





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.“ උර්වා අල් බාර්කී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී. එනම්: කුසල් හා යුධ භාණ්ඩ.“
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතඅශ්වයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඌ සමග යහපත බැදී පවතී. එනම් අල්ලාහ්ගේ මාර්ගයෙහි අශ්වයාව රඳවා තැබීම මඟින් පවතින කුසල්ය. එය මතුලොවෙහි යහපතය. එමෙන්ම සතුරා විසින් හැර දමා මුජාහිද් වරයකු උපයා ගන්නා යුධ සම්පත්ය. එය මෙලොවෙහි යහපතය.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.“ තවත් වාර්තාවක, “අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබීම, එය ණය හැර සෙසු සියලු දෑට ප්‍රතිකර්මයක් වනු ඇත.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීම කුඩා හෝ වේවා මහා හෝ වේවා සියලු පාපයන්ට ප්‍රතිකර්මයක් වන්නේය. නමුත් ණය යන විෂය හැර. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ දිව පිදීම එයට ප්‍රතිකර්මයක් නොවන්නේය. හේතුව එය මැවීම්වලට අයිති උරුමය පිළිබඳ වූ බලගතු කාරණාවක් වන බැවිනි. විශේයෙන්ම එය මුදල්මය වශයෙන් සලකන විටය. සැබැවින් එය ඔවුන් වෙත වූ වඩාත් ගෞරවණීය වස්තුවයි. මුස්ලිම්වරුන්ගේ උරුමයන් පැහැර ගන්නා අයුරින් සොරකම, පැහැරගැනීම, වංචාව හා බැඳුණ ණයද මේ ගණයට අයත් වේ. එහෙයින් ජිහාද් කිරීම, දිවි පිදීම හා වෙනත් යහපත් ක්‍රියාදාමයන් මිනිසුන්ගේ උරුමයන් සම්බන්ධයෙන් ඇතිවන ණයවලට ප්‍රතිකර්මයක් නොවන්නේය. ඒවා අල්ලාහ්ගේ උරුමයන් සඳහා වූ ප්රතිකර්මයන් පමණි.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු ඉල්ලා සිටින අතයි."
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මතට වී දේශනා කරමින් සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ උපදෙස් දුන්හ. වියදම් කරන, පිරිනමන උසස් අත, ඉල්ලා සිටින පහත් අතට වඩා අල්ලාහ් වෙත උතුම්ය. ආදරණීයය.
දේව විශ්වාසවන්තයින්ගේ මෑණියකු වූ මය්මූනා බින්ත් අල් හාරිස් -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය වහලියක් නිදහස් කළාය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගෙන් ඇය අවසරය නොපැතුවාය. ඇය වෙත එතුමා පැමිණෙන දින ඇය අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මාගේ වහලිය මා නිදහස් කළ බව ඔබ නොදන්නෙහිද? යැයි විමසුවාය. එතුමා, ඔබ එසේ කළෙහිද යැයි පැවසූහ. ඇය, එසේය යැයි පැවසුවාය. එතුමා, සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා තිබුණේ නම් එය ඔබට මහත් කුසලක් වන්නට තිබිණි යැයි පැවසුහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: සැබැවින්ම උම්මුල් මුඃමිනීන් මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය තමන් සතු වහලියක් නිදහස් කළාය. එය අල්ලාහ්ගේ මාර්ගයේ වහලියක් නිදහස් කිරීමේ මහිමය ඇය මැනවින් දැන සිටි බැවිනි. නමුත් ඇය ඒ ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට නොදන්වා, එසේ නැතිනම් ඇයව නිදහස් කිරීම සම්බන්ධයෙන් එතුමාගෙන් අවසර නොපතා සිදු වූවකි. ඇයගේ වාරය පැමිණි කල්හි තමන් සිදු කළ දෑ පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියාය. එවිට එතුමා එසේ ඔබ කළෙහිද යැයි පැවසීය. ඇය එසේය යැයි පැවසුවාය. එහිදී එතුමා තමන්ගේ අදහස පවසා සිටියා මිස ඇය සිදු කළ දෑ සම්බන්ධයෙන් පිළිකුල් නොකළහ. එතුමා ඇයට මෙසේ පවසා සිටියහ. සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා තිබුණේ නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත. එහි තේරුම: ඔබ කළ දෑ යහපත්ය. නමුත් සැබැවින්ම ඔබ ඇයව හිලාල් ගෝත්‍රයේ ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් කුසලින් වඩාත් අධික, එමෙන්ම වඩාත් උතුම් වනු ඇත. එය ඔබ ඔබේ සමීප ඥාතීන්ට පිරිනැමීමක් වන බැවිනි යැයි පවසා සිටියහ.
නුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්‍රාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්‍රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්‍රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනුඹලාගෙන් කෙනෙකු තමන්ගෙ ප්රරාන භුක්තිය නුඹලාගේ මරණයට පෙර භුක්ති විදීම මට ප්‍රය මනාපයයි කීවේය ඒවිට සහාබාවරැන් මෙසේ ප්‍රශ්න කළහ අපට ඒසේ මුදල් නැත්නමි අපි කුමක් කරන්නේද ඒවිට නබි තුමා මෙසේ කීහ ඔබට පෙර තිබෙන්නාවු සැප සමිපත් ඒය ඔබට අයත්ය ඔබට පසුව තිබෙන්නාවු දෑ පරමිපරාවට අයත්ය යැයි නබි තුමා පැවසූහ ඉහත සදහන් හදීසේ අර්ථකථනය වනුයේ කෙනෙකු තමා මිහිපිට ජීවත්වනවිට තමාට අයත් මුදලින් කොටසක් ඔහු අැය ජීවත්වන කාලයේ පුණ්යකර්මයන්වන ඒනම් මරණින් පසුව සොහොනයටද අානිසංස ලබාදෙන්නාවූ කර්මයන් වන ඒනම් රෝහලක් පාසලක් මස්ජිදයක් මාර්ගයක් ඉදිකිරීම හෝ හජ් හෝ තමා සතු තිබෙන්නාවු දෙයක් පරිත්‍යාග කිරීම ඔවුන්ට ඵලදායික කර්මයකි තවද ඔවුන් මෙම කි්ුයාවන් හැර ඔවුන් ඒක්තුකරන ලද සම්පත් අන් අයටද අයත් වේ යන අදහසින් සදහන් වී තිබේ තවද අබ්දුල්ලාහ් ඉබ්නු රළියල්ලාහු මෙසේ පවසයි අහෝ අාදම් ගේ පුතුණී මා ඔබට ලබා දෙන්නාලද දායාදයන් නුඹ භුක්තිවිද ඒය විනාශයට පත් කළා තවද වස්ත්‍රය වසා අැදුම් අැද ඒය කිළිටු කළේය තවද නුඹ පුණ්‍ය කර්මයක් කර ඒයින් වෙදෙයක් බලාපොරොත්තුවුණා ඒබැවින් නුඹගේ සෑම දෙයක්ම අහිමි වේ යනුවෙන් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව, ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “අළුයම විත්ර් (ඉටු කිරීම) සඳහා යුහුසුළු වන්න.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අවසන් රාත්‍රිය දක්වා විත්ර් සලාතය ප්‍රමාද කිරීම සතුටුදායකය. නමුත් විත්ර් සලාතය අවසන් රාත්‍රිය දක්වා ප්‍රමාද කිරීමට අපේක්ෂා කරන්නා ෆජ්ර් උදාවට පෙර එය ඉක්මණින් ඉටු කිරීමට වගබලා ගත යුතුය. හේතුව රාත්‍රී සලාතයේ අවසන් වේලාව ෆජ්ර් උදාව වේ. එසේ නම් විත්ර් ඉටු කිරීමට පෙර ෆජ්ර් උදා වූ විට එහි මහිමය මඟ හැරී යනු ඇත.
නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත් වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය මුස්ලිම් මෙම හදීසයේ අදහස වන්නේ මස්ජිදයට දුරස්ව නිවහනක් පිහිටා තිබිම යමෙකු වුලූ දෝවනය සමග දුර සිට පැමිනණන විගස ඔහුගේ ඒක් පාමුල වැදෙන විගස ඔහු සතු කුසල් පතිත වී අකුසල් ඉවත් වේ යනුවෙන්ද මස්ජිදයට සමීපව සිටින්නාට මේ භාග්‍ය අහිමි වේ යනුවෙන්ද අදහස් කෙරේ
ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇත - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතපූර්ව සාධක සහිත නියතවම බනූව්සලමා නම් පිරිසක් නබි තුමාණන් කෙරෙහි යෝඡනාවක් ඉදරිපත් කළහ ඔවුන්ගේ වාසස්ථානයෙන් ඉවත්වී මස්ඡිදයට අාසන්නව නිවහනක් ගොඩනගන්නද කියා අැසූවිගස නබි තුමා මෙසේ කීවේය මස්චිදයට අාසන්නවු නිවහන අානිසංස අඩුවෙන්ද දුරස්වූ නිවහන අධික කුසල් ලබාදෙන්නාවු කාර්යන් යන අදහසින් නබි තුමා පැවසූහ වාර්ථාකරැ ඡාබිර් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය මුස්ලිම් මෙමහදීසයේ අදහස වන්නේ මස්ජිදයට දුරස්ව නිවහනක් පිහිටා තිබිම යමෙකු වුලූ දෝවනය සමග දුර සිට පැමිනණන විගස ඔහුගේ ඒක් පාමුල වැදෙන විගස ඔහු සතු කුසල් පතිත වී අකුසල් ඉවත් වේ යනුවෙන්ද මස්ජිදයට සමීපව සිටින්නාට මේභාග්ය අහිමි වේ යනුවෙන්ද අදහස් කෙරේ තවද අබූ හුරෙයිරා රළියල්ලාහු මෙසේ ප්‍රකාශ කරයි අානිසංසයෙන් ඉමහත්වූ භාග්‍ය ලැබෙන්නාවු තැනැත්තා කවුරැන්ද යැයිඒතුමා ප්‍රශ්නකල විගස ඔවුන්ගෙන් කෙනෙකු කුමකටද යැයි පුශ්න කළහ ඒවිට අබීහුරෙයිරා රළියල්ලාහු ඒවිට මෙසේ කීහ කාගේ නිවහන මස්ඡිදයට දුරස්ව තිබෙන්නේද ඔවුන්ගේ ඒක් අඩියකට ඒක් කුසලක් පතිත වී අකුසලක් මකනු ලැබේ යැයි පුකාශ කළහ මූලාශ්‍රය මුවත්තා38වන හදීස් අංක මෙම භාගය හිමිවන්නේ කෙනෙකු වුලු දෝවනය අංග සම්පූර්ණව ඉටු කර මස්ඡිදය කෙරෙහි ගමන් කරන්නේද ඔහුගේ සෑම අඩියකටම කුසල් සටහන්වී අකුසලක් ඉවත් කරනු ලැබේ තවද ඔහුට උසස් ශ්‍රේණියක්ද පතිත කරනු ලැබේ තවත් රිවායතයක් මගින් මෙසේ සදහනවී තිබේ කෙනෙකු වුලූව් දෝවනය අංග සම්පූර්ණව කර මස්ඡිදය වෙත ගමන් කරන විගස ඔහුගේ වම් කකුල පොලව මත තබන විගස ඔහුට කුසලක් පතිතවනබවත් දකුණු කකුල තබන කළෙහි අකුසලක් මකනු ලැබේ යැයි ඒබැවින් නූඹලා මස්ඡිදයට අාසන්න්වද දුරින් ඉන්නද කැමැත්ත දක්වන්නේ යැයි කීහ මූලාශ්‍රය අබූව් දාවූද්563ෂෙයික් අල්බානිද මෙය නිවැරැදි හදීස් යැයි ප්‍රකාශ කරයි සහිහ් අබීය්දාවූද් වෙලුම3-97 වන පිටුව හදීස් අංක 572තවද ඉබ්නු අබ්බාස් රළියල්ලාහු අන්හු මෙසේ කියයි මා දවසක් හිනෙන් පරමාධිපතියාවන දෙවිදුන්ව ඉතා අලංකාරවු නිරෑපනයකින් දුටු විගස අහෝ මුහම්මද් මිනිසුන් කුමන ක්‍රියාවෙන්ද ෂේශ්ත්ර වන්නේ යැයි අැසු විගස නබි සල් තුමි මෙසේ මිනිසුන අකුසල් ඉවත් කිරීමෙන්ද උසස් ශ්‍රේණියක් ලබා ගැනීමෙන්ද යැයි ප්‍රකාශ කළහ ඒවිට දෙවිදුන් කප්පාරා හා දරඡා කුමක් යැයි අැසූ විගස නබි තුමා මෙසේ කීහ පංචකාල සලාතයට පසුව මස්ඡිදයේ රැදී සිටීම හා අංග සම්පූර්ණව වුලු කර මස්ඡිදය කෙරෙහි පයින් ගමන් කිරීම යැයි නබි සල් තුමාණෝ කීහමූලාශ්රය අහ්මද්3484 තවද මෙය අල්බානී රලියල්ලාහු අන්හු නිවරැදි හදීසයකි යැයි ඡාමිඋස්සගීර් හී ග්‍රන්ථාරෑඩ කර අැත 1-72ඉහත සදහන් අානිසංස පාත්රවන්නේ පහත සදහන් කරැනු අනුගමනය කොටය1-පිරිසිදුව මස්ඡිදය කෙරෙහිව ගමන් කිරීම2අානිසංස බලාපොරොත්තුව3 නිවසින් මස්ඡිදයට පිටවනවි යැයි අදිටන් කොට යෑම 4 පයින පාමුලෙන් ගමන් කිරීම යෝගය වේ ඒනමුත් වාවනයක් තිබේ නම් ඒයින් ගමන් කිරිම ඔහු කාර්යබහුලව සිටින විට ඒය කෙසේ පාමුලෙන් ගමන් කරන කළෙහි අානිසංස ලැබේද ඒසේම වාහනයක ගමන් කරන විට ඒම වාහනයේ රෝදය කැරකෙන ප්‍රමානය අනුව කුසල් පතිත වේයැයි නබි තුමාණෝ කීහ
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “රාත්‍රියේ නැගිට සලාත් ඉටු කොට තම බිරිය අවදි කරවා ඇය පිටුපාන විට ඇයගේ මුහුණට ජලය ඉසින මිනිසකුට අල්ලාහ් කරුණා කරත්වා! එමෙන්ම රාත්‍රියේ නැගිට සලාත් ඉටු කොට තම ස්වාමි පුරුෂයා අවදි කරවා ඔහු පිටුපාන විට ඔහුගේ මුහුණට ජලය ඉසින කාන්තාවකට අල්ලාහ් කරුණා කරත්වා!“
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම කවරෙකු රාත්‍රියේ අවදි වී, සලාතය ඉටු කර, සලාතය සඳහා තම බිරිය ද අවදි කරවා ඇයද තද නින්දට වැටී මැලිකමින් අවදි නොවන විට, ඇයගේ මුහුණට ජලය සුළුවෙන් ඉසින්නේද එවිට සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සකු වන්නේය. එසේ බිරියක් තම සැමියා සමග කටයුතු කළ ද අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නට සුදුස්සියක් වන්නීය යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අනුගාමිකයින් අතර සිට මිනිසකු මිහිරි ජල උල්පත් ඇති ප්‍රදේශයක් අසලින් ගමන් ගත්හ. එය ඔහුව පුදුමයට පත් කළේය. පසුව ඔහු, “මම ජනයාගෙන් නික්ම යන්නේ නම් මෙම ප්‍රදේශයේ පදිංචි වීමි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුමැතිය ලබන තෙක් මම එය සිදු නොකරමි“ යැයි පැවසීය. පසුව ඒ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ට මෙනෙහි කර සිටියේය. එවිට එතුමාණෝ “ඔබ එසේ නොකරනු. ඔබ අතුරින් කිසිවකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව සිටින තැන වනාහී, නියත වශයෙන්ම එය ඔහු තම නිවසේ නැමදුම් කිරීමට වඩා අවුරුදු හැත්තෑවකට වඩා උතුම්ය. ඔබට අල්ලාහ් සමාව දී ඔබව ස්වර්ගයට ඇතුළත් කිරීම ගැන ඔබ සතුටු නොවන්නෙහුද? අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන කාලයක ප්‍රමාණයට සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය.“ යැයි පැවසූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: සැබැවින්ම නබි තුමාණන්ගේ සහගාමිකයෙකු කන්දක් අතර පිහිටි ප්‍රදේශයක් අසළින් ගමන් ගත්තේය. එම ප්‍රදේශයේ මිහිරි දිය සහිත උල්පතක් විය. එම උල්පත ඔහු මවිතයට පත් කළේය. ජනයාගෙන් වෙන් වී එම ස්ථානයේ රැඳී සිටිමින් අල්ලාහ්ට නැමදුම් කිරීමටත් එම උල්පතින් ජලය පානය කිරීමටත් ඔහුට කැමැත්තක් ඇති කළේය. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අනුමැතිය දෙන තෙක් මම එසේ සිදු නොකරමි යැයි පවසා සිටියේය. පසුව එතුමාට එය මෙනෙහි කළේය. එවිට එතුමා එසේ සිදු නොකරනු යැයි පවසා එයින් වැළැක්වූහ. හේතුව, යුද වැදීම ඔහු වෙත අනිවාර්යය වී තිබිණ. එසේ ඔහු අමතර දැයක් වෙනුවෙන් වෙන්වී යාම අනිවාර්යය දැයක් අතහැර දැමීමට බල කරනු ඇත. පසුව එතුමා, “නියත වශයෙන්ම එය ඔහු තම නිවසේ නැමදුම් කිරීමට වඩා අවුරුදු හැත්තෑවකට උතුම්ය“ යැයි පැවසූහ. එහි තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සලාතය සඳහා අවුරුදු හැත්තෑවක් වෙන්ව සිටීමට වඩා උතුම්ය යන්නයි. එයට හේතුව සලාතය මෙන් නොව ජිහාදය බොහෝ දෙනාට ඵල දෙන බැවිනි. සලාතය එය ඉටු කරන්නාට පමණක් ඵල දෙනු ඇත. අල්ලාහ් ඔබට සමාව දී, ඔබව ස්වර්ගයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔබ ප්‍රිය නොකරන්නෙහුද යන ප්‍රකාශය වනාහි, ඔබේ පාපයන් සඳහා අල්ලාහ් ඔබට සමාව දී ඔබව ස්වර්ගයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔබ ප්‍රිය කරන්නෙහු නම් අල්ලාහ්ගේ මාර්ගයේ ඉවසිලිවන්තයින් ලෙස හා කුසල් බලාපොරොත්තු වන්නන් ලෙසින් සටන් වැදීම ඔබට අනිවාර්යය වේ යන්නයි. පසුව එතුමා එහි මහිමය මෙසේ විස්තර කළහ. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන කාලයක ප්‍රමාණයට සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය. එනම්, අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස කවරෙකු ඔහුගේ මාර්ගයේ සටන් වදින්නේද ඔහු ස්වල්ප කාලයක් යුද්දයේදී සහභාගී වුවද ඔහුට ස්වර්ගය අනිවාර්යය වේ යන්නයි.