Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
අඥාන යුගයේ සිදු කරමින් ආ කටයුත්තක් ගැන වූ අවවාදය පැහැදිලි කරනු වස් මෙම හදීසය පැමිණ ඇත. එනම් පියා නොවන කෙනෙකුට පිය වංශාවලිය ඈදීමයි. මිනිසා තම වංශාවලිය තම පවුලේ පියා, තම සීයා, තම පියාගේ සීයා හා ඒ හා සමාන හිමිකම් ඇති පරම්පරාව අනුව ගෙන යා යුතුය. තම පියා නොවන අය වෙත ඔහු තම පියා නොවන බව මැනවින් දැන දැනම තම වංශාවලිය ඈඳීම අනුමත නොවූ කරුණකි. උදාහරණයක් වශයෙන් තම පියා නිශ්චිත ගෝත්රයකට අයත් කෙනෙකු නම්, එම ගෝත්රය සෙසු ගෝත්රයින්ට වඩා අඩුපාඩු ඇති ගෝත්රයක් වී නම්, එම අඩුපාඩු ඇති ගෝත්රයෙන් ඉවත් වනු පිණිස තමන් උසස් පරම්පරාවක් ඇති දෙවැනි කණ්ඩයමට අයත් බව පවසා සිටීමය. එහෙයින් සැබැවින්ම මෙම කටයුත්ත ස්වර්ගය තහනම් කරන්නක් බව ප්රතිඥා දෙනු ලැබ ඇත්තකි.
තම පියාගේ සම්බන්ධතාව ගැන දැනුවත්ව කවරෙකු අහිතක් සිතන්නේද එය කුඩා ගණයේ ප්රතික්ෂේප කිරීමකි. නමුත් එය ඇත්ත වශයනේම නිරයට එහි සගයා සදාතනික පත්කරන ප්රතික්ෂේපයක් නොව ගුණමකු කමකි. මෙය, මෙම ක්රියාව තහනම් කිරීමට හා එය පිළිකුල් කිරීමට දැඩි ලෙස අවවද කර ඇත්තකි. එමෙන්ම තහවුරු කර ඇත්තකි.
මෙම හදීසයට අර්ථ දෙකක් ඇත. පළමුව: සෑම යුද පිරිසක්ම සතුරා සමග සටන් වැදී පසුව ඔවුන්ගෙන් සුරක්ෂිත වී ඔවුන් විසින් දමා ගිය යුද සම්පත් ලබන්නේ ද එවිට සුරක්ෂිත නොවූ හෝ සුරක්ෂිත වුව ද යුද සම්පත් නොලැබුණු සෙසු පිරිස්වලට වඩා ඔවුන්ගේ ප්රතිඵල අඩු වනු ඇත. මෙය ඉමාම් නවවි තුමා වඩාත් සුදුසු අර්ථය යැයි පවසා සිටියි. දෙවැනුව: ඉබ්නු අබ්දුල් බර් -රහිමහුල්ලා පවසන පරිදි ඝනීමත් සම්පත් ලැබීමෙන්, හිමිවන්නට ඇති ප්රතිඵලවල අඩුවක් නොවන බව හදීසය පෙන්වා දෙයි. එහිදී ඝනීමත් ලබන්නා හා නොලබන්නා යන දෙදෙනා අතර සමසේ පිහිටන අයුරින් ඇතැම් ප්රතිඵල පෙරාතුවම ලබා දෙනු ඇත. ඝනීමත් ලබන්නා ඔහුගේ ප්රතිඵලයෙන් තුනෙන් දෙකක් කල් ඇතිවම ඔහු ලබනු ඇත. ඒ දෙක අපි මුළුමණින්ම සලකා බලන විට එක හා සමානය. ඝනීමත් නොලබන්නාට මෙලොවෙහි අහිමි වූ එම ඝනීමත්හි ප්රමාණයට මතුලොවෙහි පිරිනමනු ඇත. අල්ලාහ් අභිමත කරන අයට ප්රගුණ කර දෙයි.
මෙම හදීසයේ මුස්ලිම් වහලුන් නිදහස් කිරීමේ මහිමය පැහැදිලි කර ඇත. කවරෙකු වහලෙකු නිදහස් කරන්නේද තමන් මුළු ශරීරයම නිරයෙන් මුදවාගත්තාක් මෙනි. වහලුන් නිදහස් කිරීමේදී මිනිසුන්ට ගැතිකම් කිරීම යන පහත් තත්ත්වයෙන් මිදී මුස්ලිම්වරුන්ගේ ගෞරවය තහවුරු කරනු ඇත.
මෙම හදීසයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් අවංකව, දිනක් උපවාසයේ නිරත වීමේ මහිමය විස්තර කර ඇත. එනම් එය නිරා ගින්නෙන් අල්ලාහ් ඔහුව ආරක්ෂා කොට අහස පොළොවෙන් දුරස්ව පිහිටා ඇති සේම ඔහුව නිරා ගින්නෙන් දුරස් කිරීමෙනි.
මියගිය ඇත්තෙකු නාවා එහි යම් අඩුවක් දැක එය සඟවන්නාගේ මහිමය මෙම හදීසයේ විස්තර කර ඇත. මියගිය ඇත්තෙකුගෙන් දකින පිළිකුල් සහගත දෑ වර්ග දෙකකි. පළමුවැන්න එහි තත්ත්වය හා බැඳුනු දෑය. දෙවැන්න එහි ශරීරය හා බැඳුනු දෑය. පළමුවැන්න අනුව උදාහරණ වශයෙන් යම් මරණයක මුහුණ වෙනස්ව ඇත්නම්, කළු වී ඇත්නම් විකෘති වී ඇත්නම් ඒවා ඔහුගේ අවසානය නපුරක් යන්නට පෙන්වා දෙන සාධක වෙති. ඔහුට සුවය ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් පැතිය යුතු වේ. මම මේ පුද්ගලයාව මේ තත්ත්වයේ දුටුවෙමි යැයි ජනයාට පැවසීම අනුමත නොවන්නකි. හේතුව එය ඔහුගේ අඩුවක් නිරාවරණය කරන බැවිනි. එම පුද්ගලයා තම පරමාධිපති වෙත පැමිණ ඇත. ඔහුට සුදුසු මහිමය හා සාධාරණත්වය ඔහු ප්රතිඵල වශයෙන් දෙනු ඇත. දෙවැන්න ඔහුගේ පිටෙහි යම් අඩුවක් දකින්නෙකු මෙනි. ඔහු තම ජීවිතයේ එය ජනයාගෙන් සගවමින් සිටියේය. ඒ අනුව එම අඩුව ජනයාගෙන් සඟවන්නාට අතිමහත් කුසල් ඇත. එය හතළිස්වාරයක් ඔහුට ලැබෙන සමාවය.
යුද්ධය සඳහා වූ දිරිගැන්වීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරිම අතහැර දමන්නාටත් ජිහාද් කරන්නන්ට උපකාර කිරීම හෝ ඔවුන්ගෙන් පසුව ඔවුන්ගේ පවුලට රැකවරණය ලබා දෙමින් ඔවුනට උදව් උපකාර කිරීම අතහැර දමන්නාටත් අවසන් දිනයට පෙර මෙලොවෙහිදීම අල්ලාහ්ගෙන් දැඩි දඬුවමක් ඇති බවට වූ විග්රහය, මෙම කරුණු පිළිපැදීම අතහැර දමන්නාට හා එහි ඔහු දැක්වූ නොසැලකිල්ලට දඬුවමක් වශයෙන් දරුණු අභාග්යයන් හිමි වීම යනාදිය සම්බන්ධයෙන් මෙම හදීසයේ සඳහන්ව ඇත.
අනිවාර්යය සලාත් හෝ අතිරේක සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි සේ අවවාද කර ඇත්තාහ. උවමනාවෙන්ම එසේ සිදු කරන පුද්ගලයා තමාට අත්වන පාපයේ තරම දැන සිටියේ නම්, ඔහු (දින, මාස, අවුරුදු) හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත. එය ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා එය ඔහුට ශ්රේෂ්ටය. මෙම හදීසය වාර්තා කරන අබූ අන්-නළ්ර් තුමා මෙසේ පවසයි: 'දින හතළිහක් ද මාස හතළිහක් ද එසේ නැතහොත් වසර හතළිහක් ද යන්න ගැන මම නොදනිමි.'