





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි."
متفق عليهව්‍යාපාර ගනුදෙනුවලදී සත්‍යය වුව ද අධික ලෙස දිවුරා සිටීම සම්බන්ධව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එය භාණ්ඩවල ජනප්‍රියතාව සඳහා කෙරෙන හේතු සාධයක් බව ද දන්වා සිටියහ. සැබැවින්ම එය ඉපැයීමේ සහ ලාභයේ සමෘද්ධිය හීන කිරීමක් හා අහිමි කිරීමකි. සොරකමට ලක්වීම, ගිනිබත්වීම, දියේ ගිලීයාම, කොල්ලකෑම, මංකොල්ලය හෝ දේපළ විනාශ කළ හැකි වෙනත් ක්‍රම මගින් ඔහුව විනාශ කළ හැකි දෑ සර්වබලධාරි අල්ලාහ් ඔහු මත පැටවිය හැක.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා සුළඟට දොස් නොකිනු. නුඹලා පිළිකුල් කරන දෙයක් දුටු විට اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ الرِّيحِ وَخَيْرِ مَا فِيهَا وَخَيْرِ مَا أُمِرَتْ بِهِ، وَنَعُوذُ بِكَ مِنْ شَرِّ هَذِهِ الرِّيحِ وَشَرِّ مَا فِيهَا وَشَرِّ مَا أُمِرَتْ بِهِ ‘අල්ලාහුම්ම ඉන්නා නස්අලුක මින් කයිරි හාදිහිර් රීහි, වකයිරි මා ෆීහා වකයිරි මා උමිරත් බිහී. වනඌදු බික මින් ෂර්රි හාදිහිර් රීහි වෂර්රි මා ෆීහා වෂර්රි මා උමිරත් බිහී.’ (අහෝ අල්ලාහ්! මෙම සුළගේ යහපත ද එහි තුළ ඇති යහපත ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි යහපත ද මම ඔබෙන් පතමි. එමෙන්ම මෙම සුළගේ හානියෙන් ද එහි තුළ ඇති හානියෙන් ද එයට කවර කරුණක් නියෝග කරනු ලැබ ඇත්තේ ද එහි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) යනුවෙන් පවසනු.
رواه الترمذيසුළඟට දොස් නැගීම හෝ ශාප කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය එහි මැවුම්කරුගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. එය ආශිර්වාදය හෝ දඬුවම හෝ ගෙන දෙනු ඇත. එයට දොස් නැගීම එහි මැවුම්කරුවන දෙවියන් වහන්සේට දොස් නැගීමක්, ඔහුගේ නියමය කෙරෙහි කෝපවීමක් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි මැවුම්කරු අල්ලාහ් වෙත යොමුවන්නට මග පෙන්වූහ. එය එහි යහපත, එහි තුළ ඇති යහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලබන්නේ ද එහි යහපත එනම් වර්ෂාව ගෙන දීම,බීජ ව්‍යාප්ත කිරීම යනාදී යහපත පැතීමෙන් හා එහි අයහපත, එහි තුළ ඇති අයහපත හා එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි අයහපත, එනම් ගහකොළ පැළෑටි විනාශ වී යාම, ගොවිපළ සතුන් විනාශ වී යාම හා ගොඩනැගිලි කඩා වැටීම වැනි අයහපත් දැයින් ආරක්ෂාව පැතීමෙනි. මෙලෙස අල්ලාහ්ගෙන් අයැද සිටීම අල්ලාහ් වෙනුවෙන් වන ගැතිභාවය සහතික කරනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව. ඔබ අභිමත කළේ නම් මට පෝෂණය කරනු මැනව!' යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිත්වා! සබැවින්ම අල්ලාහ් තමන් කැමති පරිදි කටයුතු කරයි. එය පිළිකුල් කරන්නෙකු නැත.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්ථාවක: ‘ඉල්ලා සිටින දෑ අවධාරනයෙන් ඉල්ලා සිටිය යුතු අතර දැඩි ලෙස අපේක්ෂා කළ යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහුට පිරිනමන කිසිවක් (අල්ලාහ් වන) ඔහුට ඉමහත් දෙයක් නොවනු ඇත.’
متفق عليهප්‍රාර්ථනාවක් සමග යමක් අල්ලාහ් අභිමත කළේ නම් යැයි වුව ද (කොන්දේසි වශයෙන්) සම්බන්ධ කර ප්‍රාර්ථනා කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් මිස සමාව නොලැබෙන බව ස්ථීර හා හොදින් දන්නා කරුණකි. නමුත් එම අභිමතය කොන්දේසියක් මත නොවිය යුතුය. මක්නිසාද යත් කොනේදේසි වශයෙන් පනවනු ලබනුයේ සිදු කරන්නට හැකි උදවිය අතරය. නමුත් එය බල කිරීමක් නැත යැයි, තවත් හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ බව පැහැදිලි කර ඇත්තාය. සැබැවින්ම එය ඔහුට කරන බලකිරීමක් නොවන බවයි. සැබැවින්ම අල්ලාහ්ට කිසිවක් ඉමහත් දෙයක් නොවුව ද ඔහු එය පිරිනමයි. ඔහු අපොහොසත් අයකු නොවේ, "ඔබ අභිමත කළද" යනුවෙන් පවසනු ලැබුව ද ඔහු මත කිසිවක් විශාල නොවේ. අභිමතය සමග එසේ සම්බන්ධ කිරීම ඔහුගේ සමාව අවශ්‍ය නොවන බව පවසා සිටින ආකාරයකි. එසේ පවසා සිටින්නාගේ ප්‍රකාශය මෙසේ වෙයි. "එසේ ඔබ මට පිරිනැමීමට කැමති නම් එය සිදු කරන්න." මෙය භාවිතා කරනුයේ එය ඔහුට අවශ්‍ය නොවන බැවිනි. එසේ නැතහොත් ඔහු අපොහොසත් අයකු වන බැවිනි. සැබැවින්ම හැකියාව සමග බැගෑපත්වීමත් සමග තම අවශ්‍යතාව අවධාරණය කිරීම සැබැවින් ඔහු පතන දෑ බලවත් කරයි. ඔහු අවශ්‍යතාවෙන් පෙළෙන, විමසා සිටින්නට බල කෙරුණු අයකුගේ පැතුමන් ඉල්ලීම් ඉල්ලා සිටියි. අල්ලාහ් වෙත යොමු වෙයි. මක් නිසාද යත් ඔහු මුළුමණින්ම අවශ්යතාවන්ගෙන් තොර හා සියලු දෑ කෙරෙහි බලය ඇත්තා වන බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!"
رواه الترمذي وأحمدඅවමානය, අපහාසය හා අලාභයට පත්, විනාශ වී යන්නට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පාර්ශව තුනකට එරෙහිව ප්‍රාර්ථනා කළහ. පළමු පාර්ශවය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය ඔහු අබියස මෙනෙහි කරනු ලැබූ විටෙක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යැයි පවසමින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පවසමින් එතුමාණන් වෙත සලවාත් නොපවසන තැනැත්තා. දෙවැන්න: කවරෙකු රමළාන් මාසයට පිවිස, තමන් කළ ක්‍රියාවන්හි සිදු වූ අඩුපාඩු සඳහා සමාව අයදින්නට පෙර එම මාසය ගෙවී ගියේ ද, එවන් අය. තුන්වැන්න: තමන් ළඟ වයෝවෘද්ධ දෙමාපියන් හිඳ ඔවුන් දෙදෙනාගේ වගකීම් පැහැර හැරීම හා හිංසා පීඩා කිරීම නිසාවෙන් ඔවුන් දෙදෙනාව ස්වර්ගයට පිවිසීමේ සාධකයක් බවට පත්කර නොගන්නා.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
رواه أبو داود والترمذي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින් මුස්ලිම්වරුන් දෙදෙනෙකු යම් මාර්ගයක හෝ එවැනි යම් ස්ථානයක හෝ මුණ ගැසී ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අනෙක් අය වෙත අතිනත දී සලාම් පවසා සිටියේ නම්, ඔවුන් දෙදෙනා ශාරීරිකව වෙන්වීමට පෙර හෝ අතිනත දී අවසන් වීමට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."
رواه مسلم"සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලි අතර ඇඟිලි දෙකක් මධ්‍යයේ එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි". යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අභිමත කළේ නම් එය සත්‍යය මත පිහිටුවාලයි. ඔහු අභිමත කළේ නම් සත්‍යයෙන් ලිස්සා යන්නට ඉඩ හරියි. සියලුම හදවත් ක්‍රියා කරවනුයේ එක් හදවතක් ක්‍රියා කරවන පරිදිය. අල්ලාහ්ගේ එක් කටයුත්තක් තවත් කටයුත්තක කාර්යබහුල නොකරයි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. "අල්ලාහුම්ම මුසර්රිෆුල් කුලූබ්" (අහෝ දෙවිඳුනි, විටෙක අවනතභාවය වෙත හා තවත් විටෙක පිටුපෑම වෙත ද තවත් විටෙක දෙවියන් සිහිපත් කිරීම වෙත හා ඒ ගැන නොසැලකිලිමත් කම වෙතද - හදවත් ක්රියාකරවන්නාණනි!) සර්රිෆ් කුලූබනා අලා තාඅතික (අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපෙන් යමක් සවන් දී එය ඇසූ ආකාරයටම ප්‍රකාශ කර සිටින තැනැත්තාට අල්ලාහ් සතුට ගෙන දෙයි. එයට සවන් දුන් තැනැත්තාට වඩා එය දන්වා සිටින තැනැත්තා වඩා අවබෝධයක් ඇත්තෙකු විය හැක.
رواه الترمذي وابن ماجه وأحمدකවරෙතු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට සවන් දී අන් අයට එය දන්වා සිටිය හැකි පරිදි එය කටපාඩම් කර ගත්තේ ද ඔහු වෙනුවෙන් මෙලොව අලංකාරය, සතුට හා ප්‍රමෝදය සඳහා ද ස්වර්ගයේ පවතින සැපත හා මතුලොවෙහි පවතින ආශිර්වාදය හා සතුට වෙත අල්ලාහ් සේන්දු කරවීම සඳහාද ප්‍රාර්ථනා කළහ. ඇතැම් විට හදීසය දැනුම් දෙන තැනැත්තාට වඩා එය ලබන තැනැත්තා වඩාත් ධාරණ හැකියාව ඇති, වඩාත් අවබෝධයක් ඇති ඉන් කරුණු මනා ලෙස පරිශීලනය කර ගත හැකි අයකු විය හැක. ඒ අනුව පළමුවැන්නා ධාරණය කිරීමට හා සම්ප්‍රේශණය කිරීමට බැඳී ඇති අතර දෙවැන්නා වටහා ගැනීමටත් කරුණු පරිශීලනය කර මතු කර ගැනීමටත් බැඳී සිටියි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”
متفق عليهස්වර්ගයේ ඇති ඇතැම් සුව පහසුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයාට ස්වර්ගයේ සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද විශාල කූඩාරමක් සතු වේ. එහි පළල හා අහස දෙසට වූ එහි උස සැතපුම් හැටකි. සෑම පැතිකඩකම කොණකම කෙළවරකම භාර්යාවන් සිටිති. ඔවුන් එකිනෙකා අනෙකාව නොදකිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නා ඔවුන් වටා සැරිසරනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."
متفق عليهඋත්තරීතර සර්වබලධාරී අල්ලාහ් පවසා සිටි බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. කිසිදු ඇසක් එහි ස්වභාවය නොදුටු, කිසිදු කනක් එහි ගුණාංග ගැන සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් එය කුමක්දැයි කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් හට ගෞරවයක් ලෙස ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ සූදානම් කර ඇත්තෙමි. අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් කියවා බලන්න. "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී." (අස්-සජදා: 17)