





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: අපි යුද්දයකට සහභාගී වී සිටියෙමු. මුහාජිරීන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුට පහරක් දුන්නේය. එවිට අන්සාරිවරයා: අහෝ අන්සාරිවරුනි, යැයි ඇමතූ අතර මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ඇමතුවේය. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඇහෙන්නට සැළැස්වීය. එතුමණෝ: "මේ කුමක් ද?" යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිරින් වරුන් අතරින් පුද්ගලයෙක් අන්සාර් වරුන් අතරින් පුද්ගලයකුගේ පසුපසට පහර දුන් බවත් අන්සාර් වරයා: අහෝ අන්සාර් වරුනි, යැයි ද මුහාජිර් වරයා: අහෝ මුහාජිර් වරුනි, යැයි ද ඇමතූ බවත් පවසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එය අත්හැර දමන්න. සැබැවින්ම එය දුර් ගන්ධයකි" යැයි පැවසූහ. ජාබිර් තුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අන්සාරිවරුන් බහුලව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි වැඩිවන්නට විය. එවිට අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි: "ගිනි ඇවිලී ඇත. ඔවුන් මෙසේ සිදු කළේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම්, ප්‍රභූවරුන් පහත් අයව ඉන් පිටුවහල් කළ යුතු වේ" යැයි පැවසීය. එවිට උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම කුහකයාගේ ගෙල සිදලන්නට මා අත්හරින්න" යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා. "ඔහුව අත්හරින්න. මුහම්මද් තම සගයින් මරා දමන බවට මිනිසුන් කතා නොකළ යුතුය" යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක්තරා යුද්ධයක් සඳහා පිටත්ව යමින් සිටියහ. එතුමාණන් සමග මුහාජිර් මෙන්ම අන්සාරි සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) ද වූහ. මුහාජිර් වරුන්ගෙන් පුද්ගලයෙක් අන්සාර් වරුන් ගෙන් පුද්ගලයකුට තම අතින් පසුපසට පහර දුන්නේය. එවිට අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටි අතර මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උපකාර කරන්න යැයි පවසා සිටියේය. එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කණට වැකී එතුමාණෝ: මේ මොකක්ද? යැයි විමසූහ. එවිට ඔවුහු මුහාජිර් වරුන්ගෙන් කෙනෙක් අන්සාර් වරුන්ගෙන් කෙනෙකුගේ පසුපසට අතින් පහරක් දී ඇත. එහෙයින් අන්සාරිවරයා අහෝ අන්සාරිවරුනි, මට උදව් කරනු යැයි ද මුහාජිර් වරයා ද අහෝ මුහාජිර් වරුනි, මට උදව් කරනු යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම පූර් ව ඉස්ලාමීය මෝඩ පුරුද්ද අත්හරින්න. මක්නිසාදයත් එය අශික්ෂිතය පීඩාකාරීය පිළිකුල් සහගතය. එනම් මිනිසෙකු තම විරුද්ධවාදියා විසින් පරාජය කරන විට, ඔහු තම ජනතාව අමතයි. ඔවුන් නොදැනුවත්කම සහ උමතුවෙන් - පීඩකයා හෝ පීඩිතයා වේවා ඔහුගේ සහයට යුහුසුළුව පැමිණෙති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි අවස්ථාවේ අන්සාර් වරුන් මුහාජිර් වරුන්ට වඩා අධිකව සිටි අතර ඉන් පසුව මුහාජිර් වරුන්ගේ සංඛ්‍යාව වැඩි විය. කුහකයින්ගේ ප්‍රධානියෙකු වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි ඉබ්නු සලූල් මෙසේ පැවසීය: "ගිනි ඇවිළී ඇත. කාරණය මේ සීමාව දක්වා පැමිණියේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. අපි මදීනාවට හැරී ගියේ නම් ප්‍රභූවරුන් -තමන් හා තමන් සමග වූවන් ගැන කියමින්- මදීනාවේ සිටින පහත් අය -නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා ඔහු සමග සිටින්නන්- ඵලවා හැරිය යුතුය." එවිට උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මට ඉඩ දෙන්න මම ඒ කුහකයාගේ ගෙල සිදලන්නම් යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔහුව අත්හරින්න. සැබැවින්ම මුහම්මද් ඔහුගේ අනුගාමිකයින් මරා දමන බවට මතුපිටින් හෝ මිනිසුන් කතා නොකළ යුතුය."
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැදුරක නිදා ගෙන නැගිට්ටහ. එතුමාණන්ගේ පිටෙහි එහි සළකුණු පිහිටා තිබිණ. එවිට අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අපි ඔබ වෙනුවෙන් මෙට්ටයක් සූදානම් කරන්නදැ?"යි විමසා සිටියෙමු. එවිට එතුමාණෝ: "මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."
رواه الترمذي وابن ماجهඅබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇතැම් පැල වලින් වියන ලද කුඩා පැදුරක නිදා ගෙන සිට පසුව නැගිටුණහ. එතුමාණන්ගේ පිටෙහි පැදුරෙහි සළකුණු පිහිටා තිබිණ. එවිට අපි මෙසේ පැවසුවෙමු.: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ වෙනුවෙන් සිනිදු මෙට්ටයක් සූදානම් කළේ නම්, එම රළු පැදුරේ ඔබ හාන්සි වීමට වඩා යහපත් වනු ඇත." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. මෙලොවට මා ප්‍රිය කරන තරමට මෙලොව සමග කිසිදු ඇල්මක් හෝ කැමැත්තක් හෝ මට නැත. මා හා මෙලොවෙහි මා ජීවත් වීමේ උපමාව මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය එක් දිනක දෙවරක් ආහාර ගෙන තිබුණේ නැත. එසේ ගෙන තිබුණත් දෙකෙන් එකක් රටඉඳි වලින් විය යැයි මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියාය.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී. "මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත."
متفق عليهමුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය පිළිබඳ දැනුම් දීමේ දී, ඔවුන් මදීනාවට ආ දා පටන් එතුමාණන් මරණයට පත්වන තෙක්ම අඛණ්ඩ ව දින තුනක් එක දිගට තිරිඟු, ආහාරයට ගෙන නැති බව පවසා සිටියාය.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර් තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය." මුස්ලිම් තුමා සතු වාර් තාවක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හාන්සි වූ කොට්ටය ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
متفق عليهමුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය. අල්ලාහ්ගේ දූතයාණන් නිදා සිටි ඇතිරිල්ල පදම් කරන ලද හමකින් වූ අතර එය ඉදි කෙඳිවලින් පුරවන ලද්දක් විය. එමෙන්ම එතුමාණන් හාන්සි වූ කොට්ටය ද එලෙසම විය.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්සිනා, මුඃමින්වරුන්ගේ මැණියක වූ ජුවෙයිරිය්යා බින්ත් අල්-හාරිස්ගේ සහෝදරයා වන අම්ර් ඉබ්නු අල්හාරිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණෙන්ගේ සුදු ඔටුවා, එතුමාණන්ගේ ආයුධ සහ පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ කිසිවක් ඉතිරි කර හැරදමා ගියේ නැත.
رواه البخاريඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත් වූ අවස්ථාවේ දී එතුමාණන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කළ සුදු ඔටුවා, උසුලාගෙන සිටි එතුමාණන්ගේ ආයුධ, පුණ්යාභාරයක් ලෙස නියම කළ එතුමාණන්ගේ ආයුධ සහ නිරෝගීව සිටිය දී සරණාගතයින් සඳහා පුණ්‍යාධාරයක් ලෙස නියම කළ භූමි කොටසක් හැර කිසිදු රිදී කාසියක් හෝ රන් කාසියක් හෝ වහලෙකු හෝ වහලියක හෝ එළුවෙකු හෝ කොටළුවෙකු හෝ කිසිදු සම්පතක් හෝ හැරදමා ගියේ නැත.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් මිස අපට දේශනා කළේ නැත. එනම්: "කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත."
رواه أحمدඅනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි: කරුණු දෙකක් මෙනෙහි කිරීමෙන් තොරව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙසක් හෝ දේශනාවක් කිරීම විරල විය. පළමුවැන්න: තමන් භාරයේ තබන ලද කිසිවකුගේ ධනය, ජීවිතය හා පවුල සම්බන්ධයෙන් වංචාවක් සිදු වන්නේ ද එවන් අයකුට පූර්ණ දේව විශ්වාසය නැත. දෙවැන්න: කවරෙකු ගිවිසුම්, ප්‍රතිඥා කඩ කරමින් ඒවායෙහි වංචනික ලෙස කටයුතු කරන්නේ ද ඔහුට පූර්ණ ආගමක් නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වාඩි වී සිටින මිනිසුන් පිරිසක් අසළ සිට ගෙන මෙසේ පැවසූහ. "ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද?" ඔහු මෙසේ පැවසීය: "එවිට ඔවුන් නිහඬ වූහ." එතුමාණන් තුන් වරක් එසේ විමසා සිටියහ. එවිට මිනිසෙක්: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' යැයි කිවේය. එතුමාණෝ මෙසේ පැවසූහ.: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන තැනැත්තා වන අතර, මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා වේ. ඔබ අතරින් නරකම තැනැත්තා යහපත බලාපොරොත්තු නොවන තැනැත්තා වන අතර මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා නොවේ.'"
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් වාඩි වී සිටින පිරිසක් අසළ සිටගෙන ඔවුන්ගෙන් මෙසේ විමසා සිටියහ. "ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද? මතක් කර දෙන්නද?" එවිට ඔවුන් කිසිදු පිළිතුරක් නොදුන්හ. නිහඬව සිටියහ. එය ඔවුන් අපකීර් තියට බිය වූ නිසාවෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම ප්රශ්නය තුන් වතාවක් ම විමසා සිටියහ. එවිට ඔවුන් අතරින් මිනිසෙකු මෙසේ පැවසීය: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' එවිට එතුමාණෝ මෙසේ පැහැදිලි කළහ: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන, යහපත උපකාරය හා ත්‍යාගශීලී බව ගැන සිතන, ඔහුගේ හානියෙන් සෙස්සන් ආරක්ෂාව ලබන, ඔහුගේ අපරාධ, දුෂ්ටකම හා අන්තවාදීකමින් සෙස්සන් රැකවරණය ලබන අය වේ. සැබැවින්ම ඔබ අතර දුෂ්ට අය වනුයේ යහපත අපේක්ෂා නොකරන, එය බලාපොරොත්තු නොවන, යහපත් කිරීමට හෝ උපකාර කිරීමට හෝ ත්‍යාගශීලීව කටයුතු කිරීමට හෝ ආශාවක් නැති, ඔහුගේ නපුරෙන් සෙස්සන් ආරක්ෂාව නොලබන, ඔහුගේ අපරාධ, දුෂ්ටකම් හා අන්තවාදීකම ගැන සෙස්සන් බියට පත් වන තැනැත්තාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
رواه أبو داود والترمذي وأحمدමිනිසුන් තමාට කළ යහපත හා කරුණාව වෙනුවෙන් ස්තූති නොකරන තැනැත්තා සාමාන්‍යයෙන් අල්ලාහ්ට ද ස්තූති නොකරන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. මක්නිසාද යත්, ඒ කාරණා දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති බැවිනි. මන්ද, මිනිසුන්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන සහ ඔවුන්ට ස්තූති නොකරන ස්වභාවයක් සහ පුරුද්දක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ ආශිර් වාදවලට කෘතඥ නොවන අතර ඒවා වෙනුවෙන් ඔහුට ස්තූති කිරීමට අපොහොසත් වීමේ පුරුද්දක් ද ඇති කර ගනී.