





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් බින් මාලිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: ඔවුන් හුදෙයිබියා හි නියමිත සත්ව කැපය පිරිනමා, දුක හා මානසික අවපීඩනය මුසු වූ තත්ත්වක හුදෙයිබියාවේ සිට නැවත හැරී එන අවස්ථාවේ "ඉන්නා ෆතහ්නා ලක ෆත්හන් මුබීනන් ලියග්ෆිර ලකල්ලාහු" යන ප්‍රකාශයේ සිට "ෆව්සන් අලීමා" දක්වා වූ (සූරා අල්-ෆත්හ් 1-5) පාඨ පහළ වූ කල්හි එතුමාණෝ: "මෙලොව සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පැවසූහ.
رواه مسلمඅනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වා ඇත. ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත උත්තරීතර අල්ලාහ්ගේ පහත සඳහන් ප්‍රකාශය පහළ වූ කල්හි: {إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا (١) لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا (٢) وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا (٣) هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا (٤) لِيُدْخِلَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَكَانَ ذَلِكَ عِنْدَ اللَّهِ فَوْزًا عَظِيمًا} [الفتح: ١-٥] "1. (අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු. 2. නුඹේ පෙර සිදු වූ හා පසු සිදු වූ පාපයන් සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය. 3. තවද අති මහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය. 4. දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමගම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය. 5. තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්, ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසත්ය. ඔවුන් එහි සදාතනිකයින්ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත්ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි." එය හුදෙයිබිය්යා සිට නැවත හැරී පැමිණෙන මෙහොතේය. ඒ වන විට දුක ශෝකය හා මානසික බිඳ වැටීම් සහාබාවරුන් සමග මුසු ව තිබුණි. එය ඔවුන් අතර හා උම්රා ඉටු කිරීම අතර බාධකයක් හට ගැනුනු බැවිනි. ඊට හේතුව එහි දී සාම ගිවිසුමක් ඇති වුව ද එය මුස්ලිම්වරුන්ගේ යහපත උදෙසා පිහිටියේ නැතැයි ඔවුන් සිතූ බැවිනි. තවද ගෙන ගිහ සත්ව කැපයන් හුදෙයිබියාහි ම කපා දැමූවෝය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසුහ. මෙලොව ඇති සියලු දෑට වඩා මා වෙත ප්‍රිය මනාප වදනක් මට පහළ කරන ලද්දේය" යැයි පවසා එය පාරායනය කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට ප්‍රකාශ කළ බව උා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මා වෙත දිව්‍ය වැකි කිහිපයක් පහළ විය. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. එය ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය."
رواه مسلمසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දන්වන ලදී: "මා වෙත දිව්‍ය වැකි කිහිපයක් මේ රාත්‍රියේ අල්ලාහ් පහළ කර ඇත. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. -එය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් කෙරේ - එය මුඅව්විදතානි හෙවත් ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය. එනම්: 'කුල් අඌදු බිරබ්බිල් ෆලක්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදය හා 'කුල් අඌදු බිරබ්බින් නාස්' යනුවෙන් කියැවෙන පරිච්ඡේදයයි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අබූ තල්හාගේ නිවසේ, මිනිසුන්ට බීම සපයන්නෙකු ලෙස මම සිටියෙමි. ඔවුන්ගේ බීම වර්ග සකස් කළේ රට ඉඳි වලින් ය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "දැනගන්න! මත්පැන් තහනම් කර ඇත" යැයි ප්‍රකාශ කරන ලෙස නිවේදකයකු වෙත නියෝග කළේය. එතුමා තවදුරටත් මෙසේ පැවසීය: "අබු තල්හා තුමා පිටතට ගොස් ඒවා හළා දමන ලෙස මට අණ කළේය. පසුව මම පිටතට ගොස් ඒවා හළා දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ගලා යන්නට විය." එවිට ඇතැම් පිරිස්: "එය කුස තුළ තිබිය දීම පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ'යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය: "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: 93)
متفق عليهඅනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා, තම මවගේ සැමියා වන අබූ තල්හා (රළියල්ලාහු අන්හු) තුමාගේ නිවසේ සිටින උදවියට මත්පැන් සැපයීමේ කාර්යයේ තමන් යෙදී සිටි බවත්, එකල ඔවුන්ගේ බීම වර්ග රට ඉඳි වලින් පෙරන ලද දෑ වූ බවත්, එය රට ඉඳියෙන් හා ගැට රට ඉඳියෙන් මුසු වී තිබිය බවත් දන්වා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිවේදකයකු මෙසේ නිවේදනය කර සිටියේය. "දැනගන්න! මත්පැන් තහනම් කරන ලදී." එතුමා තවදුරටත් මෙසේ පැවසීය. එවිට අබු තල්හා මා දෙස බලා, "ඔබ එළියට ගොස් එය හළා දමන්න. විසිකර දමන්න" යැයි මට අණ කළේය. පසුව මම එළියට ගොස් එය හළා දැමුවෙමි. විසි කර දැමුවෙමි. එය මදීනාවේ වීදිවල ඒ මත්පැන් ගලා යන්නට විය. එවිට ඇතැම් පිරිස්, "මත්පැන් බඩ තුළ තිබිය දීම, එය තහනම් කිරීමට පෙර නබි සහගාමීන් අතරින් පිරිසක් ඝාතනය කරනු ලැබ ඇතැ"යි පවසා සිටියේය. එවිට අල්ලාහ් මෙසේ පහළ කළේය. "විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන අයට ඔවුන් (අතීතයේ) ඔවුන් භුක්ති විඳි දෑ සම්බන්ධයෙන් වරදක් නැත." (අල්-මාඉදා: වාක්‍ය 93) එනම්: මත් පැන් තහනම් කිරීමට පෙර ඒවා රස විඳිමින් පානය කළ දෑහි පාපය දේවත්වය විශ්වාස කළවුන් මත පිහිටන්නේ නැත.
අබූ නජීහ් අල්-ඉර්බාල් ඉබ්නු සාරියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට උපදෙසක් දුන්හ. එමගින් හදවත් තිගැස්සින. ඇස් කඳුළු සළන්නට විය. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙය සමුගැනීමේ උපදෙසක් මෙන්ය. අපට (තවත්) උපදෙස් දෙන්න." යැයි පැවසුවෙමු. එතුමාණෝ මෙසේ පැවසූහ: "අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
رواه أبو داود والترمذيසිත් සසල කරන ඇසිවලින් කඳුළු වගුරන ප්‍රබල උපදෙසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන් අතර දේශනා කළහ. එවිට ඔවුහු නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදේශය තුළ අතිශයෝක්තිභාවයක් දුටු නිසාවෙන් 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මෙය සමුගන්නෙකුගේ උපදෙසක් මෙන් තිබේ' යැයි පැවසුවෝය. එහෙයින් එතුමාගෙන් පසුව තමන්ට පිළිපැදිය හැකි උපදෙසක් තමන්ට ලබා දෙන මෙන් ඔවුහු පැතූහ. එතුමාණෝ: 'සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තිමත් ව, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කිරීම ගැන මම ඔබ සැටම උපදෙස් දෙමි. එය අනිවාර්යය වගකීම් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දැයින් ඉවත්වීමෙන් විය යුත්තකි' යැයි පැවසූහ. "සවන් දිය යුතුය. අවනත විය යුතුය" යනුවෙන් අදහස් කරනුයේ ප්‍රධානීන් හා නායකයින් හට සවන් දීම හා අවනත වීමය. ඔබට ඉහලින් වහලෙකු නායකත්වයට පත් කළේ නම්, ඔහු ඔබව පාලනය කරන්නේ නම්, ඔහු මැවීම් අතරින් පහත් අයකු වුව ද ඔබේ ප්‍රධානියකු බවට ඔහු පත් කරනු ලැබුවේ නම් ඔබ ඒ ගැන පිළිකුල් නොකළ යුතුය. ඔහුට අවනත විය යුතුය. අර්බූද ඇතිවීම ගැන බිය වන්න. සැබැවින්ම ඔහු ඔබ අතරින් ජීවත් වන අයෙකි. (නැතහොත්) බොහෝ ගැටුම් දකිනු ඇත. පසුව මෙම මත ගැටුම්වලින් මිදිය හැකි ක්‍රමය එතුමාණෝ ඔවුනට පැහැදිලි කළහ. එනම්, එතුමාණන්ගේ පිළිවෙත හා එතුමාණන්ගෙන් පසු පැමිණි යහමඟ ලැබූ කුලෆාඋර් රාෂිදීන් හෙවත් අබූ බක්ර් අස්-සිද්දීක්, උමර් ඉබ්නුල් කත්තාබ්, උස්මාන් ඉබ්නු අෆ්ෆාන් සහ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හුම්) යන සිව් මහා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදීමය. එය පුරස්චාර්වක දත්වලින් හොඳින් අල්ලා ගන්න යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ. ඉන් අදහස් කරනුයේ නබි පිළිවෙත අවැසි කර ගෙන හා එය පිළිපැදීමය. දහම තුළ අලුතින් නිර්මාණය කරන ලද කරුණු සම්බන්ධයෙන් එතුමාණෝ අවවාද කළහ. හේතුව එසේ අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවෙහි පවතින බැවිනි.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා."
رواه البخاريඅල් කුර්ආනය හා හදීස් පිළිබඳ දැනුම දැනුවත් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කර සිටියි. එය කුර්ආනයෙන් හෝ හදීසයෙන් හෝ එක් වාක්‍යයක් වැනි සුළු කරුණක් වුව ද කම් නැත. නමුත් තමන් දැනුවත් කරන දෑ හා ඇරයුම් කරන දෑ පිළිබඳව දැනුවත්ව සිටීමේ කොන්දේසිය මතය. පසුව අපගේ ෂරීආ පිළිවෙතට පටහැනි නොවන සිදුවීම් ඉස්රාඊල් දරුවන්ට සිදු වී ඇත්නම් එවැන්නක් සම්බන්ධයෙන් ඔවුන් ගැන කතා කිරීම වරදක් නැති බව ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව තමන් වෙත බොරු පවසා සිටීම ගැන ද අවවාද කළහ. සැබැවින්ම කවරෙකු තමන් වෙත උවමනාවෙන්ම බොරු පවසා සිටියේ ද ඔහු අපා ගින්නේ නවාතැනක් ඔහු වෙනුවෙන් වෙන්කර ගනිත්වා!
අල්-මික්දාම් ඉබ්නු මඃදීකරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්‍රන්ථය" ඇත. එහි අපි කවර කරුණක් 'හලාල්' -අනුමත- යැයි දැක ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරාම්' -තහනම්- යැයි දැක ඇත්තේ ද එයි අපි තහනම් කර ගත්තෙමු. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලාහ් තහනම් කළා හා සමානය."
رواه أبو داود والترمذي وابن ماجهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: වාඩි වී සිටින මිනිසුන් පිරිසක් සිටින කාලයක් එළඹ ඇත. ඔවුන්ගෙන් කෙනෙකු තම ඇඳ මත වැතිර සිටිය දී ඔහුට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ හදීසයක් දන්වනු ලැබේ. එවිට ඔහු මෙසේ පවසනු ඇත: කටයුතුවල දී අප අතර සහ ඔබ අතර වෙන් කරන ලද දෑ වනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි. එය අපට ප්රමාණවත්ය. මන්ද එහි හලාල් නිත්‍යානුකූල යැයි පෙනී ගිය යමක් වී නම් අපි ඒ අනුව ක්‍රියා කළ බැවින් හා එහි තහනම් යැයි අපට පෙනී ගිය යමක් වී නම් අපි එයින් ඉවත් වූ බැවිනි. පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. තමන් තම සුන්නාහ්වෙහි තහනම් කළ හෝ වැළැක් වූ සෑම දෙයක්ම, අල්ලාහ් ඔහුගේ ග්‍රන්ථයේ තහනම් කළ දෑට සමාන නීති ස්වභාවයක් එයට ද ඇත. මක්නිසාද යත් එතුමාණන් තම ස්වාමියාගෙන් එය ලබන බැවිනි.
අල්-ඉර්බාළ් ඉබ්නු සාරියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
رواه أبو داود والترمذي وابن ماجه وأحمدසිත් සසල කරන ඇසිවලින් කඳුළු වගුරන ප්‍රබල උපදෙසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන් අතර දේශනා කළහ. එවිට ඔවුහු නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදේශය තුළ අතිශයෝක්තිභාවයක් දුටු නිසාවෙන් 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මෙය සමුගන්නෙකුගේ උපදෙසක් මෙන් තිබේ' යැයි පැවසුවෝය. එහෙයින් එතුමාගෙන් පසුව තමන්ට පිළිපැදිය හැකි උපදෙසක් තමන්ට ලබා දෙන මෙන් ඔවුහු පැතූහ. එතුමාණෝ: 'සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ භක්තිමත් ව, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කිරීම ගැන මම ඔබ සැටම උපදෙස් දෙමි. එය අනිවාර්යය වගකීම් ඉටු කිරීමෙන් හා තහනම් කරන ලද දැයින් ඉවත්වීමෙන් විය යුත්තකි' යැයි පැවසූහ. "සවන් දිය යුතුය. අවනත විය යුතුය" යනුවෙන් අදහස් කරනුයේ ප්‍රධානීන් හා නායකයින් හට සවන් දීම හා අවනත වීමය. ඔබට ඉහලින් වහලෙකු නායකත්වයට පත් කළේ නම්, ඔහු ඔබව පාලනය කරන්නේ නම්, ඔහු මැවීම් අතරින් පහත් අයකු වුව ද ඔබේ ප්‍රධානියකු බවට ඔහු පත් කරනු ලැබුවේ නම් ඔබ ඒ ගැන පිළිකුල් නොකළ යුතුය. ඔහුට අවනත විය යුතුය. අර්බූද ඇතිවීම ගැන බිය වන්න. සැබැවින්ම ඔහු ඔබ අතරින් ජීවත් වන අයෙකි. (නැතහොත්) බොහෝ ගැටුම් දකිනු ඇත. පසුව මෙම මත ගැටුම්වලින් මිදිය හැකි ක්‍රමය එතුමාණෝ ඔවුනට පැහැදිලි කළහ. එනම්, එතුමාණන්ගේ පිළිවෙත හා එතුමාණන්ගෙන් පසු පැමිණි යහමඟ ලැබූ කුලෆාඋර් රාෂිදීන් හෙවත් අබූ බක්ර් අස්-සිද්දීක්, උමර් ඉබ්නුල් කත්තාබ්, උස්මාන් ඉබ්නු අෆ්ෆාන් සහ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හුම්) යන සිව් මහා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදීමය. එය පුරස්චාර්වක දත්වලින් හොඳින් අල්ලා ගන්න යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ. ඉන් අදහස් කරනුයේ නබි පිළිවෙත අවැසි කර ගෙන හා එය පිළිපැදීමය. දහම තුළ අලුතින් නිර්මාණය කරන ලද කරුණු සම්බන්ධයෙන් එතුමාණෝ අවවාද කළහ. හේතුව එසේ අලුතින් නිර්මාණය කරනු ලබන සෑම දෙයක්ම මුළාවෙහි පවතින බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් සහ මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හුමා) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
رواه مسلم في مقدمتهයම් ප්‍රකාශයක් බොරුවක් බව දැන දැනම හෝ ඒ ගැන අනුමාන කරමින් හෝ එසේත් නැතහොත් එම අනුමානය ඉක්මවා යන්නක් බව දැන දැනම හෝ එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් නිකුත් කළ ප්‍රකාශයක් යැයි කවරෙකු පවසා සිටින්නේ ද එය වාර්තා කළ තැනැන්තා එම බොරුව ආරම්භ කළ තැනැත්තා සමග හවුල් වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."
متفق عليهයමෙක් හිතාමතාම තමන් ගැන ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් බොරුවක් කියන්නේ නම්, සැබැවින්ම මතුලොවෙහි නිරයේ ඔහු අසුනක් හිමි කර ගනු ඇත. එය ඔහුගේ බොරුව සඳහා වන ප්රතිවිපාකයයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.