





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් මා වෙත පැමිණ යමක් ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් මා ළඟ තිබුණේ නැත. එය මම ඇයට දුනිමි. ඇය එය දරුවන් දෙදෙනා අතර බෙදු දුන්නාය. පසුව නැගිට පිටව ගියාය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ඇය එතුමාණන් සමග මේ ගැන කතා කළා ය. එවිට එතුමාණෝ "මෙම ගැහැණු දරුවන්ගේ කටයුත්තක් කවරෙකු භාරගෙන ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කළේ ද ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට ඔවුන් පත් වනු ඇත." යැයි පැවසුහ.
متفق عليهමුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඇත්තෙන්ම ගැහැණු දරුවන් දෙදෙනෙකු සමග කාන්තාවක් ඇය වෙත පැමිණ කෑමට යමක් තමන්ට දෙන ලෙස ඉල්ලා සිටියාය. එක් රට ඉඳි ගෙඩියක් හැර වෙනත් කිසිවක් ආඉෂා (රළියල්ලාහු අන්හා) සතුව තිබුණේ නැත. ඇය එය ඇයට දුන්නාය. එම කාන්තාව ඉන් කිසිවක් අනුභව නොකර එම රට ඉඳි ගෙඩිය එම දරුවන් දෙදෙනා අතර බෙදා දුන්නාය. පසුව නැගිට පිටව ගියා ය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතුළට පැමිණි අතර ආඉෂා තුමිය එතුමාණන් සමග මේ ගැන පවසා සිටියා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ: "කවරෙකු මෙම ගැහැණු දරුවන්ගේ යම් කටයුත්තක් භාරගෙන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කර, ඔවුන් හදාවඩා ගෙන, ඔවුනට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් සපයා, ඒ කටයුතු සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්නේ ද ඔවුන් ඔහුට අපා ගින්නෙන් වූ ආවරණයක් බවට පත් වනු ඇත."
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.
متفق عليهමුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතයට පෙර ස්වේච්ඡා සලාතයේ රකආත් දෙක පුරුද්දක් ලෙස ඉතා කැමැත්තෙන් හා සුරක්ෂිතව ඉටු කළා මෙන් වෙනත් කිසිදු අමතර සලාතයක් ඉටු කළේ නැත.
මුආදා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදියෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
متفق عليهමුඃමින්වරුන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නොකරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි මුආදා අල්-අද්විය්යා තුමිය විමසා සිටියාය. එවිට එතුමිය ඇයට මෙසේ පවසා සිටියාය ය: "ඔබ මුරණ්ඩුකමින් හා දැඩි බවින් අධික ලෙස ප්‍රශ්න කර සිටින ඉස්ලාමයෙන් බැහැර වූ හරූරිය්යාවාදීන් අතරින් කෙනෙක් දැ?"යි විමසා සිටියා ය. "මම හරූරිය්යා වාදියෙකු නොවෙමි. නමුත් මම මෙසේ විමසා සිටිමි." එතුමිය මෙසේ ප්‍රකාශ කළා ය. "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමු. එවිට උපවාසය නැවත ඉටු කිරීමට නියෝග ලැබුවෙමු. නමුත් සලාතය ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු."
උම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම ආහාර නොගන්නා තම කුඩා දරුවා සමග අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඇය පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ දරුවා වාඩි කරවීය. එවිට ඔහු එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. එය සෝදා හැරියේ නැත."
متفق عليهඋම්මි කයිස් බින්ත් මිහ්සන් (රළියල්ලාහු අන්හා) තුමිය ළදරු වියේ පසු වූ ආහාර ගැනීමට එතෙක් ආරම්භ නො කළ තම කුඩා දරුවා සමග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියා ය. පසුව එතුමාණන් තම උකුලේ ඔහුව වාඩි කරවීය. එවිට එම ළදරුවා එතුමාණන්ගේ ඇඳුමේ මූත්‍රා කළේය. පසුව එතුමා ජලය ගෙන්වා ගෙන එය මත ඉසූහ. නමුත් එතුමාණන් එය සෝදා හැරියේ නැත."
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එතුමා, "ඔබ ඔබේ ධනය ඔහුට නොදිය යුතුයි." යැයි පැවසූහ. ඔහු, "මා සමග අරගල කරන්නට වූයේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමා, "ඔබ ද ඔහු සමග අරගල කළ යුතුයි" යැයි කීහ. "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එවිට, "ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි ඔහු විමසුවේය. "ඔහු නිරයට අයත් කෙනෙකු වේ" යැයි එතුමාණෝ පැවසූහ.
رواه مسلمඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ මෙසේ පැවසීය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද? එතුමාණෝ, "ඔබ ඔබේ ධනය ඔහුට භාරදීමට හෝ පිරිනැමීමට හෝ ඔබ බැඳී නැත" යැයි පැවසූහ. ඔහු, "මා සමග ඔහු අරගල කරන්නට බලන්නේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමාණෝ, "ඔබ ද ඔහු සමග අරගල කිරීමට ඔබට අවසරය ඇත" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "එවිට ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. ඔහු මෙසේ විමසීය: "මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" එතුමාණෝ, "ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ දඬුවම් ලබන්නට සුදුස්සෙකු වීය" යැයි පැවසූහ.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බව අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දානයෙන් උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ, නවාතැනක සෙවණ සැලසීම, අල්ලාහ්ගේ මාර්ගයේ සේවය කරන්නා සඳහා පිරිනමන ප්රදානය හා අල්ලාහ්ගේ මාර්ගයේ ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පිරිනැමීම.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: මිනිසෙකු කරන සදකා අතුරින් වඩාත් උතුම් වනුයේ මෙම කරුණු තුනය. එනම් නවාතැන් සැලසීම, සේවකයාට කරන ප්රදානය හා ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පරිත්‍යාග කිරීම වේ. මෙය අල්ලාහ්ගේ මාර්ගයේ අරගලයක යෙදී සිටීන මුජාහිද්වරයකුට පිරිනැමුව ද ඔවුන් හැර අවශ්‍යතා අැත්තන් හට පිරිනැමුවද එක සමානය. හේතුව නියත වශයෙන්ම එය අල්ලාහ්ගේ මාර්ගයෙන් වූවක් බැවිනි. එවකට ජනයාට අවශ්‍ය වී තිබුණු වැදගත්ම කරුණු මේවා වී තිබිය හැක. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මේ සම්බන්ධයෙන් ඔවුන් දිරිගන්වා ඇත. නමුත් දැන් මිනිසාගේ අවශ්‍යතා විවිධය. මේවායෙහි අඩුවක් තිබුණ ද විවිධ ප්‍රදේශවල මේවා දැක ගන්නට පුළුවන. නීතිය බහුත්වයට මුල් තැන දීමය. මෙම හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසයට සමානය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බව ඇය මෙසේ දන්වා සිටින්නීය: අහෝ ආඉෂා! රට ඉඳි නැති නිවස එහි වැසියන් කුසගින්නෙන් පෙළෙන්නන් වෙති. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. ෂෙයික් ඉබ්නු බාස් තුමා: සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ කාලයේ විසූ මදීනා වැසියන් හා ඔවුනට සම කාලීන වූ ජනයා තම ප්‍රධාන ආහාරය රට ඉඳි කරගත් උදවිය මෙන් කවරෙකුගේ ප්‍රධාන ආහාරය රට ඉඳි වන්නේ ද එවැන්නන් සම්බන්ධ වූවක් යැයි විද්වතුන් මත දරති.
අල් බර්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත ආයුධයක් සඟවාගෙන මිනිසෙකු පැමිණ “අල්ලාහ්ගේ දූතයාණනි, මම සටන් කරමි. එසේ නැතිනම් මම දෙවිඳුන්ට යටත් වෙමි යැයි පැවසූහ. එතුමාණෝ: දෙවිඳුන්ට යටත් වනු පසුව සටන් කරනු යැයි ඔහුට පැවසූහ. පසුව ඔහු දෙවිඳුන්ට යටත් වී පසුව සටන් කොට ඝාතනය කරනු ලැබීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා “ස්වල්පයක් ක්‍රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලබා ගත්තේය.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමිනිසෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමඟ ජිහාද් කිරීමේ අපේක්ෂාවෙන් ආයුධයක් රැගෙන එතුමා වෙත පැමිණයහ. ඔහු එය සඟවාගෙන සිටියේය. එවිට ඔහු ඉස්ලාමය වැළඳ ගෙන සිටියේද නැත. ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි, මම ජිහාද් කොට පසුව ඉස්ලාමය වැළඳ ගන්නද එසේ නැතිනම් ඉස්ලාමය වැළඳ ජිහාද් කරන්න දැයි විමසා සිටියේය. එවිට එතුමා ඔබ ඉස්ලාමය වැළගන්න. පසුව ජිහාද් කරන්නැයි පැවසුහු. පසුව එම පුද්ගලයා ඉස්ලාමය වැළද ජිහාද් කළහ. ඔහු ඝාතනය කරනු ලබන තෙක්ම සටන් කළහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “අඩුවෙන් ක්‍රියා කොට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත්තේය යැයි පැවසූහ. එනම් එය ඔහුගේ ඉස්ලාමය වැළදගත් කාලය සංසන්දනය කරමිනි. ඔහු ඉස්ලාමය වැළදගත් කාලය හා ඔහු ඝාතනය ලක් වූ කාලය අතර තිබුණේ කුඩා කාලයකි. ඒ සමගම ඔහු මහත් ප්රතිලාභ හිමි කරගත්හ. හේතුව අඅල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරනුයේ ඔහුගේ වදන දන්වා සිටිනු පිණිසය. එය සෙසු ක්‍රියාවන්ට වඩා උතුම් හා මහත් කුසල් ගෙන දෙන්නකි.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් මම ඔබලාට වඩා අධික උනන්දුවක් දරමි.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම: සැබැවින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දත් පිරිසිදු කිරීමේ දැහැටිය භාවිතා කිරීම සම්බන්ධයෙන් හා එහි අඛණ්ඩව නිරතව සිටීම සම්බන්ධයෙන් එතුමාගේ සෙසු සමූහයාට වඩා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා ඇත්තාහ. එය වඩාත් සතුටු දායක ක්‍රියාවක් මිස බලකිරීමක් නොවේ. එය, එහි ඇති ප්‍රයෝජන හා අතිමහත් මහිමයන් හේතුවෙනි. එහි වැදගත්කම හේතුවෙන් සැබැවින්ම තමන් පරමාධිපතිගේ පිළිගැනීමට ලක් වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. (ඉල්ලා සිටීමෙහි බලපෑම් නොකරන්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ අතුරින් කිසිවකු මගෙන් කිසිවක් (බලෙන්) නොඉල්ලන්න.එවිට මගෙන් ඉල්ලා සිටි යමක් ඔහුට නිකුත් කරනු ලැබෙයි. නමුත් එය මම පිළිකුල් කරමි. එහෙයින් මා පිරිනැමූ දෑහි (පමණක්) අභිවෘද්ධිය ඇත.)
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඉල්ලීමෙහි බලකරමින් බැගෑපත්ව ඉල්ලා සිටීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වැළැක්වූ බව මුආවියා -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටියි. එනම් එහි නිරතව සීමාව ඉක්මවා නොයාමය. ඉල්ලීමෙහි කවරෙකු ඉක්මවා යන්නේ ද එවිට ඔහු එහිම වෙළී යයි. මෙසේ බැගෑපත්ව බලෙන් ඉල්ලා සිටීම, දෙනු ලබන දෑහි අභිවෘද්ධිය පහකරයි. පසුව එතුමා තමන්ගෙන් යමක් නොඉල්ලන මෙන් අල්ලාහ් මත දිවුරා පැවසූහ. එනම් ඔවුන් අතුරින් වූ කිසිවකු යමක් බැගෑපත්ව බලෙන් ඉල්ලා, තමන් පිළිකුල් කරන තත්ත්වයේ එය නිකුත් වූයේ නම්, එහි අභිවෘද්ධියක් නොවනු ඇත. එනම් තමන් විසින් යමක් (කැමැත්තෙන්) පිරිනැමූ දෑහි අභිවෘද්ධිය ඇති නමුත් කිසියම් හෝ දෙයක් බැගෑපත්වීමකින් පතා පිරිනමනු ලැබුවේ නම් එහි අභිවෘද්ධිය නොලබන්නේමය.