





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු විසින් පාලකයා අවමානයට පත් කළේ ද අල්ලාහ් ඔහුව අවමානයට පත් කරනු ඇත.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතපාලකයාගේ නියෝග හෑල්ලුවට ගැනීමේ තහනම මෙම හදීසයේ සඳහන් වේ. මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් එවැන්නන් අවමානයට පත් කරනු ඇතැයි යන දැඩි අවවාදය තුළින් එය පෙළගැසී ඇත. ප්රතිවිපාකය අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තම හිස මිදි ගෙඩි මෙන් වූ ඇබීසීනියානු වහලෙකු විසින් ඔබ පාලනය කරනු ලබන්නේ නම් ද, ඔබ (ඔහුට) සවන් දෙනු. තවද ඔබ අවනත වනු.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතකටයුතු භාර උදවියට සවන්දීම හා අවනත වීම තදින් පිළිපදිනු. මූලික වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ඇබීසිනියානු වහලෙකු වුව ද මැවීමෙන් මිදි ගෙඩියක හිස මෙන් කෙනෙකු වුව ද නුඹලා කෙරෙහි කටයුතු භාරව කටයුතු කරන්නේ නම්, -කටයුතු භාර පුද්ගලයා මූලික වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ ඇබීසීනියානුවකු හෝ වහලෙකු හෝ වීම යන්නෙන් පෙන්වා දීම තුළින් අතිශයෝක්තියක් පෙන්වා දී ඇත. ‘පාලයන කරන්නේ නම්” පාලකයා මෙන්ම පාලකයා විසින් පත් කරන නායකයින් මෙහි ඇතුළත් වේ. සැබැවින්ම කිසියම් පාලකයෙක් ජනයා අබිබවමින් ඔවුන් මත භාරකාරත්වය දරමින් ඔවුන්ව පාලනය කරන්නේ නම්, ඔහු අරාබි ජාතිකයකු නොවී ඇබීසීනියානු වහලෙකු වුව ද ඔහුට සවන් දීමත් ඔහුට අවනත වීමත් අප කෙරෙහි අනිවාර්යය වන්නේය. මෙම හදීසය අල්ලාහ්ට පිටුපාන කටයුත්තකදී හැර කටයුතුභාර උදවියට අවනත වීම අනිවාර්යය බව පෙන්වා දෙයි. ඔවුනට අවනත වීමෙහි යහපත, ආරක්ෂාව, පැවැත්ම, නිරවුල්බව, ආශාවන් අනුගමනය නොකිරීම යනාදිය පවතී. නමුත් පාලකයන්ට අවනත විය යුතු කරුණකදී ඔවුන්ට අකීකරු වන්නේ නම්, අවුල් සහගත තත්වයක් ඇති වනු ඇත. මතයක් ඇති සෑම කෙනෙකුම තම තමන්ගේ මතය අගය කරනු ඇත. ආරක්ෂාව අතුරුදහන් වනු ඇත. කටයුතු දූෂිත වනු ඇත. ආරවුල් බහුල වනු ඇත.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. තවද කවරෙකු මට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. එමෙන්ම කවරෙකු ප්‍රධානියාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු මට අවනත විය. තවද කවරෙකු ප්‍රධානියාට පිටු පාන්නේ ද සැබැවින්ම ඔහු මට පිටුපෑවේය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතතමන්ට අවනත වීම අල්ලාහ්ට අවනත වීම අතුරින් වූවකැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැහැදිලි කළේය. එතුමාට හා එතුමාගේ සමූහයාට අල්ලාහ් ආගමානුගත කළ තීන්දුවක් මිස එතුමාගේ කැමැත්තට නියෝග නොකළහ. එය අල්ලාහ්ගේ ආගමික තීන්දුවයි. එහෙයින් කවරෙකු එතුමාට අවනත වූයේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. එමෙන්ම කවරෙකු ඔහුට පිටුපෑවේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට පිටුපෑවේය. ප්‍රධානියා, නායකයා වනාහි මිනිසා ඔහුට අවනත වූ විට සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අවනත විය. එමෙන්ම ඔහු ඔහුට පිටුපාන විට සැබැවින් අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපෑවේය. හේතුව හදීස් බොහෝමයක මේ පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කර ඇති බැවිනි. නමුත් පාපකාරී කටයුත්තක් සඳහා ඔහු අණ කරන්නේ නම් හැර.
අන් අවුුෆ් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අතුරින් ශ්‍රේෂ්ඨතම පාලකයින් වනුයේ ඔබ ඔවුන් ප්‍රිය කරන අතර ඔවුන් ද ඔබව ප්රිිය කරති. ඔබ ඔවුන් සමග බැඳී කටයුතු කරන අතර ඔවුන් ද ඔබ සමග බැඳී කටයුතු කරති. ඔබ අතුරින් නපුරු පාලකයින් වනුයේ, ඔබ ඔවුන් කෙරෙහි කෝපවන අතර ඔවුන් ද ඔබ සමග කෝප වෙති. ඔබ ඔවුනට දොස් නගන අතර ඔවුන් ද ඔබට දොස් නගති.“ “අල්ලාහ්ගේ දූතයාණනි, එසේ නම් අපි ඔවුනට විරුද්ධව කටයුතු කරන්නදැ?“යි විමසා සිටියෙමු. එතුමා, “ඔවුන් ඔබ අතර සලාතය මෙහෙයවන කල්තාක්, එපා. ඔවුන් ඔබ අතර සලාතය මෙහෙයවන කල්තාක්, එපා“ යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමුස්ලිම් නායකයින් අතුරින් ප්රතිසංස්කරණවාදී මිනිසුන් ද වෙති. එමෙන්ම ආගමික බැඳියාවෙන් අඩු, නපුරු මිනිසුන් ද වෙති. එසේ තිබියදී විශේෂයෙන් සලාත් ඉටු කිරීම ඇතුළුව ආගමික සංඛේත ක්‍රියාත්මක කරමින් ඒවා ප්‍රවේසමින් පිළිපදින තෙක් ඔවුනට එරෙහිවී පාලනයෙන් බැහැර වීම සුදුසු නැත.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා: “කවරෙකු පච්ච කෙටුවේද අල්ලාහ් ඔහුට ශාප කරත්වා!” මුස්ලිම් ඉමාම් සතු තවත් වාර්තාවක: “මුහුණට පහර දීමත් මුහුණට පච්ච කෙටීමත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කළහ.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ සතුන්ගේ මුහුණෙහි පච්ච කොටන එමෙන්ම මුහුණට පහර දෙන අය විෂයයෙහි මෙම දැඩි අවවාදය හා බළවත් තහනම සඳහන්ව ඇත. එය මහා පාපයන්ගෙන් එකක් බව විද්වත්හු සළකති. එසේ තහනමට විද්වතුන් විසින් ඉදිරිපත් කරන හේතූන් වනාහි: සැබැවින් මුහුණ මෘදුය. සියලු අලංකාරයන් එක්රැස් වූ තැනකි. එහි ඇති අවයව ඉතා වටිනා මෙන්ම සියුම්ය. බොහෝ දෑ ග්‍රහණය කරනුයේ එමගිනි. නමුත් මුහුණට පහර දීම ඒවා ක්‍රියා විරහිත කරනු ඇත. ඒවායෙහි අඩුපාඩු සිදුවනු ඇත. මුහුණ විකෘති වනු ඇත. එහි විකෘති ඇති කිරීම දුෂ්ඨ ක්රියාවනි. ඊට හේතුව සැබැවින්ම එය සැගවිය නොහැකි බාහිරයේ ප්‍රදර්ශනය වන්නක් බැවිණි. එයට පහර දුන් විට බොහෝ විට එහි විකෘති භාවයෙන් ආරෝග්යමත් වන්නේ නැත.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කණ්ඩායමක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔවුන්ට කීකරු වන මෙන් උපදෙස් දුන්හ. වරක් ඔහු කෝපයට පත් ව මෙසේ පැවසීය: "මට කීකරු වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබට අණ කළේ නැද්ද?" ඔවුන් 'එසේය' යැයි පැවසූහ. එවිට ඔහු: "එසේ නම්, මට දර එකතු කර දෙන්න." ඒ අනුව ඔවුන් ඒවා එකතු කළහ. ඉන්පසු ඔහු ගින්නක් දල්වන්නැයි පැවසීය. එවිට ඔවුන් එසේ ද කළහ. ඉන්පසු ඔහු: 'එයට ඇතුළු වන්න' යැයි පැවසීය. ඔවුන් එසේ කිරීමට සූදානම්ව සිටිය ද, සමහරු අනෙක් අයව වළක්වා ගනිමින් මෙසේ පැවසූහ: 'අපි ගින්නෙන් බේරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පලා ගියෙමු.' ගින්න නිවී ඔහුගේ කෝපය පහව යන තෙක් ඔවුන් එලෙසම සිටියහ. මේ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සේනාවක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔහුට කීකරු වන මෙන් ඔවුනට නියෝග කළහ. වරක් එම නායකයා ඔවුන් කෙරෙහි කෝපයට පත් වූ අවස්ථාවේ 'නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට කීකරු වන මෙන් ඔබට අණ කළේ නැද්ද?' යැයි ඔහු ඔවුන්ගෙන් විමසා සිටියේය. ඔවුහු 'එසේය' යැයි පැවසූහ. පසුව ඔහු දර එකතු කර ඒවායෙහි ගිනි දල්වා එයට ඇතුළු වන මෙන් නියෝග කර සිටියේය. ඔවුන් එසේ එහි ප්‍රවේශ වීමට සිතුව ද ඔවුන් එකිනෙකා දෙස බලා ගත්හ. ඔවුහු මෙසේ පැවසූහ: "අපි ගින්නෙන් බේරීමට මිස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ට අවනත වීමෙන් දුරස් නොවූයෙමු. අපි එහි පිවිසිය යුතු ද?" ඒ අතර ඇවිළෙන ගින්න නිවී නායකයාගේ කෝපය පහව ගියේය.'ං ඒ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් ඔහුට අවනත වී, ඇවිළුණු එම ගින්නට ඇතුලු වූයේ නම්, එහි ඔවුන් වේදනාවට ලක්වන අතරම ලොව පවතින තුරා ඔවුන් ඉන් බැහැර වන්නේ ද නැත. මැවුම්කරුට පිටුපෑමෙහි මැවීම්වලට අවනත වීමක් නැත. එසේ අවනත විය යුත්තේ යහපත් කටයුතුවල දී මිස පාපකාරී කටයුතුවල දී නොවේ."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
رواه أحمدතමන්ගේ මරණයෙන් පසු බොරු පවසන පාලකයෝ ජනතාව අතර පත් වන බවත් ඔවුන් සිදු නොකරන දෑ පවසා සිටින බවත්, තීන්දු තීරණවල දී අපරාධකම් සිදු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා, කවරෙකු ඔවුන් වෙත පිවිස ඔවුන්ගේ බොරුව සහතික කර, අපරාධකාරී ක්‍රියාවට හෝ ප්‍රකාශයට ඔවුනට සහාය දෙන්නේ ද, සැබැවින්ම මම ඔහුගෙන් නිදොස් වූයෙමි. ඔහු මගෙන් කෙනෙකු නොවන අතර මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හව්ලුල් කව්සර් හෙවත් මාගේ තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. එමෙන්ම කවරෙකු ඔවුන් වෙත නො ගොස් ඔවුන්ගේ බොරුව සහතික නොකර, ඔවුන්ගේ අපරාධය සඳහා ඔවුනට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා සතු වන තටාකය වෙත පැමිණෙනු ඇත.
ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා විසින් වාර්තා කරන ලදී. ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්‍රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.එවිට මිනිසෙකු ඔහු දෙස බලා අහෝ අබ්දුර් රහ්මාන් ඔබ සෑම දිනකම එසේ අපට උපදෙස් දෙන්නේ නම් එය මම ප්‍රිය කරමි යැයි පැවසුවේය. එවිට ඔහු: එය එයින් මා වළක්වනු ඇත. සැබැවින්ම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට මම පිළිකුල් කරමි තවද අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට දුෂ්කර වේවි යැයි බියෙන් එතුමා එසේ අප සමග කටයුතු කළාක් මෙන් සැබැවින්ම මම ද උපදෙස් දීමෙන් කටයුතු කරමි යැයි පැවසීය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා මෙසේ දන්වා සිටියි. සැබැවින්ම ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්‍රහස්පතින්දාවකම ඔවුනට උපදෙස් දෙන්නෙකු වූහ. එවිට මිනිසෙකු එතුමා දෙස බලා සෑම දිනකම ඔබ අපට උපදෙස් දීම අපි ප්‍රිය කරන්නෙමු යැයි පැවසීය. එවිට එතුමා සැබැවින්ම එයින් මා වළක්වාලීයේ ඔබ දුෂ්කරතාවට පත්වීම මා පිළිකුල් කරන බැවිනි. සැබැවින්ම මම ඔබට උපදෙස් දීම පුරුද්දක් බවට පත් කරමි. ඒ වෙත වූ ඔබලාගේ අවශ්‍යතාව නැතිවීමත් මා පිළිකුල් කරමි. අප සමග අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එසේ කටයුතු කර ඇත්තාහ. එය අප දුෂ්කරතාවට වැටෙන බියෙනි. එසේ දුෂ්කරතාවක් ඇති අවස්ථාවක උපදෙස බලපෑමක් නොකරනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී: ඔබට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්‍රජාලිකයකු ද විය. ඔහු වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත කොළු ගැටයෙකු එවන්න. මම ඔහුට ඉන්ද්‍රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා කොළු ගැටයෙකු එවීය. ඔහු යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. කොළුවා ඔහු අසළ වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා පසු කර යයි. එහි ඔහු අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්‍රජාලිකයා වෙත ගිය විට ඔහු ඔහුට පහර දෙයි. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්රජාලිකයාට බිය වූ විටෙක මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්‍රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්‍රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්‍රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්‍රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව! අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පෙන්වා නො දෙන්න.' එම කොළුවා අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්‍රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් මෙසේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මේ රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු, 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපති යාණන් අල්ලාහ්ය.' යැයි පැවසීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාඳුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැය පැවසුවේය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' පසුව ඔහුව කැටුවාගෙන ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට ඔහු: 'අහෝ දෙවියනි! ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැය කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවාගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් හෙළා දමන්න.' යැයි අණ කළේය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදු වූයේ ද?' යැයි විමසුවේය. ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව ඔහු රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබ මා ඝාතනය කළ නොහැක.් යැයි කීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු: 'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපති යාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක 'යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ නළලට හී සැර වැදුණේය. ඔහු, අත හීය වැඳුනු ස්ථානයේ නළල මත තබා ගනිමින් මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්, ආමන්නා බිරබ්බිල් ගුලාම්,'ආමන්නා බිරබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. "ඔබ කවර කරුණක් ගැන ප්‍රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? සැබැවින්ම අල්ලාහ් මත දිවුරා, ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. සැබැවින්ම මිනිසුන් විශ්වාස කළෝය.' පසුව වීදි අතර වලවල් හාරන්නට නියෝග කළේය. පසුව වළවල් හාරන ලදී. තවද ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි පුළුස්සා දමන්න. එසේ නැතහොත් හෙළා දමන්න.' අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි වැටෙන්නට අදිමදි කළාය. එවිට බිළිඳා ඇයට: 'මෑණියනි! ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්‍යය මතය.' යැයි කීය.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: "අපට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්‍රජාලිකයකු ද විය. ඉන්ද්‍රජාලිකයා වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත තරුණයකු එවන්න. මම ඔහුට ඉන්ද්‍රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා තරුණයකු රජු විසින් එවන ලදී. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. තරුණයා ඔහු අසළ වරක් වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්‍රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්‍රජාලිකයා වෙත ගිය විට ඔහු ප්‍රමාද වූ බැවින් ඔහු විසින් ඔහුට පහර දෙන ලදී. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්රජාලිකයාට බිය වූ විටෙක, මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්‍රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්‍රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා උතුම් දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්‍රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්‍රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව, අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ඔබ ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පාවා නො දෙන්න. එම කොළුවා අල්ලාහ්ගේ අවසරයෙන් අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. එමෙන්ම අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්‍රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් කොළු ගැටයාට මෙසේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මෙහි රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' යැයි පැවසීය. පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු (රජු) ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපතියාණන් අල්ලාහ් ය.' යැයි කීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාදුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැයි පැයසීය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම ඔහුට දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ, ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට, ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් තුන්දෙනෙකු හා දසදෙනෙකු අතර පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' යැයි පැවසුවේය. පසුව ඔහුව කැටුවාගෙන ගොස් ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට එම කොළුවා: 'අහෝ දෙවියනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැයි කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. දැඩි සේ සෙළවෙන්නට විය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවා ගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් මුහුදට ඔහු හෙළා දමන්න' යැයි පැවසීය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. ඔහු: 'අල්ලාහ් ඔවුන්ගෙන් මා ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව කොළුවා රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබට මා ඝාතනය කළ නොහැක.' යැයි පැවසීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු:"'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක" යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ ඇස හා ඔහුගේ කණ අතර හී සැර වැදුණේය. ඔහුගේ අත හීය වැඳුනු ස්ථානයේ නළල අසළ තබා ගනිමින් ඔුහු මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්. ආමන්නා බිරබ්බිල් ගුලාම්. ආමන්නා බිරබ්බිල් ගුලාම්" (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. ඔබ කවර කරුණක් ගැන ප්‍රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? 'සැබැවින්ම අල්ලාහ් මත දිවුරා පවසමු. ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. එනම් ජනතාව කොළුවාව අනුගමනය කිරීම හා ඔවුන් සියලු දෙනා ඔහුගේ පරමාධිපතියාණන්ව විශ්වාස කිරීමය. පසුව වීදිවල පළල් විශාල වලවල් පොළොවේ හාරන්නට රජු නියෝග කළේය. එහි ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි හෙළා දමන්න.' රජු ඔවුනට නියෝග කළ දෑ ඔවුන් සිදු කළෝය. අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි පිවිසෙන්නට අදිමදි කළා ය. එවිට බිළිඳා ඇයට, මෙසේ කීවේය. 'මෑණියනි, ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්‍යය මතය.'