Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
අධික ලෙස පාපොච්චාරණය කර සමාව අයදින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට නියෝග කළහ. එමෙන්ම තමන් පෙර කළ හා පසු කළ පාපයන්ට සමාව දෙනු ලැබ තිබිය දී පවා තමන් අල්ලාහ් වෙත පාපොච්චාරණය කර, දිනකට සිය වාරයකට වඩා අධික ලෙස ඔහුගෙන් සමාව අයදින බව එතුමාණෝ තමන් ගැනම දන්වා සිටියහ. මේ සෑම දෙයකම කිර්තිමත් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ පූර්ණ යටහත්භාවය හා ගැතිභාවය ඇතුළත්ව ඇත.
සැබැවින්ම "පිරිමියකුගේ වේටිටිය තිබිය යුත්තේ කෙසේදැ?"යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පිරිමියකුගේ පහළ කොටස ආවරණය කළ යුතු දෑ සඳහා තත්ත්වයන් තුනක් තිබේ. පළමුවැන්න: වඩාත් යෝග්‍යය වනුයේ කෙණ්ඩයේ අඩක් දක්වා පවතින කොටස ආවරණය කිරීමය. දෙවැන්න කිසිදු හෙළා දැකීමකින් තොරව අනුමත කොටස. එය වළලු කර දක්වා වූ කොටසයි. එය පාදය කෙණ්ඩ සන්ධියේ ඉදිරියට නෙරා ඇති අස්ථි දෙකය. තුන්වැන්න: තහනම් කොටස එනම් වළලු කරට වඩා පහළින් පිහිටන සේ ඇඳීමය. එහිදී අපා ගින්න ඔහුට නියම වීම ගැන ඔහු බිය විය යුතුයි. එය ඔහු අහංකාරයට ප්‍රදර්ශනයට හා අපරාධී ලෙස සිදු කර ඇත්නම් අල්ලාහ් ඔහුගේ ආශිර්වාද බැල්මෙන් ඔහු දෙස බලන්නේ නැත.
අර්බුදකාරී, දුෂ්කර, මිනිස් ඝාතන සිදුවන, මිනිසුන්ගේ කටයුතු අවුල්සහගත වී ගිය තත්ත්වය තුළ නැමදුම් වෙත යොමු වීමට එය පිළිපැදීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. සැබැවින්ම එහි ප්‍රතිඵලය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හිජ්රත් හෙවත් නික්ම ගියා වැනිය. ඊට හේතුව මිනිසුන් ඒ ගැන නොසළකා හරිමින් හා වෙනත් කටයුතුවල කාර්යබහුල සිටින බැවින් හා ඒ සඳහා කැප වනුයේ ඇතැම් පුද්ගලයින් පමණක් වන බැවිනි.
පාපකම් හා අපරාධ කිරීමට තමන්ට පහසු කර දෙන මෙන් ඉල්ලා අයදින පාපී ප්රාර්ථනාවකින් තොරව හා තම දරුවන් හා තම සමීප ඥාතී සම්බන්ධකම් බිඳ දමන මෙන් ඉල්ලා අයදින ආකාරයේ ප්රාර්ථනාවකින් තොරව මුස්ලිම්වරයකු අල්ලාහ්ගෙන් යම් ප්‍රාර්ථනාවක් ඉල්ලා සිටින්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවට කරුණු තුනෙන් එක් ආකාරයකින් හෝ අල්ලාහ් ඔහුට පිරිනමනු ඇත: එක්කො ඔහුගේ ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් කල් ඇතිව පිළිගෙන ඔහු ඉල්ලන දෑ ඔහුට පිරිනමනු ඇත. එක්කො මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරම් උසස් කිරීමෙන් හෝ පාපකම් සඳහා සමාව දී, කරුණාව දැක්වීමෙන් හෝ ඔහුට එහි ප්‍රතිඵලය ප්‍රමාද කර දෙනු ඇත. එක්කො ප්‍රාර්ථනාවේ ප්‍රමාණයට ඒ හා සමාන නපුරක් මෙලොවෙහිදී ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එවිට සහාබාවරු, "එසේ නම්, මෙම භාග්‍යන් අතරින් එකක් හෝ ලබන්නට අපි වැඩියෙන් ප්‍රාර්ථනා කරන්නෙමු." යැයි පැවසූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "ඔබ ඉල්ලා සිටින දෑට වඩා අල්ලාහ් අබියස ඇති දෑ අධිකය, ඉමහත්ය. ඔහු ඒවා පිරිනැමීමෙන් කිසිදු අඩුවක් නොවන අතර අවසන් වී යන්නේ ද නැත."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ට ඉමහත් දුකක් කරදරයක් ඇති වූ අවස්ථාවක මෙසේ පවසන්නට වූහ: "ලා ඉලාහ ඉල්ලල්ලාහුල්" නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. "අළීම්" සර්වබලධාරීය. ඔහුගේ පැවැත්ම ඔහුගේ ගුණාංග සහ ඔහුගේ ක්‍රියාවෙහි ඔහු තේජාන්විතය. "හලීම්" පාපිෂ්ඨයාට දඬුවම් කිරීමට හැකියාව තිබීයදී පවා ඒ සඳහා ඉක්මන් නොවී එය ප්‍රමාද කර සමාව දෙන්නට බලන්නාය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්, හඃාලිකුල් අර්ෂි අළීම් " අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි" අහස් හා මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක තුළ ඇති දෑහි ද මැවුම්කරුය. එහි රජුය එය හැඩගස්වන්නාය. ඔහු අභිමත කරන පරිදි සියල්ල ක්‍රියාත්මක කරන්නාය. "රබ්බුල් අර්ෂිල් කරීම්, හඃාලිකුල් අර්ෂ් අල්කරීම් . අතිමහත් රාජ්‍යයේ මැවුම්කරුය.
මැලිකමින් හෝ පිරුණ බවින් හෝ එවැනි වෙනත් හේතුවකින් හෝ තම කට විවෘත කරමින් ඈණුම් හරින්නාට ඔහුගේ කට මත ඔහුගේ අත තබා එය වසා ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එසේ කිරීම අත්හැරිය විට සැබැවින්ම ෂෙයිතාන් එහි පිවිසෙනු ඇත. එබැවින් ඔහු එහි පිවිසීම වළක්වාලමින් ඒ මත අත තැබිය යුතුය.
මෙලොව කටයුතුවල දී නිලය, ධනය, වස්තුව හා වෙනත් දෑහි තමන්ට වඩා පහළ තත්ත්වයේ පසුවන ජනතාව දෙස අවධානය යොමු කරන මෙන් ද මෙලොව ඇති කටයුතුවලදී ඔහුට වඩා ඉහළ තත්ත්වයේ සිටින, ඔහුට වඩා උසස් ජනතාව වෙත අවධානය යොමු නො කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම ඔබට වඩාත් පහළ, වඩාත් උරුමය ඇති, වඩාත් උචිත අය දෙස බැලීම අල්ලාහ්ගේ ආශීර්වාද පිළිබඳ ව අවතක්සේරු නොකිරීමට හා ඒවා අල්ප බව නොසැලකීමට කදිම ක්‍රමය වේ.
උඩගුකමින් හා අහංකාරකමින් වස්ත්‍රය හෝ වේට්ටිය හෝ වළලු කරට පහළින් එල්ලී පවතින පරිදි ඇඳ පැළඳ ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. කවරෙකු එසේ සිදු කළේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් කාරුණික බැල්මෙන් නොබලන දැඩි අවවාදයට සුදුසුකම් ලබන අයකු බවට පත්වනු ඇත.
මිනිසාට අල්ලාහ් පිරිනැමූ අතිමහත් ආශිර්වාද දෙකක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. බහුතරයක් දෙනා නියමිත නොවන ස්ථානයේ ඒවා වැය කරන බැවින් ඒ තුළ ඔවුහු පාඩු ලබති. සැබැවින්ම මිනිසාට විවේකය සමග නීරෝගිභාවයේ ආශිර්වාදය එකට බැඳී තිබුණු විටක නැමදුම් කිරීමට දක්වන මැලිභාවය ඔහු අබිබවා යනු ඇත. එවිට ඔහු පාඩු ලබන්නෙකු වේ. බහුතරයකගේ තත්ත්වය මෙයයි. ඔහුගේ විවේක කාලය හා නිරෝගී සම්පන්න බව අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහු යොදා ගන්නේ නම් එය ඔහුට ලාබයක් වනු ඇත. සැබැවින්ම මෙලොව මතුලොවෙහි ගොවිබිමයි. මතුලොවෙහි සුවඳ හමන ව්‍යාපාරය එහි ඇත. විවේකය කාර්යබහුලතාවයෙන් පසු පැමිණෙයි. එමෙන්ම නීරෝගී භාවය ව්‍යාධියෙන් පසු පැමිණෙයි. ඔහුට වයෝවෘද්ධභාවය හැර වෙනත් යමක් නොවී නම් එය ඔහුට ප්‍රමාණවත් වේ.