Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
සැබැවින්ම ක්‍රියාවන් වර්ග හයක් සහ මිනිසුන් කොටස් හතරක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ක්‍රියාවන් වර්ග හය නම්: පළමුවැන්න: කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකළ තත්ත්වයේ මිය ගියේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය. දෙවැන්න: කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කළ තත්ත්වයේ මිය ගියේ ද ඔහුට අපා ගින්න අනිවාර්යය විය. ඔහු එහි සදාතනිකයෙකු වේ. ඒ දෙකම අනිවාර්යය කරනු ලබන දෑය. තුන්වැන්න: දැහැමි චේතනාව. කවරෙකු යහපතක් කිරීමට චේතනා කර ඔහුගේ චේතනාව තුළ හදවතට දැනෙන තරම් ඔහු අවංක වී, අල්ලාහ් ද ඔහුගේ එම චේතනාව හඳුනා ගෙන, පසු ව ඔහුට යම් කරුණක් අවහිර වී එම ක්‍රියාව සිදු කිරීමට නොහැකි වී නම්, ඔහුට පූර්ණ කුසලක් ලියනු ලැබේ. සිව්වැන්න: නපුරු ක්‍රියාව. කවරෙකු නපුරක් සිදු කළේ ද ඔහුට එක් පාපයක් ලියනු ලැබේ. මේ දෙකම කිසිදු ගුණ කිරීමකින් තොර ව එකකට එකක් ලෙස සමානයට සමානයක් ලෙස පිරනමනු ලැබේ. පස්වැන්න: කුසල් දස ගුණයක් බවට පත්වන යහපත. එනම් කවරෙකු යම් යහපතක් චේතනා කොට එය සිදු කළේ ද ඔහුට ඒ හා සමාන කුසල් දහයක් ලියනු ලැබේ. හයවැන්න: කුසල් හත්සීයකින් ගුණ වන යහපත. එනම් කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යමක් වියදම් කළේ ද, එම යහපතට හත්සීය ගුණයක් කුසල් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. මෙය උත්තරීතර ත්‍යාගශීලී අති උත්කෘෂ්ඨ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන ඔහුගේ භාග්‍යයයි. මිනිසුන් කණ්ඩායම් හතර නම්: පළමුවැන්නා: මෙලොව පෝෂණ සම්පත් හි විස්තීරණත්වය ලැබු, තමන් එහි දකින කැමති දෑ භුක්ති විදින, නමුත් ඔහුගේ මතුලොව ජීවිතය පටු වන, ඔහුගේ අවසන් ගමන නිරය බවට පත්වන තැනැත්තා. ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන පොහොසතාය. දෙවැන්නා: මෙලොවෙහි පෝෂණ සම්පත් පටු වූ නමුත්, මතුලොවෙහි විස්තීරණත්වය පිරිනමනු ලබන, තම අවසන් ගමන ස්වර්ගය වෙත පිහිටන තැනැත්තා. ඔහු දේවත්වය විශ්වාස කළ දිළින්දාය. තුන්වැන්නා: මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි පීඩනයට පත්වන තැනැත්තා. ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ දිළින්දාය. සිව්වැන්නා: මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විස්තීරණ තත්වය ලැබූ තැනැත්තා. ඔහු දේවත්වය විශ්වාස කළ පොහොසතාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: සැබැවින්ම අල්ලාහ් නීතිරීති වල හා නැමදුම්වල ආගමානුගත කළ සහන පිළිපැදීම ප්‍රිය කරන්නේය. වගකීමක් පැවරුණු තැනැත්තකුට එසේ එහි පහසුකම් සළසා ඇත්තේ නිදහසට යම් හේතුවක් ඇති බැවිනි. එය ගමනක දී අසර් සලාතය කෙටි කර හා එකතු කර ඉටු කරන්නාක් මෙනි. එසේම අනිවාර්යය කටයුතු අතරින් ඔහුගේ නියමයන් පිළිපදිනු ලැබීමත් ඔහු ප්‍රිය කරයි. සහන පිළිපැදීම හා වගකීම් ඉටු කිරීම යනාදියෙහි අල්ලාහ්ගේ නියෝගය එකම ස්ථාවරයක පවතී.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වුළූ දෝවනය නො බිඳුන ද එතුමාණෝ සෑම අනිවාර්යය සලාතයක් සඳහාම වුළූ දෝවනය කළහ. එය කුසල් හා මහිමය ලබනු පිණිසය. එක් වුළූ දෝවන වාරයකින් එය නොබිඳෙන කල්තාක් අනිවාර්යය සලාත් කිහිපයක්ම ඉටු කිරීමේ අනුමැතිය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වරක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වරක් බැගින් සෝදයි. මෙය වුළූහි අනිවාර්යය ප්‍රමාණයයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඇතැම් අවස්ථාවල වුළූ දෝවනය කළ විට, වුළූහි සෑම අවයවයක්ම වාර දෙකක් බැගින් සෝදා හරියි. එතුමාණන් මුහුණ සෝදයි -කට හා නාසය සේදීම ද ඒ සමග වෙයි- දෑත් හා දෙපා ද වාර දෙකක් බැගින් සෝදයි.
සලාත් ඉටු කරන්නෙකුගේ කුසෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් හට ගෙන ඉන් යමක් පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විටෙක, වාතයේ හඬ ඇසීමෙන් හෝ වාතයේ ගන්ධය දැනීමෙන් හෝ ඔහුගේ වුළූ දෝවනය බිඳ දමන එවැනි යමක් සහතික වන තෙක් නැවත වුළූ ගැනීම සඳහා සලාතය අත්හැර ඉන් බැහැර ව නොයා යුතුය. හේතුව යමක දැඩි ස්ථාවරයක සිටින්නාට සැකය එය අවලංගු නොකරන බැවිනි. සැබැවින්ම ඔහු පිරිසිදු තත්ත්වයේ සිටින බව ස්ථීර ය. නමුත් ඔහු තුළ කිලිටි ඇතිවීම සැකසහිත වූවකි.
සතියේ සෑම දින හතකින්ම එක් දිනක් ස්නානය කිරීම වැඩිහිටි බුද්ධිමත් සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම ඉතා වැදගත් වගකීමක් බව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එදින පිරිසිදුවීමේ අපේක්ෂාවෙන් ඔහුගේ හිස ඇතුළුව ශරීරයම ඔහු සෝදා හරියි. ඇතැම් වාර් තාවල සඳහන් කරුණු අනුව එම දින අතරින් වඩාත් උතුම් වනුයේ ජුමුආ දිනයේ ස්නානය කිරීමය. උදාහරණ වශයෙන් බ්‍රහස්පතින්දා දින ස්නානය කර තිබුණ ද, ජුමුආ සලාතයට පෙර ස්නානය කිරීම වඩාත් වැදගත් සතුටුදායක කරුණක් වන්නේය. ස්නානය කිරීම අනිවාර් යය බව පෙන්වා දෙන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශය මෙසේය. "ජනයා තම වෘතීන්වල නිරත වෙති. ජුමුආ සලාතය සඳහා යන විට ඔවුන්ගේ එම තත්ත්වයෙන්ම යති. එබැවින් ඔවුනට මෙසේ පවසන ලදී. "ඔබලා ස්නානය කරන්නෙහු නම්" (මූලාශ්‍රය: බුහාරි) එතුමා සතු තවත් වාර්තාවක: "ඔවුනට දුර් ගන්ධය ඇත." එනම් දහඩිය ගඳ හා වෙනත් ගන්ධ. ඒ සමගම නුඹලා ස්නානය කර ගන්නෙහු නම්! යැයි පවසන ලදී. ඔවුන් හැර වෙත් අය සම්බන්ධයෙන් ගත් කළ එය ද වඩාත් වැදගත් කරුණක් වේ.
කය්ස් ඉබ්නු ආසිම් ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් ගසෙහි කොළවලින් ස්නානය කර ගන්නා මෙන් ඔහුට නියෝග කළහ. එසේ එම කොළ භාවිතා කිරීමට හේතුව පිරිසිදු කිරීම සඳහා ඒවා යොදා ගන්නා බැවින් සහ ඒවා මනා සුවදවත් වන බැවිනි.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ආරම්භක ගොඩනැගිල්ලට වඩා අලංකාර අයුරින් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කළේය. එවිට එම ගොඩනැගිල්ල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ තිබූ ස්වරූපයෙන් වෙනස් වන බැවින් ඒ සඳහා ජනයා පිළිකුල් කළෝය. එය මැටියෙන් තනන ලද, වහල ඉඳි කොළ වලින් සාදන ලද ගොඩනැගිල්ලක් විය. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා ගල් හා සිමෙන්ති වලින් එය ගොඩ නගන්නට සිතුවේය. පසුව උස්මාන් තුමා ඔවුනට මෙසේ පවසා සිටියේය: ප්‍රදර්ශනය කිරීමකින් හෝ මුහුණිච්චාවෙන් තොරව උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කවරෙකු මස්ජිදයක් තනන්නේ ද ඔහු කළ ක්‍රියා වර් ගයට වඩා උතුම් ප්‍රතිඵල ඔහුට අල්ලාහ් දායාද කරනු ඇත. එම ප්‍රතිඵලය වනුයේ ඒ හා සමාන දෙයක් ස්වර් ග උයනේ ඔහු වෙනුවෙන් අල්ලාහ් තනා දීමය.