





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ රිෆාඅ තමීම් ඉබ්නු උසෙය්දි-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මම පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, තමන්ගේ දහම කුමක් දැයි තමන් නොදන්නා ආගන්තුක මිනිසෙකු තම දහම ගැන විමසනු පිණිස පැමිණ ඇත්තේය. යැයි පවසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම කුත්බා දේශනාව අතහැර දමා මා සමීපයට පැමිණෙන තෙක්ම ඉදිරියට ආහ. පසුව පුටුවක් ගෙන එන ලදී. එතුමා ඒ මත වාඩි වී අල්ලාහ් එතුමාණන්ට උගන්වා සිටි දැයින් මට උගන්වන්නට පටන් ගත්හ. පසුව එතුමා නැවතත් එතුමාගේ කුත්බා දේශනාවට පැමිණ එහි අවසානය පූර්ණවත් කළහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙය අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ යටහත් පහත් බව පෙන්වා දෙන්නකි. එතුමා ජනයාට කුත්බා දේශනාවක් කරමින් සිටියදී එතුමා වෙත මිනිසෙකු පැමිණ, තම දහම පිළිබඳ දැනගන්නට ආගන්තුක මිනිසෙකු පැමිණ ඇති බව පවසා සිටියේය. එවිට ඔහු වෙතට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණියහ. ඔහුගේ කටයුත්ත අවසන් වන තෙක්ම එතුමාගේ කුත්බා දේශනයෙන් වෙන්ව සිටියහ. හේතුව තම දහම පිළිබඳ දැනගෙන ඒ අනුව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් එම පුද්ගලයා ආශාවෙන් හා දුෂ්කරත්වයෙන් යුතුව පැමිණි සිටි බැවිනි. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම කුත්බා දේශනාව විසන්ධි කොට ඔහු ඉදිරියට පැමිණ ඔහුට ඉගැන්වූහ. ඉන් පසුව එතුමාගේ කුත්බා දේශනාව සම්පූර්ණ කළහ.
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම එතුමා කුඩා දරුවන් අතරින් ගමන් ගත්හ. එවිට ඔවුන් වෙත සලාම් පැවසූහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ද එසේ සිදු කරන්නෙකු වූහැයි පවසා සිටියහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතයටහපත් පහත් භාවය, සියලුම ජනයා වෙත සලාම් පැවසීම, යනාදිය මෙම හදීසයේ පෙන්වා දෙයි. නබි තුමාගේ යටහත් පහත් භාවය මෙහි විස්තර කර ඇත. එතුමාණෝ කුඩා දරුවන් අසළින් ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පවසන්නෙකු වූහ. සහාබාවරුද එතුමාව අනුගමනය කළහ. අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා දරුවන් අසළින් ගමන් ගත්හ. එවිට ඔවුන් වෙත එතුමා සලාම් පැවසූහ. ඔවුන් සෙල්ලම් කරමින් සිටියදී ඔවුන් පසුකරමින් කඩවීදියට ගිය විට ඔවුන් වෙත සලාම් පැවසූහ. එතුමා මෙසේ පවසා සිටියහ. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාද එසේ සිදු කරන්නෙකු වූහ. එනම් දරුවන් අසළින් ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පැවසූහ. මෙය යටහපත් පහත් භාවයේ හා සදාචාරයේ ගුණාංග අතුරින් වූවකි. එමෙන් පුහුණු කිරීමේ හා යහපත් ඉගැන්වීමේද මග පෙන්වීමකි. මිනිසා ඔවුන් වෙත සලාම් පැවසූ විට එය ඔවුන් පුරුද්දක් බවට පත් කර ගනිති. එය ඔවුන්ගේ සිත් තුළ උනන්දු කරවීමක් වනු ඇත.
අබූ බක්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම මිනිසෙකු පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඉදිරියේ මෙනෙහි කරනු ලැබීය. එවිට තවත් මිනිසෙකු ඔහු වෙත යහපත පවසා ප්‍රශංසා කළේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ “ඔබට කරුණාව අත්වේවා! ඔබේ මිතුරාගේ ගෙල ඔබ සිඳ දැම්මෙහිය.“ යැයි පැවසූහ. එය වාර ගණනාවක් පවසා සිටි එතුමා තවදුරටත්, “ඔබ අතුරින් කිසිවකු අනිවාර්යයෙන්ම පැසසුම් කරනු ලැබිය යුතු නම්, මොහු මෙහෙම, මෙහෙම යැයි සිතමි. යැයි පවසත්වා! සැබැවින්ම ඔහු එසේම යැයි ඔහු දකින්නේ නම්, ඔහුට අල්ලාහ් ප්රමාණවත්ය. අල්ලාහ්ට වඩා පිවිතුරු කරන වෙන කිසිවකු නැත.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ ඉතා භාග්‍යමත් සුන්නාවෙහි මග පෙන්වීම් ඉදිරිපත් කොට ඇත. මුස්ලිම්වරයා ඉහවහා ගොස් පැසසුම් කිරීමෙන් දුරස්ව සිටිනු ඇත. අහංකාරය හා පුදුමය ෂෙයිතාන්ගේ පිවිසුම් මාර්ගවලින් එකකි. ප්‍රශංසා කිරීමේදී ඉක්මවා ගොස් ප්‍රශංසා කිරීම ප්‍රශංසාවට ලක්වන්නා අහංකාරය හා ගර්වයෙන් ගිල්වනු ඇත. එවිට ඔහු විනාශ වී යයි. ප්‍රශංසා කිරීමෙහි හා පැසසුමට ලක් කිරීමෙහි මුස්ලිම්වරයා මධ්‍යස්තව කටයුතු කරයි. ජනයාගේ සියලු කටයුතු අල්ලාහ් සතු වෙයි. මිනිස් සිත් තුළ සැඟව ඇති දෑ මැනවින් දන්නා ඔහුය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කුර්ආනය රැගෙන සතුරු භූමියක් වෙත ගමන් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වැළැක්වූහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉස්ලාමය පිළිනොපදින දේව ප්‍රතික්ෂේපිත භූමියක් වෙත අල් කුර්ආනය රැගෙන යාමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. එවිට එය එහිදී පරිභවයට පත්කරනු ලැබිය හැක යන හේතුවක් ඇත. එය සුරක්ෂිතව තබනු ඇත යනු සිතුනේ නම්, මෙය ගෙන යෑමට අනුමතය.
අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් අන්සාරී අල් හාරිසී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සහගාමීහු එතුමා අබියස මෙලොව ගැන මෙනෙහි කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “ඔබලා සවන් නොදෙන්නෙහුද? ඔබලා සවන් නොදෙන්නෙහුද? සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි. සැබැවින්ම චාම් ලෙස ඇඳුම් පැළඳුම් භාවිතය දේව විශ්වාසයෙන් යුක්තකි.“ යැයි පැවසූහ.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ මිතුරන් අතුරින් පිරිසක් මෙලොව ගැන කතාකරමින් සිටියෝය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් දෙස බලා “ඔබලා සවන් නොදෙන්නෙහුද? යැයි විමසූහ. එනම්, ඔබලා සවන් දෙනු යැයි පවසා එය නැවත නැවතත් ස්ථීරත්වය සඳහා ප්‍රකාශ කර සිටියහ. ඇදුමෙහි චාම් භාවයත් අලංකාරයත් දේව විශ්වාසවන්තයින්ගේ සදාචාරයෙන් වූවකි දේව විශ්වාසය ඒ වෙත දිරිගන්නක් වේ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමාණන්ගේ බිරිය, මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ බිරිය, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට කරුණාවෙන් කටයුතු කිරීමට උනන්දු කළහ. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් හට කාරුණිකය, මෛත්‍රීය. ඔවුනට පහසුව ප්‍රිය කරන අතර දුෂ්කරත්වය ප්‍රිය කරන්නේ නැත. ඔවුන්ගේ ශක්තියට එහායින් ගිය දෙයක් ඔවුන් වෙත පවරන්නේ ද නැත. ඔහුගේ ගැත්තා මෘදුව කටයුතු කළ යුතු අතර පහසුව පිළිපැදිය යුතුය. දැඩි හදවතක් ඇති දරුණු අයකු නොවිය යුතුය. සැබැවින්ම අල්ලාහ් මුරණ්ඩුකම, රළු හා දරුණු කමට වඩා වැඩියෙන් කරුණාව හා මෛත්‍රිය සඳහා මෙලොවෙහි අලංකාර ප්‍රශංසාව, ඉල්ලීම් සාක්ෂාත් කිරීම, අරමුණු පහසු කරන අතර මතුලොවෙහි අතිමහත් කුසල් නියම කරනු ඇත. එබැවින් මෛත්‍රිය පැමිණෙන්නේ ඔහු සමගය. ඔහු හැර වෙනත් අය සමග පැමිණෙන්නේ නැත.
අබූ කබෂා අම්ර් ඉබ්නු සඃද් අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කරුණු තුනක් ඇත. මම ඒවා මත දිවුරමි. තවද මම ඔබට ප්‍රකාශයක් කරමි. එය ඔබලා ආරක්ෂා කරන්න: "සදකා හෙවත් දන් දීමෙන් ගැත්තකුගේ ධනය අඩු නොවේ. අපරාධයට ලක් වූ ගැත්තාට සිදුවන අපරාධය මත ඔහු ඉවසා සිටීමෙන් අල්ලාහ් ඔහුට ගෞරවය වැඩි කරනු මිස නැත. යාචකත්වයේ දොරටුව ගැත්තෙකු විසින් විවෘත කළ විට අල්ලාහ් දිළිඳුභාවයේ දොරටුව ඔහු වෙත විවෘත කරනු මිස නැත. තවද මම නුඹලාට ප්‍රකාශයක් කරමි. එය නුඹලා ආරක්ෂා කරනු. "සැබැවින්ම මෙලොව පුද්ගලයින් සිවු දෙනෙක් සතුය.: ගැත්තෙකු වනාහි, අල්ලාහ් ඔහුට ධනය හා දැනුම පිරිනමා ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු තම පරමාධිපතිට බිය වෙයි. ඒ තුළින් ඥාතී සම්බන්ධකම් ආරක්ෂා කරයි. සත්‍යය අල්ලාහ් වෙනුවෙන් දන්වා සිටියි. මෙය තරාතිරමින් ශ්‍රේෂ්ඨතම දෑ වෙයි. තවත් ගැත්තෙකු වනාහි ඔහුට අල්ලාහ් දැනුම දී තිබුණ ද මුදල් පිරිනමා නැත. එවිට ඔහු සැබෑ චේතනාවෙන් යුතුව, මට ධනය ඇත්නම් මේ පුද්ගලයා කටයුතු කරන අයුරින් මමත් කටයුතු කරමි යැයි පවසයි. ඔහු එම චේතනාවෙහිම පසුවෙයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රතිඵල එකසමානය. තවත් ගැත්තකු වනාහි ඔහුට අල්ලාහ් ධනය පිරිනමා තිබුණද දැනුම පිරිනමා නැත. කිසිදු දැනුමකින් තොරව ඔහුගේ ධනය සම්බන්ධයෙන් ඔහු පහත් තත්ත්වයට පත් වෙයි. ඒ සම්බන්ධයෙන් තම පරමාධිපතිට බිය නොවෙයි. ඒ තුළින් තම ඥාතීන් සමග සම්බන්ධකම් නොපවත්වයි. සෑබෑ ලෙසින් අල්ලාහ් වෙනුවෙන් දන්වා නොසිටියි. එය ඉතා නපුරුම තරාතිරම වේ. තවත් ගැත්තෙකු වනාහි අල්ලාහ් ඔහුට ධනය හෝ දැනුම හෝ පිරිනමා නැත. නමුත් ඔහු මා සතුව ධනය තිබුණේ නම් මෙම පුද්ගලයා කටයුතු කරන අයුරින් එහි මමද කටයුතු කරමි. ඔහු එම චේතනාවෙන්ම පසුවෙයි. ඔවුන් දෙදෙනාගේ කුසල් බර එක සමානය.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දිවුරා සිටි කරුණු තුනක් ඇත. තවදුරටත් ඔවුන් වෙත ප්‍රකාශයක් කර තිබුණි. එම කරුණු තුන වනාහි, 1- සදකාවෙන් ගැත්තෙකුගේ ධනය අඩු නොවේ: එනම්: එය ඔහු සදකාව පිරිනැමීම තුළින් අභිවෘද්ධිය ලබා දෙන්නකි. 2- අපරාධයට ලක් වූ ගැත්තාට සිදුවන අපරාධය මත ඔහු ඉවසා සිටීමෙන් අල්ලාහ් ඔහුට ගෞරවය වැඩි කරනු මිස නැත. එහි අවමානය ගෙන දෙන වර්ගයේ යමක් අන්තර්ගතව තිබුණ ද අල්ලාහ් ඔහුව උසස් කොට අපරාධකරු අවමානයට ලක් කරනු ඇත. 3- කිසිදු අවශ්‍යතාවකින් තොරව පොහොසත් වීමේ අපේක්ෂාවෙන් හා ධනය අධික කර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසුන්ගෙන් ඉල්ලා සිටීමේ දොරටුව විවෘත කරන්නේ ද ඔහුට වෙනත් අවශ්‍යතාවක දොරටුව විවෘත කරමින් හෝ ඔහු සතුව ඇති ආශිර්වාදයක් පැහැර ගනිමින් හෝ අල්ලාහ් ඔහුට දිළිඳුභාවයේ දොරටුව විවෘත කරනු ඇත. පසුව මෙලොව කණ්ඩායම් හතරකට සතුය. යැයි පවසා ඔවුන් ගැන මෙනෙහි කළහ.
සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් කවර තත්ත්වයක පසු වූයේ ද එය හැර මම ඔබලාට වෙනත් කිසිවක් නොපවසමි." එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි, වල් කසලි, වල් ජුබ්නි, වල් බුහ්ලි, වල් හරමි, වඅදාබිල් කබ්රි. අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත හඃය්රුන් මන් සක්කාහා, අන්ත වලිය්යුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ. වමින් කල්බින් ලා යහඃෂඋ. වමින් නෆ්සින් ලා තෂ්බඋ. වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා." (අහෝ දෙවිඳුනි! නොහැකියාව, මැලිකම, බියගුලුකම, මසුරුකම, වයෝවෘද්ධකම හා කබ්ර්හි වේදනාව යනාදියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි,! මාගේ ආත්මයට එහි දේව හැඟීම පිරිනමනු මැනව! එය පිවිතුරු කරනු මැනව. පිවිතුරු කරන්නන්ගෙන් ඔබ අති ශ්‍රේෂ්ඨය. ඔබ එහි භාරකරුය. එහි හිමිකරුය. අහෝ දෙවිඳුනි! ප්‍රයෝජනවත් නොවන දැනුමෙන් ද බිය නොවන හදවතින් ද කුස නොපිරෙන මනසින්ද පිළිගනු නොලබන පැතුමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.)
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාර්ථනා අතරින් එක් ප්රාර්ථනාවකි මෙය. "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික" මම ඔබ වෙත යොමු වී රැකවරණය පතමි. "මිනල් අජ්සි" යහපත කිරීමට නොහැකි වීමෙන්, "වල් කසලි" සිදු කරන ක්‍රියාව ගැන සැළකිලිමත් නොවීමෙන්. නොහැකි තැනැත්තාට කිසිවක් කළ නොහැක. කම්මැලියා ඒ ගැන සිතන්නේවත් නැත. "වල් ජුබ්නි" සිදු කළ යුතු ක්‍රියාවට ඉදිරිපත් වීමෙන් වැළකී සිටීමෙන්, "වල් බුහ්ලි" ඒ සඳහා වැය කළ යුතු දෑ වළක්වා ගැනීමෙන්, "වල් හරමි" ශරීරය දුර්වල කරන මුහුකුරා ගිය වයසින්, "වඅදාබිල් කබ්රි" ඒ සඳහා හේතුවන මිනීවළේ වද හිංසාවට සාධකවලින් ආරක්ෂාව මම පතමි. "අල්ලාහුම්ම ආති නෆ්සී" එයට දෙනු මැනව, ආශිර්වාද කරනු මැනව "තක්වාහා" අවනත ක්‍රියාවන් සිදු කර පාපකම් අත්හැරීමෙන් ඇති වන එහි භක්තිය ආශිර්වාද කරනු මැනව. "වසක්කිහා" පහත් හා නින්දාසහගත දැයින් එය පිරිසිදු කරනු මැනව! "අන්ත හඃය්රුන් මන් සක්කාහා" ඔබ හැර එය පිරිසිදු කිරීමට වෙනත් කිසිවෙකු නැත. "අන්ත වලිය්යුහා" එහි උදව් කරු හා එය මෙහෙයවන්නා ඔබය. "වමව්ලාහා" එහි කටයුතු භාරව සිටින්නා ඔබය. ඔබ එහි පරමාධිපතිය; එහි හිමිකරුය. ඒ සඳහා ආශිර්වාද කරන්නාය. "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ" ජ්‍යොතිෂය, පේන කීම සහ මන්ත්‍ර ශාස්ත්‍රය යනාදී ප්‍රයෝනවත් නොවන දැනුමෙන් හෝ මතුලොවට ප්‍රයෝජනවත් නොවන දැයින් හෝ ක්‍රියාවට නැංවිය නොහැකි දැනුමෙන් ආරක්ෂාව පතමි! "වමින් කල්බින් ලා යක්ෂඋ" ඔබට බිය නොවන; ඔබට අවනත නොවන; ඔබව මෙනෙහි කිරීමෙන් සන්සුන් නොවන තැන්පත් නොවන හදවතින් මම ආරක්ෂාව පතමි. "වමින් නෆ්සින් ලා තෂ්බඃ" අල්ලාහ් එයට පිරිනැමූ හා පෝෂණය කළ අනුමත දෑ ගැන ආත්මය සෑහීමට පත් නොවීමෙන් ආරක්ෂාව පතමි. "වමින් දඃවතින්" ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් "ලා යුස්තජාබු ලහා." එයට පිළිතුරු දෙනු නොලැබීමෙන් ආරක්ෂාව පතමි.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නිදහස ලියන ලද වහල් තැනැත්තෙකු එතුමා වෙත පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: "සැබැවින්ම මට මාගේ ලියවිල්ල ඉටු කර ගැනීමට අපොහොසත් වී ඇත. එබැවින් මට උදව් කරන්න." එතුමා මෙසේ පැවසූහ. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මට ඉගැන්වූ වදන් කිහිපයක් මම ඔබට කියා දිය යුතු නොවේ ද! සීර් කන්ද මෙන් ඔබට ණය තිබුණ ද ඔබ වෙනුවෙන් අල්ලාහ් එය ඉටු කර දෙනු ඇත." පසුව මෙසේ පවසා සිටියහ. ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව.
رواه الترمذيමුඃමින්වරුන්ගේ ප්‍රධාන පෙළේ නායකයකු වූ අලී ඉබ්නු අබී තාලිබ් වෙත වහල් මිනිසෙකු පැමිණ සැබැවින්ම ඔහුගේ ස්වාමියා නිදහස ලියා ඇති බවත් නිදහස් පුද්ගලයකු වීමට ඔහු ඔහුවම මිලට ගෙන ඔහුව මුදා හැරීමට ඔහු එකඟ වූ බවත් ඔහු සතුව මුදල් නැති බවත් ප්‍රකාශ කර සිටියේය. එවිට එතුමා මෙසේ පැවසූහ: නියත වශයෙන්ම මා වෙත පැවරුණු දෑ පියවීමට මම අපොහොසත් වී ඇත්තෙමි. එබැවින් මුදලින් එය පියවීමට හෝ ඒ ගැන කියා දීමෙන් හෝ මඟපෙන්වීමෙන් හෝ මට උදව් කරනු මැනව. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට කියාදුන් වචන කිහිපයක් ඔබට මා කියා දිය යුතු නොවේ ද! ඔබ වෙත තයිඉ ගෝත්‍රයට අයත් 'සීර්' නම් කන්ද තරම් ණය පැවරී තිබුණ ද ඔබ විසින් එහි හිමිකරුට පියවීම සඳහා අල්ලාහ් පහසුකම් සළසනු ඇත. එහි අවමානයෙන් ඔබව ඔහු මුදවා ගනු ඇත. යැයි පවසා: ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී" මා වෙනතකට යොමු කරනු මැනව; මා දුරස් කරනු මැනව. "බි හලාලික" ඔබ අනුමත කළ දෑ තුළින් "අන්" වැටීමෙන් "හරාමික" ඔබ තහනම් කළ දැයින්, "වඅග්නිනී" මා සෑහීමට පත් කරනු මැනව. "බිෆළ්ලික" ඔබේ භාග්‍යයෙන් "අම්මන් සිවාක්" සෙසු මැවීම්වලින්.