





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා තමන්ට දැනුම් දුන් බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
رواه مسلمවුළූ ධෝවනය කර අවසන් කළද, තම පාදයේ නියපොත්තක තරම් ඉඩක ජලය නො තැවරී අත් හැරී තිබිණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. එවිට එතුමා එම අඩුපාඩු සහිත ස්ථානය පෙන්වා දී: "ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු. එය පූර්ණවත් කරනු. සෑම අවයවයකටම ජලයෙන් විය යුතු නියමය ඉටු කරනු" යැයි පැවසූහ. පසුව එම පුද්ගලයා නැවත ගොස් තම වුළූ ධෝවනය පූර්ණවත් කොට පසුව සලාතය ඉටු කළේය.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: “නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්‍රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
متفق عليهඅනිවාර්යය ස්නානය හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාඃ එකක (එනම් මුද්දු හතරක) සිට මුද්දු පහක් දක්වා ජල ප්‍රමාණයෙන් ස්නානය කරන්නෙකු වූ අතර මුද්දු එකක ප්‍රමාණයෙන් වුළු කරන්නෙකු වූහ. සාඃ එකක් යනු මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය (ශාරීරක) මැවීමක් සහිත මිනිසකුගේ දෝත පිරෙන්නට ඇති ප්රමාණයකි.
උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තාෙ කරන ලදී. ඔටුවන් රැකබලා ගැනීම අප වෙත පැවරී තිබිණ. මාගේ වාරය පැමිණියේය. හවස් කාලයේ ගාල් කිරීම සඳහා මම උන් රැගෙන ගියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් නැගිට ජනයා සමග කතා කරමින් සිටිනු මම දුටුවෙමි. එතුමාගේ එම ප්‍රකාශයෙන් මම ලබා ගත් දෑ මෙසේ විය: “කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.” එවිට මම “මෙය කෙතරම් අගනේ ද!” යැයි පැවසුවෙමි. එවිට මා අසළ සිටි කෙනෙකු මෙසේ පැවසීය. “මීට පෙර තිබූ දෑ වඩාත් අගනේය” පසුව මම හැරී බැලුවෙමි. එවිට උමර් තුමා: “සැබැවින්ම මම ඔබව දුටුවෙමි. ඔබ සමීපයට අවෙහිය.” යැයි පැවසීය. ඔහු “නුඹලා අතරින් කිසිවකු හෝ වුළූ ධෝවනය කොට එම වුළූ ධෝවනය සම්පූර්ණ කොට පසුව: “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි.) යැයි පවසා සිටින්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් එහි පිවිසෙනු ඇත.” යැයි පැවසුවේය.
رواه مسلمමිනිසුන් අතර අති වැදගත් මහඟු කරුණු දෙකක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. පළමුවැන්න: නබි තුමාණන් පෙන්වා දුන් සුන්නා ක්‍රමයට අනුව කවරෙකු හෝ වුළූ ගෙන, එය විධිමත්ව ඉටු කර, එය නිසි අයුරින් පූර්ණවත් කොට, එමෙන්ම සෑම අවයවයකටම නියමිත ආකාරයෙන් ජලය සපයා පසුව 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලුහූ' යැයි පවසා සිටියේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අට විවෘත කරනු ලබන අතර ඔහු ඉන් අභිමත කරන කැමති දොරටුවකින් පිවිසෙනු ඇත. දෙවැන්න: කවරෙකු පූර්ණ ලෙස වුළූ ධෝවනය කර වුළූ කිරීමෙන් පසුව අවංක හා භක්තිමත් මනසකින් යුතුව එමෙන්ම ඔහුගේ මුහුණ ඇතුළුව අනෙකුත් සියලුම ශරීර අවයව අල්ලාහ්ට යටත් කරමින් රකආත් දෙකක් ඉටු කළේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනෙකක් නැත.
අබ්දු කයිර් තුමා අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් ලබා මෙසේ වාර්තා කරන ලදී. ‘දහම චින්තනයෙන් යුත් වී නම්, මේස් සපත්තුව පහළ කොටස එහි ඉහළ කොටසට වඩා පිරි මැදීමට යෝග්‍ය වනු ඇත. නමුත් “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) එතුමාගේ මේ සපත්තු දෙක මතුපිටින් පිරිමදිනු මම දැක ඇත්තෙමි.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතඅලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි. ‘දහම කියූ පරිදි නොව බුද්ධිමය ලෙසින් ගනු ලබන්නක් වී නම්, මේස් සපත්තුව පහළ කොටස එහි ඉහළ කොටසට වඩා පිරි මැදීමට සුදුසු වනු ඇත. හේතුව සැබැවින්ම එහි පහළ කොටස ඍජුව මහපොළොවේ මෙන්ම එහි ඇති කිලිටි හා අපවිත්‍ර දෑහි ගැටෙන බැවිණි. ඒ අනුව බුද්ධිමය කෝණයෙන් බැලූ විට පිරිමැදීමට වඩාත් සුදුසු වන්නේ එයයි. නමුත් ෂරීආ පිළිවෙත එයට විරුද්ධව පැමිණ ඇත. ඒ අනුව කටයුතු කිරීමත් මූලාශ්‍රයට විරුද්ධ අදහස් අත්හැරීමත් අනිවාර්යය වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) එතුමාගේ මේස් සපත්තු දෙක මතුපිටින් පිරිමදිනු ඔහු දැක ඇත. තවත් පැත්තකින් බලන කළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සිදු කළ දෑ බුද්ධියට අනුකූලව ද පිහිටයි. ඊට හේතුව මේස් සපත්තුවට පහළ කොටස ජලයෙන් පිරිමදින විට, අපවිත්‍ර දෑ එය ඉසිලීමට හේතු වන්නේය. එබැවින් ඊට ඉහළින් තැවරුණු දුහුවිලි ඉවත් කිරීම සඳහා එහි ඉහළ කොටස පිරිමැදීම නියම වන්නේය. ඊට හේතුව සැබැවින්ම දකින කොටස මේස් සපත්තුවේ මතුපිට කොටස වන බැවිණි. ඒ අනුව එය පිරිමැදීම වඩාත් යෝග්‍ය වේ. ආගමික නීති සියල්ලක්ම සහජ බුද්ධියට පටහැනිව පිහිටා නැත. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් බුද්ධිමතුන්ට එය සැඟවී පවතී.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවෙකු හෝ වුළූ ධෝවනය කර පසුව සමෙන් සාදන ලද පාවහන් යුගල පැළඳ ඇත්නම්, ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමදිත්වා. ඒ දෙක පැළඳ ගෙනම සලාත් කරත්වා. අනිවාර්යය ස්නානය හේතුවකින් මිස ඔහු කැමතිනම් ඒ දෙක නොගළවත්වා.”
رواه الدارقطنيමුස්ලිම්වරයකු වුළූ ධෝවනය කිරීමෙන් පසු ඔහුගේ පාවහන් දෙක ඔහු පැළඳ ගත්තේ නම්, ඉන්පසුව ඔහු කිලිටි තත්ත්වයට පත් වූ විටෙක, නැවත වුළූ ධෝවනය කිරීමට ඔහු සිතුවේ නම් ඔහු ඒ දෙක මත (මස්හ්) පිරිමැදිය යුතුය. ඒ දෙක පැළඳගෙනම සලාත් ඉටු කළ යුතුය. නියමිත කාලය තුළ ඒ දෙක ගළවා නොදැමිය යුතුය. නමුත් ඔහු අනිවාර්යය ස්නානය කිරීමේ තත්ත්වයක් උදා වූ විටෙක ඒ දෙක ගලවා ස්නානය කළ යුතුය.
උර්වා -රළියල්ලාහු අන්හු- තුමා, ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් ලබා මෙසේ වාර්තා කරයි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ. එවිට ඔහු: ඔබ හැර අනෙක් අයට ද? යැයි විමසා සිටියේය. එවිට ඇය සිනහසුනාය.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිපගෙන පසුව වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගිය සිද්ධිය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය දන්වා සිටියාය. පසුව ආඉෂා තුමිය විසින් ලබා වාර්තා කළ උර්වා -රළියල්ලාහු අන්හා- තුමා මෙම කරුණ වටහා ගත්තේය. සැබැවින්ම මෙම හදීසයේ සඳහන්, නම් නොදරන බිරිය ආඉෂා -රළියල්ලාහු අන්හා යැයි හඳුනා ගත්තේය. ඔහු ඒ ගැන ඇයට දන්වා සිටි කල්හි, ඔහු වටහා ගත් දෑ සහතික කරන අයුරින් ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය සිනහ සුනාය. “එතුමා වුළු නොගෙන“ යන ප්‍රකාශ වනාහි එය එහි නීතියේ මූලයයි. මිනිසකු තම බිරිය ස්පර්ශ කිරීමෙන් හෝ ඇය සිප ගැනීමෙන් හෝ පොදුවේ වුළු අවලංගු නොවේ. එය ආශාවෙන් යුතුව හෝ ආශාවෙන් තොරව වුවද එක සමානය. එහි මූලය වුළු සුරක්ෂිතය. පිරිසිදුකම සුරක්ෂිතය යන්නයි. තිරයකින් තොරව ඍජුව ගැටීමෙන් මිස වෙන කිසිවක් වුළු අවලංගු කරන්නේ නැතැයි පැවසීම සුදුසු නොව්. පොදුවේ කාන්තාවක් ස්පර්ශ වීමෙන් වුළු අවලංගු වේ යැයි පෙන්වා දෙන කිසිදු සාධකයක් මෙහි නැත. මූලිකාංගය වනුයේ පිරිසිදු බව පවතින්නේය යන්නයි. ‘අව් ලාමස්තුමුන් නිසා“ යන කුර්ආන් පදයට නිවැරදි අර්ථ කථනය වනුයේ සංසර්ගයේ නිරත වීම යන්නයි. එමෙන්ම “අව් ලමස්තුමුන් නිසා“ යනුවෙන් කියැවී ඇත. එයින් අදහස් කරන්නේද සංසර්ගයයි. ඉබ්නු අබ්බාස් තුමා හා තවත් විද්වතුන් පිරිසක් සඳහන් කර ඇත්තේ එලෙසය. හේතුව පොදුවේ මිනිසකු තම බිරිය සිප ගැනීමෙන් කාමාශාව ඇති වේ. ඒ අනුව ආශාවෙන් යුතුව බිරිය ස්පර්ශ කිරීම වුළු අවලංගු නොවන බව පෙන්වා දෙයි. නමුත් ඒ හේතුවෙන් යමක් පිටවන්නේ නම් වුළු අවලංගු වන්නේය.
තල්ක් ඉබ්නු අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අපි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියෙමු. එවිට මිනිසෙකු පැමිණියේය. ඔහු ගැමි අරාබි ජාතිකයෙක් මෙන් පෙනුනි. පසුව ඔහු, අල්ලාහ්ගේ නබිවරයාණනි! වුළූ ගත් පසුව තම ලිංගය ස්පර්ශ කළ මිනිසෙකු සම්බන්ධයෙන් ඔබ දකින්නේ කෙසේද? එවිට එතුමා: “එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?“ එසේ නැතිනම් “එයින් වූ මස් කැබැල්ලකි“ යනුවෙන් විමසූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: “වුළු ගත් පසුව තම ලිංගය ස්පර්ශ කළ මිනිසෙකු සම්බන්ධයෙන් ඔබ දකින්නේ කෙසේද? එනම්, වුළු ගත් පසු මිනිසා තම ලිංගය ස්පර්ශ කළ විට ආගමානුකූල නීතිය පනවන්නේ කුමක් ද? ඒ සඳහා කිසිවක් කළ යුතුව තිබේද?“ යන්නයි. අහ්මද්හි සඳහන් තවත් වාර්තාවක, මිනිසෙකු සලාතයේදී තම ලිංගය ස්පර්ශ කරයි. ඔහු වෙත වුළු අනිවාර්යය වේවිද? එවිට එතුමා නැත, “එය ඔබෙන් වූවකි.“ යැයි පැවසූහ. “එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?“ එසේ නැතිනම් “එයින් වූ මස් කැබැල්ලකි“ යන ප්‍රකාශය වනාහි, එනම්, සැබැවින්ම ලිංගය ශරීරයේ සෙසු අවයව මෙන් වූ අවයවයකි. වුළු ගත් අයකු තම අත, තම පාදය, තම නාසය, තම හිස ස්පර්ශ කළ විට එමගින් වුළූ අවලංගු නොවේ. තම ලිංගය ස්පර්ශ කළ විටද එලෙසමය. මෙම හදීසය වෙනස් කරන ලද්දකි. එසේ නැතිනම් තිරයක ආවරණයකින් ලිංගය ස්පර්ශ කිරීම යන නීතිය උසුලන්නකි. ලිංගය අතින් ඍජුව ස්පර්ශ කළේ නම් වුළු අවලංගු වේ. ඒ සඳහා වෙනත් හදීස් වාර්තා වී ඇත.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔවුහු ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන යහපත කියමින් පැසසුමට ලක් කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන අයහපත කියමින් වර්ණනා කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘නියම වූයේ කුමක් ද?’ යැයි විමසීය. එවිට එතුමාණෝ: “මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත වර්ණනා කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.” යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසහාබාවරු කිහිප දෙනෙක් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඔහු ගැන යහපතත්, ඔහු අල්ලාහ්ගේ දහම මත ස්ථාවරව සිටිය බවත් සාක්ෂි දැරුවෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන්ගේ අගය කිරීමට සවන් දුන් කල්හි එතුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. නමුත් ඔහු අයහපත කියමින් ඔවුහු සාක්ෂි දැරුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘එය නියම විය’ යනුවෙන් එම ස්ථාන දෙකෙහි කළ ප්‍රකාශයෙහි තේරුම කුමක්දැ?යි විමසා සිටියේය. සැබැවින්ම ඔබ කවරෙකුට යහපත, දැහැමිභාවය හා ස්ථාවරභාවය සම්බන්ධයෙන් සාක්ෂි දැරුවෙහු ද ඔහු ස්වර්ගය නියම වූ අයෙකි. එමෙන්ම කවරෙකු සම්බන්ධයෙන් නපුර කතා කරමින් සාක්ෂි දැරුවෙහු ද ඔහු අපා ගින්න නියම වූ අයෙකි. ඇතැම් විට කුහකත්වය හෝ වෙනත් යම් කරුණකින් ඔහු ප්‍රචලිත වී තිබෙන්නට පුළුවන. පසුව සැබැවින්ම සත්‍යය, භාග්‍යවන්ත හා දැහැමි ජනයා කවරෙකු සම්බන්ධයෙන් ඔහුට ස්වර්ගය හිමිය යැයි හෝ නිරය හිමිය යැයි හෝ සාක්ෂි දැරුවෝ ද සැබැවින්ම ඔහු එලෙසම වනු ඇත.
අස්-සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- නම් සහාබිවරයා විසින් මෙම හදීසය වාර්තා කරන ලදී. එතුමා මෙසේ පවසා සිටියහ. මම මස්ජිදයේ සිටියෙමි. එවිට මිනිසෙකු මට ගල්කැටවලින් ගැසුුවේය. එවිට මම හැරී බැලුවෙමි. එය උමර් ඉබ්නු කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමා විය. එතුමා, ඔබ ගොස් අර දෙදෙනා කැඳවාගෙන එන්නැයි පැවසූහ. පසුව මම ඔවුන් දෙදෙනා කැඳවාගෙන් ආවෙමි. එවිට එතුමා, ඔබ දෙපළ කොහේ සිට පැමිණ ඇත් ද? යැයි විමසූහ. එවිට ඔවුන් දෙදෙනා, අපි තාඉෆ් වැසියෝ වෙමු යැයි පවසා සිටියෝය. එවිට එතුමා ඔබ දෙදෙනා මෙම ප්‍රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙපළට දඬුවම් කර ඇත්තෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය.යැයි පැවසුහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅස්-සාඉබ් ඉබ්නු යසීද්-රළියල්ලාහු අන්හු- තුමා තමන් ඉදිරියේ සිදුවූ සිදුවීමක් පිළිබඳ මෙසේ විස්තර කළහ. එනම් උමර් තුමාගේ කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ හඬනගා කතාකරමින් සිටි මිනිසුන් දෙදෙනෙකු විය. එය උමර් -රළියල්ලාහු අන්හු-තුමාගේ කණට වැටුණි. එවිට එතුමා අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමාට කුඩා ගල්කැටවලින් ගැසූහ. එය එම පුද්ගලයින් දෙදෙනා එතුමා වෙතට ගෙන ඒමේ අරමුණෙනි. අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ පවසා සිටියහ. මම ඔවුන් දෙදෙනා කැඳවා ගෙන ආවෙමි. ඔබ දෙදෙනා කොහෙ සිට පැමිණියේ දැයි විමසූහ. එවිට ඔවුන් දෙදෙනා තාඉෆ් වාසීන් අතුරින් වෙමු යැයි පැවසුවෝය. එතුමා, ඔබ දෙදෙනා මෙම ප්‍රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙදෙනාට පහර දී දඬුවම් කරමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය, යැයි පැවසූහ. එනම් ඔබ දෙදෙනා මදීනා වාසීන් අතුරින් වී නම්, අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ හඬ නගා කතා කිරීම හේතුවෙන් මම ඔබ දෙදෙනාට දඬුවම් කර ඇත්තෙමි යන්නයි. ඔවුන් දෙදෙනා මදීනාවාසීන් අතුරින් නොවූ බැවින් ඔවුන් දෙදෙනාගේ නොදැනුවත්කම නිසා ඔවුන් දෙදෙනාට එතුමා අවවාද කළහ. හේතුව මොවුන් දෙදෙනාගේ තත්ත්වය මෙන් වූ තත්ත්වයක සිටින්නන්ට ෂරීආ නීතිය බොහෝ දෑ සැඟවී ඇති බැවිනි.