





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((මගියා ෂෙයිතානුවෙකි. මගීන් දෙදෙනා ෂෙයිතානුන් දෙදෙනෙකි. මගීන් තුන් දෙනා මගී පිරිසකි.))
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් මාලික් එය වාර්තා කර අැතතනි පුද්ගලයකු ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතුය. දෙදෙනෙකු ගමන් කිරීම ද එලෙසය. මෙය අදාළ වනුයේ කිසිවකු ගමන් නොකරන පාළු තැන්වලින් ගමන් කරන විටදීය. ගමනේදී එක්ව පිරිසක් සමග ගමන් කිරීම දිරිගන්වන සුළු කරුණකි. තනි පුද්ගලයකු වූ කලී, අවශ්‍යතාවක් ඇති වූ විටෙක හෝ මරණයට පත් වූ විටෙක හෝ තමන්ට පිහිට වන තරමට එමෙන්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ ඇති නොවන තරමට කෙනෙකු සිටිය යුතුයි යන්න පැහැදිලිය. මගී දෙදෙනෙකු වූ කලී, ඇතැම් විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට යම් අනතුරක් සිදු වුවහොත් අනෙකා තනිවනු ඇත. නමුත් වර්තමානයේ මෝටර් රථයක හෝ එවන් යම් වාහනයක, අධිවේගී මාර්ගයක මගීන් සමග ගමන් කිරීම වූ කලී. එය තනිව ගමන් කිරීමක් ලෙස සලකනු නොලැබේ. මගියා ෂෙය්තානුවකු ද නොවේ. හේතුව ඔවුන් සියලු දෙනාම කණ්ඩායමක් මෙන් ගමන් කරන බැවිනි. මෙවන් මාර්ගයට උදාහරණයක් ලෙස මක්කාහ් හා රියාද් අතර මාර්ගයත් මක්කාහ් හා ජිද්දා අතර මාර්ගයත් ගත හැක. නමුත් මගීන්ගෙන් සැදුම් නොලත් තනි මාර්ගයක ගමන් කරන්නේ නම් එය පුද්ගලයකු ගමන් කරන්නක් ලෙස සලකනු ලැබේ. එවිට එය ද මෙම හදීසයට අැතුළත් වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් තුන්දෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත. කාමයේ වරදවා හැසිරෙන වැඩිහිටි කාමාතුරයා, මුදල් නොමැති පුරසාරම් දොඩන අහංකාර දුප්පතා හා අල්ලාහ් ඔහුට භාණ්ඩ ලබා දී පසුව ඔහු දිවුරීමෙන් මිස ව්‍යාපාරය නොකරන; දිවුරීමෙන් මිස මිල දී නොගන්නා තැනැත්තා."
رواه الطبرانيමිනිසුන් අතර සිටින වර්ග තුනක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දී ඔවුන් කළ පාපකම් සඳහා ඔවුන් පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් හෝ ඔවුනට සමාව දෙනු නොලැබුවේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ දඬුවමට ඔවුන් ලක්වන බව ප්‍රකාශ කළේය. පළමුවන දඬුවම: අල්ලාහ් ඔවුන් කෙරෙහි ඇති දැඩි කෝපය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග කතා නොකරයි. ඒ වෙනුවට ඔවුන්ව හෙළා දකියි. එසේ නොමැති නම් ඔවුන් සතුටු නොවන කතාවෙන් ඔවුන් සමග කතා කරයි. එය ඔවුන් කෙරෙහි වූ ඔහුගේ කෝපය පෙන්වා දෙයි. දෙවැන්න: ඔවුන්ව ඔහු පිවිතුරු නොකරයි; ඔවුන් අගය නොකරයි; ඔවුන්ගේ පාපකම්වලින් ඔවුන්ව පිරිසිදු නොකරයි. තුන්වැන්න: මතුලොවෙහි ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එම කණ්ඩායම් තුන වනාහි: පළමුවැන්නා: වැඩිහිටි මිනිසෙකි. ඔහු කාම අපචාරයේ නිරත වෙයි. දෙවැන්නා: මුදල් නැති දුප්පතෙකි. ඒ සමගම ඔහු මිනිසුනට අහංකාරකම පෙන්වයි. තුන්වැන්නා: ගනුදෙනුවල දී අධික ලෙස අල්ලාහ් මත දිවුරා ව්‍යාපාර කරන්නාය. ඔහු අල්ලාහ්ගේ නාමය දිව්රා, එය මුදල් ඉපැයීමේ මාර්ගයක් බවට පත් කර ගනී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සපයන්න, රෝගීන් බැහදැක සුවදුක් විමන්න. සහ සිරකරුවා නිදහස් කරන්න."
رواه البخاريමුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් අතරට කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීම, රෝගීන් බැහැදැක සුවදුක් විමසීම සහ සිරකරුවා නිදහස් කිරීම යනාදිය ඇතුළත් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.
අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී: එක් අයකු නැමදුම කරන්නෙකි අනෙක් අය විද්වතෙකි:" නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ්, ඔහු මලක්වරු, අහස්හි හා පොළෝතලයන්හි සිටින්නන් එය කෙතරම් ද යත් ගුලක සිටින කුහුඹුවා (ජලයේ සිටින) මත්සයා පවා මිනිසුනට යහපත කියාගෙන ගරුවරයාට ප්‍රාර්ථනා කරති."
رواه الترمذيමිනිසුන් දෙදෙනෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මෙනෙහි කරන ලදී. එක් අයකු නැමදුම කරන්නෙකි, අනෙක් අය විද්වතකි. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ මේ දෙදෙනාගෙන් කවරෙකු ද? එතුමාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පවසා සිටියහ: තමන්ට අවශ්‍ය දැනුම දැනගෙන නැමදුම්වල නිරතවන නැමදුම්කරුවකුට වඩා ෂරීආ හෙවත් ආගමික දැනුම ලබා ඒ අනුව ක්‍රියා කරමින් එය අන් අයට උගන්වන විද්වතා සතු මහිමය. එය පහළ සිටින සහාබාවරුන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු මහිමය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඒ සඳහා වන හේතුව ද පැහැදිළි කළහ: එනම් සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ද, දේව රාජ්‍යය ඔසවා සිටින මලක්වරුන් ද ඔහුගේ සෙසු මලක්වරුන් ද අහස්හි හා පොළෝතලයන්හි සිටින මිනිසුන්, ජින්නුන් හා සතුන් ද එය කෙතරම් ද ගොඩබිමේ හා මුහුදේ වෙසෙන සතුන් ඇතුළත් වන පරිදි ගුහාවක සිටින කුහුබුවා හෝ (ජලයේ සිටින) මත්සයා හෝ වේවා ඔවුන් ද, යනාදී මේ සියලු දෙනා මිනිසුන්ගේ ගැලවුම හා ජයග්‍රහණය වෙත මග පෙන්වන ආගමික දැනුම උගන්වන ගුරුවරයාට ප්‍රාර්ථනා කරනු ඇත.
හුදයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට නිදා ගැනීමට අවශ්‍ය වූ විට, එතුමාණන් තම දකුණු අත කම්මුල යට තබාගෙන මෙසේ කියනු ඇත: اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَجْمَعُ أَوْ تَبْعَثُ عِبَادَكَ "අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" (අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තන් එකට රැස් කරන හෝ ඔබ යළි අවදි කරන දිනයේ ඔබේ දඬුවමින් මා ආරක්ෂා කරනු මැනව!)
رواه الترمذيසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගන්නට තම නිදියහනට ගිය විට, එතුමාණන් තම දකුණු අත කොට්ටයක් සේ සකසා තම දකුණු කම්මුල ඒ මත තබාගෙන මෙසේ පවසා සිටියහ: "අල්ලාහුම්ම" මාගේ පරමාධිපතියාණනි, "කිනී" මාව ආරක්ෂා කරනු මැනව "අදාබක" ඔබේ දඬුවමින් "යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විනිශ්චය දිනයෙහි.
උබෙය් ඉබ්නු කඃබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.“අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්‍රියෙන් තුනෙන් පංගුවක් ගෙවී ගිය විට, නැගී සිට “අහෝ ජනයිනි, ඔබ අල්ලාහ්ව මෙනෙහි කරනු. සැබැවින්ම සූර්- නළාව පිඹින පළමු දිනය පැමිණ ඇත.එයට පසුව දෙවන සූර් නළාව පිඹීම හඹා එනු ඇත. මරණය එහි ඇති දෑ සමග පැමිණෙනු ඇත. මරණය එහි ඇති දෑ සමග පැමිණෙනු ඇත.“ “අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම ඔබ වෙත අධික වශයෙන් සලවාත් පවසමි. මා සලාවාත් පැවසීමෙන් කොපමණ ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් වෙන් කර තැබිය යුතුද?“ යැයි විමසුවෙමි. එවිට “ඔබ අභිමත කරන තරමක්“ යැයි පැවසූහ. “මම, හතරෙන් එකක ප්‍රමාණයක්?“ දැයි විමසා සිටියෙමි. “ඔබ කැමති ප්‍රමාණයක්, ඔබ එය අධික කර ගන්නෙහි නම් එය ඔබට යහපතක් වනු ඇත.“ යැයි පැවසූහ. “තුනෙන් දෙකක ප්‍රමාණයක්?“ දැයි විමසුවෙමි. “ඔබ කැමති ප්‍රමාණයක්, ඔබ එය අධික කර ගන්නෙහි නම් එය ඔබට යහපතක් වනු ඇත.“ යැයි පැවසූහ. පසුව “මා පවසන සලවාත් සඳහා සියල්ල ඔබ වෙනුවෙන් පත් කරමි“ යැයි පවසා සිටියෙමි. “එසේ නම් ඔබේ උත්සහය ඔබට ප්‍රමාණවත් වේ. ඔබේ පාපයට ඔබට සමාව දෙනු ලබනු ඇතැයි“ පවසා සිටියහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසය ආරම්භයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්‍රියෙන් තුනෙන් පංගුවක් ගෙවී ගිය විට නැගී සිට නොසැලකිලිමත්ව සිටින තම සමූහයා දැනුවත් කරමින් අල්ලාහ්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහුගේ තෘප්තියට පත්වනු පිණිස එහි ලැබෙන්නට යන දෑ සඳහා උනන්දු කරවමින්, “අහෝ ජනයිනි! අල්ලාහ්ව මෙනෙහි කරනු“ යැයි පැවසූහ. දැහැමි දෑ අධිකව කිරීම තුළින් හා ඒ හැර වෙනත් දෑ අතහැරීම තුළින් අධික වශයෙන් සිදු කරන දික්ර්හි ඵලයෙන් ස්වර්ග උයන් ඵලබර උසුලනු ඇත. එම හදීසයේ තවදුරටත් සලකා බලන විට, ඉල්ලා සිටින්නාගේ පැතුම ඔහු වෙනුවෙන් කරන පැතුමක් විය යුතුය. නමුත් ඉන් තුනෙන් කොටසක් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙනුවෙන් කරන පැතුමත් බවට පත් කර ගත හැක. එසේ නැතිනම් එතුමා වෙනුවෙන් අඩක් වෙන් කර ගන්නට පුළුවන, එසේත් නොමැතිනම් ඔහුගේ ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන්ම එතුමා වෙනුවෙන් වන්නට පුළුවන. එය තමන් වෙනුවෙන් පතන ප්‍රාර්ථාන වෙනුවට සම්පූර්ණයෙන් එතුමාණන් වෙත සලාවාත් පවසා සිටින්නාක් මෙනි. තවත් හදීසයක මෙසේ එය තහවුරු කර සිටියි. “කවරෙකු එතුමා වෙනුවෙන් වරක් සලවාත් පවසන්නේ ද අල්ලාහ් එතුමා වෙත දස වාරයක් සලවාත් පවසනු ඇත. මෙය ඉමාම් මුස්ලිම් තම සහීහ් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. (1/306 අංක 408) අබූ හුරෙය්රා තුමා විසින් වාර්තා කළ හදීසයක. ඔහුගේ සලවාත්වල කුසල් පූර්ණ වශයෙන් ඔහුට හිමි වනු ඇත. එහෙයින් එතුමා, “ඔබේ උත්සහය ඔබට ප්‍රමාණවත් වෙයි. ඔබේ පාපයන්ට සමාව දෙනු ලැබේ“ යැයි පවසා සිටියහ. එනම්, “නියත වශයෙන්ම පසුවට දුක ඇති කරන, පාපය අනිවාර්යය කරන යම් කරුණකින් ඉවත් වීමට ඔබ ඉල්ලා සිටින්නේ නම්, ඔබේ පැතුම වෙනුවට මා වෙත සලවාත් පවසන්නේ නම් ඔබේ අපේක්ෂාවන් සිදුවනු ඇත.“ මෙම හදීසයේ ප්රාර්ථනාවන්හි එතුමාව ඇතුළත් කර ගත යුතුයි යන්න අදහස් කෙරේ. එය, “මම මා වෙනුවෙන් අයැද සිටින සෑම කල්හිම ඔබ වෙත සලවාත් පවසමි“ යනුවෙන් පවසනවාක් මෙනි. ප්‍රාර්ථනාවෙන් තොරව සලවාත් පැවසීම පමණක් ප්‍රමාණවත් වේ යන්නට මෙය සාධකයක් ලෙස ගත යුතු නොවේ. නමුත් මේ සම්බන්ධයෙන් සඳහන්ව ඇති සියලු සාධක ක්‍රියාවට නංවමින් ඒ දෙක අතර මධ්‍යස්ත තීරණයක් ගත යුතුව ඇත.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා සතුව වහල් දරුවකු විය. එතුමා ඔහු වෙනුවෙන් දෛනික දීමනාවක් නිකුත් කරයි. එම දෛනික දීමනාවෙන් අබූ බක්ර් තුමා ද අනුභව කරන්නෙකු වූහ. දිනක් යමක් ඔහු ගෙන ආවේය. එවිට අබූ බක්ර් තුමා එයින් අනුභව කළහ. එවිට එම වහල් දරුවා මේ කුමක් දැයි ඔබ දන්නෙහිද යැයි එතුමාගෙන් විමසීය. එවිට අබූ බක්ර් තුමා මේ කුමක් දැයි විමසා සිටියහ. එවිට ඔහු: ජාහිලියා යුගයේ මම මිනිසෙකුට නිමිති කීවෙමි. සැබැවින්ම මම ඔහුට වංචාවක් කළාක් මිස මනා ලෙස නිමිතිකීමට මම නොදනිමි. පසුව ඔහු මා හමුවිය. එවිට ඒ වෙනුවෙන් ඔහු මට ඔබ අනුභව කළ දෑ පිරිනැමීය යැයි පැවසීය. එවිට අබූ බක්ර් තුමා තම අත කට තුළට දමා තම කුසේ ඇති සියලු දෑ වැමෑරූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅබූ බක්ර් සතු මේ වහල් කොලුවාට තමන් වෙත යමක් ගෙන එන්නට දෛනිකව නියමිත දීමනාවක් එතුමා නිකුත් කළහ. දිනක් මෙම කොලුවා අබූ බක්ර් තුමා වෙනුවෙන් ආහාරයක් ගෙන ආවේය. පසුව එතුමා එය අනුභව කළහ. එවිට ඔහු, මේ කුමක්දැයි ඔබ දන්නෙහිද? යැයි ඇසුවේය. එතුමා: මෙය කුමක්දැයි: විමසූහ. මෙය නිමිති කීමේ කුලිය වෙනුවෙන් ලැබූ දෙයකි. අඥාන යුගයේ මම නිමිතිකීවෙමි. නමුත් යහපත් අයුරින් නිමිති කීමේ හැකියාව මට නොතිබිනි. නමුත් මම එම පුද්ගලයාව රවටා දැමුවෙමි. ඔහු මා මුණ ගැසී එය මට පිරිනැමුවේය. නිමිතිකීම වෙනුවෙන් ලබන දෑ හරාම් හෙවත් තහනම්ය. එසේ නිමිති කියන්නා තම නිමිත්ත නිවැරදිව කිව්වද එය නිවැරදිව කීමට නොහැකි වූවද තහනම් වන්නේය. හේතුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පේන කියන්නාගෙන් ලැබෙන සුවය තහනම් කළහ. -මෙය ඉමාම් බුහාරි තම සහීහ් ග්‍රන්ථයේ වාර්තා කොට ඇත. (3/84 අංකය 2237) ඉමාම් මුස්ලිම් තුමාද එතුමාගේ සහීහ් ග්‍රන්ථයේ මෙය වාර්තා කොට ඇත. (3/1198 අංකය 1567) අබූ මස්ඌද් අල් අන්සාරි තුමාගේ හදීසය අනුව. අබූ බක්ර් තුමාට මෙම ප්‍රකාශය කියූ කල්හි අබූ බක්ර් තුමා තම අත තම කට තුළට දමා තමන් අනුභව කළ සියල්ල වැමෑරූහ. තම කුසෙහි තහනම් දෙයක් ආහාර වශයෙන් පත් නොවනු පිණිස තම කුසෙන් බැහැර කළහ. මෙම මුදල හරාම්ය. හේතුව හරාම් දෙයක් වෙනුවෙන් ලැබූ මුදලකි. තහනම් ක්‍රියාවක් සිදු කොට ලබන කුලියද හරාම් වේ.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඔටු දෙන අල්බාඃ තරඟ කරනු ලබන්නක් නොවීය. එනම් තරඟ සඳහා සහභාගී කරවනු නොලැබීය. ගැමි අරාබිවරයකු ඔහු සතු සත්ව අසුනක් මත වාඩි වී පැමිණ, ඌ සමඟ තරඟ වැඳුණේය. ඔහු එය හඳුනා ගන්නා තෙක් මුස්ලිම්වරුන්ට අසීරු කාර්යයක් විය. එවිට එතුමා මෙලොවෙහි යමක් (වී නම්) එය පහත් තත්ත්වයට පත් කිරීමෙන් මිස උසස් නොකිරීම අල්ලාහ්ගේ වගකීමකි.
ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇතසැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ඔටු දෙන වූ අල්බාඃ තරඟ නොවදින, තරඟයට සහභාගී නොවන සතෙකු ලෙස සහාබාවරු දුටුහ. එවිට මෙම ගැමි අරාබිවරයා තම සත්වයා පිට නැග පැමිණ. අල්බාඃ සමග තරඟ වැඳුණහ. එය සහාබාවරුන් අසහනයට පත් කරන්නක් විය. එවිට එතුමාණෝ ඔවුන්ගේ සිත් තුළ හට ගැනුණු කරුණ වටහා ගෙන මෙසේ පැවසූහ: අල්ලාහ්ගේ වගකීම වනුයේ මෙලොවෙහි යමක් වී නම් එය පහත් කර තැබීමෙන් මිස උසස් නොකිරීමය. මෙලොවෙහි උසස් සියල්ල පහත් තත්ත්වයට පත්වීම අනිවාර්යය. මෙම උසස් කම සමඟ සම්බන්ධ වූයේ නම් සිත් තුළ උසස්භාවයත් ගෞරවයත් ඇති වන්නේය. ඉතා ඉක්මණින්ම ඒ වෙත පහත්භාවය ඇති වන්නේය. පහත්භාවයට පත්වීම දඬුවමක් වන්නේය. ඒ සමග කිසිවක් සම්බන්ධ නොවූයේ නම් නැවත හැරීමත් පහත් වීමත් අනිවාර්යය වන්නේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ප්‍රකාශයේ මෙලොවෙහි යන්නෙන් පෙන්වා දෙනුයේ මතුලොව කරුණුවල උසස් භාවය අල්ලාහ් පහත් නොකරන බවය. සූරා මුජාදලාහි 11 වැනි වැකිය මෙසේ අවධාරණය කරයි: ඔබ අතුරින් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් වනාහි, අල්ලාහ් ඔවුන් තරාතිරමින් උසස් කරවයි. දේව විශ්වාසය හා දැනුම යන ගුණාංග පවතින තාක් කල් අල්ලාහ් විසින් පහත් කරනු නොලබන්නන් මොවුහුමය. අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළ නොහැක. ඔවුන් ගැන මෙනෙහි කිරීමෙන් අල්ලාහ් උසස් කරවයි. එමෙන්ම මතුලොවෙහි ඔවුන්ගේ තරාතිරම් නංවමින් ඔවුන් උසස් කරවයි.
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((අපි නගින විට තක්බීර් පැවසුවෙමු. තවද අපි බසින විට තස්බීහ් පැවසුවෙමු.)) ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී.: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා එතුමාගේ සේනාව කඳු මාර්ගවල නැග ගමන් කරන විට තක්බීර් පැවසූහ. ඔවුහු බසින විට තස්බීහ් පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතඋස් තැන්වලට නැගීමේදී තක්බීර් පැවසීම උචිත කාර්යයකි. උසස් භාවය හා ශ්රේෂ්ඨයත්වය යනු ඒ තුළ අහංකාරය ඇති බැවින් එය මනසට වඩාත් ප්‍රියමානප දෙයක් වන්නේය. එවිට තමන් උසස් භාවය පතනු ඇත. එහෙයින් ඔහු අල්ලාහු අක්බර් යැයි පවසයි. එනම් තමන්ව පහත් තත්ත්වයට ඇද දමයි. අල්ලාහ්ගේ උසස්භාවය පිළිඹිබු කරයි. යම් උසස් ස්ථානයක් ලැබුනු විට අල්ලාහ්ගේ උසස් භාවය මෙනෙහි කරන මෙන් ද සියලු දෑ වලට වඩා ඔහු අති ශ්‍රේෂ්ඨ යැයි ද මෙනෙහි කරන මෙන් ද ආගමානුගත කොට ඇත. එහෙයින් ඔහුට කෘත ගුණ සැලකීමක් ලෙස ඔහුට තක්බීර් පවසනු ඇත. එවිට ඔහුගේ මහිමය තවත් වර්ධනය වනු ඇත. එමෙන්ම පහළට බසින විට තස්බීහ් පැවසීම ද උචිත කටයුත්තකි. හේතුව පහත් ස්ථාන යනු පටු ස්ථානයක් වන බැවිනි. එහෙයින් තස්බීහ් පැවසීම ආගමානුගත කර ඇත. හේතුව එය ගැලවීමේ සාධක අතුරින් එකක් වන බැවිනි. යූනුස් අලය්හිස් සලාම් තුමාගේ කතා වස්තුවේ එතුමා අන්ධකාරයේ සිටියදී තස්බීහ් පැවසූහ. ඒ හේතුවෙන් ඔහු එම අඳුරෙන් මිදුණහ. මෙයද එවන් සිදුවීමකි. එමෙන්ම බැසීම යනු පහත් තත්ත්වයකි. එවිට සුබ්හානල්ලාහ් යැයි පවසනු ලැබේ. එනම් පහළට බැසීමෙන් අල්ලාහ් තමන් පිවිතුරු කර ගත්තේය. හේතුව අල්ලාහ් සියලු දෑට වඩා ඉහළින් සිටින්නාය. ගුවන් යානයක් ඉහළට යන විට තක්බීර් පැවසීමත් එය පහළට බසින විට තස්බීහ් පැවසීමත් එලෙසය. හේතුව ගුවනේ නැගීම හා ඉන් බැසීම අතර කිසිදු වෙනසක් නැති බැවිනි. ආශිර්වාද කරන්නා අල්ලාහ්මය.