





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. වාටි ගණව ඇති නජ්රාන් දේශයේ වස්ත්‍රයක් එතුමාට විය. එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය. එතුමාගේ එම වස්ත්‍රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් විය. එවිට මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි. වස්ත්‍රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන් කැපී පෙනන්නක් විය. පසුව ඔහු, අහෝ මුහම්මද්! ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් මට (යමක් පිරිනමන මෙන්) අණ කරනු. යැයි පවසා සිටියේය. එතුමා ඔහු දෙස හැරී බලා සිනහ සී පසුව, ඔහුට යම් පිරිනැමීමක් කරන මෙන් නියෝග කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅනස් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වා සිටියි. මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග ගමන් කරන්නෙකු ලෙස සිටියෙමි. (වස්ත්‍රයක් එතුමාට විය.) එනම්, එය අවසානය දක්වා මසා නිම කළ ඇඳුමකි. (නජ්රාන් දේශයේ) එනම්, යමන්හි පිහිටි නජ්රාන් දේශයට අයත් යන්නයි. (වාටි ගණව ඇති) එනම්: ඇඳුමෙහි වාටියයි. (එවිට ගම්බද ආරාබි ජාතිකයෙක් එතුමා වෙතට ළඟා විය.) එනම්, එතුමා වෙතට පැමිණියේය. (එතුමාගේ එම වස්ත්‍රය හේතුවෙන් ඔහු දැඩි ලෙස මවිතයට පත් කළේය.) එනම්, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ එම වස්ත්‍රය හේතුවෙන් දැඩි ලෙස ඔහු එතුමාණන් ගැන මවිතයට පත් විය. අනස් තුමා තවදුරටත්, (එම ගම්බද අරාබිවරයා දෙසට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හැරණහ) එනම්, ඔහුගේ පපුව දෙසටය. ඔහු දැඩි ලෙස මවිතයට පත් වූ බැවින් ඔහු වෙත ඉදිරියට පැමිණියහ. යැයි පවසා සිටියහ. ඉමාම් තය්යිබී තුමා: සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පූර්ණ ලෙස එතුමා දෙස හැරුණහ. එතුමාගේ ප්‍රකාශයේ තේරුම, ඔහු හැරුණු විට ඒ සමගම එතුමාද හැරුණහ යන්නයි. ඔහුගේ අයහපත් විනය හේතුවෙන් කිසිම වෙනසක් හෝ බලපෑමක් හෝ එතුමා සිදු නොකළ බව මෙය පෙන්වා දෙයි. “අවසානයේ මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ උරබාහුව දෙස බැලුවෙමි.“ එය උරබාහුවේ තිබූ ස්ථානයකි. “එමගින් කැපී පෙනන්නක් විය“ එනම්, එහි වාටිය (වස්ත්‍රයේ වාටිය වඩා ආකර්ශනීයි ලෙස තිබූ හේතුවෙන්) සූරා තව්බාහි 97 වැනි වැකිය “ගම්බද අරාබිවරු දේව ප්රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීමට වඩාත් සුදුසුය.“ යනුවෙන් අල්ලාහ් සත්‍යය පවසා සිටියි යැයි මම පැවසුවෙමි. පසුව එම ගම්බද අරාබිවරයා: “අහෝ මුහම්මද්!“ යැයි ඇමතුවේය. මතුපිටින් පෙනෙනුයේ ඔහු ඉස්ලාමය වෙත නවකයෙක් වූ බවය. එහෙයින් ඔහු සිදු කළ යුතු දෑ සිදු කොට පසුව අරගල කරනා ස්වරූපයෙන් මෘදු බවින් තොරව එතුමාගේ නම සඳහන් කොට එතුමා සමග කතා කළේය. “මට අණ කරනු.“ එනම්, ඔබ පත් කර ඇති භාරකරුවන් හට මට යමක් පිරිනමන මෙන් හෝ මා වෙනුවෙන් යම් දීමනාවක් ලබා දෙන මෙන් හෝ නියෝග කරනු. “ඔබ වෙත ඇති අල්ලාහ්ගේ වස්තුවෙන් එනම්, ඔබට පිරිනැමූ ඔබේ නොවන දෙයකින්. තවත් වාර්තාවක එය පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. එනම්, ඔබේ මුදලින් හෝ ඔබේ පියාගේ මුදලින් නොව. මෙයින් අදහස් කරනුයේ සකාත් වස්තුව යැයි පැවසේ. හේතුව සැබැවින්ම එයින් කොටසක් ඉස්ලාමය වෙත ලැදියාවක් ඇති අයට වියදම් කරන්නක් වන හෙයිනි. (අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔහු දෙස හැරී බැලූහ.) එනම් ඔහු වෙත මවිතයෙන් යුතුව බැලූහ. (පසුව සිනහසුනහ) එනම්, ආදරයෙන් යුතුවය. (පසුව ඔහුට යමක් පිරිනමන මෙන් නියෝග කළහ.)
අන් අබීය් ජරීය් ඉබ්නු සුලෙෙම් රලියල්ලාහු දැනුම් දෙන ලදි දවසක් යම් මනිසෙකු තමන්ගේ උද්ච්චකමෙන් හා අාඩම්බරයෙන් අන් අය කෙරෙහි අපහසකරන්නාවු අන්ධමින් අදහස් පවසමින් සිටින වාතාවරණයේ නබි තුමා දැක මෙතුමා කවුද යැයි විමර්ශන කළහ ඒවිට මෙතුමා මුහම්මද් නබි යැයි පැවසු විගස ඔහු අලෙෙකස්සලාම් යැයි කීහ ඒවිට නබි තුමා ඒසේ නොපවසනු ඒය මළවුන් ඒනම් සුසානභූමියේ සිටින්නන්ට පවසන දෙයකි අස්සලාමු අලෙෙක යාරසූලල්ලාහි යැයි පවසනු ඒවිට ඔහු ඔබ නබිවරයෙක්ද යැයි අැසූහ ඒවිට නබි තුමා ඔහු දෙස බලා මෙසේ ප්‍රකාශ කළහ නුඹට කරදරයක් අතිවු විට හෝ නුඹ සතු යම් දෙයක් අහිමි වුනේද මා ප්රාරාර්ථනා කළ විගස දෙවිදුන් ඒයින් නුඹව මුදවා ගනියි යැයි පැවසීය ඒවිගස ඔහු නබි තුමාට මින් මතුවට ඒවැනි ක්‍රියා නොකරන බව ගිවිසුම් කරනලදි ඉන් පසු ඔහු කිසිසේත් වහල්ලෙකුට හෝ කිසිම මිනිසෙකුට හෝ සතෙකුටද අපහස නොකළේය තවද නබි තුමා ඔහුට තව අවවාදයක්ද කළේය නුඹගේ වස්ත්‍රයන් කෙදි කකුල තෙක් අැදීම උඩගු අාඩම්රයෙන් සැරිසරන අයගේ ගුණාංගය ඒසේ සිටින්නන්ව දෙවිදුන් ප්‍රිය නොකරයි යැයි නබි තුමා පැවසීය
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅන් අබීය් ජරීය් ඉබ්නු සුලෙෙම් රලියල්ලාහු දැනුම් දෙන ලදි දවසක් යම් මනිසෙකු තමන්ගේ උද්ච්චකමෙන් හා අාඩම්බරයෙන් අන් අය කෙරෙහි අපහසකරන්නාවු අන්ධමින් අදහස් පවසමින් සිටින වාතාවරණයේ නබි තුමා දැක මෙතුමා කවුද යැයි විමර්ශන කළහ ඒවිට මෙතුමා මුහම්මද් නබි යැයි පැවසු විගස ඔහු අලෙෙකස්සලාම් යැයි කීහ ඒවිට නබි තුමා ඒසේ නොපවසනු ඒය මළවුන් ඒනම් සුසානභූමියේ සිටින්නන්ට පවසන දෙයකි අස්සලාමු අලෙෙක යාරසූලල්ලාහි යැයි පවසනු ඒවිට ඔහු ඔබ නබිවරයෙක්ද යැයි අැසූහ ඒවිට නබි තුමා ඔහු දෙස බලා මෙසේ ප්‍රකාශ කළහ නුඹට කරදරයක් අතිවු විට හෝ නුඹ සතු යම් දෙයක් අහිමි වුනේද මා ප්රාරාර්ථනා කළ විගස දෙවිදුන් ඒයින් නුඹව මුදවා ගනියි යැයි පැවසීය ඒවිගස ඔහු නබි තුමාට මින් මතුවට ඒවැනි ක්‍රියා නොකරන බව ගිවිසුම් කරනලදි ඉන් පසු ඔහු කිසිසේත් වහල්ලෙකුට හෝ කිසිම මිනිසෙකුට හෝ සතෙකුටද අපහස නොකළේය තවද නබි තුමා ඔහුට තව අවවාදයක්ද කළේය නුඹගේ වස්ත්‍රයන් කෙදි කකුල තෙක් අැදීම උඩගු අාඩම්රයෙන් සැරිසරන අයගේ ගුණාංගය ඒසේ සිටින්නන්ව දෙවිදුන් ප්‍රිය නොකරයි යැයි නබි තුමා පැවසීය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ: ආදම්ගේ පුත්‍රයාට රනින් පිරුණු නිම්නයක් ලබා දුන්න ද ඔහු ඊට පරව නිම්න දෙකක් තමන්ට හිමි කර ගැනීමට දැඩි සේ ආශා කරනු ඇත. ඔහු මිය ගොස් මුඛය මිනිවලෙහි පසින් පිරෙන තෙක් මෙලොව කෙරෙහි කෑදර කමින් පසුවනු ඇත.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයකට සහභාගී වූ විට: ((අහෝ අල්ලාහ්, ඔබ මට උර දෙන්නාය. තවද ඔබ මගේ උදව් කරුය. මම හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම ළඟා වනුයේ ද ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.)) යැයි පවසන්නෙකු වූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා යම් යුද්ධයක් අපේක්ෂා කළ විට හෝ එය ආරම්භ කරන විට හෝ මෙම අර්ථයෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ: අහෝ අල්ලාහ්, ඔබ මගේ උදව් කරුය. තවද ඔබ මගේ හොඳම උදව් කරුය. මම යම් කරුණකින් වෙනත් දෙයක් වෙත හැරෙනුයේ ඔබ තුළින් පමණි. තවද මම දහමේ සතුරන් වෙත කඩා පනිනුයේ ඔබ තුළින් පමණි. එමෙන්ම මම සටන් වදින්නේද ඔබ තුළින් පමණි.
දෙපිරිසක ගේ ප්‍රාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රාතික්ෂේ නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රාර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රාර්ථනාවද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තානරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතඉහත සදහන් හදීසයෙහි අර්ථකථනය දෙපිරිසක ගේ ප්රරාර්ථනාවන් දෙවිදුන් වන අල්ලාහ් ප්රතික්ෂේ නොකරයි කෙනෙකු අසාන් හා ඉකාමත් අතර උසුරන ප්රරාර්ථනාවද තවද යුද්ධ වාතාවරණයේ උසුරන ප්රරාර්ථනාවද අල්ලාහ් පිලිගනී යැයි නබි තුමා පැවසූහ වාර්තානරැ සහ්ල් බින් සහ්ද් රලියල්ලාහු අන්හු
කුත්බා ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසමින් සිටියහ: اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ" (අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා අතරින් එකක් මෙය විය. (අල්ලාහුම්ම ඉන්නී අඌදු) මම සරණ පතමි රැකවරණය පතමි. (බික) ඔබෙන් පමණක් (මින් මුන්කරාති) අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ (අල් අහ්ඃලාකි) ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හා අහංකාරකම වැනි ගුණාංග. (ව) තවත් පිළිකුල් සහගත දෑ (අඃමාලි) දොස් නැගීම හා බැණ වැදීම වැනි ගුණාංග. (ව) තවද සියලු දැයින් (අල් අහ්වාඉ) සිත ආශා කරන දැයින් එනම් ෂරීආවට පටහැනි දෑ.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((නුඹලා තිදෙනෙකු වී නම්, නුඹලා ජනයා සමග මුසු වන තෙක් කෙනෙකු අතහැර දමා දෙදෙනා පමණක් රහස් සාකච්ඡාවේ නිරත නොවිය යුතුයි. හේතුව එය ඔහු දුකට පත් කරවන බැවිනි.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදවත් දිනාගන්නා මෙන් ද එකිනෙකා අසුන් ගන්නා විටත් කතා කරන විටත් අලංකාර ලෙස ක්‍රියා කරන මෙන් ද ඉස්ලාම් නියෝග කරයි. මුස්ලිම්වරයාට අහිත කරන, ඔහුව බිය ගන්වන, එමෙන්ම ඔහුට අනුමානයන් ඇති කරවන සියලු දැයින් ඉස්ලාමය වළක්වයි. තිදෙනකු සිටිය දී දෙදෙනෙකු රහසින් කතාකොට ඔවුන් සමග සිටි තුන්වැන්නාට ඔවුන් දෙදෙනා සැඟවීමත් එවන් කටයුතු වලින් එකකි. හේතුව සැබැවින්ම එය ඔහුට අහිත කරනු ඇත. ඔහුව දුකට පත් කරනු ඇත. ඔවුන් දෙදෙනාගේ කතාවෙහි තමන් සහභාගී වීමට සුදුසු නැතැයි ඔහුට හැඟෙයි. තමන් තනි වූ එක් පුද්ගලයකු යැයි සිතයි. එහෙයින් මෙවන් රහස් සාකච්ඡාවලින් වැළකී සිටින මෙන් ආගමික නීතිය පැමිණ ඇත.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ගමන, වේදනාවෙන් කොටසකි. එය තම ආහාරයෙන් පානයෙන් හා නින්දෙන් ඔබව වළක්වාලයි. ඔබ අතුරින් කිසිවකු තම ගමන අවසන් කළ විට, තම පවුල වෙත ඉක්මණින් ගමන් කරත්වා!
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත“ගමන, වේදනාවෙන් කොටසකි.“ යන ප්‍රකාශය වනාහි, එය ඉන් කොටසක්ම යන්නයි. වේදනාව යන ප්‍රකාශයෙන් අදහස් කරනුයේ. තම ප්රියතමයින් අතහැර දමා ගමන් කරන විට ඇතිවන අපහසුතාව, වාහනයක නැග යනවිට ඇති වන දුෂ්කරතාව පෙන්වා දෙන වේදනාවයි. “එය තම ආහාර පානයෙන් හා නින්දෙන් ඔබව වළක්වාලයි.“ යන ප්‍රකාශය වනාහි එහි ඇති දුෂ්කරතාව වෙහෙස එමෙන්ම අව්වෙන් සීතලෙන් බියෙන් ඇතිවන අපහසුතාව ඥාතීන් හා මිතුරන්ගේ වෙන්වීමෙන් ඇතිවන දුක ජනජීවිතයේ ඇති රළුභාවය හේතුවෙන් ජීවිතයේ පූර්ණ රසාස්වාදයෙන් හා එහි ආශ්වාදයෙන් ඔහුව වළක්වාලනු ඇතැයි යන්නයි. මගියා කාර්ය බහුල තත්ත්වයක පසුවෙයි. සාමාන්‍ය දිනයන්හි ඔහු අනුභව කරන මෙන් හෝ පානය කරන මෙන් හෝ ඔහු අනුභව නොකරයි. පානය නොකරයි. නින්දේදීත් ඔහු එලෙසමය. එසේ වූ විට මිනිසා විවේකය සොයා තම පවුල වෙත හා තම රට වෙත නැවත යා යුතුව ඇත. තම පවුල වෙත අවධානය යොමු කිරීමටත් ඔවුනට විනය ඉගැන්වීමටත් ඒ හැර වෙනත් කරුණු ක්‍රියාත්මක කිරීමටත් හැකිවනු ඇත. ඔබ අතුරින් කිසිවකු තම අවශ්‍යතා හෝ අපේක්ෂාව අවසන් කළ විට, තම පවුල වෙත ඉක්මණින් ගමන් කරත්වා යැයි ප්‍රකාශ කොට ඇත.
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා යම් පිරිසකට බිය වූ විට, اللهم إنا نجعلك في نحورهم ونعوذ بك من شرورهم අල්ලාහුම්ම ඉන්නා නජ්අලුක ෆී නුහූරිහිම්, වනඌදු බික මින් ෂුරූරිහිම් යැයි පවසන්නෙකු වූහ. තේරුම: අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතاللهم إنا نجعلك في نحورهم අල්ලාහුම්ම ඉන්නා නජ්අලුක ෆී නුහූරිහිම්, තේරුම: අහෝ අල්ලාහ්, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින්ම අපි ඔබව පත් කරමු. එනම්: අපගෙන් ඔවුන් (අපට හානි පමුණුවීමෙන්) වළක්වනු මැනව, ඔවුන්ගෙන් අපව වළක්වනු මැනව යන්නයි. මෙහි නහ්ර් නම් අරාබි පදය විශේෂයෙන් භාවිත කොට ඇත්තේ වැළැක්වීමේදී ඉතා ඉක්මණින් හා බලයෙන් යුතුව වැළැක්වීමත් වළක්වනු ලැබීමට හැකියාවත් ඇත යන අර්ථය ගෙන දෙන්නටය. හේතුව සතුරා පෙරට පැමිණෙනුයේ අරගල කිරීමට නොව මරා දමන්නටය ගෙල සිදින්නටය. ونعوذ بك من شرورهم වනඌදු බික මින් ෂුරූරිහිම් තේරුම: ඔවුන්ගේ අනතුරුවලින් අපි ඔබෙන් ආරක්ෂාව පතමු. එනම් මෙම තත්ත්වයේදී ඔවුන්ගේ නපුරුකම්වලට අල්ලාහ් ප්‍රමාණවත් වේ යන්නයි. මෙයින් අදහස් කරනුයේ ඔවුන්ගේ හදවත් ඔබ වළක්වනු මැනව ඔවුන්ගේ නපුරුකම්වලින් අප ආරක්ෂා කරනු මැනව. ඔවුන් විෂයයෙහි ඔබ අපට ප්රමාණවත්ය. ඔබ අප හා ඔවුන් සියල්ල සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින්නෙහිය. මෙම පහසු වදන් දෙක සැබෑ ලෙසින් හා ඉතා අවංක ලෙසින් පවසන්නේ නම් සැබැවින්ම අල්ලාහ් එයින් අප වළක්වනු ඇත. අල්ලාහ් ආශිර්වාද කරත්වා!