





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. බුළාආ නම් ළිඳෙන් අපි වුළු ගන්නදැයි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් විමසන ලදී. එය සනීපාරාක්ෂක තුවාද බලු මස් හා අපවිත්‍ර දෑද විසි කරන ලද ළිඳකි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “ජලය පිරිසිදුයි. කිසිදු වස්තුවක් එය කිලිටි නොකරයි.“ යැයි පැවසූහ.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසැබැවින්ම ජලය පිරිසිදුයි. එහි වර්ණය සුවය හා දුඟඳ වෙනස් නොවන තාක්කල් අපවිත්රයක් වැටුණු වහාම අපිරිසිදු නොවන බව අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැහැදිලි කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම බිරිය, මය්මූනා තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි ස්නානය කරන්නට වූහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරියක් තටාකයක ස්නානය කළාය. පසුව එයින් පිරිසිදු වන්නට එසේ නැතිනම් ස්නානය කර ගන්නට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පැමිණියහ. එවිට ඇය අල්ලාහ්ගේ දූතයාණනි, එයින්ද? සැබැවින්ම මම ජුනුබ් (හෙවත් මහා කිලිටි) තත්ත්වයේ පසුවෙමි යැයි පැවසුවාය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්- සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියත වශයෙන්ම ජලය කිලිටි නොවන්නේය යැයි පැවසූහ.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ බිරියන් අතුරින් එක් බිරියක් ජනාබත් හෙවත් මහා කිලිට්ටෙන් ඉවත් වනු පිණිස ස්නානය කළාය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- පිරිසිදු වීම සඳහා එසේ නැතිනම් ස්නානය කිරීම සඳහා එහි පැමිණියහ. තම බිරිය ස්නානය කොට ඉතිරි වූ ජලය භාවිත කිරීමට එතුමා අපේක්ෂා කළහ. එවිට තමන් ජනාබත් තත්ත්වයේ පසුවූ බව ඇය එතුමාට දන්වා සිටියාය. එවිට එතුමා සැබැවින්ම ඒ හේතුවෙන් එම ජලයට බලපෑමක් ඇති නොවන බව දන්වා සිටිමින් එය පිරිසිදුය පිරිසිදු කරවන්නක් වන්නේය යැයි ද පවසා ඇයට මඟ පෙන්වූහ.
කඃබ් ඉබ්නු මාලික් තුමාගේ දියණිය වූ කබෂා විසින් වාර්තා කරන ලදී. එතුමිය අබූ කතාදාගේ පුතු යටතේ වූවාය. සැබැවින්ම අබූ කතාදා පැමිණියේය. ඇය ඔහුට ජලය වක්කලාය. එවිට බැළලියක් පැමිණ ඉන් ජලය බිව්වේය. ඌ බොන තෙක් භාජනය ඌ වෙත තැබුවේය. මම ඒ දෙස බලා සිටීම එතුමා දැක්කේය.එවිට එතුමා මාගේ සහෝදරයාගේ දියණිය, ඔබ කැමති දැයි විමසීය. එවිට ඇය එසේය යැයි පැවසුවාය. එවිට එතුමා සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා- “සැබැවින්ම ඌ අපිරිසිදු සතෙකු නොවේ. ඌ නුඹලා සමග සැරිසරන්නන් හා සැරිසරන්නියන් අතුරින් වේ.“ පවසා ඇති බව දන්වා සිටියහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇතඅබූ කතාදා තුමා වුළූ ගන්නට සූදානම් වූහ. එවිට බැළලියක් පැමිණියේය. එම බැළලිය නිවසේ වෙසෙන ජනයා සමග ගැවසී ඔවුන් සමගම ඇලී ගැලී සිටින සතෙකු විය. වුළූ ගන්නා ජලයෙන් ඌ පානය කරනු පිණිස එතුමා භාජනය ඉදිරිපත් කළේය. තම සහෝදරයාගේ දියණිය වූ කබෂා පුදුමයට පත් වූවාය. එය වුළු සඳහා සූදානම් කරනු ලැබූ ජලයයි. එය පිරිසිදුව තිබිය යුතු අතරම පිරිසිදු කරන්නක් විය යුතුය. පසුව සැබැවින්ම බැළලිය අපවිත්‍ර සතෙක් නොවන බවත් ඌ හේතුවෙන් ජලයට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඌ නිතරම මිනිසා සමග ගැවෙසෙන්නන් අතුරින් සතෙකු බවත් නබි තුමාණන් පවසා සිටි හදීසය එතුමා ඇයට දන්වා සිටියහ.
ලකීත් ඉබ්නු සබිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ නායකයා - නැතහොත් - බනූ අල්-මුන්තෆික් අතර සිටි අයෙක්මි. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමිය එහි සිටියා ය. ඇය අප වෙනුවෙන් 'කසීරා' (خَزِيرَةٍ) නම් කෑමක් පිළියෙළ කරන ලෙස අණ කළා ය. පසුව අප වෙනුවෙන් එය පිළියෙළ කරන ලදී. රටඉඳි අඩංගු තැටියක් ද අපට පිළිගන්වීය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ මෙසේ ඇසූහ. “ඔබ යමක් (සංග්‍රහයක්) ලැබුවා ද නැතහොත් ඔබ වෙනුවෙන් ඇණවුම් කළා ද?” අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, එඬේරෙකු තම බැටළු රැළ උන්ගේ ගාලට රැගෙන ගියේය. ඔහු සමඟ කෑ ගසමින් සිටින අලුත උපන් බැටළු පැටවෙකු විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්, “අහෝ මිනස මේ කුමන පැටවෙක් ද?” යැයි විමසූහ. ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එවිට එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පැවසූහ. ඔහු: "ඔබ වෙනුවෙන් ඌ මරා දමන බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සියයක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන ගමන්, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, මට බිරියක් සිටියි, ඇගේ දිවේ යමක් තිබේ, එනම් ඇය කුණුහරප පවසයි." යැයි කීවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරුවකු සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඇය එසේ කටයුතු කරනු ඇත. ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට ඔබේ බිරිඳට පහර නොදෙන්න." යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ දූතයාණනි, වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." යැයි කීවෙමි. එවිට එතුමාණෝ: "විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න, ඔබේ ඇඟිලි කරු අතර හොඳින් සෝදා හරින්න. ඔබ උපවාසයේ සිටින්නේ නම් හැර සෙසු අවස්ථාවන්හි නාස්පුඩු තුළට වතුර යවා හොඳින් සෝදා හරින්න."යැයි කීහ.
رواه أبو داود والترمذي والنسائي وابن ماجهතමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ ආගන්තුකයකු බව ලකීත් ඉබ්නු සබ්රා (රළියල්ලාහු අන්හු) තුමා දන්වා මෙසේ පවසා සිටියේය: "නමුත් අපි අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමියව අපි හමු වූයෙමු. ඇය අප වෙනුවෙන් පිටි සහ මේදයෙන් යුත් කැද වර්ගයක් පිළියෙළ කර දෙන මෙන් නියෝග කළා ය. පසුව අප වෙත රටඉඳි අඩංගු තැටියක් පිළිගන්වන ලදී. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ: “ඔබ වෙත සංග්‍රහයක් පිළිගන්වනු ලැබුවේ ද?" යැයි විමසූහ. අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. ලකීත් තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එළුවන් බලා කියා ගන්නා එඬේරෙකු තම බැටළු රැළ ඔවුන්ගේ ගාලට රැගෙන යමින් සිටියේය. ඔහු සමඟ අලුත උපන් බැටළු පැටවෙකු කෑ ගසමින් විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්: 'මේ කුමන පැටවෙක් ද?' යැයි විමසූහ." ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පවසා එතුමාණෝ තවදුරටත්: "ඔබ වෙනුවෙන් ඌ කපා හරින බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සිය දෙනෙක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන විට, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. ලකීත් තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මාගේ බිරිඳ වනාහි, ඇයට ඇත්තේ අසභ්‍ය වදන් කතා කරන දිගු දිවකි. ඇය සමග මා කටයුතු කළ යුත්තේ කෙසේ ද?" එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග බොහෝ කලක් තිස්සේ මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරු පරපුරක්ද සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඔබේ උපදෙසට ඇය ප්‍රතිචාර දක්වනු ඇත. එසේ ඇය පිළිතුරු නොදෙන්නී නම්, ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට නොව, ඔබේ බිරියට තුවාල නොවන අයුරින් පහරක් ගසන්න." යැයි පැවසූහ. පසුව ලකීත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණෙනි! වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "වුළූ ගන්නා අතරවාරයේ අදාළ අවයවයන් වෙත ජලය ලඟා කරවමින් විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න. එහි අනිවාර්යය හෝ සුන්නාවන් කිසිවක් මඟ නොහරින්න. ඔබේ අත් හා පාද සෝදන අතරවාරයේ ඇඟිලි කරු ඈත් කර හොඳින් සෝදා හරින්න. ඔබේ නාස්පුඩු තුළට ජලය යවා සෝදා බැහැර කරන්න. නමුත් ඔබ උපවාසයේ නිරතව සිටින්නේ නම්, ඔබේ මුඛයට ජලය ළඟා නොකරන්නාක් මෙන්ම නාසයට ද ජලය ඇතුළත් නොකරන්න.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීහූ එතුමාගේ කාලයේ, තම හිස් (නිදිමත හේතුවෙන්) පහත්වන තරමට ඉෂා (සලාතය) බලාපොරොත්තුවෙන් සිටින්නන් වූහ. පසුව ඔවුන් සලාතය ඉටු කළහ. නමුත් ඔවුහු වුළූ කරන්නන් ලෙස නොසිටියහ.“
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ජීවිතයේ සහාභාවරු ඉෂා සලාතය අවසානය දක්වාම බලපොරොත්තුවෙන් සිටියහ. ඔවුහු ඒ අතරවාරයේ තද නින්දක් නොව මද නින්දකට වැටුණහ. පසුව ඔවුහු නැගිට වුළූ නොගෙනම සලාතය ඉටු කළහ. එතුමාගේ කාලයේ යම් ක්‍රියාවක් සිදු කොට එතුමා එය නොවැළැක්වූයේ නම්, එය පිළිගනු ලැබූවක් බවට සැලකේ. එසේ පිළිගැනීම නබිතුමාගේ සුන්නාවේ මාර්ග අතුරින් එකකි. එනම් එතුමාගේ ප්‍රකාශය ක්‍රියාව හා පිළිගැනීම යන සුන්නාවේ මාර්ග වෙති. ඒ අනුව එතුමාගේ කාලයේ සිදු කරන ලද යමක් එතුමා නොවැළැක්වූයේ නම්, එය පිළිගන්නා ලද සුන්නාවක් ලෙස සැළකේ. හේතුව ඔවුන්ගේ සලාතය නිෂ්ඵල වූවක් නම් හෝ ඔවුන් කළ ක්‍රියාව සුදුසු නොවේ නම් හෝ එතුමා එ් ගැන ඔවුනට දන්වා සිටින්නට තිබුණි. එය එතුමා දැන සිටි දෙයකි. එසේ නැතිනම් ඒ ගැන එතුමාට වහී මාර්ගයෙන් දන්වා තිබූ දෙයකි. මෙය එතුමාගේ මරණයෙන් පසු සිදුවන කිසිවකට අදාළ නොවන්නේය. එයට ප්රතිවිරුද්ධය. “ඔවුන්ගේ හිස් පහත්ව පැවතිණ.“ එනම්: නිදිමත ඉක්මවා ගිය බැවින් එසේ හිස් ඇළවෙන්නට විය. යන්නයි. තවත් වාර්තාවක ඔවුන් අතර සිටි එක් අයකුගේ ගෙරවිලි හඬට සැබැවින්ම මම සවන් දුනිමි. පසුව නැගිට සිට සලාතය ඉටු කළහ. නමුත් වුළූ දෝවනය නොකළහ.“ එනම් වුළූ අළුතින් නොගෙනම සලාතය සඳහා නැගිට සිටියහ යන්නයි. හේතුව ඔවුන්ගේ නින්ද ගැඹුරු නින්දක් නොවූ බැවිනි. එය වුළූ දෝවනය බිඳ දමන්නක් නම් ඒ සඳහා සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුනට අනුමත නොකරන්නට තිබුණි. මේ සාධක පදනම් කර ගෙන ඒවා ගොනු කර පවසන්නේ නම් සැබැවින්ම නින්ද මළපහ මෙන් වුළූ බිඳන කරුණු අතුරිනි. නමුත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “මළ මූත්‍රා හා නින්ද හැර“ යනුවෙන් පැවසූහ. තවදුරටත් අලී රළියල්ලාහු අන්හු තුමා වාර්තා කළ හදීසයක සඳහන් පරිදි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් මෙසේ පවසා ඇත්තාහ. "ඇස කුහරයේ අාවරණයයි. එහෙයින් කවරෙකු නිදා ගන්නේද ඔහු වුළූ ගනිත්වා!“ මුආවියා -රළියල්ලාහු අන්හු- තුමා වාර්තා කළ හදීසයක. “ඇස කුහරයේ අාවරණයයි. ඇස්දෙක නිදාගත් විට අාවරණය විවෘතවනු ඇත.“ මෙම සාධකවලින් නිරූපණය වනුයේ සැබැවින්ම නින්ද වුළු අවලංගු කරන බවය. මෙම පාඩමට අයත් හදීසයේ හා ඒ සමඟ වෙනත් වාර්තා දන්වා සිටිනුයේ සැබැවින්ම සුළු නින්ද වුළු අවලංගු නොකරන බවය. ඒ අනුව මෙම පාඩමට අදාළ හදීසය හා “ගෙරවිල්ල හා පැත්තට ඇළවීම“ යන වාර්තාව අවධාරණය කරනුයේ සැබැවින්ම නින්ද ගැඹුරු නින්දන් නොවිය යුතු බවය. සැබැවින්ම ඔවුන් අතර කෙනෙකුගේ ගෙරවිලි හඬ ඇසෙන්නට හේතු වූයේ ඔහු ගැඹුරු නින්දනට වැටෙන්නට පෙර ඔහු නිදන්නට ගත් අාරම්භ අවස්ථාවේදී්ය.එමෙන්ම පැත්තකට ඇළවීමත් මතුපිටින් පෙනෙන අයුරින් ගැඹුරු නින්දක් ගෙන දෙන්නේ නැති බවය. මේ අනුව මෙම සාධක එක්රැස් කොට ඇත. මේ සියල්ල අනුව ක්‍රියාවට නංවමින් සාධක අතර සංසන්ධනය කළ හැකි වන්නේ නම්, ඒවා අතහැර දැමීමට වඩා උතුම්ය. මෙයින් ගනු ලබන තීන්දුව වනුයේ: මිනිසෙකු නිදාගත් විට ඔහු සම්පූර්ණයෙන්ම නින්දට වැටෙන තරමට නින්දෙහි ගිලී ගිය විට වුළු ගැනීම ඔහුට අනිවාර්යය වේ. එසේ නින්දෙහි නොගිලුණේ නම් වුළුෑ ගැනීම ඔහුට අනිවාර්යය නොවේ. වඩාත් උචිත වනුයේ නැමදුම සඳහා නැවතත් වුළුෑ ගැනීමය. තමන්ගේ නින්ද ගිලී ගිය නින්දක් ද නැතිද යන්න සැකයක පසුවන්නේ නම් ඔහුගේ වුළු අවලංගු නොවේ. හේතුව ඔහුගේ මූලාරම්භය පිරිසිදු තත්ත්වයේ සිටීමය. එහෙයින් සැකය හේතුවෙන් ස්ථීර දෑ ඉවත් නොවන්නේය. ෂෙයික් ඉමාම් ඉබ්නු තය්මිය්යා පවසා සිටිනුයේ “සැක සහිත නින්දක් වනාහි ඒ සමග වාතය පිටවීම සිදු වූයේද නැද්ද යන්න නොදන්නේද එම වුළුැ අවලංගු නොවන්නේය. හේතුව පිරිසිදුකම ස්ථීරය සැකයෙන් එය ඉවත් නොවන්නේය. මජ්මූඃ ෆතාවා : ෂයිහුල් ඉස්ලාම් (21/394), සුබුලුස් සලාම් (1/88,89), ෆත්හු දිල් ජලාලි වල් ඉක්රාම් (1/238), තව්ලීහුල් අහ්කාම් (282,283), තස්හීලුල් ඉල්මාම් (1/170,171).
උර්වා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම මර්වාන් ඉබ්නු හකම් තුමා වෙත පිවිසුනෙමි. වුළූවෙහි කරුණු සම්බන්ධයෙන් එතුමා අපට මෙනෙහි කළහ. එවිට මර්වාන් තුමා කවරෙකු ලිංගය ස්පර්ශ කළේ දැයි විමසා සිටියහ. එවිට උර්වා ඒ ගැන මම නොදනිමි යැයි පැවසූහ. එවිට මර්වාන් තුමා අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දී ඇති බව බුස්රා බින්ත් සෆ්වාන් තුමිය මට මෙසේ දන්වා සිටියාය. එනම්: "කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!"
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතඋර්වා -රළියල්ලාහු අන්හු- තුමා දන්වා සිටි හදීසයේ තේරුම වනාහි, නියත වශයෙන්ම එතුමා මර්වාන් ඉබ්නු හකම් තුමා වෙත පැමිණියේය. එතුමා එවකට මදීනාවේ පාලකයා විය. වුළූවෙහි කරුණු සම්බන්ධයෙන් එතුමා අපට මෙනෙහි කළහ. එනම්, වුළු අවලංගු වන ක්‍රම හා වුළූ අවලංගුවන කරුණු පිළිබඳව අප පරිශීලනය කරමින් මෙනෙහි කරමින් සිටියෙමු යන්නයි. එවිට මර්වාන් තුමා “කවරෙකු ලිංගය ස්පර්ශ කළේ දැ“යි විමසා සිටියහ. එනම්, ලිංගය ස්පර්ශ කිරීමත් වුළූ අවලංගු කරන කරුණු අතුරින් වූවක් යැයි පවසා සිටියහ. එවිට උර්වා ඒ ගැන මම දැන සිටියේ නැතැයි පැවසූහ.එනම්: එයට කිසිදු සාධකයක්ම මම නොදනිමි. ඒ සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් විසින් ලබා ගත් කිසිදු දැනුමක් මට නැතැයි යන්නයි. එවිට මර්වාන් තුමා අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දී ඇති බව බුස්රා බින්ත් සෆ්වාන් තුමිය මට මෙසේ දන්වා සිටියාය. එනම්: "කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!" යන්නයි. තිර්මිදිහි සඳහන් තවත් වාර්තාවක, “වුළූ ගන්නා තෙක් සලාත් ඉටු නොකරත්වා!“ යැයි සඳහන්වී ඇත. සැබැවින්ම ආශාවෙන් යුතුව හෝ ආශාවෙන් තොරව හෝ සිතාමතාම හෝ නොසිතාම හෝ ලිංගය ස්පර්ශ කිරීම වුළූ අවලංගු කරන්නක් බවට කදිම සාධකයකි මෙම වාර්තාව. නමුත් එය ඍජු ස්පර්ශයක් විය යුතුය. එනම් ඒ දෙක අතර කිසිදු ආවරණයක් නොවිය යුතුය. ආවරණයක් මත එය සිදු වූයේ නම් එසේ ස්පර්ශ කිරීමෙන් කිසිදු බලපෑමක් ඇති නොවන්නේය. හේතුව එය සැබෑ ස්පර්ශ කිරීමක් නොවන බැවිනි. ස්පර්ශ කිරීම යනු අවයවයක් තවත් අවයවයක් මත ඍජුව ස්පර්ශවීමය. ඉමාම් නසාඊ තුමා හා අනෙකුත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇති හදීසය මෙයට සාධකයක් ලෙස පිහිටා ඇත. එනම්: “ඔබ අතුරින් කිසිවකු තම අත තම ලිංගය වෙත ගෙන යන්නේ නම් ඒ අතර කිසිදු ආවරණයක් හෝ තිරයක් හෝ නොවී නම් ඔහු වුළු ගනිත්වා“ සුබුලුස් සලාම් (1/97) ෆත්හු දුල් ජලාලි වල් ඉක්රාම් (1/260) තව්ලීහුල් අහ්කාම් (1/298)
අාඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උණ, නිරයේ උෟෂ්ණයෙන් වූවකි. එහෙයින් ජලයෙන් එය සිසිල් කර ගනු.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම උණ, නිරයේ දැඩි රෂ්මිය තාපයෙන් වූවක් බව නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටියේය. රෝගියාට එය හට ගත්තේ නම් එය එයින් වූවකි. එම රෂ්ණය ජලය මගින් ඉවත් වනු ඇත.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේද ඔහුට මේ මේ කුසල් හිමිවනු ඇත. තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට පළමුවෙන් ලැබුණු කුසල් වලට වඩා අඩුවෙන් මේ කුසල් හිමිවනු ඇත.තවද ඔහු තුන්වන පහරින් මරා දැමුවේ නම් ඔහුට මේ කුසල් හිමිවනු ඇත.“ තවත් වාර්තාවක, “කවරෙකු එක පහරින් හූනකු මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවනු ඇත. දෙවන වතාවේදී ඊට අඩුය.තුන්වන වතාවේදී ඊටත් වඩා අඩුය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතකවරෙකු පළමු පහරින් ඌ මරා දමන්නේ ද ඔහුට කුසල් සියයක් හිමිවන බවත්, තවද කවරෙකු දෙවන පහරින් ඌ මරා දමන්නේ ද ඊට වඩා අඩුවෙන් ද, තුන්වන පහරින් ඌ මරා දමන්නේ ද ඊටත් වඩා අඩුවෙන් ඔහුට කුසල් හිමිවන බවත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා සිටිමින් හූනන් මරා දමන්නට එතුමා දිරිගැන්වූහ. එහි කැමැත්ත ඇති කළහ.