





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඉර්ෆිජා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු.”
رواه مسلمඑක් පාලකයකු යටතේ එක් කණ්ඩායමක් ලෙසින් මුස්ලිම්වරු එක්රැස් වූ විටෙක, ඔහුගෙන් පාලනය ඉවත් කිරීමට හෝ බහුතරයක් වූ මුස්ලිම් සමාජය බෙදන්නට හෝ අපේක්ෂා කරමින් පැමිණි අයකු වී නම්, ඔහුව වැළැක්වීමත් ඔහුට මරණීය දඬුවම පමුණුවීමත් ඔවුන් කෙරෙහි අනිවාර්යය වනු ඇත. එය ඔහුගේ නපුර වළක්වා ගැනීම හා මුස්ලිම්වරුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ජිහාද් නම් වෑයම අතරින් ශ්‍රේෂ්ඨතම අරගලය වනුයේ අසාධාරණ පාලකයකු ඉදිරියේ කෙරෙන යුක්ති සහගත ප්‍රකාශයයි.”
رواه أبو داود والترمذي وابن ماجه وأحمدඅල්ලාහ්ගේ මාර්ගයේ සිදු කරනු ලබන ජිහාද් අරගලය අතරින් වඩාත් ප්‍රයෝජනවත් හා වඩාත් වැදගත්ම අරගලය වනුයේ අපාරාධකාරී අයුක්ති සහගත බලාධිකාරයකු හෝ නායකයකු ඉදිරියේ කරනු ලබන සත්‍යය හා යුක්ති සහගත ප්‍රකාශයයි. ඊට හේතුව ඔහු යහපත් නියෝග කර සිටීම හා අයහපතින් වැළැක්වීම යන සිරිත පිළිපැදිය යුතු බැවිනි. එය වචනයෙන් හෝ ලිඛිතව හෝ ක්‍රියාවෙන් හෝ යහපත සළසා දී දූෂිත බවින් වළක්වන වෙනත් යම් ක්‍රමයකින් හෝ වුව ද එක සමානය.
අබූ සුෆ්යාන් සක්ර් ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හිර්කල් රජු ඔහු නුඹලාට කුමක් අණ කරන්නේ ද? යැයි විමසා සිටියේය. ඉන් අදහස් කළේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අබූ සුෆ්යාන්: මම මෙසේ පැවසුවෙමි. ඔහු: “නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. නුඹලාගේ මුතුන් මිත්තන් පවසන දෑ අතහැර දමන්න. ඔහු අපට සලාතය ඉටු කරන මෙන්ද සත්‍යය කතා කරන මෙන්ද තැන්පත්කම රකින මෙන්ද ඥාතී සම්බන්ධකම් රකින මෙන් ද නියෝග කරයි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙය අබූ සුෆ්යාන් සක්ර් ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා හා හිර්කල් නමින් ප්‍රසිද්ධ රජු සමග සිදු වූ සිද්ධියකි. අබූ සුෆ්යාන් ප්‍රමාද වී ඉස්ලාමය වැළඳ ගත් බැවින් එවකට හුදෙයිබිය්යා ගිවිසුම හා මක්කා ජයග්‍රහණය අතර කාලය තුළ ඔහු දේව ආදේශකයකු ලෙස සිටියහ. අබූ සුෆ්යාන් හා කුරෙයිෂ්වරු කණ්ඩායමක් සිරියාවේ සිටි හිර්කල් වෙත පැමිණියේය. එවකට හිර්කල් කිතුනු රජකු විය. එතුමා තව්රාතය මෙන්ම ඉන්ජීලය ද කියවූ අයකු මෙන්ම පෙර පැවති ආගම් පිළිබඳ මනා දැනුමක් තිබූ අයකු විය. එමෙන්ම එතුමා බුද්ධිමත් රජකු විය. අබූ සුෆ්යාන් හා ඔහු සමග පිරිසක් හිජාස්හි සිට පැමිණ ඇති බවට දැනගන්නට ලැබුණු ඔහු ඔවුන් කැඳවා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ තත්ත්වය ගැනත් ඔහුගේ පරම්පරාව ගැනත් ඔහුගේ සගයින් ගැනත් ඔවුන් ඔහුට ගරුබුහුමන් කිරීම ගැනත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පක්ෂපාතිත්වය ගැනත් විමසා සිටියහ. ඒ අනුව ඔවුන් ඔහුට යමක් මෙනෙහි කරන සෑම අවස්ථාවකම සැබැවින්ම පෙර පුස්තකවල දන්වා ඇති නබිවරයා ඔහු බව ඔහු දැන ගත්තේය. එනමුත් ඔහු දුර්වල අයකු විය. එබැවින් අල්ලාහ්ගේ අභිමතයේ පැවති කුමන හෝ ප්‍රඥාවක් හේතුවෙන් ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නැත. අබූ සුෆ්යාන්ගෙන් විමසා සිටි කරුණු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුනට නියෝග කර සිටින්නේ කුමක් දැයි යන ප්රශ්නය ද ඇතුළත් විය. එවිට ඔහු “එතුමා ඔවුනට අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත් ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත් ඔවුනට නියෝග කරයි. එබැවින් ඔවුන් අල්ලාහ් හැර කිසිදු රජකුට හෝ කිසිදු වක්තෘවරයකුට හෝ කිසිදු ගසකට හෝ ගලකට හෝ හිරුට හෝ සදුට හෝ වෙනත් යම් දෙයකට නැමදුම් ඉටු නොකරති. අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කරති.’ යැයි දන්වා සිටියේය. මෙය දූතවරුන්ගේ ඇරයුමයි. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එතුමාට පෙර පැමිණි නබිවරුන් අල්ලාහ්ට පමණක් නැමදීම සම්බන්ධයෙන් හා ඔහුට කිසිවක් හවුල් නොකිරීම සම්බන්ධයෙන් කවර කරුණක් ගෙන ආවේ ද එයම ගෙන ආවේය. තවද ඔහු: ‘නුඹලාගේ මුතුන් මිත්තන් කවර පදනමක සිටියේ ද එය අතහැර දමනු’ යැයි පවසයි. මෙය සත්‍යයේ වීර හඬයි. ඔවුන්ගේ මුතුන් මිත්තන් කවර පිළිම වන්දනාවක නිරතව සිටියේ ද එය අතහරින ලෙස ඔවුනට නබිවරයාණන් නියෝග කර සිටියේය. නමුත් ඔවුන්ගේ මුතුන් මිත්තන් කවර යහපත් ගතිගුණවල් මත පදනම්ව සිටියේද එය අත් හරින ලෙස එතුමා ඔවුනට නියෝග කළේ නැත. ‘ඔහු අපට සලාතය නියෝග කරමින් සිටියි.’ යන ප්‍රකාශය වනාහි, සලාතය ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවතින සම්බන්ධතාවයි. සාක්ෂියේ ප්‍රකාශ දෙකින් පසු ඉස්ලාමයේ වැදගත්ම කුළුණයි. දේව විශ්වාසියා හා දේව ප්රතික්ෂේපකයා වෙන් කරනු ලබනුයේ එමගිනි. එය අප අතරත් දේවත්වය ආදේශ කරන්නන් හා ප්‍රතික්ෂේප කරන්නන් අතර වූ ගිවිසුමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ ගැන මෙසේ පවසා සිටියේය. “අප අතර හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එබැවින් කවරෙකු එය අත් හැරියේ ද සැබැවින්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළේය.” ‘ඔහු සත්‍යය පවසන මෙන් අපට නියෝග කර සිටියි.’ යන ප්‍රකාශය වනාහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සත්‍යය කතා කරන මෙන් තම සමූහයාට නියෝග කරමින් සිටියේය. මෙය “අහෝ විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. සත්‍යය වාදීන් සමග සිටිනු.” යන අල්ලාහ්ගේ ප්‍රකාශය මෙනි. සත්‍යවාදීකම උතුම් ගුණාංගයකි. එය කොටස් දෙකකට බෙදෙයි. අල්ලාහ් සමග පවත්නා සත්‍යවාදිත්වය හා ඔහුගේ ගැත්තන් සමග පවත්නා සත්‍යවාදීත්වය. ඒ දෙකම උදාර ගතිගුණ වෙති. ‘තැන්පත්කම රකිනු’ යන ප්‍රකාශය වනාහි, තැන්පත් කම වර්ග දෙකකි. ලිංගික ආශාවන්ගෙන් පතිවත රැකීමේ තැන්පත්කම හා කුසෙහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීමයි. පළමු තැන්පත්කම වනාහි: මිනිසාට තහනම් කරන ලද කාමයේ වරදවා හැසිරීම ඒ සඳහා ඇති මාධ්‍යයන් හා එහි ඇති අශීලාචාරකමින් දුරස්වීමයි. දෙවන තැන්පත්කම වනාහි: කුසෙහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීමයි. එනම්: මිනිසුන් සතු ඔවුන්ගේ අත්වල ඇති දෑහි ආශාවන්ගෙන් තැන්පත්කම රැකීම හා මිනිසා ඔවුන්ගෙන් කිසිවක් නොඉල්ලා ඔවුන්ගෙන් ආයාචනා කිරීමෙන් තැන්පත්කම රැකීමයි. නියත වශයෙන්ම එසේ ඉල්ලා සිටීම අවමානයකි. ඉල්ලන්නාගේ අත පහත් හා පහළ මට්ටමේ පවතී. පිරිනමන්නාගේ අත ඉහළින් පවතී. එබැවින් තමන්ට අවශ්‍යය දෑ හැර වෙනත් කිසිවක් කිසිවකුගෙන් ඉල්ලා සිටීම සුදුසු නැත. ‘ඥාතී සම්බන්ධකම් රැකීම” යන ප්‍රකාශය වනාහි, සමීප ඥාතීන් සමගත් ඉන් පසු පවත්නා ඥාතී සම්බන්ධකම් පිළිබඳවත් අල්ලාහ් නියෝග කර ඇති සම්බන්ධකම් ක්‍රමවේදය පුද්ගලයකු රැකීමයි. ඔවුන්ගෙන් ඉතා උසස් වනුයේ දෙමව්පියන්ය. හේතුව සැබිවන්ම දෙමව්පියන්ට උවටැන් කිරීම යහපත්ම සම්බන්ධතාව වන බැවිණි. ඔවුන් සතු ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වනුයේ සමීපතාවය පවතින ප්‍රමාණය අනුවය. සහෝදරයා තම බාප්පාට වඩා සම්බන්ධකම් පවත්වන්නට වඩාත් සුදුස්සාය. බාප්පා පියාගේ බාප්පාට වඩා සම්බන්ධකම් පවත්වන්නට සුදුස්සාය. ඥාතී සම්බන්ධකම් පැවැත්වීම ජනයා අතර ප්‍රචලිත සෑම කරුණක් තුළින්ම සිදු විය යුත්තකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ.
متفق عليهමුස්ලිම්වරු පාලනය කරන ඇතැම් භාරකරුවන් බිහි වනු ඇත. ඔවුන් මුස්ලිම්වරුන්ගේ වස්තුවට හා අනෙකුත් ලෞකික කටයුතුවලට බලපෑම් කරනු ඇත. ඔවුන් සිතන පතන පරිදි ඒවා අවභාවිතා කරනු ඇත. එහි ඇති මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ගැන නොසළකා ඒවා උල්ලංඝනය කරනු ඇතැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ආගම තුළ ඔබ පිළිකුල් කරන කටයුතු ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ඇත. එම තත්ත්වයේ ඔවුන් සිදු කළ යුත්තේ කුමක් දැ?යි සහාබාවරු විමසා සිටියහ. ඔවුන් ධනය අවභාවිතා කරමින් ඔබේ අයිතීන් වැළැක්වීම, ඔවුනට සවන් දීමේ හා ඔවුනට අවනත වීමේ වගකීමෙන් ඔබව වළක්වන්නේ නැත. ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුය; සවන් දිය යුතුය; අවනත විය යුතුය. තවද කටයුතුවල දී ඔවුන් සමග ගැටලු ඇති කර නො ගත යුතුය. ඔබේ අයිතීන් ඔබ අල්ලාහ්ගෙන් පතන්න. ඔවුන් දැහැමියන් කරන මෙන් ද ඔවුන්ගේ අපරාධ හා නපුරුකම්වලින් ආරක්ෂා කරන මෙන් ද ඔබ අල්ලාහ්ගෙන් පතන්න.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ සීමාවන් තුළ ස්ථාවරව සිටින්නාට හා එහි වැටෙන්නාට උපමාව නැවක (ස්ථානයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කොටස ද තවත් පිරිසක් එහි පහළ කොටස ද ලබා ගත්තේය. එහි පහළ කොටසේ සිටින්නන් ජලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නොකර අපගේ කොටසෙහිම අපි විවරයක් සාදා ගත්තේ නම් මැනව’ යැයි පැවසුවෝය. මොවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මොවුන් අත්හැර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනාම විනාශ වී යනු ඇත. නමුත් ඔවුහු මොවුන්ගේ අත්වලින් අල්ලාහ් ගත්තේ නම්, ඔවුන් ද දිවි ගලවා ගන්නා අතරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.”
رواه البخاريඅල්ලාහ්ගේ සීමාවන් තුළ ක්‍රියා කරන්නන් යනු අල්ලාහ්ගේ නියෝග මත ස්ථාවරව සිටින්නන්ය. යහපත විධානය කොට අයහපතින් වළක්වන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපමාවක් ගෙනහැර පෑහ. එමෙන්ම අල්ලාහ්ගේ සීමාවන්ගෙන් ඉවතට වැටෙන්නන් යනු යහපත විධානය කිරීම අත්හැර දමා අයහපත සිදු කරන්නන් හට ද උපමා ගෙන හැර පෑහ. එහි බලපෑම ප්‍රජාවේ සාර්ථකත්වයයි. එනම් එය නැවක ගමන් කරන පිරිසක් මෙනි. නැවේ ඉහළ මහලේ සිටින්නේ කවුද? එහි පහළ මහලේ සිටින්නේ කවුදැයි තෝරා ගැනීමට ඔවුහු කුසපත් ඇද්දෝය. ඒ අනුව ඔවුන්ගෙන් පිරිසකට ඉහළ මහල ද තවත් පිරිසකට පහළ මහල ද හිමි විය. පහළ මහලේ සිටින්නන් හට ජලය ඇද ගැනීමට අවශ්‍ය වූ විට, ඔවුනට ඉහළින් සිටින්නන් වෙත යාමට සිදු විය. පහළ මහලේ සිටින අය 'අපට ඉහළින් සිටින්නන් හට කරදර නොකර, අපගේ මේ පහළ ස්ථානයේම විවරයක් සාදා ජලය ලබා ගනිමු' යැයි පැවසුවෝය. ඉහළ සිටින්නන් එය සිදු කරන්නට ඔවුනට ඉඩ දී බලා සිටියේ නම්, නැවත් සමගම ඔවුන් සියලු දෙනාම ගිලී යනු ඇත. මොවුන් ඔවුන් ව එයින් වැළැක්වූයේ නම්, ඔවුන් නතර කළේ නම් දෙපිරිසම මිදෙනු ඇත.
අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතදේවත්වය විශ්වාස කරන්නන්ගේ නායකයකු වූ අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා, ජනයාට ඔවුන්ගේ දහමේ මූල ධර්ම, ඒක දේවත්වය හා බැඳුණු එහි නීතිරීති, හලාල් -අනුමත- හා හරාම් -තහනම්- දෑ පැහැදිලි කිරීම යනාදී පොදුවේ ප්‍රයෝජනවත් වන දෑ හැර අනවශ්‍යය දෑ කතා කිරීම අවශ්‍යය නොවන බවත් අවශ්‍යතාවක් නැති හෝ වටහා ගැනීමේදී ඔවුනට සැක ඇති කරන, ඔවුනට ග්‍රහණය කිරීමට අසීරු, සත්‍යය ප්‍රතික්ෂේප කිරීමටත් එය පිළි නොගැනීමටත් මග පාදන ප්‍රයෝජනවත් දැයින් වෙනතකට යොමු කරවන අනවශ්‍යය දෑ අත්හැර දමන ලෙසත් මග පෙන්වයි.
අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා, (අල් මාඉදා හි) 'අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...' යන (105 වැනි) පාඨය කියවමින් සිටින්නෙහුය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දී ඇත්තෙමි." එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمدජනයා මෙම පාඨය කියවමින් සිටි බව අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) විසින් දන්වා සිටියි. “අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...” (අල්-මාඉදා: 105) මෙම පාඨයෙන් ඔවුන් වටහාගත් කරුණ වනුයේ, සැබැවින්ම මිනිසා ඔහුව විධිමත් කර ගැනීමේ පමණක් වෙහෙස දැරිය යුතු බවත් ඉන්පසු නොමග ගිය අයගේ නොමඟ යෑම ඔහුට හානියක් නොවන බවත් යහපත නියෝග කරන මෙන් හෝ අයහපතින් වැළක්වාලන මෙන් හෝ ඔවුන්ගෙන් පතනු නොලබන බවත්ය. එය එසේ නොවන බව එතුමා ඔවුන් දැනුම්වත් කළේය. සැබැවින්ම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව ද මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මිනිසුන් අපරාධකරුවකු දුටු විට, ඔහුව එයින් වැක්වීමට ඔවුනට බලය තිබිය දීත්, ඔවුන් ඔහුව ඔහුගේ අපරාධයෙන් නොවැළැක්වූයේ නම්, ඔහු ඉදිරියේ අපරාධ කරන්නා හා ඒ ගැන නිහඬව සිටින්නා යන සියලු දෙනාටම අල්ලාහ් දඬුවම් කරනු ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට හුදෙයිෆා ඉබ්නු අල් යමානි (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මාගේ ප්‍රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත“මාගේ ප්‍රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි.” යන එතුමාගේ ප්‍රකාශය වනාහි, මෙය දිවුරුමකි. එහිදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දිවුරා සිටියේ අල්ලාහ් මතය. ඊට හේතුව ඔහුගේ ගැත්තන්ගේ ආත්මාවන් ඔහු සන්තකයේ ඇති බැවිණි. ඔහු අභිමත කළේ නම් ඒවාට මග පෙන්වනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා මුළාවට පත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා මරණයට පත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඒවා රඳවා තබනු ඇත. සියලු ආත්මාවන්ට මග පෙන්වීම, ඒවා නොමග යන්නට ඉඩ හැරීම, ඒවා ජීවත් කරවීම හා මරණයට පත් කිරීම යනාදී සෑම කටයුත්තක්ම සැලසුම් කරමින් හා ක්‍රියාත්මක කරමින් ඒවා හසුරවීමේ බලය පවතිනුයේ ඔහුගේ අතෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “ආත්මය හා එය සැකසූ දෑ මත දිවුරමින්. එයට එහි නපුරුද එහි බැතිමත්බව ද අපි හෙළුවෙමු” සියලු ආත්මාවන් අල්ලාහ්ගේ සන්තකයේ පමණක් පවතී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එලෙස දිවුරා සිටියේ එබැවිනි. ‘මාගේ ප්‍රාණය කවුරන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්’ යනුවෙන් එතුමා බොහෝ වාරයක් දිවුරා ඇත. ඇතැම් විට එතුමා මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි යැයි පවසා සිටියි. ඊට හේතුව මුහම්මද් (සල්ලලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්‍රාණය ප්‍රාණ අතරින් වඩාත් පිරිසිදු ප්‍රාණය වන බැවිණි. එසේ ආත්මාවන් අතරින් එතුමාගේ ආත්මය වඩාත් පිරිසිදු බැවින් ඒ මත දිවුරා ඇත. පසුව දිවුරා පවසන ලද දෑ මෙනෙහි කර සිටියේය. එනම් යහපත විධානය කරමින් හා අයහප වළක්වමින් අප කටයුතු කිරීමය. එසේ නැතහොත් අල්ලාහ් අබියසින් වන දඬුවම අප සියලු දෙනාටම පොදු වනු ඇත. පසුව අපි ඔහු ඇරයුම් කර සිටිය ද අපට පිළිතුරු නොලැබෙනු ඇත. මෙය සලාතය, සකාත්, යුතුකම් ඉටු කිරීම වැනි යහපත් දෑ විධානය කිරීමේ වැදගත් කම පැහැදිලි කරන්නක් මෙන්ම දුරාචාරය, පොළිය සෙසු තහනම් කරන ලද දෑ වැනි පිළිකුල් සහග දැයින් වැළැක්වීමේ වැදගත් කම පැහැදිලි කරන්නකි. තම නිවසේ පියා, විනිශ්චය කරු, පොලිසිය වැනි අධිකාරී බලය ඇත්තන් එය ක්‍රියාවෙන් සිදු කරයි. එසේ නැතහොත් වචනයෙන් සිදු කරයි. එය සියලු දනන්හට පොදු වූවකි. එසෙත් නැතහොත් එවන් පිළිකුල් සහගත ස්ථානයෙන් වෙන්ව යමින් හදවතින් එය වරදක් ලෙස සිතයි. එය අදාළ වනුයේ ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ හෙළා දකින්නට හැකියාවක් නොමැති උදවියටය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්‍රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
متفق عليهසෑම මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෝග්යමත්භාවය සඳහාත් ඔහුගේ අස්ථි සන්ධි මොලවීමට හා දිගු හැරීමට හැකි සේ නිර්මාණය කර තිබීම සඳහාත් අල්ලාහ්ට කෘතඥ වනු පිණිස ඔහුගේ අස්ථි සන්ධි අතරින් සෑම පුරුකක ප්‍රමාණයට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අමතර දානයක් පිරිනැමිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සැබැවින්ම එම දානය ඉෂ්ඨ වනුයේ සියලුම ආකාරයේ දැහැමි ක්‍රියාවන් තුළිනි. මුදල් පිරිනැමීමෙන් පමණක් සිදු නොවේ. ඒ අතරින්: දෙදෙනෙකු අතර මතගැටුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුක්තිය ඉටු කිරීම හා ඔවුන් අතර සමතයට පත් කිරීම දානයකි. අසරණ අයකු තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩුබාහිරාදිය ප්‍රවාහනය කරමින් ඒ සඳහා පහසුකම් සළසා දීම ද සදකාවකි. දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම හා සලාම් පැවසීම වැනි යහපත් ප්‍රකාශය ද සදකා වේ. සලාතය සඳහා පය තබන සෑම පියවරක් තුළින් ද සදකාවක් ඇත. මාර්ගයේ හානිදායක දෑ ඉවත් කිරීම ද සදකාවකි.