





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් අභාවයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිටතට පැමිණ මෙසේ ප්රකාශ කළහ. ඔබ යමක් (අපවිත්රතාවයක්) දුටු කල්හි ඇයව තුන්වරක් හෝ පස්වරක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් ජලය හා මසන් කොළ භාවිතා කර සෝදා හරින්න. එහි අවසානයට කපුරු - කපුරු ස්වල්පයක්- යොදන්න. ඔබ අවසන් කළේ නම් මට දැනුම් දෙන්න." ඇය මෙසේ පැවසුවාය: "අපි අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ සළුව අප වෙත දමා එය ඇයට පළන්දන්නැයි පවසා සිටියේය. "ඇය තවදුරටත් මෙසේ වාර්තා කරයි. "ඇගේ හිසකෙස් අපි ගෙතුම් තුනකින් සැකසුවෙමු."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණියක් වූ සෙයිනබ් (රළියල්ලාහු අන්හා) තුමිය මරණයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇයව නාවන්නට බලන කාන්තාවන් අතරට පිවිස "ජලයෙන් හා මසන් කොළවලින් වාර තුනක් හෝ පහක් හෝ ඊට වැඩි වාර ගණනාවක් හෝ එහි අවශ්යතාවක් ඇති වූ විටෙක ඔත්තේ සංක්යාවකින් සෝදා හරින්න. අවසන් සේදීමේ දී කපුරු ස්වල්පයක් භාවිත කරන්න. ඔබ අවසන් කළේ නම් මා වෙත දැනුම් දෙන්න." යැයි පැවසුහ. අපි ඇයව නාවා අවසන් කළ කල්හි එතුමාණන්ට දැනුම් දුන්නෙමු. සෝදා පිරිසිදු කරන ලද එතුමාණන්ගේ සළුව පිරිනමා ඇයව එමගින් ඔතන මෙන් ද ඇය ආවරණය කරන විට ඇගේ සිරුරට කෙලින්ම ස්පර්ශ වන පළමු වස්ත්රය එය බවට පත් කරන මෙන් ද පැවසූහ. පසුව ඇගේ හිසකෙස් කොටස් තුනකට ගොතනු ලැබීය.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ ප්රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ අන්සාරි කාන්තාවකට මෙසේ පැවසූහ. ඇගේ නම ඉබ්නු අබ්බාස් තුමා සඳහන් කළ නමුත් ඇගේ නම මට අමතක වී ඇත. "අප සමග හජ් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද?" ඇය, "අපට ඔටුවන් දෙදෙනකු හැර වෙනත් කිසිවක් නොවීය. ඇගේ දරුවාගේ පියා හා ඇගේ දරුවා එක් ඔටුවකු මත හජ් වන්දනාව ඉටු කිරීම සඳහා ගොස් ඇති අතර එක් ඔටුවකු ජලය සැපයීම සඳහා අප වෙනුවෙන් අත්හැර දමා ගොස් ඇත" යැයි පැවසුවාය. එතුමාණෝ: "එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හජ්ජතුල් වදා' නම් සමුගැනීමේ හජ් වන්දනාවෙන් පසු නැවත හැරී ආ කල්හි, හජ් ඉටු නොකළ අන්සාරි කාන්තාවකට "අප සමග හජ් කිරීමට ඔබව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසූහ. ඇය නිදහසට කරුණු ලෙස, තමන්ට ඔටුවන් දෙදෙනෙකු පමණක් ඇති බවත් තම ස්වාමිපුරුෂයා හා තම පුතණුවන් උන් දෙදෙනාගෙන් එකකු හජ් කිරීම සඳහා රැගෙන ගිය බවත්, අනෙක ලිදෙන් වතුර ගැනීම සඳහා අත්හැර ගිය බවත් පවසා සිටියාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රමළාන් මාසයේ උම්රා ඉටු කිරීමෙන් හිමිවන කුසල් හජ් හි කුසලට සමාන බව ඇයට දන්වා සිටියහ.
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්රේෂ්ඨතම ක්රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.
رواه البخاريඅල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා සතුරන් සමග සටන් කිරීම උතුම් ක්රියාවන් අතරින් වේ යැයි නබිතුමාගේ අනුගාමිකයෝ (රළියල්ලාහු අන්හුම්) සිතූහ. එහෙයින් තමන් ජිහාද් කිරීම ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියා ය. ඔවුන්ගේ වගකීම තුළ උතුම්ම ජිහාදය වනුයේ අල් කුර්ආනයට හා සුන්නාවට අනුගත වෙමින් පාපයෙන් හා ප්රදර්ශනය කිරීමෙන් තොරව පිළිගනු ලබන අයුරින් හජ් ඉටු කිරීම යැයි එතුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."
متفق عليه"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීනයන් හා අවසන් කාලීනයන් විනිශ්චය සඳහා අල්ලාහ් එකට එක් රැස් කරන විට, අල්ලාහ් සමග හෝ මිනිසුන් සමග බැඳුණු ගිවිසුම් ඉටු නොකළා වූ වංචනික සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් හිටවනු ලැබේ. එමගින් ඔහුගේ වංචනිකභාවය පැහැදිලි වෙයි. එදින ඔහුට මෙසේ අමතයි." යැයි නබි තුමාණන් පැවසුහ. මෙය මේ පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාවයි. එය එක් රැස් කරනු ලබන පිරිස අබියස ඔහු කළ නපුර විදහා පෑමක් ලෙස ය.
අල්-බරාඃ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ. රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතුවලට සහභාගිවී , කිවිසුම් ගිය තැනැත්තාට ප්රාර්ථනා කිරීම, දිවුරුම හෝ දිවුරන්නා නිදොස් කිරීම, අසාධාරණයට ලක්වූවන්ට උපකාර කිරීම, ඇරයුම් කරන්නාට පිළිතුරු දීම, සලාමය පතුරුවා හැරීම යනාදිය අපට අණ කළ අතර රන් මුදු පැළඳීම, රන් මුද්රා සෑදීම, රිදී භාජනවල පානය කිරීම, සේද සෑදල මත වාඩි වීම, 'කස්සීය්යි' නම් සේද මිශ්ර ලිනන් වලින් සාදන ලද ඇඳුම් ඇඳීමෙන්, සේද රෙදි, 'ඉස්තබ්රක්' නම් ඝන සේද රෙදි හා 'දීජාබ්' නම් මිල අධික විශිෂ්ට ඝනයේ සේද රෙදි ඇඳීමෙන් අප වැළැක්වූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුස්ලිම්වරුන් හට කරුණු හතක් නියෝග කළ අතර කරුණු හතකින් ඔවුන් වැළැක්වූහ. ඒවායින් පළමුවැන්න: රෝගියා බැහැදැක සුවදුක් විමසීම. දෙවැන්න: ජනාසාවට සහභාගී වීම, ඒ සඳහා කෙරෙන සලාතය, එය වළ දැමීම හා ඒ සඳහා කරන ප්රාර්ථනාව යනාදියට හවුල් වීම. තුන්වැන්න: කිවිසුම හැරිය තැනැත්තා 'අල්හම්දුලිල්ලාහ්' යැයි අල්ලාහ්ට ප්රශංසා කළ විට 'යර්හමුකල්ලා' අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා යැයි පවසා ඔහුට ප්රාර්ථනා කිරීම. සිව්වැන්න: දිවුරන්නා නිදහස් කිරීම හා ඔහුව සහතික කිරීම. ඉන් අදහස් කරනුයේ යම් කරුණක් සම්බන්ධයෙන් දිවුරනු ලැබුවේ නම්, එහි දී ඔහුව නිදහස් කිරීමට ඔබට හැකියාව තිබුණේ නම්, ඔබ එසේ සිදු කළ යුතු වේ. එය ඔහුගේ දිවුරුම වෙනුවෙන් දිය යුතු ප්රතිකර්මය වෙත ඔහුව යොමු නො කරනු පිණිසය. පස්වැන්න: අසාධාරණයට පත් වූ අයට තම සහයෝගය පිරිනමා උපකාර කිරීම, අපරාධකරුගෙන් ඔහුට අත්වූ දෑ තම ශක්තියේ ප්රමාණයට අනුව එය වැළැක්වීම. හයවැන්න: විවාහ සංග්රහය, අකීකා සංග්රහය හෝ වෙනත් සංග්රහයක් සඳහා ආරාධනා කරන අයට ප්රතිචාර දැක්වීම. සත්වැන්න: සලාමය පැවසීම ප්රසිද්ධ කිරීම, එය පතුරුවා හැරීම හා ඒ සඳහා පිළිතුරු දීම. ඔවුනට තහනම් කළ දෑ: පළමුවැන්න: රනින් තැනූ මුදු පැළඳීම හා එහි ආභරණ පැළඳීම. දෙවැන්න: රිදී භාජනවල පානය කිරීම. තුන්වැන්න: සේද සෑදල මත වාඩි වීම. එය අශ්වයා හෝ ඔටුවා මත තබන ලද සේද ඇතිරිල්ලය. සිව්වැන්න: සේද මිශ්ර ලිනන් මගින් සාදන ලද ඇඳුම් වර්ගය. එය 'කස්සී' යනුවෙන් හඳුන්වනු ලැබේ. පස්වැන්න: සේද රෙදි ඇඳීම. හයවැන්න 'ඉස්තබ්රක් ඝනයේ සේද ඇඳීම. එනම් ඝන සේද රෙදි. සත්වැන්න: 'අද්-දීජාබ්' ඝනයේ සේද ඇඳිම. එය විශිෂ්ට ඝනයේ හා ඉතා වටිනා සේද වර්ගයකි.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අබූ සුෆ්යාන්ගේ බිරිය වන හින්ද් බින්ත් උත්බා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිස මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අබූ සුෆ්යාන් මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් මා යමක් ගත්තා නම් හැර ඔහු මට ප්රමාණවත් තරම් හෝ මගේ දරුවන්ට ප්රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී මට පවක් හිමි වනු ඇත් ද?" එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ප්රමාණවත් හා ඔබේ දරුවන්ට ප්රමාණවත් යැයි තේරෙන ප්රමාණයක් ඔහුගේ ධනයෙන් ඔබ ගන්න" යැයි පැවසූහ.
متفق عليهහින්ද් බින්ත් උත්බා තම සැමියා වන අබූ සුෆ්යාන් පිළිබඳ තීන්දුවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පැතුවාය. එනම්: "සැබැවින්ම ඔහු ධනයට කෑදර මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් ඇය යමක් රහසින් ගත්තා නම් හැර ඔහු ඇයට ප්රමාණවත් තරම් හෝ ඇගේ දරුවන්ට ප්රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී ඇයට පවක් පිහිටන්නේ ද?" යැයි විමසා සිටියාය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "ඔබට හා ඔබේ දරුවන්ට සාමාන්යයෙන් ප්රමාණවත් යැයි සිතන ප්රමාණයක්, ඔහු ඒ ගැන නොදැනුවත් වුව ද ගත හැකිය" යැයි පැවසූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
متفق عليه"මුස්ලිම්වරුන් හා දේවත්වය ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී කාෆිර්වරුන් අතර පවතින ස්ථානයක මුස්ලිම්වරුන්ට ආරක්ෂාව සැළසීම උදෙසා අල්ලාහ් වෙනුවෙන් අවංක ව එක් දිනක් එහි රැඳී සිටීම මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, ස්වර්ගයේ දී අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළ කසයේ ස්ථානය මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් බවත්, දහවල් ආරම්භයේ සිට ලුහර් වේලාව දක්වාත් ලුහර් වේලාවේ සිට රාත්රිය දක්වාත් අල්ලාහ්ගේ මාර්ගයේ එක්වරක් ගමන් කිරීමෙන් හිමිවන ප්රතිඵල හා කුසල මෙලොව හා එහි ඇති දෑට වඩා උතුම් ය." යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් පවසයි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
متفق عليهඅං සහිත කළු සුදු මිශ්රිත පිරිමි බැටළුවන් දෙදෙනකු ඊදුල් අල්හා දින නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම අතින්ම කපා හැරිය බවත් එහිදී එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය)! යැයි පවසා සිටි බවත් එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූ බවත් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි." වාර්තාකරු තවදුරටත්: අෂ්අස් තුමා මෙසේ පැවසීය: "මා සම්බන්ධයෙන් නම්, අල්ලාහ් මත දිවුරා පවසමි, එය සිදු විය. මා අතර හා යුදෙව් මිනිසෙකු අතර භූමි භාගයක් විය. ඔහු මට බලපෑම් කළේය. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔහුව ඉදිරිපත් කළෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් : ඔබට සාක්ෂි තිබේදැ?යි විමසා සිටියහ. මම නැතැයි පිළිතුරු දුන්නෙමි. එතුමාණෝ යුදෙව්වාට ඔබ දිවුරා සිටින්නැයි කියා සිටියහ. මම: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, ඔහු දිවුරා මාගේ ධනයත් රැගෙන යනු ඇත' යැයි පැවසුවෙමි . එවිට උත්තරීතර අල්ලාහ් මෙය පහළ කළේය. "සැබැවින්ම අල්ලාහ්ගේ ගිවිසුම හා ඔවුන්ගේ දිවුරුම් සුළු මිලකට විකුණනන්නන් වනාහි.." පාඨයේ අවසානය දක්වා පහළ විය.
متفق عليهදිවුරා සිටින්නා බොරුකාරයෙක් යැයි තමන් දැන දැනම එම දිවුරුම තුළින් තවකෙකුගේ ධනය සූරා කෑම සඳහා කවරෙකු අල්ලාහ් මත දිවුරා සිටින්නේ ද ඔහු කෝපයට ලක් වූ අයකු සේ අල්ලාහ්ව ඔහු මුණ ගැසෙනු ඇත. එවිට අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු අන්හු) තුමා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි එය තමන් අතර හා යුදෙව් පුද්ගලයෙකු අතර භූමි භාගයක අයිතිය සම්බන්ධයෙන් වාදයක් වූ බව දන්වා සිටියේය. පසුව දෙදෙනාම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තීන්දු පැතූ අතර එවිට එතුමාණෝ අෂ්අෂ් තුමාට මෙසේ පැවසුහ. "ඔබ වාද කරන දෑ සහතික කිරීම සඳහා ඔබට සාක්ෂි අවශ්යය. ඒ සඳහා ඔබ අපොහොසත් වූයේ නම්, ඔබට කිසිවක් නැත. නමුත් වාද කරනු ලබන්නා ඔබේ වාදයට දිවුරා සිටිනු ඇත." එවිට අෂ්අස් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එවිට එම යුදෙව් පුද්ගලයා කිසිදු පසුබට වීමකින් තොරව දිවුරා මාගේ ධනය ද රැගෙන යනු ඇත." එවිට එය සහතික කරමින් අල් කුර්ආනයේ ඒ ගැන පාඨයක් අල්ලාහ් පහළ කළේය. "සැබැවින්ම මිලට ගන්නා අය වනාහි" හුවමාරු කර ගන්නා අය වනාහි, "අල්ලාහ්ගේ ගිවිසුම" වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් දේවත්වය විශ්වාස කරන්නන් හට ඔහු කළ උපදෙස "සුළු මිලකට" මෙලොව අල්ප දෙයකට "ඔවුනට මතුලොවෙහි කිසිදු කොටසක් නැත." පංගුවක් නැත. "අල්ලාහ් ඔවුන් සමග කතා නොකරනු ඇත." ඔවුන් සතුටු වන පරිදි ඔවුනට ප්රයෝජනවත් වන පරිදි ඔහු ඔවුන් සමග කතා නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වෙයි. "තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙත බලන්නේ නැත." ඔහුගේ කරුණාවේ හා සෙනෙහසේ බැල්මෙන්. "තවද ඔවුන්ව ඔහු පිවිතුරු කරන්නේ නැත." අලංකාර පැසසුමෙන්, ඔවුන්ගේ කිලිටි හා පාපකම් සඳහා සමාව දානය කිරීමෙන් ඔවුන්ව පිවිතුරු කරන්නේ නැත. "තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත." ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඇත.