Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
"සැමියා තම බිරිය සමග ඇගේ ගුද මාර්ගයේ සංසර්ගයේ යේදීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ කරුණාවෙන් ඉවත් කරනු ලැබූ, ශාප කරනු ලැබූ අයෙකු වේ. සැබැවින්ම එය මහා පාපයන් අතරින් මහා පාපයකි."
පිරිමියකුගේ ගුද මාර්ගයේ හෝ කාන්තාවකගේ ගුද මාර්ගයේ හෝ සංසර්ගයේ යෙදෙන පුද්ගලයකු දෙස සැබැවින්ම අල්ලාහ් කාරුණික බැල්මෙන් නො බලන බව පවසමින් දැඩි සේ අනතුරු අඟවා ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියහ. සැබැවින්ම එය මහා පාපයන්ගෙන් එකකි.
සැමියා වෙත පැවරෙන බිරියට හිමිවිය යුතු වගකීම් මොනවාදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණන් කරුණු කිහිපයක් මතක් කර දුන්හ. ඒවා නම්: පළමුවැන්න: ඇය හැර දමා ඔබ පමණක් ආහාර නො ගත යුතුය. ඔබ ආහාර ගන්නා විටෙක හා රස විඳින විටෙක ඇයට ද ඔබ ආහාර සැපයිය යුතුය. දෙවැන්න: ඔබ පමණක් ඇඳ පැළඳ නො ගත යුතුය. ඔබ අඳින්නේ නම්, ඔබ උපයන්නෙහි නම් හා හැකියාව දරන්නේ නම් ඇයටත් ඇඳුම් සැපයිය යුතුය. තුන්වැන්න: යම් හේතුවක් හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් හැර ඔබ පහර නොදිය යුතුය. ඇයට ඉගැන්වීම පිණිස හෝ ඇතැම් අනිවාර්යය කටයුතු ඇය පැහැර හැරීම පිණිස ඇයට පහර දීමට අවශ්‍යතාවක් ඇති වූ විටෙක, එය තුවාල නොවන පහරක් විය යුතුය. මුහුණට දමා නො ගැසිය යුතුය. මක්නිසාද යත් මුහුණ යනු වඩාත් වැදගත්ම සහ වඩාත්ම පෙනෙන කොටස වන අතර උතුම් කොටස් සහ සියුම් ශරීර අවයව එහි අන්තරගතව ඇත. සිව්වැන්න: 'ඔබේ මුහුණ අල්ලාහ් අප්‍රසන්න කරත්වා' යනාදී ලෙස පවසා බැණ නොවැදිය යුතුය. ඇගේ ශරීරයේ කොටසක් එහි අලංකාරයට පටහැනිව අප්‍රසන්න දෙයක් වෙත ඈඳමින් කතා නොකළ යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මිනිසාගේ මුහුණ හා ඔහුගේ ශරීර කොටස් නිසි අයුරින් සකසා ඇති බැවිනි. ඔහු මැවූ සෑම දෙයක්ම වඩාත් අලංකාර ලෙස මවා ඇත. මැවීමක් හෑල්ලුවට ලක් කිරීම මැවුම් කරු හෑල්ලුවට ලක් කරන දක්වා ඔහුව ගෙන යනු ඇත. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! පස්වැන්න: නිදියහනේ හැර වෙනත් තැන්වල ඇයව හෙළා නො නොදැමිය යුතුය. ඇගෙන් වෙන් නොවිය යුතුය. වෙනත් නිවසකට ඇයව යොමු නො කළ යුතුය. ඇතැම් විට එසේ කිරීම ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර හැරයාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වන්නට ඉඩ ඇත.
පාර්ශව හතරක් වෙත ශාප කිරීම, නෙරපනු ලැබීම, දුරස් කිරීම පතමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. පළමුවැන්නා: තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ හිසකෙස් සඳහා වෙනත් හිසකෙස් භාවිතා කර හවරි බඳින කාන්තාව. දෙවැන්නා: තමන්ගේ හිසකෙස් සඳහා වෙනත් හිසකෙස් භාවිතා කර හවරි බඳින ලෙස වෙනත් කෙනෙකුගෙන් පතන කාන්තාව. තුන්වැන්නා: අලංකාරය හා විලාසිතාව අපේක්ෂාවෙන් මුහුණ, අත හෝ පපුව වැනි ශරීරයේ විවිධ ස්ථානවල, කටු භාවිතා කර පච්ච කොටා එහි සළකුණු නිල් හෝ කොළ පැහැය ගන්නා තරමට වර්ණ ගැන්වීම. සිව්වැන්නා: එසේ පච්චා කොටන මෙන් ඉල්ලා සිටින්නා. මෙම ක්‍රියාවන් මහා පාපයන් වෙති.
එක් බිරියකට වැඩි ප්‍රමාණයක් තමන් සතුව සිට වියදම් කිරීම, නවාතැන් ලබා දීම, ඇඳුම් පැළඳුම් ලබා දීම, රාත්‍රිය ගත කිරීම වැනි ඔවුන් අතර හැකි පමණින් ඔවුන්ගේ නියමිත කොටස සමසේ වෙන් කිරීමෙහි ඔවුනට යුක්තිය ඉටු නොකළ තත්ත්වයේ මිය ගියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හිමිවන දඬුවම ඔහුගේ ශරීරයේ පැත්තක් ඇළ වී තිබීමය. ඔහු මෙලොව කටයුතු කිරීමේ දී පැත්තකට නැඹුරු වූ සේම, ඔහුගේ මෙම අපාරධය සඳහා ඔහු සතු දඬුවම වන්නේ ද එසේ පැත්තකට ඇළවී තිබීමයි.
මනස තුළ යම් නපුරක් හට ගත් විටෙක, එය සිදු කිරීමට පෙර හෝ ඒ ගැන කතා කිරීමට පෙර හෝ එය වරදක් ලෙස සළකනු නොලබයි. අල්ලාහ් එම වරද ඉවත් කර එයට සමාව දෙනු ඇත. සිත තුළ යමක් හටගෙන ඒ ගැන ස්ථාවර හා අඛණ්ඩභාවයෙන් තොරව මනස තුළ කුතුහලයන් ඇති වූ විටෙක, එවන් දෑ වරදක් ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයා අතර ගණන් ගනු නො ලැබේ. නමුත් අහංකාරකම, උද්දච්ඡකම, කුහකකම හා දුෂ්ඨකම වැනි යමක් සිත තුළ ස්ථාවරව පවතී නම්, ඒ මත ක්‍රියා කළේ නම් එසේ නැතහොත් මුවින් ප්‍රකාශ කළේ නම්, වරදක් ලෙස පිළි ගනු ලබනුයේ එවිටයි. ඒ් සඳහා ඔහු වගකිව යුතුය.
මෙම පුද්ගලයින් තිදෙනා හැර ආදම්ගේ දරුවන් වන සෙසු මිනිසුන් හට වගකීම් පැවරෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. කුඩා දරුවා, ඔහු වැඩිවියට පත් වන තුරු. ස්වබුද්ධිය අහිමි වූ උන්මත්තකයා, ඔහුට සිහිබුද්ධිය නැවත ලැබෙන තුරු. නිදන්නා, ඔහු නින්දෙන් අවදිවන තුරු. වගකීම් සම්බන්ධයෙන් වනාහි, ඔවුන්ගෙන් ඒවා නිදහස් කර ඇත. ඔවුන් සිදු කරන පාපයන් ඔවුනට එරෙහිව ලියනු ලබන්නේ නැත. නමුත් කුඩා දරුවන්ට යහපත ලියනු ලැබේ. උන්මත්තකයා හා නිදා සිටින්නාට එසේ ලියනු නොලබන්නේ ඔවුන් එම තත්ත්වයේ පමණක් ඔවුන්ගේ හැඟීම් ඉවත්ව ඇති බැවින් නැමදුම පිළි නොගන්නා අය අතරට ඔවුන් පත්ව සිටින බැවිනි.
මනස විකෘති කරන, බුද්ධිය පහ කරන සෑම දෙයක්ම, එය පානයක් හෝ ආහාරයක් හෝ වේවා, ආශ්වාස කරන යමක් හෝ වේවා, ඒ හැර වෙනත් කිසියම් දෙයක් හෝ වේවා ඒවා සියල්ල මත් බව ඇති කරන මත් ද්‍රව්‍ය වේ. සැබැවින්ම මනස විකෘති කරන බුද්ධිය පහ කරන සෑම දෙයක්ම එය අධික වුව ද අල්ප වුව ද සර්වබලධාරී අල්ලාහ් ඒ්වා තහනම් කර ඇති අතර ඉන් වැළැක්වීය. මෙම මත් වර්ග අතරින් කවර වර්ගයක් කවරෙකු හෝ පානය කර එහි ඔහු ඇබ්බැහි වී පසුව මිය යන තෙක්ම ඒ ගැන පශ්චාත්තාප වී සමාව අයැද නොසිටියේ නම් ඔහුට ස්වර්ගයේ එය පානය කිරීම තහනම් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ඔහු සුදුස්සෙකු වනු ඇත.
දේවත්වය ප්‍රතික්ෂේප කරන කලහාකාරී මිථ්යදෘෂ්ටිකයින් සමග අරගල කරන මෙන් ද ඔවුනට මඟපෙන්වීමේ දී තමන්ට හැකි සෑම ක්‍රියාමාර්ගයක් යොදවා කැපවන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් කරවනු පිණිසය. පළමුවැන්න: ඔවුන් සමග කරන අරගලයේ අවශ්‍ය කළමනා මිලදී ගැනීම, ඒ සඳහා කැපවන මුජාහිද්වරුන් හට වියදම් කිරීම වැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම ය. දෙවැන්න: ඔවුන් හමුවීමටත් ඔවුන් වළක්වාලීමටත් තම ආත්මය හා ශරීරය කැප කිරීම. තුන්වනුව: මෙම දහම වෙතට ඔවුන්ට මුවින් ඇරයුම් කිරීම, ඔවුනට සාධක ඉදිරිපත් කිරීම, ඔවුන්ව නරකින් වැළක්වීම හා ඔවුනට ප්‍රතිචාර දැක්වීමය.