





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "උදෑසන මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසා සිටින්නේ නම් මලක්වරු හැත්තෑ දහසක් දෙනා සවස්වරුව දක්වා ඔහුට ප්‍රාර්ථනා කරනු මිස නැත. සවස් කාලයේ ඔහුගේ සුවදුක් විමසා සිටියේ නම් උදෑසන දක්වා මලක්වරු හැත්තෑ දහසක් දෙනා ප්‍රාර්ථනා කරනු මිස නැත. තවද ඔහුට ස්වර්ගයේ අස්වැනුද ඇත.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම: සැබැවින්ම මිනිසා තම රෝගී සහෝදරයකුගේ සුවදුක් විමසා සිටියේ නම් ඔහු ස්වර්ගයේ අස්වැනු අතර වන්නේය. එනම් ස්වර්ගයේ නෙළාගන්නා දෑ අතර වන්නේය. අල්ලාහ්ගේ භාග්‍යය අති විශාලය. එය රෝගියාගේ සුවදුක් විමසීමේ මහිමය පෙන්වා දෙයි. උදෑසන එසේ සිදු කළ විට එහි කුලිය ඔහුට හිමිවනු ඇත. එමෙන්ම සවස් කාලයේ සිදු කළ විට ද ඔහුට එම කුලිය හිමිවනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
رواه أبو داود وابن ماجه وأحمدඅල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන මූලික ආගමික දැනුමක් යමෙකු හදාරන්නේ නම්, ඔහු එමගින් මෙලොව මුදලින් හෝ නිලයෙන් හෝ භුක්තියක් හෝ කොටසක් හෝ ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නොකරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කවරෙකු لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි පවසන්නේද ඔහුගේ පරමාධිපති ඔහුව සනාථ කරමින් මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්‍රේෂ්ඨය. යැයි පවසයි. කවරෙකු لا إله إلا الله وحده لا شريك له ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවකු නැත) යැයි පවසන්නේද ඔහු: මා පමණක් හැර වෙනත් දෙවිඳෙකු නැත. මට කිසිදු හවුල්කරුවකු නැත යැයි පවසයි. කවරෙකු لا إله إلا الله له الملك وله الحمد ලා ඉලාහ ඉල්ලල්ලාහු ලහුල් මුල්කු වලහුල් හම්දු (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු පැසසුම්ද ඔහු සතුය) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්‍යයන් මා සතුය. තවද සියලු ප්‍රශංසා මා සතුය යැයි පවසයි. කවරෙකු لا إله إلا الله ولا حول ولا قوة إلا بالله ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. මාගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත යැයි පවසයි. කවරෙකු රෝගීව සිටියදී මෙය පවසා මරණයට පත් වන්නේද නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.))
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම- තුමාණන් පැවසූ බව අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. ගැත්තා لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි පවසන විට මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්‍රේෂ්ඨය. යැයි නියත වශයෙන්ම අල්ලාහ් එම ගැත්තා සනාථ කරමින් පවසා සිටියි. ඔහු الله أكبر ولا حول ولا قوة إلا بالله අල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත) යැයි පවසන විට එලෙසම අල්ලාහ් ඔහුව සනාථ කරනු ඇත. පසුව ඉතිරි දික්ර් සමග ඔහු මරණයට පත් වූයේ නම් නිරා ගින්න ඔහුව අනුභව නොකරනු ඇත. එනම් මිනිසාට නිරා ගින්න තහනම් කිරීමේ හේතූන් අතුරින් එකක් බවට එය පත් වන්නේය. එහෙයින් මෙම දික්රයන් කටපාඩම් කිරීමත් තමන් රෝගීව සිටින විට අල්ලාහ්ගේ අභිමතය පරිදි යහපත් අවසානයක් දක්වා අධික ලෙස පැතීමත් අවශ්‍ය වන්නේය.
උසාමා ඉබ්නු සෙය්ද් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. තම දියණියගේ පුතණුවන් මරණාසන්නයේ සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන් - නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- වෙත ගෙන එන ලදී. එතුමාගේ ඇස් දෙකින් කඳුළු ගලන්නට විය. එවිට සඃද් තුමා: අල්ලාහ්ගේ දූතයාණනි, මේ කුමක් දැයි විමසා සිටියේය. එතුමා: ((මෙය අල්ලාහ්ගේ දයාවකි. තම ගැත්තන්ගේ හදවත් තුළ අල්ලාහ් එය ඇති කළේය. නියත වශයෙන්ම අල්ලාහ් දයාව පෙන්වනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් වූ දයාලුවන් හට පමණය))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහිබ්බු රසූලිල්ලාහ් යැයි නම් තබනු ලැබූ උසාමා ඉබ්නු සෙයිද් තුමා මෙසේ දන්වා සිටියි. දූතයාණන් - සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ දියණින් අතුරින් එක් දියණියක් විය.ඇය,සැබැවින්ම තම පුතා මරණාසන්නයට පැමිණ ඇති බවත් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට එහි පැමිණෙන ලෙසත් දන්වා එතුමා වෙත පණිවිඩ කරුවකු එව්වාය.අල්ලාහ්ගේ දූතයාණන් වෙත එය ලැබුනු විට එතුමා, “ඇයට ඉවසීමෙන් සිටින මෙන් ද කුසල් අපේක්ෂාවෙන් සිටින මෙන් ද ඇයට අණ කරන්න.හේතුව අල්ලාහ් ගත් දෑ ඔහු සතුය.ඔහු පිරිනැමූ දෑ ද ඔහු සතුය.තවද සෑම දෙයකටම ඔහු අබියස නියමිත කාලයක් ඇත.“ යැයි ඔහු වෙත දන්වා සිටියහ.නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා තම දියණිය විසින් එවූ එම පණිවිඩකරුට එතුමාගේ දියණියට හෝ එම දරුවාට මෙම වදන් මගින් අණ කරන්නැයි අණ කර සිටියහ. “ෆ ඉන්න ලිල්ලාහි මා අකද වලහූ මා අඃතා“-අල්ලාහ් ගත් දෑ නියත වශයෙන්ම ඔහු සතුය.ඔහු පිරිනැමූ දෑ ද ඔහු සතුය යන ප්‍රකාශය අතිමහත් වදනකි.සියල්ල අල්ලාහ් සතු වී නම් ඔබෙන් ඔහු යමක් ගත්ත ද එය ඔහු සතු වූවකි.ඔබට ඔහු යමක් පිරිනැමුව ද එය ද ඔහු සතු වූවකි.එසේ නම් ඔහුට හිමි දෙයක් ඔහු ගත් විට ඔබ කෝප වනුයේ කෙසේද? එහෙයින් මිනිසාට යම් අභාග්‍යයක් ඇති වූ විටෙක “ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලය්හි රාජිඌන්“ -සියල්ල අල්ලාහ් සතුය. තවද අපි ඔහු වෙත නැවත හැරී යන්නන් වෙමු- යැයි පැවසීම නබි චර්යාවක් පිළිපැදීමකි. එනම් අපි අල්ලාහ් සතු වන්නෙමු.ඔහුගේ කැමැත්ත පරිදි අපව ක්‍රියා කරවයි.එමෙන්ම අප ප්‍රිය කරන යමක් අප අතරින් ඔහු ගත් විට එය ඔහු සතු වූවකි.ඔහු ගත් දෑ ද ඔහු පිරිනැමූ දෑ ද ඔහු සතුය.ඔහු ඔබට පිරිනැමූ කිසිවකට ඔබ හිමිකරු නොවේ.එය අල්ලාහ් සතු වූවකි.එනිසා අල්ලාහ් ඔබට පිරිනැමූ දෑහි ඔහු ඔබට අනුමැතිය දී ඇති පරිදි මිස කටයුතු කිරීම සුදුසු නොවන්නේය. අල්ලාහ් අපට පිරිනැමූ, අප සතුව ඇති දෑහි සැබෑ හිමිකරු ඔහුම බව මෙය පෙන්වා දෙයි.නියමිත කාලයක් ඇත යන ප්‍රකාශය වනාහි, සෑහීමට පත් වීමයි.මෙම අවසාන පදයෙන් අදහස් කරනුයේ, සැබැවින්ම මිනිසාට නියම කරන ලද දෙයක් මදක් වේලාසනින් හෝ ප්‍රමාද කිරීමෙන් හෝ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි.උත්තරීතර අල්ලාහ් සූරා යූනුස්:49 වැනි පාඨයේ මෙසේ දන්වා සිටියි. “සෑම සමූහයකටම ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට ඔවුනට ප්‍රමාදවීමට හෝ ඉක්මන්වීමට හෝ හැකියාවක් නැත.“ එසේ නම් කෝප වීමෙන් හෝ තැති ගැනීමෙන් හෝ කිසිදු ඵලක් නොවන්නේය.ඔබ කෝප වූවත්, තැති ගත්තත් නියම කරන ලද දැයක් ඔබට වෙනස් කළ නොහැකිය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් එතුමාගේ දියණියට අණ කළ යුතු දෑ අණ කොට පණිවිඩය එවූහ. නමුත් ඇය එතුමාට පැමිණෙන මෙන් පණිවිඩය එව්වාය. ඒ අනුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා සහාබාවරුන් අතුරින් පිරිසක් ඇය වෙත ගියහ. එවිට එතුමා තමන් වෙත එම දරුවා ඔසවා ගත්හ.ඔහුගේ ආත්මය පණ අදිමින් විය.හුස්ම ඉහළ පහළ යමින් තිබිණ.අල්ලාහ්ගේ දූතයාණන් අඬන්නට විය.එතුමාගේ ඇස් දෙකින් කඳුළු ගලන්නට විය.කස්රජ් ගෝත්‍රයේ ප්‍රධානියා වූ සඃද් ඉබ්නු උබාදා මේ කුමක්දැයි විමසා සිටියේය. දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තැති ගනිමින් අඬන්නේ යැයි සිතුවේය.එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මෙය දයාවයි“ එනම් නියම කරන ලද දෑ පිළිබඳ බිය නොව, එම දරුවා පිළිබඳ ඇති සෙනෙහස තමන් අඬන්නට සැළැස්වීය යන්නයි.පසුව-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “නියත වශයෙන්ම අල්ලාහ් දයාව පෙන්වනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් වූ දයාලුවන් හට පමණය“ යැයි පවසා සිටියහ.යම් විපතකදී කරුණාව හේතුවෙන් ඇඬීම අනුමතය යන්නට මෙහි පෙන්වා දී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."
متفق عليهමිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ සෙසු අයට හානි පමුණුවන කටු සහිත ගසක අත්තක් දැක ඔහු එය මාර්ගයෙන් ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි.."
رواه الترمذي وأحمدඉඩකඩම්, වතු යාය, කෙත්වතු (සීමාවකින් තොරව) අයිති කර ගැනීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. මක්නිසාදයත් එය මෙලොව වෙත කෑදර වීමට හේතුසාධකයක් මෙන්ම මතුලොවෙහි මතකයෙන් දුරස් කර එම ආශාවන් තුළ වැටෙන්නට සළස්වන බැවිනි.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඉරි කිහිපයක් ඇද මෙය මිනිසාය මෙය ඔහුගේ අවසන් කාලයයි. ඒ අතර ඔහු මෙසේය එවිට කෙටි රේඛා ගෙන ආහ. ඉබ්නු මස්ඌද්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හතරස් කොටුවක් ඇද මැදින් ඉන් පිටතට යන තෙක් ඉරක් ඇන්ඳහ. කොටුව තුළ වූ මැද ඉරෙහි මැදින් ඉරි කිහිපයක් ඇන්ඳහ. පසුව (( මෙය මිනිසාය. මෙය ඔහු වටලා ඇති ඔහුගේ අවසන් කාලයයි. ඉන් පිටතට ගිය ඉර ඔහුගේ ආශාවය. හරහට ඇති කුඩා ඉරි වනාහි, එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇත. තවද ඔහු එය වරදවා ගත්තේ නම් එය ඔහු විනාශ කර දමනු ඇතැයි පැවසූහ.))
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීස් දෙකෙහිම මිනිසාගේ ආශාවන්, ඔහුගේ අවසන් කාලය, ඔහුට බාධා පමුණුවන බාධක පිළිබඳ උපමා ගෙන හැර දක්වා ඇත. එම බාධකයන් අතුරින් එකකි මරණය. ඒවායින් ඔහු සුරක්ෂිතව සිටීයද ඔහුගේ කාලය අවසන් වන විට ඔහු වෙත මරණය පැමිණෙනු ඇත. මෙම ඉරි ඔහු සතු බාධක හා අනතුරුය. එකකින් සුරක්ෂිත වුව ද තවකකින් සුරක්ෂිත නොවෙයි. රෝගාබාධය හෝ ධනය විනාශ වීම හෝ මේ හා සමාන වෙනත් සියලුම ආකාරයේ උවදුරුවලින් ඔහු සුරක්ෂිතව සිටියද අවසානය ඔහු වෙත ළඟා වන්නේය. මෙම හේතූන් නිසා ඔහු මරණයට පත් නොවුද කාලය හේතුවෙන් මරණයට පත් වන්නේය. මෙවන් අන්ත්රරාවන්හි මිනිසා සිටිනුයේ එලෙසය. එවිට සමීප රේඛාව ඔහු දෙසට ගෙන ආවේය. එනම් එය අවසන් කාලයයි. තම ආශාවන් සීමා කර ගන්නටත් අවසන් කාලය ක්ෂණකිව පැමිණීම හේතුවෙන් එයට සූදානම් වන්නටත් මෙම හදීසයේ දිරි ගන්වා ඇත. විනාශය යන අර්ථය ගෙන දෙන නහ්ෂ් යන අරාබි පදය විෂ සහිත තුත්තිරිවලට පවසන ලද්දකි. එය විනාශය හා ඇතිවෙන හානියෙහි අතිශයෝක්තිකම පෙන්වා දෙන්නකි.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුසාවෙන් බරපතලම මුසාව වනුයේ මිනිසා, තම දෑසින් නොදුටු දෙයක් තම දෑසට පෙන්වනු ලැබීය යැයි පැවසීමය.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතබොරුවෙන් මහා බොරුව වනුයේ මිනිසා තමා නොදුටු දෙයක් තම සිහිනෙන් හෝ අවදිව සිටිය දී හෝ දුටු බව වාද කිරීමය. ඔහු ඔහුගේ වාදයේ සැබෑ ලෙසින්ම බොරුකාරයෙකි. හේතුව ඔහු කිසිවක් දැක නැත. අවදිව සිටියදී දුටු බවට පවසන බොරුවට වඩා සිහිනෙන් දුටු බවට පවසන බොරුව අති බැරෑරුම්ය. හේතුව තම සිහිනයේ දී මිනිසාට පෙන්වනු ලබනුයේ අල්ලාහ් වෙතින් වූවක් පමණි. එහෙයින් මෙම තත්ත්වයේ බොරු තෙපලීම අල්ලාහ් වෙත බොරු ගෙතීමකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත."
متفق عليهඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ගසක් ඇති බවත්, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් ඊට පහළින් වසර සියයක් වේගයෙන් ගමන් කළ ද එහි බරවී පවතින අත්තෙහි අවසානය දක්වා ඔහුගේ ගමන ඔහු අවසන් කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.