





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((ඔබ අතුරින් කිසිවකු හෝ තම පවුල සම්බන්ධෙයන් දිවුරා සිටීමෙහි ඉක්මවා යෑම, අල්ලාහ් අනිවාර්යය කළ කෆ්ෆාරා (ප්රතිකර්මය) පිරිනැමීමට වඩා අල්ලාහ් අභියස එය බරපතල පාපයකි.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: මුස්ලිම්වරයකු තම පවුල හා බැඳුණු කරුණක් සම්බන්ධයෙන් දිවුරුමක් කර ඇත්නම්, ඔවුහු ද පීඩාවට පත් වී, තමන් කළ දිවුරුමෙන් නැවත හැරීමක් නොවන්නේ නම් ඔහු මහා පාපයක් සිදු කර ඇත. පසුව තම පවුල සම්බන්ධයෙන් කළ දිවුරුම නොසළකා අඛණ්ඩව සිටින්නේ නම්, අල්ලාහ් අභියස ඔහුට මහා පාපයක් වේ. එනම්: මහත් පාපයක් මෙන්ම බරපතල වරදකි. "අල්ලාහ් ඔහු වෙත අනිවාර්යය කළ කෆ්ෆාරා හෙවත් ප්රතිකර්මය දීමට වඩා" යන්නෙහි තේරුම: නියත වශයෙන්ම දිවුරුම සඳහා වූ අල්ලාහ් නියම කළ ප්රතිකර්මයන් නම් කොට ඇත. නමුත් ඔහු එම දිවුරුම මත අඛණ්ඩව නොසිට. ඔහු එම දිවුරුමින් හැරෙන කල්තාක් පාපයක් නොවන්නේය. නමුත් එම දිවුරුම මත අඛණ්ඩව සිටින්නේ නම් පාපයක් හා බරපතල වරදක් වනු ඇත. හේතුව එය පවුලට පීඩා ගෙන දෙන බැවිනි. එම විෂයයෙහි අල්ලාහ් පුළුල් භාවයක් ඇති කොට ඇත. බුහාරි හා මුස්ලිම් හි එන හදීසයක මෙසේ සඳහන් වේ. ඔබ යම් දිවුරුමක් මත් දිවුරා සිට පසුව එය නොවන ඊට වඩා යහපත් දෙයක් දුටුවෙහි නම් එම යහපත ගෙන එනු. ඔබේ දිවුරුමට ප්‍රතිකර්මයක් කරනු. ඉමාම් නවවි සතු මුස්ලිම්හි විග්‍රහය (11/123) ෆත්හුල් බාරී (11/519) මිර්කාතුල් මෆාතිහ් (6/2239)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ (සත්ව) ගොම හෝ අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම තහනම් කළහ. එමෙන්ම, "සැබැවින්ම ඒ දෙක පිරිසිදු කරන්නේ නැත" යැයි ද පවසා සිටියහ.
رواه الدارقطنيසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මළ මූත්‍රා කිරීමෙන් පසු (සත්ව) ගොම, වියළුණු අපද්‍රව්‍ය හෝ අස්ථි කොටස් යොදා ගනිමින් පිරිසිදු කිරීම තහනම් කළ අතර එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඒවා අපවිත්‍ර දෑ ඉවත් නොකරයි. ඉන් පිරිසිදු නොකරයි."
දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
رواه أبو داود والترمذي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළ පහ කිරීමෙන් තම අවශ්‍යතාව ඉටු කිරීමෙන් පසු බැහැරව ගිය විට 'ගුෆ්රානක' යැයි පවසා දෙවියනි! මම ඔබෙන් සමාව අයදිමි' යැයි පවසන්නෙකු වූහ.
සල්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. බහුදේවවාදීහු අපට මෙසේ පවසා සිටියහ: "සැබැවින්ම මම ඔබේ සගයාව දකින්නේ, ඔහු මළපහ කිරීම ගැන පවා ඔබලාට උගන්වන අයකු ලෙස ය." එවිට ඔහු: "එසේය, සැබැවින්ම අප අතරින් කිසිවෙකු හෝ තම දකුණතින් පිරිසිදු කිරීම හෝ කිබ්ලාවට මුහුණ ලෑම එතුමාණෝ වැළැක්වූහ. එමෙන්ම ගොම හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වැළැක්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ: 'ඔබ අතරින් කිසිවෙකු හෝ ගල්කැට තුනකට වඩා අඩුවෙන් පිරිසිදු නොකළ යුතුයි.'
رواه مسلمසල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: "බහුදේවවාදීහු සමච්චලයට අපට මෙසේ පවසා සිටියහ:" "සැබැවින්ම ඔබේ වක්තෘවරයා ඔබට සෑම දෙයක්ම උගන්වයි. මළ මූත්‍රා කරන ආකාරය පවා ඔබට උගන්වමින් සිටියි." එවිට සල්මාන් තුමා මෙසේ පැවසීය: "ඔව්, අපි මළ මූත්‍රා කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම එතුමාණෝ අපට උගන්වා ඇත. මළ මූත්‍රා කිරීමෙන් පසු තම දකුණතින් පිරිසිදු කිරීම එතුමාණන් අප වළක්වා ඇත. එය දකුණත අපවිත්‍ර දැයින් ආරක්ෂා කිරීමක් හා එයට කරන ගරු කිරීමක් වශයෙනි. එමෙන්ම මළ මූත්‍රා කරන අවස්ථාවේ කිබ්ලාවට මුහුණ ලෑමෙන් ද අප වළක්වා ඇත. තවදුරටත් සත්ව ගොම, සත්ව කොටස් හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වළක්වා ඇත. එමෙන්ම පිරිසිදු කිරීමේ දී ගල්කැට තුනකට වඩා අඩු ප්‍රමාණයකින් සීමා නොකර ගත යුතු යැයි ද දන්වා ඇත."
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. හසන් -රළියල්ලාහු අන්හු- තුමා සකාත් ඉඳිවලින් ඉඳි ගෙඩියක් රැගෙන තම කටට දමා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “චී, චී, එය විසිකරනු. සැබැවින්ම අපි සකාත් දෑ අනුභව නොකළ යුතු බව ඔබ නොදන්නෙහි ද?“ යැයි පැවසූහ. තවත් වාර්තාවක, “සැබැවින්ම අපට සකාත් භාණ්ඩ අනුමත නොවේ.“ යැයි සඳහන්ව ඇත.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා සකාත් වශයෙන් රැස් කර තිබූ රට ඉඳිවලින් ඉඳිගෙඩියක් ගෙන තම කට තුලට දැමුවේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කහ් කහ් (චි චි) යැයි පැවසූහ. එනම්: එය ඔබට සුදුසු නැත. පසුව එය තම කටින් එළියට ගන්නා මෙන් නියෝග කළහ. සකාත් භාණ්ඩ මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පවුලේ උදවියට අනුමත නොවන්නකි. හේතුව ඔවුහු මිනිසුන් අතර සිටි ශ්‍රේෂ්ඨයින් වෙති. සදකාවන් හා සකාත් මිනිසුන්ගේ කිලිටිය. ජනයාගේ කිලිටි හිමි කර ගැනීම ඔවුන් අතර සිටින ශ්‍රේෂ්ඨයින්ට සුදුසු නොවන්නේය. එය, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා තම මහප්පා කෙනෙකු වූ අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ්ට පවසා සිටියාක් මෙනි. එනම්: “නියත වශයෙන්ම අපි මුහම්මද්ගේ පවුලේ උදවිය වෙමු. අපට සකාත් භාණ්ඩ අනුමත නොවන්නේය. නියත වශයෙන්ම ඒවා මිනිසුන්ගේ කිලිටිය.“
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට, දහතුන, දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.“ කතාදා ඉබ්නු මිල්හාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. දහතුන, දහහතර හා පහළොව යන අය්යාමුල් බීල් (හෙවත් චන්ද්‍රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති දිනයන්හි) උපවාසයේ නිරත වීමට අපට අණ කරන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් සිටියහ. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී. පදිංචි ස්ථානයේ සිටිය දී හෝ ගමනක නිරතව සිටිය දී හෝ අය්යාමුල් බීල් දිනයන්හි උපවාසයෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.අහෝ අබූ දර්! ඔබ උපවාසයේ නිරත වන විට,එනම් මාසයේ දින තුනක් අතිරේක උපවාසයේ නිරත වන්නට සිතූ විට දහතුන,දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.එනම් මාසයේ දහතුන් වැනිදාද ඉන් පසු දින දෙකක් ද උපවාසය රකින්න යන්නයි.මෙම දින තුනෙහි චන්ද්‍රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති බැවින් අය්යාමුල් බීල් යනුවෙන් හඳුන්වනු ලැබේ.සෑම මාසයකම මෙම දිනයන්හි උපවාසයේ නිරත වීම අතිරේක නැමදුමකි. ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී.අය්යාමුල් බීල් හි උපවාසෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.එනම් දහතුන දහහතර හා පහළොව යන දිනයන්ය.එය චන්ද්‍රයා පූර්ණව ආරම්භයේ සිට අවසානය දක්වා පිහිටා ඇති බැවිනි.අල්ලාහ්ට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි උපවාසයේ නිරත වීම ගැලපෙන කරුණකි.පදිංචිව සිටියද ගමනක සිටියද යන ප්‍රකාශය වනාහි ඉන් අදහස් කරනුයේ ඒ අවස්ථා දෙකෙහිම එතුමා උපවාසයේ නිරතව සිටි ඇති බවයි.නමුත් එහි උපවාසයේ නිරත වීම වැදගත් සුන්නාවක් පමණි.එමෙන්ම මාසයේ මැද එය පිහිටා ඇති බැවින් උපවාසය සඳහා යෝග්‍ය කාලයක් වේ. වස්තුවක මැද වඩාත් සාධාරණීයයි. බලන්න:අල් ෆත්හු(4/227),මිර්කාත් අල් මෆාතීහ්(4/566),ෆය්ලුල් කදීර් (1/395),දලීලුල් ෆාලිහීන්(7/72)
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සලාතය සඳහා ඇරයුම් කරනු ලබන විට ෂෙය්තාන් පසුපස හැරී පළා දුවනු ඇත. අදාන් පැවසීම තමන්ට නොඇසෙන තරමට වාතය පිටකරයි. ඇරයුම අවසන් කරනු ලැබූ විට ඉදිරියට එයි. සලාතයේ කුතුහලය ඇති කරන තරමට පැමිණ පසුපසට පළා යයි. එසේ කුතුහලය ඇතිකිරීම අවසන් වූ විට නැවත ඉදිරියට පැමිණ මිනිසා හා ඔහුගේ සිත අතර වැරදි ඇති කරමින් "මීට පෙර නොසිතූ දෑ ගැන ඔබ මෙසේ සිතන්න මෙසේ සිතන්න." යැයි පවසයි. අවසානයේ මිනිසා සලාතයේ කෙතරම් රකආත් ගණනයක් ඉටු කළේ දැයි නොදන්නා තරමට පත් වෙයි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමුඅද්දින් අදාන් පවසන විට ෂෙයිතාන් පසුපස හැරී දුවනු ඇත. අදාන් කියන තැනින් තමන්ට අදාන් නොඇසෙන තරමට දුරස්ව යනු ඇත. අදාන් නොඇසෙන තරමට ඔහු වාතය පිටකරනු ඇත. එය අඥානයින් ඉන් වැළකී සිටින්නට කටයුතු කරන්නාක් මුඅද්දින්ගේ හඬට සවන් දීමෙන් බැහැරවන පරිදි තම හඬ ක්‍රියාත්මක කරමිනි. ඔහු ඒ ගැන උවමනාවෙන් කටයුතු කරයි. හේතුව එම හඬට සවන් දීමෙන් යමක් තමන්ට සිදුවනු ඇතැයි යන දැඩි බිය ඔහු තුළ ඇතිවීමය. එමෙන්ම සලාතයට අදාළ වන පිරිසිදුකමින් බැහැරකරවන කරුණු පිළිබඳවද කුතුහලය ඇති කිරීමට ඉදිරියට පැමිණෙයි. “ඇරයුම අවසන් කරනු ලැබූ විට ඉදිරියට එයි. සලාතයේ කුතුහලය ඇති කරන තරමට පැමිණ පසුපසට පළා යයි. එසේ කුතුහලය ඇතිකිරීම අවසන් වූ විට නැවත ඉදිරියට පැමිණෙයි“ එහි අර්ථය සැකය ඇති කිරීමයි. එහි මූලපදයෙහි අර්ථය: ඔටුවා ඌ දඟළන විට උගේ දරුණුකම හේතුවෙන් උගේ ගාත් දෙකට පහර දීමය. ඌ ආදම්ගේ පුතණුවන්ට සීමාව ඉක්මවා යන තරමට කටයුතු කරයි. අදාන් පවසන විට ෂෙයිතාන් පළා යනුයේ තව්හීද්හි ප්‍රකාශය හා අනෙකුත් ප්රතිපත්තීන් පිළිබඳ දන්වා සිටින විටය. එමෙන්ම දහමේ සංකේතයන් ස්ථාපිත කරන විට හා අල්ලාහ්ව මෙනෙහි කිරීම සවන් දීමට පිළිකුල් කරන විටය. එය අල් කුර්ආන් 114 වැනි පරිච්ඡේදයේ සඳහන් “සැගවී සිට කුතුහලයන් ඇති කරන්නාගේ හානියෙන්“ යන ප්‍රකාශයෙන් අර්ථවත් වේ. අල්ලාහ්ව මෙනෙහි කරන විට ඔහු කුකුස ඇති කරයි. පසුව සැගවී ගොස් දුරස ඇති කරයි. එය පුද්ගලයා හා ඔහුගේ සිත අතරය. සලාතයේදී මිනිසා අතර හා ඔහුගේ සිත අතර මැදිහත් වී මෙසේ මෙනෙහි කරන්න මෙසේ මෙනෙහි කරන්න මෙසේ මෙනෙහි කරන්න යැයි පවසයි. ඊට පෙර කිසිවක් මෙනෙහි කරන්නෙකු ලෙස ඔහු සිටියේ නැත. එනම් සලාතයේ නිරතවන්නට පෙර කිසිවක් නොසිතුවේය. මිනිසා මුළා වන තෙක් ඔහු එසේ සිදුකරයි. එනම් ඔහුට අමතකවී ඔහුගේ අවධානය වෙනතකට යොමු කරයි. තමන් කොතරම් රකආත් ගණනාවක් ඉටු කළේ දැයි තමන් නොදන්නා තරමට පත් වෙයි. සලාතයේදී ඔහු පැමිණෙනුයේ කුර්ආනය පාරායනය කිරීමත් සමගය. හේතුව බොහෝ වේලාවට නිහඬ වී අල්ලාහ් සමග සම්බන්ධවන අවස්ථාව එය වන බැවිනි. එය විනාශ කර දමන්නටත් එය ඉටු කරන්නාගේ බැතිමත් බව පළුදු කරන්නටත් විවිධ මාර්ග භාවිත කරයි. අබූ සඊද් තුමාගේ හදීසය පරිදි එසේ ඔහු අදාන් කියන අවස්ථාවේ පළා යනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ආදම්ගේ පුතණුවන්ට සාක්ෂිදැරීමට තමන් බලකරනු නොලබන්නට යැයි ප්‍රකාශ වී ඇත. බලන්න: දලීලුල් ෆාලිහීන් (6/390) රියාලුස් සාලිහීන්හි විවරණය (5/34 හා ඉන් පසු එන හදීස්)
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."
رواه ابن خزيمة والدارقطني والبيهقيවිශේෂයෙන් ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසීමෙන් පසුව 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම නබි පිළිවෙත තුළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිගත් කරුණක් බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
رواه أبو داود والنسائي وابن ماجهමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීපව ඇති බවට හා මෙලොව අවසන් වන බවට පවතින සළකුණක් නම්, මිනිසුන් මස්ජිද් තුළ ඒවායෙහි අලංකාරය හුවා දක්වමින් එකිනෙකා ආඩම්භර වීම ය. එසේ නැතහොත් මස්ජිදය තුළ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව ඔවුන්ගේ ලෞකික කටයුතු ගැන පුරසාරම් දොඩමින් එකිනෙකා කතා කිරීම ය.