





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තක්බීර් සමඟ සලාතය ආරම්භ කර "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්.. “ (සූරා අල්-ෆාතිහා) පාරායනය කළහ. එතුමාණන් රුකූඋ ඉරියව්වට ගිය විට, එතුමාණන් හිස එසවූයේ නැති අතර පහත් කළේ ද නැත, නමුත් ඒ අතර (සමාන්තරව) තබා ගත්හ. රුකූඋ ඉරියව්වේ සිට හිස එසවූ විට, සීරුවෙන් සිට ගන්නා තුරු එතුමාණන් සුජූද් කළේ නැත. සුජූද් ඉරියව්වෙන් එතුමාණන් නැගිටින විට, ඍජුව වාඩි වන තුරු (දෙවන) සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකම අත්-තහය්යාතු (තෂහ්හුද්) පැවසූහ. එතුමාණන් තම වම් පාදය නමා (ඒ මත වාඩි වී) දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. එතුමාණන් ෂෙයිතාන්ගේ ඉරියව් ක්‍රම භාවිතය තහනම් කිරීමට පුරුදුව සිටියහ. තවද මිනිසෙකු මෘග සතෙකු මෙන් තම දෑත් විහිදුවීමෙන් වාඩිවීම වළක්වන ලදී. තවද එතුමාණන් සලාම් පවසා සලාතය අවසන් කළහ."
رواه مسلمමුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කළ ආකාරය මෙසේ විස්තර කළාය. එතුමාණන් 'අල්ලාහු අක්බර්' යැයි ආරම්භක තක්බීර් සමඟ සලාතය ආරම්භ කර සූරා අල්-ෆාතිහා පාරායනා කරන්නට ආරම්භ කළහ. එනම් "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්..." ය. එතුමාණන් 'කියාම්' ඉරියව්වෙන් රුකූඋ ඉරියව්වට ගිය විට, රුකූඋ ඉරියව්ව අතරවාරයේ එතුමාණන් තම හිස ඔසවා ගත්තේ නැති අතර පහත් කර ගත්තේ ද නැත. ඒ වෙනුවට ඍජුව සමාන්තරව තබා ගත්හ. රුකූඋ ඉරියව්වෙන් හිස එසවූ විට, සුජූද් කිරීමට පෙර සීරුවෙන් සිට ගත්හ. පළමු සුජූද් ඉරියව්වෙන් එතුමාණන් හිස ඔසවා ගත් විට, ඍජුව වාඩි වන තුරු දෙවන සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකින් පසුව 'අත්-තහය්යාතු වස්සලාතු වත්තය්යිබාතු..." යනුවෙන් තෂහ්හුද් පැවසූහ. එතුමාණන් සුජූද් දෙක අතර හෝ තෂහ්හුද් සඳහා හෝ වාඩි වූ විට තම වම් පාදය නමාගෙන ඒ මත වාඩි වී දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. ෂෙයිතාන්ගේ ඉරියව්වෙන් වාඩි වීම එතුමාණෝ වැළැක්වූහ. එනම් තම පාද දෙකම පොළොවේ විහිදුවා තබා ගෙන ඔහුගේ විළුඹ මත වාඩි වීම හෝ තම තට්ටම් දෙක පොළොවට ඇළෙන සේ වාඩි වී තම කෙණ්ඩ දෙක සිටුවා තබා සුනඛයකු වැතිරී සිටින්නානක් මෙන් තම අත් දෙක පොළොවේ තබා වාඩි වීම එසේ නැතහොත් මෘග සතුන් දිගාවී සිටන්නාක් මෙන් සුජූද් හි තම අත් දෙක මගින් වාඩි වී සුජූද් හි ඒ දෙක විහිදුවා තබා ගැනීමය. තවද එතුමාණන් "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් වරක් දකුණු දෙසට හා තවත් වරක් වම් දෙසට හැරී සලාම් පවසා සලාතය අවසන් කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් (වේදිකාව) මත සිටිය දී මිනිසෙක් මෙසේ විමසීය. 'රාත්‍රී සලාතය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද?' එතුමාණෝ "දෙක දෙක බැගින් විය යුතුය" නමුත් සුබ්හු උදාවේ යැයි ඔබ බිය වූයේ නම් එක් රකආතයක් පමණක් ඉටු කරන්න. එවිට ඉටු කළ සලාතය ඔත්තේ බවට පත්වනු ඇත. එතුමාණෝ: "ඔබේ සලාතයේ අවසානය ඔත්තේ බවට ඔබ පත් කර ගන්න" යැයි පවසමින් සිටියහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන නියෝග කළහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් වේදිකාව මත සිටිය දී මිනිසෙකු පැමිණ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, රාත්‍රියේ මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද" යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ඔබ සලාත් ඉටු කරන්න. සෑම රකආත් දෙකකටම සලාම් පවසන්න. උදෑසන උදාවනු ඇතැයි බියක් දැනුනු විට එක් රකආතයක් ඉටු කරන්න. ඔබ කළ සලාතය ඔත්තේ බවට පත් වනු ඇත. තවද සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රී සලාතයේ අවසානය ඔත්තේ බවට පත් කර ගන්නැයි, උපදෙස් දෙමින් සිටියහ.
ඉක්රිමා තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අලී (රළියල්ලාහු අන්හු) තුමා පිරිසක් ගින්නෙන් පුළුස්සා දැමුවේය. එය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා වෙත දැනගන්නට ලැබී ඒ ගැන එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: "අල්ලාහ් දඬුවම් කරන ආකාරයෙන් ඔබ දඬුවම් නො කරන්න" යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇති බැවින් මම ඔවුන් පුළුස්සා නොදමන්නට සිටිය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'කවරෙකු දහම වෙනස් කළේ ද ඔබ ඔහුව මරා දමන්න' යැයි ප්‍රකාශ කර ඇති නිසා මම ඔවුන් මරා දැමුවෙමි" යැයි පැවසීය.
رواه البخاريඅලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමයෙන් ඉවත් වූ මිථ්‍යාදෘෂ්ටික අන්තවාදීන් පිරිසක් ගින්නෙන් පුළුස්සා දැමීය. මේ ගැන දැනගත් අබ්දුල්ලා ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා ඔවුන් මරා දැමීමට ඔහුට සහාය දුන් නමුත් ඔවුන් ගින්නෙන් පුළුස්සා දැමීම ප්‍රතික්ෂේප කළේය. තවදුරටත් මෙසේ පැවසීය. "ඔහුගේ ස්ථානයේ මා සිටියේ නම් මම ඔවුන් ගින්නෙන් පුළුස්සා නොදමමි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගින්නට හිමි පරමාධිපතියාණන් වූ අල්ලාහ්ට හැර ගින්නෙන් දඬුවම් දීමට වෙනත් කිසිවකුට යුතු නොවන බව පැහැදිලි කර ඇති බැවිනි." නමුත් ඔවුන්ව මරා දැමීම ගැන හෙතෙම සෑහීමට පත් විය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය පරිදිය. එනම් කවරෙකු ඉස්ලාමය අත්හැර දමා තම දහම වෙනස් කර, වෙනත් දහමක් වැළඳ ගෙන ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කළේ ද ඔහුව මරා දමනු යැයි පවසා ඇත්තාහ.
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ව යමන් දේශයට යැවූ කල්හි, ගවයින්ගෙන් සෑම තිහකටම (වසරක් සම්පූර්ණ වූ) තබීආ හෙවත් වස්සෙකු හෝ තබීආ හෙවත් වැස්සියකු (සකාත් ලෙස) ගන්නා මෙන් ද සෑම හතළිහකටම (වසර දෙකක් සම්පූර්ණ වූ) මුසින්නා හෙවත් වැස්සියෙකු ගන්නා මෙන් ද, වැඩි වියට පත් වූ සෑම කෙනෙකුගෙන්ම එක් දීනාරයක් හෝ එයට සරිළන සේ යමන් දේශයට අයත් රෙදි පිළි අතරින් මආෆිර් වර්ගයේ රෙදි පිළි ගන්නා මෙන් ද නියෝග කළහ.
رواه أبو داود والترمذي والنسائي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමාව යමන් දේශයේ ජනතාවට ඉගැන්වීම පිණිස හා ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කිරීම පිණිස එහි යැවූහ. ඔහුට කරනු ලැබූ නියෝග අතරින් එක් කරුණක් වූයේ මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ගේ ගවයින් සඳහා වන සකාත් ලබා ගන්නා ලෙස ය. එනම් ගවයින් තිස් දෙනෙකුට වසරක් සම්පූර්ණ වූ තබීඃ වර්ගයේ ගවයෙකු හෝ තබීආ වර්ගයේ වැස්සියෙකු හෝ සකාත් වශයෙන් ගැනීම හා සෑම හතළිස් දෙනෙකුටම වසර දෙකක් සම්පූර්ණ වූ මුසින්නා වර්ගයේ එළදෙනෙකු සකාත් ලෙස ගැනීමය. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයාගෙන් වැඩිහිටිභාවය ලැබූ සෑම පිරිමියෙකු වෙනුවෙන්ම එක් දීනාරයක් බදු වශයෙන් ගැනීම හෝ දීනාරයකට සමාන වටිනාකමක් ඇති මආෆිරී හෙවත් යෙමන් දේශයේ රෙදිපිළි ගැනීම ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. දිගු දත් ඇති සෑම මෘග සත්වයකුගෙන්ම හා තල සහිත හොට ඇති සෑම පක්ෂියකුගෙන්ම වැළැක්වූහ.
رواه مسلمදිගු දත් මගින් දඬයම් කරන මෘග සතුන් අනුභව කිරීමෙන් ද, තල සහිත හොටින් දඬයම් කර ඉරා අනුභව කරන පක්ෂීන් අනුභව කිරීමෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "භාරයක් සඳහා වන ප්රතිකර්මය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මයට සමානය."
رواه مسلمනියත භාරයක් සඳහා වන ප්රතිකර්මය එහි දී නිශ්චිතව එය කුමක් දැයි නියම කර නොමැති නම් සහ එය නම් කර නොමැති නම්, එය දිවුරුමක් සඳහා වන ප්රතිකර්මය බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
සෆීනා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. හෙතෙම මෙසේ පවසා සිටියේය: අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ලිංගික සංසර් ගය හේතුවෙන් එක් සාඃ ප්‍රමාණයක ජලයෙන් පවා ස්නානය කළ අතර එක් මුද් ප්‍රමාණයකින් පවා වුළූ දෝවනය කළහ.
رواه مسلمනබි (ﷺ) තුමාණෝ ලිංගික සංසර් ගය හේතුවෙන් එක් සාඃ ප්‍රමාණයක ජලයෙන් පවා ස්නානය කළ අතර එක් මුද් ප්‍රමාණයකින් පවා වුළූ දෝවනය කළහ. සාඃ යනු මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය මිනිසකුගේ දෝතට පිරෙන ප්‍රමාණයයි.
ඉබ්රාහීම් අන්-නහඃඊ තුමා හම්මාම් ඉබ්නු අල්-හාරිස් ගෙන් ලබා මෙසේ ප්‍රකාශ කරයි: ජරීර් තුමා මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාගේ හම් සපත්තු දෙක මත මස්හ් කළේය. එවිට ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි දැයි විමසන ලදී. එවිට එතුමා: එසේය, අල්ලාහ්ගේ දූතයාණන් මූත්‍රා කළ පසු ජලයෙන් වුළු දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි. ඉබ්රාහීම් තුමා ප්‍රකාශ කළ බව අල්මෂ් තුමා මෙසේ පවසයි: මෙම හදීසය ඔවුන් මවිතට පත් කළේය. මක්නිසාදයත් ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි.
متفق عليهජරීර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හු) තුමා මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කළේය. එහි දී එතුමාගේ දෙපා සේදීමකින් තොරව හම් සපත්තු දෙක මත මස්හ් පමණක් සිදු කර ගත්තේය. එවිට ඔහු අවට සිටි අය: ඔබ මෙසේ සිදු කරනුයේ ඇයි? දැයි විමසුවෝය. එවිට එතුමා: "එසේය, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මූත්‍රා කර, පසුව වුළූ දෝවනය කර එතුමාණන්ගේ හම් සපත්තු දෙක මත මස්හ් කරනු මම දැක ඇත්තෙමි." යැයි පැවසුවේය. ජරීර් තුමා ඉස්ලාමය වැළඳගෙන තිබුණේ ප්‍රමාදව සූරා අල්-මාඉදා පහළ වීමෙන් පසු ව වූ බැවිනි. මෙම පාඨයෙන් හම් සපත්තු දෙක මස්හ් කිරීමේ නීතිය වෙනස් කර නැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
ජාබිර් ඉබ්නු සම්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ. තවත් ප්‍රකාශයක: හිරු උදාවන තුරු (සුබ්හු) අළුයම් කාල සලාතය ඉටු කළ ස්ථානයෙන් එතුමාණන් නැගිට්ටේ නැත. හිරු නැඟුනු පසු එතුමා නැඟිට සිටියේය. ඔවුන් ජාහිලියා කාලයේ දේවල් සිහිපත් කරමින් ඒවා ගැන කතා කරමින් සිනහ සෙමින් හා මද සිනහ පාමින් සිටියහ.
رواه مسلمෆජ්ර් සලාතය ඉටු කළ විට හිරු ඉහළට නැගෙන තුරු සලාත් කළ එම ස්ථානයේම වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවකි. එතුමාණන් ෆජ්ර් සලාතය ඉටු කළ ස්ථානයෙන්, හිරු උදාවන තුරුම නැගිට ගියේ නැත. එතුමාණන් හිරු උදා වූ විට නැගිට සිටියි. සහාබාවරුන් ඉස්ලාමයට පෙර සිදු වූ ඇතැම් සිද්ධීන් පිළිබඳ එහිදී මතක් කරමින් සිනහසෙමින් සිටිති. එවිට එතුමාණෝ නිහඬ ව හිද ඇතැම් විට ඔවුන් සමග එක්ව මද සිනහ පෑහ.