





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔවුහු නුඹලාට සලාතය මෙහෙයවති. ඔවුන් නිවරැදිව කළේ නම් නුඹලාට කුසල් ඇත. ඔවුන් වැරදියට කළේ නම් ද නුඹලාට කුසල් ඇත. නමුත් ඔවුනට විපාකය ඇත.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනුඹලාට සලාතය මෙහෙයවන නායකයින් එනම් ඉමාම්වරු සිටින බවත් ඔවුන් නිවැරදි ලෙස සලාතය මෙහෙයවන්නේ නම් නුඹලාටත් ඔවුනටත් කුසල් හිමිවන බවත් ඔවුන් වැරදි කළේ නම්, සලාතය සඳහා කුසල් නුඹලාට හිමිවන අතර ඔවුනට අත් වනුයේ එම වැරැද්දෙහි පාපය බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියේය. තවද එය නායකයින් විෂයෙහි වී නම් ඒ අතරට මස්ජිද්වල ඉමාම්වරුද ඇතුළත් වනු ඇත. ඔවුන් සෑම කෙනෙක්ම සලාතය යහපත් ලෙස ඉටු කිරීම අනුව හෝ එය වැරදියට ඉටු කිරීම අනුව ඔවුනට කුසල් හිමිවනු ඇත. තවත් හදීසයකට අනුව කටයුතු භාර උදවිය සලාතයේ වරදක් කළේ නම් ද ඔවුන් නිසි වේලාවෙහි සලාතය ඉටු නොකළේ නම් ද ඔවුන් සමග ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්යය බව පෙන්වා දී ඇත. අනිවාර්යය කටයුත්ත වනුයේ ඔවුන්ගෙන් අපි ඉවත් නොවීම හා ඔවුන් ප්‍රමාද කරන පරිදි සාමුහිකව සලාතය අපි ප්‍රමාද කිරීමය. නමුත් සලාතයේ නියමිත ආරම්භ වේලාව අප ප්‍රමාද කිරීම සාමුහික සලාතයට අනුගත වීම නිසාවෙන් හෝ වෙන්ව නොයාම යන හේතූන් නිසාවෙන් ප්‍රමාද කිරීමක් වනු ඇත. අපත් සමග එය සම්බන්ධ කර බැලූ විට අපි එය මුල් වේලාවේම ඉටු කළ තත්ත්වයේ පසු වන්නෙමු. ප්‍රමාද කිරීම යන්නෙහි සලාතයේ වේලාව ඉකුත් නොවීම එහි කොන්දේසි ලෙස පනවන ලද ඇත. මිනිසුන් හා කටයුතු භාර උදවියගෙන් ඉවත් වීම ඔවුන්ගෙන් දුරස් වීම ඔවුන්ට එරෙහිව මිනිසුන් උසිගැන්වීම, ඔවුන්ගේ අඩුපාඩු පතුරුවා හැරීම යන මේ සියල්ල ඉස්ලාම් දහමට ආගන්තුක වූවක් වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මේ මාගේ නිවසේ හිද කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කළාය. “අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරගෙන ඔවුන් වෙත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහුට එරෙහිව දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ භාරකාරත්වයේ බරපතලකම පිළිබඳ පැහැදිලි කර ඇත. කවරෙකු හෝ ජනයා අතර යම් කටයුත්තක් භාර ගෙන පසුව ඔවුනට පීඩා ඇතිවන පරිදි කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් ද කටයුතු කරන මෙන් ද ඔහු ඔවුන් සමග යුක්ති ගරුකව, සාධාරණව, කරුණාවෙන් හා මෛත්‍රියෙන් කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් කටයුතු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. ප්‍රතිඵල ක්රියාවේ වර්ගයෙන්ම පිහිටනු ඇත.
සුබෙයිර් ඉබ්නු අදී තුමා විසින් වාර්තා කරන ලදී. අපි අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ, හජ්ජාජ් විසින් අප මුහුණ දෙන දෑ ගැන අපි ඔහුට පැමිණිලි කළෙමු. එවිට හෙතෙම: “නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලාගේ පරමාධිපතිව නුඹලා හමුවන තෙක් මොහුගෙන් පසු මොහුට වඩා දරුණු කාලයක් මිස වෙනකක් පැමිණෙන්නේ නැත.” මෙය මම නුඹලාගේ නබිවරයාගෙන් සවන් දී ඇත්තෙමි.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතසුබෙයිර් ඉබ්නු අදී සහ ඔහු සමග තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සේවකයකු වූ අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ බනූ උමය්යා පාලකවරුන්ගෙන් එක් නායකයකු වූ හජ්ජාජ් ඉබ්නු යූසුෆ් අස්-සකෆීගෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඔහු වෙත පැමිණිලි කළෝය. ඔහු අපරාධ හා මිනී මැරුම් යනාදියෙන් ප්‍රසිද්ධියට පත් දරුණු දඩබ්බර දුෂ්ඨ අයකු විය. එවිට අනස් (රළියල්ලාහු අන්හු) තුමා කටයුතු භාර උදවියගේ අයුක්තිය මත ඉවසීමෙන් කටයුතු කරනු යැයි ඔවුනට නියෝග කළ අතරම සැබැවින්ම මිනිසුන් තම පරමාධිපති හමුවන තෙක් ඔහුගෙන් පසුව ඔහුට වඩා දරුණු කාලයක් මිස වෙනත් කාලයක් ඔවුනට පැමිණෙන්නේ නැත යැයි ද සැබැවින්ම එය තමන අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් අසා ඇත්තෙමි යැයි ද ඔවුනට දන්වා සිටියේය. නපුර යනු පොදු සාමාන්‍යය නපුරක් නොවන්නේ ය. නමුත් ඇතැම් තැන්වලදී නපුරක් වන නමුත් වෙනත් තැන්වලදී යහපතක් වනු ඇත.
වාඉල් ඉබ්නු අල්-හළ්රමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. වරක් සලමා ඉබ්නු යසීද් අල් ජුඃෆී (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. "අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපෙන් ඉල්ලා සිටිය ද අපගේ අයිතීන් ඔවුන් වළක්වන්නේ නම් ඒ ගැන ඔබ සිතන්නේ කෙසේ ද? ඔබ අපට අණ කර සිටින්නේ කුමක්ද?" එවිට එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට ද එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව දෙවන වතාවේ හෝ තුන්වන වතාවේ හෝ විමසා සිටිය දී අෂ්අස් ඉබ්නු කයිස් තුමා එතුමාව ඇද්දේය. තවද එතුමාණෝ “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ.
رواه مسلمතමන්ට ඇහුන්කන් දීමට හා අවනත වීමට නියෝග කරමින් තම අයිතීන් පමණක් ජනතාවගෙන් ඉල්ලා හිඳ, ඔවුන් කෙරෙහි නියම වූ යුක්තිය පසදලීම, පොදු දේපල නිසි අයුරින් බෙදා දීම, අපරාධ වළක්වාලීම හා සමසේ කටයුතු කිරීම යනාදී මිනිසුන්ගේ වගකීම් පැහැර හරින පාලකයින් පිළිබඳව හා ඔවුන් සමග අප කටුයුතු කළ යුත්තේ කෙසේදැ?යි ඔබ අපට අණ කර සිටින්නේ කුමක්දැයි යන වග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය නොසළකා හැරියහ. එම ප්‍රශ්ණය එතුමාණෝ පිළිකුල් කර සිටියාක් මෙන් විය. නමුත් ප්‍රශ්න කරන්නා දෙවන තුන්වන වතාවටත් එසේ ප්‍රශ්න කර සිටියේය. එවිට අසා සිටින්නා නිහඩ කිරීම සඳහා අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු) තුමා ඔහුව පැත්තකට ඇද්දේය. එවිට, සල්ලල්ලාහු තුමාණෝ පිළිතුරු දෙන්නට වූහ: “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුන්ගේ කටයුතුවල දී ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පැවරෙනුයේ යුක්තිය පසඳලීම හා පාලනය සතු වගකීම් ඉටු කිරීම යනාදී පැවරුණු වගකීම් ය. නුඹලා මත පැවරෙනුයේ අවනත වීම, වගකීම් ඉටු කිරීම පරීක්ෂණ මත ඉවසීමෙන් කටයුතු කිරීම යනා දී පැවරුණු වගකීම්ය.
අදී ඉබ්නු උමෙයිරා අල් කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු යම් සේවයක් සඳහා අප නියම කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමග ඔහු පැමිණෙනු ඇත.” එවිට අන්සාරිවරු අතරින් කළු මිනිසෙකු එතුමා වෙත නැගී සිටියේය. ඔහු දෙස මම බලන්නාක් මෙන් දසුන් නැගෙයි. එවිට ඔහු ‘අල්ලාහ්ගේ දූතයාණනි. ඔබේ සේවය මගෙන් ඉවත් කරන්න’ යැයි පැවසීය. එතුමා ඔබට කුමක් වී ද? ඔබ මේ මේ අයුරින් පවසා ඇති බව මාගේ සවනට වැකිණි. එතුමා මෙසේ පැවසීය. ‘මම දැනුදු එයම ප්‍රකාශ කරමි. යම් ක්‍රියාවක් සඳහා යම් කෙනෙකු සේවයට අප කළේ නම් එය ස්වල්ප වුවද අධික වුවද එය ඔහු පිළිපැදිය යුතු වේ. ඔහුට දෙනු ලබන දෑ ගත යුතුය. ඔහුගෙන් තහනම් වන දැයින් ඔහු වැළකී සිටිය යුතුය.” යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඅදී ඉබ්නු උමෙයිරා අල් කින්දී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා අතරින් කිසිවකු යම් සේවයක් සඳහා අප නියම කොට, පසුව ඉදි කටුවක් හෝ ඊට වඩා වැඩි යමක් හෝ අපගෙන් ඔහු වසන් කළේ නම් ඔහු මහා වංචාකාරයෙක් වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සමග ඔහු පැමිණෙනු ඇත.” එවිට අන්සාරිවරු අතරින් කළු මිනිසෙකු එතුමා වෙත නැගී සිටියේය. ඔහු දෙස මම බලන්නාක් මෙන් දසුන් නැගෙයි. එවිට ඔහු ‘අල්ලාහ්ගේ දූතයාණනි. ඔබේ සේවය මගෙන් ඉවත් කරන්න’ යැයි පැවසීය. එතුමා ඔබට කුමක් වී ද? ඔබ මේ මේ අයුරින් පවසා ඇති බව මාගේ සවනට වැකිණි. එතුමා මෙසේ පැවසීය. ‘මම දැනුදු එයම ප්‍රකාශ කරමි. යම් ක්‍රියාවක් සඳහා යම් කෙනෙකු සේවයට අප කළේ නම් එය ස්වල්ප වශයෙන් හෝ වේවා අධික වශයෙන් හෝ වේවා එය ඔහු පිළිපැදිය යුතු වේ. ඔහුට දෙනු ලබන දෑ පිළිපැදිය යුතුය. ඔහුගෙන් තහනම් කළ දැයින් ඔහු වැළකී සිටිය යුතුය.” යැයි පැවසූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්‍රියේ කොටසක උදව් පතනු.”
رواه البخاريසැබැවින්ම ඉස්ලාම් දහම එහි සියලුම කටයුතුවල දී පහසුව හා සරලත්වය මත ගොඩ නැගී ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. අවශ්‍යතාව හා නොහැකියාව යන හේතූන් මතු වන විට පහසුව සහතික වනු ඇත. ආගමික ක්‍රියාවන් තුළ ගිලී ගොස් පහසුව අත්හැර දැමීමෙහි අවසානය වනුයේ එය කිරීමට නොහැකි වීම හා මුලු ක්‍රියාවම හෝ කොටසක් හෝ කිරීමට අපොහොසත් වීම ය. අතිශයෝක්තියෙන් තොරව මධ්‍යස්ථව කටයුතු කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එහි ගැත්තා අඩුපාඩු නොකළ යුතු අතරම තමන්ට හැකියාවක් නොමැති දෑ දැරිය නො යුතුය. ක්‍රියාවක් සම්පූර්ණයෙන් කිරීමට අපොහොසත් වූයේ නම්, ඊට සමීප දෑ ඉටු කළ යුතු ය. අඛණ්ඩව සිදු කරන ක්‍රියාවන්, එය පූර්ණව කිරීමට අපොහොසත් වූව ද එය ස්වල්පයක් හෝ කළේ නම්, ඒ සඳහා අදාළ තැනැත්තන් හට අතිමහත් කුසල් හිමි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ශුභාරංචි දන්වා ඇත. සැබැවින්ම යමක් කළ නොහැකි වූ විටෙක ඒහි අපොහොසත්කම ඔහුගේ කුසල් අහිමි කරන්නේ නැත. සැබැවින්ම මෙලොව ගමනකි. මතුලොව වෙත යා යුතුව ඇත. එබැවින් දිරිමත් අවස්ථාවන් තුනක නැමදුම් ඉටු කරමින් අඛණ්ඩ ව එහි පිහිටීම සඳහා උපකාර ඉල්ලා සිටින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. පළමුවැන්න: අලුයම් කාලය: දවස ආරම්භය ගෙවී යාමත් සමග. එනම් ෆජ්ර් සලාතය හා හිරු උදාව අතර පවතින කාලයයි. දෙවැන්න: දහවල් කාලයේ අවදිය: මධ්‍යහ්න කාලය ගෙවී යාමත් සමග. තුන්වැන්න: සවස් කාලය, රාත්‍රියෙන් කොටසක් හෝ මුළුමණින්ම හෝ ගෙවී යාමත් සමගය. සැබැවින්ම රාත්‍රියේ නැමදුම් කිරීම දහවල් කාලයේ නැමදුම් කිරීමට වඩා අසීරුය. එබැවින් රාත්‍රියෙන් කොටසක් යන ප්‍රකාශය තුළින් එහි කොටසක පමණක් නිරත වීමට නියෝග කරනු ලැබ ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මාගේ සමූහයාට වඩාත් දුෂ්කර කාර්යයක් නොවී නම් සෑම සලාත් අවස්ථාවකම කට පිරිසිදු කරන මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතයම් පාප ක්‍රියාවක් කිරීමට අණ නොකර සිටින තාක්කල්, දැරිය නොහැකි දෙයක් නොපටවන තාක්කල් සෑම අවස්ථාවකදීම පාලකයින් හට සවන් දීමත් ඔවුනට අවනත වීමත් මුස්ලිම්වරයා කෙරෙහි පැවරෙන වගකීමක් බව මෙම හදීසයේ අවධාරණය කරයි. අැතැම් විට එය දුෂ්කර ක්‍රියාවක් වුව ද නැතිනම් අැතැමෙකුගේ උරුමයන් විනාශ වී ගිය ද තනි යහපතට වඩා පොදු යහපත පෙරටු කර ගනිමින් ඔවුනට අවනත වීමත් සවන් දීමත් අනිවාර්යය වේ.
ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්හට සවන් දීමටත් අවනත වීමටත් අපි ප්‍රතිඥා දුන් විට එතුමා අපට “ඔබට හැකියාව ඇති දෑහි“ යැයි පවසා සිටියි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියත වශයෙන්ම සහාබාවරු නබි -සල්ලල්ලාහු අල්යිහි වසල්ලම්- තුමාණන්හට ප්‍රතිඥා දුන් විට එතුමාට සවන් දෙන මෙන් ද අවනත වන මෙන්ද ඔවුනට එතුමා අණ කර සිටියහ. හැකි පමණින් අවනත වන මෙන් වූ කොන්දේසිය ද එතුමා පැනවූහ. හැකියාවක් නොමැති දෙයක් මුස්ලිම්වරයාට පවරනු ලැබූ විට ඒ සඳහා අවනතවීමක් නොමැත. (අල්ලාහ් ආත්මයකට එහි හැකියාවට අනුව මිස කිසිවක් පවරන්නේ නැත.)
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්‍රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්‍ය වන්නේ නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපාලකයා විෂයයෙහි ඔහු කවර කරුණක් නියෝග කරන්නේ ද එම නියෝගය අප ප්‍රිය කළද පිළිකුල් කළද එහිදී අපි ඔහුට සවන් දීමත් අවනත වීමත් අනිවාර්යය බව මෙම හදීසයේ පැහැදිලි කර ඇත. නමුත් පාපකාරී කටයුත්තක් සම්බන්ධයෙන් අපට නියෝග කරනු ලබන්නේ නම් එම පාපකාරී කටයුත්තෙහි පමණක් ඔහුට සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්‍යය වන්නේ නැත.