





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ගේ ලේඛකයකු වූ අබූ රිබ්ඊ හන්ළලා ඉබ්නු අර් රබීඃ අල් උසය්යිදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා මා හමු වූහ. එවිට එතුමා, “අහෝ හන්ළලා ඔබට කෙසේදැ?“යි විමසා සිටියහ. මම, “හන්ළලා කුහකයකු විය.“ යැයි පැවසුවෙමි. එතුමා, “සුබ්හානල්ලාහ්! ඔබ කුමක් පවසන්නෙහිද?“ යැයි ඇසූහ. මම, “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඉදිරියේ අපි සිටින්නෙමු. අප දෑසින් දකින්නාක් මෙන් එතුමා අපට ස්වර්ගය හා නිරය පිළිබඳ මෙනෙහි කරයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අබියසින් අප බැහැරට ගොස් අපගේ බිරියන් දරුවන් හා ජීවනෝපාය මාර්ගයන්හි අපි කල් ගත කරන්නෙමු. අපි බොහෝ දෑ අමතක කර දමන්නෙමු“ යැයි පැවසුවෙමි. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා, “අල්ලාහ් මත දිවුරා පවසමි. මේ හා සමානව අපද මුහුණ දෙන්නෙමු.“ යැයි කීහ. පසුව මා හා අබූ බක්ර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිසෙන තෙක්ම ගමන් ගත්තෙමු. පසුව මම, “අල්ලාහ්ගේ දූතයාණනි! හන්ළලා කුහකයකු විය“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ, “ඒ කුමක්දැ?“යි විමසා සිටියහ. මම, අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ අබියස සිටින්නෙමු. අපි දෑසින් දකිනවාක් මෙන් ඔබ අපට ස්වර්ගය හා නිරය ගැන මෙනෙහි කරන්නෙහිය. අපි ඔබ අබියසින් පිටත්ව ගිය විට බොහෝ දෑ අප අමතක කර දමා බිරියන් දරුවන් හා ජීවනෝපා මාර්ගයන්හි නිරත වන්නෙමු.“ යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි, ඔබ මා ඉදිරියේ කවර තත්ත්වයක සිටින්නේ ද ඒ අනුවම අඛණ්ඩව සිටින්නෙහු නම්, තවද මෙනෙහි කිරීමෙහි නිරතව සිටින්නෙහු නම් මලක්වරු ඔබේ නිදියහන මත ද ඔබ ගමන් කරන මාර්ග මත ද ඔබලාට දෑත් විහිදුවාලති. එහෙත් අහෝ හන්ළලා!, (එකිනෙකට) හෝරාවක් හෝරාවක් ඇත.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියේ තමන් සිටින තත්ත්වයේ නොව (එතැනින් බැහැර වූ විට) ඊට වෙනස් තත්ත්වයක තමන් සිටින බවට හන්ළලා තුමා අබූ බක්ර් අස් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමාට දැනුම් දුන්හ.එනම්,ඔවුන් අල්ලාහ්ව මෙනෙහි කරන විට එක් තත්ත්වයක සිටියද ඔවුන් තම දරුවන් බිරියන් හා මෙලොව කටයුතුවලදී මුසු වන විට ඔවුන්ගේ තත්ත්වයන් වෙනස් වන බවයි. එයෙින් ඔහු එය කුහකත්වය ලෙස සිතූවෙය. ඇත්තෙන්ම කුහකත්වයේ සැබෑ ස්වරූපය වනුයේ, ඇතුළාන්තයේ ඇති තත්ත්වයක් නොවන වෙනත් තත්ත්වයක් හෙළි දැක්වීමය. මෙය ඔවුන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටි කල්හි, එතුමා ඔවුනට, “මා අබියස ඔබ සිටියදී ඇති තත්ත්වය මත නිරතුරුවම සිටින්නෙහු නම් මලක්වරු ඔබ වෙත අත් දිගු හරිනු ඇත. එය ඔබේ සෑම අවස්ථාවකම සිදු වේ. නමුත් මධ්‍යස්ථව කටයුතු කිරීම අවශ්‍යය. හෝරාවක් තම පරමාධිපතිට, සහ හෝරාවක් තම පවුල හා තමන්ගේ ලෝකයට යන්නෙන් වෙන්කර ගත යුතුය“ යැයි පැවසුහ.
අබූ සඃලබා අල්හුෂනී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසුන් යම් තැනකට ගොඩ බසින විට මංමාවත් හා මිටියාවත් තුළ බෙදී වෙන්ව යන්නන් ලෙස සිටියහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ((මෙම මිටියාවත් හා මංමාවත් තුළ නුඹලා බෙදී වෙන්ව යන්නේ නම් එය ෂෙයිතාන්ගෙන් වූවකි.)) යැයි පැවසූහ. ඉන්පසුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු සමග කිට්ටුවෙන් බැඳී සිටීමෙන් මිස යම් තැනකට ඔවුන් ගොඩ බැස්සේ නැත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතගමනක අතරවාරයේ යම් තැනකට මිනිසුන් ගොඩ බසින විට ඔවුන් මංමාවත් හා මිටියාවත් අතර බෙදී වෙන්ව සිටියහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, අල්ලාහ්ගේ සමීපතයින් බියට පත්විය හැකි බැවින් ද ඔහුගේ සතුරන්ගේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක විය හැකි බැවින් ද එසේ ඔවුන් බෙදී වෙන්ව සිටීම ෂෙයිතාන්ගෙන් වූවක් බව ඔවුනට දන්වා සිටියහ. ඉන්පසුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු සමග කිට්ටුවෙන් බැඳී සිටිමින් මිස යම් තැනකට ඔවුන් ගොඩ බැස්සේ නැත. ඔවුන් වෙත පොරෝණයක් එළුවේ නම් ඔවුන් ළංව සිටීම හේතුවෙන් ඔවුන් ආවරණය කරන තරමට වනු ඇත.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. යමනයේ වැසියන් පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-: සැබැවින්ම ඔබ වෙත යමන් වාසීහු පැමිණ ඇත්තේය යැයි පැවසූහ. මොවුහු අත්වැල් බැඳගන්නට පැමිණි මුල් අය වූහ.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම යමන් වාසීහු පැමිණ ඇතැයි යන ප්‍රකාශය ඔවුන්ගේ විෂයය පිළිබඳ විශේෂයෙන් දන්වා සිටීමකි. ඔවුන්ගේ මහිමය හෙළිදැක්වීමකි. අබූ මූසා අල් අෂ්අරීගේ ජනයා වූ අෂ්අරීවරුන් ඔවුන් අතුරින් වූහ. අහ්මද් ඉමාම් තුමාගේ මුස්නද් හි වාර්තා කළ හදීසයද (3/55) මෙය පෙන්වා දෙයි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් තුමා විසින් වාර්තා කරයි. හෙට දින ඔබ වෙත ඇතැම් කණ්ඩායම් පැමිණෙනු ඇත. ඔවුන් නුඹලා අතුරින් ඉස්ලාමය වෙත වඩාත් නැඹුරු වූ සිත් ඇත්තවුන්ය. අනස් තුමා මෙසේ පවසා සිටියේය: ඒ අනුව අෂ්අරීවරු පැමිණියහ. ඔවුන් අතර අබූ මූසා අල් අෂ්අරී තුමා ද විය. මදීනාවෙන් පිටත්ව මක්කාහ්වට ලඟා වෙත්ම මෙසේ පවසන්නට වූහ. හෙට දින අපි වඩාත් ප්රියතමයාණන් හමුවන්නෙමු. එය මුහම්මද් හා ඔහුගේ කණ්ඩායමයි. ඔවුන් පැමිණි කල්හි ඔවුන් අතිනත දුන්හ. අතිනත දීමේ පුරුද්ධ ආරම්භ කළ ප්‍රමුඛයෝ මොවූහු වූහ.
අස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තබූක් සටනින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණි කල්හි ජනයා එතුමාණන් හමු වූහ. එවිට මම ද දරුවන් සමග සනිය්යතුල් වදා නම් ස්ථානයේ එතුමාණන් හමු වූයෙමි.“ ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ හදීසයේ, “අපි දරුවන් සමග සනිය්යතුල් වදා නමැති ස්ථානයට ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව මුණ ගැසෙන්නෙමු.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සගයින් සමග තබූක් සටනින් නැවත හැරී ආ කල්හි ඔවුන් මුණ ගැසෙන්නට මදීනාවට සමීපයෙන් වූ සනිය්යතුල් වදාඃ නම් ස්ථානයට ඔවුහු පිටත්ව ගියහ. එය ඔවුනට ඇති හිතවත්කම පෙන්වීමටත් ඔවුනට අත් වූ අනතුරු සඳහා සිත් සනසන්නටත් යුද්ධයේ නායකත්වය දැරුවන්ට ප්‍රසාදය පළ කිරීමටත්ය.
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මාගේ පියාණන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. ඔහු (සතුරන් විසින්) විකෘති කරනු ලැබී තිබිණ. පසුව මා ඉදිරියේ තබන ලදී. ඔහුගේ මුහුණ වසන්නට ගියෙමි. එවිට මාගේ පිරිස මා වැළැක්වූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මලක්වරුන් තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දෙමින්ම සිටිති.“ යැයි පැවසුහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතජාබිර් තුමාගේ පියාණන් වූ අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු හරාම් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී. එය බද්ර් දිනයේදීය. සතුරා විසින් මුස්ලිම්වරුන් ඝාතනය කරමින් ඔවුන්ගේ ශරීර විකෘති කොට තිබිණ. එවිට ඔහු ඉදිරියේ දේහය තබන ලදී. සතුරා විසින් විකෘති කරනු ලැබූ එහි මුහුණ ආවරණය කිරීමට ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා සිතුවේය. නමුත් එතුමාගේ ජනයා එතුමාව වැළැක්වූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මෙසේ පවසා සිටියහ: ඔහුට ගරු කිරීමක් වශයෙන් උපකාර කිරීමක් වශයෙන් මලක්වරු තම පියාපත් තුළින් ඔහුට සෙවණ ලබා දෙමින්ම සිටිති.
අබූ සෙයිද් අම්ර් ඉබ්නු අක්තබ් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට ෆජ්ර් සලාතය මෙහෙය වූහ. එතුමා මින්බර් වේදිකාවට නැග ලුහර් උදාවන තෙක්ම අපට දේශනා කළහ. පසුව ඉන් බැස සලාතය මෙහෙය වූහ. පසුව මින්බරයට නැග අසර් උදාවන තෙක්ම අපට දේශනා කළහ. පසුව බැස සලාතය මෙහෙය වූහ. පසුව මින්බරයට නැග හිරු අවරට යන තෙක්ම අපට දේශනා කළහ. එවිට සිදු වූ දෑ පිළිබඳවත් සිදුවන්නට තිබෙන දෑ පිළිබඳවත් අපට දැනුම් දුන්හ. අප අතර එය මැනවින් අවබෝධ කර ගත් අය, අප අතුරින් වඩාත් මතක (ශක්ති)යක් ඇති පුද්ගලයින් වූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතදිනක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෆජ්ර් සලාතය මෙහෙයවා මින්බරයට නැග ලුහර් අදාන් පවසන තෙක්ම ජනයාට දේශනා කළහ. පසුව බැස ලුහර් සලාතය ඉටු කළහ. පසුව නැවතත් මින්බරයට නැග අසර් අදාන් පවසන තෙක් දේශනා කළහ. පසුව බැස අසර් සලාතය ඉටු කළහ. පසුව මින්බරයට නැග හිරු අවරට යන තෙක්ම දේශනා කළහ. එනම් ෆජ්ර් සලාතයේ සිට හිරු බැස යන තෙක්ම සම්පූර්ණ දිනයක්ම දේශනා කළහ. එදින අල්ලාහ් එතුමාණන්ට ගෙවී ගිය අතීතයේ පැවති ගුප්ත දැනුමෙන් යමක් ද අනාගතයේ සිදුවන්නට යන ගුප්ත දැයින් යමක්ද දන්වා සිටියේය. එය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම මිතුරන්ට දන්වා සිටියහ. එදින එතුමා විසින් පැවසූ දෑ මැනවින් දැනගත් උදවිය වූයේ කටපාඩම් කර ගනිමින් එය තම මතකයේ ස්ථාපිත කරගත් අය වූහ.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තම රැවුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් හා තම කුකුල් දෙක අතර ඇති දෑහි නපුරෙන් අල්ලාහ් කවරෙකුව ආරක්ෂා කළේ ද ඔහු ස්වර්ගයට පිවිසීය.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතඅල්ලාහ් කෝපයට පත්කරන කතාවෙන් හා කාම අපචාරයේ යෙදීමෙන් කවරෙකුව අල්ලාහ් ආරක්ෂා කළේද සැබැවින්ම ඔහු ජය ලැබීය. තවද ස්වර්ගයට පිවිසීය.
මඃකල් ඉබ්නු යසාර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අර්බුදකාරී තත්ත්වය යටතේ නැමදුම් කිරීම මා වෙත හිජ්රත් හෙවත් නික්ම පැමිණියාක් මෙනි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අර්බුධ වැඩියෙන් පවතින යුගයක, ගැටලු මුසුවී ඝාතන සිදුවෙමින් පවතින කාලයක නැමදුම් ඉටු කිරීම මක්කාහ් ජයග්‍රහණයට පෙර නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත හිජ්රත් කළ කෙනෙකුගේ භාග්‍යයට සමාන භාග්‍යයක් හිමිවන ක්‍රියාවකි. හේතුව මුහාජිර් වරයා තම දහමින් වළක්වන අයගෙන් තම දහම රැගෙන පළා ගියේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව පිළිපැදීමටය. එමෙන්ම අල්ලාහ්ව නැමදීම සඳහා වෙන්ව යන්නා එසේ වෙන්ව යනුයේ, තම පරමාධිපතිට ගැතිකම් කරනු වස්ය. ඔහු තම දහම රැගෙන මිනිසුන්ගෙන් පලා යයි. එනම්: ඔහු සැබෑ ලෙසින්ම ඔහුගේ පරමාධිපති වෙත හිජ්රත් කර ඇත. සියලු මැවීම්වලින් වෙන්ව ගොස් ඇත.
අබූ ජුරය් අල් හුජය්මී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, අලය්කස් සලාම් යැයි පැවසුවෙමි. එතුමා: ඔබ අලය්කස් සලාම් යැයි නොපවසනු. නියත වශයෙන්ම එසේ අලය්කස් සලාම් යැයි පැවසීම මිය ගිය ඇත්තන් සඳහා තිබෙන පැතුමෙකු. යැයි පැවසූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතහදීසයේ අර්ථය: සැබැවින්ම මිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, අලය්කස් සලාම් යනුවෙන් පවසා සලාම් පැවසූහ. එවිට ඒ අයුරින් සලාම් පැවසීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුව වැළැක්වූහ. ඒ ගැන තිබූ පිළිකුල හේතුවෙන් එතුමා ඔහු වෙත සලාම් නොපැවසූහ. නියත වශයෙන් එම පැතුම මිය ගිය ඇත්තන් සඳහා කියනු ලැබෙන බව එතුමාණෝ ඔහුට විස්තර කළහ. පසුව තවත් හදීසයක සඳහන් පරිදි ඔබ අස්සලාමු අලය්ක යනුවෙන් පවසන්නැයි ආගමානුගත සලාම් ක්‍රමය එතුමාණෝ ඔහුට පැහැදිලි කළහ. අලය්කස් සලාම් යනු මරණයේ පැතුම වේ යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්‍රකාශය සැබැවින්ම මිණීවලවල් බැහැ දැකීමේදී ඉදිරිපත් කළ යුත්තක් බව අදහස් නොකෙරේ. හේතුව කබ්ර් ස්ථාන බැහැ දකින අවස්ථාවේ අස්සලාමු අලය්කුම් අහ්ල දාරි කව්මි මුඃමිනීන් යන පැතුම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා ඇති බවට පූර්ව සාධක සහිත හදීස් වාර්තා වී ඇති බැවිනි. එතුමා එසේ පවසා සිටියේ මිය ගියවුන් සඳහා ප්‍රාර්ථනා කිරීමෙහි අඥාන ජනයා අතර පැවති පුරුද්ද පෙන්වා දීමක් වශයෙනි.