





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "මසුරා හා දානපතියාට උපමාව පපු පෙදසේ සිට ඉහළ පපු පෙදෙස දක්වා යකඩින් වූ පළිහ දෙකක් සතු මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව මෙනි. වියදම් කරන්නා තම ඇගිලි පවා ආවරණය වන තරමට තම සම මුළුමණින්ම ආවරණය වන අයුරින් මිස වියදම් නොකරයි. ඉන් ඇතිවන්නා වූ (භෞතික) බලපෑම නොසළකා හරියි. නමුත් මසුරා වනාහි, සෑම කොටසක්ම එහි ස්ථානයන්ට එකතු කිරීමෙන් මිස වියදම් නොකරයි. ඔහු විස්තීරණය කිරීමට බලයි. නමුත් විස්තීරණ නොවනු ඇත.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මසුරා හා දානපතියාට උපමාවක් ගෙන හැර දැක්වූහ. පපුවේ සිට පපුවට ඉහලින් පිහිටි අස්ථි දක්වා ආවරණය කරන ආරක්ෂාව සලසන පළිහ දෙකක් සතු මිනිසුන් දෙදෙනෙකුට වර්ණනා කළහ. ඒ අනුව වියදම් කරන්නා: වියදම් කරන සෑම අවස්ථාවකම ඔහුගේ පසුපසින් ඇද තම පාද සඟවා තම ගමන හා පියවර සඟවන තෙක් වියදම් කරයි. නමුත් මසුරා වනාහි, තම ගෙළට තම අත හිරකරගත් මිනිසෙකු මෙනි. එය පළදින්නට අදහස් කළ සෑම අවස්ථාවකම ගෙලට එකතුවනු ඇත. එහෙයින් එය ජීවත් කරවීම අනිවාර්යය වෙයි.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් දේශනා කරමින් සිටියදී, මිනිසෙකු නැගිට සිටියේය. එවිට එතුමා ඔහු ගැන විමසා සිටියහ. එවිට ඔවුහු (සහාබාවරු) අබු ඉස්රාඊල් සූර්යය අව්වේ සිටින බවටත් වාඩි නොවන බවටත් හෙවණ නොලබන බවටත් කතා නොකරන බවටත් උපවාසයේ නිරත වන බවටත් භාරවී ඇත යැයි පැවසූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ: “ඔබලා ඔහුට අණ කරනු. ඔහු කතා කරත්වා හෙවණ ලබත්වා වාඩිවෙත්වා ඔහුගේ උපවාසය සම්පූර්ණ කරත්වා.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම සහාබිවරයා කතා කිරීමෙන්, ආහාර ගැනීමෙන්, පානය කිරීමෙන් වැළකී සිටින බවටත් හෙවණ නොලබා අව්වට වී සිටගෙන සිටින බවටත් භාර වී ඇත. එය තමන් වේදනාවට හා දුෂ්කරතාවට පත් කර ගැනීමකි. මෙසේ භාර කිරීම තහනම්ය. එබැවින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එයින් ඔහුව වැළැක්වූහ. නමුත් උපවාසය සම්පූර්ණ කරන මෙන් ඔහුට නියෝග කළහ. හේතුව එය ආගමානුගත කළ නැමදුමකි. කවරෙකු ආගමානුගත කරනු ලැබූ නැමදුමක් භාරයක් වශයෙන් තබන්නේ ද එය සිදු කිරීම අනිවාර්යය වේ. ආගමානුගත නොවූ නැමදුමක් සිදු කරන බවට භාර වන්නේ ද එය සිදු කිරීම ඔහුට අනිවාර්යය නොවේ.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු-තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කවරෙකු බංකොලොත්තු වූ පුද්ගලයකු අසල තම භාණ්ඩ තිබෙනු දුටුවේ ද, සෙසු අයට වඩා එය(ගැනීම)ට වඩාත් සුදුසු වන්නේ ඔහුමය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකවරෙකු යම් කෙනෙකුට භාණ්ඩයක් ණයට විකුණා හෝ භාරදී හෝ ණයට දී හෝ තිබුණේ නම් එසේ මිලට ගත් අය තම ණය නොගෙවාම බංකොලොත්තු වූ විට ඔහු සතුව භාණ්ඩ තිබෙනු දුටු විට එය ලබා ගැනීමේ අයිතිය පිරිනැමූ අය සතුය. වෙනත් අයට වඩා ඔහු එයට උරුමකම් පානු ඇත.
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා විසින් වාර්තා කරන ලදී. ඇය සමග කාන්තාවක් සිටියදී එතුමා එය වෙත පැමිණ, මැය කවුරුන්දැයි විමසා සිටියහ. ඇයගේ සලාතය පිළිබඳ සිහිපත් කරමින් ඇය මැය වේ යැයි පවසා සිටියහ. එතුමණෝ, “ඉවත් වනු, ඔබට ශක්තිය ඇති දෑ ඔබ පිළිපදිනු. එහෙයින් අල්ලාහ් මත දිවුරා සිටිමි. නුඹලා විඩාවට පත්වන තෙක් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. ඔහු වෙත දහමෙහි වඩාත් ප්‍රියමනාප වනුයේ එය ඉටු කරන්නා එහි අඛණ්ඩව රැඳී සිටීමය.“ යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකාන්තාවක් ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය මුණ ගැසී, තමන්ගේ නැමදුම් හා සලාතය පිළිබඳ මෙනෙහි කරමින් සිටියාය. ආඉෂා තුමිය එය අල්ලාහ්ගේ දූතයාණන්හට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දන්වා සිටියාය. එවිට නැමදුමෙහි සීමාව ඉක්මවා යාමත් තමන් ශක්තිය නොදරන දෙයක තම ආත්මය බර කර ගැනීමත් එතුමා ඇයට තහනම් කළහ. එමෙන්ම නියත වශයෙන්ම අල්ලාහ් ඔබ විඩාවට පත් වී අතහැර දමන තෙක් ඔබ වෙහසින් කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. එහෙයින් ඔබට කුසල් හා භාග්‍යය නිරතුරුව ලබනු පිණිස ඔබ අඛණ්ඩව සිදු කළ හැකි දෙයක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය වේ යැයි එතුමා පැවසුහ.
අබූ අබ්දිල්ලාහ් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. කුරෙයිෂ් ප්‍රධානින් හමුවන්නට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අපව එවූහ. අපගේ නායකයා වශයෙන් අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමාව එතුමා පත් කළහ. රටඉදි මල්ලක් පමණක් අප ලඟ විය. ඒ හැර වෙන කිසිවක් නොවීය. අබූ උබය්දා රට ඉඳියක් බැගින් අප වෙත පිරිනැමුවේය. එවිට ‘එය ඔබ එය රැගෙන කෙසේ කටයුතු කරමින් සිටියෙහු දැ?‘යි විමසන ලදී. දරුවකු කිරි උරා බොනවාක් මෙන් අපද ඉරුවෙමු. පසුව ඒ සමග ජලය පානය කළෙමු. අපගේ දවස, රාත්‍රිය වන තුරුම අපට එය ප්‍රමාණවත් විය. තවද අප සතුව තිබූ කෝටුවලින් කබත් නම් ඔටුවන් බුදින කොළ වර්ගයක් අපි කඩාගෙන එය ජලයේ පොඟවා ආහාර වශයෙන් ගත්තෙමු. එතුමා තවදුරටත්, අපි මුහුදු වෙරළෙහි ගමන් කළෙමු. මුහුදු වෙරළේ මහා වැලි ගොඩක් මෙන් යමක් අපට දිස් විය. අපි ඒ වෙත පැමිණියෙමු. එවිට අන්බර් යනුවෙන් හැඳින් වෙන මුහුදු සතෙකු විය. එවිට අබූ උබය්දා එය මිය ගිය සතෙකි යැයි පවසා පසුව, නැත, අපි අල්ලාහ්ගේ දූතයාණන්ගේ පණිවිඩකරුවෝ වෙමු. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නෙමු. ඔබට දරා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහෙයින් අනුභව කරනු යැයි පැවසූහ. තුන්සිය දෙනෙකුගෙන් සමන්විත අපි මසක කාලයක් පුෂ්ටිමත් වන තරමට ඒ මත රැඳී සිටියෙමු. උගේ ඇසෙහි ආවාටයෙන් තෙල් සරාව ගනු අපි දුටුවෙමු. එයින් අපි ගවයකු මෙන් හෝ ගවයකුගේ ප්‍රමාණය මෙන් කැබලි කපා ගත්තෙමු. අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමා මිනිසුන් දහ තුන් දෙනෙකු කැඳවා උගේ ඇසේ ආවාටය වටා වාඩි කෙරෙව්වේය. පසුව උගේ ඉලඇටවලින් එක් ඉල ඇටයක් ගෙන එය සිටවා පසුව අප සමග වූ විශාලතම ඔටුවාව ගමන් කෙරෙව්වේය. ඊට යටින් ඌ ගමන් ගත්තේය. උගේ මාංශ හා පැටවකු ගමන් භාණ්ඩ ලෙස ගෙන මදීනාව වෙත පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අප වෙත පැමිණියහ. එවිට අපි එය එතුමාට මෙනෙහි කළෙමු. එවිට එතුමා, “මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද?“ යැයි විමසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පිරිසක් එවූහ. ඔවුනට නායකයා වශයෙන් උබූ උබෙය්දා තුමා පත් කළහ. කුරෙය්ෂ්වරු සඳහා ධාන්‍ය හා ආහාර ගෙන යන පිරිසක් හසු කරනු පිණිස ඔවුන් වෙත ප්‍රධානියා වශයෙන් එතුමාව පත් කොට යැවූහ. රට ඉඳි සහිත හම් මල්ලක් ඔවුනට එතුමා පිරිනැමූහ. ඔවුන්ගේ ප්‍රධානියා ඔවුන් සෑම කෙනෙකුටම රට ඉඳියක් බැගින් දුන්හ. එය ඔවුන් සමග ගෙන ගිය මලුවල ආහාර හිඟය හේතුවෙනි. එවිට ඔවුහු එය උරා ඒ සමග ජලය පානය කරන්නන්ට වූහ. එමෙන්ම ඔවුන්ගේ කෝටුවලින් ඔටුවන් ආහාරය සඳහා ගන්නා ගසක කොළ කඩා පසුව එහි රළු ගතිය ඉවත් කරනු පිණිස ජලයෙන් තෙමා ආහාරයට ගත්තෝය. ඔවුන් මුහුදු වෙරළට සේන්දු වූ කල්හි වැලි ගොඩක් මෙන් යමක් දුටුවෝය. පසුව ඔවුහු ඒ වෙත පැමිණියෝය. අල් අන්බර් නම් විශාල මත්සයෙක් එහි විය. ඔවුන්ගේ ප්‍රධානියා වූ අබූ උබය්දා එය මිය ගිය සතෙකු බැවින් ඔවුන් අනුභව කිරීමෙන් වැළැක්වූහ. අල් කුර්ආනයේ සඳහන් පරිදි මිය ගිය සතුන් ආහාරයට ගැනීම තහනම්ය. පසුව එතුමාගේ ඉජ්තිහාදය වෙනස් විය එයින් අනුභව කිරීමට ඔවුනට අනුමැතිය දුන්හ. හේතුව වැළැක්විය නොහැකි අවස්ථාවලදී මිය ගිය සතුන් ආහාරයට ගැනීමේ අවසරය ඇති බැවිනි. විශේෂයෙන්ම ඔවුන් සිටියේ අල්ලාහ්ට අවනත වූ ගමනකය. මුහුදේ මිය ගිය සතුන් අනුමතය යන්න ඔවුනට සැඟවී තිබිණ.පසුව ඔවුන් නොවැළැක්විය හැකි කාරණාව මත යන නිගමනයට පැමිණියහ. ඒ අනුව ඔවුහු එයින් අනුභව කළෝය. ඔවුන් එයින් කොටසක් පටවා ගෙන ගියෝය. ඔවුන් මදීනාවට පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියෝය. ඔවුන්ගේ ක්‍රියාව පිළිගෙන එතුමා එයින් අනුභව කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී: "කාන්තාවක් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් මාස හතරක් හා දවස් දහයක් හැර මියගිය වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් දින තුනකට වඩා ශෝක නොවිය යුතුය. ඇය (ශෝක වන විට) 'අස්බ්' (ආකර්ශනීය නොවන) ඇඳුමක් හැර වර්ණ ගැන්වූ ඇඳුම් නො ඇඳිය යුතුය. ඇය කුහූල් (ඇහි බැමි හා ඇහි රෝම කළු) පැහැ නොගැන්විය යුතුය. (ඔසප් වීමෙන් පසු) ඇය පවිත්‍ර වූ විට, ඇයට කුඩා කැපුම් තුවාලයක් හෝ නියපොතුවලින් පිරිසිදු කර ඇත්නම් මිස අෂ්ෆාර් (සුවඳ දුම් වර්ග) හැර වෙනත් සුවඳ විලවුන් ආලේප නොකළ යුතුය."
متفق عليهනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් පියෙකු, සහෝදරයෙකු, පුතෙකු හෝ වෙනත් ඕනෑම අයෙකු වෙනුවෙන් දින තුනකට වඩා අලංකාරය අත්හැර ශෝක වීම තහනම් කළේය. නමුත් ස්වාමිපුරුෂයෙකු වෙනුවෙන් ශෝක කාලය මාස හතරයි දින දහයකි. ඇය ස්වාමිපුරුෂයෙකු වෙනුවෙන් ශෝක වන විට අලංකාර කිරීම සඳහා වර්ණ ගැන්වූ ඇඳුම් කිසිවක් පැළඳිය යුතු නැත. නමුත් අලංකාරය ආකර්ශණය නොවන 'අසබ්' වර්ගයේ ඇඳුමක් හැර. -එය වියන ලද යේමන ඇඳුමකි.-ඇය ඇගේ ඇස්වලට අලංකාරය සඳහා කෝහෝල් ආලේප නොකළ යුතුය, ඔසප් වීමෙන් පසු ඇගේ ශරීරය සෝදාගත් පසු, ප්‍රසිද්ධ සුවඳ දුම් වර්ග දෙකක් වන ක්වෙස්ට් හෝ අෂ්ෆාර් කැබැල්ලක් හැර සුවඳ විලවුන් හෝ වෙනත් සුවඳ භාවිතා නොකළ යුතුය. ඒ දෙක සුවඳ විලවුන් ලෙස නොසළකන අතර ඔසප් වීමෙන් පසු ඇගේ ශරීරය සෝදාගත් කාන්තාවකට අප්‍රසන්න ගන්ධය ඉවත් කිරීම සඳහා යෝනි මාර්ගයේ රුධිර සළකුණ වෙනුවෙන් එය භාවිතා කිරීමට ඇයට අවසරය ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු යසීද් අල්-කත්මී විසින් වාර්තා කරන ලදී. බරා තුමා මට මෙසේ පවසා සිටියේය. 'ඔහු මුසාවාදියෙකු නොවීය'. ඔහු මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු.
متفق عليهඅල්-බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දැනුම් දෙයි. ඔහු සත්යවාදියෙකු විය. 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රුකූඋ ඉරියව්වේ සිට හිස ඔසවා 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන්ට පසුපසින් සිටි අය කියාම් (සිටගත්) ඉරියව්වෙන්ම සිටි අතර එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නළල පොළවෙහි තැන්පත් කරන තෙක් සුජූද් සඳහා කිසිවෙකු ඔහුගේ පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව ඔවුන් සුජූද් සඳහා නැමුණෝය.
අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ.
رواه البخاريනබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එතුමාණන්ගේ තත්ත්වය කෙසේ වී ද? එතුමාණන් කුමක් සිදු කරමින් සිටියේ ද? යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය, "එතුමාණන් සෙසු මිනිසුන් මෙන් කටයුතු කරන්නෙකු වූහ. මිනිසුන් තම නිවෙස්වල සිදු කරන ක්‍රියාවන් එතුමාණෝ ද සිදු කළහ. තමන් වෙනුවෙන් මෙන්ම තම නිවැසියන් වෙනුවෙන් ද වැඩපල කර දුන්හ. එතුමාණන් එළිච්චියගෙන් කිරි දෙවූහ. ඇඳුම් මසා ගත්හ, පාවහන් අළුත් වැඩියා කර ගත්හ. බඳුන් අලුත් වැඩියා කර ගත්හ. නමුත් සලාතය ඉටු කරන වේලාව පැමිණි විට, එතුමාණෝ ප්‍රමාද කිරීමකින් තොරව ඒ සඳහා පිටත්ව ගියහ." යැයි පැවසීය.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "ජන ජීවිතයේ වඩා උතුම් තත්ත්වය වනුයේ, අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය. ඔහු කිසියම් (යුද) කම්පනයකට හෝ (සතුරු) බියකට හෝ සවන් දුන් සෑම අවස්ථාවකම ඒ මත නැග ඉතා වේගයෙන් ගොස් සටන් කිරීමට හෝ අපේක්ෂිත ස්ථානයේ දිවි පුදන්නට හෝ සොයනු ඇත. එසේ නැතිනම් මෙම කඳු අතර ඇති කන්දක් මුදුනක හෝ මෙම මිටියාවත් අතර ඇති එක් මිටියාවතක හෝ එළු බැටළු කිහිප දෙනෙකු හදාවඩා ගන්නා මිනිසාය. ඔහු (ඒ අතරවාරයේ) සලාතය ඉටු කරයි. සකාත් පිරිනමයි. ඔහුට මරණය පැමිණෙන තෙක් ඔහුගේ පරමාධිපතිට නැමදුම් කරයි. යහපත් කටයුත්තක දී මිස (වෙනත් අනවශ්‍ය දෑහි) ජනයා අතර නොසිටියි.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතජනජීවිතයේ තත්ත්වයන් අතුරින් උතුම් තත්ත්වය වනුයේ, අශ්වයාගේ නාස්ලනුව අල්ලා ගෙන සිටින මිනිසාය යැයි මෙම හදීසයේ සඳහන් වේ. “ඔහු කම්පනයකට හෝ බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම විටකම උගේ පිට මත නැග වේගයෙන් යයි. එසේ වේගයෙන් ගොස් සටන් කරයි. අපේක්ෂිත ස්ථානයේ මරණය සොයයි. එහි අර්ථය අසු පිට නැග, වේගයෙන් ගමන් කිරීමයි. බියකරු තත්ත්වයකට සවන් දුන් සෑම අවස්ථාවකම එනම් සතුරන් පැමිණෙන අවස්ථාවේ ඇතිවන හඬය. සතුරන් වෙත යොමුවන අවස්ථාවේ ඇතිවන කම්පනයය. ඔහු සටන් කිරීමට අපේක්ෂා කරයි. ඔහු කැමති ස්ථානය සොයා යයි. එය අල්ලාහ් වෙනුවෙන් දිවි පිදීම සම්බන්ධයෙන් වූ දැඩි ආශාව හේතුවෙනි. එමෙන්ම හුදකලාවේ සිටීම සම්බන්ධයෙන්ද මෙම හදීසය අවධාරණය කරයි. කඳු මුදුණක හෝ මිටියාවතක හෝ ජනයාගෙන් වෙන්ව ගොස් හුදකලා ස්ථානයක සිට, අල්ලාහ්ට නමදිමින් කල් ගෙවා, යහපත් කටයුත්තකදී හැර (අනවශ්‍ය) වෙනත් කටයුතුවලින් ජනයාගෙන් ඈත්ව සිටින්නා, ඔහු එහි ශ්‍රේෂ්ට අයකු වේ.