





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම එතුමා තම නිවසෙහි වුළු දෝවනය කොට පසුව පිටත්ව ගියහ. එවිට එතුමා: මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමගම කාලය ගත කරමි. අද මේ මාගේ දිනය එතුමා සමඟම සිටිමි. යැයි පැවසීය. පසුව ඔහු මස්ජිදයට පැමිණියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ගැන විමසා සිටියේය. එවිට ඔවුහු: එතුමා ඒ දෙසට ගියහැයි පැවසූහ. පසුව මම එතුමාගේ සළකුණ ඔස්සේ අරීස් නමැති ළිද තෙක් එතුමා ගැන විමසමින් ගියෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් තම ශාරීරික අවශ්‍යතා සපුරා ගෙන වුළු ගන්නා තෙක් මම දොර ළඟට වී වාඩිවී සිටියෙමි. පසුව මම එතුමා වෙත නැගිට ගියෙමි. එවිට එතුමා අරීස් නමැති ළිඳ මත වාඩිවී සිටියහ. එහි ගැට්ටේ මැදට වී, තම කෙණ්ඩ නිරාවරණය වූ තත්ත්වයේ දෙපා ළිඳ තුළට එල්ලෙන්නට සළස්වා සිටියහ. එවිට මම එතුමාණන්ට සලාම් පවසා පසුව හැරී ගොස් දොරකඩ වාඩි වී, සැබැවින්ම මම අද දින අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ දොරටු පාලකයා වන්නෙමි යැයි පැවසුවෙමි. එවිට අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා පැමිණ දොරටුව තට්ටු කළහ. එවිට මම: මේ කවුද? යැයි විමසුවෙමි. එවිිට එතුමා: අබූ බක්ර් යැයි පවසා සිටියහ. එවිට මම: ඔබ මදක් රැඳී සිටින්න යැයි පවසා පසුව මම (නබි තුමාණන් වෙත) ගොස්: අල්ලාහ්ගේ දූතයාණනි, මේ අබූ බක්ර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ ඔහුට අවසර දෙන්න. තවද ස්වර්ගය පිළිබඳ වූ ශුභාරංචියද ඔහුට දන්වා සිටින්නැයි පවසා සිටියහ. පසුව මම පැමිණ අබූ බක්ර් තුමාට : පිවිසෙන්න අල්ලාහ්ගේ දූතයාණෝ ඔබට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වා සිටියහ යැයි පැවසුවෙමි. පසුව අබූ බක්කර් තුමා පිවිස, අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම කෙණ්ඩ නිරාවරණය කරමින් තම දෙපා ළිඳ තුළට එල්ලෙන්නට සළස්වා තිබිණාක් මෙන් එතුමා ද එතුමාණන්ට දකුණතින් එතුමාණන් සමඟ ළිං ගැට්ට මත වාඩි වූහ. පසුව මම හැරී ගොස් වාඩි වූයෙමි. මගේ සහෝදරයා වුළු ගෙන මා සමග සේන්දු වන්නට මම ඔහුව අතහැර දමා අල්ලාහ් මොහු -තම සහෝදරයා- ගැන යහපත අපෙක්ෂා කර ඇත්නම් ඔහු ද ගෙන එනු ඇතැයි පැවසුවෙමි. එවිට මිනිසෙකු දොර සොළවන්නට විය. මේ කවුදැයි මම විමසා සිටියෙමි. එවිට උමර් ඉබ්නු කත්තාබ් යැයි ඔහු පවසා සිටියහ. මඳක් රැඳී සිටින්නැයි පැවසුවෙමි. පසුව මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත ගොස් සලාම් පවසා, මේ උමර් අවසර පතන්නේය යැයි පැවසුවෙමි. එවිට එතුමා: ඔබ ඔහුට අවසර දෙන්න. එමෙන්ම ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වන්න යැයි පැවසූහ. පසුව මම උමර් වෙත පැමිණ ඔබට එතුමා අවසර දුන්හ. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ස්වර්ගය පිළිබඳ ඔබට ශුභාරංචි දන්වා සිටියහ. යැයි පැවසුවෙමි. පසුව එතුමාද පිවිස අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වමතින් තම කෙණ්ඩ නිරාවරණය කර ගනිමින් තම දෙපා එල්ලෙන්නට සළස්වා ලිං ගැට්ට මත වාඩි වූහ. පසුව මම හැරී ගොස් වාඩි වූයෙමි. මෙම පුද්ගලයාට අල්ලාහ් යහපත පැතුවේ නම් ඔහුද ගෙන එනු ඇත යැයි පැවසුවෙමි. එවිට මිනිසෙකු පැමිණ දොරටුව සෙළෙව්වේය. එවිට මම මේ කවුදැයි විමසුවෙමි. එවිට ඔහු: උස්මාන් ඉබ්නු අෆ්ෆාන් යැයි පිළිතුරු දුන්හ. ඔබ මඳක් රැඳී සිටින්නැයි පවසා මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ ඔහු ගැන දන්වා සිටියෙමි. එවිට එතුමා “ඔබ ඔහුට අවසර දෙන්න. ඔහුට ඇතිවන පරීක්ෂණය සමගම ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දෙන්න.යැයි පැවසූහ. පසුව මා පැමිණ ඔබ පිවිසෙන්න. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔබට ඇතිවන පරීක්ෂණය සමගම ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දුන්හ යැයි පැවසුවෙමි. පසුව එතුමා පිවිසුණහ. ළිං ගැට්ට පිරී පවතිනු දුටුහ. ඔවුනට මුහුණලා තවත් පැත්තකින් වාඩි වූහ. සඊද් ඉබ්නු අල් මුසය්යිබ් තුමා: ඔවුන්ගේ මිණීවලවල් එසේ පිහිටා ඇතැයි මම අර්ථවත් කර ගත්තෙමි යැයි පැවසූහ. තවත් වාර්තාවක මීට අමතරව: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එම දොරටුව ආරක්ෂා කරන මෙන් මට නියෝග කළහ. එහිදී උස්මාන් තුමා තමන්ට ශුභාරංචි දුන් මොහොතේ අල්ලාහ්ට ප්‍රශංසා කොට අල්ලාහුල් මුස්තආන් (උදව් පතනු ලබන්නා අල්ලාහ්) යැයි පවසා සිටියේය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයේ මෙසේ සඳහන්ව ඇත.: දිනක් ඔහු තම නිවසේ වුළු ගෙන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සොයමින් පිටතට පැමිණියේය. ‘සැබැවින්ම අද මාගේ මෙදින මම අල්ලාහ්ගේ දූතයාණන් සමග වෙමි.‘ එනම් ‘එතුමා සමගම යමි එමි‘ යැයි පැවසූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාව සොයා මස්ජිදයට පැමිණියේය. හේතුව ඇතැම් විට අල්ලාහ්ගේ දූතයාණන්, මස්ජිදයේ වන්නට පුළුවන. එසේ නැතිනම් එතුමාගේ නිවසේ එතුමා තම පවුල සමඟ සිටිනු ඇත. එසේත් නැතිනම් තම මිතුරන්ගේ යහපත උදෙසා කටයුතු කරනවා ඇත. නමුත් ඔහු එතුමාණන්ව මස්ජිදයේ දුටුවේ නැත. එතුමාණන් ගැන විමසා සිටියහ. එවිට ඔවුහු එතුමා මේ දිශාවට ගිය පවසා අරීස් වෙත සංඥා කර පෙන්වූවෝය. එය කුබා අවට තිබූ ළිඳකි. අබූ මූසා තුමා ඒ සළකුණු ඔස්සේ එම ළිං සමීපයට ගියහ. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එහි සිටිනු දුටුවේය. ළිඳ පිහිටි වත්තෙහි දොරටුව අසළ ඔහු -රළියල්ලාහු අන්හු- තුමා රැඳී සිටියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම ශාරීරික අවශ්‍යතා සපුරාගත් පසු වුළු ගෙන ළිං බැම්ම මැද වාඩි වූහ. එනම් ළිඳ වටා පිහිටි බැම්මය. එතුමාගේ දෙපා එල්ලෙනට විය. එතුමාගේ කෙණ්ඩය නිරාවරණය වී තිබිණ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ආරක්ෂකයකු සේ ළිං දොරටුව ආරක්ෂා කරමින් එම දොරටුව අසළ සිටියේය. අබූ බක්ර් -රළියල්ලාහු අන්හු තුමා අවසර පැතූහ. නමුත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එය දන්වා සිටින තෙක් අබූ මූසා තුමා ඔහුට අවසර නොදුන්නේය. එතුමා නබි තුමා වෙත ගොස්: ‘මේ අබූ බක්ර් ඔබෙන් අවසර පතන්නේය යැයි පැවසීය. එවිට එතුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ස්වර්ගය ගැන සුභාරංචියද දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ස්වර්ගය පිළිබඳ ඔබට ශුභාරංචි දන්වා සිටියහ යැයි පැවසීය. මෙම මහඟු ශුභාරංචියකි. ස්වර්ගය පිළිබඳ ඔහුට සුභාරංචිය දී පසුව අල්ලාහ්ගේ දූතයාණන් සමග වන්නට පිවිසෙන මෙන් එතුමාට අවසර දුන්නේය. එවිට එතුමා පිවිසුණහ. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ලිං බැම්ම මධ්‍යයේ වාඩි වී සිටිනු දුටුහ. පසුව එතුමාණන්ගේ දකුණත පැත්තෙන් එතුමාද වාඩි වූහ. හේතුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සෑම දෙයකම දකුණතට ප්‍රිය කළ බැවිනි. ඒ අනුව අබූ බක්ර් තුමා එතුමාණන්ගේ දකුණතින් වාඩි වූහ. එම ඉඳුමෙහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට වෙනස් ලෙස කටයුතු කිරීම එතුමා පිළිකුල් කළ බැවින් එතුමාද එතුමාණන් මෙන් තම කෙණ්ඩ නිරාවරණය කරමින් ළිඳ තුළට තම දෙපා එල්ලෙන්නට සළස්වා වාඩි වූහ. එවිට අබූ මූසා තම සහෝදරයාව වුළු ගෙන එන්නට ඉඩ හැරීයේය. අල්ලාහ් ඔහු ගැන යහපතක් අභිමත කර ඇත්නම් ඔහු පැමිණ අවසර පැතූ විට ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔහුට හිමිවනු ඇතැයි ප්‍රිය කළහ. නමුත් දෙවන මිනිසා ද අවසර පැතූහ. එවිට අබූ මූසා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ: මෙන්න උමර් යැයි පවසා සිටියේය. එවිට එතුමා ඔහුට අවසර දෙන්න ස්වර්ගය පිළිබඳ ඔහුට ශුභාරංචිය දෙන්න යැයි පැවසූහ. පසුව ඔහුට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ඔබට දන්වා සිටියහ යැයි පැවසීය. ඒ අනුව එතුමාද පිවිසුණහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබූ බක්ර් තුමාව ළිං බැම්ම මත සිටිනු දුටුහ. එතුමා දූතයාණන්ගේ වම් දෙසින් වාඩි වූහ. එය පටු ළිඳක් විය. මේ තුන් දෙනාම එකම පැත්තෙහි සිටියහ. පසුව උස්මාන් තුමා අවසර පැතූහ. අබූ මූසා තුමා කළින් අවසර පැතුවාක් මෙන්ම මෙවරද අවසර පැතූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා: ඔහුට අවසර දෙන්න එමෙන්ම ඔහුට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දෙන්න යැයි පැවසූහ. පසුව ඔහු එතුමාට අවසර දී අල්ලාහ්ගේ දූතයාණන් ඔබට ඇතිවන පරීක්ෂණයන් සමග ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වා සිටියේය. ඔහුගේ අයිතිය තුළට ආශිර්වාදය හා පරීක්ෂණය යන දෙකම එකතු කළේය. එවිට එතුමා සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. එම පරීක්ෂණය සඳහා අල්ලාහ් උදව් පතනු ලබන්නාය. එමෙන්ම එම ශුභාරංචි සඳහා සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. පසුව එතුමා පිවිසුණහ. ළිං බැම්ම පිරී තිබෙනු දුටුහ. හේතුව එය විශාල එකක් නොවූ බැවිනි. එවිට ඔවුනට මුහුණ ලා තවත් පැත්තක ගොස් වාඩි වී එතුමාද තම කෙණ්ඩය නිරාවරණය කරමින් තම දෙපා එල්ලන්නට ඉඩ හැරියේය. සඊද් ඉබ්නු මුසය්යබ් තුමා -එතුමා තාබිඊන්වරුන් අතර සිටි ප්‍රධානීන් අතුරින් කෙනෙකි.- සැබැවින්ම එය ඔවුන් මිණීවලවල් පිහිටා ඇති අයුරින් බව අර්ථවත් කළේය. හේතුව ඔවුන් තුන්දෙනාගේම මිණීවලවල් එකම ස්ථානයේ විය. එනම් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇතුළුව අබූ බක්ර් හා උමර් තුමා යන සියල්ලගේ මිණීවලවල් එකම කාමරයක විය. ඔවුන් සියලු දෙනා එකම ස්ථානයක වළදමා තිබුණි. ඔවුහු මෙලොවේදීද එකට ගොස් එකටම නැවත හැරී ගිය උදවිය වූහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මා අබූ බක්ර් හා උමර් සමග එකට යමි. එමෙන්ම මා අබූ බක්ර් හා උමර් සමග එකට පැමිණෙමි.“ යැයි නිතර පවසන්නෙකු වූහ. ඔවුන් දෙදෙනා එතුමාගේ මිතුරන් මෙන්ම ඇමතිවරු වූහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිණීවලවල්වලින් එකට බැහැර වෙති. ඔවුන් සියල්ලෝම මෙලොව හා මතුලොවෙහි එකටම සිටිති. ඔවුනට ඉදිරියෙන් උස්මාන් තුමාණන් වාඩි වූහ. ඔහුට ඇතිවන පරීක්ෂණය සමග ස්වර්ගය ඇති බවට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාට ශුභාරංචි දන්වා සිටියහ. මෙම පරීක්ෂණය වනාහි එතුමාට එරෙහිව ජනයා තුළ ඇති වූ මතභේදයයි. ඔවුහු බැහර වී එතුමාගේ නිවසේ එතුමාව ඝාතනය කළෝය. එතුමා මදීනාවේ තම නිවසේ අල් කුර්ආනය කියවමින් සිටියදී එතුමාණන්ව ඔවුහු ඝාතනය කළෝය. එවිට අල්ලාහ්ගේ ග්‍රන්ථය එතුමා ඉදිරියේ විය.
ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. උමර් -රළියල්ලාහු අන්හු- තුමා යමක් පවසන විට නියත වශයෙන්ම මම එය එසේ යැයි සිතමි යැයි කරන ප්‍රකාශයකට මා සවන් දී නැත. එය ඔහු සිතූ දෑ මෙන් සිදු වූවක් මිස.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඋමර් තුමාට හැර වෙනත් ජනයාට පැහැදිලිව මතුපිටින් නොපෙනෙන කරුණු සම්බන්ධයෙන් එතුමා යම් තීන්දුවක් දී පසුව එම කරුණු පැහැදිලි වී එය හෙළිවීමට පෙර ඒ සම්බන්ධයෙන් උමර් තුමාගේ තීන්දුව හෙළිවී තිබෙනු සහාබාවරු දුටුහ. එය තත්කාලයේ හෙළි වූ එමෙන්ම සිදු වූ දෑට සාපේක්ෂව පැවතිණ.
තුෆෙය්ල් ඉබ්නු උබෙය් ඉබ්නු කඅබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඔහු අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා වෙත පැමිණ එතුමා සමග වෙළඳපොළට පැමිණෙන්නෙකු විය. එවිට ‘අපි වෙළඳපොළට උදෑසන පැමිණෙන්නෙමු. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් තුමා, බිම වැටී ඇති දෑ වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා වටිනා දෑ වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා දුගියකු හෝ වේවා ඔහුට සලාම් පැවසීමෙන් මිස පසු කර නාෙයන්නේමය. තුෆෙය්ල් තුමා මෙසේ පවසා සිටියි: දිනක් මම අබ්දුල්ලා ඉබ්නු උමර් තුමා වෙත පැමිණ මා සමඟ වෙළඳ පොළට යන්නට ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එවිට මම ‘‘ඔබ වෙළඳපොළෝ කුමක් කරන්නෙහි ද? ඔබ වෙළඳාම සඳහා රැඳී සිටින්නේ නැත. කිසිම භාණ්ඩයක් ඉල්ලන්නේ ද නැත. එ ගැන මිල කතා කරන්නේ ද නැත. වෙළඳ සභාවන්හි වාඩි වන්නේ ද නැතැයි මම පවසා සිටියෙමි. තවදුරටත් ඔබ අප සමග මෙහි වාඩි වන්න. අපි කතා කරමු යැයි“ මම පැවසුවෙමි. එවිට ඔහු: “අහෝ කුසේ පියතුම! -තුෆය්ල් තුමා විශාල බඩක් ඇත්තෙකු වූහ. නියත වශයෙන්ම උදෑසන අපි පැමිණියේ සලාම් පැවසීමටය. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසමු.“ යැයි හෙතෙම පැවසීය.
ඉමාම් මාලික් එය වාර්තා කර අැතතුෆෙය්ල් ඉබ්නු කඃබ් තුමා නිතර ඉබ්නු උමර් තුමා වෙත පැමිණ එතුමා සමග වෙළඳපොළෙට යයි. තුෆෙයිල් තුමා මෙසේ පවසයි : අපි වෙළඳපොළට පිවිසුණු විට, බිම වැටී ඇති දෑ, වෙළඳාම් කරන කිසිවකු හෝ වේවා - එනම් බිම වැටී ඇති නොවටිනා දෑ වෙළඳාම් කරන වෙළඳුන්ය - වටිනා දෑ වෙළදාම් කරන කිසිවකු හෝ වේවා -එනම් අධික වටිනාකමින් යුත් භාණ්ඩ විකුණන වෙළඳුන්ය-තවද දුගියකු හෝ වෙනත් කිසිවකු හෝ වේවා එතුමා ඔහු අසළින් ගමන් කරන විට ඔහු වෙත සලාම් පැවසීමෙන් මිස පසුකර නොයයි. එනම් එතුමා හමුවන කුඩා දරුවන්, වැඩිහිටියන්, පොහොසතුන් හා දිළින්ඳුන් යන සියලු දෙනාට සලාම් පවසන්නෙකු වූහ. තුෆය්ල් තුමා මෙසේ පවසයි: “දිනක් ඉබ්නු උමර් තුමා වෙත මම පැමිණියෙමි. එනම් යම් හේතුවක් සඳහා පැමිණියෙමි. එවිට එතුමා මා සමග වෙළඳපොළට යෑමට මගෙන් ඉල්ලා සිටියහ. එවිට මම ඔහු දෙස බලා: වෙළඳපොළෙහි ඔබ කුමක් සිදු කරන්නෙහි ද? ඔබ වෙළඳ කටයුතු සඳහා රැඳී සිටින්නේ ද නැතැයි පැවසුවෙමි. - එනම් ඔබ විකුණන්නේ ද නැත. මිලට යමක් ගන්නේ ද නැත යන්නයි - එමෙන්ම ඔබ භාණ්ඩ ගැන විමසන්නේ ද නැත. ඒවායෙහි මිල ගණන් මිනිසුන් සමග කතා කරන්නේ ද නැත. වෙළඳපොළෙහි අපේක්ෂිත කිසිදු කරුණක් ඔබ සිදු කරන්නේ ද නැත. එසේ නම්, වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් වූ කිසිදු හේතු කාරණාවකින් තොරව එහි ඔබ යෑමෙන් ඇති ඵලය කුමක්ද? එවිට ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා ඔහු දෙස බලා අහෝ කුසේ පිය! - තුෆෙයිල් තුමා බඩක් ඇත්තෙකු වූහ - එනම් ඔහුගේ බඩ පපුවට කෙළින් පිහිටා නොතිබිණ. එයට වඩා නෙරා ගිය තත්ත්වයක පිහිටින. නියත වශයෙන්ම අපි උදෑසන පිටත්ව පැමිණියේ සලාම් පැවසීමේ හේතුවෙනි. එහෙයින් අපි හමුවන උදවියට සලාම් පවසමු යැයි පවසා සිටියේය. එනම්: එතුමා වෙළඳපොළට ගියේ ගනු දෙනු කිරීමේ අපේක්ෂාවෙන් හෝ එහි අසුන් ගැනීමේ අපෙක්ෂාවෙන් හෝ නොව, සලාම් පැවසීමෙන් උපයන ලද කුසල් හිමි කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙය ජනයා අතර සලාම් පතුරුවා හැරීමේ සුන්නාව ක්‍රියාත්මක කිරීමේ එතුමාණන් තුළ තිබූ කැමැත්තයි. සැබැවින්ම එය ශාන්තමය වස්තුවක් යැයි එතුමා දැන සිටියහ. එසේම මෙම පහසු වදන් කිහිපය කිසිදු පුද්ගලයකුට අපහසුතාවක් ඇති නොකරන්නකි. එහි අධික යහපත ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-උබය් ඉබ්නු කඃබ් -රළියල්ලාහු අන්හු- තුමාට ((ඔබට මා ලම් යකුනිල්ලදීන කෆරූ පාරායනය කරන මෙන් නියත වශයෙන්ම අල්ලාහු -අස්ස වජල්ල- මට අණ කළේය.)) යැයි පැවසූ බව අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.එවිට උබය් බ්න් කඃබ් -රළියල්ලාහු අන්හු- තුමා මාගේ නම සඳහන් කරමින් කීවේද යනුවෙන් අසා සිටියහ.එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- එසේය යනුවෙන් පැවසූ පමණින් උබයි බින් කඃබ් -රළියල්ලාහු අන්හු- තුමා අඩන්නට විය.වෙනත් වාර්තාවක උබයි බින් කඃබ් -රළියල්ලාහු අන්හු- තුමා හැඬීමට පටන් ගත්හ යනුවෙන් සඳහන් වේ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනිය වශයෙන්ම උබෙයි තුමාට සූරා බය්යිනා පාරායන කර පෙන්වන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත අල්ලාහ් දන්වා සිටි බව මෙම හදීසයෙහි සඳහන්ව ඇත. එවිට උබෙයි -රළියල්ලාහු අන්හු- මෙය කෙසේනම් විය හැකි දැයි මවිතයට පත් විය. හේතුව යථාර්ථය වනුයේ භාග්‍ය ලත් පුද්ගලයා භාග්යවන්තයාට පාරායනා කිරීමය. භාග්‍යවන්තයා භාග්‍ය ලත් පුද්ගලයාට පාරායනය කිරීම නොවේ. අල්ලාහ් උබෙය් තුමාගේ නාමය විශේෂයෙන් සඳහන් කර ඇති බවට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඔහු තහවුරු කර ගත් කල්හි එතුමාගෙන් ස්ථීර කර ගත් කල්හි ඔහුගේ නාමය නම් කරමින් සඳහන් කර ඇති බැවින් සොම්නසින් හා සතුටින් අඩන්නට විය.
අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්‍රිය නොකරමී
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්‍රිය නොකරමී
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((දරුවකු පියකුට අනුමත නොවන්නේය. නමුත් ඔහු ඔහුව වහලෙකු සේ දුටුවානම් මිස. එවිට ඔහුව මිලට ගෙන ඔහු නිදහස් කරනු ඇත.))
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතතම පියා වෙනුවෙන් තමන් වෙත පැවරුණු වගකීම් ඉටු කිරීමේදී දරුවා පියාට අනුමත නොවේ. ඔහු සමග යහ අයුරින් කටයුතු කිරීම ඔහුට ප්‍රමාණවත් නොවේ. නමුත් ඔහු ඔහුව ගැත්තෙකු සේ දුටුවේ නම් ඔහුව ඔහු නිදහස් කරනු ඇත.
අනස් රළියල්ලාහු විසින් දැනුම් දෙන ලදි මාගේ බාප්පාවන අනස් බින් නළ්ර් රළියල්ලාහු බද්ර් සටනට සහභිගිවූයේ නැත ඒ් පිළිබද ඔහු නබි තුමා අමතා අල්ලාහ්ගේ දූතයාණනී ඔබතුමා අාදේශ තබන්නන්ට ඒරෙහිව කරන ලද ප්‍රථම සටනට මා සහභාගි නොවුයෙමි අල්ලාහ් විසින් ඒම සටනට සහභාගිවීමේ අවස්ථාව මා හට ලබාදුන්නේනම් මා ඒතනදීකටයුතු කරන විලාසය කෙසේද යන්නඅල්ලාහ් විසින් ජනතාවට පෙන්වන්න හැකිව තිබුණීයි යැයි කීය පසුව උහ්ද් සටන සිදුවු දිනයේදී මුස්ලීම්වරැන් සමහරක් සටන් බිමෙන් ඉවත්ව යන්න ගියහ ඒවිට ඔහු යා අල්ලාහ් මොවුන් මාගේ සහගාමිකයින් කළ වරදට නුඹෙන් මා සමාව අයදිමි ඔවුන් අාදෙට්ශකරන්නන් දේවලින්ද මාද ඉවත් වෙන්නෙමී යැයි කීහ පසුව අනස් බින් නළ්ර් ඉදිරියටම ගියේය සංද් බින් මුඅාද් රළියල්ලාහු ඔහු ඉදිරියට පැමිණියේය ඒවිට සංද් බින් මුඅාද් කංබාවෙහි දෙවිදුන්මත දිවුරා ප්‍රකාශ කරමි ස්වර්ගය අත ළගය නියතවශයෙන්ම මා උහ්ද් කදුවැටිය දෙසින් ස්වර්ගයේ සුවද අාඝ්රාණය කරමී යැයි කීහ පසුව විරැද්ධවාදීන් අතරට පැන පැන සටන් කර වීරයකු ලෙස දිවි පිදීය සංද් රළියල්ලාහු අල්ලාහ්ගේ දූතයාණෙනි ඔහු අනස් බින් නළ්ර් විසින් කළාක් මෙන් මට කරන්නට නොහැකි විය යැයි කීහ අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්‍රකාශ කරයි ඔහුගේ ශරීරයේ කඩු පහරවලින් හෝ කැපුනු ඊ පහරවලින් හෝ හෙල්ලෙන් සිදුවු සුලු තුවාල අසුවක තරම් ප්‍රමාණයක් පදුටුවෙමුඒතුමාව අාදේශකයින් විසින් කපා කොටා ශරීරය විකෘති කර තිබුණි අප කිසි කෙනෙකුට ඒතුමා හදුනා ගත නොහැකි විය ඒතුමාගේ අැගිලි තුඩවල සලකුණුවලින් හදුනා ගැනීමට ඒතුමාගේ සහෝදරිය සමත්වුනාය අනස් බින් මාලික් රළියල්ලාහු මෙසේ ප්‍රකාශකරයි මෙතුමා හා මෙතුමා වැනි අය ගැන තමන් විසින් අල්ලාහ් සමග අැති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කර පෙන්වන මිනිස්සුද මුංමීන්වරැන් අතරේ සිටින්නෝය අල් අහ්සිබ් 33 යන ශුද්ධ වාක්‍ය අවසාන දක්වා පහළ වුවේ යැයි සිතුවෙමු
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මාගේ සුවදුක් විමසූහ. එවිට එතුමා ((අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.)) යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් මුස්ලිම්ට අයත්යසඃද් ඉබ්නු අබී වක්කාස් -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසය: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ ඔහු රෝගාතුරව සිටිය දී ඔහුගේ සුවදුක් විමසා සිටියහ. එවිට එතුමා ((අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව, අහෝ! අල්ලාහ්, සඃද්ට සුවය දෙනු මැනව.)) යැයි තුන්වරක් පවසා සිටියහ. මිනිසා, රෝගාතුරුව සිටින තම සහෝදරයාගේ සුවදුක් විමසීම නබි චරිතයෙන් වූවක් බව මෙය පෙන්වා දෙයි. එමෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උදාර ගුණාංග හා එතුමා තම මිතුරන් සමග ආශ්‍රය කළ ආකාරය මෙහිදී මනාවට පෙනේ. එතුමාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් අතර සිටි රෝගීන් බැහැදැක සුවදුක් විමසූහ. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. එහිදී අදාළ පුද්ගලයාගේ නම සඳහන් කරමින් මොහුට සුවය දෙනු මැනව! යැයි තුන්වරක් ප්‍රාර්ථනා කිරීම සතුටු දායක බව පෙනී යයි. සැබැවින් රෝගියා සුව වීමට මෙය හේතුවක් වනු ඇත.
උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ පංගුවක් කොටස් කළහ. එවිට මම අල්ලාහ්ගේ දූතයාණනි, ඔවුනට වඩා මොවුන් සුදුස්න් නොවේ දැයි විමසා සිටියෙමි. එවිට එතුමාණෝ, “දැඩි ලෝබකම හේතුවෙන් ඔවුහු මගෙන් ඉල්ලා සිටීමටත්, මම මසුරෙකු නොවුව ද මා මසුරු අයකු බවට පත් කිරීමටත් සැබැවින්ම ඔවුන් මා තෝරා ගත්තෝය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතතමන් වෙත ලැබුණු මුදල්වලින් කොටසක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇතැම් ජනයා වෙත බෙදා හැර තවත් පිරිසක් අතහැර දැමූහ. එවිට උමර් -රළියල්ලාහු අන්හු- තුමා, “ඔබ පිරි නොනැමූ මොවුනට පිරිනැමිය යුතු නොවේ ද? හේතුව නියත වශයෙන්ම පිරිනමනු ලැබූ ඔවුනට වඩා මොවුන් සුදුස්සන් වෙති.“ යැයි කීහ. එවිට නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එතුමාට මෙසේ පවසා සිටියහ. “නියත වශයෙන්ම ඔවුන්ගේ විශ්වාසයේ දුර්වල කම හේතුවෙන් ඔවුන් බලකර ඉල්ලා සිටියහ. ලෝබකම හේතුවෙන් ඉල්ලා සිටීමේ දී ඔවුන්ගේ තත්ත්වය සලකා තීන්දු දෙන්නට ඔවුන් මා පත් කළෝය. එසේ නැතිනම් මසුරුකම වෙත මා ඈදනු ඇත.“ එහෙයින් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ චරිතයෙහි මසුරුකම නොවුව ද එතුමා මධ්‍යස්තව හා කළමණා කොට එසේ පිරිනැමීමට තෝරා ගත්හ.