





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
රාෆිඃ ඉබ්නු කදීජ් (රළිය්ලලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෙමු. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ සතුරන් විසින් දමා ගිය) ඔටුවන් හා එළුවන් ඔවුහු හසුකර ගත්තෝය. එතුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසේ අවසානයේ සිටියහ. ඔවුහු ඉක්මන් වී සතුන් කපා, පිසීමට භාජන පිළියෙල කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවා (හි තිබූ දෑ හලා) උඩු යටිකුරු කරන ලදී. අනතුරුව එතුමාණෝ බෙදා හරින්නට ගත්හ. එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළේය. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඔවුහු ඌ සොයා ගියෝය. එය ඔවුන් වෙහෙසට පත් කළේය. එම පිරිස අතර අශ්වයන් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න." තවදුරටත් රාෆි තුමා මෙසේ පැවසීය: සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. අපි බිය වන්නෙමු. අප සතුව පිහි නැත. අපි බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය. එතුමා: "ලේ වැගිරී යන්නට සළස්වා, ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන්ගේ ආයුධයකි."
متفق عليهරාෆිඃ ඉබ්නු කදීජ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියහ. "සැබැවින් (සහගාමීන් වන) ඔවුහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෝය. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ දමා ගිය) මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ගේ ඔටුවන් හා එළුවන් ඔවුහු අත්පත් කරගත් අතර ඒවා බෙදා හැරීමට පෙර ඔවුන් ඉක්මන් වී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසර පැතීමට මත්තෙන් උන් කපා භාජනවලට දමා පිසීමට පිළියෙල කළෝය. ඒ වන විට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනිසුන් අතර අවසානයේ ගමන් කරමින් සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවායෙහි ඇති ව්‍යාංජන පෙරළා දමා, පසුව ඔවුන් අතර ඝනීමත් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ බෙදා හැරියහ. එවිට එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළහ. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඌ අල්ලා ගැනීමට හෝ හසුකර ගැනීමට හෝ ඔවුුනට අපොහොසත් විය. ඒ අතර අශ්වයින් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ: සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ සහජ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. එබැවින් මුන් අතරින් කිසිවක් හෝ ඔබ ව අබිබවා ගිය විටෙක, මූ හසුකර ගන්නට ඔබ අපොහොසත් වූ විටෙක උන් සමග කටයුතු කළ අයුරින්ම මුන් සමග ද කටයුතු කරන්න. තවදුරට රාෆි තුමා මෙසේ පැවසීය: "සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. සතුන් කපා හැරීමේ අවශ්‍යතාව තිබුණ ද ඒ සඳහා අපි අපගේ ආයුධ යොදා ගත්තේ නම් ඒවායෙහි මුවහතට හානියක් සිදු වෙතැයි අපි බිය වන්නෙමු. එමෙන්ම අප සතුව පිහි නැත. අපි වියළී ගිය හිස් බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය." සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ: "ලේ වැගිරී යන්නටත් ගලා යන්නටත් සළස්වා, අධික ලෙස එය හැළී ගොස් ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. නමුත් දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන් භාවිතා කරන ආයුධයකි."
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන් මක්කාවට පැමිණි කල්හි දේව ආදේශකයෝ ‘නියත වශයෙන්ම මදීනාවෙහි උණ වැළඳුනු එමෙන්ම එය ඔවුන් දුර්වලතාවයට පත් කළ පිරිසක් නුඹලා වෙත පැමිණෙයි.’ යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ වට තුන ඉක්මණින් ගමන් කරන්න යැයි ද (හජරුල් අස්වද් හා රුක්නුල් යමානි හෙවත්) ප්රාධාන ස්ථාන දෙක අතර (සාමාන්‍ය අයුරින්) ගමන් කරන්නැයි ඔවුනට අණ කළහ. ඒ සියලු වටයන්හි ඔවුන් අතර කාරුණික ලෙස කටයුතු කරනු වස් මිස ඔවුන් ඉක්මණින් ගමන් කිරීමෙන් වෙන කිසිවක් වැළැක්වූයේ නැත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහිජ්රි හයවන වසරේ උම්රා කිරීම සඳහා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ අනුගාමිකයින් බොහෝ දෙනෙක් සමග මක්කාවට පැමිණියේය. එවිට කුරෙය්ෂ් කාෆිර්වරු එතුමාණන් සමග සටන් කිරීම සඳහාත් බය්තුල්ලාවෙන් එතුමාව වළක්වාලීම සඳහාත් පිටතට පැමිණියේය. පසුව ඔවුන් අතර සාම ගිවිසුමක් ඇති විය. එහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හා එතුමාගේ අනුගාමිකයින් මෙම වසරේ හැරී යා යුතු බවත් එළැඹෙන වසරේ උම්රා කිරීම සඳහා පැමිණිය යුතු බවත් මක්කාවේ දින තුනක් පමණක් රැඳී සිටිය යුතු බවත් සඳහන් විය. ඒ අනුව අතපසු වූ උම්රා ඉටු කිරීම සඳහා හිජ්රි හත්වැනි වසරේ ඔවුහු නැවත පැමිණියෝය. එවිට දේව ආදේශකයින් ඇතැමුන් ඇතැමෙකුට දොස් නගමින් ‘නියත වශයෙන්ම මදීනාවෙහි උණ වැළඳී එය ඔවුන් දුර්වලතාවට පත් කළ පිරිසක් නුඹලා වෙත පැමිණෙනු ඇත’ යැයි පැවසුවෝය. ඔවුන්ගේ මෙම ප්‍රකාශය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දැනගත් කල්හි එයට ප්‍රතිචාර දැක්වීමටත් ඔවුන් එසේ නොවන බව ඒත්තු ගැන්වීමටත් සිතූහ. ඒ අනුව එතුමාණන් තම සහගාමීන්ට රුක්නුල් යමානී හා හජ්රුල් අස්වද් ගල පිහිටා ඇති කොන් දෙක අතර හැර සෙසු ස්ථානයන්හි ඉක්මණින් ගමන් කරන මෙන් නියෝග කළහ.එම කොන් දෙක අතර ඔවුන් යන විට ඔවුන් තුළ ආදරයෙන් හා කරුණාවෙන් යුතුව පා ගමනින් ගමන් ගත්හ. එවිට මුස්ලිම්වරුන් තවාෆ් කරනු බලා ගැනීමට 'කඃයික්ආන්' නම් කන්දට නැග ගත් ආදේශකයින් ඔවුන්ව නොදුටුවෝය. එය ඔවුනට රැවටිල්ලක් විය. ඔවුන් මුවන් මෙන් මිස නැතැයි ඔවුන් අතර පවසා ගන්නට විය. මෙසේ ඉක්මණින් ගමන් කිරීම මක්කාවට පැමිණ ඊළඟ වසරේද අනුගමනය කරන්නට විය. එය අපගේ මුතුන් මිත්තන්ට සිදු වූ සිද්ධිය සිහිපත් කිරීමක් වශයෙන් විය. එමෙන්ම ඔවුන්ගේ එම ප්‍රශංසනීය අවස්ථාව මතක් කිරීමක් වශයෙන් ද ඔවුන්ගේ ඒ දැඩි ඉවසීම මෙනෙහි කිරීමක් වශයෙන් ද. දහමට උදව් කරනු පිණිස හා අල්ලාහ්ගේ ප්‍රකාශය ඉහළ නංවනු පිණිස මෙම කීර්තිමත් ක්‍රියාව ඔවුහු ක්‍රියාත්මක කළෝය. ඔවුන් අනුගමනය කරන උදවියටත් ඔවුන්ගේ සළකුණින් මදක් දන්වා සිටිනු පිණිසත් අල්ලාහ් එය ප්රදානය කළේය. ඉක්මණීන් ගමන් නොකොට රුක්න් දෙක අතර ගමන් කිරීම වෙනස් කරන ලදී. හේතුව සමුගැනීමේ හජ් වන්දනාවේ එතුමාණන් හජ්රුල් අස්වද් ගල සිට නැවතත් ඒ දක්වා ඉක්මණින් ගමන් කර ඇති බැවිනි. ජාබිර් තුමා හා ඉබ්නු උමර් තුමා විසින් වාර්තා කළ හදීසයක් මුස්ලිම්හි මෙසේ සඳහන් වේ. "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හජ්රුල් අස්වද් ගල සිට නැවතත් එම ගල දක්වා තුන් වරක් ඉක්මණින් ගමන් කළ අතර සිව්වරක් සාමාන්‍ය ලෙස ගමන් ගත්හ."
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඉබ්නු අල්-කත්තාබ් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “දිනක් මම හෆ්සාගේ නිවසට ගොඩ වූයෙමි. එවිට නබිතුමාණෝ සිරියා දේශයට මුහුණලාමින් ද කඃබා දෙසට පසුපසලාමින් ද තම (කැසිකිළි) අවශ්‍යතා ඉටු කරනු දුටුවෙමි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා, තම සහෝදරිය වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරිය හෆ්සාගේ නිවස වෙත පැමිණ, ඇයගේ නිවසට උඩින් නැග සිටි බවත් එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිරියා දෙසට මුහුණලා කිබ්ලා දෙසට පසුපසලා තම ශාරීරික අවශ්‍යතා ඉටු කරනු තමන් දුටු බවත් එතුමා දන්වා සිටියහ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, තම ශාරීරික අවශ්‍යතා සපුරා ගන්නා විට බය්තුල් මක්දිස් දෙසට හැරී නොසිටියහ යැයි පැවසූ අයට ප්‍රතිචාරයක් වශයෙන් ඉබ්නු උමර් තුමා එය දන්වා සිටියේය. ඒ සමගම දෙවන වාර්තාවක් කතෘ ගෙන ආවේය. බය්තුල් මුකද්දසයට මුහුණ ලා හෝ පසුපස ලා සිටිය හැක. යන්නය. මිනිසා ගොඩනැගිල්ලක් ඇතුළත කිබ්ලා දෙසට මුහුණලන්නේ නම් එහි වරදක් නැත.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “සමුදීමේ අවසන් හජ් වන්දනා අවස්ථාවේ නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් ඔටු මත නැග තවාෆ් කළහ. එතුමාණන් රුක්න් හෙවත් (ගල පිහිටි) ප්‍රධාන ස්ථානය සැරයටියෙන් ස්පර්ශ කළහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසමුගැනීමේ හජ් වන්දනාවෙහි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තවාෆ් කළහ. එහි ජනයා එතුමා වටා පිරී සිටියහ. ඔවුන් අතුරින් ඇතැමුන් එතුමාගේ තවාෆ් ක්‍රමය දැක ගන්නට ප්‍රිය කළෝය. තවත් සමහරුන් එතුමාගේ ගෞරවනීය පෞරුෂත්වය දෙස බලන්නට ප්‍රිය කළෝය. එයත් සමග තදබදය වැඩි විය. එතුමාගේ සමූහයා එතුමාට දැක්වූ ලෙන්ගතුකම හා ඔවුන් අතර පැවති එකමුතුකමේ පූර්ණත්වය එතැනින් ඉස්මතු විය. ජනයා එතුමාව දැක ගැනීමට හැකිවනු පරිදි එතුමා ඔටුවා මත නැග තවාෆ් කරන්නට වූහ. එතුමා සමග සැරයටියක් විය. එමගින් එතුමා කඃබාවේ කොන ස්පර්ශ කොට පසුව එම සැරයටිය සිප ගත්හ. මෙම හදීසයට සාක්ෂි වශයෙන් මුස්ලිම්හි වාර්තාවී ඇත්තේ මෙලෙසය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “රුක්නුල් යමාන් නම් ප්‍රධාන ස්ථාන දෙක අතර මිස කඃබාවේ වෙනත් තැනක් නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ස්පර්ශ කරනු මම දැක නැත.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කඃබාවේ කොන් හතරින් රුක්නුල් අස්වද් හා රුක්නුල් යමාන් නම් කොන් දෙක හැර වෙනත් තැනක් ස්පර්ශ නොකළහ. කඃබාවට කොන් හතරක් ඇත. ඒවායින් නැගෙනහිරෙන් පිහිටා ඇති කොන් වඩාත් උතුම්ය. 1. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම් පිහිටා තිබීම 2. එහි හජ්රුල් අස්වද් පිහිටා තිබීම. රුක්නුල් යමානී නම් ස්ථානයට එක් මහිමයක් ඇත. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම පිහිටා තිබීමය. සිරියා දෙසට හා ඉරාක දෙසට ඇති කොන්හි කිසිවක් නැත. ඒ දෙකෙහි අත්තිවාරම ඉබ්රාහීම්තුමා තැනූ අත්තිවාරමට පිටතින් පිහිටා ඇත. ඒ දෙක දෙසින් ගල ඉවත් කර ඇත. ආගමානුගත කරනු ලැබ ඇත්තේ හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීම හා එය සිප ගැනීමය. සිපගැනීමකින් තොරව රුක්නුල් යමානි කොන ස්පර්ශ කිරීම ආගමානු ගත කර ඇත. ඒ ස්ථාන දෙක හැර සෙසු කොන් දෙක ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම ආගමානුගත කර නොමැත. යමක් ආගමානුගත කරනු ලබනුයේ පිළිපැදීම මතය. එය අලුතින් බිහි කිරීමකින් සිදු නොවන්නකි. එය ආගමානුගත කිරීමේ ප්‍රඥාව හා අභ්‍යන්තරය අල්ලාහ් සතුය.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ වැසිකිලියට පිවිසුණහ. එවිට මම මා මෙන් තවත් කොළු ගැටයෙකු සමග ජල බඳුනක් හා රිටක් උසුලා ගෙන සිටියෙමි. පසුව එතුමාණෝ ජලයෙන් පිරිසිදු කර ගත්හ.
متفق عليهඅනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා පිටත්ව ගිය විට, එතුමා හා එතුමාගේ සම වයසේ පසු වූ තවත් සේවකයකු අතු සහිත හෙල්ලකයක් මෙන් අතු සහිත රිටක් රැගෙන ගියහ. එය එතුමාණන් ආවරණයක් ලෙස ගැනීම පිණිස හා එතුමාණන්ගේ සලාතය සඳහා ආවරණයක් කර ගනු පිණිස ය. එමෙන්ම ඔවුන් දෙදෙනා සමග හමින් නිර්මාණය කරන ලද ජලය පිරුණු කුඩා බඳුනක් ද උසුලාගෙන ගියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ශාරීරික අවශ්‍යතා ඉටු කළ පසු, ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු එම භාජනය එතුමාණන්ට දුන්නේය. එවිට එතුමා ජලයෙන් පිරිසිදු කර ගත්හ."
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අරෆා දින ගමන් ඇරඹීය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමණන් තම පසුපසින් දැඩි ලෙස ඵලවා හැරීමකට පහර දීමකට ඔටුවාගේ හඬකට සවන් දෙන්නට විය. එවිට තම කසය ඔවුන් වෙත දිගු කොට “අහෝ ජනයිනි, ඔබ තැන්පත්කම රකිත්වා හේතුව සැබැවින්ම යහපත ඉක්මන්කමින් සිදු නොවන්නකි.“ යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් අරෆාවෙහි සිට පිටත්ව ගියහ. එවිට එතුමා පිටුපසින් දැඩි හඬකට ඔටුවන් පලවාහරින ශබ්දයකට හා ඔටුවන්ගේ කෑගැසිල්ලට සවන් දෙන්නට විය. ජනයා අතර වූ එම දර්ශනය අඥාන යුගයේ ඔවුන් ක්‍රියා කළ ආකාරයේ ප්‍රතිඵලයක් විය. හේතුව අඥාන යුගයේ අරෆාවෙන් පිටත්ව ගිය විට අහස අඳුරුවන්නට පෙර දහවල් කාලයේම ඉතා ඉක්මණින් වේගයෙන් යන්නට වූහ. එහෙයින් ඔවුන් දැඩි ලෙස ඔටුවන්ට පහර දුන්හ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් වෙත තම කසය දිගු කර පෙන්වා : “අහෝ ජනයිනි, තැන්පත්කම හා සන්සුන්බව පිළිපඳිනු. හේතුව සැබැවින්ම උපකාරය හා යහපත යනු ඉක්මන්වීමෙන් හෝ හදිසියෙන් සිදු කරන්නක් නොවේ. යැයි පැවසූහ. මෙහි ඊලා නම් අරාබි පදය ඉක්මණින් ගමන් කිරීමේ ක්‍රමයක් පෙන්වා දෙයි.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ගැමි අරාබි ජාතිකයෙකු පැමිණ මස්ජිදයේ එක් කොනක මූත්‍ර කළේය. ජනයා ඔහු ව පලවා හරින්නට පටන් ගත්හ. එවිට එතුමාණෝ ඔවුන් ව වැළැක්වූහ. ඔහු මූත්‍ර කර අවසන් කළ පසු ව ජල බදුනක් ගෙන එන මෙන් අණ කළහ. පසු ව ඒ මත එය වක් කරනු ලැබීය.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ් තම දූතයාණන් වෙත පහළ කළ දෑ ඉගෙනීමෙන් දුරස්ව සිටි බැවින් ගැමිආරාබිවරුන්ගේ පුරුද්දක් වශයෙන් අඥානකම හා නොදැනුවත්කම ව්‍යාප්තව පැවතුණි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදුන් නබවිහි සහාබාවරුන් අතර සිටි කල්හි ගැමි අරාබිවරයකු එහි පැමිණ එහි එක් කොණක මිදුල යැයි සිතා මූත්‍ර කළේය. මස්ජිදයේ ගෞරවය පිළිබඳ හඳුනා සිටි සහාබාවරුන්ට එය මහත් කරුණක් විය. නමුත් ශුභාරංචි සමඟ හා පහසුව සමඟ එවනු ලැබූ ගෞරවණීය මැවීම්හි මිතුරා වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගැමි අරාබිවරුන්ගේ තත්ත්වය දැනගත් කල්හි මස්ජිදයේ හැමතැනම අපවිත්‍ර දෑ නොතැවරෙනු පිණිසත් තම ශරීරයට හෝ තම ඇඳුමට නොතැවරෙනු පිණිසත් මූත්‍ර කිරීම විසන්ධි කිරීමෙන් ඔහුට හානියක් නොවනු පිණිසත් තම උපදෙස හා ඉගැන්වීම පිළිගන්නා අයුරින් ඇරයුම් කිරීම පිණිසත් එතුමා ඔවුන් ඔහුගෙන් වැළැක්වූහ. එය ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔහුට ඉගැන්වූ කල්හි ඔහු මූත්‍ර කළ ස්ථානය ජල බඳුනක් වක්කොට පිරිසිදු කරන මෙන් සහාබාවරුන්ට අණ කර සිටියහ.
අනස් ඉබ්නු සීරීන් විසින් වාර්තා කරන ලදී. සිරියාවේ සිට අනස් තුමාණන් පැමිණි මොහොතේ අපි අනස් තුමා ව මුණ ගැසුණෙමු. එතුමා ව මුණ ගැසුණේ ‘අයිනුත් තම්ර්’ නම් ස්ථානයේදීය. එවිට බූරුවකු මත සිට තම මුහුණ වෙනත් දිශාවකට (කිබ්ලාවෙන් වම් දෙසට) හරවා සලාතය ඉටු කරනු මම දුටුවෙමි. එවිට මම ‘ඔබතුමා කිබ්ලා නොවන දිශාවට හැරී සලාතය ඉටු කරනු දුටුවෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා ‘සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ සිදු කරනු දැක නැත්නම් මම ද එය සිදු නොකරමි’ යැයි පැවසුවේය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅනස් ඉබ්නු මාලික් සිරියාවට පැමිණියේය. ඔහුගේ බලයේ මහිමය හා ඔහුගේ දැනුමේ විශාලත්වය හේතුවෙන් ජනයා ඔහු මුණ ගැසෙන්නට පැමිණියෝය. මුස්ලිම්හි වාර්තාව අනුව සඳහන්ව ඇත්තේ සිරියාවට පැමිණියේය යන්නයි. නමුත් එහි අර්ථය. සිරියාවට පැමිණ නැවත හැරී යන අතරවාරයේ අපි ඔහුව මුණ ගැසුණෙමු යන්නය. හේතුව ඔවුහු ඔහු හමුවීමට බසරාවෙන් පිටත් වූයේ ඔහු සිරියාවෙන් පැමිණි අවස්ථාවේදීය. ඔවුන් එතුමාගේ ගමන ගැන දැන සිටි නිසා එතුමා නැවත හැරීයාම යන ප්‍රකාශය සඳහන් කොට නැත. වාර්තාකරු මෙසේ සඳහන් කරයි. -ඔහුද එසේ හමුවීමට පැමිණි අයගෙන් කෙනෙකි.- සැබැවින්ම එතුමා බූරුවා මත සිට සලාතය ඉටු කරනු දැක ඇත. එවිට එතුමාගේ වමතින් කිබ්ලාව පත් කර ගත්හ. එවිට ඒ ගැන ඔහු එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: සැබැවින්ම නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් මෙසේ කරනු තමන් දැක ඇති බවත්. එසේ එතුමා සිදු කරනු තමන් දැක නැතිනම් කිසිවිටෙක එසේ නොකරන බවත් ඔවුනට දන්වා සිටියහ.