





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර.
متفق عليهතම මස්ජිදයේ සලාත් ඉටු කිරීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ. සැබැවින්ම එය මහපොළොවේ පිහිටා ඇති සෙසු මස්ජිදයන්හි ඉටු කරන සලාතයට වඩා දහස් ගුණයකින් උතුම්ය. නමුත් මක්කාවේ පිහිටි මස්ජිදුල් හරාමය හැර. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයේ ඉටු කරන සලාතයට වඩා උතුම් වේ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ කතාදා අස්-සලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."
متفق عليهකවර වේලාවක හෝ කවර කරුණක් සඳහා හෝ යමෙකු මස්ජිදයට පැමිණියේ නම්, ඔහු වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය පඬුරු වශයෙන් මස්ජිදය සඳහා කෙරෙන රකආත් දෙකයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."
رواه مسلمමස්ජිදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික" යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට පෙන්වා දුන්හ. එහි දී අදාළ තැනැත්තා අල්ලාහ්ගේ කරුණාවට හේතුවන සාධක සළසා දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම බැහැර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යනුවෙන් පැවසිය යුතුය. එහි දී අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා හලාල් (අනුමත) පෝෂණයෙන් තමන්ට උපතාර කරන මෙන් ඉල්ලා සිටියි.
සාලිම් ඉබ්නු අබුල් ජඃද් තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසකු: මම සලාත් ඉටු කර සැනසුම ලැබිය යුතු නොවේ ද! යැයි පැවසීය. එය ඔවුන් ඔහුට දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා මෙසේ දන්වා සිටියේය: "අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"
رواه أبو داودසහාබාවරුන් අතරින් මිනිසෙකු: 'මම සලාත් ඉටු කර විවේක ගත යුතු නොවේ ද' යැයි පැවසීය. එය ඔහු අවට සිටි අය ඒ සඳහා දොස් නගන්නාක් මෙන් විය. එවිට ඔහු 'අහෝ බිලාල්! ඔබ සලාතය සඳහා අදාන් උස් හඬින් පවසන්න. තවද ඒ සඳහා ඉකාමත් පවසන්න. එමගින් අපි සැනසුමට පත්වන්නෙමු. එය උත්තරීතර අල්ලාහ් සමග එහිදී ඇති කරගන්නා ඍජු සම්බන්ධතාවය හා හදවතට හා ආත්මයට දැනෙන සැනසුමයි'.යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තමාණන් පවසනු මම අසා ඇත්තෙමි.' යැයි කීය.
අබූ හාසිම් ඉබ්නු දීනාර් තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසුන් පිරිසක් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී තුමා වෙත පැමිණ මින්බරය (ධර්මාසනය) සම්බන්ධයෙන් එය කවර ලීයකින් තනා ඇත්දැයි කතා කරමින් සිටියෝය. පසුව ඒ ගැන ඔවුහු ඔහුගෙන් විමසුවෝය. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම එය කවර දෙයකින් වූවක් දැයි මම දනිමි. එය තබන ලද මුල් දිනයේම මම එය දැක ඇත්තෙමි. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ මත අසුන් ගත් මුල් දිනය ද මම දැක ඇත්තෙමි." අල්ලාහ්ගේ දූතයාණෝ -අන්සාරී- කාන්තාවකට දූත පණිවිඩයක් එවූහ. "මම මිනිසුන් සමග කතා කරන විට ඒ මත වාඩි වන්නට මා වෙනුවෙන් ආසනයක් නිර්මාණය කර දෙන්නැයි ඔබ ඔබේ වඩු පුතාට පවසන්න" යැයි ඉල්ලා සිටියහ. පසුව ඇය ඔහුට නියෝග කොට ඔහු ද කැලෑවේ හැදෙන 'තර්ෆා' නම් ගස් වර්ගයකින් එය නිර්මාණය කොට ඇය වෙත ගෙන ආවේය. පසුව ඇය එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පිළිගැන්වූවාය. පසුව එය තබන මෙන් ඇයට පැවසූ පසු ඇය එය මෙතැනින් තැබුවාය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඒ මත සලාත් ඉටු කරනු මම දුටුවෙමි. ඔහු ඒ මතට වී තක්බීර් පවසා පසුව ඒ මත සිටම රුකූඋ ද කළහ. පසුව එයින් බැස ධර්මාසනය පාදය අසල සුජූද් කර නැවත නැග ගත්හ. අවසන් කළ පසුව මිනිසුන් වෙත හැරී මෙසේ පැවසූහ: "අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය."
متفق عليهඅල්ලාහ්ගේ දූතයාණන් යොදා ගත් ධර්මාසනය කවර දෙයකින් නිර්මාණය කරනු ලැබුවේ දැයි මිනිසුන් පිරිසක් එක් සහාබිවරයකු වෙත පැමිණ විමසා සිටියෝය. ඒ සම්බන්ධයෙන් ඔවුහු එකිනෙකා වාද කළෝය. තර් ක කළෝය. පසුව සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වඩු සේවකයින් හිමි අන්සාරි කාන්තාවක් වෙත දූතයකු යවා ඇයට මෙසේ නියෝග කර සිටියහ. 'මිනිසුන් සමග මා කතා කරන විට, වාඩිවන්නට ධර්මාසනයක් මා වෙනුවෙන් නිර්මාණය කර දෙන්නැයි ඔබේ දරුවාට ඔබ කියන්නැ'යි පවසා සිටියේය. එවිට එම කාන්තාව එයට ප්‍රතිචාර දක්වා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අත්-තර්ෆා නම් ගසෙන් ධර්මාසනයක් තනා දෙන මෙන් නියෝග කළාය. ඔහු වැඩ අවසන් කළ කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත එව්වාය. පසුව ඒ මස්ජිදයේ නියමිත ස්ථානයේ තබන මෙන් නියෝග කළහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණන් ඒ මත සලාත් ඉටු කරන්නට වූහ. එතුමා ඒ මත සිට තක්බීර් පවසා ඒ මත සිටම රුකූඋ කළහ. පසුව පසුපස නොහැරී පසු පස්සට බැස ධර්මාසනය මුල සජදා ඉටු කොට නැවත නැග ගත්හ. සලාතය අවසන් වූ කල්හි මිනිසුන් ඉදිරියට හැරී, 'අහෝ ජනයිනි! සැබැවින්ම මා මෙය සිදු කළේ නුඹලා මා පිළිපදිනු පිණිස හා මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය' යැයි පවසා සිටියහ.
හිත්තාන් ඉබ්නු අබ්දුල්ලාහ් අර්-රකාෂී විසින් වාර්තා කරන ලදී. මම අබූ මූසා අල්-අෂ්අරී සමග සලාතයක් ඉටු කළෙමි. හෙතෙම වාඩි වී සිටි අවස්ථාවේ එම පිරිස අතරින් මිනිසෙකු: "උපකාරය හා සකාතය සලාතය සමග සම්බන්ධ කෙරී ඇත' යැයි පැවසීය. අබූ මූසා සලාතය නිමා කොට හැරුණු විට, ඔහු: 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. පිරිස නිහඬව සිටියේය. පසුව නැවතත් 'ඔබ අතරින් මේ මේ වචන ප්‍රකාශ කර සිටියේ කවුරුන්දැ?'යි විමසා සිටියේය. එවිටත් පිරිස නිහඬව සිටියේය. ඔහු: 'හිත්තාන් ඔබ වෙන්නැති එය ප්‍රකාශ කර සිටියේ!!' යැයි පැවසීය. එවිට ඔහු: එමගින් මා අමාරුවේ දමනු ඇතැයි සැබැවින්ම මම බිය වූයෙමි. එවිට එම පිරිස අතරින් මිනිසෙකු: 'එය පවසා සිටියේ මමයි. යහපත මිස වෙන කිසිවක් එමගින් මා බලාපොරොත්තු නොවූයෙමි.' යැයි කීය. එවිට අබූ මූසා: 'නුඹලාගේ සලාතයේදී නුඹලා කුමක් පවසා සිටිය යුතු දැයි නුඹලා නොදන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් අපට දේශනයක් පවත්වා අපගේ පිළිවෙත් අපට පැහැදිලි කළහ. අපගේ සලාතය අපට ඉගැන්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ.' "නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) පැවසූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. අල්ලාහ් නුඹලාට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි." තවදුරටත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යැයි පැවසූහ. ඔහු 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. නුඹලා වෙනුවෙන් අල්ලාහ් සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් දන්වා ඇත. ඔහු තක්බීර් පවසා සුජූද් කළ විට නුඹලා ද තක්බීර් පවසා සුජූද් කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර සුජූද් කරයි. නුඹලාට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එය එමගින්ම විය යුතුය. ඉඳුමෙහි සිටින විට නුඹලා අතරින් කිසිවකු පවසන පළමු ප්‍රකාශ විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නයි.
رواه مسلمඅබූ මූසා අල්-අෂ්අරී සමග සහාබිවරයකු සලාතයක් ඉටු කළේය. තෂහ්හුද් ඉඳුමෙහි ඔහු සිටිය දී ඔහු පසුපසින් සිට සලාත් ඉටු කරන්නන් අතරින් කෙනෙකු 'අල් කුර්ආනය තුළ උපකාරය හා සකාතය සමග සලාතය සම්බන්ධ කර ඇතැ'යි පවසා සිටියේය. අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා සලාතය අවසන් කළ කල්හි මඃමූම්වරුන් දෙසට හැරී 'අල් කුර්ආනය තුළ උපකාරය සහ සකාතය සමග සලාතය සම්බන්ධ කොට ඇතැයි පවසා සිටියේ ඔබ අතුරින් කවරෙක් දැ?'යි ඔවුන්ගෙන් විමසා සිටියේය. පිරිස නිහඩ විය. ඔවුන් අතරින් කිසිවකු හෝ කතා කළේ නැත. නැවත වාරයක් එම ප්රශ්නය ඔවුන්ගෙන් විමසා සිටියේය. කිසිවකු ඔහුට පිළිතුරු නොදුන් කල්හි, අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා, 'හිත්තාන් ඔබ වෙන්නැති මෙය පවසා සිටියේ?" යැයි විමසීය. ඊට හේතුව ඔහු තුළ තිබූ නිර්භීත කම සමීපකම හා සම්බන්ධකම සැලකිල්ලට ගනිමින් හා ඔහු ගැන සැක කිරීමේ හානියක් නොවන බැවින් හා සැබෑ ලෙස සිදු කළ පුද්ගලයා පිළිගැන්වීමට සැළැස්වීම පිණිසය. පසුව හිත්තාන් එය ප්‍රතික්ෂේප කළේය. 'සැබැවින්ම මම එය පැවසූ බවට ඔබ මට දොස් නගනු ඇතැයි මම බිය වී සිටියෙමි' යැයි පැවසීය. පසුව එහි සිටි පිරිස අතරින් මිනිසෙක් 'එය පවසා සිටියේ මම වෙමි. යහපත මිස වෙනත් කිසිවක් මම අපේක්ෂා නොකළෙමි.' යැයි කීය. එවිට අබූ මූසා ඔහුට උගන්වමින් මෙසේ පැවසීය: 'ඔබේ සලාතය තුළ පවසා සිටිය යුතු අයුරු ඔබ නොදන්නෙහු ද? එය ඒ ගැන පිළිකුල ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නයක් විය.' පසුව අබූ මූසා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක් වරක් ඔවුන්ට දේශනාවක් කළ බවත් එහි දී ඔවුන්ගේ පිළිවෙත් ඔවුනට පැහැදිළි කළ බවත් ඔවුන්ගේ සලාතය ඉගැන්වූ බවත් පවසා එතුමා කළ ප්‍රකාශය මෙසේ පවසා සිටියේය: නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ජනයාට මෙහයවීම සඳහා ඔවුන් අතරින් කෙනෙකු පෙනී සිටිය යුතුය. ඉමාම් අල්ලාහු අක්බර් යැයි ප්රාරම්භක තක්බීරය පවසන විට, නුඹලා ද ඒ අයුරින්ම තක්බීර් පවසන්න.* ඔහු සූරා අල් ෆාතිහා පාරායනය කර "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) යන පාඨයට ළඟා වූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. නුඹලා එලෙස කටයුතු කරන්නේ නම්, අල්ලාහ් නුඹලා ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි. නුඹලා ඔහු අබිබවා නොයා යුතුය. මක්නිසාද යත්, ඉමාම් පෙරට ගිය මොහොත, ඔහු නැඟී සිටීමෙන් පසු ඔබ ප්‍රමාද කළ එම මොහොත පිළිපැදීම ඔබට බල කෙරෙන බැවිනි. එම මොහොත ඒ අයුරින්ම විය යුතුය. නුඹලාගේ රුකූඋහි ප්‍රමාණය ඔහුගේ රුකූඋහි ප්‍රමාණය මෙන්ම විය යුතුය. ඉමාම් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. සලාත් ඉටු කරන්නන් එය පැවසූ විට, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ප්‍රාර්ථනාවට, ඔවුන්ගේ ප්‍රකාශයට සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් අල්ලාහ් දන්වා ඇත. පසුව ඉමාම් තක්බීර් පවසා සුජූද් කළ විට මඃමූම්වරුන් ද තක්බීර් පවසා සුජූද් කළ යුතුය. සැබැවින්ම ඉමාම් ඔවුනට පෙර සුජූද් කරයි. ඔවුනට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එම මොහොත ඒ මොහොත මෙන්ම පිහිටිය යුතුය. මඃමූම්ගේ සුජූද්හි ප්‍රමාණය ඉමාම්ගේ සුජූද් ප්‍රමාණය මෙන්ම විය යුතුය. තෂහ්හුද් සඳහා වාඩි වන විට සලාත් ඉටු කරන්නාගේ පළමු ප්‍රකාශය විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි" එනම් ආධිපත්‍යය, සදා පැවැත්ම හා සර්ව බලය යන සියල්ල උත්තරීතර අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම පස්වේල සලාතයන් සියල්ල ද අල්ලාහ් සතුය. "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" සියලු අඩුපාඩු, අනතුරු හා දුෂ්ටකම්වලින් නිදහස ලබන්නට අල්ලාහ්ගෙන් පතන්න. අපගේ නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විශේෂයෙන් සලාම් පවසමු. පසුව අප වෙනුවෙන් සලාම් පවසමු. පසුව තමන්ට පැවරුණු උත්තරීතර අල්ලාහ්ගේ වගකීම් හා ඔහුගේ ගැත්තන්ගේ වගකීම් ඉටු කරන දැහැමි ගැත්තන් හට සලාම් පවසමු. පසුව "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන ප්‍රකාශය පවසා සාක්ෂි දරමු.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අනිවාර්යය සෑම සලාතයක මෙන්ම රමළාන් හා අනෙකුත් මාසවල ඉටු කරනු ලබන සෙසු සලාත්වල ද එතුමා තක්බීර් පවසන්නෙකු විය. ඒ අනුව එතුමා නැගී සිටින විට තක්බීර් පවසයි, පසුව රුකූ කරන විට ද තක්බීර් පවසයි. පසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යනුවෙන් පවසයි. සුජූද් කිරීමට පෙර රබ්බනා වලකල් හම්දු යැයි පවසයි. පසුව සුජූද් කිරීම සඳහා නැවෙන විට අල්ලාහු අක්බර් යැයි පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. පසුව නැවතත් සුජූද් කරන විට තක්බීර් පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. දෙවන රකආතයේ ඉඳුමෙන් නැගිටින විට ද තක්බීර් පවසයි. එලෙස සලාතය අවසන් වන තුරුම සෑම රකආතයකම සිදු කරයි. පසුව හැරී මෙසේ පවසයි: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයේ ස්වරූපයෙන් කොටසක් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර සිටියි. එතුමා සලාතය සූදානම් වී ඒ සඳහා නැගී සිටින විට, ප්රාරම්භක තක්බීරය පවසයි. පසුව රුකූඋ වෙත විතැන් වන විටත් සුජූද් කරන විටත් සුජූදයෙන් තම හිස ඔසවන විටත් දෙවන සජදාව ඉටු කරන විටත් රකආත් තුනේ හෝ හතරේ සලාතයන්හි දෙවන රකආතයේ පළමු තෂහ්හුද් සඳහා වාඩි වීමෙන් පසු නැගිට සිටින විටත් තක්බීර් පවසයි. පසු ව සලාතය නිමා කරන තෙක් සියලු රකආත්වල දී මෙලෙස කටයුතු කරයි. එතුමා රුකූවෙන් තම පිට ඔසවා ගන්නා අවස්ථාවේ සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසයි. පසුව නැගිටිමින්ම 'රබ්බනා ලකල් හම්දු' යැයි පවසයි. පසුව අබූ හුරෙයිරා තුමා සලාතයෙන් හැරෙන අවස්ථාවේ මෙසේ පවසයි: 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි' යැයි පැවසීය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි."
رواه ابن حبانමිනිසුන් අතර සොරකමෙහි වඩාත් කැතම සොරා වනුයේ සලාතයෙදී සොරකම් කරන තැනැත්තාය. හේතුව වෙනත් අයගෙන් සොරාගත් මුදල් නම්, ඇතැම් විට ඔහුට එය මෙලොවෙහි ප්‍රයෝජනවත් වන්නට පුළුවන. නමුත් මෙම සොරා ඊට වඩා වෙනස්ය. ඔහු සොකරම් කරන්නේ තමන්ගේම කුසල් හා ප්‍රතිඵල වේ. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ඔහුගේ සලාතය සොරකම් කරන්නේ කෙසේ ද?' යැයි විමසා සිටියෝය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි' යැයි පැවසූහ. එනම් රුකූඋ හා සුජූද් හි ඉක්මන් වීම හා ඒ දෙක පූර්ණවත් අයුරින් ඉටු නොකිරීමය.
ඉබ්නු අබී අව්ෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ රුකූඋහි සිට එතුමාණන්ගේ කොන්ද ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'* යැයි පවසයි එනම්: කවරෙකු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කළේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ් ප්‍රතිචාර දක්වනු ඇත. ඔහුගේ ප්‍රශංසා කිරීම පිළිගෙන ඔහුට කුසල් පිරිනමනු ඇත. පසුව මෙසේ තවදුරටත් අල්ලාහ්ව ප්‍රශංසා කරයි: 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" එනම්: අහස්, මහපොළොව හා ඒ දෙක අතර ඇති දෑ පුරාවටම, අල්ලාහ් අභිමත කරන දෑ පුරාවරටම ඇති ප්රශංසාවන්ය.