





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සුජූද්හි මෙසේ ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව!) එය වසන් කර, මට ආරක්ෂාව දෙනු මැනව! ඒවා පිළිපැදීමෙන් මා ආරක්ෂා කරනු මැනව! සමාව දී, වැරදි කමා කර නිදහස් කරනු මැනව! "කුල්ලහූ" (සියල්ලට) එනම් "දික්කහූ" කුඩා හා සුළු, "වජිල්ලහු" විශාල හා මහා, "වඅව්වලහු" මුල් පාපය, "වආකිරහු" අවසන් පාපය, එනම් ඒ අතර ඇති දෑ "වඅලානියතහු වසිර්රහූ" සුවිශුද්ධ අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා දැයින් ප්‍රසිද්ධ හා රහසිගත යනාදී පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”
رواه مسلمශාප කිරීමට සුදුසු නැති අයට, අධික ලෙස ශාප කරන්නා දඬුවම් දෙකකට සුදුස්සන් බවට පත් වනු ඇත. පළමුව: ප්‍රජාවක් වෙත ඔවුන්ගේ දූතවරුන් දිව්‍ය පණිවිඩය දන්වා සිටීම ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවකු ලෙස පෙනී නො සිටිනු ඇත. ඔහුගේ දුෂ්ටකම හේතුවෙන් මෙලොව ජීවිතයේදී ද ඔහුගේ සාක්ෂිය පිළිගනු නොලැබන අතර ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ ජීවිතක්ෂයට පත්ව සිටිය ද එය සාක්ෂියක් බවට පිළිගනු නොලබනු ඇත. දෙවැන්න: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නට නියම වූ තම සහෝදරයන් විෂයයෙහි දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් මැදිහත් වන මොහොතේ, මැදිහත් වීමේ අවස්ථාව මොහු නො ලබනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ජීවමානය, ත්යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත තම අත් දෙක ඔසවන විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.”
رواه أبو داود والترمذي وابن ماجهප්‍රාර්ථනාව අතරවාරයේ තම දෙඅත් එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවධාරණය කර ඇත. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් ලැජ්ජාශීලී බව ද එතුමාණෝ දන්වා සිටියහ. එනම් අධික ලෙස ඔහු ලැජ්ජාශීලීය. පිරිනැමීම අත් නොහරින අතර ගැත්තා සතුටුවන දෑ සිදු කරයි. ඔහුට හානිදායක දෑ අත් හරී. ඔහු ත්යාගශීලීය. කිසිදු ඉල්ලීමකින් තොරව ඔහු පිරිනමයි. එසේ නම් ඉල්ලා සිටි විටෙක එහි පිළිතුරු කෙසේ වනු ඇත් ද! දේවත්වය විශ්වාස කරන මුඃමින් ගැත්තෙක් ප්‍රාර්ථනා කිරීමට ඔහුගේ අත් දෙක එස වූ විට, ඒ දෙක කිසිවක් නොමැතිව හිස් අතින් යැවීමටත් ඔහුගේ පිළිතුරු ගැන කලකිරෙන පරිදි නැවත හරවා යැවීමටක් ඔහු ලැජ්ජා වන්නේය.
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය වූ ජුවෙයිරිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇය මස්ජිදයේ වාඩි වී සිටිය දී ඈ වෙතින් සුබ්හු සලාතය ඉටු කර උදෑසනින්ම පිටත්ව ගියහ. පසුව හිරු උදාවෙන් පසු නැවත හැරී ආහ. ඒ වනවිටත් ඇය වාඩි වී සිටියාය. "මා ඔබෙන් වෙන් වූ අවස්ථාවේ ඔබ සිටි ස්ථානයේම ඔබ තවමත් සිටින්නෙහි ද?" යැයි විමසුහ. ඇය: "එසේය" යැයි පිළිතුරු දුන්නාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ කීහ. "සැබැවින්ම මම ඔබ හැර දමා ගිය පසු පද හතරක් තුන් වරක් ප්‍රකාශ කර සිටියෙමි. අද දිනයේ ඔබ පවසා සිටි දෑ සමග එය කිරා බැලුවේ නම්, ඒවා බරින් වැඩිය. එනම්: සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද හල්කිහි, වරිළා නෆ්සිහි, වසිනත අර්ෂිහී, වමිදාද කලිමාතිහි."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම බිරිය වූ දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණිය් වූ ජුවෙයිරිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය වෙතින් සුබ්හු සලාතය ඉටු කර දහවල් ආරම්භයේම පිටත්ව ගියහ. එය ඇය සලාතය ඉටු කළ ස්ථානයේ වාඩිවී සිටිය දීය. පසුව මධ්‍යහ්නේ ලුහා වේලාවේ නැවත හැරී ආහ. ඒ වන විටත් ඇය එම ස්ථානයේම වාඩි වී සිටියාය. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. මම ඔබෙන් වෙන්ව ගිය තත්ත්වයේම ඔබ තවමත් සිටින්නෙහි ද? ඇය: එසේය යැයි පැවසුවාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ඔබ හැර ගිය පසු මම පද හතරක් පැවසුවෙමි. ඒවා තුන් වරක් ප්‍රකාශ කළෙමි. ඔබ වාඩි වී ගත කළ මුළු කාලය පුරාවටම ඔබ පවසා සිටි දෑ ඒවායෙහි ඇති කුසල් සමග සසදා බැලුවේ නම් ඒවා මෙයට වඩා උචිත වනු ඇත. "සුබ්හානල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය) සියලුම අඩුපාඩුවලින් ඔහු පිවිතුරුය. "වබිහම්දිහි" (ඔහුගේ ප්‍රශංසාවෙන්) පිදෙන යහමඟ පෙන්වා දීමේ අලංකාර ප්‍රශංසාවෙන්. "අදද හඃල්කිහි" (ඔහුගේ මැවීමේ ප්‍රමාණය) අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට ඒවා ගණනය කළ නොහැක. "වරිළා නෆ්සිහි" (තමන් තෘප්තිමත් වන ප්‍රමාණයට) තමන් පිළිගත් තම ගැත්තන් ගැන තෘප්තිමත් වන ප්‍රමාණයටය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. "වසිනත අර්ෂිහි" (ඔහුගේ රාජධානියේ ප්‍රමාණය) එය මැවීම් අතරින් අති විශාලය; බරය. "වමිදාද කලිමාතිහි" (ඔහුගේ වදන්හි ප්‍රමාණයට) අල්ලාහ්ගේ වදන්වලට සීමාවක් නැත; නිමක් නැත. මෙය කොටස් තුනක් ආදාල කර ගන්නා අතර ඒවා සියල්ල ආවරණය කරයි. සැබැවින්ම සුවිශුද්ධයාණන්ගේ වදන් හි ප්‍රමාණයට අවසානයක් නැත. එයට ස්වරූපයක් නැත සීමාවක් නැත. නමුත් මෙහි අදහස වනුයේ: අධිකත්වය පෙන්වීම අතිශයෝක්තියයි. සැබැවින්ම මැවීම්හි ප්‍රමාණයන් අතරින් අධිකත්වය ගණන් කිරීම සීමා වන දෑ ගැන පළමුව මෙනෙහි කර; පසුව ඊට වඩා බලවත් දෑ වෙත එය ගෙන ගොස් තම තෘප්තිය ගැන මෙනෙහි කර සිටියේය. පසුව ඉමහත් මැවීමේ ප්‍රමාණය දන්වා සිටියේය. එය ඔහුගේ රාජධානියයි. පළමුවැන්න ගණනය හා ප්‍රමාණය සඳහා විය. දෙවැන්න ස්වභාවය හා ක්‍රමය සඳහා විය. තුන්වැන්න විශාලත්වය හා බර සඳහා විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත."
رواه أبو داود والترمذي والنسائي في الكبرىඅල්ලාහ්ව සිහිපත් කිරීම ගැන නොසැළකිලිමත් වීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කර ඇත්තාහ. යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් සභාවක අසුන් ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම සභාව ඔහුට පාඩුවක්, පසුතැවිල්ලක්, අලාභයක් හා අඩුවක් වනු ඇත. කෙසේ නමුත් ඔහු අභිමත කළේ නම් ඔවුන්ගේ පෙර පාපකම් සඳහා සහ ඔවුනට සිදු වූ අඩුපාඩුකම්වලට ඔහු ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය හා කරුණාව තුළින් ඔහු ඔවුනට සමාව දෙනු ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නුඹලා අතරින් මට වඩාත් ප්‍රියමනාප, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් සභිකයින් ලෙස මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් වඩාත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම සැබැවින්ම මට වඩාත් කෝපය ගෙන දෙන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් (අධික ලෙස කතා කරන්නන්) හා අල් මුතෂද්දිකූන් (දීර්ග ලෙස කතා කරන්නන්) හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අහෝ අල්ලාහ්ගේ දූතයාණනි!, අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් කවුරුන්දැයි අපි හඳුනමු. නමුත් "මුතෆයිහිකූන්" යනු කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමාණෝ: ‘උඩඟුවූවෝ වෙති’ යැයි පැවසූහ.
رواه الترمذيසැබැවින්ම මෙලොවෙහි තමන්ට වඩාත් ප්‍රියමනාප, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් තමන්ට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් වඩාත් සාරධර්ම ඇත්තවුන් බවත් එමෙන්ම සැබැවින්ම තමන්ට වඩාත් කෝපය ගෙන දෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් තමන්ට වඩාත් දුරස් අය වන්නේ "අස්සර්සාරූන්" (අධික ලෙස කතා කරන්නන්) සත්‍යයෙන් හා කරුණාවෙන් බැහැරව අධික ලෙස කතා කරන්නන්, "අල් මුතෂද්දිකූන්" (දීර්ග ලෙස කතා කරන්නන්) පූර්වාරක්ෂාවකින් හෝ ප්‍රවේශම් නොවී පුළුල් ලෙස, දිගු ලෙස වාචාලව කතා කරන්නන් සහ "අල් මුතෆයිහිකූන් වෙති යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි "අස් සාර්සාරූන්" හා "මුතෂද්දිකූන්" කවුරුන්දැයි හඳුනමු. නමුත් "මුතෆයිහිකූන්" කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමාණෝ: ‘තම මුඛවල් විවෘත කරමින්, දිගු ලෙස කතා කරමින්, මිනිසුන්ට අපහාස කරමින්, උඩඟුවෙන් කටයුතු කරන්නෝ වෙති" යැයි පැවසූහ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය."
رواه مسلم"කවරෙකු තම පරමාධිපතිට අවනත වී, යහමග ලබා, ඉස්ලාමය වෙත ආශිර්වාද කරනු ලැබ, අඩු වැඩි වීමකින් තොරව තම අවශ්‍යතාවේ ප්‍රමාණයට අනුව හලාල් (නිත්‍යානුකූල) ආකාරයෙන් පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔහු තෘප්තියට පත්වන සෑහීමට පත්වන පුද්ගලයකු බවට පත් කළේ ද සැබැවින්ම ඔහු සාර්ථක විය, ජය ලැබීය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."
رواه الترمذي وابن ماجهඅහෝ මුස්ලිම්වරුනි! ඔබ අතරින් කවරෙකු හෝ ඔහුගේ ශරීරයේ ලෙඩ රෝගවලින් තොර ව නීරෝගීව හා ඔහුගේ පවුල තුළ, ඔහුගේ දරුවන් තුළ, ඔහු යන එන මාර්ගයේ කිසිදු බියකින් තොරව ආරක්ෂිතව ඔහු අවදි වී, ඔහු සතුව දෛනික අනුමත ආහාරවේල ලබා ඇත්තේ ද එය ඔහුට මොලොව මුළුමණින්ම ඒකරාශී කර දෙනු ලැබුවාක් මෙනි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්‍රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ.
رواه أبو داود وأحمدමෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන වචන අඩු වුව ද පුළුල් අර්ථයෙන් සංෂිප්ත ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කිරීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රිය කළහ. එහි උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම් හා යහපත් අරමුණු ඇතුළත් වූ අතර ඒ හැර අනෙකුත් දෑ අත්හැර දැමූහ.