසා සිටියාය. එනමුත් ප්‍රඥාව ශුද්ධ වූ අල්ලාහ් සතු වන්නකි. නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය. උත්තරීතර අල්ලාහ් තම ග්‍රන්ථයේ මෙසේ පැවසීය. “සැබැවින්ම ඔබ මිය යන්නෙකි. සැබැවින්ම ඔවුහු ද මිය යන්නෝ වෙති.”
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කතාව, එය සවන් දෙන සියලු දනන්හට වෙන් වෙන්ව පැහැදිලිව වටහා ගත හැකි කතාවක් විය."
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතආඉෂා රළියල්ලාහු අන්හා තුමිය විසින් වාර්තා කළ මෙම හදීසයේ ඇය මෙසේ පවසා ඇත්තාහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ කතාව වෙන් වෙන්ව වටහා ගත හැක්කක් විය. ඉන් අර්ථවත් වනුයේ සැබැවින්ම එතුමාගේ කතාව අකුරු එකිනෙක තුළට ප්‍රවේශ නොවන පරිදි වචනත් එකිනෙක තුළට ප්‍රවේශ නොවන පරිදි වෙන් වෙන්ව පිහිටිය. එයට සවන් දෙන සෑම කෙනෙකුටම එය ඉතා පැහැදිලි විය. එහි කිසිදු පැටලිලි සහගත හෝ දිගුවක් හෝ නොවීය. එය කෙතරම් ද යත් ගණන් කරන්නෙකු එය සටහන් කර ගන්නට සිතුවේ නම් එතුමාගේ කතාවේ අඩු වේගය නිසාවෙන් ඔහු එය වඩාත් හොදින් සටහන් කර ගනු ඇත. එසේ වන්නට හේතුව සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ‘ජවාමිඋල් කලිම්’ (සංශිප්ත පද මාළා) පිරිනමනු ලැබ ඇති බැවිණි. එම කතාව වඩාත් සංශිප්ත කුඩා විය. ‘ජවාමිඋල් කලිම්’ යනු කුඩා වචන සංඛ්‍යාවක් තුළ අදහස් බොහෝමයක් අන්තර්ගත වී ඇති පද වේ. එසේම, සවන් දෙන්නාට වසන් වන සේ මිනිසා තම කතාව ඇතුළත් කර නොගත යුතුය. ඊට හේතුව කතාවෙන් අපේක්ෂා කරනුයේ කතා කරනු ලබන්නා වටහා ගැනීමයි. පහසුවෙන් වටහා ගැනීමට වඩාත් සමීප පද භාවිතා කරන සෑම විටෙකම එය වඩාත් උචිත හා අලංකාර කතාවක් වන්නේය. මිනිසා මෙම ක්‍රමය භාවිතා කරන විට, එනම් ඔහුගේ කතාව ඉතා පැහැදිලිව වඩාත් හොඳින් පිහිටුවා ගනිමින් එය වටහා නොගත් අයට තුන් වරක් නැවත නැවත ප්‍රකාශ කරන විට, සැබැවින්ම එමගින් කුසල් ලබා ගන්නා තරමට හා තම සහෝදර මුස්ලිම්වරයාට වැටහෙන තරමට තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ව අනුගමනය කරන්නෙකු යැයි හැඟීම් ඇති කර ගැනීම අවශ්‍යය වන්නේය. මේ සියලුම නබි චරිත එලෙසමය. සැබැවින්ම එහිදී දූතයාණන්ව නුඹ පිළිපදින බවට මතක තබා ගන්න. එහිදී පිළිපැදීමත් එහි කුසල් හිමිවීමත් ඔබට තහවුරු වන තරමටම විය යුතුය.