





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ස්වර්ගයේ වෙළඳ පොළක් ඇත. සෑම සිකුරාදා දිනකම ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමා ඇවිත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් ඔබ වර්ධනය වී ඇත. එවිට ඔවුහු ද: අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත යැයි පවසා සිටිති.
رواه مسلمසැබැවින්ම ස්වර්ගයේ මිනිසුන් රැස්වෙන ස්ථානයක් ඇත. කිසිදු ගනු දෙනුවක් එහි සිදු නොවන අතර තමන් කැමති දෑ ඉන් ඔවුන් අර ගනිති. දින හතකට වරක් ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමයි. එය ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: "අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත." එවිට ඔවුහු ද මෙසේ පවසති. "අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත" යැයි පවසා සිටිති.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “දරුවන් තිදෙනෙකු සතු මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු මිය ගියේ නම් නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත. එම පංගුව (ඔහුට) අනුමත කර දීමෙන් මිස.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපිරිමි දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු හෝ ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම දරුවන් තිදෙනෙකු හෝ තමන්ට වී කවරෙකු මිය ගියේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ශරීරය නිරයට තහනම් කරනු ඇත. එය ඔහු ඉවසීමෙන් කුසල් බලාපොරොත්තුවෙන් සිට අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ ඉරණම පිළිගැනීමේ කොන්දේසිය මතය. අල්ලාහ් ඔහුගේ කොටස එහි පිරිනමනු ඇත. එය සූරා මර්යම් හි 71 වැනි පාඨයේ සඳහන් පරිදි අල්ලාහ්ගේ ප්‍රකාශයයි. එනම්, “තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්‍යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු සතු වැඩිවියට පත් නොවූ පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇත්නම් ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතුවක් වනු මිස නැත.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදි. “එකිනෙකාට බැණ ගන්නා දෙදෙනකු වනාහි, (එහිදී) අසාධාරණයට ලක්වන්නා ඉක්මවා යන තෙක් ඔවුන් දෙදෙනාගෙන් ආරම්භ කළ අය වෙත ඔවුන් දෙදෙනා පවසන දෑ (පාපය) පිහිටයි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතබැණ ගන්නා දෙදෙනකු තුළින් පිට වන සියලු පාපයන්, නියත වශයෙන්ම එහි පාපය ඔවුන් දෙදෙනාගෙන් ආරම්භ කළ අය මත පිහිටයි. හේතුව එම ක්‍රියාවෙන් ඉක්මවා ගිය අය එය ආරම්භ කළ තැනැත්තා වන බැවිනි. නමුත් අනෙකා වෙත කිසිවක් පිහිටන්නේ නැත. හේතුව තමන්ට අපරාධ කළ අයට ප්‍රතිචාර දැක්වීමට ඔහුට අවසරය ලබා දෙන බැවිනි. අපරාධයට ලක්වූ තැනැත්තා අපරාධකරුට සීමාව ඉක්මවා යමින්, එනම් අනුමත ප්‍රතිචාරයට වඩා ඉක්මවා ගොස් බැණ වදින්නේ නම් ආරම්භ කළ තැනැත්තාගේ පාපයට වඩා අපරාධයට ලක් වූ තැනැත්තාට විශාල පාපයක් අත්වන්නේය.
හිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගිය බවත්, එවිට ඔහු: "මොවුන්ගේ විෂය කුමක්ද?" යැයි විමසා සිටි බවත් "ජිස්යා බදු හේතුවෙන් ඔවුන් සිරගත කර ඇති." බව තමන්ට ඔවුන් පවසා සිටි බවත් වාර්තා කළේය. එවිට හිෂාම් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි." "නියත වශයෙන්ම, අල්ලාහ් මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට වධ හිංසා කරයි."
رواه مسلمහිෂාම් ඉබ්නු හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හුමා) තුමා හිරු එළියේ සිටුවා ඇති සිරියාවේ අරාබි නොවන අන්බාත් ගෝත්‍රයේ ගොවීන් කිහිප දෙනෙකු තමන් පසුකර ගියෝය. එවිට ඔහු: "මොවුන්ගේ කරුණ කුමක්ද?" යැයි විමසා සිටියේය. ඔවුන් ජිස්යා බදු ගෙවීමට හැකියාව තිබියදීත් එය නොගෙවීම හේතුවෙන් ඔවුනට මෙලෙස සිදු කර ඇති බව ඔහුට දන්වා සිටියේය. එවිට හිෂාම් (රළියල්ලාහු අන්හු) තුමා, 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇති බවට මම සාක්ෂි දරමි' යැයි පවසා මෙසේ පැවසීය: "යුක්තියකින් තොරව අපරාධකාරී ලෙස මෙලොව මිනිසුන්ට වධ හිංසා කරන අයට නියත වශයෙන්ම, අල්ලාහ් වධ හිංසා කරයි."
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් - තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. " නොකළ වරදකට තමන් සතු වහල් කොළුවකුට පහර දුන්නේ නම් හෝ ඔහුට කම්මුලට පහර දුන්නේ නම් හෝ එවිට එහි ප්රතිකර්මය ඔහුව නිදහස් කිරීමය."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතදඬුවම් දීමට සුදුසු නොවන පාපයක් සිදු කිරීම හේතුවෙන් හෝ කසපහර අනිවාර්යය නොවන වරදක් සිදු කිරීම හේතුවෙන් කවරෙකු වහල් දරුවකුට පහර දුන්නේ ද එවිට එම පාපය සඳහා වූ කෆ්ෆාරා හෙවත් ප්රතිකර්මය වනුයේ ඔහුව නිදහස් කිරීමය.
අබූ තල්හා සෙයිද් ඉබ්නු සහ්ල් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අපි මිදුලේ වාඩි වී එහි කතා කරමින් සිටියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණ අප ඉදිරියේ නැගී සිට මෙසේ පවසා සිටියහ: ((නුඹලාට කුමක් වීද? වීදිවල වාඩී වී කතා කරන සභාවන්ට කුමක් වීද? වීදිවල වාඩිවී කතා කරන සභාවන්ගෙන් ඔබ වැළකී සිටින්න.)) එවිට අපි වාඩි වි සිටිනුයේ අවශ්‍යතාවක් තොර දෙයකට නොවේ අපි එසේ වාඩි වූයේ එකිනෙකා මෙනෙහි කර ගනිමින් කතා කරන්නටය යැයි පැවසුවෙමු. එවිට එතුමා: ((එසේ නොකරන්නේ නම්, ඔබ එහි අයිතිය එයට දෙනු. එනම්: බැල්ම පහත හෙළීමත් සලාමයට පිළිතුරු සැපයීමත් ප්රියවදනින් කතා කිරීමත් වේ.)
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතගේ මිදුලේ වාඩිවී තම තමන්ගේ කරුණු සම්බන්ධයෙන් ඔවුන් කතා කරමින් සිටියදී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුන් වෙත පැමිණ, එනම්: එතුමා ඔවුන් ඉදිරියට පැමිණ ඔවුන් අභියස සිටගෙන මාර්ගයන්හි වාඩි වීමෙන් ඔවුන් වැළැක්වූ බව අබූ තල්හා -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටියි. අපි වාඩි වි සිටිනුයේ අවශ්‍යතාවක් නැති දෙයකට නොවේ අපි එසේ වාඩි වූයේ එකිනෙකා මෙනෙහි කර ගනිමින් කතා කරන්නටය යැයි ඔවුහු පැවසූහ. එනම්: අල්ලාහ්ගේ දූතයාණනි, අපි මෙහි වාඩි වී සිටින්නේ ආගමික කටයුතු ගැන කතා කිරීමට නොව, අප අතර තිබූ අපගේ අනුමත කරුණු සම්බන්ධයෙන් මතක් කොට කතා කිරීමට යැයි පවසා සිටියහ. එතුමා: එසේ නොකරන්නේ නම්, ඔබ එහි අයිතිය එයට දෙනු. යැයි පවසා සිටියහ. එනම් ඔබ එම සභාවන් අතහැර දැමීමට ප්‍රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට හිමි අයිතිය දෙනු යැයි පැවසූහ. තවත් වාර්තාවක, ඔවුහු එතුමාගෙන් මාර්ගය සතු වගකීම් මොනවාදැයි අසා සිටි බවට වාර්තා වේ. එවිට එතුමා: බැල්ම පහත හෙළීමත් හානිදායක දෑ ඉවත් කිරීමත් සලාමයට පිළිතුරු සැපයීමත් යහපත විධානය කොට අයහපත් දැයින් වැළැක්වීමත් වේ යැයි පැවසූහ. එහි අර්ථය: මාර්ගයේ වාඩි නොවීම ගැන ඔබ ප්‍රතික්ෂේප කරන්නෙහු නම් ඔබට අනිවාර්යය වූ දෑ ඉටු කිරීම ඔබේ වගකීමකි යන්න දැන ගත යුතු බවය. පසුව එතුමා මාර්ගයේ වාඩිවීමෙන් වැළැක්වීමට හේතු වූ සාධක පැහැදිලි කර සිටියහ. එනම් තරුණ කාන්තාවන්ගේ පැමිණීම හේතුවෙන් හා ඔවුන් දෙස බලන්නට සිදුවීමෙන් එකතු වන්නා වූ පාපයේ භයානක කම නිසා අර්බුදයට භාජනය වන බව පැහැදිලි කළහ. අර්බුදයට ඔවුන් හේතු වන්නේය. එමනේම තම නිවසේ තනිව සිටින විට හෝ තමන් වෙත පැවරුණු රාජකාරියක නිරතව සිටින විට මිනිසාට නොපැවරෙන වගකීම් මෙහිදී පැවරෙන්නේය. එවිට අල්ලාහ් හා මුස්ලිම්වරුන් කළ යුතු වගකීම් පැහැර හරින්නට සිදු වන්නේය. මෙකී තත්ත්වයන් මත යහපත විධානය කොට අයහපතින් වැළැක්වීම අනිවාර්යය වේ. ඔහු එය අතහැර දැමුවේ නම් සැබැවින්ම අල්ලාහ්ගේ පාපයට ලක් වන්නේය. එමෙන්ම එහි ගමන් කරමින් සලාම් පවසන්නාටද මොහු බලපෑමක් වන්නේය. ඇතැම් විට ඔහු කෙරෙහි සලාම් පැවසීම අධික වෙයි. ගමන් කරන සියලු දෙනාටම සලාම් පැවසීමට නොහැකි කාර්යයකි. සලාමයට පිළිතුරු දීම අනිවාර්යය.එසේ නොකළ විට ඔහු පාපියකු බවට පත් වෙයි. එහෙයින් අර්බුදකාරී තත්ත්වයන් අනාවරණය නොකළ යුතු යැයි ද තමන්ට ඉටු කළ නොහැකි දෙයක් තමන් වෙත පවරා ගත යුතු නැතැයි ද අණ කරනු ලැබ ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතර මුළින්ම තීන්දු දෙනු ලබනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ මිනිසාටය. ඔහු කැඳවා ගෙන එනු ලැබ, ඔහුට හිමි ආශිර්වාදයන් ඔහුට දන්වා සිටියි. එවිට ඔහු එය හඳුනා ගනී. මෙහි කුමක් සිදු කළෙහිද යැයි විමසයි. එවිට ඔහු: මම දිවි පුදන තෙක් ඔබ වෙනුවෙන් සටන් කළෙමි යැයි පවසයි. ඔහු: ඔබ බොරු කීවේහිය. ඔබ වීරයකු යැයි පවසනු ලබන්නට සටන් කළෙහිය. යැයි පවසයි. පසුව ඔහු සම්බන්ධයෙන් නියෝග කරනු ලැබ, නිරා ගින්නෙහි හෙළනු ලබන තෙක් මුණින් ඇදගෙන යනු ලැබේ. තවත් මිනිසෙකුට තීන්දු දෙනු ලැබේ. ඔහු දැනුම හදාරා එය අන් අයට උගන්වා අල් කුර්ආනය කියවා ඇත. ඔහුව ගෙන එනු ලැබ ඔහු සතු ආශිර්වාදයන් ඔහුට හඳුන්වා දෙයි. එය ඔහු හඳුනා ගනී. මේ සම්බන්ධයෙන් ඔබ කටයුතු කළේ කෙසේද? යැයි විමසයි. මම දැනුම ලබා එය අන් අයට ඉගැන්වූයෙමි. ඔබ වෙනුවෙන් අල් කුර්ආනය කියවූවෙමි යැයි පවසයි. ඔබ බොරු පවසන්නෙහිය. ඔබ විද්වතෙකු යැයි පවසනු ලබන්නට ඔබ දැනුම හැදෑරුවෙහිය. හොඳ කාරි(අල් කුර්ආනය කියවීමට දක්ෂ) අයකු යැයි කියනු ලබන්නට ඔබ අල් කුර්ආනය කියෙව්වෙහිය. පසුව නිරයේ ගින්නට ඇද දමනු ලබන තෙක් ඔහුගේ මුණින් ඇදගෙන යන මෙන් නියෝග කරනු ලැබේ. තවත් මිනිසෙකුට (තීන්දු දෙනු ලැබේ) අල්ලාහ් ඔහුට මූල්‍ය වශයෙන් විස්තීරණය කර තිබිණ. ධනයෙන් ඇතැම් කොටස් ඔහු පිරිනැමීය. ඔහු ගෙන එනු ලැබ ඔහුගේ ආශිර්වාදය ඔහුට හඳුන්වා දෙයි. ඔහු එය හඳුනා ගනී. මේ සම්බන්ධයෙන් ඔබ කුමක් සිදු කළේ දැයි විමසයි. වියදම් කරනු ලබන්නට ඔබ ප්‍රිය කරන මාර්ග ඔස්සේ වියදම් කිරීම මා අතහැර දැමුවේ නැත. එය ඔබ වෙනුවෙන්ම වියදම් කළෙමි යැයි පවසයි. ඔබ බොරු පවසන්නෙහිය. නමුත් ඔබ එසේ සිදු කළේ ධානපතියෙකු යැයි කියනු ලැබීමටය. පසුව නිරයේ ගින්නට හෙළනු ලබන තෙක් ඔහුගේ මුණින් ඇදගෙන යනු ලබන මෙන් නියෝග කරනු ලැබේ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ අර්ථය: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා අතුරින් පළමුව තීන්දු දෙනු ලබනුයේ කණ්ඩායම් තුනකටය: මූණිච්චාවට ඉගැන්වූ අය, මූණිච්චාවට සටන් කළ අය හා මූණිච්චාවට දන් දුන් අය වෙති. පසුව අල්ලාහ් එදින ඔවුන් කැඳවා ඔවුනට හිමි ආශිර්වාදයන් පිළිබඳ දන්වා සිටියි. ඔවුහු එය හඳුනා ගෙන ඒවා පිළිගනිති. ඔවුන් සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්න කරනු ලැබේ. ඔබ කුමක් සිදු කළෙහි ද එනම් මෙම ආශිර්වාදයන්ට කෘතගුණ සැලකනු වස් කුමක් සිදු කළෙහිද යැයි ප්‍රශ්න කරයි. එවිට පළමුවැන්නා: මම දැනුම හැදෑරුවෙමි ඔබ විෂයයෙහි අල් කුර්ආනය කියෙව්වෙමි යැයි පවසයි. එවිට අල්ලාහ්: ඔබ බොරු පැවසුවෙහිය. නමුත් ඔබ විද්වතෙකු යැයි හඳුන්වාගනු පිණිස දැනුම හැදෑරුවෙහිය ඔබ කාරි වරයකු යැයි හඳුන්වාගනු පිණිස අල් කුර්ආනය කියෙව්වෙහිය. එය අල්ලාහ් වෙනුවෙන් නොව මූණිච්චාව හේතුවෙනි යැයි පවසනු ලැබේ. පසුව ඔහුට නියෝග කරයි. නිරයේ ගින්නට මුණින් ඇදගෙන ගොස් හෙළනු ලැබේ. මොහුට පසු පවසනු ලැබූ උදවියගේ තත්ත්වයද එලෙසමය.
අබූ දර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. යහපත් කටයුත්තක් සිදු කොට ජනයා ඔහුව ප්‍රශංසා කරන මිනිසෙකු ඔබ දුටුවෙහි ද? යැයි අල්ලාහ්ගේ දූතයාණන්ට කියනු ලැබීය. එවිට එතුමා "එය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ලැබෙන සුභාශිංසනයයි යැයි පවසා සිටියහ."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: මිනිසෙකු ජනයා අරමුණ නොකොට අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්‍රියාවන් සිදු කරයි. පසුව ඒ ගැන ජනයා ඔහු ප්‍රශංසාවට පත් කරති. මොහු හුඟක් යහපත් කෙනෙකි. දෙවිඳුන්ට වඩාත් අවනත කෙනෙකි. මැවීම්වලට බොහෝ සෙයින් උපකාර කරන කෙනෙකි. මෙවැනි වචනවලින් ඔහුව ප්‍රශංසා කරති. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මෙය මුඃමින්වරයාට කල්තියා පෙරාතුවම ශුභාසිරි වේ. එය ඔහු පැසසුමට ලක්වීමය. හේතුව ජනයා එම මිනිසාට ප්‍රශංසා කරන්නේ නම් ඔවුන් මහපොළොවේ අල්ලාහ්ගේ සාක්ෂිකරුවන් වෙති. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළින් ජනාසාවක් ගෙන ගිය කල්හි එතුමාගේ සහගාමීහු ඔහු යහපත් අයෙකි යැයි ප්‍රශංසා කළෝය. එවිට එතුමා එයට අනිවාර්යය විය යැයි පැවසූහ. තවත් අවස්ථාවක තවත් ජනාසාවක් එතුමා අසළින් ගෙන යන ලදී. එවිට සහාබාවරු ඔහු ගැන අයහපත් ලෙස කළෝය. එවිටද එතුමා එය අනිවාර්යය විය යැයි පැවසූහ. එවිට සහාබාවරු එසේ අනිවාර්යය වූයේ කුමක්දැ?යි විමසා සිටියහ. පළමුවැන්නා වනාහි, ඔහුට ස්වර්ගය අනිවාර්යය විය. දෙවන වන්නා වනාහි, ඔහුට නිරය අනිවාර්යය විය. නුඹලා මහපොළොවෙහි අල්ලාහ්ගේ සාක්ෂිකරුවෝ වෙති යැයි පැවසූහ. මෙම ප්‍රකාශයේ අර්ථය: එය මුඃමින්වරයාට පෙරාතුවම ලබා දෙන සුභාරංචියයි. මෙය හා මූණිච්චාවට කරන දෑ අතර වූ වෙනස මූණිච්චාවට සිදු කරන්නා මිනිසුන් තමන් දැකිය යුතුයි. ඔවුන් තමන්ට ප්‍රශසා කළ යුතුයි යැයි සිතයි. එසේනම් ඔහු මේ තත්ත්වයේ අල්ලාහ් සමග වෙනත් කෙනෙකු ආදේශ කර ඇත. ඔහුගේ චරිතය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුයි. ජනයා ඔහු ප්‍රශංසා කළ ද ඔහු අවමන් කළ ද ඒ පිළිබඳ නොතකයි. ඔහුගේ අවනත භාවය දැන ඔහුව ප්‍රශංසා කොට ඔහුට පැසසුමට ලක් කළේ නම් එය මූණිච්චාවක් නොව ඉය පෙරාතුවම ලැබෙන සුභාශිංසනයකි. මෙය හා හදීසයේ සඳහන් කරනු ලැබූ දෑ අතර මහත් වෙනසක් ඇත. ඉබ්නු උසය්මීය්යීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය. (6/354,355)