





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
වහ්ෂී ඉබ්නු හර්බ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි, අපි අනුභව කරන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත.' යැයි ඔවුහු පවසා සිටියහ. එතුමාණෝ: "ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක" යැයි පවසා සිටියහ. ඔවුහු: ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. ඉන්පසු එතුමාණෝ: "ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත."
رواه أبو داود وابن ماجه وأحمدඇතැම් සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ප්‍රශ්න කරමින් මෙසේ පවසා සිටියහ: සැබැවින්ම අපි ආහාර ගන්නෙමු. නමුත් බඩ පිරෙන්නේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "ඔබ ආහාර ගන්නා විට වෙන් වෙන්වී තනිව එකිනෙකා ආහාර ගන්නා විය හැක" ඔවුහු ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ: ඔබ වෙන් නොවී එකට ආහාරය ගන්න. ආහාර ගන්නා විට, බිස්මිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිය ඇති කරනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි. එවිට මම: "අහෝ ජිබ්රිල්! මොවුන් කවුරුන්ද?" යැයි ඇසුවෙමි. හෙතෙම: 'මොවුන් මිනිසුන්ගේ මස් අනුභව කරමින් සිටි එනම් ඔවුන්ට අපහාස කරමින් සිටි උදවිය වේ." යැයි පැවසීය.
رواه أبو داودනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: ඉස්රා හා මිඃරාජ් රාත්‍රියේ අහසට තමන් ආරෝහණ වූ කල්හි, තඹ නියපොතු සහිත තම මුහුණු සහ පපුව සීරා ඉරා දමමින් සිටින පිරිසක් තමන් පසුකර ගොස් ඇත. එවිට එතුමාණෝ ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාගෙන්: "මෙම දඬුවමට ලක්වන තරමට මොවුන් සිදු කර ඇත්තේ කුමක් ද?" යැයි විමසා සිටියහ. එවිට ජිබ්රිල් (අලෙයිහිස් සලාම්) තුමා: "මිනිසුන් ගැන කේළාම් පවසමින් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ අභිමානය කෙළසා කතා කරමින් සිටි අය වෙති." යැයි පැවසීය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් මා වෙත එවූ මඟ පෙන්වීමට සහ දැනුමට උපමාව, භූමියට ඇද හැළෙන තද වැස්සක් වැනි ය. ඒ අතරින් ජලය පිළිගෙන අධික ලෙස තණකොළ හා පැළෑටි හට ගන්වන පිවිතුරු සාරවත් භූමියක් වේ. එමෙන්ම ඒ අතරින් ජලය අවශෝෂණය කර රඳවා ගනිමින්, එමගින් අල්ලාහ් මිනිසුන්ට ප්‍රයෝජය ගෙන දෙන භූමියක් ද වේ. ඔවුන් ඉන් පානය කරති, ජලය සම්පාදනය කරති. වගා කරති. වැසි ජලය ලබන තවත් පැත්තක් ඇත. එය ජලය නොරැඳෙන, පැළෑටි හට නොගන්නා මුඩු පැතලි භූමියකි. අල්ලාහ්ගේ ආගම අවබෝධ කර ගෙන, අල්ලාහ් මා වෙත එවූ දෙයින් ප්‍රයෝජන ගන්නා අයගේ උපමාව එවැනිය. ඔහු හදාරා අන් අයට ද උගන්වයි. කවරෙකු ඉන් හිස ඔසවා නොගත්තේ ද මා වෙත එවන ලද අල්ලාහ්ගේ මඟ පෙන්වීම පිළි නොගත්තේ ද ඔහු සඳහා උපමාව ද එයයි."
متفق عليهඅපේක්ෂිත දෑට ළඟා කරවන මාර්ගය හා සාධකය මෙන්ම ආගමික දැනුම යනාදිය සම්බන්ධයෙන් කවර කරුණක් සඳහන්ව ඇත්තේ ද එයින් ප්‍රයෝජනය ලබන්නා අධික ලෙස වර්ෂාව ඇද හැළෙන භූමියට සමාන කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මවිතයට පත් විය. එය කොටස් තුනක් විය. පළමුවැන්න: පිරිසිදු සාරවත් භූමියකි. එය වර්ෂා ජලය පිළිගනී. පසුව අධික ලෙස තෙත් හා වියළි පැළෑටි මතු කරයි. එමගින් ජනයා ප්‍රයෝජනය ලබනු ඇත. දෙවැන්න: ජලය රඳවාගෙන තිබුණ ද, පැළෑටි හට නොගැනෙන භූමියකි. එය මිනිසුනට ප්‍රයෝනවත් වන පරිදි ජලය සංරක්ෂණය කර තබා ගනී. එමගින් ඔවුන් පානය කරති, තම ගොවිපළ සතුන්ට හා ගොවිබිම්වලට ජලය සපයති. තුන්වැන්න: ජලය නොරැඳෙන පැළෑටි හට නොගන්නා, සිනිඳු, පැතලි භූමියකි. එය එම ජලයෙන් ප්‍රයෝජනය නොලබන අතර එමගින් මිනිසුන් ද ප්‍රයෝජනය නොලබති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත එවන ලද දැනුම හා මඟ පෙන්වීමට සවන් දෙන ශ්රාවකයින් එලෙස ය. පළමුවැන්නා: අල්ලාහ්ගේ දහම පිළිබඳ අවබෝධය ලබා, එම දැනුම අනුව ක්‍රියා කර, එය අන් අයට උගන්වන විද්වතාය. තමන් ප්‍රයෝජනය ලබා, ගහ කොළ හට ගන්වා, අන් දෑට ප්‍රයෝජනය සළසන සාරවත් භූමියේ මට්ටමෙහි ඔහු පසුවෙයි. දෙවැන්නා: දැනුම සංරක්ෂණය කරන නමුත් ඒ ගැන අවබෝධයක් හෝ ප්‍රයෝජනයක් නොලබන තැනැත්තාය. ඔහු දැනුම රැස්කරයි. ඒ සඳහා කාලය ගත කරයි. නමුත් ස්වෙච්චාවෙන් කළ යුතු දෑ ඉටු නොකරයි. ඔහු රැස්කළ දෑ ගැන අවබෝධය නොලබයි. ඔහු අන් අයට මෙවලමක් වේ. ජලය එහි රඳවාගෙන මිනිසුන්ට ඉන් ප්රතිලාභ ගෙන දෙන භූමියක තත්ත්වයේ ඔහු පසුවෙයි. තුන්වැන්නා: දැනුමට සවන් දුන්න ද එය ආරක්ෂා නො කරන, ඒ අනුව කටයුතු නො කරන, අන් අයට සම්ප්‍රේෂණය නො කරන තැනැත්තාය. ඔහු ගහ කොළ නැති ජලය පිළි නොගන්නා, අන් දෑ ද දූෂිත කර දමන මුඩු භූමියක තත්ත්වයේ පසුවෙයි.
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ කැමති ආහාර පාන පරිභෝජනය කිරීමේ නිදහස ඔබට තිබෙනවා නොවේ ද? නමුත් තම කුස පුරවා ගැනීමට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක මම ඔබේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැක ඇත්තෙමි.”
رواه مسلمනුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා: "මිනිසුන් ආශිර්වාද තුළ සිටිති. ඔවුන් තමන් කැමති ප්‍රමාණයකින් ආහාර පාන පරිභෝජනය කරමින්ම සිටිති" යැයි පවසා; පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්ත්වය පිළිබඳ දන්වා සිටියේය. "සැබැවින්ම එතුමාණන්ට කුස ගිනි තිබුණ ද එතුමාණන්ගේ කුස පුරවා ගන්නට තරම් පහත් ගණයේ රට ඉඳි පවා සොයා ගත නොහැකි තත්ත්වයක එතුමාණන් පසුවනු මම දැක ඇත්තෙමි."
අබුල් අබ්බාස් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මම යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් මට ආදරය කරන, මිනිසුන් ද මට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් මට පෙන්වා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
رواه ابن ماجه وغيره بأسانيد حسنةමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් යමක් කළේ නම්, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුට ආදරය කරන, මිනිසුන් ඔහුට ආදරය කරන ආකාරයේ ක්‍රියාවක් ඔහුට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මෙලොවෙහි පවතින අමතර දෑ හා මතුලොවෙහි ඔබට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හරින විටෙක, ඇතැම් විට ඔබේ දහමට හානි පමුණුවන දෑ අත්හරින විටෙක, අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මෙලොවෙහි මිනිසුන් අතෙහි ඇති දෑ සමග ඔබ සරලව ජීවත් වූ විටෙක මිනිසුන් ඔබට ආදරය කරනු ඇත. මක්නිසාදයත් ඔවුන් සහජයෙන්ම ඒවාට ප්‍රිය කරන බැවිනි. කවරෙකු ඒ සඳහා ඔවුන් සමග තරඟ කළේ ද ඔවුහු ඔහු සමග ක්‍රෝධය ඇති කර ගනිති. කවරෙකු ඔවුන් වෙනුවෙන් එය අත් හැරියේ ද ඔවුහු ඔහුට ආදරය කරති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අල්-මික්දාද් ඉබ්නු මඃදී කරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත: "මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
رواه الإمام أحمد والترمذي والنسائي وابن ماجهඋතුම් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අපට වෛද්‍ය විද්‍යාවේ මූලික කරුණු වලින් එකක් සම්බන්ධයෙන් මඟ පෙන්වූහ. එනම් පුද්ගලයෙකු තම සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ මඟකි. එය ආහාර ගැනීම අඩු කිරීම ය. ඒ වෙනුවට, ඔහුගේ කුසගින්න නිවෙන ප්‍රමාණයට සහ ඔහුගේ අවශ්‍ය කාර් යයන් ඉටු කිරීම සඳහා ශක්තිය ලබා දෙන ප්‍රමාණයට ආහාර ගත යුතුය. කුස පිරෙන්නට කෑමෙන් ක්ෂණිකව හෝ ප්‍රමාද වී හෝ, අභ්‍යන්තරව හෝ බාහිරව හෝ ඇති වන අසංඛ්‍යාත මාරාන්තික රෝග නිසා, පුරවනු ලබන නරකම භාජනය ආමාශයයි. පසුව දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ: "මිනිසාට කුස පුරවා ගන්නට අවශ්‍යතාවක් ඇත්නම්, ආහාර සඳහා ඔහු තුනෙන් එක් කොටසක් නියම කරගත යුතුය. අනෙක් තුනෙන් එක් කොටස පානය සඳහා ද ඉතිරි තුනෙන් එක් කොටස තම ආගමික මෙන්ම ලෞකික කටයුතුවල දී අල්ලාහ් ඔහුට නියම කළ දෑ ඉටු කිරීමෙන් මැලිකමක්, හානියක් හා පීඩනයක් ඇති නොවන තරමට හුස්ම සඳහා වෙන් කළ යුතුය.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන්ගෙන් යම් කරුණක් පිළිබඳ දැන ගන්නට ලැබුණි. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන් සම්බන්ධව කරුණක් දැන ගන්නට ලැබිණ. එය ඔවුන් බොහේ දෑ ඉල්ලා සිටින බැවිනි. එවිට එතුමාණෝ කෝප වී දේශනාවක් ඉදිරිපත් කොට මෙසේ පවසා සිටියහ. "මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. ස්වර්ගයේ අද දින මා දුටු දෑට වඩා යහපතක් හෝ නිරයේ අද දින මා දුටු දෑට වඩා නපුරක් මම කිසිවිටෙකත් දැක නැත. අද දින මා දුටු දෑ ඔබ දුටුවෙහු නම්, මා දැනගත් දෑ ඔබ දැනගත්තෙහු නම්, මහත් සේ ඔබ අනුකම්පාවට පත්වනු ඇත. එය ඔබට අඩුවෙන් සිනහ සෙන්නටත් වැඩියෙන් අඬන්නටත් සළස්වනු ඇත. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත. ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. දැඩි සේ හඬා වැළපීම හේතුවෙන් නාසයෙන් පිටවන කෙඳිරි ගාන හඬක් ඔවුන් තුළින් වෙන්නට විය. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." තවදුරටත් මෙසේ පැවසීය. එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?යි විමසා සිටියේය. ඔහු "ඔබේ පියා මේ තැනැත්තා ය" යැයි පැවසීය. එවිට මෙසේ පහළ විය: "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" (අල්-මාඉදා: 101)
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් -රළියල්ලාහු අන්හුමා-තුමා විසින් වාර්තා කරන ලදී. කුත්බා දේශනයේදී නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ මත රැඳී සිටින ඉඳි කොටය(කින් වූ වේදිකාව)ක් විය. එම මින්බරය තබනු ලැබූ විට ගැබ්බරවූ ඔටුවකුගේ හඬට සමාන හඬක් එම කොටයෙන් සවන් දුනිමු. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පහළට බසින තෙක්ම විය. පසුව එතුමා ඒ මත තම අත තැබූහු. එවිට එය සන්සුන් විය. තවත් වාර්තාවක. ජුමුආ දින පැමිණි විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මින්බරය මත වාඩි වූහ. එතුමා දේශනා කරමින් සිටිය දී එතුමා අබියස පිහිටි ඉඳි කොටයක් එය පැළී යන්නාක් තරමට හඬ නගන්නට විය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා බැස එය රැගෙන එය තමන් සමග තුරුල් කර ගත්හ. වැටුණු දරුවකු කෙඳිරි ගාන්නාක් මෙන් එය නිකුත් කළ කෙඳිරිය සන්සුන් වන තෙක්ම නිහඬ කරවන්නට විය. එතුමා: එය උපදෙසට සවන් දුන් කරුණු සඳහා හඬන්නට විය යැයි පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම වේදිකාව වශයෙන් ඉඳි කොටයක් අරගත්හ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එහි යොමු වූ කල්හි එම කොටයේ හඬට සවන් දුන්හ. එය අඬන්නට වූයේ, උපදෙස තුළින් එය සවන් දුන් කරුණු හේතුවෙනි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියත වශයෙන්ම මුඃමින්වරයා එකම තැනක දෙවරක් අභාග්‍ය තත්ත්වයට පත් නොවෙයි. එහෙයින් ඔහු බුද්ධිමත්ව අවධානයෙන් යුතුව නොසැලකිලිමත් නොවී අවදියෙන් සිටිය යුතුය. එසේ නොමැති විටෙක ඔහු රැවටීමට පත් වන්නේය.