





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ආෂූරා දිනයේ උපවාසයේ නිරත වූහ.එසේ උපවාසයේ නිරත වන මෙන් නියෝග ද කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම ආෂූරා උපවාසය සුන්නාවක් යන්න සියලු විද්වතුන්ගේ ඒකමතික තීන්දුවයි. එය අනිවාර්යය නොවන්නේය. ඉස්ලාමය මුල් කාලයේ රමළාන් උපවාසයට පෙර එය ආගමානුගත කළ අවස්ථාවේ එම උපවාසය අනිවාර්යද නැද්ද යන්නෙහි නීතිය පිළිබඳව මතභේද තිබිණ. ඒ අනුව එය අනිවාර්යය යැයි සිතූ උදවිය මෙම ප්‍රකාශය තක්සේරු කළහ. එහි අනිවාර්යය භාවය තවත් සහීහ් හදීස් මාර්ගයන්ගෙන් වෙනස් කරන ලදී. ඒවායින් එක් හදීසයක් ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකි. එනම්: කුරෙය්ෂ්වරු ජාහිලිය්යා නම් අඥාන යුගයේ ආෂූරා දිනයෙහි උපවාසයේ නිරත වූහ පසුව අල්ලාහ්ගේ දූතයාණන්ද රමළානයේ උපවාසය අනිවාර්යය කරන තෙක්ම උපවාසයේ නිරත වන මෙන් නියෝග කළහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ ප්‍රකාශ කළහ. කවරෙකු කැමැත්තේද ඔහු උපවාසය රකිත්වා. කවරෙකු කැමැත්තේද ඔහු උපවාසයෙන් මිදෙත්වා මෙය ඉමාම් බුහාරි තුමා එතුමාගේ සහීහ් ග්‍රන්ථයේ (3/24 අංක 1893) සඳහන් කොට ඇති අතර ඉමාම් මුස්ලිම් තුමා එතුමාගේ සහීහ් ග්‍රන්ථයේ (2/792 අංක 1125) හි දන්වා ඇත.
අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: එතුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සටන් දොළහකට සහභාගී වූ අයකු වේ. හෙතෙම මෙසේ පැවසීය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු හතරකට සවන් දී ඇත්තෙමි. එය මට පුදුමය දනවන්නක් විය. "කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."
متفق عليهකරුණු හතරක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. පළමුවැන්න: කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් යෑමෙන් වැළකී සිටිය යුතුය. මහ්රම් යනු පුතා, පියා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, මාමා, බාප්පා හා ලොකු තාත්තා වැනි සමීප ඥාතීන් අතර ඥාතී වීමෙන් කවදත් විවාහය තහනම් වන උදවියයි. දෙවැන්න: ඊද් අල්-ෆිත්ර් (හෙවත් නොම්බි උත්සව දින) සහ ඊද් අල්-අළ්හා (හෙවත් හජ් උත්සව දින) උපවාසයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. ඒ දෙකෙහි මුස්ලිම්වරයකුට භාරය ඉටුකිරීමේ උපවාසයක් හෝ අමතර උපවාසක් හෝ ප්රතිකර්මික උපවාසයක් ඉටු කිරීම ද තහනම්භාවය එක සමානය. තුන්වැන්න: සුබ්හු සලාතයෙන් පසු හිරු උදාවන තුරු හා අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු අමතර සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතුය. සිව්වැන්න: මෙම දේවස්ථාන තුන වෙත හැර යම් ස්ථානයකට එහි උසස් භාවයක් ඇති බව විශ්වාස කරමින් හා කුසල් ගුණවන බව විශ්වාස කරමින් වන්දනාවේ යෑමෙන් වැළකී සිටිය යුතුය. ඒ හැර විශේෂ කොට සළකා වෙනත් ස්ථානවලට සලාතය ඉටු කරනු වස් එසේ වන්දනාවේ නොයා යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මාගේ මස්ජිදය (දේවස්ථානය) යන මෙම දේවස්ථාන තුනෙහි හැර වෙනත් කවර දේවස්ථානයක හෝ වේවා කුසල් ගුණ වන්නේ නැත.
උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ. එනම්, හිරු ඉහළට නැගෙන තුරු, එය මතුවෙමින් උදාවන අවස්ථාව, හිරු මුදුනින් අවරට යන තුරු එය මුදුනෙහි පවතින අවස්ථාව හා හිරු බැස යන තුරු බැස යාමට එය දුර්වල වෙමින් පවතින අවස්ථාවය."
رواه مسلمදහවල් කාලයේ වේලාවන් තුනක අතිරේක සලාත් ඉටු කිරීම හෝ ඒවායෙහි මියගිය ඇත්තන් වළ දැමීම හෝ නො කළ යුතු බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය තහනම් කළහ. පළමු වේලාව: හිරු මතුවෙමින් උදාවන අවස්ථාව, එනම් හීයක ප්‍රමාණයක් ඉහළට එස වෙන තෙක් හිරු උදාවමින් පවතින ආරම්භ වේලාවය. සාමාන්‍යයෙන් පැය කාලක පමණ කාලයක් එය තක්සේරු කළ හැක. දෙවැන්න: අහස මධ්‍යයේ හිරු මුදුනට පැමිණෙන අවස්ථාව ය. එවිට අහස මධ්‍යයෙන් එය ඉවත් වන තුරු නැගෙනහිර දිශාවට හෝ බටහිර දිශාවට හෝ කිසිදු හෙවණක් නො පවතිනු ඇත. ළුහර් සලාතය ආරම්භ වන විට, නැගෙනහිර දිශාවෙන් හෙවණැලි මතු වනු ඇත. සාමාන්‍යයෙන් ඒ සඳහා ගත වන්නේ විනාඩි පහක් පමණ කෙටි කාලයකි. තුන්වැන්න: හිරු බැස යන තුරු බැස යාමට එය නැඹුරුවෙමින් පවතින අවස්ථාවය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම උරහිස් දෙක මත කිසිවක් නොමැතිව එක ඇඳුමෙහි සලාත් ඉටු නො කළ යුතුයි."
متفق عليهකවරෙකු තම ගෙල හා උරහිස අතර ඇති කොටසේ උරහිස් දෙක කිසිදු තිරයකින් ආවරණය නොකළ තත්ත්වයේ ඒ මත කිසිවක් නොමැතිව එක ඇඳුමක් ඇඳ සලාතය ඉටු කරන්නේ ද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ කිරීමෙන් ඔහුව වැළැක්වූහ. සැබැවින්ම උරහිස් දෙක ආවරණය කළ යුතු රහස්‍ය පෙදෙස් නොවූව ද සැබැවින්ම ඒ දෙක ආවරණය කිරීම රහස්‍ය පෙදෙස් ආවරණය කිරීමට වඩාත් පහසු වනු ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ්ව කීර්තියට පත් කිරීමටත් ඔහු අබියස සලාතයේ සිටගෙන සිටින අතරවාරයේ ඔහුට ගරුබුහුමන් කිරීමටත් වඩාත් සමීප කාර්යයක් වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔවුන්ගේ සලාතයේ දී ඔවුන්ගේ බැල්ම ඔවුන් ඉහළට යොමු කරන ජන පිරිස්වල තත්ත්වය කුමක් ද?" එහි දී එතුමාණන්ගේ ප්‍රකාශය ඉතා දැඩි විය. එය කෙතරම් ද යත්, එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉන් ඔවුන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ගේ බැල්ම පැහැරගනු ලබනු ඇත."
رواه البخاريසලාතයේ දී ප්‍රාර්ථනා කරන අවස්ථාවේ හෝ වෙනත් අවස්ථාවක හෝ තම බැල්ම ඉහළට ඔසවා අහස දෙසට යොමු කරන්නන් හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූහ. පසුව එසේ සිදු කරන්නන්ට එරෙහිව එතුමාණන්ගේ එම හෙළා දැකීම හා අවවාදය ඉතා දැඩි විය. සැබැවින්ම එතුමාණන් ඔවුන්ගේ බැල්ම ඔවුන්ගෙන් පැහැර ගනු ලබනු ඇතැයි හා ඔවුන් නොසිතන අයුරින් ඉතා ඉක්මණින් එය ගනු ඇතැයි එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඔවුන් බැල්මෙහි ආශිර්වාදය අහිමි කර ගත්තෝ ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න."
رواه مسلمසලාතයේ සුජූද් ඉරියව්වෙහි දෙඅත් තිබිය යුතු ආකාරය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එනම් අත් දෙක පොළොවෙහි තරකර තබා, ඇඟිලි ද කිබ්ලා දෙසට දිගු හැර, වැළමිට - එනම් අත හා බාහුව සන්ධි වන ස්ථානය - භූමිය ස්පර්ශ නොවන සේ ඔසවා තබා ඇළපත් දෙකින් ඒ දෙක ඈත් කර තබා ගැනීම ය.
වාඉල් ඉබ්නු හුජ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.
رواه أبو داودනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සලාතයෙන් බැහැරවීමට අවශ්‍ය නම් තම දකුණු දෙසට හා තම වම් දෙසට සලාම් පවසන්නෙකු වූහ. එහි දී 'අස්සාලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු' යැයි පවසා තම මුහුණ දකුණු දෙසට හරවා පසුව 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි' යැයි පවසා වම් දෙසට තම මුහුණ හරවනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."
رواه مسلمකවරෙකු අනිවාර්යය සලාතයෙන් පසු පහත සඳහන් කරුණු පවසන්නේ ද ඔහුගේ පව්වලට සමාව දෙනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි පවසා සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම. තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි පවසා අල්ලාහ් කෙරෙහි ආදර බැඳීමෙන් හා ගරු කිරීමෙන් යුතුව ඔහුගේ සියලුම පූර්ණවත් ගුණාංග මෙනෙහි කරමින් ඔහුව ප්‍රශංසා කිරීම. තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි පවසා සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය, සියලු දෑට වඩා ඔහු අති කීර්ති මත්ය යැයි පිළිගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් පැවසීමෙන් සියය සම්පූර්ණ වෙයි. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැති අතර ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කවරෙකු මෙය පවසන්නේ ද, ඔහුගේ පාපකම් මුහුදු රැළි නගන විට හා රළුවන විට මතුවන සුදු පෙණ තරම් තිබුණ ද ඒවා මකා දමා ඔහුට සමාව දෙනු ලැබේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු සෑම අනිවාර්යය සලාතයෙන් පසු ආයතුල් කුර්සී පාරායනය කළේ ද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නැත."
رواه النسائي في الكبرىඅනිවාර්යය සලාතය අවසන් කළ පසුව කවරෙකු ආයතුල් කුර් සී පාරායනය කරන්නේ ද ඔහු ස්වර් ගයට පිවිසීමට මරණය හැර වෙනත් කිසිවක් ඔහුට බාධකයක් වන්නේ නැත. එය සූරතුල් බකරාවෙහි සඳහන් පාඨයකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ තේරුම: අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්‍රහණය නො කරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය. (අල්-බකරා: 255)