





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ජුමුආ දිනයක එතුමා කුඃත්බා දේශනාවක් කළහ. එතුමාගේ දේශනාවෙහි එතුමා මෙසේ පවසා සිටියහ. අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලා, පැල වර්ග දෙකක් අනුභව කරන්නෙහුය. ඒ දෙක පිළිකුල් සහගත දෙකක් ලෙසින් මිස මම නොදකිමි. එනම්: ලූනු හා සුදු ලූනුය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයේ සිටින මිනිසකුගෙන් ඒ දෙකෙහි ගන්ධය හමනු දුටු විට, ඒ ගැන ඔහුට නියෝග කොට බකීඃ වෙත පිටත් කර යවනු මම දැක ඇත. එහෙයින් ඒ දෙක අනුභව කරන්නා ඒ දෙක පිස (එහි දුර්ගන්ධය) ඉවත් කර ගනිත්වා! යැයි තවදුරටත් පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඋමර් -රළියල්ලාහු අන්හු- තුමා කුත්බා දේශනාවට සහභාගී වූවනට ඔබලා ළූනු හා සුදු ළූනු යන පිළිකුල් සහගත ලූනු හා සුදුළූණු අනුභව කරන්නෙහුය යැයි දන්වා සිටියහ. හානිදායක යන්නෙන් අදහස් කරනුයේ, එය ගන්ධයක් ඇති ආහාරයක් වීමය. අරාබිවරු පහත් පිළිකුල් සහගත යම් ප්‍රකාශයක්, ක්‍රියාවක්, සම්පතක්, ආහාරයක් හෝ පුද්ගලයෙක් වේවා එවන් පිළිකුල් සහගත පහත් සෑම කරුණක්ම හඳුන්වනුයේ කුබුස් හෙවත් පිළිකුල් සහගත යන්නෙනි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රකාශ කළ බවට ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසය ද මෙය පෙන්වා දෙයි. එනම්, (දුර්ගන්ධය හමන මෙම ගසින් කවරෙකු අනුභව කරන්නේ ද ඔහු අපගේ මස්ජිදයට සමීප නොවිය යුතුයි.) මුස්ලිම්. ළූනු හා සුදු ළූනු, රාබු, රතු ළූනු, හා ඒ හැර වෙනත් පිළිකුල් සහිත ගන්ධයක් ඇති සෑම දෙයක්ම මේ ගණයට අයත් වේ. විශේෂයෙන්ම, මෝරා වර්ගයක්, දුම්කොළ, දුම්වැටි, සුරුට්ටු වැනි දෑ පිළිකුල් සහගතය. නමුත් ළූණු හා සුදු ළූණු අධික වශයෙන් ආහාරයට ගන්නා බැවින් මෙහි ඒ දෙක විශේෂයෙන් සඳහන් කර ඇත. නමුත් මුස්ලිම්හි සඳහන් ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක රතු ළූනු පිළිබඳ නම් කරමින්ම සඳහන් කොට ඇත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයේ සිටින මිනිසකුගෙන් ඒ දෙකෙහි ගන්ධය හමනු දුටු විට, ඒ ගැන ඔහුට නියෝග කොට බකීඃ වෙත පිටත් කර යවනු මම දැක ඇත. හේතුව නියත වශයෙන්ම එය සෙසු ජනයාට අපහසුතාව පමුණුවන්නේය. එමෙන්ම සහීහ් හදීස්හි සඳහන් පරිදි මලක්වරුන්ටද බාධාවකි. එමගින් ඔවුන් අපහසුතාවයට පත් වෙති. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදයෙන් ඔහුව පිටුවහල් කළා පමණක් නොව, ඔහුට අවවාදයක් වශයෙන් බකීඃ හෙවත් සොහොන් බිමවෙත ඔහු යන තෙක් මස්ජිදයෙන් ඔහුව දුරස් කළහ. ඉබ්නු මාජා හි සඳහන් තවත් වාර්තාවක, සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ කාලයේ මිනිසුන් දැක ඇත. ඔහුගෙන් දුර්ගන්ධය හමනු දුටු විට එතුමා ඔහුගේ අතින් අල්ලා බකීඃ වෙත ඔහුව පිටුවහල් කර යවති. එහෙයින් ඒ දෙක අනුභව කරන්නා ඒ දෙක පිස (එහි දුර්ගන්ධය) ඉවත් කර ගනිත්වා. මෙහි අර්ථය, ඒ දෙක අනුභව කරන්නට කවුරුන් ප්‍රිය කරන්නේ ද එය උයා එහි දුර්ගන්ධය නැතිකර ගත යුතුය යන්නයි. හේතුව පිසීමෙන් එහි දුර්ගන්ධය පහව යනු ඇත. එසේ දුර්ගන්ධය පහව ගොස් ඇත්නම්, තහනම් වූ හේතුව ඉවත්ව ඇති බැවින් මස්ජිදයට පිවිසීමට අවසරය ඇත. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට තම පියා විසින් ලබා මුආවියා ඉබ්නු කුර්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක් මෙසේය. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ‘නුඹලා ඒ දෙක අනුභව කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ දෙක පිසීමෙන් (ඒ දෙකෙහි ගන්ධය) ඉවත් කර ගනිත්වා, මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත. මෙය නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුන්නාවකි. පිසීමෙන් එහි ගන්ධය ඉවත් වේ. සලාතය සඳහා හෝ සලාතය නොවන වෙනත් කරුණක් සඳහා යමෙකු මස්ජිදයට පිවිසෙන්නට අපේක්ෂා කරන විට, එය සලාතයේ වේලාවක නොවේ නම්, සලාතයේ නිරත වන අවස්ථාවක නොවේ නම් ඒ දෙක අමුවෙන් අනුභව කිරීමෙහි වරදක් නැත. හේතුව ඒ දෙක අනුභව කිරීමට අනුමැතිය ඇති බැවිනි. පිසීමේ නියෝගය පැමිණ ඇත්තේ එය සෙසු අයට හානිදායක වන විටය.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව බුරෙයිදා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙක්මි යැයි පවසා (යමක් සම්බන්ධයෙන්) දිවුරා සිටියේ ද, ඔහු බොරු කාරයෙක් නම් ඔහු කියූ පරිදිම එය වනු ඇත. ඔහු සත්යවාදියෙකු නම් ඔහු ඉස්ලාමය වෙත සුරක්ෂිතව නැවත යොමු වන්නේ නැත.“
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: තමන් ඉස්ලාමයෙන් ඉවත් වන බවට පවසා යමෙකු දිවුරා සිටින්නේ නම් හෝ තමන් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ දේව ප්රතික්ෂේපකයකු හෝ අදේව වාදියෙකු වන්නේ යැයි පවසා සිටින්නේ නම් හෝ ඔහුගේ කරුණ තත්ත්වයන් දෙකක් මත පවතී. පළමු තත්ත්වය: ඔහු කවර දෙයක් මත දිවුරා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔහු බොරුකාරයකු වීමය. උදාහරණ වශයෙන්, මෙම කරුණ මෙසේ මෙසේ වී නම්, මම ඉස්ලාමයෙන් බැහැර වෙමි යැයි පවසා ඔහු කවර දෙයක් සම්බන්ධයෙන් දන්වා සිටියේ ද එය බොරුවක් නම්, -එනම්: සැබැවින්ම සෙයිද් අද දින ගමන නිමා කොට එනු ඇතැයි දන්වා එසේ වී නම් තමන් ඉස්ලාමයෙන් ඉවත් වන බවට හෝ යුදෙව්වෙකු, කිතුනුවෙක් දේව ආදේශයකු බවට පත් වන්නේය යැයි හෝ තමන් පවසන දෑ බොරුවක් බව දැන දැනත් දිවුරා සිටින්නාක් මෙනි.- එවිට ඔහු පවසන අයුරින්ම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙකු බවට හෝ යුදෙව්වෙකු කිතුනුවෙකු දේව ආදේශයකු බවට හෝ පත් වන්නේය. දෙවන තත්ත්වය: ඔහු පවසා සිටි දෑහි සත්යවාදියකු වීමය. එය සැබැවින්ම සෙයිද් අද දින ගමන නිමා කොට එනු ඇත. සැබැවින්ම ඔහු මෙම කරුණ සිදු කොට නොමැත යැයි දන්වා තමන් ඉස්ලාමයෙන් ඉවත් වන බවට හෝ යුදෙව්වෙකු කිතුනුවෙක් දේව ආදේශයකු බවට පත් වන්නේය යැයි දිවුරා සිටින්නාක් මෙනි. ඔහු දිවුරා සිටි දෑහි ඔහු සත්යවාදියෙකු නම් සැබැවින්ම ඔහු මෙම තත්ත්වය මත අල්ලාහ්ගේ දූතයාණන් පැවසූ පරිදි යහපත් තත්ත්වයකින් ඉස්ලාමය වෙත නැවත හැරෙන්නේ නැත. ඔහු විසින් කළ මෙම අප්‍රසන්න ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ ඉස්ලාමයේ පූර්ණභාවය අඩු වී යනු ඇත.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හජ් අවුරුදු හෝ නෝම්බි අවුරුදු දිනක සලාත් ඉටු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එතුමා කාන්තාවන් අසළින් ගමන් ගත්තේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්සව දිනයේ සලාත් ඉටු කරන ස්ථානයට පිටත්ව ගියහ. එතුමාණෝ කාන්තාවන් හට වෙනමම දේශනාවක් කරන බවට පොරොන්දු දී තිබුණි. ඒ අනුව එදින එතුමාණෝ එය ඉටු කරමින් මෙසේ පැවසූහ: අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වන්න. ඒ දෙක පාපයන් මැකී යාමට වඩාත් බලවත් කරුණු දෙකකි. සැබැවින්ම අල් ඉස්රා ගමනෙහි අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දැක්කෙමි. එවිට ඔවුන් අතරින් බුද්ධිමත් අභිමානවත් හා දැක්මක් ඇති කාන්තාවක්, 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපා ගින්නේ බහුතරයක් අප වීමට හේතු වූයේ කුමක් දැ?' යි විමසා සිටියාය. එතුමාණෝ ඊට හේතු වූ කරුණු මෙසේ පවසා සිටියහ. "නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය; දොස් නගන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය." පසුව ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විස්තර කළහ. "බුද්ධියෙන් හා ආගමෙන් හීන වූ ඔබ අතරින් නුවණැති, බුද්ධිමත්, අභිමානවත් පුරුෂයකු අබිබවා යා හැකි කිසිවකු මා දැක නැත." ඇය, "අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියාය. එතුමාණෝ මෙසේ පැවසූහ: "බුද්ධියේ හීන භාවය යනු කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියකුගේ සාක්ෂියට සමාන වීමය. එය බුද්ධියේ හීනභාවයයි. දහමෙන් හීන වනුයේ ඔසප් භාවය හේතුවෙන් දින ගණනාවක් සලාත් ඉටු නොකර රමළාන් මාසයේ උපවාසයේ නිරත නොවී සිටින බැවින් එහි දී දැහැමි ක්‍රියාවන්හි සිදුවන අඩුපාඩුවයි. එය ආගමෙන් සිදුවන හීනභාවයයි. නමුත් ඒ සඳහා ඔවුන් දොස් නගනු ලබන්නේ නැත. පාපයට හසු කරනු ලබන්නේ නැත. එය ඇගේ මැවීමේ මුල් ස්වභාවය වන බැවිනි. එමෙන්ම මිනිසා නිර්මාණය කර ඇත්තේ, ඔහුව මවා ඇත්තේ ධනයට ඇලුම් කරන, තම කටයුතුවලදී ඉක්මන්සුළු, අනුවනකම හා වෙනත් අඩුපාඩු සමගය. නමුත් ඔහු එමගින් අර්බුධයට ලක්වීමෙන් පරිස්සම් විය යුතුය."
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට 'බයිඅත්' දිවුරුම් දී සිටියහ: “(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”
رواه أبو داود بهذا اللفظ ورواه البخاري بدون زيادة (بعد الطهر)උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) සහාබිවරිය මෙසේ දන්වා සිටියාය: "ඇත්තෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ පසු වහනය වන දියර -එය කළු වර්ණයට නැඹුරු වීම හෝ කහ වර්ණයට නැඹුරු වීම - හයිල් තත්ත්වයක් බව සැළකුවේ නැත. එහෙයින් ඔවුන් සලාතය හෝ උපවාසය අත් හැරියේ නැත."
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් තුමා යටතේ සිටි, උම්මු හබීබා බින්ත් ජහ්ෂ් තුමිය අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රුධිර වහනය වීම පිළිබඳ පැමිණිළි කළාය. පසුව එතුමාණෝ ඇයට: “ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු.” යැයි පැවසූහ. පසුව ඇය සෑම සලාතයක දීම සෝද ගන්නට පුරුදු වී සිටියාය.
رواه مسلمඅඛණ්ඩව රුධිරය වහනය වීම ගැන සහාබිවරියක් විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළාය. එවිට, මෙම හදිසි අවස්ථාව ඇය වෙත පැමිණීමට පෙර ඇගේ ඔසප් කාලය ඇයව රඳවාගෙන සිටිය තාක් කල් ඇය සලාත් ඉටු නොකළ යුතු බවත් පසුව ඇය ස්නානය කර සලාතය ඉටු කළ යුතු බවත් ඇයට නියෝග කර සිටියහ. පසුව ඇය සෑම සලාතයක් සඳහාම සෝදා ගත්තාය.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.” හාකිම් තුමා විසින් වාර්තා කළ හදීසයක: “සැබැවින්ම එය (සංසර්ගය වෙත) නැවත හැරීමට වඩාත් උනන්දු කරවන්නකි.”
ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතකවරෙකු තම පවුල සමග නැවත නැවතත් සංසර්ගයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ ද එවැන්නන් හට නබි තුමාගේ මඟ පෙන්වීම පැහැදිලි කරමින් මෙම හදීසය පැමිණ ඇත. එතුමාණෝ මෙසේ පැවසූහ. “ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට” එනම් මිනිසෙකු තම පවුල සමග සංසර්ගයේ නිරත වී පසුව දෙවන තුන්වන වතාවටත් ඇය සමග සංසර්ගයේ නිරත වන්නට ආශා කළේ නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ පරිදි එතුමාගේ මඟපෙන්වීම වූයේ “ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.” යන්නෙනි. එනම් පළමුවර සංසර්ගයේ නිරත වීමෙන් පසු දෙවන වර සංසර්ගයේ නිරත වීමට පෙර යන්නයි. මෙහි වුළූ ධෝවනය යනුවෙන් අදහස් කර ඇත්තේ සලාතය සඳහා ගන්නා වුළූ ධෝවනයයි. සැබැවින්ම වුළූ ධෝවනය කිරීම යනුවෙන් භාවිතා කර තිබෙන විටෙක එය මූලික වශයෙන් දරණුයේ ආගමික පිළිවෙත පෙන්වා දෙන වුළූ ධෝවනයයි. ඉබ්නු හුසෙයිමා හා බයිහකී හි ඉතා පැහැදිලිව සඳහන්ව පැමිණ ඇත. එහි “සලාතය සඳහා ඔබ වුළූ ගන්නාක් මෙන් වුළූ ධෝවනය කරත්වා” මෙම වුළූ ධෝවනය මුස්තහබ් හෙවත් සතුටුදායක කරුණක් වන්නේය.
සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත“කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද” ඉන් අදහස් කරනුයේ ජුමුආ සලාතය සඳහා ගන්නා වුළූ ධෝවනයයි. “එමගින්” එනම් එම සුන්නාව හා අවකාශය පිළිපැදීම තුළින් “එය යහපත් විය.” එනම් එම සුන්නාව පිළිපදිමින් සිදු කළ ක්‍රියාව යහපත් විය. එය ඒ මත වන අගය කිරීමකි. “කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.” ඉන් අදහස් කරනුයේ කවරෙකු වුළූ ධෝවනයත් සමග ජුමුආ දිනයේ ස්නානය කළේ ද එය වුළූ ගැනීමට පමණක් සීමා වීමට වඩා උතුම් වන්නේය යන්නයි. බහුතර විද්වත්හු දරණුයේ මෙම මතයයි. ඒ අතරින් ප්‍රධාන පෙළේ ඉමාම්වරු සිව් දෙනා ද වෙති. ඔවුනට ආධාරකයක් ලෙස පිහිටන මුස්ලිම්හි තවත් හදීසයක් මෙසේය. “කවරෙකු වුළූ ධෝවනය කර එම සේදීම ඉතා මැනවින් ඉටු කර පසුව ජුමුආ සඳහා පැමිණ නිහඬව සිට එයට සවන් දුන්නේ නම් ජුමුආ වාරයේ සිට අනෙක් ජුමුආ වාරය දක්වා අතර වූ කාලයේ හා අමතරව තවත් දින දුනක් ද ඔහුට සමාව දෙනු ලැබේ.”
අම්ර් ඉබ්නු සලීම් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ඔහු: “මම අබූ සඊද් මත සාක්ෂි දරමින් පවසමි.” ඔහු “මම අල්ලාහ්ගේ දූතයාණන් මත සාක්ෂි දරමින් පවසමි” යැයි පවසා සිටි බව ප්‍රකාශ කර සිටියහ: “ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
متفق عليهජුමුආව අනිවාර්යය වූ වැඩිවියට පත් සෑම මුස්ලිම්වරයකුගේම වගකීම තුළ එය අනිවාර්යය වන අතර ජුමුආ දිනයේ ස්නානය කිරීමද වැදගත් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කළහ. එමෙන්ම මිස්වාක් දැහැටියෙන් හා එවන් බුරුසුවකින් තම දත් මැද ගැනිමත් කවර සුවදක් වුව ද අත්තර් වැනි සුවද විළවුන් ගල්වා ගැනීමත් වැදගත් වන්නේය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතශාපය ඇයැද සිටින මිනිසුන්ගේ ශාපය නියම වන කරුණු දෙකකින් නුඹලා වැළකී සිටිනු. එනම් කවරෙකු ඒ දෙක සිදු කරන්නේ ද ඔහු සුපුරුදු ශාපයට භාජනය වන්නේය. ඉන් අදහස් කරනුයේ මිනිසාගේ පුරුද්ද එවැනි කරුණකදී ශාප කිරීමය. එය ශාපයට ලක්වීමේ හේතුවකි. එය ඒ අයුරින්ම පිහිටි කල්හි එම කරුණු දෙක හේතුවෙන් ශාපය සේන්දු වනු ඇත. ඒ දෙක වනාහි මිනිසුන් යන එන මාර්ගයේ හෝ ඔවුන් හෙවණ ලබන ස්ථානයේ වැසිකිලි කැසිකිලි ඉටු කිරීමය. මෙය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය හා සමානය. “අල්ලාහ් හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑට නුඹලා දොස් නොකියනු. එවිට කිසිදු දැනුමකින් තොරව සතුරුකමින් ඔවුන් අල්ලාහ්ට දොස් නගනු ඇත.” (අන්ආම්: 108) එනම් සැබැවින්ම අල්ලාහ්ට ඔවුන් දොස් නැගීමෙහිදී නුඹලා එයට හේතුවක් බවට පත්වන්නෙහුය. ඊට හේතුව නුඹලා ද ඔවුන්ගේ දෙවිවරුන්ට දොස් නගා ඇති බැවිණි. තවදුරටත් මිනිසෙකු තම පියාට හා මවට දෙස් නැගීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ද තහනම් කළේය. එවිට ඔවුහු: මිනිසෙකු ඔහුගේ දෙමාපියන්ට බැණ වදිනු ඇත්ද? යැයි විමසුවෝය. එතුමා: එසේය. මිනිසා තවත් මිනිසෙකුගේ පියාට බැණ වදියි. එහෙයින් ඔහු එම මිනිසාගේ පියාට බැණ වදියි. ඔහුගේ මවට බැණ වදියි.” එවිට තම පියාට බැණ වදින්නෙකු මෙන් ඔහු පත් වනු ඇත. එය ඔහු එයට හේතුවක් වූ බැවිණි. “ජනයාගේ මාර්ගයේ වැසිකිලි කැසිකිලි යාම” එනම්: ජනයා ගමන් කරන ජනයා මාර්ග ලෙස ගත් ස්ථානවල මළ මූත්‍රා කරමින් තම ස්වභාවික අවශ්‍යතාවන් සපුරා ගැනීමයි. ඔහු පදිංචිව සිටිය ද ගමනක නිරත වුව ද එහි ගරුත්වය එක හා සමානව පැවතීමෙහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම එහි ඔවුනට වේදනාවක් ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය. “දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හට ඔවුන් ඉපැයූ දැයින් තොරව ඔවුනට වේදනා ගෙන දෙන්නෝ වෙති. සැබැවින්ම ඔවුන් බරපතල චෝදනාක් මෙන්ම පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය.” (අල් අහ්සාබ්: 58) එම මාර්ගය මිනිසා ගමන් නොයන ස්ථානයක් වී නම් තහනමට නියමිත හේතුව එහි නොමැති බැවින් ඔහුගේ අවශ්‍යතා එහිදී ඉටු කිරීමෙහි වරදක් නැති. “එසේ නැතහොත් ඔවුන්ගේ හෙවණෙහි හෝ” එනම් ජනයා ගොඩ බැස එහි වාඩි වී එය නැවතුම් ස්ථානයක් හා විවේකී ස්ථානයක් ලෙස ගත් හෙවණ ඇති ස්ථානවල තම වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කිරීමය. ජනයා නොයන ඒ වෙත යොමු නොවන මිනිසුන්ගෙන් තොර වූ ස්ථානයක් වී නම් අදාළ හේතුකාරණාව නොමැති බැවින් එහි යට තම අවශ්‍යතා ඉටු කිරීමෙහි කිසිදු වරදක් නැත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තල් ගසක් යට වාඩි වී තම අවශ්‍යතා ඉටු කළහ එහි හෙවණ තිබිණ.