





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ රුකය්යා තමීම් ඉබ්නු අව්ස් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
رواه مسلمසැබැවින්ම ආගම අවංකත්වය හා සත්‍යය මත පදනම් වී ඇති බවත්, එය අල්ලාහ් අනිවාර්යය කළ පරිදි කිසිදු අඩුවක් හෝ රැවටීමක් හෝ සිදු නොකර පූර්ණ ව ඉටු කරන තරමටම විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එවිට ‘කවුරුන් වෙනුවෙන් විය යුතු දැ’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ, මෙසේ පැවසුහ. පළමුව: "ශුද්ධ වූ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් විය යුතුය. එනම් ඔහුට අවංකව ක්‍රියා කිරීම, ඔහුට කිසිවක් හවුල් නොකිරීම, ඔහුගේ පරිපාලනත්වය, දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීම, ඔහුගේ කරුණ මහිමයට පත් කිරීම, ඔහුව විශ්වාස කරන මෙන් ඇරයුම් කර සිටීම යනාදිය තුළිනි." යැයි පැවසුහ. දෙවැන්න: ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් විය යුතුය. එය ශුද්ධ වූ අල් කුර්ආනයයි. එනම් එය ඔහුගේ ප්‍රකාශය බවත් ඔහුගේ අවසන් ග්‍රන්ථය බවත් ඊට පෙර පැවති සියලුම පිළිවෙත් එය වෙනස් කරන්නක් බවත් විශ්වාස කිරීම, එයට ගරුබුහුමන් කිරීම, එය කියවිය යුතු ආකාරයෙන් කියවීම, එහි අඩංගු නීති අනුව කටයුතු කිරීම, එහි එකිනෙකට සමාන දෑ හඳුනා ගැනීම, විකෘති කරන්නන්ගේ විකෘති අදහස්වලින් ඉවත් වීම, එහි උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීම, එහි ඇති දැනුම ව්‍යාප්ත කිරීම, ඒ වෙත ඇරයුම් කිරීම යනාදී කරුණු තුළිනි. තුන්වැන්න: අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් විය යුතුය. එනම්: සැබැවින්ම එතුමාණන් අවසන් දූතයා බව විශ්වාස කිරීම, එතුමාණන් ගෙන ආ දෑ සම්බන්ධයෙන් එතුමාණන්ව සහතික කිරීම, එතුමාණන්ගේ නියෝග පිළිපැදීම, එතුමාණන් තහනම් කළ දැයින් වැළකී සිටීම, එතුමාණන් ගෙන ආ දැයින් හැර වෙනත් කිසිවකින් අල්ලාහ්ට නමස්කාර නොකිරිම, එතුමාණන්ගේ අයිතියට ගරු කිරීම, එතුමාණන්ට ගෞරවය කිරීම, එතුමාණන්ගේ ඇරයුම ප්‍රචාරය කිරීම, එතුමාණන්ගේ පිළිවෙත ව්‍යාප්ත කිරීම හා එතුමාණන් ගැන පවතින අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කිරීම යනාදිය තුළිනි. සිව්වැන්න: මුස්ලිම් නායකයින් වෙනුවෙන් විය යුතුය. එය සත්‍ය සඳහා ඔවුන්ට උපකාර කිරීම, ඔවුන් සමඟ වාද විවාද නොකිරීම සහ අල්ලාහ්ට අවනත වන කටයුතුවල දී ඔවුනට සවන් දීම හා කීකරු වීම තුළිනි. පස්වැන්න: මුස්ලිම්වරුන් වෙනුවෙන් විය යුතුය. එය ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, සත්‍යය වෙත ඇරයුම් කිරීම, ඔවුනට අත්වන හානිදායක දැයින් ඔවුන් වැළැක්වීම, ඔවුනට සෙත සලසන්නට ප්‍රිය කිරීම, යහපත හා අල්ලාහ් පිළිබඳ මතකය ගෙන දෙන කටයුතු වලදී ඔවුනට සහයෝගය දී කටයුතු කිරීම යනාදිය තුළිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
رواه البخاري ومسلمසෑම මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෝග්යමත්භාවය සඳහාත් ඔහුගේ අස්ථි සන්ධි මොලවීමට හා දිගු හැරීමට හැකි සේ නිර්මාණය කර තිබීම සඳහාත් අල්ලාහ්ට කෘතඥ වනු පිණිස ඔහුගේ අස්ථි සන්ධි අතරින් සෑම පුරුකක ප්‍රමාණයට උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අමතර දානයක් පිරිනැමිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සැබැවින්ම එම දානය ඉෂ්ඨ වනුයේ සියලුම ආකාරයේ දැහැමි ක්‍රියාවන් තුළිනි. මුදල් පිරිනැමීමෙන් පමණක් සිදු නොවේ. ඒ අතරින්: දෙදෙනෙකු අතර මතගැටුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුක්තිය ඉටු කිරීම හා ඔවුන් අතර සමතයට පත් කිරීම දානයකි. අසරණ අයකු තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩුබාහිරාදිය ප්‍රවාහනය කරමින් ඒ සඳහා පහසුකම් සළසා දීම ද සදකාවකි. දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම හා සලාම් පැවසීම වැනි යහපත් ප්‍රකාශය ද සදකා වේ. සලාතය සඳහා පය තබන සෑම පියවරක් තුළින් ද සදකාවක් ඇත. මාර්ගයේ හානිදායක දෑ ඉවත් කිරීම ද සදකාවකි.
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්‍රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්‍යය ප්‍රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්‍රතිඥා දුන්නෙමු.)
متفق عليهපහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම පෙහොසත් හා දිළිඳු අවස්ථාවන්හි කටයුතු භාර අයගේ හා පාලකයින්ගේ නියෝග තමන්ට කැමති හෝ අකමැති වුව ද ඔවුනට අවනත වීම විෂයයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සහාබාවරුන්ගෙන් ප්‍රතිඥා ගත්හ. එය කෙතරම් දුරට ද යත්, පොදු අරමුදල්, නිලතල මෙන්ම වෙනත් දෑ භාරකරුවන් විසින් අවභාවිතා කළ ද, සැබැවින්ම යහපත් කටයුතුවලදී ඔවුනට සවන් දීම හා අවනත වීම අනිවාර්යය කර ඇත්තාහ. ඔවුනට එරෙහිව බැහැර නොවිය යුතුය. හේතුව ඔවුන් සමග සටන් කිරීමේදී ඇතිවන අර් බූදය හා කලහකාරිත්වය ඔවුන්ගේ අපරාධ හේතුවෙන් ඇතිවන අර් බුද හා කලහකාරීත්වයට වඩා බරපතල වන බැවිනි. තමන් සමග ගිවිසගත් දෑ සම්බන්ධයෙන් අල්ලාහ් වෙනුවෙන් එහි දී අවංකයින් ලෙස සෑම තැනකම සත්‍යය පැවසීමට බැඳී ඇත. දොස් නගන්නන්ගේ දොසට ඔවුන් බිය වන්නේ නැත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම නුඹලා මත නායකයින් ක්‍රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්‍රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමාණෝ: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය ඉටු කරන තාක්කල්" යනුවෙන් පැවසූහ.
رواه مسلمසැබැවින්ම නායකයින් අප පාලනය කරනු ඇති බවත්, ඔවුන්ගේ ඇතැම් ක්රීයාවන් ආගමට අනුකූල බව අප දන්නා බවත් එයට පටහැනි ඇතැම් දෑ අප ප්‍රතික්ෂේප කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. නමුත් වැළැක්වීමට නොහැකි තත්ත්වයක් මත එය හදවතින් හෝ පිළිකුල් කළේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් හා කුහකකමින් නිදොස් විය. අතින් හෝ වචනයෙන් වැළැක්වීමට හැකියාව තිබී යමෙකු එය ඔවුන්ගෙන් වැළැක්වූයේ නම්, සැබැවින්ම ඔහු පාපයෙන් මෙන්ම එයට හවුල් වීමෙන් වැළකෙනු ඇත. නමුත් කවරෙකු ඔවුන්ගේ ක්‍රියාව පිළිගෙන ඒ මත පිහිටා ඔවුන් අනුගමනය කළේ ද ඔවුන් විනාශ වී යන අයුරින්ම ඔහු ද විනාශ වී යනු ඇත. පසුව ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් "එවැන් ගුණාංග ඇති කටයුතු භාර උදවිය සමග අප සටන් කර, ඔවුන් එයින් වැළැක්විය යුතු නොවේ ද?"' යැයි විමසූහ. එවිට එතුමාණෝ: නැත. නුඹලා අතර ඔවුන් සලාත් ඉටු කරන තාක්කල්' යැයි පැවසූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."
رواه البخاريඅල්ලාහ්ගේ මහිමය හා ඔහුගේ කරුණාව පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. සැබැවින්ම මුස්ලිම්වරයකුගේ පුරුද්දක් ලෙස තමන් නිරෝගීව හා පදිංචිව සිටිය දී කරමින් ආ දැහැමි ක්‍රියාවන් වී නම්, පසුව ඔහු යම් හේතුවත් මත රෝගී තත්ත්වයට පත්ව එය ඉටු කිරීමට නොහැකි වූ විටෙක හෝ එය ඉටු කිරීමට නොහැකිව ගමනක නිරත වූ විටෙක, එය කවර හෝ බාධකයක් වුව ද ඔහු නිරෝගී තත්ත්වයේ හා පදිංචි ව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන පූර්ණ ප්‍රතිඵල ඔහුට ලියනු ලැබේ.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව තමීම් අද්-දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
رواه مسلمසැබැවින්ම ආගම අවංකත්වය හා සත්‍යය මත පදනම් වී ඇති බවත්, එය අල්ලාහ් අනිවාර්යය කළ පරිදි කිසිදු අඩුවක් හෝ රැවටීමක් හෝ සිදු නොකර පූර්ණ ව ඉටු කරන තරමටම විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එවිට ‘කවුරුන් වෙනුවෙන් විය යුතු දැ’යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: පළමුව: ශුද්ධ වූ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් විය යුතුය. එනම් ඔහුට අවංකව ක්‍රියා කිරීම, ඔහුට කිසිවක් හවුල් නොකිරීම, ඔහුගේ පරිපාලනත්වය, දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීම, ඔහුගේ කරුා මහිමයට පත් කිරීම, ඔහුව විශ්වාස කරන මෙන් ඇරයුම් කර සිටීම යනාදිය තුළිනි. යැයි පැවසුහ. දෙවැන්න: ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් විය යුතුය. එය ශුද්ධ වූ අල් කුර්ආනයයි. එනම් එය ඔහුගේ ප්‍රකාශය බවත් ඔහුගේ අවසන් ග්‍රන්ථය බවත් ඊට පෙර පැවති සියලුම පිළිවෙත් එය වෙනස් කරන්නක් බවත් විශ්වාස කිරීම, එයට ගරුබුහුමන් කිරීම, එය කියවිය යුතු ආකාරයෙන් කියවීම, එහි අඩංගු නීති අනුව කටයුතු කිරීම, එහි එකිනෙකට සමාන දෑ හඳුනා ගැනීම, විකෘති කරන්නන්ගේ විකෘති අදහස්වලින් ඉවත් වීම, එහි උපදෙස් පිළිබඳ අවධානය යොමු කිරීම, එහි ඇති දැනුම ව්‍යාප්ත කිරීම, ඒ වෙත ඇරයුම් කිරීම යනාදී කරුණු තුළිනි. තුන්වැන්න: අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් විය යුතුය. එනම්: සැබැවින්ම එතුමාණන් අවසන් දූතයා බව විශ්වාස කිරීම, එතුමාණන් ගෙන ආ දෑ සම්බන්ධයෙන් එතුමාණන්ව සහතික කිරීම, එතුමාණන්ගේ නියෝග පිළිපැදීම, එතුමාණන් තහනම් කළ දැයින් වැළකී සිටීම, එතුමාණන් ගෙන ආ දැයින් හැර වෙනත් කිසිවකින් අල්ලාහ්ට නමස්කාර නොකිරිම, එතුමාණන්ගේ අයිතියට ගරු කිරීම, එතුමාණන්ට ගෞරවය කිරීම, එතුමාණන්ගේ ඇරයුමට ප්‍රචාරය කිරීම, එතුමාණන්ගේ පිළිවෙත ව්‍යාප්ත කිරීම හැ එතුමාණන් ගැන පවතින චෝදනා ප්‍රතික්ෂේප කිරීම යනාදිය තුළිනි. සිව්වැන්න: මුස්ලිම් නායකයින් වෙනුවෙන් විය යුතුය: එය සත්‍යය තුළ ඔවුන්ට උපකාර කිරීම, ඔවුන් සමඟ වාද විවාද නොකිරීම සහ අල්ලාහ්ට අවනත වන කටයුතුවල දී ඔවුනට සවන් දීම හා කීකරු වීම තුළිනි. පස්වැන්න: මුස්ලිම්වරුන් වෙනුවෙන් විය යුතුය: එය ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීම, සත්‍යය වෙත ඔවුට ඇරයුම් කිරීම, ඔවුනට අත්වන හානිදායක දැයින් ඔවුන් වැළැක්වීම, ඔවුනට සෙත සලසන්නට ප්‍රිය කිරීම, යහපත හා අල්ලාහ් පිළිබඳ මතකය ගෙන දෙන කටයුතු වලදී ඔවුනට සහයෝගය දී කටයුතු කිරීම යනාදිය තුළිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාගේ මේ නිවසේ හිඳ කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
رواه مسلمමුස්ලිම්වරුන් අතර සුළු හෝ මහා හෝ කවර කටයුත්තක් හෝ වේවා එවැන්නක් භාර ගත් සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා කළහ. එය පොදු හෝ නියමිත කොටසකට පමණක් ආවේනික භාරකාරත්වයක් වේවා එක සමානය. ඔහු ඔවුන් අතර දුෂ්කරතා ඇති කොට ඔවුන් සමග මෘදු ලෙස කටයුතු නොකළේ නම්, සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ අදාළ ක්‍රියාවෙන්ම ප්‍රතිචාර දක්වමින් ඔහු වෙත දුෂ්කරතා ඇති කරනු ඇත. කවරෙකු ඔවුන් සමග කාරුණිකව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු පහසු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ද ඔහුට කාරුණික වී, ඔහුගේ කටයුතු ද පහසු කරනු ඇත.
සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට සවන් දී ඇත්තෙමි යැයි පවසා මඃකිල් ඉබ්නු යසාර් අල්-මුදනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”
متفق عليهසැබැවින්ම අල්ලාහ් සෑම කෙනෙකුවම ජනයාට වගකිව යුතු භාරකරුවකු බවට පත් කර ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. එය නායකයකු මෙන් පොදු භාරකාරත්වයක් වුව ද නිවසේ බිරියක් සිටින ගෘහ මුලිකයා මෙන් විශේෂිත භාරකාරත්වයක් වුව ද එක සමානය. ඔහු ඔහුගේ පාලනයේ අඩුපාඩු දක්වයි. ඇයට වංචා කරයි. ඇයට උපදෙස් නොදෙයි. ඇයගේ ආගමික මෙන්ම ලෞකික අයිතිවාසිකම් අපතේ යවයි. මෙම දරුණු දඬුවමට මොහු ද සුදුසුකම් ලබනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: “කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”
رواه مسلم"කවරෙකු කටයුතු භාර පාලකයාාටඅවනත වීමෙන් බැහැර වී, එක් නායකයකු මත ඒකාබද්ධ වූ ඉස්ලාමීය කණ්ඩායම වෙන් කර, එසේ අවනත නොවී වෙන් වූ තත්ත්වයේම මිය යැදුණේ ද, අඥාන යුගයේ වාසීන් මිය ගියාක් මෙන් ඔහු ද මියැඳෙනු ඇත. ඔවුන් නායකයාට අවනත වූයේ නැත. එක් කණ්ඩායමක් වෙත එකතු වූයේ ද නැත. ඔවුහු බෙදී වෙන්ව ගොස් එකිනෙකා මරා ගත්තෝය." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළහ. "සත්‍යයේ මුහුණුවර අසත්‍යයෙන් පැහැදිලි නොවන ධජයක් යටතේ සටන් කරන කවරෙකු වුව ද ඔහු කෝප වන්නේ තම ජනතාව හෝ තම ගෝත්‍රය කෙරෙහි වන උමතුව නිසා මිස ආගමට සහ සත්‍යයට සහාය දැක්වීමට නොවේ. එබැවින් ඔහු පැහැදිලි සාධකයකින් තොරව කිසිදු දැනුමකින් තොරව උමතුවාදයෙන් සටන් කරයි. ඔහු එම තත්වයේදී මරා දමනු ලැබුවහොත් එය අඥානයේ මියගියාක් හා සමාන ය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමාජයට විරුද්ධව කැරලි ගසන කවරෙකු වුව ද, ඔහු එහි ධාර් මිකයින් හා දුෂ්ඨයින් සියලු දනන් හට පහර දෙන අතර, ඔහු කරන දේ ගැන තැකීමක් නොකරයි. එහි දේවත්වය විශ්වාස කරන්නෙකු මරා දැමීමේ දඬුවමට ඔහු බිය නොවෙයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෝ ඔවුන්ගේ ගිවිසුම සමඟ කටයුතු කරන පාලකයන්ගේ ගිවිසුම ඉටු නොකරයි. එය කඩ කරයි. මෙය මහා පාපයන්ගෙන් එකකි. කවුරුන් එසේ කටයුතු කරන්නේද, මෙම දරුණු තර්ය ජනයට ඔහු සුදුස්සෙකු වන්නේය.