





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල් බාකියාතුස් සාලිහාත් හෙවත් ශේෂව පවතින යහකම් යනු ලා ඉලාහ ඉල්ලල්ලාහු, සුබ්හානල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්හම්දු ලිල්ලාහ්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන යහ වදන්ය.
ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත - ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.මෙම ක්‍රමය අනුව මෙනෙහි කිරීමේ මහිමය මෙම හදීසය තුළින් පෙන්වා දෙයි. එය, අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔහුට ගරුබුහුමන් කිරීම ඔහුව සුවිශුද්ධ කිරීම වැනි තේරුම් ද අල්ලාහ්ගේ ක්‍රියා කලාපය සඳහා ඔහුව ප්‍රශංසා කිරීම ද මෙහි ඇතුළත්ව ඇති බැවිනි. අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස ගැත්තාට කිසිදු උපාය මාර්ගයක් හෝ සෙලවීමක් හෝ හැකියාවක් හෝ නැත. අල්ලාහ්ගෙන් තොරව නපුරක් වැළැක්වීමේ හැකියාව හෝ යහපත සැලසීමේ ශක්තිය හෝ නැත. එහෙයින්, මෙම අතිවැදගත් අර්ථවලින් සමන්විත මෙම වදන් වනාහි දේව විශ්වාස වන්තයාට ඔහුගේ මරණිප් පසු ජීවිතයේද ප්‍රයෝජනවත් වන අතර එය බලපෑම් කරන්නක් බවට ඉතිරිව පවතින්නකි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. - මර්ෆූඃ ගණයට අයත් හදීසයකි - දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා, දෙවියන් කෙරෙහි විශ්වාස තබන තම සහෝදරයාගේ කැඩපතකි.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ නබි තුමාගේ පැහැදිළි වර්ණනාවක් හා පැහැදිලි උපමාවක් සඳහන්ව ඇත. තම මුස්ලිම් සහෝදරයා සම්බන්ධයෙන් මුස්ලිම්වරයකුගේ ස්ථාවරය එතුමා පැහැදිලි කරයි. එමෙන්ම ඔහුට කළ යුතු යුතුකම් නියම කරයි. ඒ අනුව ඔහු දැහැමි ගතිගුණ වෙත ඔහුට මඟ පෙන්වා ඔහු එය සිදු කරයි. නපුරුගති ගුණ ඔහුට පෙන්වා දී එයින් ඔහු වැළකෙයි. ඔහු ඔහුට සැබෑ ස්වරෑපය දකින කැඩපත මෙනි. දේව විශ්වාසවන්තයාට උපදෙස් දීමේ අනිවාර්යභාවයට මෙය උපකාරී වෙයි. තම සහෝදරයාගේ අඩුපාඩුවක් හො වරදක් දුටු විට ඒ පිළිබඳ සැළකර සිටියි. එය නිවැරැදි කර ගන්නට මග පෙන්වයි. නමුත් එය ඔහු හා මොහු අතර පමණි. හේතුව ප්‍රසිද්ධියේ පිරිසක් අතර එසේ උපදෙස් දීම අශීලාචාර දෙයක් වන බැවිනි.
බනූ මුජාෂිඃගේ සහෝදරයකු වන ඉයාළ් ඉබ්නු හිමාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් අප අතර දිනක් දේශනාවක් පැවැත්වූහ. එවිට එතුමාණෝ දිගු කතාවක් කළ අතර එහිදී: "සැබැවින්ම, කෙනෙක් තවත් කෙනෙකු ඉහවහා අහංකාර නොවන තරමට, කෙනෙක් තවත් කෙනෙකුට අපරාධ නොකරන තරමට ඔබ සැම නිහතමානි විය යුතු බව අල්ලාහ් මට දිව්‍ය පණිවිඩ හෙළිදරව් කර ඇත."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර නැගිට දේශනාවක් කළේය. එතුමාණන් කළ ප්‍රකාශය අතර මෙසේ සඳහන් වී තිබිණ: මිනිසුන් නිහතමානීව ඔවුන් අතර කටයුතු කරන මෙන් අල්ලාහ් තමන්ට දිව්‍ය පණිවිඩ එවා ඇත. එය තම පියාපත් අන් මිනිසුන්ට පහත් කර මෘදු ලෙස ඔවුන් සමග කටයුතු කරන මෙනි. එවිට කිසිවෙකු තම පරම්පරාව, ධනය හෝ වෙනත් ඕනෑම දෙයකින් අන් අයට වඩා ශ්‍රේෂ්ඨත්වය, ආඩම්බරය හෝ ගෞරවය ප්‍රකාශ කරමින් පුරසාරම් දොඩන්නේ නැති අතර කිසිවෙකු වෙනත් කිසිවෙකුට විරුද්ධව වැරදි හෝ උල්ලංඝනය නො කරනු ඇත.
නියතවශයෙන්ම නුඔලා ජනයාට ධනයෙන් උදවි උපකාර නොකර ඔවුනට සිනාසුනු වදනින් ද ඉතා හොද සත් ගුණාංගවලින්ද( සාරධර්මයෙන්) ද ඔවුන් ව පෝෂනය කරනු මැනව යැයි නබි තුමා පැවසූහ වාර්තාකරැ අබු හුරය්රා රලියල්ලාහු අන්හු
ඉමාම් හාකිම් එය වාර්තා කර ඇතඉහත සදහන් හදිසයේ අර්කථනය වනුයේ මිනිසෙකු අන් මිනිසෙකු සමග ඉතාහොද සාරධර්මයෙන්ද පුන්සිනා වදනින්ද යහපත් වදනින්ද හා කර්මයෙන් නියලෙන්නාවිට සෑම මිනිසෙකු අතර හා සමාඡයේද ඔහු අැය සම්බන්ධව හොද අදහසක් පහළවේ යන අදහසින් නබිතමා පැවසුහ
මුආද් ඉබ්නු ජබල් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ව මෙනෙහි කිරීමට වඩා අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා කරන වෙනත් කිසිදු ක්‍රියාවක් ආදම්ගේ පුතණුවන් සිදු නොකරයි.“
ඉබ්නු අබී ෂයිබා එය වාර්තා කර ඇත - ඉමාම් තබරානී එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් මාලික් එය වාර්තා කර අැතස්වර්ගය හිමි කර ගන්නටත් නිරයෙන් ආරක්ෂාව ලබන්නටත් බලපාන සාධක අල්ලාහ්ව විශ්වාස කරන ඔහුගේ ගැත්තන් හට ඔහු සූදානම් කර ඇත. එම සාධක අතුරින් අල්ලාහ්ව මෙනෙහි කිරීම එකකි. එහෙයින් මෙම හදීසය අල්ලාහ්ව මෙනෙහි කිරීමේ මහිමය පිළිබඳ පෙන්වා දෙයි. එය මහත් සාධක අතුරින් වූවකි. මෙලොව හා මතුලොව ඇතිවන භයානක තත්ත්වයන්ගෙන් ජය හිමි කර දෙන්නකි. නිරයෙන් ආරක්ෂා වීමේ සාධක අතුරින් වූ සාධකයකි. මෙම මහිමය, අල්ලාහ් මෙනෙහි කිරීමේ මහිමයන් අතුරින් වූවක් ලෙස අර්ථ ගැන්වේ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හුමා-තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තමන් තුළ අහංකාරය පාමින්, තම ගමන් ලීලාවෙහි උඩඟුවෙන් ගමන් කරන්නේද, ඔහු වෙත දැඩි කෝපයෙන් සිටින තත්ත්වයේ ඔහු අල්ලාහ්ව හමුවනු ඇත.“
ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඋඩඟුව හා අහංකාරයේ පහත්භාවය මෙම හදීසය දන්වා සිටියි. මෙම උඩඟුව හා අහංකාරය තම චරිතයන්හි ඉස්මතු වේ. එවිට ඔහු එහි අහංකාරයෙන් ක්‍රියා කරනු ඇත. තමන් අදින ඇඳුමෙහි, තම කතාවෙහි හා සියලු කරුණුවලදී එය ඉස්මතු වනු ඇත. අහංකාරයේ මෙවන් තත්ත්වයක් තිබී කවරෙකු සෙසු අය ගරුබුහුමන් ලැබීමට වඩා තමන් ගරුබුහුමන් ලැබීමට සුදුස්සකු යැයි සිතන්නේ ද එවිට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ව මුණ ගැසෙන විට ඔහු කෙරෙහි කෝප වූවකු සේ ඔහු අල්ලාහ්ව මුණ ගැසෙනු ඇත.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම මුස්ලිම්වරයා තම සහෝදර මුස්ලිම්වරයාගේ සුවදුක් විමසන විට ඔහු නැවත හැරී එන තෙක් ස්වර්ගයේ කුර්ෆාහි (ඵල නෙළීමෙහි) අඛණ්ඩව සිටිනු ඇත. (එවිට) අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ස්වර්ගයේ කුර්ෆා යනු කුමක්දැ?යි විමසන ලදී. එතුමා එහි නෙළීමය යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව සව්බාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලද හදීසෙයහි "සැබැවින්ම මුස්ලිම්වරයා තම සහෝදර මුස්ලිම්වරයාගේ සුවදුක් විමසන විට" යැයි සඳහන්ව අැත. එනම් ඔහු රෝගාතුර ව සිටින තත්ත්වයේ. එවිට ඔහු ස්වර්ගයේ කුර්ෆාහි (ඵල නෙළීමෙහි) අඛණ්ඩව සිටිනු ඇත. (එවිට) අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ස්වර්ගයේ කුර්ෆා යනු කුමක්දැ?යි විමසන ලදී. එතුමා එහි නෙළීමය යැයි පැවසූහ. එනම් එම රෝගියා අසළ වාඩිවී සිටින තාක්කල් ඔහු ස්වර්ගයේ පලතුරු නෙළනු ඇත. රෝගියාගේ සුවදුක් විමසන්නා දරණ කුසල ස්වර්ගයේ පළතුරු නෙළීමට සමාන කොට ඇත. එමෙන්ම මෙයින් අදහස් වනුයේ මාර්ගය යැයි ද පවසනු ලැබ ඇත. එහි අර්ථය සුවදුක් විමසන්නා ස්වර්ගය වෙත වූ මාර්ගය සඳහා තම වගකීම් ඉටු කරමින් ගමන් කරනු ඇත යන්නයි. පළමු විග්‍රහය වඩාත් උචිත වන්නේය. රෝගියා අසළ වාඩි වී සිටීම තත්ත්වයන් හා පුද්ගලයින්ගේ වෙනස්කම් අනුව වෙනස් වන්නේය. ඇතැම් විට රෝගියා අසල වාඩි වී සිටීම බලකරනු ඇත. ඇතැම් විට එසේ බල කිරීමක් සිදු නොවේ. සැබැවින්ම එම මිනිසා රෝගියාට වඩාත් සමීප යැයි හඳුනා ගනු ලැබ, තමන් අසල මදක් ප්‍රමාද වීම රෝගියා ප්‍රිය කරන්නේ නම් වඩාත් උතුම් වනුයේ ඔහු අසළ එසේ ප්‍රමාද වීමය. නමුත් සුවදුක් විමසන්නා අඩු කාලයක් ගත යුතු යැයි රෝගියා ප්‍රිය කරන්නේ නම් එවිට ප්‍රමාද කරනු නොලැබේ. සෑම තැනකටම එයට සරිලන ප්‍රකාශයක් ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව සහ්ල් ඉබ්නු සඃද් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා වෙත පානයක් ගෙන එන ලදී. එවිට එතුමා එයින් පානය කළහ. එතුමාගේ දකුණතින් දරුවකු විය. වමතින් වැඩිහිටියන් විය. එවිට එතුමා එම දරුවා අමතා “මා මෙය මොවුනට පිරිනැමීමට ඔබ මට අවසර දෙන්නෙහිද?“ යැයි විමසා සිටියහ. එවිට එම දරුවා “නැත, අල්ලාහ් මත දිවුරා පවසමි අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ කොටසෙහි භාග්‍යය මගෙන් වෙනත් කිසිවකුට මා පිරි නොනමමි.“ එවිට අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා එය ඔහුගේ අතෙහි තැබූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා, එම දරුවාගෙන් ඔහුට පෙර වැඩිහිටියන්ට පානය පිරිනැමීමට අවසර පැතූහ. එසේ එතුමා කළේ වැඩිහිටියන්ගේ හදවත් ඒත්තු ගැන්වීමටත් ඔවුන් වෙත වූ සෙනෙහස දන්වා සිටීමටත් ඔවුනට වැඩියෙන් ගෞරවය කිරීමටත්ය. වයස එය නොවැළැක් වූයේ මෙම සුන්නාවෙහි අන්තර්ගතය වනුයේ දකුණු පැත්ත වඩාත් සුදුසු බවය. ඔහුගේ අවසරයෙන් තොරව වෙනත් කෙනෙකුට පැවරිය නොහැක. ඔහුගේ අවසරය පැතීමෙන් එසේ සිදු කිරීම වරදක් නැත. අවසර පැතිය යුතු යැයි අනිවාර්යය බවක් නොමැත. එහිදී මතුලොව මහිමය හා මෙලොවෙහි යහපත අහිමි නොවන තත්ත්වයක් වී නම් අවසර පැතීමක් අවශ්‍ය නොවේ. මෙම දරුවා ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමාය.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ කිසිවකු මරණය ප්‍රිය නොකළ යුතුය. දැහැමියෙකු නම් අධික කර ගන්නට පුළුවන, නපුරෙකු නම් පාප ක්ෂමා අයැද සිටින්නට පුළුවන.“ මෙම පද පෙළ ඉමාම් බුහාරි තුමාගේය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කොට අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- විසින් වාර්තා කළ මුස්ලිම් හි සඳහන් වාර්තාවක, “ඔබ කිසිවකු මරණය ප්‍රිය නොකළ යුතුය. එය පැමිණීමට පෙර එය පැතිය නොයුතුය. නියත වශයෙන්ම ඔහු මරණයට පත්වූ විට ඔහුගේ ක්‍රියාකාරකම් විසන්ධි වී යනු ඇත. තවද නියත වශයෙන්ම මුඃමින්වරයාගේ ආයුෂ යහපතට මිස අධික නොවන්නේය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත“ඔබ කිසිවකු මරණය ප්‍රිය නොකළ යුතුය.“ යන -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ප්‍රකාශ වනාහි, මෙය තහනම් නියෝගයකි. හේතුව යමෙකු මරණය ආශා කිරීම යනු අල්ලාහ්ගේ තීන්දුව පිළිනොගන්නා කරුණකිි. තමන්ට යම් පීඩාවක් ඇති වූ විට මුඃමින්වරයා ඒ කෙරෙහි ඉවසීමෙන් සිටීම අනිවාර්යය. එම පීඩාවන් ඉවසා දරා ගන්නේ නම් වැදගත් කරුණු දෙකක් ඔහු ලබනු ඇත. පළමුව, තම පාපයන්ට සමාව හිමිවේ. මිනිසෙකුට යම් දුකක් දුෂ්කරත්වයක්, පීඩාවක් හෝ යම් අනතුරක් සිදුවනුයේ එමගින් අල්ලාහ් ඔහුගේ පාපයන් කමා කිරීමට මිස නැත. යම් කටුවක් ඇණුනද නියත වශයෙන්ම එමගින් ඔහුගේ පාපයන් කමා කරනු ඇත. දෙවනුව, අල්ලාහ්ගෙන් වූ කුලිය බලාපොරොත්තුවෙන් ඉවසා සිටින්නේ නම් එය අල්ලාහ් වෙනුවෙන්ම වූයේ නම්, සැබැවින්ම ඔහුට කුසල් පිරිනමනු ලබනු ඇත. ඔහු මරණයට ප්‍රිය කිරීම යනු අල්ලාහ්ගේ තීන්දුව කෙරෙහි ඉවසීමක් නොමැති බවත් ඔහු එය පිළිනොගන්නා බවත් පෙන්වා දෙන්නකි. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ විස්තර කළහ. ඔහු දැහැමියන් අතුරින් කෙනෙකු වන්නේ නම්, ඔහුගේ ජීවිතයේ ඉතිරිව ඇති කාලයේ දැහැමි ක්‍රියාවන් සිදු කිරීම අධික කර ගනු ඇත. මුඃමින්වරයා ජීවත්ව සිටියදී යම් පීඩාවක් හෝ යම් දුෂ්කරතාවක් මත සිටින්නේ නම් ඇතැම් විට ඔහු සතු කුසල් ඔහුට අධික වනු ඇත. ඔහු නපුරෙකු වී නපුරුකම් කර ඇත්නම්, එ් සඳහා පාපක්ෂමාව අයැද සිටිය හැක. එනම් අල්ලාහ්ගෙන් පශ්චාත්තාපය පැතීමය. එනම් තමන් පිළිගන්නා ලෙසත් නිදහසට කරුණු පිළිගන්නා ලෙසත් අයැද සිටීමය. පසුව ඔහු මිය යැදුණේ නම් ඔහුගේ පාපයන්ට සමාව ලබනු ඇත. එහෙයින් ඔබ මරණයට ආශා නොකරන්න. හේතුව සියලු කරුණු තීන්දු කරනු ලැබූ දෑ වෙති. එහෙයින් ඉවසා සිටිය යුතුය. කුසල් බලාපොරොත්තු විය යුතුය. සියලු තත්වයන් අඛණ්ඩව පවතිනුයේ එහි ස්ථානයන් සිටය. මරණයට ආශා කිරීමෙන් හා එය පැතීමෙන් තහනම් කර ඇත්තේ මරණය තුළින් සියලු ක්‍රියාකාරකම් විසන්ධි වී යනු ඇතැයි යන අර්ථයෙන් බව මෙහි පෙන්වා දී ඇත. එසේ නම් ජීවත් වීම දැහැමි ක්‍රියා සිදු කිරීමට හේතුවක් වෙයි. දැහැමි ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් කුසල් අධික වෙයි. ජීවත්ව සිටියදී අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමින් සිටීම උතුම් ක්‍රියාවකි.මේ තත්ත්වය මත දේව විශ්වාසයේ සැකයක් ඇති වීමට අවස්ථාවක් නැතැයි අපේක්ෂා නොකෙරෙයි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! හේතුව එසේ සිදුවීම සුලබය.දේව විශ්වාසය හදවත සමග මුසු වූ පසුව කිසිවකු එය විසන්ධි නොකරනු ඇත. එසේ සිදුවනුයේ ඉරණම අනුවය. ඇතැම් විට සිදුවන්නට පුළුවන නමුත් එය සුලබය.කවරෙකුට නපුරු අවසානයන් අල්ලාහ්ගේ ඥානය තුළ පවතින්නේ ද ඔහුගේ ආයුෂ වැඩි වුව ද අඩු වුව ද ඉන් ඵලක් නොවන්නේය. මරණය ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටිය ද එහි යහපත් ඔහුට නොවනු ඇත. මෙම හදීසයේ දැහැමියා දැහැමි ක්‍රියාවන් සමග බැඳී සිටිය යුතු බවටත් නපුරා තම නපුරු ක්‍රියාවන් පිළිබඳ අවවාදයෙන් සිටිය යුතු බවටත් පෙන්වා දෙයි. එය මෙසේ පවසන්නාක් මෙනි: කවරෙකු දැහැමියකු වන්නේ ද මරණයට ආශා කිරීම අතහැර දැමිය යුතුය. ඔහු තම දැහැමි කටයුතුවල නිරතව සිටිය යුතුය. ඒවා අධිකව කළ යුතුය. කවරෙකු නපුරෙකු වන්නේ ද ඔහුද මරණය ආශා කිරීම අතහැර දැමිය යුතුය. තමන්ගේ නපුරු ක්‍රියාවන් සමඟම මරණයට පත් නොවනු පිණිස නපුරු ක්‍රියාවන්ගෙන් ඔහු ඉවත් විය යුතුය එසේ නොවේ නම්, ඔහු වරදක් සිදු කර ගනු ඇත.