





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අහසේ තරු දකින්නාක් මෙන් නියත වශයෙන්ම ස්වර්ග වැසියෝ ස්වර්ගයේ කුටි දකිනු ඇත.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතස්වර්ග වැසියෝ, ශ්‍රේෂ්ටත්වයේ තරාතිරම් අනුව නවාතැනින්ද වෙනස් වන්නෝ වෙති. එය කෙතරම්ද යත්, නියත වශයෙන්ම උසස් තරාතිරම් ඇති ස්වර්ග වැසියන් දෙස ඔවුනට වඩා පහළින් සිටින අය දකිනුයේ තාරකාවන් දකින්නාක් මෙනි.
මෙම මස්ජිදයේ සිටිය දී ජුන්දබ් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා අපට පවසා සිටි බව හසන් තුමා විසින් වාර්තා කළ අතර හෙතෙම තවදුරටත් එය අපට පවසා සිටි වේලාවේ සිට අපි එය අමතක නොකළෙමු. එතුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සම්බන්ධයෙන් බොරුවක් පවසා ඇති බවට කිසිදු බියක් අප තුළ නැත. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා ඇත්තාහ: "ඔබට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් විය. ඔහු කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේය. මිය යන තෙක්ම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි."
متفق عليهඅපට පෙර සිටි අය අතර තුවාල වූ මිනිසෙක් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. ඔහු අත්වූ වේදනාව දරා නොගෙන කලබල වී පිහියක් ගෙන එමගින් ඔහුගේ අත කපා ගත්තේ. මරණය ඉක්මන් කර ගත්තේය. මිය යන තුරුම රුධිරය නතර නොවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: මාගේ ගැත්තා මා වෙත පැමිණියේය. ඔහුට ස්වර්ගය තහනම් කළෙමි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කර සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: «اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
متفق عليه، وهذا لفظ مسلم ورواه البخاري مختصرًاමෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා අතරින් එකකි. එතුමාණෝ මෙසේ ප්‍රාර්ථනා කර සිටියහ: (අල්ලාහුම්ම ලක අස්ලම්තු) අහෝ අල්ලාහ් මම ඔබට යටත් වූයෙමි. (වබික ආමන්තු) මම ඔබ සත්‍යය යැයි පවසා පිළිගත්තෙමි. (වඅලෙයික තවක්කල්තු) මම සියල්ල ඔබ වෙත පවරා රැඳුනෙමි. (වඉලයික අනබ්තු) මම ඔබ වෙත හැරී පිළිගත්තෙමි. (වබික හාසම්තු) ඔබේ සතුරන් සමග මම වාද කළෙමි. (අල්ලාහුම්ම ඉන්නී අඌදු) මම ඔබ වෙත යොමු වී රැකවරණය පතමි. (බිඉස්සතික) ඔබව වැළැක්වීමට හා අබිබවා යෑමට නොහැකි ඔබේ ගෞවරය තුළින්, (ලා ඉලාහ ඉල්ලා අන්ත) නැමදුමට සුදුස්සා ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. (අන් තුළිල්ලනී) ඔබේ තෘප්තයේ භාග්‍යය හා මා නොමගෙහි වැටීමෙන්, (අන්තල් හය්යු අල්ලදී ලා යමූතු) විනාශයක් නොමැති, (වල් ජින්නු වල් ඉන්සු යමූතූන්) ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය" යැයි පැවසූහ. ඔහු වාඩි විය. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "තිහක් හිමිය" යැයි පැවසූහ.
رواه أبو داود والترمذي وأحمد والدارميමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන් පසු ඔහු වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහු වෙනුවෙන් කුසල් දහයක් සටහන් කරනු ලැබීය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට ද පිළිතුරු දුන් අතර ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහුට විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණන් ඔහුට ද පිළිතුරු දුන් අතර ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහුට කුසල් තිහක් හිමිය" යැයි පැවසූහ. එනම් සෑම වචනයකටම කුසල් දහයක් බැගින් විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැතූ ප්‍රාර්ථනාවක් වනුයේ: "‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා" අහෝ දෙවිඳුනි, සත්‍යය හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීමේ නිවැරදි මාර්ගය සැබැවින්ම මම ඔබෙන් පතමි. "වත්තුකා" නියෝග පිළිපැදීමටත් තහනම් කරන ලද දැයින් වැළකී සිටීමටත්, "වල්අෆාෆ" ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ යහපත් නොවන හා අනුමත නොවන දැයින් වැළකී සිටීමටත් "වල් ගිනා" සර්වබලධාරී පමරාධිපතියාණන් ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් ඉල්ලා නොසිටින පරිදි මැවීම්වලින් ස්වාධීන වීමටත් මම ඔබෙන් ඉල්ලමි.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
رواه أبو داود والترمذي وأحمدමුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා ප්‍රමාණවත් - ඇය ඉන් අදහස් කළේ - ඇගේ ශරීරයේ අඩුපාඩුකම් අතර ඇය කොට තැනැත්තියක් වූ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පිට කළෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය ඉක්මවා ගොස් එය වෙනස් කර දූෂිත කරනු ඇත." යැයි පැවසුහ. ඇය මෙසේ පවසා සිටියාය: "මම එසේ සිදු කළේ (පොදුවේ) මිනිසා හෑල්ලු කර ක්‍රියා කරන ආකාරයෙනි." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහුට කවර ආකාරයේ අඩුපාඩුවක් තිබුණ ද ඊට වඩා කොපමණ අධික ප්‍රමාණයක් මෙලොවෙහි මට පිරිනමා තිබුණ ද ඔහුගේ අඩුපාඩු කතා කිරීම හෝ ඔහුව අනුකරණය කර කතා කිරීම හෝ ඔහු සිදුකරන්නාක් මෙන් මා ද සිදු කිරීම හෝ ඔහු ප්‍රකාශ කරන්නාක් මෙන් මා ද ප්‍රකාශ කිරම හෝ මා ප්‍රිය කරවන්නක් නොවේ." යැයි පැවසුහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු "සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි" (සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි) යනුවෙන් පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් හිටවනු ලැබේ.
رواه الترمذيකවරෙකු "සුබ්හානල්ලාහි" මම අල්ලාහ්ව සුවිශුද්ධ කරමි. "අල් අලීම්" ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ක්‍රියාවෙන් ඔහු සර්වබලධාරීය. "වබිහම්දිහි" සුවිශුද්ධ ඔහුට පූර්ණවත් ගුණාංග එකතු කිරීමෙන් හිමි වන ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි යැයි පවසා සිටියේ ද ඔහු එය පවසන වාරයක් පාසාම ඔහු වෙනුවෙන් ස්වර්ග භූමියේ රට ඉඳි ගසක් පැළ කරනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."
رواه مسلمතම සහෝදර මුස්ලිම්වරයාට යහපත කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපදෙස් දුන්හ. එමෙන්ම ඔහුට කළ යුතු වගකීම්, විනයන් හා එවැනි දෑ ගැන ද පැහැදිලි කළහ. ඒවා අතරින්: පළමු උපදෙස: කෙනෙකු සතු ආශිර්වාදය අහිමි කරන්නට සිතමින් නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. දෙවැන්න: නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. එනම් මිලදී ගැනීමට අපේක්ෂා නොකර භාණ්ඩයේ වටිනාකම වැඩි කර එමඟින් හුදෙක් විකුණුම් කරුට වාසිය අපේක්ෂා කිරීම. එසේ නැතහොත් පාරිභෝගිකයාට අවාසිය ඇති කිරීම අපේක්ෂා කිරීම මින් අදහස් වේ. තුන්වැන්න: නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. එනම් ආදරය කිරීමට විරුද්ධව අනෙකාට හිංසා කිරීමට පෙළඹීමයි. නමුත් උත්තරීතර අල්ලාහ් විෂයයෙහි කෝප වන්නේ නම්, සැබැවින්ම එය විය යුත්තක් වන්නේය. සිව්වැන්න: නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. එනම් ඔබ අතරින් සෑම කෙනෙකුම තම සහෝදරයාව ප්‍රතික්ෂේප කොට ඔහුව හෙළා දැකීමෙන් වළකින්න. පස්වැන්න: කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. එනම්, භාණ්ඩය මිලදී ගන්නාට, එයට වඩා අඩු මිලට මා ළඟ තිබේ යැයි හෝ එහි මිලට වඩා හොඳ මිලක් මට ලබා දිය හැකි යැයි හෝ පවසා තම සහෝදර ව්‍යාපාරිකයාට එරෙහිව ව්‍යාපාර කිරීමය. පසුව එතුමාණෝ සමස්ත උපදේශනයක් මෙසේ පවසා සිටියහ. ඉහත සඳහන් කළ තහනම් දෑ අත්හැර දමා නුඹලා සහෝදරයන් ලෙස සිටින්න. ආදරය, කරුණාව සෙනෙහස, මෛත්‍රිය, යහපත් කටයුතුවල දී සහය, පිසිරිසිදු හදවතින් හා සෑම අවස්ථාවකම උපදෙස් දෙමින් ඔවුන් වෙත ලබා දෙන්න. මෙම සහෝදරත්වයේ අවශ්‍යතා අතර: මුස්ලිම්වරයා තම සහෝදරයාට අපරාධ කරන්නේ නැත. සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නැත. තම සහෝදර මුස්ලිම්වරයාට අසාධාරණයක් සිදු නොකළ යුතුය. ඔහුට උපකාර කිරීමට හැකි සෑම අවස්ථාවන්හි ඔහුව තවතවත් පහත් නොකර ඔහුට ලක්ව ඇති අසාධාරණය ඔහුගෙන් ඉවත් කළ යුතුය. ඔහුට අපහාස කරන්නේ නැත. ඔහුව අවතක්සේරු කරන්නේ නැත. අපහාසාත්මක හා අවමන්සහගත බැල්මෙන් ඔහු දෙස බලන්නේ නැත. සැබැවින්ම එය හදවතේ ඇති අහංකාරය නිසාවෙන් ඇති වන්නකි. තක්වා හෙවත් ශ්‍රද්ධාව හදවත තුළ ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තුන් වරක්ම පෙන්වා දෙමින් පැහැදිලි කළහ. කවරෙකුගේ සිත තුළ යහපත් සදාචාරය, අල්ලාහ් පිළිබඳ බිය, ඔහු ගැන මතකය පවතින්නේ ද සැබැවින්ම ඔහු කිසිදු මුස්ලිම්වරයකුව අවතක්සේරු කරන්නේ නැත. පුද්ගලයකු දුෂටයකු වීමටත් ඔහු තුළ පහත් ගුණාංග පිහිටීමටත් තම සහෝදර මුස්ලිම්වරයා අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු සම්බන්ධයෙන් තහනම් වන කරුණු සහතික කර පැවසූහ. පළමුව ඔහුගේ රුධිරය, එනම් ඔහුව ඝාතනය කිරීමෙන් හෝ ඔහුට පහර දීම, තුවාල කිරීම වැනි දෙයකින් හෝ ඔහු සම්බන්ධව සීමාව ඉක්මවා කටයුතු කිරීමය. අනෙක ඔහුගේ දේපළ, එනම් කිසිදු යුක්තියකින් තොරව ඔහුගෙන් යමක් ගැනීමය. එමෙන්ම ගෞරවය. එනම්, ඔහු තුළ හෝ ඔහුගේ සිතුවිල තුළ ඔහුව අවමානයට පත් කිරීම ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
رواه مسلمඅල්ලාහ් අබියස මුස්ලිම්වයකුට ප්‍රතිඵල පිහිටනුයේ එම මුස්ලිම්වරයා සෙසු මුස්ලිම්වරුන් සමග කටයුතු කරන ක්‍රියා වර්ගයෙන්මය. ඒ අනුව කවරෙකු මුඃමින්වරයකු ගෙන් පීඩාවක් හා මෙලොව පීඩාවන් අතරින් දැඩි දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද, ඔහුට පහසුකම් සලසා දී සහන සළසන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කර ඔහුට සහන සලසනු ඇත. තවද දුෂ්කරතා ඇති උදවියට කවරෙකු සහන සළසන්නේ ද, ඔහුගේ අපහසුව ඉවත් කරන්නේ ද මෙලොව මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් ඔහුට පහසුව සළසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකුගේ වරදක් සඟවන්නේ ද එය, හෙළි කිරීමට නුසුදුසු වැරදි හා අන්තරායන් ඔහුගෙන් දකින්නාක් මෙන්ය. මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයාට ඔහුගේ ආගමික හා ලෞකික යහපත් කටයුතුවලදී උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. එසේ උදව් කිරීම ප්‍රාර්ථනාවෙන් හෝ කායික වශයෙන් හෝ මුදල්මය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ විය හැකිය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කවරෙකු ආගමික දැනුම සොයන්නට යම් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද, ඔවුන් වෙත සැනසුම, ගෞරවය පහළවනු ඇත. අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුන් ආවරණය කර, ඔවුන්ව වට කරනු ඇත. මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු ඇත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. උසස් පිරිසක් අතර ගැත්තා ගැන අල්ලාහ් මෙනෙහි කිරීම ප්‍රමාණවත් ගෞරවය වේ. කවරෙකුගේ යහපත් ක්‍රියාවන් හීන වී ගියේ ද ඔහු යහපත් ක්‍රියාවන් සිදු කළ ජනයාගේ තරාතිරම ලඟා කර ගන්නේ නැත. ඔහු පරම්පරාවේ ගෞරවය සහ පියවරුන්ගේ මහිමය මත රඳා නොසිටිය යුතු අතර යහපත් ක්‍රියාවන්හි අඩුවක් නො දැක්විය යුතුයි.