





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. උපවාසයේ නිරත වූවෝ කොහේදැයි? විමසනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් එහි ඇතුළු වූ පසු එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත."
متفق عليهස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. උපවාසයේ නිරත වූවෝ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. "උපවාසයේ නිරත වූවෝ කොහේදැයි?" එහි අමතනු ලැබේ. එවිට ඔවුහු නැගිට එහි පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් අතර සිටින අවසානයා එහි ඇතුළු වූ විට එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරුණු දූවිලි හා නිරයේ දුම එකට එකතු නොවෙයි.))
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅල්ලාහ් පිළිබඳ වූ බිය හේතුවෙන් ඇඬූ මිනිසා නිරයට අතුළු නොවන බව අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දන්වා ඇත. හේතුව අල්ලාහ්ට බියෙන් සිටින මිනිසා බොහෝ විට අවනතව කටයුතු කිරීමටත් පාපයෙන් වැළකී සිටින්නටත් බැඳී සිටියි.එය තණ මල්ලට කිරි නැවත යවන්නාක් මෙන් සිදු විය නොහැකි දෙයකි. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තැවරෙණ දූවිලි හා නිරයේ දුම එකට එක් නොවෙයි.මෙලොව හා මතු ලොව ප්රතිවිරෝධීව පිහිටා ඇති අයුරින් ඒ දෙක ද එකතු නොවී පිහිටෙන්නාක් මෙනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සුබෙයිර් ඉබ්නුල් අව්වාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය."
رواه البخاريජනයා අතරින් කෙනෙකු යම් කිසි ක්‍රියාවක් සිදු කර, එය ළණුවක් ගෙන එමගින් දර මිටි ගසා ඔහුගේ කර මත තබා විකිණීම හෝ වේවා, ඉන් අනුභව කිරීම හෝ එය දන් දීම හා අනෙක් අයගේ අවශ්යතාවන්ගෙන් ඉවත් වී, ඉල්ලා සිටීමේ පහත් බවින් තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්නේ ද එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට පිරිනැමීම හෝ ඔවුන් ඉන් වැළකී සිටීමට වඩා ඔහුට උතුම් වන්නේය. මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම පහත් ක්‍රියාවකි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවමන් සහගත අයකු නොව, ගෞරවණීය තැනැත්තකි.
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්‍රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි. තවත් වාර්තාවක ශහීද් භාවයේ මහිමය ඔහු දැක ඇති බැවිනි යනුවෙන්ද සඳහන් වී ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතස්වර්ගයට පිවිසීමෙන් පසුව එයින් වෙන්ව නැවත වාරයක් මෙලොවට පැමිණීම ආශා කරන කිසිවකු නැත. නිධන් හා වටිනා වස්තුව මහපොළොව පිරෙන්නට පිරිනැමුවද උසස් ගණයේ මාලිගාවන් හා වතු ඔහුට දුන්නද එයට ආශා නොකරනු ඇත. පසුව එතුමාණෝ ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය වෙන් කර දැක්වූහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදා එක් වරක් වෙනුවට දසවාරයක් ෂහාදාව තුළින් ජය ලබන්නට ප්‍රිය කරයි. එය ෂහීද් වරු ලබන ගෞරවය ඔහු දැක ඇති බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රඳවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්‍රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත කරවීම සඳහා අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සතුරන් සමග යුද වැදිය හැකි අයුරින් අල්ලාහ් වෙනුවෙන්ම “අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ කිසියම් දෙයක් වියදම් කරන්නේ නම් ඔබලා වෙත එය පූර්ණව ගෙවනු ලබන්නේය“ යන ඔහුගේ ප්‍රතිඥාව තහවුරු කරමින්ද කවරෙකු අශ්වයකු හදාවඩා සීරුවෙන් තබන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් උෟ අනුභව කරන ආහාරය තරම්, ඌ පානය කරන ජලය තරම්, ඌ බැහැර කරන මළ මූත්‍රා තරම් කුසල් ඔහුට ලබා දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යහපත ඇති තට්ටුවේ තබනු ලැබේ. අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ දිගු හදීසයක මෙසේ සඳහන් වී ඇත. අශ්වයින් තුනකි. එය මිනිසාට බරක් වෙයි. එය මිනිසාට ආවරණයක් වේ. එය මිනිසාට කුසලක් වෙයි. පසුව මෙසේ පවසා සිටියහ. ඔහුට කුසල් ලබා දෙන්නා වූ අශ්වයා වනාහි මුස්ලිම්වරුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ මිනිසෙකු තණ පිට්ටනියක හෝ උද්‍යානයක හෝ බැඳ දමා ඇති අශ්වයාය. එම තණ පිට්ටනියෙන් හෝ උද්‍යානයෙන් ඌ අනුභව කරන තරමට කුසල් ඔහුට ලියනු ලැබේ. එමෙන්ම උගේ මළ හා මූත්‍රාවල තරමට කුසල් ලියනු ලැබේ. උගේ කඩිවාලම කපා නොදමා උස් තැනිතලාවක් හෝ උස් තැනිතලා දෙකක් පසුකර යන විට උගේ මළ හා උගේ මූත්‍රා තරමට අල්ලාහ් එහි හිමියාට යහපත ලියනු මිස නැත. උගේ හිමියා ගඟක් අසළින් ගමන් කර ඌ ඉන් ජලය පානය කොට ඔහු ඌට ජලය සපයන්නට නොසිතුවද ඌ පානය කරන තරමට යහපත අල්ලාහ් ඔහුට ලියනු ඇත.“ බුහාරි හා මුස්ලිම්.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න. එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.
رواه البخاريතම සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔහුට උදව් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එවිට මිනිසෙකු මෙසේ විමසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් ඔහුගෙන් එම අපරාධය ඉවත් කරමින් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීම, ඔහුගේ අතින් අල්ලා නතර කිරීම, ඔහුව දුරස් කිරීම හා වැළැක්වීමය. සැබැවින්ම එය ඔහු නපුරු බලවේගයට හා ඔහුගේ නපුරු ආත්මයට එරෙහිව ඔහුට කරන උපකාරයයි."
අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දකුණතින් රත්රන් ද තම වම් අතින් සේද ද රැගෙන සිටිනු මම දුටුවෙමි. පසු ව ඒ දෙක අතැති ව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ පැවසීය: "මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය."
رواه أبو داود والنسائي وابن ماجهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම දකුණතින් රත්රන් ආභරණ හෝ එවැනි යම් දෙයක් ද තම වම් අතින් සේද රෙද්දක් හෝ ඉන් කැබැල්ලක් ද රැගෙන මෙසේ පැවසූහ: "සැබැවින්ම සේද හා රත්රන් ඇඳීම පිරිමින්ට තහනම් වන අතර කාන්තාවන්ට ඒවා අනුමතය.
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. හුනෙයින් යුද දින අල්ලාහ් තම නබිවරයාට යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ පිරිනැමූ කල්හි ජනයා අතර එතුමාණන් බෙදූහ. ඉස්ලාමයට නැඹුරු වූවන් අතර ද බෙදූහ. නමුත් අන්සාර්වරුන් හට එතුමා කිසිවක් පිරිනැමුවේ නැත. ජනයාට ලැබුණාක් මෙන් ඔවුනට නොලැබුණු බැවින් ඔවුන්ගේ සිත් තුළ කුමක් හෝ දෙයක් ඇති වූවාක් මෙන් දැණින. පසු ව එතුමාණෝ ඔවුනට දේශනාවක් කළහ. එවිට අහෝ අන්සාර්වරුනි!නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය. එතුමාණන් යමක් පැවසූ සෑම අවස්ථාවකම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උපකාරශීලීය යැයි ඔවුහු පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා පිළිතුරු දීමට නුඹලා ව වැළැක්වූයේ කුමක් දැ?යි ඇසීය. එතුමාණන් යමක් පැවසූ සෑම අවස්ථාවකම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උපකාරශීලීය යැයි ඔවුහු පැවසූහ. නුඹලා සිතුවේ නම් මේ මේ දේ අප වෙත ගෙන දෙන්නැයි නුඹලා පවසන්නට තිබුණි. ජනයා එළුවන්, ඔටුවන් රැගෙන යන විට නුඹලාගේ ගමනෙහි අල්ලාහ්ගේ දූතයාණන් සමග නුඹලා පිටත් ව යෑම ගැන නුඹලා තෘප්තියට පත් නොවන්නෙහු ද? හිජ්රතය නොවී නම් මම ද අන්සාර්වරුන්ගෙන් කෙනෙකු වී සිටිමි. ජනයා මිටියාවතක හෝ කදු පාමුලක ගමන් කළේ නම් මම අන්සාර්වරුන් සමග මිටියාවතෙහි හෝ කදු පාමුලෙහි ගමන් කරමි. අන්සාර්වරු සංකේතයකි. ජනයා වස්ත්‍රයක් මෙනි. නියත වශයෙන්ම මගෙන් පසු ව නුඹලා මහිමයන් ලබනු ඇත. එහෙයින් නුඹලා හවුලුල් කව්සර්හි මා මුණ ගැසෙන තෙක් ඉවසීමෙන් සිටිනු යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහුනෙය්න් යුද්ධයේදී ඝනීමත් හෙවත් -යුද්ධයෙන් අත්පත් කරගත් දෑ බොහෝමයක් නබි මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සතු කර දෙමින් අල්ලාහ් එතුමාට ජය ලබා දුන් කල්හි, තාඉෆ් බලකොටු අතහැර දැමුවායින් පසු නැවතත් ඒ වෙත පැමිණියේය. එනම් එහි වූ ඝනීමත් භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහාය. එහි ඝනීමත් භාණ්ඩ බොහෝමයක් විය. ඒ අතුරින් ගොවිපල සතුන් විශාල සංඛ්‍යාවක් විය. ඔටුවන් හාරදහසක් හා එළුවන් එකසිය විස්සකට වඩා අධිප ප්‍රමාණයක් එකතු වූ විට, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉස්ලාමයට පිවිසුණු නවකයින් අතර සෙනෙහස ගොඩනගනු පිණිස ඒවා පිරිනැමූහ. නමුත් ඇතැම් අන්සාර් සහාබාවරු ඊට කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් අතර වූ ශ්‍රේෂ්ඨයින් අල්ලාහ්ගේ දූතයාණන් සිදු කළ දෑ නිවැරදි දෙයක් බව වටහා ගත්හ. අපව අතහැර දමා, අපගේ අසිපත් ඔවුන්ගේ ලේවලින් තැවරුණු පිරිසකට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඝනීමත් භාණ්ඩ පිරිනමා ඇතැයි යනුවෙන් ඔවුන් කළ ප්‍රකාශය එතුමාට ආරංචි විය. එවිට එතුමා උස් තැනකට ඔවුන් ඒකරාශී කරන මෙන් නියෝග කළහ. පසුව ඔවුහු ඒකරාශී වූහ. ඔබලා ගැන මට ආරංචිවූ ප්‍රකාශය කුමක්ද? මෙසේ අවසානය දක්වා පවසමින් ඔවුනට විස්තර කළහ. ඔවුන් තමන්ට උපකාර කළ බැවින්ද ඉස්ලාමය වෙත පැමිණි බැවින්ද එතුමා එසේ ඔවුන් පිළිගත් බව වටහා දුන්හ. එවිට ඔවුන්ගේ සිත් සැනසුමට පත් විය. තමන් වියදම් කළ දෑ හා තමන් ඉදිරිපත් කළ දෑ සඳහා මතුලොවෙහි අල්ලාහ් තමන්හට එය රැස් කර ඇති බව පවසමින් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඔවුන්ගේ සම්බන්ධතාව ඇති කර තිබීමත් එතුමා නැවත ඔවුන් වෙත පැමිණ තිබීමත් ඊට වඩා අති මහත් බව වටහා ගත්හ. පසුව ඔවුනට අත්වූ මෙම බලපෑම මත ඉවසා සිටින මෙන් ඔවුනට නියෝග කළහ. තය්සීරුල් අල්ලාම් (පිටුව 306) තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/403) තඃසීසුල් අහ්කාම් (3/197)
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ රමළාන් මාසයේ මැද දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එවිට පොදු ජනයා ද ඉඃතිකාෆ්හි රැඳී සිටියහ. එසේ 21 වැනි දින රාත්රියය දක්වාම විය. (එය උදෑසන තම ඉඃතිකාෆ් හි සිට පිටත් වන රාත්‍රිය විය.) එවිට එතුමාණෝ “කවරෙකු මා සමග ඉඃතිකාෆ් සිටියේ ද ඔහු අවසන් දින දහයේ ද ඉඃතිකාෆ් සිටිත්වා! හේතුව සැබැවින්ම එම රාත්‍රිය මට පෙන්වන ලදී. පසු ව එය මට අමතක කරන ලදී. එහි උදෑසන ජලය හා වැලි මත මම සුජූද් කරනු දුටුවෙමි. එබැවින් අවසන් දින දහයේ එය නුඹලා සොයාගනු. සෑම ඔත්තේ දිනයකම එය සොයනු“ යැයි පැවසූහ. එවිට එදින රාත්‍රියේ අහසින් වැසි ඇද වැටිණ. මස්ජිදය අතු සෙවිලි කරන ලද්දක් විය. මස්ජිදය ජලයෙන් තෙත් වින. 21 වැනි දින සුබ්හු කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ නළල මත ජලය හා වැලි තිබෙනු මාගේ ඇසින් දුටුවෙමි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වා සිටියි.නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ රමළාන් මාසයේ ලය්ලතුල් කද්ර් රාත්‍රිය අපේක්ෂාවෙන් මැද දින දහයේ ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියහ. එතුමාගේ සිරිත මෙන්ම ජනයා ද ඉඃතිකාෆ්හි රැඳී සිටියහ. එසේ 21 වැනි දින රාත්‍රිය දක්වාම විය. එය උදෑසන තම ඉඃතිකාෆයෙන් පිටත් වන රාත්‍රිය විය. පසුව එතුමාණන්ට සැබැවින්ම ලය්ලතුල් කද්ර් රාත්‍රිය අවසන් දින දහයේ පිහිටා ඇති බව දැනගන්නට විය. පසුව එතුමාණෝ: කවරෙකු මා සමග මැද දින දහයේ ඉඃතිකාෆ් සිටියේ ද ඔහුගේ ඉඃතිකාෆය තව දුරටත් පිළිපදිත්වා අවසන් දින දහයේ ඔහු ඉඃතිකාෆ් සිටිත්වා යැයි පැවසූහ. සැබැවින්ම අල්ලාහ් එය එතුමාට සිහිනෙන් පෙන්වූ බවත් පසුව එය අමතක කරනු ලැබු බවත් නමුත් සිහිනෙන් එම වසරේ සලකුණු දුටු බවත් දන්වා සිටියේය. එය සුබ්හු සලාතයේදී දිය මත හා වැල්ල මත එතුමා සුජූද් කිරීමය. පසුව අල්ලාහ් නබි තුමාණන්ගේ සිහිනය සැබෑ කළේය. 21 වැනි රාත්‍රියේ අහසින් වැසි ඇද වැටිණ. එතුමාගේ මස්ජිදය ශාලාවක හැඩයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ලක් විය. එහි කණු ඉඳි ගස්වල කඳන් විය. එහි වියන ඒවායෙහි කොළවලින් විය.මස්ජිදයේ වර්ෂාවේ සලකුණු රැඳි තිබිණ. ඒ අනුව 21 වැනි දින සුබ්හු කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජලයේ හා වැල්ලේ සුජූද් කරන්නට විය. තය්සීරුල් අල්ලාම් (පිටුව 349) තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/472) තඃසීසුල් අහ්කාම් (3/292)