





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හදිසි බැල්ම ගැන මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසා සිටියෙමි. එවිට මගේ බැල්ම මා වෙනතකට යොමු කළ යුතු යැයි එතුමාණෝ මට නියෝග කළහ.
رواه مسلمජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් පිරිමියෙක් පිටස්තර කාන්තාවක් කිසිදු අපේක්ෂාවකින් තොරව හදිසියේම දකින්නට ලැබීම ගැන විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය ඔහු දැනගත් වහාම වෙනත් පැත්තකට වෙනත් දෙසකට ඔහුගේ මුහුණ හැරවිය යුතු බව ඔහුට නියෝග කළහ. එවිට ඔහු කෙරෙහි පාපයක් නො පිහිටනු ඇත.
මස්රූක් තුමා විසින් වාර්තා කරන ලදී. අපි අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා වෙතට පිවිසුනෙමු. එවිට එතුමා: "අහෝ ජනයිනි, කවරෙකු යමක් ගැන දන්නේද එය පවසා සිටිත්වා. කවරෙකු නොදන්නේද ඔහු අල්ලාහු අඃලම් (මැනවින් දන්නා අල්ලාහ් වේ) යැයි පවසා සිටිත්වා. තමන් නොදන්නා දෑට මැනවින් දන්නා අල්ලාහ් වේ යැයි පවසා සිටීම දැනුම අතුරින් වූවකි. උත්තරීතර අල්ලාහ් තම නබිවරයාට මෙසේ පවසා සිටියි. "ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම ඔබලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතුරින් ද නොවෙමි යැයි (නබිවරය,) ඔබ පවසනු." (38:86)
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: සැබැවින්ම මිනිසා තමන් දන්නා යම් කිසිවක් ගැන විමසනු ලැබූ විට, එය නොසඟවා ජනයාට පැහැදිලි කළ යුතුය. තමන් නොදන්නා දෑ ගැන විමසනු ලැබූ විට ඔහු අල්ලාහු අඃලම් (මැනවින් දන්නා අල්ලාහ්ය) යැයි පැවසිය යුතු අතර පිළිතුරු දීමට උත්සහ දැරිය යුතු නොවේ. තමන් නොදන්නා දෑට මැනවින් දන්නා අල්ලාහ් යැයි පැවසීම දැනුමෙන් වූවකි. එනම්: මිනිසා නොදන්නා දෑට අල්ලාහු අඃලම් යැයි පැවසීම දැනුම සංකේතවත් කරන්නකි. හේතුව ඔහු නොදැන සිටියදී තමන් නොදන්නා බව පවැසීම සැබැවින්ම එහි ප්‍රමාණය එහි තත්ත්වය ගැන සැබෑ ලෙසින්ම දන්නා වන බැවිනි. නමුත් ඒ ගැන ඔහුට අවබෝධයක් නොමැති බැවින් මැනවින් දන්නා අල්ලාහ් යැයි නොදන්නා දෑට පවසයි. මුස්ලිම්හි සඳහන් ප්‍රකාශයක සැබැවින්ම ඔබ අතුරින් මැනවින් දන්නා තමන් නොදන්නා දෑට මැනවින් දන්නා අල්ලාහ් යැයි පැවසීමය. ඉබ්නු මස්ඌද් තුමා එයට සාධක වශයෙන් "ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම ඔබලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතුරින් ද නොවෙමි යැයි (නබිවරය,) ඔබ පවසනු." (38:86) යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය දන්වා සිටියේය. එනම් දේව පණිවිඩ තුළින් මා ගෙන ආ දෑ සඳහා මා වෙත කුලී ලබා දෙන මෙන් මම ඔබගෙන් නොඉල්ලමි. මම ඔබට දැනුම් දෙනුයේ යහපතය. තවද මම අල්ලාහ් වෙත ඔබව ඇරයුම් කරමි. මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන්ගෙන් කෙනෙකු නොවෙමි. යනු මා ඔබව අපහසුතාවට පත් කරන්නන්න් අතුරින් හා දැනුමෙන් තොරව යමක් පවසන්නන් අතුරින් කෙනෙකු නොවන බවයි. මින් ලැබෙන සාධකය වනුයේ: තීන්දු තීරන දෙන්නට හැකියාව ඇතොත් මිස ආගමික තීන්දු දීම මිනිසාට සුදුසු නොවන බවය. ජනයා මෙහෙයවන ඉමාම් වරයකු බවට පත්වනු අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට තීන්දු දෙනු ඇත. ඔවුන් නිවරැදි මාර්ගය වෙත මඟ පෙන්වනු ඇත. එවිට එය යහපතක් බවට වනු ඇත. අල්ලාහ් එය අභිමත නොකළේ නම්, එම තීන්දුව ක්‍රියාත්මක කිරීමෙහි ඔහුට ඵලක් ගෙන දෙන්නේ නැත. එය ඔහු මෙලොවෙහි හා මතුලොවෙහි විනාශය ගෙන දෙන්නක් බවට පත් වනු ඇත. මතාලිඋල් අන්වාර් අලා සිහාහුල් ආසාර් (4/439), රියාලුස් සාලිහීන් හි විග්‍රහය : ඉමාම් උසය්මීන් (6/391, 392)
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මිනිසෙකු සිටගනිමින් පාවහන් පැළඳීම තහනම් කළහ.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ සිටගත් තත්ත්වයේ පාවහන් පැළඳීමේ තහනම පනවා ඇත. හේතුව වාඩි වී එය පැළඳීම පහසු වන බැවිනි. මෙය, පාදයට පැළදීමේදී යම් ක්‍රියාවලියක අවශ්‍යතාවක් ඇති පාවහන් යුවලක් වූ විටෙක විශේෂ වූ නීතියකි. මිනිසා සිටගෙන පාවහන් පළදින්නේ නම්, පාවහන් යුවල පැළඳීමේ යම් ක්‍රියාවලියක් ඇත්නම් ඇතැම් විට එය ක්‍රමවත්ව පළඳින්නට තම පාදය ඔසවන විට වැටෙන්නට බලන බැවිනි. වර්තමානයේ අප දැන හඳුනන පාවහන් සිටගත් තත්ත්වයේ පැළඳීමෙහි වරදක් නැත. එය තහනම් ගණයට ඇතුළත් නොවේ. වර්තමාන භාවිතයේ ඇති පාවහන් වාඩිවී පැළඳීමේ අවශ්‍යතාවකින් තොරවූ, එය පහසුවෙන් පළදින්නටත් ගලවන්නටත් හැකි අයුරින් පිහිටා ඇත. ආගමික නීතියේ කාන්තාවන් හා පිරිමින් අතර කිසිදු වෙනසක් නැත. විශේෂයෙන් පෙන්වා දෙන ලද කරුණක හැර ෂරීආ නීතිය තුළ කාන්තාවන් හා පිරිමින් අතර වෙනසක් නොපවතී. නමුත් මෙහිදී මෙම හදීසය පිරිමින්ට පමණක් වෙන් වූවකි. හේතුව නිවසින් බොහෝ විට බැහැරට යන්නේ පිරිමින්ය. එබැවින් මෙය මෙනෙහි කිරීම ඔවුනට විශේෂිත වූවකි. රියාලුස් සාලිහීන්හි විවරණය: ඉබ්නු උසෙය්මිය්යීන් (6/388) මීට අමතවද සඳහන් කොට ඇත.
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අස්සාඉබ් හෝ මුසය්යිබ්ගේ මව වෙත පැමිණියහ. එවිට එතුමා “අහෝ උම්මු සාඉබ් -එසේ නැතිනම් උම්මුල් මුසය්යිබ්- ඔබ වෙව්ලනුයේ මන්දැ?යි විමසා සිටියහ. එවිට ඇය “උණ, අල්ලාහ් එහි අභිවෘද්ධිය තබා නැත“ යැයි පවසා සිටියාය. එවිට එතුමා “උණට බැණ නොවදිනු. සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා උම්මු සාඉබ් තුමිය වෙව්ලමින් සිටියදී ඇය වෙත පැමිණි බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටියි. පසුව එතුමා ඇයගෙන් එයට හේතුව කුමක්දැයි විමසූ විට ඇය උණ එනම්: මෙසේ හටගන්නට හේතු වූයේ උණ යැයි දන්වා සිටියාය. උණ යනු ශරීරයේ ඇතිවන උෂ්ණත්වයයි. එය රෝග අතුරින් එක් රෝගයකි. එහි විවිධ වර්ග ඇත. “අල්ලාහ් එහි අභිවෘද්ධිය තබා නැත.“ ඇය මෙසේ පැතුවේ උණ හේතුවෙන් ඇය පරීක්ෂාවට ලක් කරනු ලැබ සිටින බැවිනි. එවිට එතුමා ඔබ උණට බැණ නොවදින්න යැයි පවසා සිටියහ. එනම්: උණට බැණ වැදීමෙන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඇයව වැළැක්වූහ. හේතුව එය අල්ලාහ්ගේ ක්‍රියාවන් අතුරින් එකකි. සියලුම කටයුතු සිදුවන්නේ අල්ලාහ් විසිනි. එහෙයින් එයට බැණ වැදීමට මිනිසාට සුදුසු නොවන්නේය. හේතුව එයට බැණ වැදීම යනු එහි මැවුම්කරුට බැණ වදින්නාක් මෙනි. එහෙයින් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා. තවත් විටෙක “ඔබ කාලයට බැණ නොවදිනු. හේතුව සැබැවින්ම අල්ලාහ් වන ඔහුමය කාලය වනුයේ. පුද්ගලයකුට යම් අභාග්‍යයක් ඇති වූ විට ඉවසා අල්ලාහ් වෙතින් කුසල් බලාපොරොත්තු විය යුතුය. “සැබැවින්ම එය යකඩයක බැඳුණු මළ මයිනහම ඉවත් කරනවාක් මෙන් ආදම්ගේ දරුවන්ගේ පාපයන් ඉවත් කරනු ඇත.“ තේරුම: සැබැවින්ම උණ යනු පාපයන්ට ප්‍රතිකර්මයක් ලෙස පිහිටන්නකි. එමෙන්ම නිළයන් උසස් කරවන්නකි. එය යකඩය ගින්නට දැමූ විට එහි මළකඩ ඉවත් කර එය පිරිසිව ඉතිරි වන්නාක් මෙනි. උණ ක්‍රියා කරනුයේත් එලෙසය. එය ආදම්ගේ දරුවන් සිදු කරන පාපයන් අතුරින් කුඩා පාපයන් ඉවත් කරවා ඔහු නැවතත් එයින් මිදී පිවිතුරුභාවය ලබන්නාක් මෙනි. උසය්මීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය. (6/467)
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ ඇගිලි හා ආහාර තැටිය පිසදා අනුභව කරන මෙන් නියෝග කොට, නියත වශයෙන්ම බරකත් හෙවත් අභිවෘද්ධිය ඇත්තේ කවර දෙයක දැයි ඔබ නොදන්නෙහුය යැයි පවසා සිටියහ.“ තවත් වාර්තාවක, “ඔබ අතුරින් කිසිවකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුනු විට, එය අහුලා එහි තැවරී ඇති හානිදායක දෑ ඉවත් කොට එය අනුභව කරත්වා! එය ෂෙය්තාන් වෙනුවෙන් අතහැර නොදමනු. තම ඇගිලි උරණ තෙක් තම අත අත්පිසනයෙන් පිස නොදමනු. හේතුව ඔහුගේ ආහාරයේ කවර අංශයක අභිවෘද්ධිය ඇත්තේ දැයි ඔහු නොදන්නා බැවිනි.“ තවත් වාර්තාවක, “ඔබ අතුරින් කෙනෙකු වෙත තම සෑම කටයුත්තකදීම සැබැවින්ම ෂෙය්තාන් සම්මුඛ වන්නේය. ඔහු ආහාර ගන්නා අවස්ථාවේ දී පවා ඔහු වෙතට සම්මුඛ වන්නේය. ඔබ අතුරින් කිසිවකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුනේ නම් එහි ඇති අහිතකර දෑ පිසදමා එය අනුභව කරත්වා! එය ෂෙයිතාන් වෙනුවෙන් අතහැර නොමනු.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඅනුභව කිරීමේ විනය අතුරින් එක් විනයක් පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කර ඇති ප්‍රකාශය ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් විසින් දන්වා ඇත. එනම්, මිනිසෙකු ආහාර අනුභව කොට අවසන් වී නම් ඔහු තම ඇඟිලි හා පිඟාන පිසදා එය අනුභව කළ යුතු වේ. එනම්, ආහාරයේ කිසිදු සලකුණක් එහි ඉතිරි නොවන තරමට පිසදැමීමයි. හේතුව සැබැවින්ම ඔබගේ ආහාරයේ කවර අංගයක බරකත් හෙවත් අභිවෘද්ධිය ඇත්තේ දැයි ඔබ නොදන්නා බැවිනි. එමෙන්ම ආහාර ගැනීමේ විනය අතර තවත් කරුණක් වන්නේ, කෙනෙකුගේ ආහාර කැබැල්ලක් බිම වැටුණු විට එය අතහැර නොදැමිය යුතුය. ෂෙයිතාන් මිනිසාගේ සියලු කටයුතුවල සම්මුඛ වෙයි. ඒ අනුව එම ආහාර කැබැල්ල ඔහු අර ගනු ඇත. නමුත් අප බලමින් සිටිය දී ඔහු එය නොගනු ඇත. එය ගුප්ත කරුණකි. එය අපට දසුන් නොවෙයි. නමුත් සත්‍යවන්ත සත්‍යවාදී යැයි පිළිගනු ලැබූ උත්තමයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පුවතින් එය අපට උගන්වා ඇත. ෂෙයිතාන් එය රැගෙන අනුභව කරයි. අප ඉදිරියේ භෞතික වශයෙන් යමක් ඉතිරිව තිබුණද එය ගුප්ත ලෙසින් ඔහු අනුභවය කරයි. ගුප්ත කරුණු අතුරින් වූ මෙය අනිවාර්යයයෙන් අපි තහවුරු කළ යුත්තකි.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් දැනුම ජනයා අතුරින් උගුලා එය අත්පත් කර ගන්නේ නැත. නමුත් දැනුම අත්පත් කර ගනුයේ විද්වතුන් අත්පත් කර ගැනීමෙනි. එය කිසිදු විද්වතෙකු ඉතිරි නොකරන තරම් වනු ඇත. ජනයා අඥානයින් නායකයින් බවට පත් කර ගනිති. ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ඔවුන් දැනුමෙන් තොරව තීන්දු දෙනු ඇත. එවිට ඔවුන්ද නොමග ගොස් (සෙසු ජනයාද) නොමඟ යවති.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් දැනුම අත්පත් කර ගන්නේ නැත." මෙයින් අදහස් වනුයේ, අල් කුර්ආනය, සුන්නාව හා ඒ දෙක සමඟ බැඳුණු දැනුමය. "ජනයා අතුරින් උගුලමින්" යනු: ජනයා අතර පවතින දැනුම අහසට ඔසවා එම දැනුම අත්පත් කර ගන්නේ නැත. "නමුත් දැනුම අත්පත් කර ගනුයේ" එනම් එය ඉවත් කරනුයේ "විද්වතුන් අත්පත් කර ගැනීමෙනි." එනම් ඔවුන් මරණයට පත් කොට ඔවුන්ගේ ප්‍රාණ ඉහළට ගනිමිනි. "එය ඔහු කිසිදු විද්වතෙකු ඉතිරි නොකරන තරම් වනු ඇත." එනම්: අල්ලාහ් කිසිදු දැනුමැත්තෙකුව ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගනිමින් මිස අතහැර දමන්නේ නැත යන්නයි. "ජනයා අඥානයින් නායකයින් බවට පත් කර ගනිති." එනම්: ජනයා ඔවුන් පාලකයින්, විනිසුරුවන්, තීරකයින්, නායකයින්, ප්‍රධානීන් ලෙස ගනිති. "ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ඔවුන් තීන්දු දෙනු ඇත." එනම්: දැනුමෙන් තොරව ඔවුන් පිළිතුරු දී තීන්දු කරති යන්නයි. එවිට ඔවුන්ද නොමග ගොස් (සෙසු ජනයාද) නොමඟ හරිනු ඇත. අඥානකම ලොව ආවරණය වී යයි. මෙම හදීසයේ දැනුම අත්පත් කර ගනු ලබන බවද අල්ලාහ්ගේ දහම වෙත ජනයාට මඟ පෙන්වන කිසිදු දැනුමැත්තෙකු ඉතිරි නොවන බවද ජනයා පිරිහී ඉන් පසුව නොමඟ යන බවද සංකේතවත් කොට සඳහන් කොට ඇත. බලන්න: මිර්කාතුල් මෆාතීහ් (1/460) රියාලුස් සාලිහීන් හි විග්‍රහය (5/452)
අල්-අස්ලමී තුමාට ගල් ගැසීමේ දඬුවම ක්‍රියාත්මක කළ පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නැගිට මෙසේ ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ් තහනම් කර ඇති මෙම අපිරිසිදුකමින් ඔබ වැළකී සිටින්න. එහෙයින් කවරෙකු මෙම දේවල් සිදු කළේ ද අල්ලාහ්ගේ ආවරණයෙන් ඔහු සඟවා ගත යුතු අතර අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. කවරෙකු තම පාපය අපට හෙළි කරන්නේ ද අපි ඔහු වෙත සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය ක්‍රියාත්මක කරන්නෙමු."
رواه الحاكم والبيهقيමාඉද් ඉබ්නු මාලික් අල්-අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා වෙත, කාමයේ වරදවා හැසිරීමේ වරදට ගල් ගැසීමේ දඬුවම ක්‍රියාත්මක කළ පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නැගී සිට මිනිසුනට දේශනාවක් කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ: මේ කිලිටි දැයින් හා අල්ලාහ් තහනම් කර ඇති පාපී ක්‍රියා අතරින් පිළිකුල් සහගත හා හෙළා දුටු දැයින් ඔබ වැළකී සිටින්න. කවරුන් හෝ ඒවායින් කිසිවක් සිදු කළේ ද, එහි වැටුනේ ද ඔහුට කරුණු දෙකක් අනිවාර්යය වනු ඇත. පළමු වැන්න: අල්ලාහ් එය සඟවා ඇති අයුරින් සඟවා තම පාපය ගැන දන්වා නොසිටීම. දෙවැන්න: එහි අඛණ්ඩව නිරත නොවී, පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් වෙත යොමු වීමට යුහුසුළු වීම. කවරෙකු ඔහුගේ පාපය අපට හෙළි කළේ ද එම පාපය සඳහා සර්වබලධාරී අල්ලාහ්ගේ නියමය තුළ සඳහන්ව පවතින දණ්ඩ නීතිය අපි ඔහු කෙරෙහි ක්‍රියාත්මක කරන්නෙමු.
අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්ජිදයේ ඉඃතිකාෆ් (රැඳී) සිටියහ. එවිට එතුමාණෝ අල්-කුර් ආනය හඬ නගා පරායනා කරනු ඔවුනට සවන් දුන්හ. පසුව තිරය ඉවත් කොට මෙසේ පැවසූහ: දැන ගන්න ඔබ සෑම කෙනෙකුම තම පරමාධිපති සමග සම්බන්ධතා පවත්වන්නෙහිය. එහෙයින් ඔබ කිසිවෙක් කිසිවෙකුට කරදර නො කළ යුතුය. අල් කුර්ආන් පාරායනයෙහි -එසේ නැතහොත් සලාතයේ දී- ඔබ කිසිවෙක් කිසිවෙකුට වඩා උස් හඬින් පාරායනය නොකළ යුතුය."
رواه أبو داودනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ට සමීප වීම සඳහා තම මස්ජිදය තුළ ඇති ගෝලාකාර හැඩයෙන් යුත් කුබ්බාව අසළ හුදකලාවේ රැඳී සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, තම සහාබාවරුන් උස් හඬින් ශබ්ද නඟා අල්-කුර්ආනය පාරායනය කරන ආකාරයට සවන් දුන්හ. එය ඔවුන්ගෙන් ඇතැමෙකුට හිංසාකාරී විය. පසුව කුබ්බාවෙන් තිරය ඉවත් කර එම ක්‍රියාව කළ අයට දොස් නගා තරවටු කළහ. පසුව මෙසේ පැවසූහ: ඔබ සෑම කෙනෙකුම අල්-කුර්ආනය කියවමින් ඔබේ පරමාධිපති සමග කතා කරන්නෙහුය. එහෙයින් අල් කුර්ආනය පාරායනය කිරීමේ දී හෝ සලාතය ඉටු කිරීමේ දී ඔබ අතුරින් කෙනෙක් තවත් කෙනෙකුට හිංසාවක් ඇතිවන පරිදි කටයුතු නොකළ යුතු ය. තම හඬ උස් නොකළ යුතු ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ සතු සුදු ඇඳුම් අඳින්න. සැබැවින්ම එය ඔබේ ඇඳුමින් වඩාත් ශ්‍රේෂ්ට වන්නේය. එමෙන්ම ඔබ අතර මිය ගිය ඇත්තන් එහි ඔතන්න."
رواه أبو داود والترمذي وابن ماجهපිරිමි සුදු පැහැති ඇඳුම් අඳින මෙන් ද මිය ගිය ඇත්තන් එහි කෆන් කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මග පෙන්වූහ. මක්නිසාද යත් එය උතුම් ඇඳුමක් වන බැවිනි.