





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ අබ්දිල්ලාහ් අල්-ජදලීය්යි තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසා සිටියෙමි. එවිට ඇය මෙසේ පවසා සිටියාය: එතුමාණන් අසභ්‍ය ලෙස කතා කරන්නෙකු හෝ අසභ්‍ය ලෙස හැසිරෙන්නෙකු හෝ වෙළඳ වීදිවල උස් හඬින් කතා කරන්නෙකු හෝ නපුරට නපුරින් ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස නොසිටියහ. නමුත් එතුමාණන් (එය) නොසලකා හැර සමාව දෙන්නෙකු ලෙස සිටියහ.
رواه الترمذي وأحمدදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යහපත් ගුණාංග පිළිබඳ විමසන ලදී. එවිට ඇය මෙසේ පවසා සිටියාය. "එතුමාණන්ගේ ස්වභාවය තුළ එතුමා අසභ්‍ය අයකු හෝ එතුමාණන්ගේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ අසභ්‍ය ලෙස හැසිරෙන අයකු හෝ නොවූ අතර අසභ්‍ය ක්‍රියාවන්හි නිරත නොවූහ. එමෙන්ම වෙළඳ වීදිවල තම හඬ උස් කර කෑ මොර ගසන්නෙකු නොවූහ. නපුරට නපුරින් ප්‍රතිචාර නොදක්වා යහපතින් ප්‍රතිචාර දක්වන්නෙකු වූහ. අභ්‍යන්තරයේ ඇති දෑට සමාව දුන්හ. මතුපිටින් ඇති දෑ නොතකා එය නොසළකා හරින්නෙකු වූහ."
උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ වහලෙකු වූ හානී තුමා විසින් වාර්තා කරන ලදී: උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා මිනී වළක් අසළ සිට ගත් විට තම යටි රැවුල තෙත් වන තුරු හඬා වැළපෙයි. එවිට එතුමාගෙන්, "ස්වර්ගය හා අපාය ගැන මතක් කරනු ලබන විට ඔබ එසේ හඬා නොවැටෙන නමුත් මේ ගැන ඔබ හඬා වැළපෙන්නෙහිය?" යැයි විමසන ලදී. එවිට එතුමා මෙසේ පැවසීය, "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා ඇත." "සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත."
رواه الترمذي وابن ماجهදේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ පාලකයකු වූ උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා මිනී වළක් අසළ සිට ගත් විට තම යටි රැවුල කඳුලෙන් තෙත් වන තුරු හඬා වැළපෙයි. එවිට එතුමාගෙන් මෙසේ විමසන ලදී: ස්වර්ගය හා අපාය ගැන මතක් කරනු ලැබෙයි. ස්වර්ගය වෙත වූ ආශාවෙන් හෝ අපා ගින්න ගැන වූ බියෙන් හෝ ඔබ හඬා වැළපෙන්නේ නැත. නමුත් මේ මිනී වළ සම්බන්ධයෙන් ඔබ හඬා වැළපෙන්නෙහිද? එවිට එතුමා මෙසේ පැවසීය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. "සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් මිදී සමත් වූයේ නම්, ඉන් පසු ඇති ස්ථාන ඊට වඩා පහසු වනු ඇත. නමුත් එහි ඇති දඬුවමින් මිදීමට අසමත් වූයේ නම් එවිට ඉන්පසු එහි ඇති දඬුවම ඊට වඩා දරුණු වනු ඇත."
බහ්ස් ඉබ්නු හකීම් තුමා තම පියාගෙන් ද හෙතෙම තම සීයාගෙන් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය."
رواه أبو داود والترمذي وأحمدඋපකාර කිරීමටත්, යහපත සිදු කිරීමටත්, යහපත් ලෙස ගනුදෙනු කිරීමටත්, මනා ලෙස ආශ්‍රය කිරීමටත්, මිතු දම් පෑමටත්, සම්බන්ධකම් පැවැත්වීමටත් වඩාත් උචිතම අය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කරමින් එය මව යැයි පවසා සිටියහ. මව සතු වගකීම සහතික කරනු වස් එය තුන්වරක්ම පවසා ඇත්තාහ. එය සෙසු ජනයාට වඩා කිසිදු ව්‍යතිරේකයෙන් තොරව ඇය සතු මහිමය පැහැදිලි කිරීම පිණිසය. පසුව එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇයට පසුව යහපත කිරීමේ දී වඩාත් උචිත වනුයේ පියා බවත්, පසුව සමීප ඥාතීන් බවත්, පසුව අනෙකුත් ඥාතීන් බවත් දන්වා සිටියහ. වඩාත් සමීප වන සෑම අවස්ථාවකම දුරස්ව සිටින අයට වඩා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම වඩාත් ප්රමුඛ වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබිහුම්මදින් රසූලා" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය." තේරුම: (අල්ලාහ් පරමාධිපති ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් ධර්ම දූතයා ලෙසත් මම පිළිගත්තෙමි.)
رواه أبو داودනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: කවරෙකු "රළීතු බිල්ලාහි රබ්බන්" අල්ලාහ් මාගේ පරමාධිපතියාණන්, දෙවිඳාණන්, පරිපාලකයාණන්, රජාණන්, නායකයාණන් හා ප්‍රතිසංස්කරණය කරන්නාණන් යැයි පිළිගත්තෙමි. "වබිල් ඉස්ලාමි" ඉස්ලාමය, එහි නියෝග හා තහනම් අතර ගොඩනැගුණු සියලුම නීති සමග. "දීනන්" පිළිවෙත, නීතිය පිළිපදිමින් හා යටත් වෙමින් එය පිළිගත්තෙමි. "වබිහුම්මදින් රසූලා" මුහම්මද් තුමාණන් වෙත එවන ලද, එතුමාණන් විසින් අපට දන්වා සිටි සියලුම දෑ සමග වක්තෘවරයා ලෙස පිළිගත්තෙමි" යැයි පවසා සිටියේ ද ඔහුට ස්වර්ගය නියම විය.
උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හෙතෙම බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම අකබා රාත්‍රියේ ප්‍රමුඛයින් අතරින් කෙනෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ ප්‍රකාශ කළ අවස්ථාවේ එතුමාණන් වටා එතුමාණන්ගේ අනුගාමිකයෝ සිටියහ. "අල්ලාහ්ට කිසිවක් ඔබ ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, ඔබේ දරුවන් ඔබ මරා නොදමන බවටත්, ඔබේ අත් හා ඔබේ පාද අතර ඔබ ගොතන අවලාද ගෙන නොයන බවටත්, යහපත් කටයුතුවලදී පිටු නොපාන බවටත් ඔබ මට ප්‍රතිඥා දෙන්න. ඔබ අතරින් කිසිවකු හෝ මෙය ඉටු කළේ නම්, ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි දඬුවම් කරනු ලබන අතර එය ඔහුට ප්‍රතිකර්මයක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූවකි. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් කරනු ඇත." පසුව අපි ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්නෙමු.
متفق عليهඋබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මහා බද්ර් යුද්ධයට සහභාගී වූ අයෙකි. එමෙන්ම -අල්ලාහ්ගේ දූතයාණන් මදීනාවට හිජ්රත් කිරීමට පෙර මක්කාවේ රැඳී සිටියදී- මිනාහි අකබා රාත්‍රියේ දී අල්ලාහ්ගේ දූතයාණන් හට තමන් උදව් කරන මෙන් ප්‍රතිඥා දීමට පෙරමුණ ගත් අය අතරින් ඔහුගේ ප්‍රජාවේ ප්රමුඛ අයෙකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සහාබාවරුන් අතර වාඩි වී සිටිය දී කරුණු කිහිපයක් මත තමන්ට ප්‍රතිඥා දෙන මෙන් එතුමාණෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. පළමුවැන්න: සුළු ප්‍රමාණයෙන් වුව ද අල්ලාහ්ට නැමදුමෙහි කිසිවක් ඔවුන් ආදේශ නොකරන බවටත්, දෙවැන්න: ඔවුන් සොරකම් නොකරන බවටත්, තුන්වැන්න: කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, සිව්වැන්න: ඔවුන්ගේ පිරිමි දරුවන් දිළිඳුකමට බියෙන් හා ගැහැණු දරුවන් ලැජ්ජාවට බියෙන් ඔවුන් මරා නොදමන බවටත්, පස්වැන්න: ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් ගොතන ලද බොරු නො ගෙනන බවටත්, සෙසු ශරීර අවයව එහි හවුල් වුව ද බොහෝ විට එම ක්‍රියාවන් සිදුවනුයේ ඒ දෙක තුළිනි. හයවැන්න: යහපත් කටයුතුවලදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පිටු නොපාන බවටත් ය. කවරෙකු එම ප්‍රතිඥාව මත පදනම්ව ඒවා පිළිපදින්නේ ද ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් මත වන්නේය. -ෂිර්ක් හෙවත් දේව ආදේශය හැර- සඳහන් කරන ලද දැයින් කිසිවක් හෝ යමෙක් සිදු කළේ ද මෙලොවෙහි ඔහුට දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එය ඔහුට ප්‍රතිකර්මයක් වන අතර පාපය ඔහුගෙන් ඉවත් වීමට රුකුලක් වේ. මේවායින් කිසිවක් හෝ යමෙක් සිදු කොට පසුව අල්ලාහ් එය වසන් කළේ ද එය අල්ලාහ් වෙත වූ කරුණක් වන්නේය. ඔහු අභිමත කළේ නම් ඔහුට සමාව දෙනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුට දඬුවම් දෙනු ඇත. පසුව සහභාගි වී සිටි සියලු දෙනා ඒ සඳහා එතුමාණන්ට දිවුරුම් දුන්හ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!"
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ සඳහන් කළහ: ඉස්ලාමය මිනිසුන් කිහිප දෙනකුගෙන්, පවුලේ සුළු පිරිසකගෙන් අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය මෙුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම එය ක්‍රියාත්මක කරන පිරිස අඩුවී නැවත අමුතු දෙයක් ලෙසම පෙරළී යනු ඇත. එවිට එය නාදුනන දෙයක් බවට පත්වනු ඇත. එබැවින් එවන් ආගන්තුකයින්ට සුබ ම වේවා! ඔවුනට සතුට හා නෙත් පිනවන්නක් වේවා!
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි. සැබැවින්ම සුළු පාපයන් වනාහි මිටියාවතක් මධ්‍යයේ ගොඩ බසින පිරිසක් මෙනි. ඇතැමුන් කෝටු සමග පැමිණෙයි. තවත් ඇතැමුන් ද කෝටු සමග පැමිණෙයි. අවසානයේ එමගින් ඔවුන්ගේ රොටි පිළියෙල කර ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, කවර අවස්ථාවක අදාළ පුද්ගලයා එමගින් ග්‍රහණය කරනු ලබන්නේ ද එය ඔහුව විනාශ කර දමනු ඇත."
رواه أحمدකුඩා පාපයන් සිදු කිරීම සම්බන්ධව නොසැළකිලමත්කම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කළහ. එය වැඩි වී යයි. එවිට ඒ සියල්ලෙහි එකතුවෙන් ඔහුව විනාශ කර දමයි. ඒ සඳහා උපමාවක් ලෙස මිටියාවතක් මධ්‍යයේ ගොඩ බැස්ස පිරිසක් සඳහන් කළහ. ඔවුන් අතරින් සෑම කෙනෙකුම කුඩා කොටුවක් සමග පැමිණෙයි. අවසානයේ රැස් කරනු ලැබූ කෝටු එකතුවෙන් ඔවුහු ඔවුන්ගේ රොටි පිස ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, අදාළ තැනැත්තා ඒවා සිදු කර ඒ සඳහා පාපක්ෂමාවෙහි නිරත නොවූ යේ නම් හෝ අල්ලාහ් ඒ ගැන ඔහුට සමාව නොදුන්නේ නම්, ඒවා ඔහුව විනාශ කර දමනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."
رواه البخاري في الأدب المفرد وأحمد والبيهقيමහිමයන් සාරධර්ම හා යහපත් ගුණාංග පරිපූර්ණ කිරීම සඳහා සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් තමන්ව එවා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ අනුව එතුමාණන් පෙර සිටි දූතවරුන් අතර තිබූ දෑ පරිපූර්ණ කිරීමක් ලෙසත් අරාබිවරුන්ගේ යහපත් සදාචාරයේ හීන පූරණයක් ලෙසත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවනු ලැබ ඇත. ඔවුහු යහපත් දේට ප්‍රිය කළ අතර අයහපත් දෑට වෛර කළෝය. පෞරුෂත්වය ඇති, ත්‍යාගශීලී සහ ධෛර්ය සම්පන්න පුද්ගලයින් වූහ. නමුත් ඔවුන්ගේ සදාචාරයන් තුළ තිබූ පරම්පරාවන් පිළිබඳ තිබූ අහංකාරකම, උඬඟුකම, දිළින්දන් හා වෙනත් අය අවතක්සේරු කිරීම වැනි අඩුපාඩු පූර්ණවත් කරනු පිණිස එතුමාණන්ව එවන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."
متفق عليهඅල්-හදීස් අල්-කුද්සි හෙවත් දිව්‍ය වචන සහිත නබි ප්‍රකාශයක උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. "මිනිසා මට හිංසා කරයි. දොස් නගයි. එය ව්‍යසන හා විපර්යාසයන් පහළ වන අවස්ථාවේ ඔහු කාලයට බැණ වදිමින් හා දොස් නගිමිනි. මක්නිසාද යත් සැලසුම් කරන්නා සුවිශුද්ධ අල්ලාහ් පමණක් වන බැවින් හා සිදුවන දෑ ක්‍රියාත්මක කරන්නා ඔහු වන බැවිනි. එබැවින් කාලයට දොස් නැගීම යනු සර්වබලධාරී අල්ලාහ්ට දොස් නැගීමකි. කාලය වනාහි සැබැවින් එය වසඟ කර දෙනු ලැබූ මැවීමකි. එහි සිදුවීම් ක්‍රියාත්මක වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය මත ය."