





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටියෙමු. එවිට එතුමාණෝ එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් සිටියහ. පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු අපට දක්නට ලැබුණි. අපි උගේ පැටුවුන් දෙදෙනා අරගත්තෙමු. එවිට එම කුඩා කුරුල්ලා ඉහළින් තටු විහිදන්නට පටන් ගත්තේය. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ: "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද? මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි පැවසූහ. තවද එතුමාණෝ කුහුඹු ගම්මානයක් දුටුහ. එය ගින්නෙන් පුළුස්සා දමා තිබිණ. එවිට එතුමාණෝ 'මෙය පුච්චා දැමුවේ කවුදැ?'යි විමසූහ. එවිට අපි: 'අප' යැයි පිළිතුරු දුන්නෙමු. එතුමා: "ගින්නේ හිමිකරු මිස ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට යුතු නැත" යැයි පවසා සිටියහ.
رواه أبو داودතමන් ඇතුළු පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටි බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කළේය. එහි දී එතුමාණන් එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් ඇත. එවිට පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු ඔවුනු දැක උන් දෙදෙනා අරගෙන ඇත. එවිට එම කුඩා කුරුල්ලා තම පැටවුන් අහිමි වූ හේතුවෙන් ඉහළින් තටු විහිදන්නට පටන් ගෙන ඇත. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ මෙසේ පැවසූහ. "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද?" "මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි නියෝග කළහ. පසුව ගින්නෙන් පුළුස්සා දමා ඇති කුහුඹු ගම්මානයක් එතුමාණෝ දුටුහ. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මෙය පුච්චා දැමුවේ කවුදැ?"යි විමසූහ. ඇතැම් සහගාමීහු 'අපි' යැයි පිළිතුරු දුන්හ. එවිට එතුමාණෝ ඔවුනට: "ගින්නේ මැවුම්කරු අල්ලාහ්ට මිස ජීවීයකු ගින්නෙන් පුළුස්සා දඬුවම් කිරීමට කිසිවකුට යුතු වන්නේ නැත" යැයි පවසා සිටියහ.
බුරය්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය (යුද්දයට නොයා) රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි. රැඳී සිටින්නන් අතුරින් මිනිසෙකු දිවිපුදන්නන් අතුරින් වූ මිනිසෙකු වෙත තම පවුල සම්බන්ධයෙන් දිවුරා සිටියි. පසුව ඔවුන් විශයයෙහි ඔහු ඔහුට වංචා කරයි. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරියේ ඔහුව නතර කර තබා ඔහු තෘප්තියට පත්වන තුරු මොහුගේ යහපත් දෑ ගනු ලැබේ යැයි පවසා, පසුව අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අප වෙත හැරී ඔබලාගේ අදහස කුමක්දැයි විමසා සිටියහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙහි පදනම වනුයේ සැබැවින්ම අන්‍ය කාන්තාවන් අන්‍ය පිරිමින් සමග ආශ්‍රය තහනම් යන්නය. තම කාන්තාවන් අතහැර දමා, යුද්ධයට නොගොස් රැඳී සිටින්නන් වෙත එම කාන්තාවන්ගේ ආරක්ෂාව පවරා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් සඳහා පිටත්ව ගිය මුජාහිද්වරුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් එය ඉමහත් වෙයි. ඔවුන්ගේ මාන්ය්ය කෙළසීමෙන් වැළකී සිටීම ඔවුන් වෙත අනිවාර්යය වේ. එමෙන්ම ඔවුන් සමග තනිවී සිටීම, ඔවුන් දෙස බැල්ම හෙළීම හෝ නරක වචනවලින් කතා කිරීම සුදුසු නැත. හේතුව සැබැවින්ම එම කාන්තාවන්ගේ ගෞරවය ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි. ඔවුන්ගේ පවුල්වල වගකීම සම්බන්ධයෙන් යුද්ධයට සහභාගී නොවූ සෙසු අයට වසීය්යත් කර ඇති බැවිනි. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ විස්තර කළහ. "ඔවුනට අනිවාර්යයයෙන් ඉටු කළ යුතු දෑ ඉටු කිරීමත් ඔවුන් විෂයයෙහි ඔහුට වංචා කිරීමෙන්, ඔවුන් දෙස බැල්ම හෙලීමෙන් හා තහනම් කරුණක ඔවුන් සමග නිරත වීමට උත්සාහ දැරීමෙන් ආරක්ෂා වීමත් ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ඔහු ඉල්ලා සිටි දෑහි කිසිවක් අඩු නොකිරීමත් ඔවුනට යහපත සැලසීමත් ඔවුන්ගෙන් වේදනාව ඉවත් කිරීමත් මිනිසා වෙත අනිවාර්යය වන්නේය. "රැඳී සිටින්නන් අතුරින් මිනිසෙකු, දිවිපුදන්නන් අතුරින් වූ මිනිසෙකු වෙත තම පවුල සම්බන්ධයෙන් දිවුරා සිටියි. පසුව ඔවුන් විශයයෙහි ඔහු ඔහුට වංචා කරයි. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරියේ ඔහුව නතර කර තබා ඔහු තෘප්තියට පත්වන තුරු මොහුගේ යහපත් දෑ ගනු ලැබේ" මෙහි අර්ථය: සැබැවින්ම මුජහිද්වරුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් නැති අවස්ථාවේ ඔවුන්ගේ කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුනට වංචා කරමින් කටයුතු කරන්නා වනාහි, සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මුජාහිද්වරයාට ඉඩ දෙනු ඇත. එවිට ඔහු තමන්ට වංචා කළ අයගේ යහකම් තමන් තෘප්තියට පත් වන තෙක් ලබා තම දෑස් සිසිලි කර ගනු ඇත. පසුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔබලාගේ අදහස කුමක්දැයි විමසා සිටියහ. එනම් මුජාහිද්වරයාගේ කැමැත්ත අනුව වංචා කළ පුද්ගලයාගෙන් යහකම් ලබා ඔහු සිටිය යුතු ස්ථානයට වඩා යමක් අධික කර ගැනීම සම්බන්ධයෙන් ඔබලා කුමක් සිතන්නෙහු ද එනම් කිසිවක් ඉතිරි නොවන තරමට ඔහුගෙන් එය ගනු මිස නැත. මිර්කාතුල් මෆාතිහ් (6/2461) සුනන් අබූ දාවුද්හි විවරණය: අල් අබ්බාද් ඉලෙක්ටේරානික පිටපත.
ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා ඔවුන් එයින් වළක්වා : "එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු." යැයි පවසා සිටියහ.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා දෙවන වරට එසේ සිදු නොකරන මෙන් ඔවුන් වළක්වා : "එයින් කොටසක් බා කොටසක් අතහැර නොදමනු" යැයි පවසා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතුරින් කිසිවකුගේ පාවහන් පටිය කැඩී ගිය විට එය සකසා ගන්නා තෙක් අනෙක් පාවහන පැළඳ ගමන් නොකළ යුතුය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතතම පාවහන කැඩී, එය පැළඳ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වූ විටක, එක් පාවහනක් පමණක් පැළඳ ගමන් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. පළුදු වූ දෑ සකසා ගැනීම හෝ අනෙක ගලවා පාවහන් නොමැතිව ගමන් කිරීම ඔහු අනුගමනය කළ යුතු වේ.
ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අබූ බක්කර් තුමාගේ පියාණන් අබූ කුහාෆා මක්කාහ් ජයග්‍රහණ දින ගෙන එන ලදී. එතුමාගේ හිස හා රැවුල සුදුවන් පැළෑටියක් මෙන් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ((ඔබලා මෙය වෙනස් කර ගනු. කළු පැහැ ගැන්වීමෙන් වැළකෙනු.)) යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: අබූ බක්කර් තුමාගේ පියාණන් අබූ කුහාෆා මක්කාහ් ජයග්‍රහණ දින ගෙන එන ලදී. එතුමාගේ හිස හා රැවුල සගාමා හෙවත් සුදුවන් පැළෑටියක් මෙන් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ((ඔබලා මෙය වෙනස් කරනු. කළු පැහැ ගැන්වීමෙන් වැළකෙනු.)) යැයි පැවසූහ. එතුමා ඉඳුණු කෙස් වර්ණ ගන්වන මෙන්ද එය කළු පැහැ ගැන්වීමෙන් වැළකෙන මෙන් ද නියෝග කළහ. හේතුව කළු පැහැය මිනිසා නැවත තරුණයකු බවට පත් කරයි. එය අල්ලාහ්ගේ ස්වභාධර්මයට හා ඔහුගේ මැවීමෙහි පිළිවෙතට පටහැනිව ක්‍රියා කිරීමකි. රතු, කහ, මරතෝණ්ඩි හෝ මෙහෙන්දි වැනි දැයකින් වර්ණ ගැන්වීම වරදක් නැත. කළු වර්ණයෙන් තොරව, කළු හා රතු වර්ණය අතර පිහිටි වර්ණයක් වී නම් එයද වරදක් නැත. එසේ වළක්වා ලැබ ඇත්තේ කළු වර්ණයෙන් පමණක් වර්ණවත් කිරීමය. මෙහෙන්දි හා මරතෝණ්ඩි භාවිත කරමින් අබූ බක්ර් තුමා හා උමර් තුමා හිසකෙස් වර්ණ ගැන්වූහ යැයි අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසයක් මුස්ලිම්හි සඳහන්ව ඇත.
තම සීයාගෙන් තම පියා ලබා ගත් හදීසක් අම්ර් ඉබ්නු ෂුඅය්බ් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ වාර්තා කරයි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි."
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතසුදු කෙස් උදුරා දැමීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය හිසෙහි හෝ වේවා රැවුලෙහි හෝ වේවා ඒ හැර වෙනත් තැනක හෝ වේවා එක සමානය. මෙම සුදු රෝම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි හිමියාට ආලෝකයක් වනු ඇත. ඉමාම් සුයූතිගේ සුනන් ඉබ්නු මාජාහි විවරණය (පිටුව 264), නය්ලුල් අව්තාර් (1/151)
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මස්ජිදයේ සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ සිටගෙන මස්ජිදයේ මූත්‍රා කරන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීහු: "හෝ ! හෝ !" යැයි කෑ ගැසූහ. අල්ලාහ්ගේ දූතයාණෝ: "ඔහුව නොවළක්වන්න. ඔහුව අත්හැර දමන්න" යැයි පැවසූහ. ඔහු මූත්‍රා කරන තෙක් ඔවුහු ඔහුව අත්හැර දැමූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටි අතරම එම පිරිසේ සිටි මිනිසෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මස්ජිදයේ තම සහගාමීන් සමග සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ මස්ජිදයේ කොණක මූත්‍රා කරන්නට විය. එවිට සහගාමීහු: "හෝ නතර කරනු! ඉන් වැළකෙනු!" යැයි කෑ ගසා පලවා හරින්නට වූහ. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔහු මූත්‍රා කිරීම නොවළක්වන්න. ඔහු එය අවසන් කරන තුරු අත්හැර දමන්න" යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම දේවස්ථාන වනාහි, ඒවායෙහි මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම ඒවා සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම, සලාත් ඉටු කිරීම හා අල්-කුර්ආනය පාරායනය කිරීම වැනි කටයුතු සඳහා වන ස්ථාන වේ." පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සහාබාවරුන් අතරින් කෙනෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
මුආද් ඉබ්නු අනස් අල් ජුහනී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටිය දී දණිස් සිටුවා පාද උදරයට තුරුල් කර ගනිමින් පසුපස පැත්තෙන් වාඩිවීමෙන් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙය මන්සූහ්ඃ හෙවත් වෙනස් කරන ලද හදීසයකි. පෙර හදීසයෙන් පසුව අබූ දාවුද් තුමා එය සංකේතවත් කර ඇත. ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටිය දී දණිස් සිටුවා පාද උදරයට තුරුල් කර ගනිමින් පසුපස පැත්තෙන් වාඩිවීමෙන් නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක් වූ බව මුආද් ඉබ්නු අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් දන්වා ඇත. හිබ්වත් යනු, මිනිසා තම කලවා තම උදරය සමඟ ළංකොට තම කෙණ්ඩය කලවා සමග ළං කොට තම අතින් හෝ පටියකින් හෝ එවන් යම් දෙයකින් බැඳගෙන වාඩිවීමය.ජුමුආ දිනයේ ඉමාම් කුඃත්බා දේශනාව කරමින් සිටියදී එසේ වාඩි වීමෙන් කරුණු දෙකක් මත නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. පළමුවැන්න, එසේ වාඩි වීම නිදිමත ගතිය ඈඳෙන්නට හේතුවක් වෙයි. එමගින් දේශනාවට සවන් නොදී නින්දට වැටෙනු ඇත. දෙවැන්න, රහස්‍ය පෙදෙස් නිරාවරණය වීමට අවස්ථාව එළැඹෙනු ඇත. බහුතරයක් (පැරණි) අරාබිවරු අඳිනුයේ එක වස්ත්‍රයකි. එසේ වාඩිවීමෙන් තම රහස්‍ය පෙදෙස් නිරාවරණය වනු ඇත. එහෙයින් මෙහි මෙම තහනම පොදුවේ සඳහන්ව ඇත. සහීහ් මුස්ලිම් හි තම ලිංගය නිරාවරණය වන අයුරින් එක රෙද්දකින් පැළඳ මෙසේ වාඩිවීම තහනම් බව සඳහන් වේ. ඉමාම් නවවි -රහිමහුල්ලා-තුමා මෙසේ දන්වා සිටියි. අරාබිවරු ඔවුන්ගේ සභාවන්හි මෙසේ ඉහ්තිබා ක්‍රමයට වාඩි වීම සිරිතක් විය. ඔහුගේ රහස්‍ය පෙදෙසින් යමක් නිරාවරණය වී නම් එය හරාම් හෙවත් තහනම්ය. නමුත් එයින් සුරක්ෂිත නම් එසේ වාඩිවීමෙහි වරදක් නැත. හේතුව තහනමට යම් බුද්ධිමය හේතුවක් ඇත්නම් එම හේතුව ඉවත්වීමත් සමග තහනමද ඉවත් වනු ඇත. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් පිළිබඳ අබ්බාද් ඉබ්නු තමීම් -රළියල්ලාහු අන්හු- තුමා වාර්තා කළ හදීසයක් බුහාරි හා මුස්ලිම්හි මෙසේ සඳහන් වී ඇත. මස්ජිදයේ කකුලක් මත කකුලක් තබා උඩුබැලි අතට හාන්සි වී සිටින්නෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා දුටහ. මුස්ලිම්හි විග්‍රහය: ඉමාම් නවවි (14/77) රියාලුස් සාලිහීන්හි විග්‍රහය: (6/449)
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ කතාදා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ව්‍යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම: ගනු දෙනුවලදී අධික වශයෙන් දිවුරා සිටීමෙන් වැළකී සිටිනු, යන්නයි. එය සත්‍යයක් වුව ද එසේමය. හේතුව අධික වශයෙන් දිවුරා සිටීම අසත්‍යට නැඹුරුවීමේ සලකුණකි. උදාහරණයක් වශයෙන් අල්ලාහ් මත දිවුරා සිටිමි සැබැවින්ම මම මෙය රුපියල් සියයට මිලදී ගතිමි යැයි පවසනවාක් මෙනි. එය සත්‍යයක් වුව ද එසේමය. එමෙන්ම එය බොරුවක් නම් අපාරාධයකි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! සැබැවින්ම මම මෙය රුපියල් සියයකට මිලදී ගතිමි. රුපියල් අසූවකට මිස විකුණන්නේ නැතැයි පැවසීම ඊටත් වඩාත් දරුණුය. හේතුව එමගින් ඔහු ව්‍යාපාරයේ දිවුරා සිටින බොරුකාරයකු වන බැවිනි. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එයින් වැළැක්වූහ. එමෙන්ම ව්‍යාපාරයේ දිවුරා සිටීම භාණ්ඩ හිඟවී යාමට හේතුවක් වෙයි. පසුව අල්ලාහ් එහි ඇති අභිවෘද්ධිය විනාශ කර දමයි. හේතුව එම ඉපැයීම අල්ලාහ්ගේ දූතයාණන්ට කරන පවකි. අල්ලාහ්ගේ දූතයාණන්ට පවක් සිදු කිරීම යනු අල්ලාහ්ට කරන පාපයකි. ජනයා අතුරින් බහුතරයක් දෙනා මෙම විෂයෙහි පරීක්ෂාවට ලක් කරනු ලබති. උදාහරණ වශයෙන් අල්ලාහ් මත දිවුරා පවසමි, නියත වශයෙන් එය හොඳය. අල්ලාහ් මත දිවුරා පවසමි නියත වශයෙන්ම මම මෙය මේ මේ මුදලට මිලදී ගතිමි. එය සත්‍යය වුවද අසත්‍යය වුවද එයින් වළක්වනු ලැබ ඇත. හේතුව සැබැවින්ම එමගින් වෙනත් අයට අපරාධයක් සිදුවනු ඇත. රියාලුස් සාලිහීන් හි විවරණය: ඉබ්නු උසෙය්මීය්යින් (6/461,462)