





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළහ. මම දුරස්වන්නට බැලුවෙමි. එවිට එතුමා තමන් වෙත ළං වන මෙන් පවසා සිටියහ. පසුව මම එතුමාණන්ගේ විළුඹු දෙක අසළ සිට ගන්නා තරමටම සමීප වූයෙමි. පසුව එතුමාණෝ වූළු ධෝවනය කර, (එහි දී) එතුමාණන්ගේ පා ආවරණ දෙක මත එතුමාණෝ (ජලයෙන්) පිරිමැද්දාහ.“
متفق عليهසැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටි බවත්, එතුමාණන්ට මූත්‍රා කිරීමට අවශ්‍ය වී එතුමාණෝ පිරිසකගේ කසල දමන ස්ථානයකට පිටව ගිය බවත් - එය කසල මෙන්ම නිවසේ අතුගා දමන වැඩි රොඩු දමන ස්ථානයකි - එහි එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළ බවත් දන්වා සිටියේය. බොහෝ වේලාවට එතුමාණන්ගේ සිරිත වාඩි වී මූත්‍රා කිරීම ය. එවිට හුදෙයිෆා තුමා එතුමාණන්ගෙන් වෙන්ව ඈතට යන්නට බැලුවේය. එවිට එතුමාණෝ සමීපයට එන මෙන් ඔහුට පවසා සිටි අතර එතුමාණන්ගේ පිටුපසින් එතුමාණන්ගේ දෙපා පිටුපසෙහි සිටගන්නා තරමට හෙතෙම සමීප විය. එසේ සිදු කළේ එම තත්ත්වයේ එතුමාණන් දෙස අනෙක් අයගේ නෙත් යොමු නොවනු වස් ඔහු තමට තිරයක් සේ සිටිනු පිණිසය. පසු ව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ වුළු ගත්හ. එතුමාණන් දෙපා සෝදන අවස්ථාවේ තම සපත්තු උර දෙක මත පිරි මැදීමෙන් එය ප්‍රමාණවත් කර ගත්හ. ඒ දෙක දෙපා ආවරණය වන සේ පැළද සිටි සිනිදු හමින් නිෂ්පාදන කරනු ලැබූ සපත්තු උර දෙකක් විය. එතුමාණේ ඒ දෙක ගැලවූයේ නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසු වූ බැවින් ඔහු එතුමාණන්ගෙන් සෙමින් ඈත් වී ගොස්, ස්නානය කර ගත්තේය. එවිට එතුමාණෝ ඔහුව සොයන්නට වූහ. ඔහු එතුමාණන් වෙත පැමිණි කල්හි, එතුමාණෝ: “ඕ අබූ හුරෙයිරා!” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. "ඕ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා මුණ ගැසුණේ මම ජනාබත් තත්ත්වයේ සිටිය දීය. එහෙයින්, මා ස්නානය කරන තෙක් ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ යැයි කීහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාව මුණ ගැසුණහ. එවිට අබූ හුරෙයිරා පසුවූයේ ස්නානය අනිවාර්යය වූ ජනාබත් තත්ත්වයේ ය. තමන් සිටින්නේ නජීස් තත්ත්වයක යැයි සිතා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට කරන ගෞරවයක් ලෙස එතුමාණන් සමග වාඩි වී කතා කිරීමට පිළිකුල් කළේය. පසුව එතුමා සෙමින් ගොස්, ස්නානය කර, පසුව නැවත පැමිණ වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු කොහේ ගියේ දැයි ඔහුගෙන් විමසන්නට වූහ. පසුව ඔහු සිටි තත්ත්වය ගැන ඔහු එතුමාණන්ට දන්වා, ජනාබත් තත්ත්වයේ සිටිය දී එතුමාණන් සමග වාඩි වීමට හෙතෙම පිළිකුල් කළ බව ද දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පුදුමයට පත්ව මෙසේ පැවසූහ. "සැබැවින්ම මුඃමින්වරයෙකු පිරිසිදු ය. ඔහු ජීවත්ව සිටිය ද, මිය ගිය ද කවර තත්ත්වයක පසු වුව ද ඔහු අපිරිසිදු නො වන්නේය."
නුඃමාන් ඉබ්නු බෂීර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත” මුස්ලිම් හි එන තවත් වාර්තාවක “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- ලී දඬු සමාන්තර ව තබනවාක් මෙන් අපගේ පේළිද සකස් කරයි. අප ඒ ගැන අවබෝධ කර ගෙන ඇතැයි එතුමාණන් දකින තෙක් එසේ විය. අනතුරු ව දිනක් එතුමාණන් පිටතට පැමිණ (සලාතය සඳහා) තක්බීර් ප්‍රකාශ කරන්නට යනවාත් සමගම තම පපුව පේළියෙන් එපිටට තැබූ මිනිසෙකු දුටුහ. එවිට එතුමාණන් “අල්ලාහ්ගේ ගැත්තනි” නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර වෙන්වීම් ඇති කරනු ඇත.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතතම පේළි අතර ඍජුව සමාන්තරව සකසා නොගන්නේ නම් එසේ පේළි අතර ඇද ඇතිකළවුන් අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇතැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ තරයේ ප්‍රකාශ කොට ඇත. හේතුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉදිරියෙන් සිටින විට, ඔවුහු ඔවුන් අතර හිඩැස් ඇති කරවන්නට සළස්වති. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එය ප්‍රකාශයෙන් තම සහාභාවරු දැනුවත් කළහ. ක්‍රියාවෙන් ඔවුන් හැඩගැස්වූහ. තම අතින් ඔවුන් කෙළින් කරන්නට වූහ. ඔවුන් ඒ ගැන වටාහා ගෙන ඇත. අවබෝධ කර ගෙන ඇත යැයි එතුමාණන් සිතන තෙක් එසේ සිදු කළහ. එක් සලාතයකදී සහාබාවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතර පේළියේ තම පපුව ඉදිරියට නෙරපමින් සිටිනු දුටුහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෝප වී මෙසේ පැවසූහ. “නුඹලාගේ පේළි සමාන්තරව සකසා ගන්න. එසේ නොවේ නම් නුඹලා අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇත.“
අබ්දුල්ලාහ් ඉබ්නු බුහයිනා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ගේ සහගාමීන් අතුරින් කෙනෙකු විය. “නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. මුල් රකආත් දෙකින් පසු ව නැගිට සිටියහ. වාඩි නොවූහ. ජනයා ද එතුමාණන් සමගම නැගිට සිටියහ. අවසානයේ සලාතය නිමා විය. එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සහාබාවරුන්ට ලුහර් සලාතය මෙහෙය වූහ. මුල් රකආත් දෙක ඉටු කළ පසු පළමු තෂහ්හුද් සඳහා වාඩි නොවී නැගිට සිටියහ. මඃමූම්වරුද එසේ එතුමාණන්ව පිළිපැද්දාහ. අවසන් රකආත් දෙක ඉටු කළ පසුව අවසන් තෂහ්හුද් සඳහා වාඩි වූහ. එය අවසන් කළ පසු එතුමා සලාම් පවසනු ඇතැයි ජනයා බලාපොරොත්තුවෙන් සිටියෝය. නමුත් එතුමා ඉඳගත් ඉඳුමෙහිම තක්බීර් පවසා සලාතයේ සාමන්‍යයෙන් සුජූද් කරන්නාක් මෙන් සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඔවුනට මෙහෙය වූහ. එය සජදා සහ්වු නම් අමතක වීම සඳහා කරන්නා වූ සුජූද් දෙක විය. එම සුජූද අතපසු වූ තෂහ්හුද් හි අඩුව පිරවීම සඳහා සිදු කරනු ලබන්නක් විය.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මම බූරු දෙනක් මත වාඩි වී ඉදිරියට පැමිණියෙමි. -එකල මම වැඩිවියට පත්වන්නට සමීප වයසක පසුවූයෙමි.- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මිනාහි කිසිදු තිරයකින් තොර ව ජනයාට සලාතය මෙහෙයවමින් සිටියහ. ඇතැම් පේළි අතරින් මම පැමිණියෙමි. පසු ව මම බැස, බූරු දෙන තණ බුදින්නට යවා, පේළිය තුළට අවතීරණය වූයෙමි. නමුත් කිසිවකු ඒ සම්බන්ධයෙන් මා වැළැක්වූයේ නැත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. අවසන් හජ් වන්දනාවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමඟ මිනාවෙහි සිටියදී බූරු දෙනක් මත වාඩි වී තමන් ඉදිරියට පැමිණියේය. ඇතැම් පේළි අතර ඌ ගමන් කරන්නට විය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තම සහාබාවරුන්ට සලාතය මෙහෙයවමින් සිටියහ. එතුමා ඉදිරියේ කිසිදු බිත්තියක් නොවීය. පසුව තමන් එම බූරු දෙනගෙන් බැස ඌ තණ බුදින්නට අතහැර දැමීය. පසුව පේළි අතරට පිවිසුණේය යැයි එතුමා දන්වා සිටියහ. රළියල්ලාහු අන්හු තුමා තව දුරටත් තමන් ඒ අවස්ථාවේ වැඩිවියට පත්වීමට සමීප වයසක පසු වූ බවත් දන්වා සිටියහ. එනම් සලාතය ඉටු කරන්නන් හට එය ඉටු කිරීමෙන් කඩාකප්පල් කාරී පිළිකුල් සහගත යම් ක්‍රියාවක් තමන් සිදු කර ඇත්නම් එවන් අවස්ථාවක තමන් වළක්වනු ලබන වසයක පසුවූ බවයි. එසේ තිබියදීත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හෝ එතුමාගේ සහාබාවරුන් අතුරින් කිසිවකු තමන් වැළැක්වූයේ නැත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ජනාසා (මිය ගිය දේහයේ) කටයුතු ඉක්මන් කරන්න. එය යහපත් එකක් නම් ඔබ ඉදිරිපත් කිරීම හොඳය. ඒ හැර වෙනත් දෙයක් වී නම් ඔබේ කරවලින් එය ඉවත තබන නපුරකි."
متفق عليهජනාසා (මිය ගිය දේහය) සූදානම් කිරීම, ඒ සඳහා නියම වූ සලාතය ඉටු කිරීම, හා එය වළ දැමීම යනා දී එහි කටයුතු ඉක්මන් කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එම ජනාසාව යහපත් වී නම් යහපතකි. මිනීවල තුළ ඇති සැපත ලබන්නට ඒ වෙත ඔබ ඔහුව ඉදිරිපත් කරන්න. ඒ හැර වෙනත් දෙයක් වී නම් එය නපුරුය. ඔබේ කරවලින් එය අහක තබන්න. යැයි තවදුරටත් එතුමාණෝ පැවසූහ.
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සිකුරාදා දිනක 'දාරුල්-කළා' දෙසට මුහුණලා ඇති දොරටුවෙන් පුද්ගලයෙකු මස්ජිදයට ඇතුළු විය. එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කුත්බා (දේශනය) පවත්වමින් සිටියේය. එම මිනිසා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දෙසට මුහුණලා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න. එවිට 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව' යැයි ප්‍රාර්ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන්, අහසේ වලාකුළු කිසිවක් දකින්නට තිබුණේ නැත. අප සහ සල්උ කන්ද අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. එවිට පලිහක් වැනි විශාල වලාකුළක් එහි (සල්උ කන්ද) පිටුපසින් දිස් වූ අතර එය අහස මැදට පැමිණි විට එය පැතිරී, වැසි ඇද හැළුණි. අල්ලාහ්ගේ නාමයෙන්! දින හයක් අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා එතුමාණන් වෙත මුහුණලා සිටගෙන, 'අල්ලාහ්ගේ දූතයාණනි,! පශු සම්පත් මිය යමින් පවතින අතර (ආදායම්) මාර්ග නතර වී ඇත; අපගෙන් වර්ෂාව වළක්වා ගැනීමට අල්ලාහ්ට යාච්ඤා කරන්න.' යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා 'අල්ලාහ්! අප මත නොව අප වටා වැසි වස්සනු මැනව, අහෝ අල්ලාහ්, කඳු මත, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථානවල වැසි වස්සනු මැනව' යැයි කීහ. එතුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැස්ස නැවතින. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු. මම අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන්: "ඔහු පළමු වාරයේ පැමිණ පුද්ගලයා දැ?"යි විමසා සිටියෙමි. එවිට එතුමා "ඒ ගැන මම නොදනිමි" යැයි පැවසීය.
متفق عليهසිකුරාදා දිනක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුත්බා (දේශනය) පවත්වමින් සිටිය දී උමර් ඉබ්නු අල්-කත්තාබ්ගේ නිවස දෙසින් මස්ජිදයේ බටහිර දෙසින් පිහිටි දොරටුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයට පිටිසර අරාබිවරයෙකු පිවිසුණේය. එම පුද්ගලයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙසට මුහුණලා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ඇත. සතුන් මිය යෑමෙන් පෝෂණ මාර් ග අවහිර වී ඇත. කුසගින්න හේතුවෙන් උන් දුර් වල වී ඇත. එබැවින් අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, "අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව." යැයි ප්‍රාර් ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමින් කියමි. අහසේ කිසිදු වළාකුළක් අපි දුටුවේ නැත. මස්ජිදයේ බටහිර දෙසින් අප අතර සහ සල්උ කන්ද අතර එය දැකීමෙන් බාධාවන ආකාරයේ කිසිදු නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. එවිට ඒ පිටුපසින් පලිහක් (කුඩා රෙද්දක්) වැනි වටකුරු වලාකුළක් මතු විය. එය මදීනාවේ අහස මැදට පැමිණි විට එය පැතිරී ගොත් වැසි ගෙන දුන්නේය. අල්ලාහ්ගේ නාමයෙන්, එම වර් ෂාව හේතුවෙන් අනෙක් ජුමුආව දක්වා අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් එම පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා ඒතුමාණන් වෙත මුහුණලා සිටගෙන, මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ගොස් ඇත. (ආදායම්) මාර් ග නතර වී ඇත; එහෙයින් අපගෙන් වර් ෂාව නතර කරන මෙන් අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා, "අහෝ දෙවිඳුනි! අප මත විනාශ කාරී ලෙස නොව අප වටා වර් ෂාව යොමු කරනු මැනව. දෙවියනේ! කඳු, කුඩා කඳු, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථාන වැනි පෘථිවියේ උස් තැන් වෙත එය යොමු කරන්න." යැයි කීහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැහි වළාකුළු නතර වී ගියේය. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු.
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත.
متفق عليهඋම්මු අතිය්යා අල්-අන්සාරියා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වා ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අවමංගල්‍ය පෙරහැර සමඟ ගමන් කිරීම කාන්තාවන්ට තහනම් කළහ. ඊට හේතුව ඒ තුළින් ඔවුනට ඇතිවන හෝ ඔවුන් හේතුවෙන් ඇතිවන අර්බුදවලට බියවීම නිසාවෙන් සහ ඔවුන්ගේ ඉවසීමේ ඌනතාවය නිසාවෙනි. පසුව ඇය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනෙකුත් තහනම් කිරීම් සම්බන්ධයෙන් කළ පරිදි මේ ගැන වූ තහනම අවධාරණය නො කළ බව ද දන්වා සිටියා ය.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම මත්පැන් පානය කළ මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ගෙන එන ලදී. එතුමා (නුඹලා ඔහුට පහර දෙන්න) යැයි පැවසූහ. අබූ හුරෙයිරා තුමා තවදුරටත්: අප අතුරින් තම අතින් පහර දෙන්නන් ද තම පාවහනින් පහර දෙන්නන් ද තම ඇඳුමෙන් පහර දෙන්නන් ද විය. යැයි පවසා සිටියේය. පසුව ඔහු හැරී ගිය කල්හි ඇතැම් පිරිස්: අල්ලාහ් ඔබට අවමන් කරත්වා! පැවසීය. එතුමා: (නුඹලා එසේ නොපවසනු. ඔහුට එරෙහිව ඔබ ෂෙයිතාන්ට උපකාර නොකරනු.)
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම: නියත වශයෙන්ම සහාබාවරු -රළියල්ලාහු අන්හුම්- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත මත්පැන් පානය කළ මිනිසෙකු කැඳවා ගෙන එන ලදී. එවිට ඔහුට පහර දෙන්නැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කළහ. එවිට සහාබාවරු ඔහුට පහර දුන්හ. ඔවුන් අතුරින් පිරිසක් පහර දෙන කිසිදු උපකරණයක් භාවිතා නොකර තම අතින් පහර දුන්හ. ඔවුන් අතුරින් තවත් පිරිසක් තම පාවහනින් පහර දුන්හ. එය ඔහුට අවමන් කිරීම පිණිසය. තවත් පිරිසක් තම වස්ත්‍රයෙන් පහර දුන්හ. පහර දීමේදී දඬුවම් කරන උපකරණයක් ලෙස කසය භාවිතා නොකළහ. තවත් වාර්තාවක එතුමාණෝ විසි දෙනෙකුට නියෝග කළහ. එවිට සෑම පුද්ගලයකුම රට ඉදි අත්තෙන් හා පාවහනින් පහරවල් දෙක බැගින් ඔහුට පහර දුන්හ. කස පහරවල් හතළිහක් ලෙස විස්තර කරනු ලබනුයේ මෙයයි. කුලෆාඋර් රාෂිදීන් හෙවත් මුල් නායකයින් මීට වඩා අමතර පහර දීම් සිදු කර ඇත්තේ ප්‍රධානියාගේ දැක්මට අනුව අවවාදයක් ලෙසිනි. පසුව ඔහුට පහර දී අවසන් කළ කල්හි ඔවුන් අතුරින් ඇතැමුන් අල්ලාහ් ඔබ අවමානයට පත් කරත්වා යැයි පවසමින් දොස් නැගූහ. එනම්, ජනයා අතර ඔහු අවමානයට පහත් තත්ත්වයට නීචභාවයට පත් වේවා යන්නයි. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- නුඹලා ඔහුට එසේ නොපවසනු. ඔහුට එරෙහිව ෂෙයිතාන්ට උදව් නොකරනු. හේතුව ඔවුන් ඔහුට අවමානය පැතුවේ නම් ඇතැම් විට ඔවුනට පිළිතුරු දෙනු ලබනු ඇත. එවිට ෂෙයිතාන් ඔහුගේ ඉලක්කය වෙත ළඟා වෙයි. ඔහු පතන එමෙන්ම ඔහු අරමුණු කළ දෑ ඔහු ලබා ගනියි. එවිට පව්කාරයා ඉන් වැළකී දුරස්ථ නොවනු ඇත.