





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලාතය තුළ ඔහුට සැකය ඇති වී තමා තුනක් ඉටු කළේ ද එසේ නැතහොත් හතරක් ඉටු කළේද යැයි නොදන්නේ නම්, ඔහු එම සැකය අහකට දමා ඔහු කවර දෙයක් ගැන විශ්වාසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතුය. ඔහු පහක් ඉටු කළේ නම් ඔහුගේ සලාතය ඔහුට දෙගුණය කර දෙනු ඇත. ඔහු හතරක් සම්පූර්ණ කර ඇත්නම් ඒ දෙක ෂෙයිතාන් අධෛර්යමත් කිරීමක් (පහරක්) වනු ඇත.
رواه مسلمසැබැවින්ම, තමන් රකආත් තුනක් ඉටු කළේ ද නැතහොත් හතරක් ඉටු කළේද යැයි, සලාත් ඉටු කරන්නාට සැකයක් ඇති වූ විටෙක, සැක සහිත අමතර ප්‍රමාණය නොගෙන, එම ගණනයෙන් දුරස් විය යුතු අතර තුනක් ඉටු කළ බවට ස්ථීරභාවයක් ඇති කර ගෙන, පසුව රකආත් හතරක් ඉටු කර, සලාම් පැවසීමට පෙර සජදා දෙකක් ඉටු කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එවිට සැබෑ ලෙස ඔහු රකආත් හතරක් ඉටු කර තිබුණේ නම් එය අමතර රකආතය සමග පහක් වනු ඇත. අමතක වීම සඳහා සිදු කරනු ලබන සුජූද් දෙක රකආතයක් වෙනුවෙන් පිහිටා ඔත්තේ සංඛ්‍යාව් නොව ඉරට්ටේ සංඛ්‍යාවක් බවට පත් වන්නේය. එසේම අමතර රකආතය ඉටු කිරීම තුළින් රකආත් හතරක් බවට පත් වූ විට එය කිසිදු වැඩි කිරීමකින් හෝ අඩු කිරීමකින් තොරව ඔහුට පැවරුණු වගකීම ඉටු කරන්නෙකු වනු ඇත. අමතක වීම සඳහා ඉටු කරනු ලබන සුජූද් දෙක ෂෙයිතාන්ට අපහාසයක් හා නින්දාවක් බවට පත් වේ. එය ඔහුගේ සිතුවිල්ලෙන් දුරස් කිරීමක් හා අවමානයක් ලෙස ප්‍රතිචාර දැක්වීමකි. හේතුව ඔහු සලාතය තුළට පිවිස එය දූෂිත කිරීමට පෙනී සිටි බැවිනි. සුජූද් කිරීමේ අල්ලාහ්ගේ නියෝග පිළිපදින කල්හි ආදම්ගේ පුතනුවන්ගේ සලාතය සම්පූර්ණ වනු ඇත. ආදම්ට සුජූද් කිරීමේ දී අල්ලාහ්ට අවනත වීමෙන් වැළකී සිටිමින් ඉබ්ලීස් පිටුපෑවේය.
දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ."
رواه البخاريආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියා ය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම නිවසෙහි ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නොකර අඛණ්ඩ ව ඉටු කරන්නෙකු වූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඒතුමාණන්ගේ බිරියක වූ උම්මූ හබීබා (රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත."
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدයමෙක් ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු රකආත් හතරක් සුවෙච්ඡාවෙන් ඉටු කර එය සුරක්ෂිතව අඛණ්ඩව පිළිපදින්නේ ද ඔහුට අල්ලාහ් අපා ගින්න තහනම් කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ෆජ්ර් සලතයේ රකආත් දෙකෙහි "කුල් යා අය්යුහල් කාෆිරූන්..." සහ "කුල් හුවල්ලාහු අහද්..." යන සූරා දෙක පාරායනය කළහ.
رواه مسلمෆජ්ර් සලාතයට අදාළ රකආත් දෙකෙහි සූරතුල් ෆාතිහාවෙන් පසු පළමු රකආතයේ 'කුල් යා අය්යුහල් කාෆිරූන්' (සූරා අල්-කාෆිරූන්) සහ දෙවන රකආතයේ 'කුල් හුවල්ලාහු අහද්' (සූරා අල්-ඉහ්ලාස්) පාරායනය කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රිය කළහ.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි" යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති. පසුව අබූ හුරෙයිරා තුමා මෙසේ පවසා සිටියේය: එසේ නම් ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න. "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78)
متفق عليهඉමාම් හෙවත් සලාතය මෙහෙයවන කෙනෙකු සමග සාමුහිකව සලාතය ඉටු කරන පුද්ගලයකුගේ කුසල් හා ප්‍රතිඵල ඔහුගේ නිවසේ හෝ ඔහුගේ රැකියා ස්ථානයේ ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා විසි පස් ගුණයකින් උතුම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව රාත්‍රියේ හා දහවලේ මලක්වරුන් ෆජ්ර් සලාතයේ දී රැස් වන බව ද එතුමාණෝ මෙනෙහි කළහ. පසුව අබූ හුරෙයිරා තුමා එයට සාක්ෂියක් ලෙස මෙසේ පවසා සිටියේය: ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න: "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78) සැබැවින්ම ෆජ්ර් සලාතය වනාහි, රාත්‍රියේ පැමිණි මලක්වරු හා දහවල් කාලයේ පැමිණෙන මලක්වරු ඒ සඳහා පැමිණෙති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. පේළි අතරින් පිරිමින් සඳහා හොඳම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසාන පේළිය වේ. එමෙන්ම කාන්තාවන් සඳහා හොඳම පේළිය අන්තිම පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ.
رواه مسلمසලාතයේ දී පේළි අතරින් පිරිමින් සඳහා හොඳම සහ කුසලින් හා භාග්‍යයෙන් අධික පේළිය වනුයේ පළමු පේළියයි. හේතුව එය ඔවුන් ඉමාම්ට සමීපයෙන් සිටින බැවින් ද ඔහුගේ අල් කුර්ආන් පාරායනය ඔවුනට සවන් දිය හැකි බැවින් ද, කාන්තාවන්ගෙන් දුරස් ව සිටින බැවින් ද වේ. ඒ අතරින් නරකම, කුසලින් හා භාග්‍යයෙන් අඩුම සහ ෂරීආව අපේක්ෂා කරන දැයින් දුරස්ම පේළිය අවසාන පේළිය වේ. එමෙන්ම කාන්තාවන් සඳහා පේළි අතරින් හොඳම පේළිය අන්තිම පේළිය වේ. එය ඔවුන් ආවරණය වීමට වඩාත් සුදුසු වන අතරම පිරිමින් සමග මිශ්‍රවීමෙන්, ඔවුන් දැකීමෙන්, ඔවුන්ගෙන් ඇතිවන අර්බූදවලින් ඔවුන් ව දුරස් කරවන බැවිනි. එමෙන්ම නරකම පේළිය පළමු පේළිය වේ. එය පිරිමින්ට සමීපයෙන් පවතින බැවින් හා අර්බූධ ඇති වීමට හේතුවක් වන බැවිනි.
වාබිසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.
رواه أبو داود والترمذي وابن ماجه وأحمدසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ පසුපසින් තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක, ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. ඊට හේතුව ඔහුගේ සලාතය එම තත්ත්වයේ වලංගු නොවන බැවනි.
උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා "මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ මෙසේ පැවසූහ. "ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම පළමු පේළිය එය මලක්වරුන්ගේ පේළිය මෙන් වන අතර, එහි මහිමය ඔබ දන්නේ නම්, ඒ සඳහා යුහුසුළු වනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා පිරිසිදු ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා පිරිසිදුය. මිනිසුන් වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වේ.
رواه أبو داود والنسائي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා පසුව අපෙන් "මේ පුද්ගලයා අපගේ මේ සලාතයට සහභාගී වූයේ ද? යැයි විමසා සිටියහ. සහාබාවරු 'නැත' යැයි පිළිතුරු දුන්හ. පසුව නැවතත් තවත් පුද්ගලයකු සම්බන්ධයෙන් "මේ පුද්ගලයා සහභාගී වූයේ ද?" යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ ඒ ගැන මෙසේ පැවසූහ. ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා ෆජ්ර් සහ ඉෂා සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඊට හේතුව ඒ දෙක සම්බන්ධයෙන් ඔවුන් තුළ මැලිකම පවතින බැවින් හා අඳුරේදී ඔවුන් නොපෙනෙන නිසාවෙන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව අවම වන බැවිනි. අහෝ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුනි! සුබ්හ් සලාතයේ හා ඉෂා සලාතයේ පවතින ප්‍රතිඵල හා අමතර කුසල් -සැබැවින්ම එහි දුෂ්කරතාවේ ප්‍රමාණයට අනුව කුසල් පවතී.- අඩංගු බව ඔබ දන්නෙහි නම්, අත් හා දණහිස් මත වැටී බඩගා යාමට සිදු වුව ද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම ඉමාම්ට වඩාත් සමීපයෙන් පිහිටන ඔවුන්ගේ පළමු පේළිය අල්ලාහ්ට වඩාත් සමීපයෙන් පිහිටන මලක්වරුන්ගේ පේළිය මෙනි. පළමු පේළියේ ඇති මහිමය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් දන්නේ නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ එක්ව ඉටු කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා කුසලින් හා ප්‍රතිඵලයෙන් අති මහත් ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය එක් මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා උතුම්ය. සලාත් ඉටු කරන ජනයා එහි වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප හා වඩාත් උතුම් වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
رواه أبو داود والترمذي وابن ماجه وأحمدකාන්තාවක් ඇගේ භාරකරුවන්ගේ අනුමැතියෙන් තොරව විවාහ වීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඇගේ විවාහය වලංගු වන්නේ නැත. මෙය එතුමාණෝ තුන්වරක් පවසා සිටියහ. එය සිදු නොවිය යුත්තක් විය. ඇගේ භාරකරුගේ අවසරයෙන් තොරව විවාහ කරගත් අයකු ඇය සමග පහස විඳ තිබේ නම්, ඇගේ යෝනි මාර්ගය හරහා සංසර්ගයේ නිරත වීම හේතුවෙන් මුළු මහර් ප්‍රමාණයම ඇය සතු විය යුතුය. විවාහ ගිවිසුමේ භාරකාරත්වය ගැන සම භාරකරුවන් අතර ගැටලු ඇති වී නම්, ඇගේ යහපත නිරීක්ෂණය කරමින් ඔවුන් අතරින් පෙරටුගාමියකු හට ගිවිසුමේ වගකීම පැවරේ. එසේ භාරකරු ඇයව විවාහ කර දීමෙන් වැළකී සිටියේ නම්, ඇය භාරකරුවකු නොමැති තැනැත්තියක් මෙනි. එවිට පාලකයා හෝ කාදිවරයා හෝ ඔවුන් මෙන් කටයුතු භාරව කටයුතු කරන්නකු ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. මෙවැනි තත්ත්වයක් නොවී නම්, භාරකරුවකු සිටිය දී පාලකයාට ඇයගේ භාරකරුවකු විය නො හැක.