





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු වටා එක්රැස් වී සිටින පිරිසක් දුටුහ. ඔහුට හෙවණ ලබා දෙමින් තිබිණ. එවිට එතුමාණෝ "මේ කුමක් ද?" දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසකරුවකු වේ." යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ ගමනක දී උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි." යැයි පැවසූහ. තවත් ප්‍රකාශයක: "ඔබට අල්ලාහ් පිරිනමා ඇති සහනයන් පිළිපැඳීම ඔබ සතු වගකීමකි" යැයි පවසා ඇත්තාහ.
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගමනක නිරත වී සිටියහ. එවිට එතුමාණෝ මිනිසකු දුටුහ. ඔහු වටා මිනිසුන් එක්රැස් වී හිරු රෂ්මියෙන් හෙවණ ලබා දෙමින් සිටියහ. ඔහු අධික තිබහයකින් පසු විය. එවිට එතුමාණෝ ඔහුට කුමක් සිදු වී ඇත්තේ දැයි විමසූහ. ඔවුහු 'ඔහු උපවාසයේ නිරත ව සිටින අයෙකි' යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ 'ගමනක උපවාසයේ නිරත වීම යහපත් කටයුතු අතුරින් නොවන්නකි. ඔබට අල්ලාහ් ලබා දී ඇති අවකාශයන් (සහනයන්) පිළිපැඳීම ඔබ සතු වගකීමකි' යැයි පැවසූහ.
අබූ දර්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දැඩි උෂ්ණත්වයක් පැවති රමළාන් මාසයක අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සමග පිටත්ව ගියෙමු. අප අතුරින් ඇතැමුන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් තම අත තම හිස මත තබන තරම් විය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා හා අබ්දුල්ලා ඉබ්නු රවාහා තුමා හැර උපවාසයේ නිරතව සිටින වෙන කිසිවකු අප අතර නොවීය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබූ දර්දා තුමා මෙසේ දන්වා සිටියි. තමන් රමළාන් මාසයේ ගමනක් සඳහා පිටත්ව ගියෝය. එය දැඩි උෂ්ණත්වයක් සහිත දිනයක් විය. ඒ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මිනිසා ඉන් ආරක්ෂා වීමට තම අත තම හිස මත තබන තරම් එය දැඩිව පවතින. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා අබ්දුල්ලාහ් ඉබ්නු රවාහා අල් අන්සාරී -රළියල්ලාහු අන්හු- තුමා හැර උපවාසයේ නිරතවුනු වෙන කිසිවකු නොවීය. ඔවුන් දෙදෙනා එම උෂ්ණත්වය දාරා ගෙනම උපවාසයේ නිරත වූහ. හානියක සීමාව වෙත ළඟා නොවන තරම් දුෂ්කරත්වයක් දරා ගත හැකි නම් ඒ සමග ගමනේදී උපවාසය රැකීමට අනුමැතිය ඇති බව මෙම හදීසය පෙන්වා දෙයි. තය්සීරුල් අල්ලාම් (පිටුව 327), තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/432), තඃසීසුල් අහ්කාම් (3/241)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාව ජයග්‍රහණය ලැබූ වසරේ කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබීර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළේය. "සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත." එවිට මෙසේ විමසන ලදී: "අල්ලාහ්ගේ දූතයාණනි, මිය ගිය සතුන්ගේ මේදය ගැන ඔබේ අදහස කුමක් ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් පහන් ආලෝකවත් කරති. එවිට එතුමාණෝ 'නැත, එය තහනම් වේ' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. "අල්ලාහ් යුදෙව්වන් විනාශය කර දැමූහ. ඒවායෙහි මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් පරිභෝජනය කළහ."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවේ සිටිය දී ෆත්හ් ජයග්‍රහණය ලැබූ වසරේ කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා ජාබීර් ඉබ්න් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කළේය. සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයා මත්පැන්, මියගිය සතුන්, ඌරන් සහ පිළිම විකිණීම තහනම් කර ඇත. යැයි එතුමාණන් පවසා සිටි විට "අල්ලාහ්ගේ දූතයාණනි! මිය ගිය සතුන්ගේ මේදය අනුමත ද? සැබැවින්ම එමගින් බෝට්ටු ආලේප කරනු ලැබේ. සම් අලේප කරනු ලැබේ. මිනිසුන් එමගින් ඔවුන්ගේ පහන් දල්වති." යැයි පවසන ලදී. එවිට එතුමාණෝ 'නැත, එය විකිණීම තහනම් ය' යැයි පැවසූහ. පසුව එම අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවසූහ. අල්ලාහ් යුදෙව්වන්ට ශාප කර ඔවුන් විනාශ කර දැමිය. සතුන්ගේ මේදය අල්ලාහ් තහනම් කළ කල්හි, ඔවුන් එය උණු කර, පසුව එය විකුණා ඉන් ලැබෙන ලාබයෙන් අනුභව කළෝය.
දිර් ඉබ්නු හුබෙයිෂ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී තුමා වෙත පැමිණියෙමි. මම ඔහුගෙන් පා උර දෙක මත පිරිමැදීම ගැන විමසා සිටියෙමි. එවිට ඒතුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට මම '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන තැනැත්තාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑ ගැන තෘප්තියට පත්වන බැවිනි.' යැයි පැවසීය. එවිට මම 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතරින් කෙනෙකු වූ බැවින්, මම ඔබ වෙත පැමිණියේ ඒ ගැන විමසන්නටය. ඒ ගැන එතුමාණන් යමක් සඳහන් කරනවා ඔබ අසා තිබේද?’ යැයි ඇසුවෙමි. එතුමා: 'එසේය අපි ගමනක නිරතව සිටිය දී -අපි මගීන් ලෙස සිටිය දී- දින තුනක් හා රාත්‍රී තුනක් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන කටයුත්තක දී හැර අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම යනාදියෙහි එය පිළිපැදිය යුතු වේ. යැයි කීහ. 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. එතුමා: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා ඔ් මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ හා සමාන හඬකින් ඔහු අමතා 'අහෝ එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ‘ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරිපිටය. එබැවින් ඔබේ හඬ පහත් කරන්න, මෙය ඔබට තහනම් කර ඇත්තකි.' යැයි පැවසුවෙමු. ඔහු: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘මිනිසෙකු ජනතාවකට ආදරය කරයි, නමුත් ඔහු ඔවුන් සමඟ එකතූ වන්නේ නැත.?’ යැයි විමසීය. එතුමාණෝ: "මිනිසෙකු විනිශ්චය දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. ඔහු: 'අස්වයෙකු මතවී, එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි පළලකින් යුත් බටහිර දෙසින් පිහිටා ඇති දොරටුවක් ගැන අපට සඳහන් කරමින්ම සිටියේය.'
رواه الترمذي وابن ماجه وأحمدදිර් ඉබ්නු හුබෙයිෂ් තුමා සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී රළියල්ලාහු තුමා වෙත පැමිණ පා උර දෙක මත පිරිමැදීම ගැන ඔහුගෙන් විමසා සිටියේය. එවිට සෆ්වාන් තුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට ඔහු '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි දර් පැවසුවේය. එවිට ඔහු: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන ශිෂ්‍යාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑට ගරු කිරීමක් හා ප්‍රිය කිරීමක් ලෙසිනි' යැයි පැවසීය. එවිට දිර් තුමා 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතුරින් කෙනෙකි. එබැවින්, මම ඔබ වෙත පැමිණියේ එතුමාණන් ඒ ගැන කුමක් පවසා ඇත්තේ දැයි අසා දැන ගැනීමටය.' යැයි පැවසීය. සෆ්වාන් තුමා මෙසේ පැවසීය: 'එසේය. අපි මගීන් ලෙස සිටිය දී මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම වැනි සුළු කිලිටි තත්ත්වයක් උදා වුව ද දින තුනක් හා රාත්‍රී තුනක් අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. නමුත් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන තත්ත්වයක දී එවිට එය ගැලවා දැමිය යුතුය.' යැයි කීහ. නැවත මම 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. ඔහු: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා අහෝ මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුගේ හඬට සමීප උස් හඬකින් ඔහු අමතා 'එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ඔබට විනාශය වේවා! ඔබේ හඬ පහත් කරන්න. ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ බව දැනගන්න. එතුමාණන් ඉදිරියේ උස් හඬින් කතා කිරීම ඔබට තහනම් කර ඇත.' යැයි පැවසුවෙමු. ඔහු රළු හඬින්: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසෙකු දැහැමි ජනතාවකට ආදරය කරයි. නමුත් ඔවුන්ගේ කටයුතු මෙන් ඔහු ක්‍රියා නොකරයි. එතුමාණෝ: "මිනිසෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. දිර් තුමා: 'අසරුවෙකුට එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි, බටහිරින් හිරු නැඟෙන තුරු එය වසා නොදැමන පාපක්ෂමාව සඳහා අල්ලාහ් අහස සහ මහපොළොව මැවූ දිනයේ සිරියාව දෙසින් නිර්මාණය කළ දොරටුවවක් ගැන සෆ්වාන් තුමා අපට සඳහන් කරමින්ම සිටියේය.'
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයෙහි දේව ප්රතික්ෂේපකයින් සමග වූ අරගලයක දී උපක්‍රම හා උපාය මාර්ග භාවිත කිරීමේ අනුමැතිය සඳහන්ව ඇත. හේතුව නියත වශයෙන්ම එය ඉස්ලාමයට හා එහි වැසියන්ට ප්‍රයෝජන සැළසීම තහවුරු කරන්නක් වන බැවිනි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමාද අබූ කතාදා -රළියල්ලාහු අන්හු- තුමාද අබූ ඉබ්රාහීම් අල් අෂ්හලී තුමා තම පියාගෙන් ද පියා තම සීයාගෙන්ද ලබා තිබූ හදීසය මෙසේ වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජනාසාවක් මත මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم اغفر لحينا وميتنا، وصغيرنا وكبيرنا، وذكرنا وأنثانا، وشاهدنا وغائبنا، اللهم من أحييته منا فأحيه على الإسلام، ومن توفيته منا فتوفه على الإيمان، اللهم لا تحرمنا أجره، ولا تفتنا بعده අල්ලාහුම්මග්ෆිරි ලිහය්යිනා වමය්යිතිනා වසගීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ ෆඅහ්යිහී අලල් ඉස්ලාම්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තෆ්තිනා බඃදහූ. තේරුම: අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමය මතම ජීවත් කරවනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකු මරණයට පත් කරන්නේද ඔහුව දේව විශ්වාසය මත මරණයට පත් කරනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව පරීක්ෂාවට ලක් නොකරනු මැනව.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් යන සියලු දෙනා හට සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමීය ෂරීආව පිළිපඳිමින් ජීවත් වන්නට ඉඩ සළසනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකුගේ ප්‍රාණය අත්පත් කර ගන්නේද ඔහුව දේව විශ්වාසය මත එය අත්පත් කර ගනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව නොමඟ නොයවනු මැනව. යන අර්ථයෙන් යුත් ප්‍රාර්ථනාව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රාර්ථනා කොට ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
رواه مسلمව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, ව්‍යාංජනය වැඩි කර අසල් වැසියන් සොයා බලා ඔවුන් අතර ද එය බෙදා දෙන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා අබුදර් අල්-ගිෆාරී (රළියල්ලාහු අන්හු) තුමාව දිරි ගැන්වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((නියත වශයෙන්ම අෂ්අරීන්වරු යුද්ධයේදී යුධ මෙවලම් හිග වූ විට හෝ මදීනාවේ ඔවුන්ගේ පරපුරට ආහාර අඩු වූ විට හෝ ඔවුන් ළග තිබෙන දෑ එක් රෙද්දකට දමා එක්රැස් කොට පසුව ඔවුන් එය එක් භාජනයක් තුළින් සමාන සේ ඔවුන් අතර බෙදා ගනිති. එහෙයින් ඔවුන් මාගෙන් වූවන්ය. මා ද ඔවුන්ගෙන් වෙමි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියත වශයෙන්ම අෂ්අරීන්වරු වනාහි අබූ මූසා-රළියල්ලාහු අන්හු- තුමාගේ ජනයාය.ඔවුන්ගේ ආහාර හිඟ වූ විට හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා යුද්ධයට සහභාගී වූ විට හෝ ඔවුන්ගේ ආහාර එක්රැස් කොට එය සමාන සේ ඔවුන් අතර බෙදා හරිති. එහෙයින්, අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-වෙත සෙනෙහසින් හා ගෞරවයෙන් යුතුව සම්බන්ධකම් පැවැත්වීමට ඔවුහු සුදුසුකම් පෑවෝය.එතුමා -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-ද මෙම උදාර ගුණාංගය පිළිබඳ දිරි ගන්වමින් එය පිළිපැදීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින් ඔවුන්ගේ මාර්ගයේ සිටම ඔවුන් සමග කටයුතු කළහ.
ඉම්රාන් ඉබ්නු හුසෙයින් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම ජුහය්නා ගෝත්‍රයේ කාන්තාවක් දුරාචාරයේ හැසිරී ගැබ්ගත් තත්ත්වයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, දඬුවම් විඳින තත්ත්වයට මම පත්ව ඇත්තෙමි. එහෙයින් මා වෙත එය ක්‍රියාත්මක කරනු යැයි පවසා සිටියාය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇයගේ භාරකරු කැඳවා: ඔබ ඇය වෙත යහපත් අයුරින් කටයුතු කොට, ඇය දරුවා ප්‍රසූත කළ විට ඇය කැටුවාගෙන මා වෙත එන්න යැයි පැවසූහ. ඔහුද ඒ අයුරින්ම සිදු කළේය. පසුව ඇයට (දඬුවම ක්‍රියාත්මක කරන මෙන්) නියෝග කළහ. පසුව ඇයව ඇගේ රෙදි කඩකින් බැඳ දමන ලදී. පසුව ඇය සම්බන්ධයෙන් නියෝග කොට ඇයට ගල් ගසන ලදී. පසුව ඇය වෙත (ජනාසා) සලාතය ඉටු කළහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඉම්රාන් ඉබ්නු අල් හුසයෙින් -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයේ මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම කාන්තාවක් දුරාචාරය හේතුවෙන් ගැබ්ගත් තත්ත්වයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, දඬුවම් විඳින තත්ත්වයට මම පත්ව ඇත්තෙමි. එහෙයින් මා වෙත එය ක්‍රියාත්මක කරනු" යැයි පවසා සිටියාය. ඇය අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් තමන් වෙත දඬුවම ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටියාය. එනම්, එය ගල්ගසා මැරීමේ දඬුවමය. හේතුව ඇය විවාහක කාන්තාවක් වූ බැවිනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇයගේ භාරකරු කැඳවා: ඔබ ඇය වෙත යහපත් අයුරින් කටයුතු කර, ඇය දරුවා ප්‍රසූත කළ පසු ඇය කැටුවාගෙන මා වෙත එන්න යැයි පැවසූහ. "ඔබ ඇය වෙත යහපත් අයුරින් කටයුතු කරන්න“ යනුවෙන් කළ ප්‍රකාශය වනාහි ඔවුන්ගෙන් ඇයට ඇතිවන ලැජ්ජාව හා ක්‍රෝධය පිළිබඳ බියක් එතුමා තුළ ඇති වූ බැවිනි. ඔවුන්ගෙන් ඇතිවන නින්දාව ඇයව වේදනාවට පත් කරනු ඇත. එහෙයින් එයින් වැළකී සිටින මෙන් ඇය සම්බන්ධයෙන් ඔහුට උපදෙස් දුන්හ. එවිතරක් නොව ඇය පිළිබඳ වූ විශේෂ කරුණාවක් ද එයට හේතු විය. එය ඇය පාපක්ෂමාව ඇයද සිටි උදාර කාන්තාවක් වූ බැවිනි. ඇය මෙන් කාන්තාවන් පළවා නොහරිනු පිණිසත් වේදනාව ගෙන දෙන ප්‍රකාශයන් එවන් කාන්තාවන් සවන් නොදෙනු පිණිසත් මිනිසාගේ සිත් සතන් තුළ යහපත ඇති කර ගන්නා මෙන් දිරිගැන්වූහ. අනතුරුව ඇය දරුවා ප්‍රසූත කළ පසුව අතදරුවා කිරිවරන තෙක් ප්‍රමාද වී පැමිණෙන මෙන් නියෝග කළහ. පසුව අතදරුවා කිරිවැරූ පසු ඇය පැමිණියාය. පසුව එතුමා හද් දුරාචාරයේ දඬුවම ඇය වෙත ක්‍රියාත්මක කළහ. ඇයව ඈ සතු රෙදි කඩකින් බැඳ දමන මෙන් නියෝග කළහ. එය ඇයට ගල් ගසන විට ඇය දගලා ඇයගේ රහස් පෙදෙස් නිරාවරණය නොවනු පිණිසය. පසුව ඇය සම්බන්ධයෙන් දඬුවම ක්‍රියාත්මක කරන මෙන් නියෝග කොට ගල් ගසන ලදී. පසුව ඇය මත (ජනාසා) සලාතය ඉටු කළහ.